Sunday, October 4, 2015
අක්බාර් කෑම වේලට බලපෑ උද්ධමනය සහ හිල්ඩා සල්ලි
පසුගිය ලිපියට කිහිප දෙනෙකු විසින් දක්වා ඇති ප්‍රතිචාර කියවාගෙන යන කෙනෙකුට පේරාදෙණියේ අක්බාර් කැන්ටිම ඇතුළු අනෙකුත් කැන්ටින් වල කෑම වේලක මිලත්, අඩුවක මිලත් දශක දෙකක පමණ කාලයක් තුල සිවු ගුණයකින් වැඩි වී ඇති ආකාරය පෙනී යයි. බොහෝ භාණ්ඩ වල මිල කාලයත් සමඟ මෙසේ වැඩිවන්නේ උද්ධමනය නිසාය.
උද්ධමනය ලෙස හඳුන්වන්නේ රටේ සියළුම භාණ්ඩ හා සේවා වල මිල මට්ටමේ සිදුවන සාමාන්‍ය වැඩිවීමකි. කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩයක මිල වැඩි වීම උද්ධමනය ලෙස සැලකෙන්නේ නැත. කෙසේ වුවද, අක්බාර් කෑම වේලේ හෝ හෝටලයක සාමාන්‍ය කෑම වේලක මිල වැඩි වන්නේ බොහෝ දුරටම උද්ධමනයේ බලපෑම අනුවය.
මෙවැනි පිසූ කෑම වේලක් සැකසීම සඳහා යන පිරිවැයට හාල්, එළවළු, මස්, මාළු, තුනපහ, පොල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල වෙනස්වීම් වලින් බලපෑමක් වේ. එමෙන්ම, විදුලි ගාස්තු, ප්‍රවාහන වියදම් ආදියේ බලපෑමද මෙයට එකතුවේ. ඊට අමතරව සේවක වැටුප් වල සිදුවන වෙනස්කම්ද මේ පිරිවැයට බලපෑමක් කරයි. මේ අනුව, පිසූ කෑම වේලක් යනු හාල් කිලෝවක්, පොල් ගෙඩියක් වැනි එක් භාණ්ඩයක්ම නොවේ. ඒ නිසා, සාමාන්‍ය පවුලක මාසික වියදමෙන් වැඩි ප්‍රමාණයක් ආහාර සහ බිල්පත් ගෙවීම් සඳහා වැය කරන ලංකාව වැනි රටක පිසූ කෑම වේලක මිල යනු සෑහෙන දුරකට උද්ධමනය මැනිය හැකි නිර්ණායකයකි. සරසවි කැන්ටින් වල කෑම වේලක මිල කිසියම් නියාමනයකට ලක් කර තිබුණද, රටේ උද්ධමනයේ බලපෑම නිසා සිදුවන නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් මේ මිල නිදහස් නැති බව පැහැදිලිය.
උද්ධමනය නරක දෙයක් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම නිසාම නොවේ. එහි ඇති වෙනත් වක්‍ර බලපෑම් නිසාය. උද්ධමනයේ හානි බොහෝ ඇතත් සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වන විට වැටුප් වැඩිවී, ආදායමද වැඩි වන නිසා භාණ්ඩ වල මිල වැඩි වීම සෘජු ලෙසම ප්‍රශ්නයක් වන්නේ නැත. භාණ්ඩ වල මිල වැඩිවන විට භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනයන්හි ආදායම්ද සමානුපාතිකව වැඩි වී වෙළඳපොළ බලවේග අනුව වැටුප්ද වැඩි වේ. කෙසේ වුවද, බොහෝ දෙනෙකු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන වල වැඩ කරන නිසා ලංකාවේදීනම් මේ වැටුප් වැඩිවීමේ ක්‍රියාවලිය ස්වභාවිකවම සිදුවන්නේ නැත.
අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී, ලංකාවේ සරසවි සිසුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් යැපෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාවෙනි. තවත් සුළු පිරිසකට ශිෂ්‍යාධාර හෝ වෙනත් ශිෂ්‍යත්ව හිමි වේ. මෙවැනි කටයුත්තක් සඳහා ලංකාවේ පවුලක ආදායම මැනීමේ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතා නිසා මවුපිය දෙදෙනාම ගුරු වෘත්තීය වැනි වැටුප් ලබන සාමාන්‍ය රැකියා කරත්නම් සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට බොහෝ විට මේ ශිෂ්‍යත්ව හිමි නොවේ. එහෙත්, මවුපියන් සුළු ව්‍යාපාරිකයින්, ඉඩම්හිමි වැවිලි කරුවන් හෝ වෙනත් වැටුප් නොවන ආදායම් ලබන්නන්නම් ආදායම අඩුවෙන් පෙන්වා ශිෂ්‍යත්වයක් ලබා ගත හැකිය. උසස්පෙළ ලකුණු අනුව ආදායම නොසලකා කුසලතා ශිෂ්‍යත්ව යම් ප්‍රමාණයක් ද ලබා දේ.
මා සරසවියේ සිටි කාලය තුළ අක්බාර් කෑම වේලක මිල මෙන්ම මහපොළ ශිෂ්‍යත්ව වාරිකයද වරින් වර වැඩි වුණේය. මෙය මුලින්ම රුපියල් තුන්සිය පණහක් විය. පසුව, පන්සීය සහ හයසිය පණහ දක්වාත් අවසානයේදී රුපියල් දහස දක්වාත් වැඩිවිය. කුසලතා ශිෂ්‍යත්වයකට සාමාන්‍ය ශිෂ්‍යත්වයකට වඩා රුපියල් පණහක් වැනි මුදලක් වැඩිපුර හිමිවූ අතර ශිෂ්‍යාධාර වාරිකයක් මහපොළ ශිෂ්‍යත්ව වාරිකයකට වඩා තරමක් අඩුය.
මේ අවසාන වැඩිවීම අවස්ථාව අනුව ඉබේටම මෙන් ගැනුණු ක්ෂණික තීරණයකි. මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට පළමු වාරිකය සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ උත්සවාකාරයෙනි. මෙය සිදුවන්නේ මහපොළ සංවත්සර ප්‍රදර්ශනයකට සමගාමීවය. මහපොළ නිර්මාතෘ වූ ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායමක් ප්‍රේමදාස රජයට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාව දක්වා මේ උත්සව වල මුල්තැනක් හිමි වුනේ ඇතුලත්මුදලි මහතාටය. දෝෂාභියෝග සමයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මේ සිද්ධියට අදාළ මහපොළ සංවත්සර වේදිකාවට ඇතුලත්මුදලි මහතා ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයකි. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට මෙවැනි පිළිගැනීමක් නොලැබීම මදිකමක් වූවා විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ක්ෂණික තීරණයකින් මහපොළ වාරිකයේ මේ අනපේක්ෂිත වැඩිවීම සිදුවිය. (මේ අවස්ථාවට මා පෞද්ගලිකව සහභාගී වූයේ නැත. මේ එයට සහභාගී වූ මිතුරන්ගෙන් දැනගත් කරුණුය.)
රුපියල් දහසක් යනු ඒ කාලයේදී වුවද චැලියකට පෙට්‍රල් ගසා නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශාල මුදලක් නොවීය. සරසවි සිසුන්ගේ සටන් පාඨ වල රජයෙන් ඉල්ලා තිබුණේ මීට වඩා වැඩි වාරික මුදලකි. කෙසේ වුවද, මේ මුදලින් අමාරුවෙන් වුවත් වියදම් පිරිමසාගැනීමේ හැකියාවක් නොතිබුණා නොවේ.
පසුගිය සටහනේ ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු 'අක්බාර් මුදල් ඒකක' කලින් කලට සරසවියේ විවිධ ආපනශාලා වලින් නිකුත් විය. මා සිටි කාලයේ මේ වැඩේ ලොකුවටම සිදුවුණේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. හිල්ඩා ශාලාව පිහිටා ඇත්තේ ගඟෙන් එගොඩ ගලහ පාර අයිනේය. ඉංජිනේරු පීඨයට ආසන්නව පිහිටි එම පීඨයේ සිසුන් වැඩිපුර නවාතැන් ගත් අක්බාර් ශාලාව හෝ වෛද්‍ය පීඨය ආසන්නව පිහිටි වෛද්‍ය සිසුන් වැඩිපුර නවාතැන්ගත් මාර්ස් ශාලාවෙන් වෙනස්ව, හිල්ඩා ශාලාවේ බොහෝ විට පේරාදෙණි සරසවියේ සෑම පීඨයකම සිසුන්ගේ මිශ්‍රණයකි. හිල්ඩා ශාලාවට ආසන්නව කිසිදු අධ්‍යයන පීඨයක් පිහිටා නැති නිසා අක්බාර් ශාලාවේ මෙන් ලොකු දිවා ආහාර පෝලිමක් හිල්ඩා ශාලාවේ නැත. එහි නේවාසික සිසුන් බොහෝවිට හිල්ඩා ආපනශාලාවෙන් ලබා ගත්තේ උදේ සහ රාත්‍රී ආහාරයි. දිවා ආහාරය සඳහා තරමක ලොකු පෝලිමක් පැවතියේනම් ඒ සති අන්තයේදී හෝ විභාග කාලයේදීය.
මේ කාලයේදී මහපොළ වාරිකයක් රුපියල් පන්සීයක් හෝ හයසිය පණහකි. 'පොළ ගත්' දවසට බොහෝ සිසුන් අතේ සීයේ පටි කැරකේ. මේ සීයේ නෝට්ටුවක් දී කෑම ගත් පසු හිල්ඩා මුදලාලිගෙන් ඉතුරු නොලැබේ. ඒ වෙනුවට ලැබෙන සීල් එකක් ගසා ඇති කාඩ්බෝඩ් කෑල්ලේ උඩින්ම රුපියල් සීයක් සටහන් කර ඇති අතර දෙවන පේලියේ ලබා ගත් කෑම වල මිල සටහන් කර ඇත. දෙවන වරට කෑම ගැනීමේදී අදාල මුදලද මේ කාඩ් පතේ සටහන් වේ. අඩුවක් ගත්තොත් අඩුවේ මිලද සටහන් වේ. කාඩ්පත පහළට මෙසේ ගණන් සටහන් වී පේලි දහයක් දොළහක් එක් වූ විට හිල්ඩා මුදලාලි ගණන් එකතු කර ඉතිරිය ලංකාවේ වලංගු මහ බැංකුව මඟින් නිකුත් කර ඇති මුදලින් ආපසු දෙයි. මේ වන විට බොහෝ විට ඉතිරිය රුපියල් විස්සක තිහක පමණ හෝ ඊටත් අඩු මුදලකි.
හිල්ඩා නෝට්ටු මුලින්ම නිකුත් කරන විට සිසුන් මේවා භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක් මෙන් පිළිවෙලක් නොතිබුණු මේ කාඩ්බෝඩ් කෑල්ල කොහේ හෝ හලා ගත්තොත් රුපියල් සීයට බඩුය. අමතක වීමෙන් මේ හිල්ඩා නෝට්ටුවේ තීරුවක් ඉරා හොට් ප්ලේටයකට අල්ලා සිගරැට් දැල්වූ අවස්ථා තිබුණේය. කලිසම් හෝදද්දී සාක්කුවේ තිබී පෙඟී ගිය අවස්ථා තිබුණේය. කලිසම් සාක්කුවේ අමතක වී හිල්ඩා ගිණුමේ ශේෂය දියවී යාම මටද වරක් සිදුවී ඇති පාඩුවකි.
හිල්ඩා කැන්ටිමෙන් කෑවේ එම ශාලාවේ නේවාසිකව සිටි සිසුන් පමණක් නොවේ. ඇතැම් විට, හිල්ඩා ශාලාව ඉදිරිපස ගලහ පාරේ අනිත් පැත්තේ ඇති ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසික සිසුහු වෙනසක් සඳහා ජේපී කන්ද බැස හිල්ඩා ශාලාවට පැමිණියහ. බොහෝවිට විභාග කාලය මුස්ලිම් වරුන්ගේ රාමසාන් කාලය සමඟ සම්පාත වේ. හිල්ඩා ශාලාවේ සිටි මුස්ලිම් සිසුන් වෙනුවෙන් නෝම්බි ඇල්ලීමට පෙර කුස පුරවාගැනීමට පාන්දර පහට විශේෂ ආහාර වේලක් සකස් විය. මේ ආහාර වේලක් විකිණුවේ සාමාන්‍ය ආහාරවේලක් විකුණන මිලට වඩා සිවුගුණයකටත් වඩා වැඩි මිලකටය. අධ්‍යයන නිවාඩු සමයේ දවල් වන තුරු නිදාගෙන, හවස් වරුවේ රස්තියාදුවක් ගසා ඇඳිරි වැටෙද්දී 'බොගට සෙට් වී' පාන්දර වන තුරුම අදිමින් නිශාචර මාසයක් ගෙවමින් සිටි අපිද ඇතැම් දිනවල විට නිදාගැනීමට පෙර මේ කෑම වේල භුක්ති විදීමට හිල්ඩා ශාලාවට බසින මාකස් ප්‍රනාන්දු හා ජේම්ස් පීරිස් ශාලාවල නේවාසික මුස්ලිම් සිසුන්ට එකතු වුනෙමු.
හිල්ඩාවෙන් මෙසේ අතරින් පතර කෑම වේලක් ගන්නා ළඟ පාත පිහිටි අනෙකුත් ශාලා වල නේවාසික සිසුන්ට මෙන්ම, සාමාන්‍යයෙන් එහි නොපැමිණෙන නමුත් කවර හෝ කාර්යයකට පැමිණි අක්බාර්, මාර්ස් වැනි දුරින් පිහිටි ශාලාවක වසන සිසුවෙකුට හිල්ඩා නෝට්ටු වාතයක් වූ බව කිවයුතු නැත. මේ නෝට්ටු මුදල් කර ගැනීමට නැවත හිල්ඩා ශාලාවටම පැමිණිය යුතුය.
සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු වල මෙන් එළියකට ඇල්ලු විට පෙනෙන්නට නොතිබුණත් වැඩි කලක් නොගොස් හිල්ඩා නෝට්ටු වල ඇති රිදී රේඛා හොයා ගැනීමට නොහැකි තරමේ නිර්මාණශීලිත්වයේ අඩුවක් සරසවි සිසුන්ට තිබුණේ නැත. ඒ නිසා ටික දවසක් යද්දී හිල්ඩා නෝට්ටු සිසුන්ට ලාභ උපදවන මඟක් බවට පත් විය. මුදලාලි නෝට්ටුවේ ගණන් එකතු කරන්නේ එහි පහළ දක්වා ගණන් ලියවී ඇති බව පෙනුණු විටය. අඩුකෑමට ගෙවීම වැනි සුළු මුදල් අතින් ගෙවා ලොකු වියදම් හිල්ඩා නෝට්ටුවට බැර කළ විට පේලි හත අටකින් රුපියල් සීය පැන්නිය හැකිය. දෙදෙනෙකුගේ කෑම සඳහා එකවර මුදල් ගෙවූ විට එහි ලකුණු වන්නේ එක් සටහනක් පමණි. මෙවැනි විටක ගිණුමේ බැර එකතුව රුපියල් සීයට වඩා වැඩි වුවත් මුදලාලිට එය ක්ලික් වන්නේ නැත. හිල්ඩා නෝට්ටුව පැත්තකට විසිකර දැමූ විට රුපියල් කිහිපයක් ලාබය. අනෙක් ක්‍රමය වූයේ මේ කාඩ්බෝඩ් නෝට්ටුවේ යටින් ගණන් සඳහන් කොටස්ද සමඟ කුඩා තීරුවක් කතුරකින් කැපීමයි. එවිට ඉතුරු ලැබෙන්නේ කපා දැමූ තීරුවේ ඇති මුදල් සැලකිල්ලට නොගනිමිනි. කෙසේ වුවද, මගේ අදහස පරිදි මෙවැනි දේ ඇතැම් විට ඇතැම් සිසුන් කළ දේ මිස බහුලව සිදුවූ දේවල් නොවේ.
හිල්ඩා මුදල් වලට සීමිත හුවමාරු වටිනාකමක් තිබුණේය. ඇතැම් විටෙක සිසුවෙකු තවෙකෙකුට "මචං, අදනං කන්නවත් සල්ලි නෑ. රුපියල් පණහක් තියෙනවනං දියං. හෙට පොළ ගත්තහම දෙන්නං." කියූ විට "සල්ලිනං මගෙ අතෙත් නෑ මචං. ඉඳා, මේකෙන් කාපන්. මටත් එනකොට පොල් රොටී දෙකක් අරන් වරෙන්" කියා තමන්ගේ හිල්ඩා නෝට්ටුව දීමත්, හිල්ඩා සිසුවෙකු දුරින් පිහිටි ශාලාවක නේවාසිකව සිටි මිතුරෙකු හමුවීමට ගිය විට "මචං, මට හිල්ඩා එකෙන් සීයක ඉතුරු ගන්න තියෙනවා. ඒ පැත්තේ යන්න වෙලාවකුත් නෑ" කියා හිල්ඩා නෝට්ටුවක් දික්කළ විට අතේ ඇති මුදලින් ඔහුට ගණන් බේරා හිල්ඩා නෝට්ටුව ලබා ගැනීම වැනි දේද සිදුවිය හැකිව තිබුණු දේවල්ය.
පේරාදෙණියේ කැන්ටින් මුදලාලිලා අතර වර්ග දෙකක් සිටිති. එක කොටසක් සිස්ටම් එක අල්ලා ගත් අයයි. දෙවන කොටස සිස්ටම් එක නොදන්නා ආවා-ගියෝ මාදිලියේ අයයි. පේරාදෙණිය වැනි නේවාසික සරසවියක වාසය කරන විට උත්තර ධ්‍රැවය ඇත්තේ ගලහ හන්දියේ බවත් දක්ෂිණ ධ්‍රැවය ඇත්තේ රාමනාදන් හන්දියේ බවත් සිතීම පටු චින්තනයක්ම නොවේ. මේ සංවෘත පද්ධතිය ඇතුළත බොහෝ අවශ්‍යතා පිටත සම්බන්ධයකින් තොරව පහසුවෙන් ඉටු වේ. සිසුවෙකුගේ ෆැන්ටසිය බිඳ දැමූ විට ඇති වන වේදනාව බත් හැන්දක් හෝ මස් කෑල්ලක් අඩුවූ විට දැනෙන වේදනාවට වඩා වැඩි බව සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා දනිති. ඔවුන් දිගින් දිගටම කැන්ටින් කිරීමේ රහස එයයි.
කෑම පිඟානේ මොන අඩුපාඩු තිබුණත් මුදල් ගෙවා මිලදීගෙන, යාන්තම් අතගා කටක් දෙකක් ගිල දමා, ඉතිරිය සද්ද බද්ද නැතිව කුණු බක්කියට හලා බඩගින්නේ දවස ගෙවන සිසුහුද සිටිති. ඒ වගේම සුළු අඩුපාඩුවකට වුවත් ලොකුවටම සද්ද දාන සිසුහුද සිටිති. සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා මේ සිසු කාණ්ඩ අත්දැකීමෙන් හෝ 'ඉවෙන්' හඳුනා ගනිති. මෙසේ නිතරම 'අදින' සිසුවෙකු පෝලිමේ එද්දී ඇතැම් විටෙක කෑම නිකුත් කරන සේවකයා 'මේ පිඟානට අඩුවෙන් බත් වැටිලා තියෙන්නේ. තව හැන්දක් දාල එවන්න' කියා බත් බෙදන සේවකයාට පිඟාන ආපසු යවන්නේ එවැනි සිසුවෙකු වචනයක් හෝ පැවසීමට පෙරය. යම් හෙයකින් වචන හුවමාරුවක් සිදුවුවහොත් තවත් සිසුන් වහා එකතු වන බවත්, කෑම ගෙන ඉක්මණින් ඊළඟ දේශනයට යාමට බලාගෙන පෝලිමේ නොඉවසිල්ලෙන් සිටින සිසුන් ආවේගශීලී වන බවත් මේ සේවකයා පළපුරුද්දෙන්ම දනී. එමෙන්ම, දිගු කාලයක් කැන්ටින් කිරීමටනම් කුණුහරුප වලට ඇතුළු විය නොහැකි ස්වභාවික පෙරණයක් උපතින් කන් වල පිහිටා තිබිය යුතුය. සිස්ටම් එක අල්ලා ගත් මුදලාලිලාට උපතින්ම මේ ජානය පිහිටා තිබුණේය.
සිස්ටම් එක නොදන්නා කැන්ටින් මුදලාලිලා ලොකුවට පටන් ගනිති. මේ අය දෙන කෑම වල තත්ත්වය ආරම්භයේදී ඉහළ මට්ටමක පවතී. මා පෙර කී හිල්ඩා නෝට්ටු නිතුත් කළේද එවැනි මුදලාලි කෙනෙකි. කෙසේ වුවද, මෙවැනි මුදලාලිලා සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වඩා කැන්ටින් නොකරති. ඔවුන්ට හිටිවනම දමා ගසා ඉවත්වීම අපහසු කරුණක් නොවන්නේ කැන්ටින් කිරීමට ගන්නා ලොකු භාජන වැනි බොහෝ උපාංග සරසවිය සතු ඒවා වීම නිසාය. මෙසේ දමා ගසා ගිය විට ඔවුන්ට අහිමි වන තැන්පතු මුදල විශාල එකක් නොවේ.
"මචං, අන්න හිල්ඩා එකේ කැන්ටින් කාරයා අකුලාගෙන යන්න සෙට් වෙනවා. උඹේ සල්ලි ගන්න තියෙනවනං ඉක්මණට පලයං." කියා සගයකු දැනුම් දුන් විට වහාම ක්‍රියාත්මක වූ සිසුන්ට ඔවුන්ගේ හිල්ඩා නෝට්ටු නැවත මුදල් කරගත හැකි වුවත් ඇතැම් අය එහි යන විට ප්‍රමාද වැඩිය. හිල්ඩා නෝට්ටු භාවිතා කිරීමෙන් ඇතැම් සිසුන් වරින් වර යම් ලාභ ලැබුවත් අවසාන වශයෙන් ශුද්ධ ලාභයක් ලබන්නට ඇත්තේ කැන්ටින්කරුවාය.
මා සිටි කාලයේ ඇත්තටම ඉතිරි දීමට නැති අවස්ථා වලදී අනිත් කැන්ටින්කරුවන්ද මෙවැනි නෝට්ටු නිකුත් කළත් ඒවා හැකි පළමු අවස්ථාවේදීම මුදල් කර දීමට ඔවුහු වගබලාගත්හ. මෙය පුරුද්දකට කළේ මාස කිහිපයක් හිල්ඩා කැන්ටිම කළ ආවා-ගියෝ මුදලාලි කෙනෙක් පමණි.
හිල්ඩා නෝට්ටු ව්‍යාප්ත කිරීමට කැන්ටින්කරුට හැකි වුණේ සරසවි සිසුන් මේ සීල් ගැසූ කාඩ්බෝඩ් කෑලි වල හුවමාරු වටිනාකම ගැන විශ්වාසය තැබූ නිසාය. නිකම්ම නිකම් කඩදාසි කෑලි වන ෆියට් මුදල් හෙවත් ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම රඳා පවතින්නේ ඒ පිළිබඳව සමාජයේ ඇති විශ්වාසය මතය. ඒ හැරුණු විට මේ මුදල් වල නෛසර්ගික වටිනාකමක් නැත. මහ බැංකුවෙන් නිකුත් කරන මෙවැනි කඩදාසි කෑලි වල හිල්ඩා මුදලාලිගේ සීල් එක වෙනුවට මහ බැංකු අධිපතිගේත්, මුදල් ඇමතිගේත් අත්සන් තිබේ. ඒවා වඩා හොඳ කඩදාසිවල ආකර්ශනීය නිමාවකින් මුද්‍රණය කර තිබේ. ඒ හැරුණු විට ඒවාත් හිල්ඩා නෝට්ටු වගේම කඩදාසි කෑලිය. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලට වුවද මේ කතාව එලෙසින්ම අදාලය.
හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. ලෝකයේ ඇතැම් රටවල මහ බැංකු මඟින් නිකුත් කළ මුදල් වලටද මේ සන්තෑසියම සිදු වූ අවස්ථා තිබේ. හිල්ඩා මුදලාලි දිගටම කැන්ටිම කරගෙන සිටියේනම්, රුපියල් සීයක් හිල්ඩා මුදලාලිට දී ලබාගන්නා හිල්ඩා නෝට්ටුවක් මාසයකට පසු ආපසු ඉදිරිපත් කළ විට නැවත රුපියල් සීයක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණේය. එහෙත්, මාසයකට පෙර ඇමරිකානු ඩොලර් තිස්හතක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවට දී ලබාගත හැකිව තිබුණු රුපියල් පන්දාහේ නෝට්ටුවක් දැන් ආපසු ඉදිරිපත් කළහොත් ආපසු ලැබෙන්නේ මුලින් දුන් ඩොලර් ගණනට වඩා ඩොලර් දෙකක් පමණ අඩුවෙනි.
(Photo credit: )
Labels:
අතීත මතක,
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
පේරාදෙණි සරසවිය,
මුදල්
Wednesday, September 30, 2015
අක්බාර් මුදලාලිගේ කෑම සහ ගෙදර කෑම
පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජිනේරු පීඨය අනෙකුත් පීඨ වලින් වෙන් කරයි. ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම පිහිටා ඇත්තේ මහවැලි ගඟේ එක් ඉවුරක, ගලහ පාර දෙපැත්තේය. ගං ඉවුරේ අනෙත් පස ලෙව්කේ මැතිඳු මෙන් තනියම සිටගෙන සිටින ඉංජිනේරු පීඨය මහවැලි නදියට අමතරව ගම්පොළ පාරෙන්ද අනෙක් පීඨ වලින් වෙන් වේ.
අනූව දශකයේ මුල කාලයේ, නේවාසික ශාලා රැසක් ඇති පේරාදෙණිය සරසවියේ ගඟෙන් මෙගොඩ පිහිටි එකම නේවාසික ශාලාව අක්බාර්-නෙල් ශාලාව වූ අතර ගඟෙන් මෙගොඩ පිහිටි වැඩි පිරිසකට කෑම ගැනීමට පහසුකම් තිබුණු එකම ආපන ශාලාව වූයේද අක්බාර් කැන්ටිමයි. ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ තිබුණේ සීමිත ඉඩකඩකි.
අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව සිටි හෝ නොසිටි ඉංජිනේරු පීඨ සිසුන් බහුතරයක් දිවා ආහාරය ගත්තේ අක්බාර් කැන්ටිමෙනි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨ කාල සටහන් වල 'හිල්' නැත. දිවා ආහාර පැය හැරුණු විට අනෙක් සෑම වැඩ කරන පැයකම දේශනයක් හෝ විද්‍යාගාර සැසියක් සඳහා සහභාගී විය යුතුය. මේ නිසා බහුතරයක් ඉංජිනේරු සිසුන්ට දිවා ආහාරය ගැනීමට සිදුවන්නේ දහවල් දොළහේ සිට එක දක්වා කාලය තුළදීය. ගෙදරින් කෑම ගෙන එන හෝ කෑම උයා ගන්නා සුළුතරයද, පීඨ කැන්ටිමෙන් හෝ ගඟෙන් එගොඩ, මෙගොඩට කිට්ටුවම තිබුණු වූස් කැන්ටිමෙන් හෝ ගෙම්බා කැන්ටිමෙන් කෑම ගැනීමට යන ටික දෙනෙකුද අඩු කළත් දිවා ආහාර පැය තුළ අක්බාර් කැන්ටිමෙන් කෑම ගන්නා පිරිස (ඒ කාලයේ) දහසකට ආසන්න විය යුතුය. වෙනත් පීඨ වල සිසුන් හා සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට මේ ඇස්තමේන්තුව නරක එකක් නොවේ.
මේ පිරිසට කෑම ලබා දීමට ඇති කාලය ඇත්තටම පැයකටත් වඩා අඩුය. දොළහට දේශන නිමවී අක්බාර් කැන්ටිමට පැමිණීමට අඩු වශයෙන් විනාඩි පහක්වත් ගතවන අතර, කෑම ගෙන නියමිත වේලාවට ඊළඟ දේශනයට සහභාගී වීමටනම් එකට විනාඩි විස්සකට පෙරවත් කෑම පිඟාන ලබාගත යුතුය. මේ අනුව ගණනය කර බැලූ විට අක්බාර් මුදලාලිට එක් පාරිභෝගිකයෙකුට කෑම ලබා දීමට තිබුණේ තත්පර දෙකක පමණ කාලයකි. මේ අයගෙන් අඩක්වත් අඩු ගැනීමට නැවත පෝලිමට එක් වන අතර අඩු එකකට වඩා කන අයද සිටිති. මුදල් ලබා ගැනීම හෝ ආහාර ලබා දීම සඳහා සමාන්තර කවුන්ටර තිබුණේද නැත. අඩු සඳහා පමණක් වෙනම පෝලිමක් තිබුණේය. මේ අනුව, මගේ උපකල්පන වල අඩුපාඩු සැලකුවද මුදල් අය කර බත් පිඟානක් ලබා දීමට අක්බාර් මුදලාලිට සහ සේවකයින්ට තිබුණු කාලය තත්පර තුනකටනම් වැඩි විය නොහැක. මෙය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනාය.
මේ කාලයේ පේරාදෙණියේ කැම්පස් බත් පිඟානක මිල රුපියල් හතරයි පණහකි. අඩුවක් එකයි පණහකි. නගරයේ හෝටලයක දිවා ආහාර වේලක් මේ කාලයේදී රුපියල් විස්සක් පමණ විය. මේ අනුව කැම්පස් බත බොහෝ සේ ලාබ වුවද ඒ මිලට එය ලබා දීම අපහසු නොවූයේ උයන භාජන වල සිට විදුලි බිල්පත් ගෙවීම දක්වා වියදම්ද, සේවකයන්ගේ නවාතැන් වියදම් ආදියද දැරුවේ සරසවිය මඟින් බැවිනි. අක්බාර් මුදලාලිගේ වියදම බොහෝ දුරට අමු කෑම ද්‍රව්‍ය සඳහා යන විචල්‍ය පිරිවැයයි. අනෙක් අතට, පාලනාධිකාරිය මඟින් නියාමනය කර තිබුණේ මූලික ආහාර වේලක මිලයි. මීට අමතරව විකුණන්නට තිබුණු අන්නාසි කෑලි, ගොටුකොල සම්බෝල, බැදපු මාළු කූරි වැනි බොහෝ දෙනා මිල දී ගත් විශේෂ දීසි වලින් වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණේය.
කැන්ටිම කිරීමේ තිබුණු අපහසුම කාර්යය පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි. දිවා ආහාර පැය කළමනාකරණය කර ගැනීම මෙහිදී ඉතා වැදගත් විය. මේ සඳහා අවශ්‍ය වූ ප්‍රාගුණ්‍යය ලබා ගත හැකි වූයේ පළපුරුද්දෙන්ම පමණි.
පිඟානට වැටෙන බත් හැඳි දෙක හෝ ඇඟිලි පුරුක් බාගයක ප්‍රමාණයේ මස් කෑලි තුන හතරක් සමඟ එන මස් හොද්ද ප්‍රමාණවත් නැති බව කියා 'අදින' සරසවි සිසුන් විරල නැත. මේ වෙලාවට "මේ ගාණට මස් රාත්තල් බාගයක් දෙන්න පුලුවන්ද, හලෝ?" වැනි දෙයක් නිකමටවත් කියවුණොත් සිදුවන්නේ කුමක්ද කියා කිවයුතු නැත. අක්බාර් මුදලාලිගේ සේවකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීම ගැන සුවිශේෂී පළපුරුද්දක් තිබුණේය. ඔවුහු මෙවැනි අවස්ථාවලදී කිසිවිටෙකත් මැසිවිලි නොනැගූහ. මස් භාජනයට යන හැන්ද වහාම නැවත පිඟානට එනු අදාල සිසුවාට පෙනේ. තාවකාලිකව සතුටට පත් වන ඔහුට පිඟානේ මස් වැඩි වී නැති බව පෙනෙන්නේ මේසයට වාඩි වී කන්නට පටන් ගත් පසුය.
මෙවැනි ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර තිබුණේ මුදලාලිලා කිහිප දෙනෙකු පමණක් නිසා වාර්ෂිකව ටෙන්ඩර් දැම්මත් නැවත නැවතත් කැන්ටිම බොහෝ විට ලැබුණේ එකම පිරිසකටය. නුපුරුදු කෙනෙකු ටෙන්ඩරය ගත්තත් සිසුන් කළමනාකරණය කරගත නොහැකිව 'ඇනගැනීමට' වැඩි දවසක් ගත නොවේ.
සරසවිය මඟින් සියළු මූලික පහසුකම් ලබා දුන්නද හෝටලයක බත් පිඟානක් විකුණන මිලෙන් තුනෙන් එකකට තරු පහේ කෑම වේලක් ලබා දිය නොහැකිය. මේ නිසා සරසවි රෙගුලාසි අනුව ලබා දිය යුතු වූ එළවළු වර්ග තුනට බොහෝ විට අයත් වුණේ කොහෙන් හෝ හොයාගත් ලාබ එළවළුවක් හෝ මැල්ලුමකි. බොහෝ සිසුන් මේසයට වාඩිවන්නේම මේ 'ඩිෆෝල්ට්' එළවළු කුණු බක්කියට දැමීමෙන් පසුවය. අක්බාර් කෑම වේල දිව පිනා යන රසවත් දිව බොජුනක් නොවූ බව නොකිවමනාය.
ඒ දිනවල අක්බාර් කැන්ටිමෙන් දිනපතා කෑම ගත් සිසුන් අතර ජනප්‍රියව තිබූ කියමනක් වූයේ "කවදාහරි දවසක අපේ ගෑණු අක්බාර් මුදලාලිගේ පින්තුරය ගෙදර එල්ලාගෙන මල්, පහන්, හඳුන්කූරු පත්තු කරනු ඇති" බවයි. "අපේ ගෑණු අපට රහට කෑම උයා දිය යුතු බවට" වූ මනෝභාවය අමතක කළහොත් මෙයින් අදහස් කළේ "අවුරුදු හතරක් අක්බාර් මුදලාලිගේ ජරාව කෑමට හුරුවූ අපේ බඩවැල් වලට අපේ අනාගත ගෑණු උයන කෙතරම් නීරස කෑමක් වුවද විරෝධතාවක් නොදක්වා පිළිගත හැකි වනු ඇති බැවින් එහි ගෞරවය අපේ අනාගත බිරින්දෑවරුන්ගෙන් අක්බාර් මුදලාලිට ලැබිය යුතු" බවයි.
අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද මා පිළිගන්නේ නැත.
(Photo credit: www.panoramio.com)

පේරාදෙණි සරසවිය
Sunday, September 27, 2015
ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව
කෑම පිසගැනීමට ඉගෙන ගැනීම හෝමෝ සේපියන්ස්ලාගේ පරිණාමයේ ඉතා වැදගත් පියවරක් විය. මගේ පරිණාමයේදී වෙනත් බොහෝ වැදගත් පියවර මෙන්ම මේ පියවරද මා තැබුවේ ජීවිතයේ පළමු දශකය අවසන් වීමට පෙරය.
සුරංගද කොහෙද ලියා තිබුණු පරිදි මේ කාලයේදී මා සිතා සිටියේ මිනිස්සුන්ට ගෑණු ඕනෑ වෙන්නේ කෑම උයා ගැනීමට බවයි. බල්ලන්, පූසන්, ගෙම්බන්, කැරපොත්තන් හා හූනන් හැරුණු විට ගෙවල් වල ජීවත් වන සත්ත්ව කොට්ඨාශ දෙකකි. මෙයින් වැදගත් සහ ප්‍රධානම සතා මනුස්සයාය. මනුස්සයින්ගේ මූණේ රැවුල් වැවේ. මනුස්සයින්ට ලොකු වූ විට කුඹුරු මඩ කිරීමේ සිට පොල් කැඩීම දක්වා ඕනෑම වැඩක් වාගේ කළ හැකිය. එහෙත්, බැරි වැඩත් කීපයක් තිබේ. ඒවායින්, වැදගත්ම දෙය කෑම ඉවීමයි.
ගෙවල් වල වසන මනුස්සයින් නොවන, හූනන් කැරපොත්තන්ද නොවන අනෙක් සත්ත්ව කොට්ඨාශය හඳුන්වන්නේ ගෑණුන් නමිනි. ගෑණුන්ට පිරිමින් කරන වැඩ බොහොමයක්ම කළ නොහැකිය. එහෙත්, ගෑණුන්ට උයන්නට පුළුවන්ය.
මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධානම සහ වටිනාම කටයුත්ත කෑම ගැනීමයි. තෘප්තිමත් මිනිස් ජීවිතයක් කියන්නේ පැණිරස කෑම දවස පුරාම ඇති තරම් කන්නට ඇති ජීවිතයකි. කවුරුත් ගෙදර නැති වෙලාවක හොරෙන් බැලූ, පුංචි අම්මා කෙනෙකුගේ රෝස පාට නිල් පාට කොළ ඇති සමරු පොතක තිබුණු කරුණු අනුව එවැනි පැණිරස ජීවිතයක් ඇත්නම් අපි වැනි පොඩි ළමයින් පමණක් නොව ඔය ලොකු අය කවුරුත් වුවද කැමතිය.
සූකිරි කන්දකින් හෙමිහිට ගලන ඉබේ
මීපැණි ගඟක් වේවා ජීවිතය ඔබේ
එහෙම තියෙනවනම් කවුද අකැමති? කූඹිනම් ප්‍රශ්නයක් තමයි.
කෑම උයා ගැනීමට කඩෙන් බඩු අවශ්‍යවේ. කඩෙන් බඩු ගැනීමට සල්ලි අවශ්‍ය වේ. සල්ලි හොයා ගැනීමට රස්සාවක් අවශ්‍ය වේ.
රස්සාවක් කිරීමට තරම් ලොකු වූ විට මිනිස්සු කරන්නේ උදේ සිට හවස් වනතුරු මහන්සි වී රස්සාව කිරීමයි. එවිට සල්ලි ලැබේ. සල්ලි තිබේනම් කඩෙන් බඩු ගැනීමට පුළුවන.
බඩු තිබුණත් හාල්, පොල් අමුවෙන් කන්නට බැරිය. (කිවුවාට බැරිමත් නැත.) ඒවා උයා ගත යුතුය. ඒත්, කරුමෙට මේ මනුස්සයා කියන සතාට උයාගන්නා හැටි තියා ප්ලේන්ටියක් හදා ගන්නා හැටිවත් නොතේරේ.
මනුස්සයාට උයාගන්නට නොතේරෙන නිසා ගෑණියෙක් ගේන්නට සිදුවේ. ගෑණුන්ට ඉවීමට අමතරව මැහුම් ගෙතුම් වැනි වෙනත් වැඩ කිහිපයක්ද කළ හැකි වුණත් ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.
ගෑණියෙක් ගේන්නට කලින් ගෑණු ගොඩක් බලන්නට යන්නට සිදුවේ. කඩෙන් සාරි ගන්නකොට වගේය. ඒ හොඳම එක තෝරා ගන්නටය.
ගෑණු බලන්නට ගෙවල් වලට යන දවසට බඩ පැලෙන්නට කන්නට රස කෑම ලැබේ. කොයි ගෙදරිනුත් මේ වගේ රස කෑම ලැබෙන නිසා හොඳම තැන තෝරා ගැනීම ලේසිපාසු කටයුත්තක් නොවේ.
සීයලා ආච්චිලා කියන විදිහට ඕක කරන්නට ක්‍රමයක් තිබේ.
ක්‍රමය සරලය. කළයුත්තේ කිරිහොද්ද රස බැලීමයි.
අල හොද්දේ අල රස ඇත. පතෝල හොද්දේ පතෝල රස ඇත. ඒත් කිරිහොද්දේ පොල්කිරි, මිරිස් තුනපහ, ලුණු ගොරකා හැර වෙනත් අමතර දෙයක් නැති නිසා ඔය දේවල් ගාණට දාන්නට අතේ හුරුවක් නැත්නම් කිරිහොද්ද රහ නැත. කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.
අන්තිමේදී මනුස්සයෙක්ටත්, ඒ මනුස්සයාගේ අම්මා තාත්තාටත්, හත්මුතු පරම්පරාවේ නෑයින්ටත් කොහේ හෝ ගෙදරක කිරිහොද්ද රහ වැටුණු විට මඟුලක් සිදුවේ. මේ මඟුල කැවුම්, කොකිස්, මස්, මාළු ඉදෙන අතිශයින්ම රහ කාලයකි. මේ රස කෑම වලින් සංකේතවත් වන්නේ මෙතැන් සිට දිගටම රහට කන්නට ලැබෙන බව විය යුතුය.
මෙතැන් සිට සිදුවන කතන්දරය මේ වගේය. මනුස්සයා උදේ හිට රෑවෙන තුරු හොඳටම මහන්සි වී සල්ලි හම්බ කරයි. ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි. මේ පොඩි වැඩේ කිරීම වෙනුවෙන් ගෑණියෙකුට බොහෝ දේ ලැබේ. ඇයට මනුස්සයා විසින් දියයුත්තේ නිකම් කෑම පමණක් නොවේ. කඩෙන් සාරි අරන් දිය යුතුය. නිදාගන්නට ඇඳෙන් බාගයක් ඉඩ දිය යුතුය. ඒ මදිවාට ටික කලක් යනවිට ගෑණුන්ගේ බඩේ ළමයිනුත් හැදේ. ඉන්පසු ඒ අයට ඕනෑ දේවල් අරන් දෙන්නටත් සල්ලි හෙවිය යුතුය.
මනුස්සයාගේ ඇති මේ ලොකුම අඩුපාඩුව නිසා ඔහු ගෙවන මිල වැඩි නැද්ද? මේ ලෝක ධර්මතාවය වෙනස් කළ නොහැකි එකක්ද?
බතක් මාළුවක් උයා ගන්නට පුරුදු වුණොත් ගෑණු ගේන්නට අවශ්‍ය නොවේ. එහෙම වුණොත්, දවසම මහන්සි වී ගෑණුන් හා ළමයින් වෙනුවෙන් සල්ලි හම්බ කරන්නට අවශ්‍ය නැත. ඇඳෙන් බාගයක් වෙන් නොකර හොඳට අතපය දිග හැර නිදාගන්නත් පුළුවන්ය. මේ නුවණ අනිත් මිනිස්සුන්ට පහළ නොවන්නේ ඇයි? සමහර විට උයන එක හිතන තරම්ම ලේසි නැතුව ඇති!
මුල් වරට බතක් ඉවීම අත්හදා බැලීමට මා තීරණය කළේ නිවසේ වැඩිහිටියන් කිසිවකු නොමැති අවස්ථාවකය. වැඩිමල් ඥාති සොයුරියන්ද හා එකතුව සෙල්ලම් ගෙවල් වල පොඩි මැටි මුට්ටි වල ඇත්ත බත් උයා තිබුණත් ඇත්තටම කන්නට බතක් ඉවීම ඊට වඩා භාරදූර කාර්යයකි. මෙය ඒ වන විටද ප්‍රගුණ කර තිබූ ප්ලේන්ටියක් හදා ගැනීමේ කුසලතාවය බොහෝ දුරට ඉක්මවන්නකි.
පැරකුම් ටින්කිරි හාල් හුන්ඩු දෙකක් මැන ගත් පසු පළමුව හාල් ගරා ගැනීමට සිදුවේ. මේ ආච්චිට හාල් ගැරිල්ල ඒ තරම්ම අමාරු නැත. ලොකු ගල් කැටයක් හමු වූ විට නාම්බුවේ ගෙවුඩයක් දැක්කා වගේ තන්තෝසය.
ලිප පත්තු කර ගැනීමද තරමක අභියෝගයකි. මේ කාලයේදී අප ජීවත් වුනේ නාගරික ප්‍රදේශයක පිහිටි නිල නිවාසයකය. ඒ නිසා, හැත්තෑ ගණන් වල වුවද, අපට ලයිට් තිබුණේය. ලයිට් තිබුණත් ලිපනම් දර ලිපකි. දර එකතු කරගැනීමට තරම් ලොකු වත්තක් නැති නිසා දර එන්නේ දර කරත්තයෙනි. දර කෑල්ලක් මුලින්ම පත්තු කර ගැනීම ලේසි නැත. පොල්කට්ටක් ඇත්නම් ඉස්ටාට් එකට හොඳය. ඒත් පොල්කට්ට වුවද පත්තු කර ගැනීම ලේසි නැත.
පොල්කට්ට ඉස්ටාට් කර ගැනීමට ලාම්පුතෙල් හොඳ බේතකි. කලින් සිටි ගෙවල් වලදී මෙන් ඇති තරම් පොල් හනසු හෝ ඔට්ටපාළු නැති නිසා එකම බේත ලාම්පුතෙල්ය. සාමාන්‍යයෙන් ගෙදර ලාම්පු පත්තු නොකළත් ප්‍රධාන වශයෙන්ම ලාම්පුතෙල් අවශ්‍ය වුනේ මේ ලිප ඉස්ටාට් කර ගැනීමේ කටයුත්තටය.
ඔය කාලයේ ලාම්පුතෙල් කරත්තයේ ලාම්පුතෙල් ගැලුමක් තුනයි පනස් හතරකි. පන්දමක් උස්සාගෙන හෙළුවෙන් දුවන මනුස්සයෙකු පින්තාරු කළ රතු පාට ලාම්පුතෙල් කරත්තය ඇදගෙන එන දුඹුරු පාට ගොනාගේ පිටට තට්ටුවක් දමමින් "බූංතේ" කියා උජාරුවෙන් කෑගහගෙන එන ලාම්පුතෙල් කරත්තකාරයාගෙන් ලාම්පුතෙල් ගැනීමට මට කොයිතරම් ආසාවක් තිබුණත් ඒ ආසාව කවදාවත් ඉටු නොවුනේ අපේ ගෙදර සිට යාර සීයක්ටත් වඩා අඩු දුරකින් තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකේ ලාම්පුතෙල් ගැලුමක් ශත හයක් අඩුවට විකිණූ බැවිනි.
හාල් ගැරීමට සහ ලිප පත්තු කිරීමට අමතරව බත් ඉවීමේ ඇති අමාරුම කෑල්ල ගාණට වතුර දැමීමයි. වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. බත් ඉවීම ප්‍රගුණ කළ මුල් දවසේ මට වුනේ ඔය දෙකෙන් දෙවැන්නයි. කෙසේ වුවත්, බත ඉදීගෙන එනවිට අදනම් කන්න වෙන්නේ බත් නොව හාල් බව මට ඒත්තු ගියේය. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් වතුර එකතු කර යාන්තමින් වැඩේ ගොඩ දාගත හැකි විය.
මහන්සිවී ගෙදර පැමිණි වැඩිහිටියෝ ගෙදර බතක් ඉදී තිබෙනු දැක මහත් උද්දාමයට පත් වූහ. මේ යුගය කඩෙන් කොත්තු ගේන යුගයක් නොවේ. කෙතරම් පසුවී බඩගින්නේ ගෙදර ආවත් කන්න වෙන්නේ බත ඉදුණු පසුවය.
යාන්තමින් වැඩේ ගොඩ දාගත් මම මේ වීර ක්‍රියාව කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ මා ඒවාට මුහුණ දුන් ආකාරය එකිනෙක විස්තර කළෙමි. මගේ විස්තර කිරීම් අවසානයේදී බතට වතුර තැබීම හා සම්බන්ධ ඉතා සරල ගුරු මුෂ්ටියක් මට ලැබුණේය. හාල් වල මට්ටමේ සිට අතේ ඇඟිලි පුරුක් දෙකක ගැඹුරට වතුර තැබූ විට බෙරි හෝ ඇට්ටකුණා නොවී බත ගාණට ඉදෙනු ඇත.
වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම මට ලොකු ප්‍රශ්නයක් නොවූයේ මේ සරල ආකෘතිය ප්‍රායෝගිකව හොඳින් වැඩ කළ නිසාය. එතැන් පටන් බතක් නිසි පරිදි උයා ගැනීම සූකිරි කන්දකින් පහළට ගලන මීපැණි ගඟක ඉවුරේ සිට පාන් කෑල්ලක් කන තරම් පහසු කටයුත්තක් විය. රතු කැකුළු, රටින් ගෙනා සුදු හාල්, මිල්චාට් ආදී ලෙස හාල මාරුවෙද්දීත්, මැටි මුට්ටි ඇලුමිනියම් 'රාස්පාන්' වෙද්දීත්, මුට්ටිය වහන නෑඹිලිය එසේම වෙනස් වෙද්දීත්, හුන්ඩු දෙක දෙකහමාර හෝ තුන වෙද්දීත් ඇඟිලි පුරුක් දෙකේ ආකෘතිය නිසියාකාරව වැඩ කළේය.
බත් ඉවීම වැනි භාරදූර කටයුත්තක් මේ තරම් හොඳින් කිරීමට හැකි වූ විට තමන් මහා පොරක් බව සිතීම සාමාන්‍ය දෙයකි. ඒ සමඟම ඇඟිලි පුරුක් දෙකේ නුවණින් තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි සිතේ. මේ අනුව මට තවත් අළුත් වැඩකට අත ගැසීමට සිත් විය. ඒ කොස් තැම්බීමයි. මේ තරම් අපූරුවට බත් තම්බන මට කොස් තැම්බීම කජ්ජක්ද?
මේ සඳහා මා යොදාගත්තේද පෙර මෙන්ම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකි. කලින් පළු කළ, කොටසක් උයා ඉතිරිව තිබුණු, කොස් බෑයක් කුස්සියේ පැත්තක තිබුණේය. කොස් ඉවීම බත් ඉවීමට වඩා තරමක් සංකීර්ණය. මදුළු ගැලවිය යුතුය. මදුලෙන් ඇට ඉවත් කළ යුතුය. ඇටෙන් සිබිඩි පැන්නිය යුතුය. ඇට ඉවත් කළ මදුළු තීරුවලට කපා ගත යුතුය. ඉන්පසු සිබිඩි පැන්නූ කොස් ඇට මෙයට එක් කළ යුතුය. කොළා තමයි ඉතිං ඔය ඔක්කොම!
මේ තීරු කැපූ කොස් සහ මදුළු මුට්ටියට දමා වතුර දැමිය යුතුය. ඉන්පසු ඇත්තේ නැකතක් බලා හෝ නොබලා ලිප අවුළුවාගෙන කොස් ටික තම්බා ගැනීම පමණි.
වෘශ්චික ධනු මකර කුම්භ
කොස්ටික බෙරි නොකර තම්බ
කොස් ටික මුට්ටියට දැමූ විට මුට්ටියෙන් බාගයක් පිරුණේය. මම ඇඟිලි පුරුක් දෙකෙන් මනිමින් වතුර එකතු කළෙමි. කොස් වලට අවශ්‍ය පමණට වතුර එකතු කිරීම හාල් වලට එකතු කරන තරම් පහසු වුණේ නැත. මුට්ටිය පිරෙන්නම වතුර දැම්මත් ඇඟිලි පුරුක් දෙකනම් වැහුනේ නැත. තවත් වතුර දැමීමට මුට්ටියේ ඉඩ නැති නිසා අන්තිමට කොස් මුට්ටිය ලිපේ තබා ගිනි මෙලවුයෙමි.
පැයකටත් වඩා බලා සිටියෙමි. දර මිටියක්ම ඉවරය. ඒත් තවමත් කොස් හැලියේ වතුර හිඳී නැත. වැඩිහිටියන් නිවසට පැමිණෙන තුරුත් කොස් හැලිය ලිපේ ඉදෙමින් තිබුණේය.

Thursday, September 24, 2015
ඔබේ වීරයාගේ මිල කීයද?
හෝමෝ සේපියන්ලා වන අපට ලොකු බලාපොරොත්තු, සිහින තිබේ. එහෙත්, බොහෝ විට අපට මේ බොහොමයක් සිහින සැබෑ කර ගැනීමට නොලැබේ. අප සිහින දකින, එහෙත් අපට ලඟා වීමට නොහැකි වූ ඉලක්ක වලට ළඟා වූ අය අපේ වීරයෝ වෙති.
රවීගේ වීරයින් ලැයිස්තුවේ උඩින්ම ආගමික ශාස්තෘ වරයෙක් සිටී. වෙනත් අයගේ ලැයිස්තුවල වෙනත් ආගමික ශාස්තෘ වරු සිටිති. එමෙන්ම, දේශපාලනඥයෝ, කලාකරුවෝ, ක්‍රීඩකයෝ, දාර්ශනිකයෝ ආදීහුද මෙවැනි වීර ලැයිස්තු වල සිටිති. පැය අටේ වැඩමුරය වෙනුවෙන් චිකාගෝහිදී දිවිදුන් කම්කරු නායකයින් ඇතැම් අයගේ වීරයන් වන අතර, පොප් රජු ලෙස විරුදාවලි ලත් මයිකල් ජැක්සන් තවත් අයගේ වීරයෙකි.
අපි බොහෝ දෙනෙකු වීරයෝ වීමට කැමැත්තෙමු. ඒ සඳහා, ඇතැම් විට අප කරන්නේ අපේ වීරයෙකුව අනුගමනය කිරීමයි. වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා මෙන්ම වීරයකු වීමේ අවශ්‍යතාවය වෙනුවෙන්ද මිලක් ගෙවීමට අප සුදානම්ය. මෙමඟින් ඉල්ලුමක් ජනිත වේ.
ඉල්ලුමක් ඇති තැන එය සපයන්නෙකුට ඉඩකඩක් විවෘත වේ.
චේ ගුවේරා බොහෝ දෙනෙකුගේ වීරයෙකි. ටී ෂර්ටයක චේගේ රුව ගසා ගැනීමෙන් තමන්ටත් තරමක් දුරට හෝ මේ වීරයාගේ තැනට ලං විය හැකියැයි සිතන අය සිටිති. එය හඳුනාගන්නා නිෂ්පාදකයෙක් එවැනි ටී ෂර්ටයක් වෙළඳපලට ඉදිරිපත් කරයි. මෙවැන්නක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවය සමඟ වීරයෙක් (හෝ පොරක්) වීමේ අවශ්‍යතාවයද සපුරා ගනී. ඒ නිසා ඇඳුමක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන මිලට වඩා රුපියල් පණහක් හෝ සීයක් වැඩිපුර ගෙවීමට ඔහු හෝ ඇය නොපැකිලේ.
චේ වීරයෙකු ලෙස සලකන තවත් ඇතැමුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඔහුගේ රුව සහිත ටී ෂර්ටයක් පැළඳීම ප්‍රමාණවත් නොවේයැයි සිතති. ඔවුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඊට වඩා විශාල මුදලක් ගෙවීමට සුදානම්ය.
කොලොම්බියාවේ අල්වාරෝ චේගේ රුව සහිත ඇඳුමක් වෙනුවෙන් පෙසෝ කිහිපයක් වැඩිපුර ගෙවා පොඩි වීරයෙකු වෙද්දී, ඔහුගේ මිතුරු පාව්ලෝට වැඩි මිලක් ගෙවා ලොකු වීරයෙකු වීමට අවශ්‍ය වේ. කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව මේ සඳහා ඔහුට අවස්ථාවක් සපයයි. තමන්ගේ සරසවි අධ්‍යාපනය, හොඳ රැකියාවක් කිරීමට ඇති අවස්ථාව, මිතුරන් සමඟ විනෝද වීමට ඇති කාලය ආදී සියල්ල අතහරිමින් ලොකු මිලක් ගෙවන පාව්ලෝ ජාතික විමුක්ති හමුදාවෙන් ගෙවන සුළු මාසික දීමනාවෙන් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනිමින් වීරයෙකු වීමේ සතුට විඳියි. ඔහුගේ ජීවිතය අහිමි වීමේ අවදානමද මේ මිලට එකතු වේ.
පොඩි කාලේ ක්‍රිකට් ගැන හාන්කවිසියක් නොදැන සිටි තුෂාරගේ දැන් ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ඔහුට ක්‍රිකට් වලින් ඉහළට ගිය සංගක්කාර වීරයෙකි. වීරයෙකු අනුගමනය කිරීමෙන් පොඩි වීරයෙකු විය හැකිය.
ඇන්ලීන් කිරිපිටි පැකට්ටුවක් රුපියල් හයසීයට විකිණෙද්දී ඇන්ලීන් පානය කළ තුෂාර මේ මිල රුපියල් හයසිය පණහක් වෙද්දී පාවිච්චිය නවත්තයි. ඇන්ලීන් පැකට්ටුවකට තුෂාර දෙන වටිනාකම රුපියල් හයසීයට වැඩිවුණත් හයසිය පණහට වඩා අඩුය. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති නිසා ෆොන්ටෙරා සමාගමට තවදුරටත් ඇන්ලීන් පැකට්ටුවක් රුපියල් හයසියයකට විකිණිය නොහැක. මේ නිසා තුෂාර තවදුරටත් ඇන්ලීන් බොන්නේ නැත. ඒ නිසා සමාගමට ලාභයක්ද නැත.
සංගක්කාර තමන්ගේ මහන්සියෙන් වීරයෙකුව නිෂ්පාදනය කර තිබේ. මේ වීරයාගේ කොටස් ඔහුගේ රසිකයින් ළඟ ගබඩා කර තිබේ. මෙය සංගක්කාර සතු ප්‍රාග්ධනයකි. ඔහු සතු ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය විටක මුදල් කළ හැකිය. ඔහුට පෙර මෙසේ ප්‍රාග්ධනය එකතු කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ රණතුංගලා සහ ජයසූරියලා ඔවුන් සතුව තිබූ ප්‍රාග්ධනය මැතිවරණ වලදී මුදල් කළහ. සංගක්කාර ප්‍රසිද්ධියේ ඔහුගේ බිරිඳව සිපවැළඳ ගන්නා විට ඔහු කලක් තිස්සේ එකතු කළ ප්‍රාග්ධනයෙන් කොටසක් වැයවේ. එහෙත්, වැඩි ප්‍රමාණය තවමත් ඉතිරි නිසා සංගක්කාර තවමත් වීරයෙකි.
සංගක්කාර ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් වෙළඳ දැන්වීමකට පෙනී සිටී. ඇන්ලීන් කිරිපිටි බීමෙන් තමන් මෙන් වීරයෙකු වීමට හැකි බව ඔහු තමන්ගේ රසිකයින්ට පැහැදිලි කර දෙයි. කිරිපිටි වලට රුපියල් හයසීයකට වඩා ගෙවීමට කැමති නැති තුෂාර, සංගක්කාර වැනි වීරයෙකු වීම සඳහා රුපියල් දෙසීයක් ගෙවීමට කැමතිය. ෆොන්ටෙරා සමාගම මේ දෙක එකතු කර පැකේජයක් සදා රුපියල් හත්සීයකට මිල කරයි. තුෂාර මේ පැකේජය මිල දී ගනී. ඔහු මේ පැකේජයට ගෙවීමට සූදානම් වන මුදලට වඩා රුපියල් සියයක් අඩුවෙන් ඔහුට එය ලැබේ.
ෆොන්ටෙරා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වියදමට වඩා රුපියල් පණහක් තුෂාරගෙන් එකතු කර ගනී. මෙයින් විසිපහක් සංගක්කාරට යයි. ෆොන්ටෙරා සමාගමට තවත් විසිපහක් ඉතිරි වේ. සියල්ලෝම සතුටෙනි.
වීරයන් වෙඩි තබා, බෝම්බ ගසා හෝ සුදු වෑන් යවා විනාශ කළ නොහැකිය.
ඔබේ වීරයා වෙනුවෙන් ඔබ ගෙවන මිල වැඩියි වගේද?
(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

සමාජ චර්යා
Tuesday, September 22, 2015
බෝර්ෂ් සුප් සහ වෙරළු අච්චාරු
පසුගිය සතියේ කිහිප දෙනෙකු විසින්ම කටට කෙළ උනන සටහන් ලියා තිබුණේය. රයිගමගේ බෝර්ෂ් සුප් එක සහ නලින් හදා තිබුණු ගාර්ලික් බ්‍රෙඩ් සමඟ එන වෙජිටබල් මික්ස් චිකන් සුප් එක මෙයින් දෙකකි. නාවල වැලිපාක් එක ළඟ හෝටලයේ 'එබිල ඔලුව පීරගන්ට පුලුවන් තරම් තෙල් තිබුණු' මස් හොද්ද ගැන රවී ලියා තිබුණේය.
කොණ්ඩය පීරීමට කවදාවත් ලොකු උනන්දුවක් නොතිබුණු මට ඔළුව පීරිමටනම් උනන්දුවක් ඇති වුනේ ඉතා කුඩා කාලයේදීමය. ඒ උනන්දුව තවමත් අඩු වී නොමැත. එහෙත්, අවුරුදු හත අටේදී ඔළුව පීරමින් විසඳුම් සෙවූ බොහෝ ප්‍රශ්න වලට තවමත් නිශ්චිත විසඳුම් ලැබී නැති නිසා දැන් මා වඩා හොඳ විසඳුම් මිස නිශ්චිත විසඳුම් සොයන්නේ නැත.
මා පැමිණියේ කොහෙන්ද යන ප්‍රශ්නයට මා හැදුණු වැඩුණු සංස්කෘතියට සාපේක්ෂ පිළිතුරු වෙනත් අයට මෙන්ම මටද කුඩා කාලයේදීම ලැබුණේය. ඒ සමඟම, මට තෝරාගැනීමක් ඇති, යා හැකි තැන් ගැන ඉඟිද ලැබුණේය. සැප පමණක් ඇති, දුකක් ගැන දැන ගැනීමට නොලැබෙන තැනක සිට විඳින සැප සැපක් ලෙස සලකමින් විඳින්නේ කෙසේද යන්න මට අවුරුදු හත අටේදීම මතු වූ පැනයකි. මේ අනුව දුක් පමණක් ඇති තැනක් මඟහැර සැප පමණක් ඇති තැනකට යාම වෙනුවෙන් මහන්සි වීමේ ඕනෑ කමක් ඉතා කුඩා කාලයේදීවත් මට තිබුණේ නැත. එහෙත්, මා ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේදී හැර සම්මත 'නරක වැඩ' කිරීමට පෙළඹුනේද නැත. ඒ එවැනි දෙයින් මට සතුටක් නොලැබුණු බැවිනි.
සත්ත්ව ඝාතනයක් කරනු තබා එවැන්නක් බලා සිටීම පවා මට ඉතා අපහසු දෙයකි. ඒ ප්‍රතිපත්තිමය හේතු මත නොවේ. එහෙත්, කුඩා කළ සිටම සත්ව මාංශ වලට මගේ වූ කැමැත්ත තවමත් අඩු වී නැත. ඒ නිසා රයිගමගේ බෝර්ෂ් සුප් එක හෝ නලින්ගේ චිකන් සුප් එක රස විඳීමට අවස්ථාවක් ලැබේනම් එය මඟ හැරීම මට පහසු කටයුත්තක් නොවනු ඇත. මේ භෞතිකව සහ සංස්කෘතිකව මා නිර්මාණය වී ඇති ආකාරයයි.
අවුරුදු අටක් හෝ නවයක් වෙද්දී මිනිසා හැදුණේ 'වඳුරන්ගෙන්'යැයි දැනගනිද්දීත් මට ප්‍රශ්න මතු වුණේය. පළමුවැන්න මෙය හරියටම සිදුවුනේ කෙසේද යන්නයි. එය තේරුම් ගැනීමට තවත් අවුරුදු හත අටක් ගත විය. දෙවැනි, අතුරු ප්‍රශ්නයක් වූයේ වඳුරන් කන්නේ කොළ පමණක් නම් මිනිසුන් මස් මාළු කන්නේ ඇයි යන්නයි. මේ දෙක ගලපමින් පොඩි කාලයේදීම මම මගේ ප්‍රශ්න දෙකම විසඳන පිළිතුරක්ද සොයා ගත්තෙමි. මිනිසා වඳුරන්ගෙන් වෙනස්ව බුද්ධිමත් වී ඇත්තේ මස් කෑම නිසා ලැබුණු අමතර පෝෂ්‍ය පදාර්ථයක් හේතුවෙනි.
එක් එක් අයගේ වෙනස් රුචි අරුචිකම් වලට ගරු කිරීමට තරම් පරිණත භාවයක් නොතිබුණු ගැටවර සහ තරුණ වයසේදී ශාක ආහාර වලින් පමණක් යැපෙන මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට එරෙහිව තර්කයක් ලෙස මම මේ මතය ඉදිරිපත් කළ කාලයක් තිබුණේය. මේ මැටි අදහස වෙනත් බොහෝ දෙනෙකුද පිළිගන්නා තර්කානුකුල අදහසක් බව මා දැන ගත්තේ බොහෝ කාලයකට පසුවය.
ආහාර දාමයේ අඩියේම සිටි වානරයින් එහි අඩියේ සිට මුදුන දක්වා වූ පුළුල් පරාසයක් අත් කර ගැනීම මානව පරිණාමයට සමාන්තරව සිදු වී ඇති දෙයකි. මේ අනුව, ශාක භක්ෂක වානරයින් මාංශ ආහාර අනුභවය ඇරඹීම පරිණාමයේ තීරණාත්මක කඩඉමකි. මේ තරමටම, නැත්නම් මෙයටත් වඩා, තීරණාත්මක කඩඉමක් වන්නේ මිනිසා ආහාර පිස ගැනීම ප්‍රගුණ කිරීමයි. බෝර්ෂ් සුප්, චිකන් සුප් හෝ තෙල් පෑදුණු මස් කරියක් දුටු විට මිස අමු කුකුළු මස් හෝ හරක් මස් හෝ පණ ඇති සතෙකු දුටු විට අපේ කටට කෙළ උනන්නේ නැත.
අප යනු අප කන දේවල්යැයි කියමනක් තිබේ (We are what we eat). මෙය ඇත්තක් වන්නේ අපේ උදරයේ සහ අනෙකුත් තැන් වල සමට යටින් තැන්පත් වී ඇති මේද තට්ටු නිසාම නොවේ. ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික පරිණාමයේ අප අද සිටින තැනට පැමිණ සිටින්නේ අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ අප ආහාරයට ගත් දේවල්ද නිසාය.
සාපේක්ෂව කුඩා මොළයක් ඇති හෝමෝ නැලඩිගේ සංස්කෘතික චර්යාවන් මඟින් තරමක අභියෝගයට ලක් වී ඇතත් මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන් කරන ප්‍රධානම සාධකයක් වන්නේ ඔහුගේ ප්‍රමාණයෙන් විශාල මොළයයි. විශාල මොළයක මෙතරම් වැදගත්කමක් ඇත්නම් අනෙකුත් සතුන් පරිණාමය වීමේදී ඔවුන්ට මෙවැනි විශාල මොළයක් නොලැබුණේ ඇයි?
මෙයට හේතුව මේ විශාල මොළය වෙනුවෙන් ගෙවිය යුතු විශාල පිරිවැයයි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් 'නොමිලේ දිවාආහාර නොලැබේ'.
මිනිසෙකු කිසිවක් නොකර නිකම් සිටින විට ශරීරය පවත්වා ගැනීම සඳහා වැයවන ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වැයවන්නේ ඔහුගේ මොළය වෙනුවෙනි. මේ වැඩිපුර ශක්තිය සොයා ගත හැකි ක්‍රමයක් නොතිබුණානම් අයවැය හිඟය ක්‍රමයෙන් ඉහළ යෑමෙන් මේ සත්ත්ව විශේෂය වඳවී යා හැකිව තිබුණි.
මොළය හැරුණු විට ශක්තිය වැඩිපුරම අවශ්‍ය වන අනෙක් උපාංගය වනුයේ ආහාර ජීර්ණ පද්ධතියයි. ආහාර පිසගැනීමේ පුරුද්ද නිසා අපට අනෙක් සතුන්ට මෙන් ලොකු ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍ය නොවේ. ආහාර පිසගත් විට ඉතා කාර්යක්ෂම ලෙස කෙටි කාලයක් තුල ශරීරයට අවශෝෂණය කරගත හැකිය. මේ අනුව, මොළය ක්‍රමයෙන් විශාල වෙද්දී ආහාර ජීර්ණ පද්ධතිය ඒ හා සමාන්තරව කෙටි වීම නිසා අපට ශක්ති හිඟයකට මුහුණ පෑමට සිදුනොවීය. ඒ නිසා අපේ ශක්ති අවශ්‍යතා වෙනුවෙන් අපට දැන් පැය විසි හතරම උලාකමින් ගත කිරීමට අවශ්‍ය නොවේ.
මෙසේ වඩා කාර්යක්ෂම වන සේ පරිණාමය වී ඇති අපි සාමාන්‍යයෙන් අමු මස් වලට වඩා බෝර්ෂ් සුප් වලට කැමතිය. අමු වෙරළු ගැට වලට වඩා වෙරළු අච්චාරු වලට කැමැත්තෙමු.
ගාලික් බ්‍රෙඩ් සුදුළූනු ගඳ ඇයි?
ප්‍රශ්නය මල්මිගේය. සුදුළූනු පොඩි නොකර උත්තරයක් දෙන්නට බැරි කමක් නැත. ගාලික් බ්‍රෙඩ්වලින් එන්නේ ඒවා හැදී ඇති දේවල්වල ගඳයි. මේ කරුණ හා අදාළව හෝමෝ සේපියන්ස්ලා ගාලික් බ්‍රෙඩ් වලින් වෙනස් වන්නේ නැත.
වෙරළු ගැට වලට සහ අමු මස් වලට වඩා කැමති හෝමෝ සේපියන්ස්ලාද අප අතර සිටිති.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

ආහාර,
පරිණාමය,
සමාජ චර්යා
Sunday, September 20, 2015
කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?
පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින්, කතෘ ප්‍රකාශන වලට පොත් වෙළෙන්දන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන නලින් මගේ අවධානය යොමුකරවූවේය. හරී විසින් පෙන්වූ පාරක ගොස් කියවූ අරුණිගේ පැරණි ලිපියක් අනුව "අළුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අළුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩයට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති"
පොතක් ලිවීමේ සිට එය පාඨකයකුගේ අතට ලැබෙන තුරු සිදුවන ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනුම පරිපුර්ණ එකක් නොවේ. මා මෙහිදී බොහෝ දුරට උපයෝගී කරගත්තේ අරුණිගේ හා රසිකගේ ලිපිවලත් නලින්ගේ කොමෙන්ටුවේත් ඇති කරුණුය. කෙසේවුවද, විශ්ලේෂණයක් කිරීමට මේ කරුණු ප්‍රමාණවත්ය.
කතාව පටන්ගන්නට පෙර නොදන්නා අය සඳහා නිදන්ගත පිරිවැය (sunk cost) යන සංකල්පය පහදා දීමට සිදුවේ. රසිකගේ කොමෙන්ටුවක්ට අනුව ඔහුගේ කවිපොත නිෂ්පාදනය කිරීමේ විචල්‍ය පිරිවැය රුපියල් 100කි. රුපියල් 150කට මිල කර ඇති මේ පොත පොත් වෙළෙන්දෙකුට 40%ක වට්ටමක් සහිතව රුපියල් 90කට ලබා දිය යුතුය. මේ අනුව, විකිණෙන පොතකින් රසිකට රුපියල් 10ක් පාඩු වේ.
එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද?
පොත මුද්‍රණය කිරීමෙන් පසුව ඒ සඳහා වැයකළ රුපියල් 100 නිදන්ගත පිරිවැයකි. පොත නොවිකුණුවත් ඒ මුදල ආපසු නොලැබේ. එවිට සිදුවන්නේ පාඩුව රුපියල් 100ක් වීමයි. පොත විකිණීමෙන් මේ පාඩුව රුපියල් 10ක් දක්වා අඩුකර ගත හැකි බැවින් අනෙක් විකල්පයට සාපේක්ෂව පොත විකිණීමෙන් රුපියල් 90ක වාසියක් සැලසේ.
දැන් අපි පොත් වෙළෙන්දෙකු සතු විකල්ප දෙකක් සසඳමු.
a . ලේඛකයෙකු ඔහුගේ පොතක් කිසිදු අත්තිකාරමක් නොලබා පොත් වෙළෙන්දාට දෙයි. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් සෘජු පාඩුවක් සිදු නොවේ. පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 60කි.
b. පොත් ප්‍රකාශකයකුගෙන් මේ වෙළෙන්දාම රුපියල් 90ක් ගෙවා පොතක් මිලදී ගනී. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් රුපියල් 90ක පාඩුවක් සිදුවේ. රුපියල් 90 නිදන්ගත පිරිවැයක් වී අවසාන නිසා පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 150කි.
දැන් මේ විකල්ප දෙක අතරින් වඩා වාසිදායක විකල්පය b බව පැහැදිලිය.
පොතක් පේන්නට තැබූ විට විකිණීමට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රකාශකයාගේ පොත විකිණීම වඩා වාසිදායක නිසා එය රාක්කයේ උඩට යයි. කතෘ ප්‍රකාශනය යටට යයි.
යම් ලේඛකයෙක් තමන් විසින්ම පොතක් ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?
මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය.
- ප්‍රකාශකයෙකු අදාළ පොත භාරගැනීමට ඉදිරිපත් නොවීම එක් හේතුවකි. මෙසේ වන්නේ ප්‍රකාශකයාට අනුව මේ පොත අලෙවි කිරීම අපහසු පොතක් බැවිනි. කතෘ ප්‍රකාශන අතර මෙවැනි පොත් යම් ප්‍රමාණයක් ඇති බව පොත් වෙළෙන්දා දනී. ප්‍රකාශකයෙකුගේ පොතක්නම් සාමාන්‍යයෙන් විකිණිය හැකි එකක් විය යුතුය. රාක්කයේ උඩ තට්ටුවේ විකිණෙන පොතක් තැබූ විට ඉතා ඉක්මණින් තවත් පොතකට ඒ ඉඩ හිමිවේ. නොවිකිණෙන පොතක් තැබූ විට එය සිදු නොවේ. මෙවැනි 'නොවිකිණෙන' පොතකට අත්තිකාරමක් ගෙවීමට පොත් වෙළෙන්දා සූදානම් නැත.
- ලේඛකයාට තමන්ගේ හිත මිතුරන්ට පිටපත් නොමිලයේ දීමට අවශ්‍ය විය හැකිය. මෙවැන්නෙකු පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය වැඩිපුර නොතකයි. මෙවැනි ලේඛකයෙකු අත්තිකාරම් නොලබා පොත පොත් හලට දැමීමට අකැමැත්තක් නොදක්වයි.
- ලේඛකයාට තමාගේ පොත විකිණිය හැකි බව හොඳටම සහතික නිසා එයින් වැඩිම ලාභයක් ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. මගේ අදහස අනුව, අරුණිගේ පියා සිටින්නේ මේ ගොඩේය. ඇත්තටම, ඔහු අරුණි සඳහන් කර ඇති පරිදි ලාභ ලබා ඇත්තේ ලේඛකයෙකු වශයෙන්ම නොවේ. පොත් නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර සියල්ල අතට ගැනීම මඟින් 'සිරස් අනුකලනය' (vertical integration) කිරීම මඟිනි. ඔහු ලබන ලාභය ඔහු ලේඛකයෙකු වශයෙන් ලබන ලාභයේත්, ආයෝජකයෙකු, අතරමැදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ලබන ලාභයේත් එකතුවයි.
අරුණිගේ පියාගේ කෘති මාද කලෙක කියවූ ඉතා ජනප්‍රිය පොත් වූ බව අවිවාදිතය. එසේ වුවද, මේ පොත් මිලදී ගැනීමට සමඟි පෙරමුණු රජය කාලයේ පාන් ගැනීමට සිටියාක් මෙන් පොත් සාප්පු ඉදිරිපිට පාඨකයින් පෝලිම් ගැසී සිටියේ නැත. ඒ පොත් විකිණීමටද යම් කාලයක් ගතවන බැවින් අතරමැදියා ලබන 40% ශුද්ධ ලාභයක් නොවේ.
අනෙක් පොත් වලින් නොලැබෙන විශාල ලාභයක් මේ පොත් වලින් අතරමැදියාට ලැබුනේනම් ඔහුට යම් අත්තිකාරමක් ලබාගැනීමට හෝ 40% වට්ටම අඩු කර ගැනීමට පොත් වෙළෙන්දන් සමඟ එකඟතාවකට පැමිණීමේ අවස්ථාව පැවත තිබේ.

සාහිත්‍යය
Friday, September 18, 2015
කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?
හෝමෝ සේපියන්ලා වන අපේ ආරම්භය කොතැනද? ඉදිරියේදී හෝමෝ සේපියන්ලා වන අපට කුමක් වේද?
මේ ප්‍රශ්න කාලයක් තිස්සේම අප විසින් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටිමු. සහශ්‍ර ගනනක් තිස්සේ විවිධ ආගම් හා දර්ශන මඟින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කර තිබේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මේ අඛණ්ඩ උත්සාහය ඉදිරියට ගෙන ගියේ පරිණාමවාදීන්, පුරා විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් වැනි අයයි. මෑතකදී ජාන විශ්ලේෂකයින්ද මේ පිරිසට එකතු වූහ.
ඉතා මෑතක් වනතුරුම අපට සිතාගත හැකිව තිබුණු හොඳම පරිණාමයේ කතන්දරය උඩින් ඇති රූපයේ දැක්වෙන ආකාරයේ එකකි. මේ කතාවේ හැටියට වානරයෙකුගේ සිට නූතන මිනිසා දක්වා අප ක්‍රමයෙන් 'රේඛීයව' පරිණාමය වී තිබේ. කතාවේ මුල සිටින ඒක සෛලිකයෙකුගේ සිට වානරයා දක්වාද මේ රේඛාව දික් වේ. මේ අනුව, අප දැනටත් උපයෝගී කරගන්නා පරිණාම ආකෘතිය ගසක් වැනි එකකි. එහි කඳෙන් ලොකු අතුත්, ලොකු අතු වලින් පොඩි අතුත්, පොඩි අතු වලින් ඊටත් වඩා පොඩි අතුත් බෙදේ. ඒවායින් කුඩා රිකිලි බෙදී යයි.
මේ එක් එක් රිකිල්ල අග වෙනස් ජීවී විශේෂයක් සිටී. අප සිටින කුඩා රිකිල්ලේ සිට සිට ආපසු ගිය විට අප වෙනත් ජීවී විශේෂ වලින් වෙන්වූ මං සන්ධි හමුවේ. මේ ආකෘතිය අනුව බෙදී යන රිකිලි දෙකක් නැවත එක්වී අත්තක් වන්නේ නැත.
ඉහත ආකෘතියේ එක් එක් අදියරේදී අප පසු කළ මං සලකුණු ගැන හරියටම දැන ගැනීම සඳහා අපට පොසිල සාක්ෂි උපකාරී විය. එහෙත්, මේ පොසිල එකතු වල අඩුපාඩු තිබුණු නිසා ආකෘතිය සම්පුර්ණ කර ගැනීමට අපට වැඩි වැඩියෙන් පොසිල අවශ්‍ය විය. කෙසේ වුවද, අළුතෙන් හමුවන සංකීර්ණ පොසිල සාක්ෂි වලින් අපේ දැනුම වැඩි වෙද්දී අප දැන සිටි ආකෘතිය වඩාත් ප්‍රශ්නකාරී වී තිබේ.
දැනට වඳ වී ගොස් ඇති වෙනත් මිනිස් වර්ගයක් වන නියන්ඩතාල්ලා ගැන අඩු වශයෙන් සියවස් එකහමාරක සිට අපි දැන සිටියෙමු. ඔවුන් ගැන මෑතකදී අප දැනගත් කරුණු වන්නේ ඔවුන්ද හෝමෝ සේපියන්ස්ලා මෙන්ම දියුණු බුද්ධියක් ඇති කොටසක්ව සිට ඇති බවයි. හෝමෝ සේපියන්ස්ලා අප්‍රිකාවේ සිට මැදපෙරදිග හරහා ආසියාවට සහ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒ ප්‍රදේශ වල පැතිරී සිටියේ හෝමෝ නියන්ඩතාලන්සිස්ලාය. ඔවුහු යුරෝපයේ ශීත දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිදි විශාල ශරීර මෙන්ම හෝමෝ සේපියන්ස්ලාටත් වඩා විශාල මොලයක්ද සහිතව සිටි අතර හෝමෝ සේපියන්ස්ලා මෙන්ම ආයුධ තැනීම වැනි කටයුතුද කර තිබේ.
මෑතකාලීනව මේ ක්ෂේත්‍රයේ සිදුවූ අළුත් පොසිල සොයාගැනීම් සමඟ සේපියන්ස්ලාට අමතරව නියන්ඩතාල්ලා වැනි හෝමෝ ගණයේ වෙනත් විශේෂ දුසිමක් පමණ මිහිමත ජීවත් වී ඇති බව දැන් පෙනීයයි. 2010 වසරේදී සයිබීරියාවේ සේපියන්ස්ලා සහ නියන්ඩතාල්ලාද වාසය කළ ගුහාවකින් සොයාගත් ඩෙනිසෝවියන් මානවයා උදාහරණයකි.
මේ වෙනස් මිනිස් විශේෂ කලින් කලට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට උචිත ලෙස අනුවර්තනය වූ අයයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවී ඉන්දුනීසියාවේ කුඩා දුපතක වෙනම පරිණාමය වූ හෝමෝ ෆ්ලොරසියෙන්සිස් වසර 12,000කට පමණ පෙර වඳ වන විට කිලෝග්‍රෑම් 25 කට වඩා බර නැති අඩි තුනහමාරක් පමණ උස මිනිස් විශේෂයකි. පරිභෝජනය සීමා කර, දිවයින තුළ ඇති සීමිත සම්පත් වලින් යැපීමට හැකි පරිදි කුඩා සිරුරු සහිතව ඔවුහු පරිණාමය වූහ.
මේ කණ්ඩායමට හෝමෝ නැලඩි දැන් අළුතින්ම එකතු වී සිටී. වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් පොසිල මත පදනම්ව මේ මානවයා ගැන තොරතුරු පසුගිය සතියේ එළිදැක්වුනේය.
හෝමෝ සේපියන් මොළයක ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩා මොලයක් හිමි හෝමෝ නැලඩි ඔස්ට්‍රලොපිතකස් මෙන් වානරයෙක් ලෙස නොව මිනිස් විශේෂයක් ලෙස වර්ග කෙරී ඇත.
දැනට හමු වී ඇති පොසිල සැකිලි පහළොවක පමණ ප්‍රමාණය සමඟ වෙනත් සතුන්ගේ පොසිල මුසු වී ඇත්තේම නැති තරම්ය. එමෙන්ම, මේ සැකිලි වල වයස් සීමා සුසාන භූමියක ඇති සැකිලි වල වයස් සීමා සමඟ සැසඳේ. ඒවා එකවර තැන්පත් වූ ඒවා හෝ වතුරෙන් ගසාගෙන විත් තැන්පත් වූ ඒවාද නොවේ. මේ අනුව මේ සිරුරු සිතා මතාම එක් තැනෙක තැන්පත් කළ ඒවා බැව් අදහස් කෙරේ. මෙය සාපේක්ෂව දියුණු සමාජ ලක්ෂණයකි.
මින් පෙර මෙවැනි අවමංගල චාරිත්‍ර දක්නට ලැබී ඇති පැරණිම කාලය වසර ලක්ෂයකට පෙරය. ඒ නියන්ඩතාල්ලාගේය. හෝමෝ නැලඩි සැකිලි මීට වඩා බොහෝ පැරණියයි අදහස් කෙරේ. කෙසේ වුවද, දැනට දන්නා තොරතුරු අනුව හෝමෝ හෙවත් මිනිස් කුලයේ පළමු සාමාජිකයා ලෙස සැලකිය හැකි හෝමෝ නැලඩි ජීවත් වූ කාලය තවමත් හරියටම නිශ්චය කර නැත. රේඩියෝ කාබන් ක්‍රමයෙන් කාලය නිශ්චය කිරීමටද නොහැකි තරම් මේවා පැරණි වීම එක් හේතුවකි.
කෙසේ වුවද සාපේක්ෂව විශාල මොළයක් නැති, මෙතරම් කලකට ඉහත මිහිමත සිටි ජීවී විශේෂයකගෙන් අවමංගල චාරිත්‍ර වැනි සංකීර්ණ චර්යාවන් දක්නට ලැබීම පර්යේෂකයින්ව විමතියට පත් කර තිබේ. මේ ඇතැම් විද්‍යාඥයින් සිතන්නේ අප දැනට භාවිතා කරන අතු බෙදුණු ගසක් වැනි පරිණාමික ආකෘතිය තව දුරටත් ප්‍රමාණවත් නොවන බවයි.
දැන් පෙනෙන පරිදි පරිණාමයේදී අතු රිකිලි වී බෙදීමට අමතරව රිකිලි එකතු වී අතු නිර්මාණය වීමද සිදු වී තිබේ. අපි කිසිවෙකු කලින් සිතා සිටි පරිදි පිරිසිදු හෝමෝ සේපියන්ස්ලා නොවේ. නියන්ඩතාල්, ඩෙනිසෝවියන් වැනි ජානද අඩු වැඩි වශයෙන් අපට මුසුවී තිබේ. මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.
ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.

නවමු පුවත්,
පරිණාමය
Wednesday, September 16, 2015
"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"
"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"
ජනවහරේ එන කතාවක ගුරු හාමුදුරුවෝ ඇතැම් දරුණු දේ කළ හැකි මන්ත්‍ර ගුරුකම් දැන සිටියත්, පවු සිදුවන බැවින් සාමාන්‍යයෙන් මේ දැනුම භාවිතයට නොගත් බව කියවේ. එහෙත් ඔහු සිය ගෝල හාමුදුරුවන්ටද මේ දැනුම ලබා දී තිබුණේය. කතාවේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගත් මේ දැනුම එහි නරක ආනිසංශ ගැන නොතකා ප්‍රයෝජනයට ගැනීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවය. එසේ කිරීමට සිදුවන්නේ අවසාන වශයෙන් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.
අවසාන ප්‍රතිඵලය හොඳක් වේනම් ඒ වෙනුවෙන් නරක දෙයක් කළ යුතුද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට මගේ පෞද්ගලික පිළිතුර වනුයේ 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇත්නම්' එසේ නොකළ යුතු බවයි. හොඳ හා නරක යන සංකල්ප වුවද පුද්ගලයාට, කාලයට සහ සමාජයට සාපේක්ෂ වීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කරයි.
මේ දිනවල මරණ දඬුවම දීම පිළිබඳව අළුතින් සංවාදයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධව ලියවී ඇති දේ කියවීමෙන් මා තේරුම් ගත් ප්‍රධානම දෙය වූයේ, මා කලින් සිතා සිටි පරිදි, මා නියෝජනය කරන්නේ සමාජයේ බොහෝ දෙනෙකුගේ මතය නොවන බවයි.
අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.
මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ. මගේ අදහස් වෙනත් කෙනෙකු මත පැටවීමට මට අවශ්‍ය නොවන එක් හේතුවක් වන්නේ එයයි. බ්ලොග් වල ලියවෙන වෙනත් අයගේ අදහස් සහ තොරතුරු මගේ සිතීමේ අවකාශය පුළුල් කර ගැනීමට ඉඩ සලසයි. එය මට වඩා හොඳ තීරණ ගැනීමට යම් පිටිවහලක් සපයයි. මා සිතන ආකාරය මා ලියන්නේද වෙනත් අයෙකුට එවැනි ඉඩකඩක් සැලකීමට යම් දායකත්වයක් දීම සලකමිනි.
මරණ දඬුවම සම්බන්ධව අජිත් පැරකුම්, රසික, සහ නොදන්න මගුල් ලියන ලේඛකයා ලියා ඇති දේ සමඟ මා සිතන ආකාරය බොහෝ දුරට සම්පාත වන නිසා මා ඒවා නැවත ලියන්නේ නැත. මේ අදහස් සමඟ ගැටෙන ලිපියක් රූපේ විසින් පළ කර තිබේ. මේ ලිපිය වටිනා ලිපියකි. එමඟින් සමාජයේ බොහෝ දෙනා සිතන ආකාරය ගැන දැන ගැනීමට කවුළුවක් විවෘත කර දී තිබේ.
මේ අවස්ථාවේදී මරණ දඬුවම දිය යුතුද යන කරුණ ගැන සිතීමට යොදවන කාලය වැදගත් දෙයක් ලෙස මට නොපෙනුණු බැවින් මා මේ ගැන අදහස් නොදැක්වූයෙමි. ඒ තක්සේරුවට හේතු වූයේ මගේ තීරණය මත මරණ දඬුවම දීම හෝ නොදීම තීරණය වීමේ ඉඩකඩක් ළඟපාතක නොපෙනුණු බැවිනි. ඇතැම් විට එවැනි අවස්ථාවක් ඉදිරියේදී මට ලැබෙන්නට වුවද පුළුවන (ඡන්දය ප්‍රකාශ කිරීමක් වැනි). නිහඬව සිටීමෙන් මධ්‍යස්ථ මතයක් පිළිබිඹු වන නිසාත්, මේ සම්බන්ධව මගේ මතය එක් අන්තයකට බරව ඇති බව පෙනෙන නිසාත් එය ප්‍රකාශ කිරීමේ වැදගත් කමක් ඇතැයි සිතේ.
මරණ දඬුවම දීමට පක්ෂව ඉදිරිපත් කෙරී තිබුණු ජනප්‍රිය අදහසක් වූයේ මෙවැනි දෙයක් තමන්ට සිදුවුවහොත් කිසිවකු මෙසේ නොකියනු ඇති බවයි. මගේ සමීපතමයෙකුට මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කළ තැනැත්තාව "කෑලි කෑලි වලට කැපීමෙන්" මට සිදු වූ පාඩුව කිසිසේත්ම සමනය වන්නේ නැත. එහෙත්, එවැනි අවස්ථාවක එසේ ක්‍රියා කිරීමට මා වුවද නොපෙළඹෙනු ඇතැයි මට සහතික විය නොහැකිය. නොදන්නා මඟුල් ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මෙහිදී සිදුවන්නේ අපේ ආවේග මඟින් අපව පෙළඹවීමයි. මෙවැනි පළිගැනීමකට යොමුවන අයෙකු පසුකාලීනව ඒ ගැන පසුතැවීමටද ලොකු ඉඩක් තිබේ.
මරණ දඬුවම නොදිය යුත්තේ ඇයි යන කරුණ ඉහත ප්‍රතිචාරය තුළම තිබේ. තට්ට සෝමේ අහිංසක මගේ සමීපතමයෙකුට දරුණු දෙයක් කරයි. ආවේගයට පත් වන මා තට්ට සෝමේව කෑලි කෑලි වලට කපයි. දැන් මිනීමරුවා මාය. මට මරණ දඬුවම හිමි වේ. එහෙත්, ආවේගයට මිනීමැරුමක් කළත් නිදහස් වී පැමිණියහොත් මා නැවතත් මිනී නොමරනු ඇත.
මා දුටු තවත් අදහසක් වූයේ මරණයට පත් කිරීම ජීවිතාන්තය දක්වා සිර කර තැබීමට වඩා මානුෂික බවයි. තෝරාගැනීමක් ඇත්නම් යමෙකු මේ දෙකෙන් මරණ දඬුවම තෝරා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් බව මගේ අදහසයි.
ඇතැම් අය ආගමික පදනමකින් මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබේ. උදාහරණයක් ලෙස, මේ පිළිබඳව මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ මතය අතුල සිරිවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.
ඇතැම් අය මරණ දඬුවමට එරෙහි වන්නේ කිසියම් වරදකින් නිවැරදිකරුවෙකු පෝරකයට යාමේ ඉඩකඩ ගැන සලකමිනි. මෙයින් අනියමින් අදහස් වන්නේ මිනීමරුවා හරියටම හඳුනාගත හැකිනම් මරා දැමීම සුදුසු බවද? එසේ කිරීමෙන් පොදු සමාජයට මිනීමැරීම් නොකිරීමට බලපෑමක් කෙරේද?
මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුවේද? මෙය දත්ත පරීක්ෂා කිරීමෙන්ම නිගමනය කළ යුතු දෙයකි.
ලෝකයේ රටවල් 141ක මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ (2010 දත්ත අනුව) චීනය, ඉරානය, උතුරු කොරියාව, යේමනය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. විමධ්‍යගත පාලනයක් ඇති ඇමරිකාවේ ප්‍රාන්ත 31ක මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත 19ක එය ක්‍රියාත්මක නොවේ. දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මරණ දඬුවම නැති ප්‍රාන්ත වල මිනීමැරුම් සිදුවීම වඩා අඩු බවයි. ප්‍රගීත් ලියනආරච්චි විසින් මේ දත්ත ඇතුළු වෙනත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති නිසා මා ඒවා නැවතත් එකතු කරන්නේ නැත.
ඇමරිකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක වීම නීතිය තුල ක්‍රමයෙන් ඉවත්වෙමින් යන දෙයකි. මෑතකාලීනව නෙබ්‍රස්කා (2015), මේරිලන්ඩ් (2013), කනෙක්ටිකට් (2012), ඉලිනෝයි (2011), නිවු මෙක්සිකෝ (2009), නිවු ජර්සි (2007), නිවු යෝර්ක් (2007) ආදී ප්‍රාන්ත වල නීතියෙන් මරණ දඬුවම ඉවත් වූ අතර ඉදිරි වසර තුල මේ රැල්ල ඉතිරි ප්‍රාන්ත කරාද පැතිරෙනු ඇත. මා මෙසේ කියන්නේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ඇමරිකානුවන්ගෙන් 88%ක් මරණ දඬුවමින් අපරාධ අඩු නොවන බව විශ්වාස කරන බැවිනි.
නිශ්චිත පිළිතුරක් දීම අපහසු ප්‍රශ්නයක් වන්නේ අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කිරීම සහ සිරගත කොට තබා ගැනීම සඳහා යන වියදම පිලිබඳ ප්‍රශ්නයයි. මෙවැනි දෙයක් සමාජයක් ලෙස පොදුවේ තීරණය කළ යුතු දේශපාලනික කරුණකි. යම් හෙයකින් ඉතා පහසුවෙන් පැතිරෙන, මාරාන්තික රෝගයක් පැතිරුනහොත් මේ රෝගය වැළඳුනු පිරිස් එක් තැනෙක රඳවා තබා ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම හෝ ඉතිරි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් මරා දැමීම විකල්ප දෙකකි.
රෝගයක් පැතිරීම මිනීමැරුමකට වඩා අහඹු දෙයක්යැයි යමෙකුට කිව හැකිය. මිනීමරුවෙකුද එක් ආකාරයක රෝගියෙකි. අනෙක් අතට, මා මිනීමරුවකු නොවන්නේ මා එවැන්නකට පෙළඹෙන අවස්ථාවකට මුහුණ නුදුන් නිසා විය හැකිය. ඕනෑම කෙනෙකු ඇතැම් තත්ත්වයන් යටතේදී පොදු සමාජයට හානිකර පුද්ගලයෙකු බවට පත් විය හැකිය. මේ හානියෙන් පොදු සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මිලක් ගෙවීමට සිදුවේ. එය පොදු සමාජයේ දේශපාලනික තීරණයකි. කෙසේ වුවද, ඒ මිල කැමැත්තෙන්ම ගෙවීමට සුදානම් වීමට සමාජයක් පරිණාමය විය යුතුය. (ඇමරිකාව තුලදීනම් මරණ දඬුවම දීමේ සමස්ත ක්‍රියාවලිය වඩා වියදම් අධික බව පෙන්වා දී තිබේ.)
අජිත් පැරකුම්ගේ වචන වලින් කියවෙන 'පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බව' යන්නට 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇති විට' යන්නද එකතු විය යුතුය. වැඩි යහපත වෙනුවෙන් මිනී මැරීම හැර වෙනත් විකල්පයක් නැති අවස්ථා තිබිය හැකිය. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ යහපතකි. මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි අයහපතක් නැත. එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.
ඇතැම් අවස්ථාවලදී ජීවිත බේරාගැනීම සඳහා වෙනත් ජීවිත විනාශ කිරීම හැර විකල්පයක් නැති විය හැකිය. මෙවැනි අවස්ථාවක කළ හැකි හොඳම දෙය සෑම ජීවිතයක්ම එක සේ වටිනා ලෙස සලකා අඩුම හානියක් සිදුවන පරිදි කටයුතු කිරීමයි. යුද අත්දැකීම් ඇති විචාරක විසින්ම පෙන්වා දී ඇති පරිදි මානව හිමිකම් සියල්ල හැමවිටම අකුරටම රකිමින් යුද්ධ කරන්නට නොහැකිය. හොඳම යුද්ධයට වඩා නරකම සාමය හොඳ වන්නේ ඒ නිසාය.
එහෙත්, මරණ දඬුවම වෙනුවටනම් ඉතා පැහැදිලි විකල්පයක් තිබේ.
(ඡායාරූපය: එංගලන්තයේ නොටිංහැම්හි පිහිටි galleries-of-justice කෞතුකාගාරයේ ඇති එල්ලුම්ගසක්. එහි පිවිසෙන අයෙකුට ඩමියක් යොදවා මෙය ක්‍රියාත්මක කරන ආකාරය නැරඹිය හැකිය.)
Sunday, September 13, 2015
සෝවියට් වරුන් විසින් ඝාතනය කෙරුණු සිංහල ලේඛකයෝ
සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම රුසියන් මෙන්ම සෝවියට් පොත් වල සිංහල පරිවර්තන අපට අඩු මිලට ලැබුණේය. මේ පොත් පෞද්ගලිකව මට ලැබුණු වාසියකි. වෙනත් පොතක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදලට මට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගත හැකි විය. මෙය මගේ පොත් රාක්කය පුරවා ගැනීම පහසු කළේය.
සෝවියට් පොත් අඩු මිලට විකිණීමට හැකි වූයේ ඔවුන්ගේ නිෂ්පාදන තාක්ෂනය දියුණු, අඩු වියදම් එකක් වූ නිසාමයැයි මා සිතන්නේ නැත. එය තරමක් දුරට එසේ විය හැකි වුවත් ප්‍රවාහන වියදම්ද සැලකූ පසු මේ පොත් බොහොමයක් වැයකළ පිරිවැයටත් වඩා අඩුවෙන් මිල කෙරී තිබුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එසේනම් මේ වියදම යම් කිසිවෙකු විසින් දැරිය යුතුය.
මා සෝවියට් පොතක් අඩු මිලට ලබා ගන්නා හැම විටකම සිදුවූයේ එහි 'නියම' මිලෙන් කොටසක් වෙනත් අයෙකු විසින් දැරීමයි. මෙහිදී මේ පිරිවැය දැරුවේ සෝවියට් දේශයේ සාමාන්‍ය මහජනතාවයි. මෙහිදී සිදුවුනේ තිලකේ හෝ රසික ඔවුන්ගේ පොතක් මිතුරෙකුට තෑගි කරන විට සිදුවන දෙයට සම්පුර්ණයෙන්ම නොවෙතත් තරමක් සමාන දෙයකි. මේ පොත් අපට ලැබුනේ 'සල්ලි එක්ක'ය.
රසික ඔහුහේ රුපියල් දෙසීයකට මිල කර ඇති පොතක් දන්නා කෙනෙකුට නොමිලේ දෙනවිට මේ දන්නා කෙනා රුපියල් දෙසීය ගෙවා පොත මිල දී ගැනීමත් රසික ඔහුට වෙනම රුපියල් දෙසීයක් දීමත් දෙකම එක වර සිදුවේ. මෙහිදී කාර්යක්ෂමතා හානියක් සිදුවිය හැකිය. රසිකට දෙසීයක පාඩුවක් වෙද්දී දන්නා කෙනාට ලැබෙන වාසිය දෙසීයට අඩු විය හැකිය. දෙසීයේ පොත රසික වෙනත් අයෙකුට තුන්සීයකට විකිණුවහොත්, පොත මිල දී ගන්නා තැනැත්තා එය කරන්නේ ස්වේච්ඡාවෙන්නම් දෙදෙනාටම වෙන්නේ වාසියකි.
'නියම' මිල රුපියල් දහයක් විය යුතු බරීස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්හි සිංහල පරිවර්තනය මා විසින් රුපියල් පහකට මිල දී ගන්නා විට උස්බෙකිස්තානයේ ඉවාන්ලාට සහ සයිබීරියාවේ ඇනාලාට ඉතිරි රුපියල් පහ ගෙවන්නට සිදුවේ. සෝවියට් රාජ්‍යය මඟින් ඉටු කර ඇත්තේ එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය නොවිය හැකි බව මුඛ්‍ය කරුණට අදාල නොවන නිසා අමතක කළහොත් ඔවුන් මේ පිරිවැය කැමැත්තෙන්ම දරන්නේ ඉන්දියානු සාගරය මැද කුඩා දුපතක ජීවත් වන නොදන්නා කොලු ගැටයෙකු මේ පොත කියවනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන නිසාය. රසික දන්නා කෙනෙකුට ඔහුගේ පොතක් තෑගි කරන්නේත් මේ හේතුව නිසාය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්කොට් සහ හෙදර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බණ්ඩාරවෙලදී නොමිලේ බෙදාහරින ආගමික ප්‍රකාශන වල පිරිවැය දරන්නේත්, කොටුව දුම්රියපල ඉදිරිපිට 'කම්කරු පුවත්' විකුණන විකොස පූර්ණකාලිකයෙකු අව්වේ කට්ට කන්නේත්, මා පාතරාසයවත් නොගෙන මේ බ්ලොග් කටුව කොටන්නේත් එකම හේතුවකටය. අපිට අවශ්‍ය දේවල් කියවීමට වෙනත් අයව පෙළඹවීමෙන් අපට සතුටක් ලැබේ.
වෙනත් යමෙකුට කියවීම සඳහා මාව පෙළඹවීමට ඇවැසි වී මගේ වියදමින් කොටසක් එවැනි අයෙකු දරද්දී මගේ කියවීමේ අවශ්‍යතාව ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සමඟ සම්පාත වූ විට මට ලැබෙන්නේ විශාල වාසියකි. රසිකගේ පොත කීයක් හෝ දී කියවීමට බලාගෙන ඉන්නා කෙනෙකුට ඔහුගෙන් පොතක් තෑගී ලැබුණොත් සිදුවන්නේ මෙවැන්නකි. (එතරම් යෝග්‍ය විහිළුවක් නොවුවත්) එවිට සිදුවන්නේ සරසවියේ අවසාන වසරේ සිසුවියකගෙන් වෙලාව ඇසූ විට වෙන දෙයමය. මෙහි ඇති ප්‍රශ්නය අවශ්‍යතා සම්පාත වන බව මෙසේ තහවුරු කර ගත නොහැකි වීමයි. නොමිලේ බෙදන ආගමික ප්‍රචාරක පත්‍රිකා කුණු කූඩ වලට යන්නේ මේ නිසාය.
මගේ ගැටවර වියේදී අඩුමිලට වුවත් මා බොහෝ විට මිලදී ගත්තේ මා කැමති සෝවියට් පොත්ය. එහෙත්, මෙය හැම විටම ඒ අයුරින්ම සිදුවුණේ නැත. මා ප්‍රාග්ධනය පොත නොකියවූයේ ඒ නිසාය. මෙහිදී ඒ වෙනුවෙන් පිරිවැය දැරූ ඉවාන්ගේ සහ ඇනාගේ අරමුණ ඉටු වී නැත.
කෙසේ වුවද සමස්තයක් වශයෙන් සෝවියට් පොත් සහනාධාර වලින් මට මෙන්ම වෙනත් බොහෝ අයට යම් වාසියක් සැලසෙන්නට ඇත. එහෙත්, මෙසේ හොඳ ලෙස පෙනෙන බොහෝ දේ වල වෙනත් පැතිද තිබේ.
වෙනත් පොතක් වෙනුවට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගැනීම මට හොඳ විකල්පයක් විය. එහෙත් මෙසේ සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගන්නා හැම විටකම වෙනත් සිංහල පොතක් මිල දී ගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණේය. ඒ සමඟම පොතක් විකුණාගැනීමේ අවස්ථාව සිංහල ලේඛකයෙකුට නැති වී ගියේය. මේ අයුරින් සෝවියට් පොත් අඩුමිලට දීමෙන් සෝවියට් නොවන පොත් වාරණයක්ද අනියමින් ක්‍රියාත්මක කෙරුණේය.
මේ කාලයේදී විකිණුනු සෝවියට් පොත් ප්‍රමාණය සහ සිංහල පොත් වෙළඳපොලේ ඇති ආකෘතිමය සීමාවන් සැලකූ විට මල්වර වන්නට සිටි සිංහල ලේඛකයින් කොපමණ ප්‍රමාණයක් ලාබෙට විකිණුනු සෝවියට් පොත් වලට යටවී තිඹිරිගෙයිම මියගියේදැයි සොයන්නටනම් කාලය යොදවා පර්යේෂණයක්ම කළ යුතුය.
Labels:
ආර්ථික විද්‍යාව,
සමාජවාදය,
සාහිත්‍යය,
සෝවියට් දේශය
Friday, September 11, 2015
පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?
සිංහල ලේඛකයින් පොත් ලිවීම අධෛර්යය වීමට එක් හේතුවක් වන්නේ පොත් ලිවීමෙන් ලාභයක් නොමැති වීම බවට බොහෝ තැන් වල අදහස් පල වී ඇත. මේ සම්බන්ධ ජනප්‍රිය අදහසක් වන්නේ සිංහල පොත් වෙළඳපලේ ලාභය ගන්නේ අතරමැදි පොත් අලෙවිකරුවන් බවයි.
මේ සම්බන්ධව මටනම් පළමෝත අත්දැකීම් නැත. එහෙත්, කිහිප තැනකින් දැකගත හැකි පරිදි පොතක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල සාමාන්‍යයෙන් බෙදීයන්නේ පහත පරිදිය.
ලේඛකයා 10%
ප්‍රකාශකයා 50%
අතරමැදි අලෙවිකරුවා 40%
මේ විග්‍රහය තුළ පාඨකයා නැත. කෙසේ වුවද, පාඨකයාද මේ සමස්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකි.
පළමුව අපි පොත් ප්‍රකාශනයේදී පොතක් වෙළඳපොලට සැපයීම සඳහා දායක වන පාර්ශ්ව තුනම එක් ඒකකයක් ලෙස සලකමින් මේ තිදෙනාටම ලබා ගත හැකි මුළු මුල්‍ය ලාභය ගැන සලකමු. ගොඩවල් තුනට කුමන අයුරින් හෝ බෙදෙන්නේ මේ ලාභයයි.
සැපයුම් පාර්ශ්වකරුවන්ගේ ශ්‍රමය හා වක්‍ර වියදම් ඉවත් කළත් පොත මුද්‍රණය කිරීමට සෘජුව වැයවෙන කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය බලශක්තිය ආදිය මුද්‍රණය කරන පිටපත් ගණන අනුව වෙනස් වන විචල්‍ය පිරිවැයකි. එක් පොතක් 'නිෂ්පාදනය කිරීම' සඳහා මෙසේ වැයවෙන විචල්‍ය පිරිවැයට වඩා අඩුවෙන් පොතක් විකිණිය නොහැක.
අනෙක් අතට පොතක අවසාන වටිනාකම තීරණය කරන්නේ එය 'පරිභෝජනය කරන' පාඨකයාය. එක් එක් පාඨකයාට එකම පොතේ ඇත්තේ වෙනස් වටිනාකම්ය. මේ වටිනාකම පොතේ මිලට වඩා වැඩිනම් යමෙක් පොතක් මිලදී ගනු ඇත. මේ අනුව, පොතක් විකිණිය හැකි උපරිම මිල ඒ සඳහා කිසියම් පාඨකයෙකු ලබා දෙන වැඩිම වටිනාකමයි.
මේ අනුව පොතක මිල වියයුත්තේ එහි විචල්‍ය නිෂ්පාදන පිරිවැය සහ පාඨකයකුගෙන් ඒ සඳහා ලැබෙන වටිනාකම අතර අගයකි.
තිලකසිතේ මිල ලංකාවේදීනම් රුපියල් 400කි. මේ පොතට මා ලබාදෙන වටිනාකම මෙයට වඩා වැඩිය. මේ පොතම කප්රුකේ විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් 4.73ක මුදලකටය. මෙය රුපියල් 650ක පමණ මුදලකි. තිලකසිත අයිති කර ගැනීම සඳහා මේ මුදල ගෙවීමටද මා සූදානම්ය. එහෙත් මේ පොත අන්තර්ජාලය හරහා ගෙන්වා ගැනීමට යන තැපැල් ගාස්තුව එක් වූ විට පොතේ මිල රුපියල් දෙදහස ඉක්මවයි. මේ මිල මා අධෛර්යය කරවන්නකි.
මා තිලකසිත වැනි සාහිත්‍ය කෘතීන් සඳහා දායක වී නැති නමුත් පොත් දෙකක් සඳහා දායකත්වය සපයා තිබේ. මේ පොත් දෙකෙන් එකකවත් මුද්‍රිත පිටපත් මා සතුව නැත්තේ ඒ පොත් මිල දී ගැනීමට මා වැය කළ යුතු වූ මුදල පොතක මුද්‍රිත පිටපතක් සඳහා මා ලබාදුන් වටිනාකමට වඩා වැඩි වූ නිසාය. එක්තරා ආයතනයක සේවය කරද්දී තවත් ලේඛිකාවන් දෙදෙනෙකු සමඟ ලියා, සෝදුපත් බලා අවසන් කළ මෙයින් එක් පොතක් මුද්‍රණයෙන් පිටවී ඇති බව අහම්බෙන් මා දැනගත්තේ ශ්‍රී ලංකාව හා අදාලව ලියවුනු පොත් පිළිබඳව ඇමරිකානු විශ්ව විද්‍යාලයක පුස්තකාල වෙබ් අඩවියේ අන්තර්ජාල සෙවීමක් කරද්දීය. රුපියල් 300කට මිල කර තිබුණු මේ පොත ඇමරිකානු ඩොලර් තුනකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා තැපැල් ගාස්තු ලෙස තවත් ඩොලර් පහළොවක් ගෙවිය යුතු වීම නිසා ලංකාවෙන්ම පොත ගැනීමට සිතා වැඩේ අතහැරියත් මා ලංකාවට යනවිට එහි එක් පිටපතක් හෝ නොවිකිණී ඉතිරිව තිබුණේ නැත.
තිලකසිතේ විචල්‍ය පිරිවැය රුපියල් 200ක් යැයි අපි සිතමු. රුපියල් 400කට මේ පොත විකිණීමෙන් රුපියල් 200ක ලාභයක් ලැබේ. (ඇත්තටම මෙය නියම 'ආර්ථික' ලාභය නොවේ. අපි දැනට එසේ සිතමු.) පොත් 1000ක් විකිණුවහොත් මුළු ලාභය රුපියල් 200*1000 = 200,000කි.
රුපියල් 400 පොතේ 'නියම' මිලයැයි අපි සිතමු. තිලකසිතට රුපියල් 500ක් ගෙවීමට වුවද කැමති මා වැනි අය සිටිති. එසේනම්, පොතේ මිල ඉහළ නංවා ලාභය වැඩි කර ගත නොහැකිද?
මෙය කළ නොහැක්කේ ලාභය නිෂ්පාදකයාට තනිව තීරණය කළ නොහැකි දෙයක් බැවිනි. තිලකසිතේ වටිනාකම රුපියල් 400ට වැඩියැයි සිතන අය 1000ක් සිටිති. ඒ නිසා ඒ මිලට පිටපත් 1000ක් විකිණිය හැකිය. එහෙත් මේ පාඨකයෝ සියළු දෙනාම පොතේ වටිනාකම රුපියල් 500කට වඩා වැඩියැයි නොසිතති. එසේ සිතන පිරිස 600ක් යැයි සිතමු. දැන් එක් පොතකින් ලාභය රුපියල් 300ක් වුවත් මුළු ලාභය රුපියල් 300*600 = 180,000ක් පමණි. ඒ නිසා පොතේ මිල වැඩිකිරීමෙන් ලාභය වැඩි කරගත නොහැක.
එතකොට අඩුවට දුන්නොත්? පොත රුපියල් 300කට විකිණුවහොත් එක් පොතකින් ලාභය රුපියල් 100ක් පමණි. එහෙත් පොත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත හැකිය. මිල රුපියල් 300ක් දක්වා අඩු කළ විට පොතේ වටිනාකම රුපියල් 300 සිට 400 දක්වා වූ මුදලක් ලෙස සිතන පාඨකයින්ද තිලකසිත මිල දී ගනු ඇත. මේ පිරිස අඩුවශයෙන් 1000ක්නම් මිල අඩුකිරීමෙන් ලාභය වැඩි වේ. එසේ නැත්නම් මිල අඩුකිරීම අවාසිදායකය. පොතේ මිල රුපියල් සියයකින් අඩුකළ විට එය මිල දී ගැනීමට සූදානම් පිරිස දෙගුණයක් වේයැයි සිතීම අපහසුය. ඒ නිසා ලාභය අඩුවනු ඇත.
රුපියලක් වැනි සුළු ගණනකින් මෙසේ මිල වැඩි කළත්, අඩු කළත් ලාභය වැඩි නොවේනම් ඒ මේ පොතේ 'නියම' මිලයි.
මෙතෙක් සරලව කතා කළත් පොතේ 'ලාභය' පාර්ශ්ව තුනක් අතර බෙදේ. මේ මුළු ලාභය තීරණය වන්නේ පොතට වටිනාකමක් දීමට සිටින පාඨකයින් ගණන අනුවය. සිංහල නොදන්නා අයෙකුට සිංහල පොතක වටිනාකමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා සිංහල පොතකට වටිනාකමක් දිය හැකි අය සොයන්නට වෙන්නේ සිංහල කියවන පිරිස් අතරෙනි. මේ අය පොතේ අන්තර්ගතයටද කැමති විය යුතුය.
පොතක අන්තර්ගතය එකම වුවත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොතකට වටිනාකමක් දීමට සූදානම් පිරිස එවැනිම සිංහල පොතකට වටිනාකමක් දෙන පිරිසට වඩා බොහෝ වැඩි නිසා ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ලාභ ලැබීමට වැඩි ඉඩකඩක් ඇත. සිංහල භාෂාවට වඩාත්ම සමාන උතුරු ඉන්දීය බස සේ මා සලකන වංග බසින් ලියවෙන පොත් කියවන්නට සිටින පිරිස සිංහල පාඨක පිරිස මෙන් 13 ගුණයකි. වංග සාහිත්‍යය සිංහල සාහිත්‍යය අභිබවා ඉදිරියට යාමට ප්‍රධානම හේතුව මේ සාධකයයි. පාර්ශ්වකරුවන් අතර කවර ආකාරයෙන් බෙදාගන්නට හෝ සිංහල පොතකින් ලැබෙන්නේ සීමිත ලාභයකි.
පොත් ප්‍රකාශකයෙකු කරන්නේ සාපේක්ෂව සරල නිෂ්පාදන කාර්යයකි. එමෙන්ම, මූලිකවම මුද්‍රණ කරුවෙකු වන 'අත්පිටපත් අමුද්‍රව්‍ය ලෙස ගන්නා මුද්‍රිත පොත් නිෂ්පාදකයෙකුට' කළ හැකි එකම කටයුත්ත පොත් නිෂ්පාදනය නොවේ. පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා වැනි බොහෝ මුද්‍රණ විකල්ප ඔහු සතුය. මුද්‍රණ තාක්ෂනය ඉගෙන ගැනීමට බොහෝ සේ අපහසු තාක්ෂණයක්ද නොවේ. මේ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති අයෙකුට මුද්‍රණ කර්මාන්තයට ඇතුළු වීමට විශාල බාධකයක් නැත. මුද්‍රණ කර්මාන්තයෙන් විශාල ලාභ ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ කර්මාන්තයට අලුතින් එක් වනු ඇත. එසේ එක් නොවන්නේ එවැනි අධික ලාභ මෙහි නොමැති නිසාය. අනෙක් අතට මුද්‍රණකරුවෙකුට කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පාඩුවට පොත් මුද්‍රණය කර දී සතුටක් ලබන්නට තර්කානුකූල හේතුවක්ද නැත. මේ නිසා මගේ අදහස පරිදි ලංකාවේ පොත් ප්‍රකාශකයෙකු ලබන්නේ කර්මාන්තය සඳහා යොදවන සම්පත් වෙනුවෙන් ලැබිය යුතු 'නියම' ලාභයයි.
නලින් සඳහන් කර ඇති පරිදි පොතක මිලෙන් 50%ක් ලබා ගන්නා පොත් ප්‍රකාශකයෙකුගේ මුද්‍රණ වියදම පොතේ මිලෙන් 40%ක් පමණ වේ. මෙය එපමණ වියයුතු බව මගේද අදහසයි. මේ අනුව, රුපියල් 400කට මිල කෙරෙන පොතක විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ප්‍රකාශකයාට රුපියල් 40ක්, එනම් පොතේ මිලෙන් 10%ක්, ඉතිරි වේ. පොත් මුද්‍රණයේදී ප්‍රකාශකයා විශේෂ අවදානමක් නොගනී. බොහෝ විට පොත් මුද්‍රණයට පෙර ප්‍රකාශකයා අත්තිකාරම් මුදලක් ලබා ගනු ඇති බවත්, මුද්‍රිත පොත් බැහැර දීමට පෙර ඉතිරි මුදලද අය කර ගනු ඇති බවත් මගේ උපකල්පනයයි. එසේනම්, මේ රුපියල් 40 ප්‍රකාශකයාගේ ලාභයද?
මෙය ප්‍රකාශකයාගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ලාභයනම් නොවේ.
විචල්‍ය පිරිවැය හැරුණු විට ප්‍රකාශකයා දරන ස්ථිර පිරිවැය තිබේ. මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ කුලිය, විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවිය යුතුය. මුද්‍රණ යන්ත්‍ර ගැනීමේදී බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලිය ගෙවිය යුතුය. මුද්‍රණ කාර්යයට කෙලින්ම සම්බන්ධ නොවන පිළිගැනීමේ නිලධාරිනියන් වැනි අයගේ වේතනද ඇතුළුව සියළු වේතනද ගෙවිය යුතුය. මේ සියළු වියදම් වලට අමතරව ඔහු හෝ ඇය වැය කරන තමන්ගේ ශ්‍රමයේ වටිනාකම සඳහාද කිසිවක් ඉතිරි නොවේනම් මේ බිස්නස් එක කිරීමෙන් වැඩක් නැත. විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ඉතිරිවන රුපියල් 40 ප්‍රමාණවත් වන්නේ යන්තමින් මේ වියදම් පියවා ගැනීමට පමණි. ඉතිරි වන යම් මුදලක් ඇත්නම් ඒ තමන්ගේ ශ්‍රමයේ වටිනාකමයි. මේ අනුව ගිණුම්කරණ ලාභය කෙසේ වෙතත් ප්‍රකාශකයා ආර්ථික ලාභයක් නොලබයි.
තරඟකාරී වෙළඳපොලක ව්‍යාපාරයක් කිරීමෙන් ආර්ථික ලාභයක් ලැබිය නොහැක. ව්‍යාපාරයෙන් අතට කිසිම මුදලක් නොලැබෙන බව එයින් අදහස් නොකෙරේ. මුදලක් ලැබේ. එහෙත් ඒ මුදල දීර්ඝකාලීනව තමන්ට වෙනත් තැනක වැඩකර ලබාගත හැකි වැටුපේත්, ආයෝජනය කර ඇති මුදල වෙනත් තැනක ආයෝජනය කර ලබා ගත හැකි පොලියේත්, ගොඩනැඟිල්ල තමාගේමනම් එය වෙනත් අයෙකුට කුලියට දීමෙන් ලබාගත හැකි කුලියේත් එකතුවට වඩා විශාල ලෙස වෙනස් විය නොහැක.
කෙසේ වුවද, කෙටිකාලීනව යම් කර්මාන්තයකින් මෙවැනි 'සුපිරි' ලාභයක් ලැබීමට බැරිකමක් නැත. මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නැත්නම් සහ වෙනත් කෙනෙකුට ඉගෙන ගත නොහැකි තරමට මෙහි තාක්ෂනය සංකීර්ණ නැත්නම් (සහ වෙනත් එවැනි කරුණු සමහරක් නිසා නොවේනම්) මේ 'සුපිරි' ලාභය දකින වෙනත් අය මේ කර්මාන්තයට ආකර්ශනය වනු ඇත. එවිට තරඟකාරීත්වය වැඩිවී ලාභය අඩුවනු ඇත. අවසානයේදී, මේ කර්මාන්තය අලුතෙන් පිවිසෙන්නෙකුට ආකර්ෂණීය නොවී යනු ඇත.
ඇතැම් කාල වල රැල්ලට සිදු වූ පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ, චීන අවන්හල් සහ කමියුනිකේෂන් ආයෝජනයන් ටික කලකින් නැවතී ගියේ මේ අනුවය.
ප්‍රකාශකයා සුපිරි ලාභයක් නොලබයි. එසේනම් ලේඛකයා?
ලංකාවේ සාමාන්‍යයෙන් ලේඛකයින් ලාභ නොලබන බව පොදු මතයයි. මෙය වැරදි අදහසක් නොවන බවට හොඳම නිදසුන බොහෝ සිංහල ලේඛකයින් වෘත්තීය ලේඛකයින් නොවීමයි.
රසිකගේ සිවු වසරක් මරදානේ පොත අලෙවිකර ඇත්තේ රුපියල් දෙසීයකටය. (මේ ගණන් නිවැරදි නොවූවත් එයින් මා කියන කරුණ වෙනස් වන්නේ නැත.) ඉහත සුත්‍රය අනුව පොතකින් රසිකට රුපියල් 20ක් ලැබේ. පොත් 1000ක් විකිණුවහොත් රුපියල් 20,000කි. මේ රසිකගේ ලාභයද?
මෙය රසික බදු ගෙවීමේදී පෙන්විය යුතු ඔහුගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මේ ඔහුගේ ආර්ථික ලාභය නොවේ. ආර්ථික ලාභය ගණනය කිරීමට මේ ලාභයෙන් ඔහුගේ ආවස්ථික පිරිවැය අඩු කළ යුතුය. මේ පොත ලිවීම සඳහා ගත කළ කාලය වෙනත් වැඩකට යෙදවූවානම් ඔහුට උපයාගත හැකිව තිබුණු වැඩිම මුදල කීයද?
පොත් ලියා, පුත්තු හැදුවාට ගස් හිටවා නැති රසික මේ කාලය ඇපල් ගස් කිහිපයක් හිටවීමට යෙදවූවානම් ඔහුට නොමිලේ ශාරීරික ව්‍යායාම සමඟ ඇපල් විකුණා ගාණක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ගණන රුපියල් 20,000ට වැඩිදැයි මා දන්නේ නැත. මේ කාලය උපදේශන සේවා සැපයීමක් වැනි වෙනත් කටයුත්තකට යෙදවූවානම් ඔහුට ඉහත මුදලට වඩා මුදලක් උපයා ගැනීමට තිබිණි. මෙය රසිකට පමණක් නොව පොත් ලියා ඇති තිලකේ, කුරුටු වැනි වෙනත් අයටත් මේ ආවස්ථික පිරිවැය සහ එයින් වන පාඩුව සලකා වැඩේ අතහැර දමන මාතලන් වැනි අයටත් පොදුය. මේ අනුව, බොහෝ ලේඛකයින් පොත් ලියන්නේ අතින් කයිට් කරගෙනය. ඒ ඇයි?
ලේඛකයෙකු පොත් ලියන්නේ පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය පමණක්ම බලාගෙනනම් ඔහු හෝ ඇය කළ යුත්තේ වැඩිම ඉල්ලුමක් ඇති වර්ගයක පොතක් ලිවීමයි. එසේ කරන ලේඛකයෝද සිටිති. උදාහරණයක් ලෙස 'මල්' පොත් වලට පසුගිය දශක කිහිපයේම හොඳ ඉල්ලුමක් තිබුණේය. මේ පොත් විකිණීමෙන්නම් ලේඛකයින් පාඩුවක් නොලබන්නට ඇත.
කෙසේ වුවද, තිලකේ හෝ රසික ලියා ඇත්තේ මල් පොත් නොවේ. ඒ ඇයි?
මෙතැනදී වෙන්නේ තරමක් සංකීර්ණ දෙයකි. තිලකේ සහ රසික වැනි අය එකවරම නිෂ්පාදකයෝද, පාරිභෝගිකයෝද වෙති. ඔවුහු පොත් විකිණීමෙන් කිසියම් මුදල් ලාභයක් බලාපොරොත්තු වෙති. එමෙන්ම, තමන් කැමති දෙයක් ලිවීමෙන් සහ එය වෙනත් අය කියවනු සහ අගය කරනු දැකීමෙන් ලබන සතුට තුලින් පාරිභෝගිකයෝද වෙති. මෙසේ තමාගේම නිෂ්පාදනයට වටිනාකමක් දෙමින් ඔවුහු එහි 'මිල' ගෙවති. මෙහිදී පොත් ලියා විකිණීමේ සමස්ත ක්‍රියාදාමය තුල ලබන මුල්‍ය පාඩුවට වඩා ඔවුන් පාරිභෝගිකයින් ලෙස ලබන තෘප්තිය ඉහළය. ඔවුන් දන්නා කියන අයට පාඩුපිට පොත් නොමිලේ බෙදන්නේත්, ඒ පොත් නොකියවා පැත්තකට විසි කර තිබෙනු දැක පසුතැවෙන්නේත් ඒ නිසාය. නොකියවන එකා සල්ලි එක්ක දුන්නත් නොකියවන බව කණගාටුවෙන් කියන්නේ ඒ නිසාය.
ඇත්තටම සල්ලි එක්ක පොත් දීමෙන් පොත් නොකියවන අය පොත් කියවීමට පෙළඹවීම බැරි දෙයක් නොවේ. හැබැයි ටිකක් වැඩිපුර දිය යුතුය. කිසියම් පොතක් විභාගයක් සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ විට එය මිලදී ගැනීම මෙන්ම කියවීමද විශාල ලෙස වැඩි වන්නේ ඒ නිසාය. මෙහිදී ලැබෙන මුදල විභාගය සමත් වූ පසු හොඳ රැකියාවක් ලැබීමෙන් ඉහළ යන අනාගත ආදායමයි. විභාග වලට පොත් නිර්දේශකර ගැනීම සඳහා අතයටින් මුදල් මාරු වීමද මෙයට සම්බන්ධ දෙයකි.
මෙසේ තමාගේ සතුට වෙනුවෙන් ලිවීම දුලභ දෙයක් නොවේ. බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ ජෝජ් මැක්ෆ්ලයි විද්‍යා ප්‍රබන්ධ ලියා ඒවා කිසිවෙකුට නොපෙන්වන්නේ ඔහු මෙහිදී පාරිභෝගිකයෙකු පමණක් වන නිසාය. ඔහුට නිෂ්පාදකයෙකුද විය හැකි බව කියාදෙන්නට ඔහුගේ අනාගත පුතු වන මාටිට කාලය හරහා පැමිණීමටම සිදුවන්නේ පාරිභෝගිකයෙකු ලෙස ඔහු ලබන සතුට ඉතා විශාල නිසාය. ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකු වන හඳගම පාඩුවට චිත්‍රපට හදන්නේ මේ නිසාය. බොහෝ දෙනා බ්ලොග් ලියන්න්නේත් මේ නිසාය.
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මූලික උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් කාලය සහ මුදල් යොදවන්නේ අනාගතයේදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් ආයෝජනයක් වශයෙනි. එහෙත්, පශ්චාත් උපාධි තුන හතරක් ඇති කෙනෙකු තවත් එකක් කිරීමෙන් එවැනි වාසියක් නොලැබේ. මෙහිදීද සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම පරිභෝජන භාණ්ඩයක් වීමයි.
අවසාන වශයෙන් සිටින්නේ පොතේ මිලෙන් 40%ක් ඩැහැගන්නා අතරමැදියාය. මේ අතරමැදියා සුපිරි ලාභයක් ලබනවාද?
අතරමැදියන් 'අයුතු' හෝ 'අසාධාරණ' ලාභයක් ලබන්නේය යන්න ජනප්‍රිය අදහසකි. මෙයට එක් හේතුවක් වන්නේ අතරමැදියෙකුගේ 'ලාභය' නිෂ්පාදකයෙකුගේ හෝ පාරිභෝගිකයෙකුගේ ලාභයට වඩා පාරදෘශ්‍ය වීමයි. අතරමැදියාගේ කාර්යය වන්නේම නිෂ්පාදකයකුගෙන් අඩුමිලට ලබා ගන්නා භාණ්ඩයක් වැඩිමිලට විකිණීම නිසා මේ දෙක අතර වෙනස පැහැදිලි වුවත් අතරමැදියෙකුගේ වියදම් ඒ තරමටම පැහැදිලි නැත.
පොත් වෙළඳාමේදී අතරමැදියා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මට ඇත්තේ දළ අදහසක් නිසා පහත ඇතැම් වියදම් අදාළ නැති විය හැකි වුවත් මා සිතන පරිදි ලේඛකයාට සහ ප්‍රකාශකයාට සාපේක්ෂව සාමාන්‍යයෙන් අතරමැදියෙකුගේ වියදම් සකස් වනු ඇත්තේ මෙසේය.
-අතරමැදියෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුදලක් ආයෝජනය කළ යුතුය. රුපියල් 200කට මිල කෙරෙන පොතක් වෙනුවෙන් මේ ආයෝජනය ප්‍රකාශකයාට ගෙවන මුදල රුපියල් 100ක් යැයි සිතමු. පොත විකිණුනොත් ලේඛකයාට රුපියල් 20ක් ගෙවා ඉතිරිය අතරමැදියාට ළඟ තබා ගත හැකිය. නොවිකිණුනොත්? එවිට අතරමැදියාට තමා අපේක්ෂා කළ ලාභය පමණක් නොව ආයෝජනය කළ මුදලද ආපසු නොලැබේ. සාපේක්ෂව, ප්‍රකාශකයාට සහ ලේඛකයාට සාමාන්‍යයෙන් මෙවැනි ආයෝජනය අහිමිවීමේ අවදානමක් නැත.
-භාණ්ඩය විකිණෙන තුරු මෙසේ ආයෝජනය කර ඇති මුදල වියදමකි. ඒ මුදල බැංකු ගිනුමක තබා ගැනීමෙන් ලැබෙන පොලිය අතරමැදියා නැති කර ගනී.
-භාණ්ඩයක් ගබඩා කර තබා ගැනීම වියදම් යන වැඩකි. නොවිකිණෙන පොත් වට්ටම් දී 'කීයකට හෝ' විකුණා දමන්නේ ඒ නිසාය.
-මෙයට අමතරව අතරමැදියා දරන ස්ථිර වියදම් බොහෝය. මෙය ප්‍රකාශකයාගේ වියදම් ගැන කතා කරද්දී විස්තර කළ දේවලට සමානය.
කෙසේ වුවද, මේ සියළු වියදම් පියවා ගැනීමට පොතක මිලෙන් 40%ක් අවශ්‍යද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නොමැති බැවින් ඒ පිළිතුර සොයා ගත යුතු වන්නේ වෙනත් නිරීක්ෂණ තුලිනි.
පොත් වෙළඳාමේ අතරමැදියකු වීමට සුවිශේෂී හැකියාවක් අවශ්‍ය නොවේ. ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් තිබීම ප්‍රමාණවත්ය. එමෙන්ම, එවැනි මුදලක් ඇති අයෙකුට පොත්ම විකුණන්නට අවශ්‍යතාවක් නැත. ගෘහ විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම් වැනි වෙනත් දෙයක්ද විකිණීමට පුළුවන. පොත් වෙළඳාමෙන් සුපිරි ලාභයක් ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට අළුතින් එකතු විය යුතුය. එහෙත්, පොත් වෙළඳාමේ අතරමැදියන් අතර පසුගිය දශක කිහිපය තුළ බිහිවුණු එවැනි 'වීර චරිත' නැත.
පොත් වෙළඳාමෙන් පසුගිය කාලයේදී ව්‍යාපාරික දැවැන්තයින් බිහි වී නැතත්, එවැනිම වෙනත් අංශ වල අතරමැදියන් වූ ව්‍යාපාරික දැවැන්තයින් පසුගිය කාලයේ බිහිවී තිබේ. හොඳම උදාහරණය නිමි ඇඳුම් වෙළඳාමයි.
මැද පෙරදිග සුළු රැකියාවක් කර ඉතිරි කරගන්නා මුදලක් ආයෝජනය කර නුවරඑළිය පොළේ බඩු විකුණන මුබාරක්ට ප්‍රංශ මුළු වලින් එළියට පැමිණ සීමා අතික්‍රමණය කරන්නට පුළුවන. ගෙදර ඉස්තෝප්පුවෙන් එළියට බහින සුමනපාලට සහ ධර්මලතාට ගාලු කොටුවේ බැම්ම උඩින් පියඹා කොළොම්තොට කූඩු හදන්නට පුළුවන. වැල්ලවත්තේ පදික වේදිකා පියමං කර ඩුප්ලිකේෂන් පාර හරහා පැමිණෙන ප්‍රීතිට සහ නීලාට දකුණු ආසියාවේම ලොක්කෙකු වන්නට පුළුවන. මෝටර් රථයේ ඩිකියෙන් එළියට බහින ඔටාරාගේ අයියා ඒ වන විටත් දැවැන්තයෙකු වී සිටීම නිසා ඇගේ කතාව වීර කාව්‍යයක් නොවන්නේ නැත. තිලකවර්ධනලා සහ සුබියාන්ලා ඇතුළු මේ ගොඩට දැමිය හැකි වීරයෝ තවත් බොහෝ සිටිති.
මේ අය මෙසේ ඉහළට මතුවුණේ ඔවුන්ගේ ව්‍යාපාරික දක්ෂතාවය නිසායැයි යමෙකු කිවහොත් එය බොරුවක් නොවේ. ඔවුන් සියළු දෙනාටම 'සුපිරි ලාභ' ඇති තැන අනිත් අයට කලින් අල්ලා ගැනීමේ 'ඉව' තිබුණේය. මේ අය පොත් විකිණීමට නොසිතා ඇඳුම් වැඩේට බහින්නේ ඒ නිසාය. එමෙන්ම, තමන්ගේ පාරිභෝගිකයන් හඳුනාගැනීමේ හැකියාවද මේ අය සතු විය. ප්‍රීති, නීලමනී සහ සුජීව වැල්ලවත්තෙන් ඩුප්ලිකේෂන් පාරට එන විටත් තමන්ගේ පාරිභෝගිකයින්ට ෆිටෝන් කාමරයකින් නිසි ප්‍රයෝජනය පමණක් ගැනීමට ඇති සංයමය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ඔවුන්ට තිබුණේය. එහෙත්, මූලික කරුණනම් නිමි ඇඳුම් වෙළඳාමේ අතරමැදියෙකුට ලබා ගත හැකි 'සුපිරි ලාභ' තිබීමයි. මේ ක්ෂේත්‍රයේ සුපිරි ලාභ තවමත් පිරිහී නොමැති බව මගේ අදහසයි.
පොත් ක්ෂේත්‍රයේනම් මෙවැනි තත්ත්වයක් යාන්තමින්වත් පෙනෙන්නට නැත. ඒ පොත් වෙළඳාමෙන් අතරමැදියා සුපිරි ලාභයක් නොලබන බැවිනි. එසේ වුවද ඔවුන් පාඩුවක්ද නොවිඳ නිසි ලාභයක් ලබති. දිගුකාලීනව ව්‍යාපාරය අත් හැර නොයන්නේ ඒ නිසාය.
සිංහල කියවන්නන්ගේ ප්‍රමාණය විශාල නොවීමේ පාඩුව ප්‍රකාශකයා හෝ අතරමැදියා නොදරන බැවින් අවසාන වශයෙන් එය දරන්නට වෙන්නේ ලේඛකයින්ටය. කෙටිකාලීනව මේ වෙළඳපොළ පුළුල් වන බවක් පෙනෙන්නට නොමැති නිසා මුදල් ලාභයම සලකා 'විකිණෙන පොත්' ලිවීමට නොසිතන ලේඛකයින්ට තවත් කාලයකට මේ කටයුත්තට දායක වීමට සිදුවනු ඇත්තේ මුදල් ලාභ ගැන ලොකු බලාපොරොත්තුවකින් තොරව තමන්ගේම සතුට වෙනුවෙනි.
(මෙයට පෙර මා ලියූ සටහන කිසියම් තාක්ෂණික හේතුවක් නිසා සින්ඩි වල සහ රෝල් වල අප්ඩේට් වුණේ නැත.)
(Photo credit: archives.dailynews.lk)
Labels:
ආර්ථික විද්‍යාව,
සාහිත්‍යය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...