ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහව උපුටා දක්වමින් නිවුයෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇති පරිදි, පසුගිය වසරේ මාර්තු මාසයේදී කෝවිඩ් හේතුවෙන් අමුත්තන් සඳහා වසා දමනු ලැබ තිබුණු කාලය තුළ ලංකාවේ සත්ත්වෝද්‍යාන තුළ සිදුව ඇති උපත් ප්‍රමාණය 25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මීට පෙර ලංකාවේ සත්ත්වෝද්‍යානයකදී පැටවු බිහි නොකළ සත්ත්ව වර්ගද සිටිනවා.
මෙසේ ලංකාවේදී පළමු වරට පැටවු බිහි කර තිබෙන සත්ත්ව වර්ග අතර කළු හංසයෙක්, සුදු මොණරෙක් සහ නිල්ගායෙකු (nilgai) සිටිනවා. මීට අමතරව කළු තාරාවෙකු, සීබ්‍රාවෙකු හා අරාබි ඔරික්සයෙකු (Arabian oryx) විසින්ද පැටවු බිහි කර තිබෙනවා. ඉෂිනි වික්‍රමසිංහව අනුව සතුන්ගේ ආතතිය අඩු වීම දරු උපත් ඉහළ යාමට හේතුවයි.
අමුත්තන් නැති වාතාවරණය තුළ සිංහයින් තමන්ගේ කූඩු තුළ නිදහසේ සැරිසරමින් සම්බන්ධතා ගොඩ නගා ගන්නා බව ඇය තව දුරටත් සඳහන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිංහ පැටවු තිදෙනෙකු බිහි වී තිබෙන අතර දැන් ඔවුන්ගේ වයස මාස හයක්.
මිනිස්සුන්ට වගේම බොහෝ සතුන්ටත් සංස්කෘතික ජිවිතයක් තිබෙනවා. සතුන් වුවත් පෞද්ගලිකත්වයට කැමතියි. මිනිස්සු සහ සතුන් අතර තිබෙන ප්‍රධානම වෙනසක් වන්නේ මිනිස්සුන්ට අනාගතය ගැන වියුක්ත ලෙස හිතා පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට හැකියාවක් තිබීමයි. ශිෂ්ඨාචාරය පිළිබඳ කතාව පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩ නැගීම පිළිබඳ කතාවක්.
@ කතා කතු,
ReplyDeleteමේ බලන්න ඇමරිකානු එක්සත් ජනපදයේ අසීමිත කෑදරකම, බල වියරුව නිසා බලෙන් අල්ලාගත් හවායී දූපත් රාජ්‍යය විනාශ වූ ආකාරය ගැන ඉතාමත් කෙටියෙන්...
https://www.facebook.com/watch/?v=437252910926289
ලංකාවටත් මේ ටික වේවි ද ඉදිරියට? ඇමරිකන් එක්සත් ජනපදය තරම් රටවල් බරපතල ලෙස හප කර වනසා දමන කුරිරු විනාශකාරී අධම තුච්ඡ රටක් නොවුණත් චීනය ගැනත් ලොකුවට විස්වාස කරන්න අමාරුයි නේද?
කතා කතු June 3, 2021 at 12:45 PM
ReplyDeleteඔබ බ්ලොග් ලියන අයෙක් ලෙස ඔබෙන් කුඩා ඉල්ලීමක් කරනවා. දැන් එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයක හැටියට ඔවුන් මුදල් ආයෝජනය කර නිපදවූ නමුත් එක්සත් ජනපදයේ භාවිතා නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අනවශ්‍ය අහක දමන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන විසි පහක් විතර ලබන ජූලි මස මුල වන විට කල් ඉකුත් වී විනාශ වී යාමට නියමිත බැවින් ජුනි මාසය තුල වහාම එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදයේ දේශපාලනික ප්‍රචාරක වැඩක් ලෙස තීරණය කර ඇති නමුත් ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි විය හැකි බවත් ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ලංකාව වෙනුවෙන් ඉල්ලීමක් කරල තියෙනවා කියනවා. හැබැයි මේක කොයි තරම් දුරට සාර්ථක වේවි ද දන්නේ නැහැ.
මෙතන ප්‍රශ්නේ මෙන්න මේකේ තියෙන කාරණා සිංහල බසින් පරිවර්තනය කරලා ලිවීම අවශ්‍යයි, එතකොට යම් තරමකින් හෝ පාඨකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි මේකේ තියෙන බරපතලකම.
The USA has stopped this Astrazeneka jab 2 months ago due to fatal blood clotting cases and severe side effects. Now they are trying to donate them to poor developing world countries. Our health officials should limit this controversial vaccine to be given only for the people who have already received first shot of Astrazeneca and should keep a closer observation for any side effects. Most of the EU countries and even South Africa suspended this bloody vaccine.
Our health officials should expedite administering Cinopharm and Sputnik V as soon as they arrive in the country. These two vaccines are reportedly the best so far and they have the highest efficacy and no side effects.
Israel finds ‘likely’ link between Pfizer Covid-19 vaccine and cases of heart inflammation in young males
https://www.rt.com/news/525451-israel-link-pfizer-heart-inflammation/
ඇස්ට්‍රා සෙනෙකා හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති බව.
සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.
තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළා ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට යවන්න. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බොහොම ස්තුතියි.
//The USA has stopped this Astrazeneka jab 2 months ago due to fatal blood clotting cases and severe side effects.//
Deleteඉහතින් තිබෙන්නේ හිතාමතා සකස් කර ඇති ව්‍යාජ ප්‍රවෘත්තියක්. රුසියන් පුවත් සේවය උපුටා දැක්වීමක් සේ පෙන්වා ඇතත්, අදාළ ප්‍රවෘත්තියේ එවැන්නක් නැති බව ඕනෑම කෙනෙකුට එහි ගොස් පරික්ෂා කළ හැකියි. පැහැදිලි කිරීමට අවස්ථාවක් දීම සඳහා යම් කාලයක් දීමෙන් අනතුරුව, පිළිගත හැකි පැහැදිලි කිරීමක් නැත්නම්, ඉහත ප්‍රතිචාරය ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.
ඉකෝන්,
Deleteරුසියානු පුවත් සේවයේ තියෙන්නෙ ෆයිසර් Pfizer එක ගැන විතරයි. ඔය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේවිකා එක ගැන නැහැ.
ඒ නිසා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ගැන ලියා ඇති කරුණු කාරණා ඉල්ලා අස් කර ගන්න පුළුවන්.
ඒ වෙනුවට මේකෙන් තොරතුරු ලබා ගැනීමට පුළුවන් වේවි. මේකේ මෘදු වශයෙන් මේ ගැන ලියා ඇති අතර ඔබට මේ හරහා යම් කිසි අපහසුතාවක් ඇති වූවානම් ඒ ගැන සමාව ඉල්ලනවා. මේක ලංකාවේ දැනට භාවිතා කර ඇති එකක් නිසා මෙවැනි ප්‍රකාර බරපතළ විය හැකි බැවින් මෙය ඉවත් කිරීම සඳහා මගේ විරුද්ධත්වයක් නෑ.
https://www.heraldscotland.com/news/19310127.us-not-approved-astrazeneca-oxford-covid-vaccine-use-sending-abroad/
මේ තුළින් ඇමරිකානු එක්සත් ජනපදයේ එම වැක්සීන් එක අනුමත වීම ගැන සුළු ගැටලුවක් පවතී යැයි කියන්න පුළුවන්.
නිවැරැදි කිරීමක්,
Deleteඉහත සඳහන් AnonymousJune 4, 2021 at 7:48 AM තුල මා විසින් සඳහන් කළ කරුණු වැරදි බැවින් එය පහත පරිදි වෙනස් කරන්න සිදු වන බව කාරුණිකව දන්වා සිටිමි.
"ඇමරිකානු එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයක හැටියට ඔවුන් මුදල් ආයෝජනය කර නිපදවූ නමුත් එක්සත් ජනපදයේ භාවිතා නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අනවශ්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන විසි පහක් පමණ මේ 2021 ජුනි මාසය තුල එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදයේ දේශපාලනික ප්‍රචාරක වැඩක් ලෙස තීරණය කර ඇති නමුත් ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි විය හැකි බවත් ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ලංකාව වෙනුවෙන් ඉල්ලීමක් කරල තියෙනවා කියනවා. හැබැයි මේක කොයි තරම් දුරට සාර්ථක වේවි ද දන්නේ නැහැ.
Sri Lanka's health officials should limit Oxford AstraZeneca vaccine in my personal opinion, which is to be given only for the people who have already received first dose of Astrazeneca and should keep a closer observation for any side effects in my opinion. As it seems most of the EU countries and even South Africa hadn't use other vaccines instead as I observed.
Our health officials should expedite administering Cinopharm and Sputnik V as soon as they arrive in the country in my opinion. These two vaccines are reportedly the best so far and they have the highest efficacy and no side effects to my limited knowledge about covid vaccination and healthcare.
ඒ වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ බහුලව භාවිතා කරන ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ගැනත් යම් වාර්තා තියෙනවා.
As I observed Israel finds ‘likely’ link between Pfizer Covid-19 vaccine and cases of heart inflammation in young males referred to following news reports;
https://www.sciencemag.org/news/2021/06/israel-reports-link-between-rare-cases-heart-inflammation-and-covid-19-vaccination
https://www.timesofisrael.com/israel-reports-link-between-pfizer-2nd-shot-and-heart-problem-in-males-under-30/
https://www.rt.com/news/525451-israel-link-pfizer-heart-inflammation/
මේ අනුව මට තේරෙන විදිහට නම් කොවිඩ් මර්දනය සඳහා වූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති වීමේ අවදානමක් තිබිය හැකි බව.
මට තේරෙන විදිහට නම් සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.
තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළ බව මතකයි ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට යවන්න.
ඉහත සඳහන් කරුණු සංවාදයට විවෘතයි. සමහර විට මට වරදින්නට පුළුවන්. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බොහොම ස්තුතියි.
//මේ තුළින් ඇමරිකානු එක්සත් ජනපදයේ එම වැක්සීන් එක අනුමත වීම ගැන සුළු ගැටලුවක් පවතී යැයි කියන්න පුළුවන්.//
Deleteපළමුව ඇමරිකාව තුළ කිසිදු කෝවිඩ් එන්නතක් සඳහා පූර්ණ අනුමැතියක් ලැබී නැහැ. දැනට ලබා දෙන එන්නත් තුන සඳහාම ලබා දී තිබෙන්නේ හදිසි අනුමැතියක් පමණයි. දෙවනුව, ඇස්ට්‍රාසෙනිකා එන්නත සඳහා කිසි විටෙකත් ඇමරිකාව තුළ හදිසි අනුමැතියක් හෝ ලැබුණේ නැහැ. එන්නත ලබා දීම නවත්වා ඇති බව ව්‍යාජ ප්‍රවෘත්තියක් වන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත කිසිවිටෙක ඇමරිකාව තුළ (සායනික පර්යේෂණ වල කොටසක් ලෙස මිස) ලබා නොදුන් නිසයි. ඇමරිකන් රජය සතු ඇස්ට්‍රාසෙනිකා එන්නත් වෙනත් රටවලට ලබා දීම ප්‍රශ්නයක් වී තිබෙන්නේද එය තවමත් ඇමරිකාව තුළ අනුමැතිය නොලැබූ එන්නතක් වීමයි. (වෙනත් ප්‍රශ්නද තිබෙනවා).
ධවල මන්දිරයේ නිවේදනය අනුව, පළමු වටයේදී පහත සඳහන් රටවලට එන්නත් ලක්ෂ 70ක් (මිලියන 7ක්) ලබා දීමට නියමිතයි: India, Nepal, Bangladesh, Pakistan, Sri Lanka, Afghanistan, Maldives, Malaysia, Philippines, Vietnam, Indonesia, Thailand, Laos, Papua New Guinea, Taiwan, and the Pacific Islands. ලංකාවට කොපමණ දෙනවද කියන එක හරියටම සඳහන් කර නැහැ.
Deleteමම ඔබට වැදගත්වන යක්ෂයාගේ සැලැස්මක් හෙලිකරන්නම්.
ReplyDeleteජෝ බයිඩන් නාකියා. එයා හෘදයාබාධයකින් මැරෙනවා.
කමලා හැරිස් ජනාධිපති වෙනවා.
එයා කිසිම අත් දැකීමක් නැති කෙනෙක්. ඉතින් ඇය ඇමරිකා ඔරුමත්තුනාඩුව අවුල් ජාලයක් කරනවා.
එතකොට නැවත ට්‍රම්ප් බලය ගන්න උත්සාහ කරනවා.
නාදුනන තුවක්කු කාරයෙක් ඔහුට වෙඩි තියනවා.
ඔහු මාස ගානක් කෝමා තත්වයේ ඉඳලා වෛද්‍යවරු පවා පුදුම කරවමින් සම්පූර්ණ සුවය ලබනවා.
ඉන්පසු එසේ පනලැබූ ශරීරය ජනාධිපති වෙනවා.
හොඳ ස්ක්‍රිප්ට් එකක් ජගත්, ඇත්තටම ඔය කතාව ඇසුරෙන් සිනමා නිර්මාණයක් කළොත් නැගල යන්න පුළුවන් කියලා මට හිතෙනවා.
Deleteදැනට හැත්තෑ නම වන වියට එබී බලන ජෝසප් රොබිනෙට් බයිඩන් ජූනියර් (කණිෂ්ට) උපන්නේ 1942 නොවැම්බර් 20 නිසා ඔහුගේ ආයුෂ ගැන ඔබ සිතන අවදානම් සහගත බවක් නැත්තේම නැහැ කියලයි මගේත් හැඟීම නම්. ඒත් ඇමරිකා එක්සත් ජනපදයේ එඩ්ගා හූවර්ලාගේ කාලේ ඉඳලා පාලනය තනි මිනිහෙක් අතේ නෙවෙයි යම් බලගතු කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන අතර ජනපති යම්තාක් දුරට ෆෙඩරල් ආණ්ඩුවේ පාලනය පිළිබඳ නාමික තනතුරක්. ඔහුට දැවැන්ත කෝපරේෂන් සහ ඒවායේ හිමිකරුවන් වන විශාල ධනවතුන්, ඇමරිකානු සුපිරි ව්‍යුහය සමග ගනුදෙනු කිරීමට වෙන්නේ පරිස්සමින්. නැත්නම් ලින්කන් සහ කෙනඩි සිදුවීම් නැවත වතාවක් වෙනත් මුහුණුවරකින් දකින්නට පවා ඉඩ තියෙනවා සෑහෙන්න දුරට.
ඒ වගේම ජනපති වී මාස පහකට ආසන්න කාලයක් ගත වීමෙන් පසුව මීට දින කිහිපයකට උඩදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තම පළමු අයවැය ප්‍රකාශයට පත් කළේ අයවැය මගින් වෙන් කෙරුණු මුදල ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 6 ක් ලෙස ඇමෙරිකානු ධනවතුන්ගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ යෝජනාවක් ද සහිතවයි. මෙය ට්‍රම්ප් ගේ ලිහිල් බදු අයවැය පිළිවෙත් වලට විරුද්ධයි.
මේ ගැන මාධ්‍ය වාර්තා වල මම දැක්කා 2031 වසර වනවිට එක්සත් ජනපදයේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 117 ක් තෙක් ඉහළ නැංවීම වෙනවා කියලා මේ අයවැය යෝජනා වලින්.
කෙසේ වෙතත් බයිඩන්ට අභියෝගයක් වූයේ නව කොවිඩ්-19 (නවකොරෝනාවෛරස්) වසංගතයයි. තවමත් ලොව වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේත් මරණ වාර්තා වන්නේත් එක්සත් ජනපදයේයි.
කොවිඩ් 19 වසංගතයත් එක්කම අර 2009 ආර්ථික අර්බුදය හමුවේ එක්සත් ජනපද ආර්ථිකය කුජීත වී චීනය, ඉන්දියාව හා ආසියාවේ රටවල් ගොඩක් වේගයෙන් වර්ධනය වූ ආකාරයටම ඇමෙරිකන් ආර්ථිකය ඉතාමත් බරපතල විදිහට අඩපණ වෙන කොට චීනය වේගයෙන් වර්ධනය වී ලෝක ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා සියලු කටයුතු කරගෙන යනවා. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට රටේ ආර්ථිකය යළි පිබිඳීමකට ලක් වී ඇතැයි ජනපති බයිඩන් කයිවාරු ගසන නමුත් බොහෝ මැදහත් විචාරකයෝ මේ ගැන සැක පල කරපු ලිපි දකින්න පුළුවන්.
එක්සත් ජනපදයේ අවුරුදු 12 ට වැඩි සැමට මේ වනවිට එන්නත්දීම සිදුවන අතර එන්නත් ලබාදෙන වැඩසටහන සමගින් වෛරස් ව්‍යාප්තිය පාලනය වී ඇති බව ඇමෙරිකන් එජ වසංගත රෝග මර්දන ඒකකය කියන නමුත් එයද බොහෝ දෙනෙක් පවසන්නේ තාවකාලික පසුබෑමක් විය හැකි බවයි. නමුත් මේවායේ නිසි ප්‍රතිඵල ඉදිරි කාලයේදී අපට දකින්නට පුළුවන් වෙයි. නමුත් බෛඩන් ඇතුළු පිරිස ලෝකයේ ලිබරල්වාදී අදහස් ජනප්‍රිය කිරීමට උත්සහ කරනු ඇති නමුත් එය එතරම් සාර්ථක වන එකක් නෑ නූතන චීනයේ අධික ආර්ථික සහ ගෝලීය දේශපාලනික බලය නිසා.
Dear Eco, Will India be the ultimate winner of the on going us-china trade war?
ReplyDeleteWill US investors opt India for cheap labour amid growing sinophoia in US?
මිනිස් ඇස නැති විටද සසඟෙහි යෙදෙන්නේ තිරිසන් සතුන්
ReplyDeleteකියා හිතෙනව උපත් වැඩිවී තිබෙන හැටි කීවම උඩින්
මිනිස්සුත් දැන් කූඩු වීලා - ඉන්නෙ හැංගිල වගෙ බයෙන්
මොනව වේවිද, කියා බලතැකි වේවිනේ හරි ඉක්මනින්