ආර්ථික විද්‍යාවේ මූලික ගැටලුව වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. ධනවාදී පරමාදර්ශය සහ මාක්ස්වාදී සමාජවාදී පරමාදර්ශය මේ ප්‍රශ්නයට විකල්ප පිළිතුරු දෙකක් සපයනවා. මේ ප්‍රශ්නයට සමාන්තරව පවතින තවත් ප්‍රශ්නයක් වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර බලය බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. මෙය දේශපාලන විද්‍යාවේ මූලික ගැටලුව ලෙස හැඳින්විය හැකියි.
සම්පත් බෙදීමේ ගැටලුව සහ බලය බෙදීමේ ගැටලුව අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙනවා. මේ සම්බන්ධයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ කොහේවත් පරමාදර්ශී ධනවාදයක් බිහි වී නැහැ. යම් හෙයකින් එවැන්නක් බිහි වූයේනම්, මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි, එහි ප්‍රතිවිරෝධතා හේතුවෙන්ම ක්‍රමය කඩා වැටෙන්නට වුවත් යම් ඉඩක් තිබුණා.
ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මෙතෙක් ධනවාදී පරමාදර්ශය වෙත වඩාත්ම කිට්ටු වී තිබෙන්නේ බලය බෙදීමේ ගැටලුවට විසඳුමක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තෝරාගත් රටවල්. එසේ තෝරාගනු ලැබ ක්‍රියාත්මකව ඇති සහ තවමත් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය වුවද කිසි විටෙකත් එහි පරමාදර්ශී ස්වරූපයම නොවුනත්, ප්‍රජාතන්ත්‍රවාදයේ එම අසම්පූර්ණ ස්වරූපය විසින් වුවද පරමාදර්ශී ධනවාදයක නෛසර්ගික ප්‍රතිවිරෝධතා වල නිශේධනීය ප්‍රතිඵල පාලනය කිරීම උදෙසා සාධනීය කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. මේ සන්දර්භය තුළ ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස වැජඹෙනවා.
පරමාදර්ශී ධනවාදයක කාර්යක්ෂමතාවයට හේතු වන්නේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු. ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ගනුදෙනුවේ පාර්ශ්වකරුවන් සමානයින් විය යුතුයි. එහෙත්, ධනවාදය විසින් සම්පත් සමානව බෙදී යාමක් කිසිසේත්ම සහතික නොකරන නිසා ධනවාදය තුළ වැඩි සම්පත් ප්‍රමාණයක් අයිතිකර ගන්නා පිරිස් වෙත වැඩි දේශපාලන බලයක්ද සංකේන්ද්‍රනය වී ධනවාදයේ සම්මත ඔවුන්ගේ වාසියට නිර්මාණය වුවහොත් ගනුදෙනු තවදුරටත් නිදහස් ගනුදෙනු නොවනවාක් මෙන්ම ධනවාදය එහි පරමාදර්ශී තත්ත්වය කරා ප්‍රගමනය වීමද නවතිනවා. මෙය ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතාවක් සේ හඳුනාගත හැකියි.
දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ධනවාදයේ ඉහත ප්‍රතිවිරෝධතාවයට ඉස්මතු වීමට තිබෙන ඉඩකඩ සිමා වෙනවා. ඒ හරහා ධනවාදය ස්වයංක්‍රීය ලෙසම අර්බුදයකට යාම වලක්වනවා. ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස ස්ථාවරව පවතින්නේ මේ හේතුව මතයි. මෙවැනි සමතුලිතතාවයක් තුළ සමාජවාදී පරමාදර්ශයටද යම් ඉඩක් ඉතිරි වෙනවා. එය කොපමණද කියන එක අවශේෂ සාධක මත තීරණය වන දෙයක්.
කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක් හා පරමාදර්ශී නොවූවත් අඩු වශයෙන් ඊට කිට්ටු සමාජවාදයක් කිසි විටෙකත් පැකේජයක් ලෙස ස්ථාවරව පැවතී නැහැ. බටහිර රටවල් තුළ දැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයන් පවත්වා ගනිමින් ධනවාදී පරමාදර්ශයෙන් ඈත් විය හැකි, එසේ නැත්නම් සමාජවාදී පරමාදර්ශය කරා යා හැකි, "ස්වභාවික" සීමාවයි. මෙයින් අදහස් වන්නේ මේ සීමාව වෙනස් නොවන ස්ථිර සීමාවක් බව නොවූවත්, එම "ස්වභාවික" සීමාව ධනවාදී පරමාදර්ශයෙන් බොහෝ ඈත් වූ සීමාවක් නෙමෙයි.
මේ සීමාව මාක්ස්වාදය විසින් මුල සිටම හඳුනා ගන්නවා. මාක්ස්වාදය තුළ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම සහ බලහත්කාරය මත රාජ්‍ය බලය පවත්වා ගැනීම විකල්පයක් සේ යෝජනා වී තිබෙන්නේත්, සමාජවාදය වෙත යාමේදී එම විකල්පය හැම විටම ක්‍රියාත්මකව තිබෙන්නේත් ඒ නිසයි. "ස්වභාවික" සීමාව ඉක්මවා සමාජවාදී මාර්ගයේ ගමන් කර ඇති හැම විටකම මුලින්ම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් ආදේශ වීමයි. මේ ඒකාධිපතිත්වය යනු තනි පුද්ගලයෙකු නොවී කුඩා කණ්ඩායමක සාමූහිකත්වය විය හැකි වුවත් එය කිසියම් සමාජයක හැම දෙනාගේම හෝ වැඩි දෙනෙකුගේ කැමැත්තනම් නෙමෙයි. වැඩි දෙනෙකුගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමා ඒකාධිපතිත්වයක් ගොඩ නැගිය යුතු වන්නේ නැහැ.
ප්‍රතිවිරෝධතා ගහණ මාක්ස්වාදයේ අවසන් ඉලක්කය තුළ රජය අහෝසි වී යනවා. එහෙත්, රජය අවසන් කිරීමේ මාර්ගය වැටී තිබෙන්නේ සමස්ත දේශපාලන බලය මෙන්ම සම්පත් බෙදා හැරීමේ අයිතියද රජය වෙත සංකේන්ද්‍රණය කිරීම හරහා. අපූරුම කරුණක් වන්නේ කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස මාක්ස්වාදය විසින් යෝජනා කරන නිර්ධන පංති ආඥාදායකත්වය තුළ ඉලක්ක කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම වීමයි. සැබෑ ලෝකය තුළ මෙය සිදුව ඇති ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ.
මෙතෙක් පැවති සමාජවාදී සේ හඳුනාගත හැකි කිසිදු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී නැහැ. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ මිනිස් නිදහසෙහි මූලික අංග පවා අහිමිව යාමයි. පරිකල්පනීය අදහසක් ලෙස හෝ ඒකාධිපති සමාජවාදී ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගෙන්නට ඉඩක් තිබේද?
සෛද්ධාන්තික ලෙස ගත්තොත් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් තිබෙනවා. බලය තිබෙන පිරිමියෙක් විසින් කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිර කර ගෙන දිගින් දිගටම දූෂණය කළත්, කාලයක් යද්දී ඒ කාන්තාව තමන්ගේ දූෂකයා සමඟ යම් ආකාරයක ආත්මීය බැඳීමක් ඇති කර ගන්නවා. ඒකාධිපති සමාජවාදී සමාජයක් තුළත් මෙවැන්නක් සිදු විය හැකියි.
සමාජවාදී විප්ලවයක් මෙහෙයවන්නේ සමාජයේ බහුතරයකට නොතේරෙන දෙයක් තමන්ට පමණක් තේරෙන බව හිතන සීමිත පිරිසක් විසින්. ඒ අය අතරින් ඇතැම් ගුරුකුල වල අයට අනුව, ඔවුන්ට තේරෙන දෙය අනෙක් අයට නොතේරෙන්නේ වෙනත් අය විසින් නිදහස් අදහස් සේ සලකන අදහස් සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් මිසක් ඔවුන්ගේම අදහස් නොවන නිසා. එහෙත්, මේ සීමිත පිරිසට පමණක් නිදහස් අදහස් තිබෙනවා. ඒ අය පමණක් මඩේ පිපුණු පියුම් සේ සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් වලින් මිදී නිදහස්ව සිතනවා. අනෙක් අයට එසේ කළ නොහැකි නිසා, සමාජයේ ගැලවුම්කරයින් විය හැක්කේ මේ "තෝරාගත් පිරිසටයි". ඒ නිසා, ඔවුන්ගේ ඒකාධිපතිත්වයක් යටතේ අනෙක් අයගේ නිදහස් කැමැත්ත වෙනස් කළ යුතුයි.
කොමියුනිස්ට් ප්‍රකාශනය අනුව සමාජවාදී සමාජයක එක් මූලික අංගයක් වන්නේ සියලුම මාධ්‍ය වල පාලනය රජය යටතේ මධ්‍යගත කිරීමයි. අධ්‍යාපනය ලබා දීමද රජය සතු ඒකාධිකාරයක් විය යුතුයි. මේ ක්‍රමයට කාලයක් යද්දී මිනිසුන්ගේ නිදහස් කැමැත්ත වෙනස් කළ හැකියි. මා මේ ලිපියේ අවධානය යොමු කරන ගුරුකුල වල සමාජවාදීන්ට අනුව, නිදහස් කැමැත්ත කියා කියන්නේ ඇත්තටම නිදහස් කැමැත්තක් නොවන නිසා එසේ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. ඔය වැඩේ කාලයක් තිස්සේ කරගෙන යද්දී සෛද්ධාන්තිකව රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රජයේ කැමැත්තම වෙන්න පුළුවන්. හරි මාර්ගයට ගන්නම බැරි අය සමහර විට අතුරු දහන් වෙන්න පුළුවන්. එහෙම නැතුව කොහොමද සමාජවාදය පවතිද්දීම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්නේ?
ඒකාධිපති සමාජවාදී සමාජ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගී ඇති ආකාරය ගැන මෙය කියවන කවුරුත් වගේ දන්නවා. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව හරහා නිදහස් කැමැත්ත පාලනය කරන්න කොයි තරම් උත්සාහ කළත් ඒ වැඩේ කිසි විටෙකත්, කවර සමාජයකවත්, දිගුකාලීනව සාර්ථක වී නැහැ.
අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නෙමෙයි. ජානමය වෙනස්කම් ඇතුළු භෞතික වෙනස්කම් පැත්තකින් තිබ්බත්, "මම" කියන පුද්ගලයා බිහි වෙන්නේ කිසියම් සමාජ පසුබිමක. අසූ ගණන් වල ලංකාවේ ඉපදුනු දරුවන් විශාල ප්‍රමාණයක් යුරෝපිය රටවල දරුවන් නැති යුවලවල් වලට අලෙවි කරනු ලැබුවා. පහුගිය කාලයේ මේ ඇතැම් දරුවන් ලොකු මහත් වී තමන්ගේ ජීවවිද්‍යාත්මක දෙමවුපියන් සොයා ආ අවස්ථා ගණනාවක් අපි දැක්කා. මේ අය හිතන ආකාරයත්, ලංකාවේ ජිවත් වූ ඔවුන්ගේ සොයුරු සොයුරියන් හිතන ආකාරයත් සංසන්දය කිරීම හොඳ ස්වභාවික සමාජ පරීක්ෂණයක් (natural experiment) වෙයි.
ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම වගේම එම සමාජ පසුබිමෙහි ඉන් පසුව සිදුවන වෙනස්කම්ද පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත කෙරෙහි බලපානවා. මීට පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් "සිංහලයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ" කියා කතාකතු විසින් ලියා තිබුණා. පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවිකත්වය සේ සැලකුවොත් එම ස්වභාවිකත්වය ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම සමඟ වෙනස් වෙනවා. මේ හේතුව පාදක කර ගනිමින් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවික නොවන සේ සලකා වෙනත් අයෙකුට අවශ්‍ය පරිදි එය වෙනස් කර "ස්වභාවික කිරීම" සාධාරණීකරණය කළ හැකිද?
අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නොවන බවත්, ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම නිදහස් කැමැත්ත කෙරෙහි බලපෑමක් කරන බවත් ඇත්ත. එහෙත්, එකම සමාජ පසුබිමක ඉපදෙන හා ජිවත්වන හැම දෙනෙකුගේම නිදහස් කැමැත්ත හැම විටම සමාන වන්නේ නැහැ. තේරීමක් කිරීමේ නිදහසක් ඇති හැම විටකම අපට පෙනී යන්නේ මිනිසුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වන්නේ එකම සමීකරණයකට අනුව නොවන බවයි. තමන් මඩේ පිපිණු පියුම් බව සිතා සිටින, කොහෙන් හෝ හොයා ගත් "චින්තකයෙක්ගේ" ලියුම් විවෘත නොකරම බෙදන පියුන්ලාටද එසේ සිතන්න හැකි වී තිබෙන්නේ මෙවැනි නිදහස් තේරීමක් මිනිස්සුන්ට තිබෙන නිසයි.
මොන වාදෙකින් වුව බලයට ආ විටදී
ReplyDeleteඑතැනදී විඳින වරදානයෙ රසය වැදී
දිගටම ඒ මිහිර විඳිනට හිත දෙද්දී
කවුරු යයිද දාලා, මිස හිඳිනු රැඳී
මහත්තයා පියුං කෙනෙක්ද?
ReplyDelete"නිදහස් කැමැත්ත" නැතිනම් Free Will කියන දෙය යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ හටගත් මෝඩ සංකල්පයක්.
ReplyDeleteඅපි මත බලෙන් පටවන ලද්දක්...
තමන්ට නිදහස් කැමැත්තක් නැතැයි සිතන අයට අවසානයේදී වෙන්නේ වෙනත් කෙනෙක් විසින් බලෙන් පටවන වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්ත සතුටින් හෝ අසතුටින් භාරගෙන ඒ අනුව කටයුතු කරන්නයි. එවැනි අය මත වෙනත් අයගේ කැමැත්ත පහසුවෙන් බලෙන් පැටවිය හැකියි.
Delete"බෞද්ධයන් අතීතය හා වත්මන් ක්‍රියාවලීන් වල බලපෑම මත වර්තමාන මොහොතේ හැඩගස්වා ඇති අතර, විවිධාකාර ප්‍රතිචාරීය ලූප් තුළ ක්‍රියා කාරී බවක් දැකිය හැකියි. වර්තමාන ක්‍රියා වල අනාගතය පමණක් නොව වර්තමානයද හැඩ ගැස්වීම; එපමණක් නොව, වර්තමාන ක්රියාවන් අතීත ක්‍රියා කාරිත්වයන් විසින් නිර්ණය නොකළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, අතීතය විසින් එහි පරාසය තරමක් අවිනිශ්චිත වුවද, නිදහස් කැමැත්තක් ඇත.
Deleteතානිසාර භික්ෂුව - "කර්ම", Insight Access (Legacy Edition), 2011
මේක වැරදියි.නිදහස් කැමැත්ත(free will) ගැන බුදුන් කතාකරේ නැහැ. උන්වහන්සේ කතාකරලා තියෙන්නෙ ස්කිල්ෆුල් සහ අන්ස්කිල්ෆුල් මීන්ස් ගැන. ෆ්‍රී විල් ගැන කතාකරන්න විල් එක ක්‍රියාත්මක කරන "සත්වයෙක් ඉන්නවා" කියන සංකල්පයට කලින් බහින්න ඕනෙ. බුදුන්වහන්සේ සත්වයෙක් ඉන්නවා නෑ කියන කතාවම අහකට දානවා.ඒ කියන්නෙ ෆ්‍රීවිල් ගැන කල්පනා කිරීම අන්ස්කිල්ෆුල් ක්‍රියාවක්.
//ෆ්‍රී විල් ගැන කතාකරන්න විල් එක ක්‍රියාත්මක කරන "සත්වයෙක් ඉන්නවා" කියන සංකල්පයට කලින් බහින්න ඕනෙ. බුදුන්වහන්සේ සත්වයෙක් ඉන්නවා නෑ කියන කතාවම අහකට දානවා.//
Deleteබුද්ධ ධර්මය අනුව සත්ත්වයෙක් නැත්තේ පරමාර්ථ වශයෙන්. සම්මුති වශයෙන් සත්ත්වයින් ඉන්නවා. සම්මුති වශයෙන් පවතින සියල්ල නොපවතින සේ සැලකුවහොත් නිදහස් කැමැත්තක් ගැන අප කතා කරන සම්මුති වශයෙන් පවතින ලෝකයම අහෝසි වෙලා යනවා. අප ධනවාදය හා සමාජවාදය ගැන කතා කරන්නේ බුද්ධ ධර්මය අනුව සම්මුති වශයෙන් පවතින ලෝකය තුළ සිටයි. ඒ ලෝකයම මායාවක් සේ සලකා අත හැරිය හැකි කෙනෙකුට ධනවාදය හෝ සමාජවාදය විසින් ඉලක්ක කරන ලෝකය වඩා යහපත් තැනක් කිරීමම තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. එම ඉලක්කය මත සමාජය වෙනස් කිරීමත් තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. එහෙත් අඩු වශයෙන් බුද්ධ ධර්මය තුළ හෝ සියල්ලන්ටම එවැන්නක් නිර්දේශ කරන්නේ නැහැ.
බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑමට පෙර ආනන්ද හාමුදුරුවන්ට ඒ බව දැනුම් දෙමින් තමන්ට අවශ්‍යනම් තවත් සැලකිය යුතු කාලයක් ජිවත් වීමට හැකි බව සඳහන් කරනවා. එහෙත් ආනන්ද හාමුදුරුවෝ තවත් කාලයක් ජිවත් වන සේ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නැහැ. මෙහිදී අභිමත පරිදි තවත් කාලයක් ජිවත් වන්නේ හෝ නොවන්නේ සම්මුති වශයෙන් මිනිසෙකු ලෙස ජිවත් වන බුදු හාමුදුරුවෝ. ඒ වගේම බුදු වීමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය වෙනත් අයට දේශනා කිරීම ගැන බුදු හාමුදුරුවන්ට දෙගිඩියාවක් ඇති වෙනවා. එහෙත් පසුව පස්වග මහණුන්ට ධර්මය දේශනා කරන්න තීරණය කරනවා. මෙහිදී සිදුවන්නේත් කරුණු සලකා බලා තීරණයක් ගැනීමයි. මේවා සබින් හොසෙන්ෆෙල්ඩර් අර්ථයෙන් නියතිවාදී ලෙස සිදුවන දේ ලෙස කිසි විටෙකත් සලකා නැහැ.
පුබ්බේකථ හේතුවාදය ප්‍රතික්ෂේප කළත් කම්ම නියාමය ප්‍රතික්ෂේප නොකරන බුද්ධ ධර්මය තුළ පුද්ගල කැමැත්ත ගැන සඳහන් තැන් අපමණ තිබෙනවා. මේවා එකින් එක උපුටා දක්වමින් ඉනේසගේ කලින් මිනිහගේ මල්ලිගේ පරම්පරාවේ ගොබිලන් සමඟ බුද්ධ ධර්මය ගැන වාද කිරීම මගේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මා සලකන්නේ නැහැ. එහෙත් නිදහස් කැමැත්ත ගැන මා ලියා ඇති දේ සම්බන්ධව විවේචන ඇත්නම් ඒවා ගැන සංවාද කළ හැකියි.
නෑ ඒක බොරුවක්/වැරදී. වචනමාත්‍ර ලෙස සත්වයා විදිහට භාවිතා කලා.එතන සත්වයෙක් ඉන්නවා කියන්නෙත්නෑ, නෑ කියන්නෙත් නෑ. හුදෙක් ඒ ප්‍රශ්නය
Deleteපැත්තකට දානවා. මොකද ඒ ප්‍රශ්නය අහන්න පදනම් වන යට තියන "වෙමි" (අස්මිමාන) කියන අසම්ප්ශන් එකම වැරදි නිසා. ඉනේසගෙ කලින් මිනිහා කිව්වෙ බුදුන් සත්වයෙක් නෑ කියලා කිව්වා නෙමෙයි. ඒ ප්‍රශ්නය පසෙක තැබලා, යමක් සත්ව පුද්ගල විදිහට ගන්න පුලුවන්ද බලපු එක. එයයි කල නොහැක්කේ.
""බුද්ධ ධර්මය තුළ පුද්ගල කැමැත්ත ගැන සඳහන් තැන් අපමණ තිබෙනවා""
ඒ මහත්තයෝ "චොයිස්" නෙ. Choice වෙනයි free will වෙනයි.
//ඒ මහත්තයෝ "චොයිස්" නෙ. Choice වෙනයි free will වෙනයි.//
DeleteChoice එකක් තියෙන්නේ කාටද?
ප්‍රශ්නෙ වැරදී. "කිම් පච්චය" කියලා අහන්න කියලයි බුදුහාමුදුරුවො කියන්නෙ. චොයිස් එකට හේතු වෙන්නෙ කන්ඩිශන්ඩ් ධම්ම.
Deleteඔයාට ඕක විසඳන්න බෑ මේ කපේට. බුදුන් ෆ්‍රී විල් ගැන කතාකරලා නෑ. බුදුන් ඩිටර්මිනිසම් වත් එහි විරුද්ධාර්ථයවත් තහවුරු කරලා ප්‍රකාශ කරලා නෑ. බුදුදහම සාපේක්ෂක-ප්‍රායෝගික ධර්මයක්.
ඔබතුමාට පුලුවන්දේ ඉකොනමික්ස් කරන්න...
//මොකද ඒ ප්‍රශ්නය අහන්න පදනම් වන යට තියන "වෙමි" (අස්මිමාන) කියන අසම්ප්ශන් එකම වැරදි නිසා.//
Deleteමේ කොටස ගැන එකඟයි. නමුත් බුද්ධ ධර්මය අනුවම ගත්තත්, සක්කාය දිට්ඨිය ප්‍රහීන වීමෙන් පසුවත්, රහත් වන තුරුම ඔය උපකල්පනය සමඟ ජිවත් වෙන්න වෙනවා. අස්මිමානය වෙනත් ඕනෑම උපකල්පනයකට යටින් තිබෙන මූලිකම උපකල්පනයයි. මා පවතින්නේම මට අස්මිමානය තිබෙන නිසා. මට සාපේක්ෂව අනෙක් හැම දෙයක්ම පවතින්නේ මා පවතින නිසා. ඒ වගේම මට හමුවන අනෙකුත් හැම මිනිහෙක්ම අස්මිමානය තිබෙන මිනිස්සු. මා ගනුදෙනු කරන්නේ එම මිනිසුන් සමඟ. මා මගේ කැමැත්ත හෝ තේරීම (choice) ක්‍රියාත්මක කරන්නේ අස්මිමානය තිබෙන පුද්ගලයෙකු ලෙසයි. අස්මිමානය අතහැර ඔබ choice කියන එක විස්තර කරන්නේ කොහොමද?
//බුදුන් ඩිටර්මිනිසම් වත් එහි විරුද්ධාර්ථයවත් තහවුරු කරලා ප්‍රකාශ කරලා නෑ. //
Deleteඑහි විරුද්ධාර්ථය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
"රහත් වන තුරුම ඔය උපකල්පනය සමඟ ජිවත් වෙන්න වෙනවා"
Deleteනැහැ වැරදී යි. අපිට ඇසියුම් කරන්න බැරි දෙයක් ඇසියුම් කරලා තියෙන්නෙ ඔය.රහත් හිතක් වැඩකරන හැටි බුදුන් පැහැදිලි කරලා නෑ.අව්‍යාකත හතර මතක් කරගන්න.චොයිස් කියන්නෙ ඔතන සංස්කාර. අවිද්‍යාවයි සංස්කාරයට හේතු.සංස්කාර කියන දේ ෆ්‍රී වත් ෆ්‍රී නැත්තෙවත් නෑ. ඒක ෆ්‍රීද නැද්ද කියලා බුදුන් පැහැදිලි කරන්නෑ. ආන්න ඒකයි ඉකොන් මේ මෙච්චර වෙලා කිව්වෙ. නැති තැනක නැති දෙයක් තියනවා කියලා ගන්න එපා. බුදුහමයි ෆ්‍රී විල් කියන දේ සාකච්චාවෙන මාතෘකාවක් නෙමෙයි.
"එහි විරුද්ධාර්ථය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?"
අප ස්වාධීන ඒජන්ට් කෙනෙක් මෙන් ක්‍රියාකරන බව (ෆ්‍රී විල්). ඒ වෙනුවට ඉකොන්, බුදුන් ඉදිරිපත් කරල තියෙන්නෙ "පටිච්චසමුප්පාදය".
**උඩ රිප්ලයි එක වෙනස් විය යුතුයි**
Deleteචොයිස් කියන්නෙ ඔතන සංස්කාර. අවිද්‍යාවයි සංස්කාරයට හේතු.සංස්කාර කියන දේ ෆ්‍රී වත් ෆ්‍රී නැත්තෙවත් නෑ. ඒක ෆ්‍රීද නැද්ද කියලා බුදුන් පැහැදිලි කරන්නෑ. ආන්න ඒකයි ඉකොන් මේ මෙච්චර වෙලා කිව්වෙ. නැති තැනක නැති දෙයක් තියනවා කියලා ගන්න එපා. බුදුහමයි ෆ්‍රී විල් කියන දේ සාකච්චාවෙන මාතෘකාවක් නෙමෙයි.ඕවා ඔයිට කලින් අපි ගොඩක් සාකාච්ඡා කරපුවා. ඕක විසඳන්න බෑ...
"එහි විරුද්ධාර්ථය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?"
අප ස්වාධීන ඒජන්ට් කෙනෙක් මෙන් ක්‍රියාකරන බව (ෆ්‍රී විල්). ඒ වෙනුවට ඉකොන්, බුදුන් ඉදිරිපත් කරල තියෙන්නෙ "පටිච්චසමුප්පාදය".
දැං කියන්න එපා රහත් වෙනතෙක් අස්මිං මානයෙන් ඉන්නවා කියලා. ඒක වැරදී යි කියලා තමා බුදුන් කිව්වෙ. නැතිව රහත්වෙනතෙක් සත්වයෙක් ඉන්නවා කියලා බුදුන් කිව්වෙ නෑ. ආන්න, ඒ නිසයි බුදුන් ෆ්‍රී විල් ගැන කතාකරලා නැහැ කිව්වෙ. කොතනකවත් සත්වයාට ස්වාධීන තීරණ ගැනීමේ අයිතියක් වත් එහෙම නොවෙන තත්වයක් වත් බුදුන් ප්‍රකාශ කරන්නෑ. නමුත් ගොඩදෙනෙක් බුදූන් කිව්වා කියලා එක එක ස්වමත බුදුන්ගෙ වචනවලට ඔබ්බවනවා. ඔයා කලෙත් ඒක. අර දේවධර්මය ගැන කියපු කෙනාත් කලේ ඒක.
ස්ටික් ටු ඉකොනොමික්ස්. දැට් යු කැන් ඩු. ඇත්තක් නැහැනෙ ඉකොන්, රෙටොරික් සහ නැරේටිව් විතරනෙ තියෙන්නෙ.
//බුද්ධ ධර්මය ගැන වාද කිරීම මගේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මා සලකන්නේ නැහැ.//
Deleteඉකෝන් දකුණු ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ඇමරිකානු සහය ඇතුව එක්සත් ජනපදයේ නිෂ්පාදිත ප්‍රෙඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි. මෙම ඩ්‍රෝන යානා තම ජාතික ආරක්ෂක බුද්ධි මෙහෙයුම් සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට මෙන්ම ඉන්දීය නාවික හමුදාවට උපකාර වනු ඇති බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.
ReplyDeleteමේ ගැන ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා ඇත්තේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාර කරනු ඇති බවයි.
වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට ලංකාව මේ වන විට අසල්වැසි චීනය සහ පාකිස්තානය යන ඉන්දීය රජයේ ජන්මාන්තර සතුරන් සමග පවතින දැඩි සමීප තත්ත්වයන් ඉහළ යෑම හේතුවෙන් සිය ගොඩබිම් හා මුහුදු ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාව ඇමරිකානු එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන ගණනක් විතර වටිනා ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ (San Dieago) පරමාණුක ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන MQ-9B ප්‍රඩේටර් ඩ්‍රෝන යානයකට පැය 48ක පමණ කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි අතර කිලෝග්‍රෑම් 1,700ක බරක් රැගෙන යා හැකියි.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඊයේ (ජූනි 21 දා) පස්වරුවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වෙත හදිසි දුරකථන ඇමැතුමක් ලබාදී ඇති අතර පැය භාගයක් පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී ලංකාවේ ප්‍රතිපත්ති සහ ඉන්දියානු ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අතිශය වැදගත් කාරණා කීපයක්ම සාකච්ඡා කළ බව දෙරටේ විදේශ අමාත්‍යාංශ නිල වාර්තා පවා සඳහන් කරා. ඉන්දියාවේ මේ ප්‍රශ්න නිසා ලංකාවට කවදාවත් ගොඩ යමක් නැහැ, මතකද ඒ කාලේ 1980 ගණන් වල එවකට ලංකාවේ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමෙරිකා එක්සත් ජනපදයට ලංවුනා කියල 1980 - 85 කාලයේ ඉන්දීය රජයේ බදු මුදලින් බිලියන ගණනක් වියදම් කරලා දමිළ සටන්කාමී තරුණයන් 29,000 යුධ ට්‍රේනින් සහ නවීනතම අවි ආයුධ සහ අරමුදල් දී එහි නායකයන් පිරිසකට ඊශ්‍රායලයේ විශේෂ කමාන්ඩෝ පුහුණුව සහ පලස්තීන PLO එක හරහා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත පුහුණුවක් ද ලබාදී එවකට 13,000 ක් පමණ වූ දෙවන ලෝක යුද්ධ කාලේ යල් පැන ගිය පැරණිම අවි ආයුධ වලින් සන්නද්ධ වී සිටි ලංකාවේ කුඩා හමුදාවට එරෙහිව සටන් ඇවිලවූ හැටි? ඒ වගේම උතුරේ මායිම් ගම්මානවලට පහර දීමට එල් ටී ටී එකට උපදෙස් ලබා දී ඇත්තේ ඉන්දියාවේ රෝ බුද්ධි අංශ බවත් ඒ හරහා දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලද අස්ථාවර කිරීමට ඔවුන් සැලසුම් කළ බව පසුව අනාවරණය වුණා.
ලංකාවේ හමුදාවන් කෙසේ හෝ අවසානයේ තම ශක්තිය වැඩි කරගෙන සටන් කරලා 1987 යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී පරිප්පු දාල කුපාඩි වැඩක් කරා ඔබට මතක ඇති.
ඊට පස්සෙ වූ අවාසනාවන්ත ඉරණම ගැන කෙටි ඉන්දියන් මාධ්‍ය වාර්තාවක් මෙතැනින් බලන්න;
https://youtu.be/ULDYqMRrSxQ
ඇත්තටම අප මේ ගෝලීය භූ දේශපාලනික ගේම් වල බලපෑමට මුහුණ දිය යුත්තේ කෙසේද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? ඇමරිකන් ඇසකින් මේ දෙස බලමින් යම් තරමකින් හෝ අපේ strategy එක විය යුතු මොන වගේ එකක් ද කියලා කියන්න පුළුවන් නේද?
ඉකෝන් ඔබ කෙසේ ද දකින්නේ මේ දවස් වල ලංකාවේ ආර්ථිකය ගැන? ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී ලෙස බිඳ වැටී මේ වනවිට
ReplyDeleteඉතාමත්ම බරපතල ලෙස දැඩි අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව දන්නවා නේද?
මේ ගැන පැහැදිලි කරන ආචාර්ය හර්ෂ ද සිල්වාගේ කෙටි ක්ලිප්;
https://youtu.be/hja9TH0fnxw
https://youtu.be/tvAxC4gxmSY
https://youtu.be/w_lTSsVpCpA
මේ ගැන කෙටි අදහසක් පහත දැක්වෙන ඉතා කෙටි සාකච්ඡාවක තිබෙනවා. මේක ගැන හිතන්නේ මොකද? පුළුවන් නම් පොඩි කාලයක් වැය කොට මෙම කෙටි සාකච්ඡාවම බලලා මේක ගැන පෝස්ට් එකක් දාන්න. කබරරාල කබ්බා කියන්නේ ලෝක හොරෙක් උනත් මම හිතන්නේ මිනිහා මෙතන කෙළින් කතා කරනවා වගේ;
https://fb.watch/6aDbrwlgg6/
ඒ වගේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටී ජනපතිවරයා මට නම් මේ රට ගොඩ දාගන්න බෑ රට පාලනය කිරීමට අමාරුයි මට මේක කරන්න බෑ කියලා දමල ගහල නැගිටලා යාවි ද ඇත්තටම?
මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?
ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ වටිනා දේපල වශයෙන් රටේ විශාල භූමි ප්‍රමාණයක් එම් සී සී ගිවිසුමේ පරිදි ඇමරිකානු එක්සත් ජනපදයට පාවා දී ඇමරිකන් ආධාර විශාල මුදලක් ගෙන ඒමට මැදිහත් වී ඇති බවට පවතින කටකතා ඇත්ත ද?
ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මේ වගේ කතාවක් පවසන්නේ මේක බොහෝ දුරට ඇත්ත වන්නට පුළුවන් මේ රාජපක්ෂ රෙජීමයේ දූෂිත ඉතිහාසය අනුව. මේ ගැන ඔබේ අදහස් පවසන්නේ නම් ඉතාමත් වැදගත්.
ඉකෝන්,
ReplyDeleteඇමරිකානු සහ බටහිර මාධ්‍ය වලින් පහුගිය කාලේ එකසිය ගානට පම්පෝරි ගැසූ ලෝකයේ සාර්ථකම කොරෝනා මර්දන එන්නත් දෙක යැයි මහත් සේ ප්‍රචාරණය කරන ලද ඇමරිකානු එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් – බයෝ එන්ටෙක් සහ මොඩර්නා එන්නත් ලබාගත් 1200 කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් හට බරපතල ලෙස හෘද්‍යාබාධ ඇති වීමත් සමග එම එන්නත් ගන්නා අයට හදවත් ආශ්‍රිත විවිධ රෝග සහ හෘදයාබාධ වැළඳීමේ සැලකිය හැකි තරම් අවදානමක් ඇති බවට ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඇමරිකානු ජඩ මාධ්‍යයක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ම වාර්තා කර තිබෙන එක තරමක් පුදුම දෙයක් නේද?
ඒ වාර්තා අනුව මෙම පිරිස අතර වයස අවුරුදු 30ට අඩු 500 දෙනෙකුද සිටින බවයි සඳහන් වෙන්නේ. එන්නත ලබාගත් පිරිස අතරින් එහි අතුරු ඵලයන් නිසා පීඩාවට පත් පිරිසට වඩා එන්නත ලබා ගැනීම තුළින් වසංගත අවදානමෙන් මිදුණු පිරිස වැඩි බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකා රටතුළ වයස අවුරුදු 12ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා එන්නත් ලබාදීමට අනුමැතිය ලබා දී අවසන්.
මේ වගේ අවදානම් අතුරු ඵලයන් නිසා පීඩාවට පත් බොහෝ දෙනෙකු හෘද්‍ය ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර හෘද්‍යයේ පේශි අශ්‍රිතව ඇතිවෙන ප්‍රදාහය නිසා ඇතිවෙන මයෝකාඩයිටිස් (myocarditis) සහ පෙරිකාර්ඩයිටිස් (pericarditis) වැනි තත්ත්වයන් ඇතිව තිබෙන බව සඳහන් වෙනවා. මෙය බොහෝ විට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව සිදුවන දෙයක් බවට අනාවරණය වී ඇති බවයි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පර්යේෂකයන් පවසා සිටින්නේ.
ඒ අනුව මෙම අවදානම් තත්ත්වය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් තුළින් වැඩි වශයෙන් වාර්තා වෙන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙසේ වාර්තා වූ අතුරු ප්‍රතිඵල අතර බොහෝ දෙනෙක් අතර තෙහෙට්ටුව, පපුවේ වේදනාව සහ හෘද රිද්මයේ ඇති වන කැළඹීම් වැනි රෝග ලක්ෂණ බොහෝ විට දැඩි රෝග ලක්ෂණ නොවන බවත් ඒවා මෘදු වූ බව පර්යේෂකයෝ සඳහන් කර තිබුණා. වයස අවුරුදු 30 ට අඩු එන්නත ලබාගත් 484 දෙනෙකුගෙන් 323 ක් නිශ්චිතවම මෙම රෝගී තත්ත්වයට මුහුණ දී ඇති බවට තහවුරු කරගෙන ඇති අතර ඉතිරි පිරිස පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පර්යේෂකයන් කියා සිටින්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග්හි යූපීඑම්සී ළමා රෝහලේ ළමුන් හදවත් රෝගී තත්ත්වයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය බ්‍රයන් ෆින්ගෝල්ඩ් විසින් ඇමරිකානු නිව්යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සිදුවීම් ඉතා දුර්ලභ, අතිශය දුර්ලභ බවත් ඒවා කෝවිඩ් හා සම්බන්ධ රෝගාබාධ හා මරණ අනුපාතය සමඟ සසඳා බලන විට ඉතාමත් අඩු අගයක් බවයි.
ඇමරිකන් එක්සත් ජනපදය තුළ තිබෙන ෆෙඩරල් සහ වෘත්තීය වෛද්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් පවසන්නේ මයෝකාඩයිටිස් තත්ත්වය තරමක් දුර්ලභ අතුරු ආබාධයක් වන අතර එන්නත ලබා දීමෙන් පසු එය අත්විඳිය හැක්කේ එයින් සුළු පිරිසකට පමණක් යනුවෙනි.
එනමුත් ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය ආයතනය විසින් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි හෘදයාබාධ පිළිබඳව එන්නත් ඇසුරුම්වලට අනතුරු ඇඟවීමක් කරනු ඇති බවට සඳහන් වෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?