නලින් ද සිල්වාගේ කාලය ලිපිය අද පටන් අරගෙන තිබුණේ මේ විදිහටයි.
"ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති."
මේ පාඨයෙන් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ තමන්ගේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියෙවුවානම් නලින් ද සිල්වා සතුටු වන බවයි. නලින් ද සිල්වා වැනි අයෙක් වගේම මා වැනි වෙනත් කෙනෙක් යමක් ලියා පොදු අවකාශයක පළ කරන්නේ කිසියම් පිරිසක් එය කියවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. එය අවිඥානික බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.
මේ වගේ බලාපොරොත්තුවක් ඇති වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. බොහෝ විට මෙවැනි අපේක්ෂාවක පදනම වන්නේ වෙනත් "සාමාන්‍ය දිනක" ලිපිය කියවන පිරිසයි. එය එක්තරා ආකාරයක ඇබ්බැහියක්.
අද මා මේ ලිපිය මේ ආකාරයෙන්ම ලිවීම වගේම ලිපියේ මාතෘකාවද අහම්බයක්. ඒ අහම්බයට එක් හේතුවක් වුනේ නලින් ද සිල්වාගේ ලිපියේ ඉහත කොටසයි. එහෙත්, එය පමණක්ම නොවෙයි. තවත් අහම්බයන් ගණනාවකම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මේ ලිපිය මේ ආකාරයෙන් ලොවට බිහිවීමට හේතුවක්. ඒ අතරින් වඩාත්ම බලපෑමක් කළ අහම්බය ඊයේ ලංකාව පුරා විදුලිය ඇණ හිටීමයි. ඔය වගේ හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා අහම්බයන් ගණනාවක් ලොවට බිහි වෙන්න පුළුවන්.
මේ අර්ථයෙන් ගත් විට අද මා පළ කරන මේ ලිපිය අහම්බයක්ම නෙමෙයි. එය මේ ආකාරයෙන් බිහිවීම සඳහා හේතු වූ නිශ්චිත සාධක ගණනාවක් තිබෙනවා.
ගැඹුරෙන් හිතා බැලුවොත් අද ලිපියේ තේමාව හා කරුණු තෝරා ගැනීම සඳහා හේතු වූ නිශ්චිත සාධක මොනවාද කියා ලැයිස්තුගත කරන්න පුළුවන්. බැලූ බැල්මටම පෙනෙන පරිදි ඒවා අහඹු සිද්ධි. එහෙත්, ඒ එක් එක් සිද්ධිය ගත්තත් ඒවා ඒ විදිහට සිදු වීමට හේතු වූ වෙනත් සිද්ධි හොයාගෙන ලැයිස්තුගත කරන්න පුළුවන් වෙයි.
මේ අර්ථයෙන් ගත්තහම අප මේ ලෝකයට උපදින්නේත් අහම්බෙන් නෙමෙයි. මැරෙන්නෙත් අහම්බෙන් නෙමෙයි. මේ දේවල් සිදු වෙන්න ලෝකය යම් ආකාරයකට සකස් වී තිබිය යුතුයි. අහඹු ලෙස පෙනෙන දේ සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. සිදු වීමටකට එය සිදුවන පසුබිම බලපානවා.
මේ ලිපිය කියවන පාඨකයින් ගණන අහඹු ගණනක් විය හැකි වුවත් ඒ අහඹු ගණන සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණය මත තීරණය වන්නක්. අනෙක් අතට මෙවැනි පසුබිම් සකස් වන්නේ හුදෙකලා සිදුවීම් වලින් ස්වායත්තව නෙමෙයි. අද මා ලියන මේ ලිපියේ තිබෙන කරුණු අනුව මේ ලිපිය කියවන පාඨකයින් ප්‍රමාණය වගේම මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණයද තීරණය වෙනවා.
නලින් ද සිල්වා ලිපි ලියා පළ කරන්නේ ඔහුගේ සතුට වෙනුවෙන් වුවත් එම ලිපි කියවන අය එසේ කරන්නේ ලිපි කියවීමෙන් ඔවුන් සතුටු වන නිසයි. ඒ නිසා, වැඩි දෙනෙක් තමන්ගේ ලිපි කියවීම තුළින් සතුටක් ලබන්නනම් පාඨකයින් සතුටු කිරීම ගැනත් නලින් ද සිල්වාට හිතන්න වෙනවා. හිතාමතා කරන දෙයක් නොවිය හැකි වුවත්, නලින් ද සිල්වා විසින් අවිඥානිකව හෝ මෙය කරනවා. තමන්ගේ පාඨකයින් වෙනදා තරම් සතුටු නොවුනේ ඇයි කියන එක විශ්ලේෂණය කරන්න ඔහු පෙළැඹී තිබෙන්නේ ඒ නිසයි.
අපට අපේ එදිනෙදා ජීවිතය ඇතුළේ වැඩියෙන් සතුටු වෙන්න අවශ්‍යනම්, අසතුටෙන් දුරු වෙන්න අවශ්‍යනම් නිරන්තරයෙන්ම මෙවැනි විශ්ලේෂණ කරන්න වෙනවා. ඒ සඳහා, ආර්ථික විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හදාරා තිබීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. අප එදිනෙදා කරන කියන දේවල් ඇතුළේ කොහොමටත් මේ වගේ විශ්ලේෂණය කිරීම් තිබෙනවා. බොහෝ විට ඒ බව අපිවත් දන්නේ නැහැ. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිසුන්ගේ බාහිර හැසිරීම් අනුසාරයෙන් ඒ හැසිරීම් වලට පාදක වන ක්‍රියාවලිය ආකෘතිගත කිරීමයි.
ඊයේ නලින් ද සිල්වාගේ ලිපිය කියවූ පිරිස අඩු වීමට ඔහු විසින් හඳුනාගෙන තිබෙන සාධක හේතු වූවා වෙන්න පුළුවන්. නමුත්, බොහෝ විට කියවූ පිරිස අඩු වෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ ඊයේ ලංකාව පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමයි. එය අහම්බයක්. එහෙත් මෙවැනි අහම්බයන් සිදුවන පසුබිම අහම්බයක් නෙමෙයි.
වසර කිහිපයකට කලින් මේ ආකාරයේ විදුලි බල පද්ධති බිඳවැටීමක් සිදු වූ අවස්ථාවක ලියූ ලිපියක් පහත තිබෙනවා.
ඇදුරු තුමන්ගේ
ReplyDeleteලිපිය කියෙව්වෙමි
හරිනිට වගේම
ජී ඇල් ට පවා
අමරසූරියට
ඇති නැති නෑකම්
අඩු වැඩි වශයෙන්
කියවා ගත්තෙමි
බලාන ගියාම
නලින් සිල්වටත්
මෙහෙමත් හිතේවි
මොනව උනත් හරි
අපේම එකියක්!
නන්න පොලියා කලේ පන්චේන්ද්‍රියන්ට සහ මනසට ලැබෙන දත්ත අනුව ලෝයක් පනවා ගැනීමයි.
ReplyDeleteලයිට් නැතිබව දන්නවා නම් වෙන ලෝකයක් පනවාගනියි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට අනුව මෙතන වැරැද්දක් වෙලා නෑ.
නන්න පොලියා යන්න ආචාර්‍ය නලින් ද සිල්වාට යෙදූ අන්වර්ථ නාමයක් නම් ඒ ගැන බලවත් අප්‍රසාදය !
Deleteඑය සර්වනාමයක් නම් ගැටළුවක් නැත.
ඒක ප්‍රතිශක්තිකරණයක්. අපේ ජාතික සංකේත, අපි අපි විසින්ම උපහාසයට ලක්කරගත යුතුයි. එතකොට පිටින් එන අයට අපිව රිදවන්න බෑ.
Delete:D
එන්නතක් වැඩි දියුණු කිරීමෙන් පසුව එය එක වර අනුමත නොකරන්නේ එන්නතේ හානිය අදාළ රෝගයේ හානියට වඩා වැඩි නොවිය යුතු බවට වග බලා ගත යුතු නිසා. ප්‍රතිශක්තිය වෙනුවෙන් කියලා කලින්ම ලෙඩේ හදාගන්න එක තේරුමක් නැති දෙයක්. මම හිතන්නේ මෙය සීමාව ඉක්මවා යාමක්. කරුණාකර මීට වඩා සැලකිල්ලෙන් ප්‍රතිචාර දක්වන්න.
Delete//වැඩි දෙනෙක් තමන්ගේ ලිපි කියවීම තුළින් සතුටක් ලබන්නනම් පාඨකයින් සතුටු කිරීම ගැනත් නලින් ද සිල්වාට හිතන්න වෙනවා//
ReplyDeleteඉස්සරනම් කලා මගෙ හිතේ. කාබන් නිර්ණය බටහිර නිසා ඒකටත් දේශීය ක්‍රමයක් ඕනැයි කිව්වහම සෑහෙන්න සතුටු හිතුනයි කියල පුරාවිද්‍යාඥයක් මාත් එක්ක කිව්ව. මොකද ඒගොල්ලන්ට කාලෙකින් හිනා ගිය නිසා.
(සැ. යු. මාත් එක්ක කිව්ව දේ ඔය ලිව්වෙ. අල්ට්‍රා දේසීය ප්‍රේමියො මට බැනල වැඩක් නෑ.)
අතුරලියේ රතන හාමුදුරුවන්ට දරුණු විදියට OCD තියෙනවා.
ReplyDeleteඑයා කතාකරනකොට හැම තිස්සෙම “කරාස්“ගාලා උගුර පාදනවා.
වරායෙ ප්‍රශ්නය ගැන ලිපියක් කෝ
ReplyDeleteඉකොනොමැට්ටා දන්නවද ලංකාවේ වාර්ශික රාජ්‍ය ආදායම 2019 අවුරුද්දේ විතරක් රු.මිලියන 2,344,000 යි. රාජ්‍ය වියදම රු.මිලියන 3,042,000යි. ඒ කියන්නෙ රටේ ආධායම ට වඩා වියදම සරලවම රු.මිලියන 685,000 කින් වැඩියි.
ReplyDeleteදැන් බලමු රාජ්‍ය ආධායම් ලැබෙන මූලාස්‍ර මොනවද කියලා. ඒ තමයි බදු ආධායම සහ බදු නොවන ආධායම. ඉතිං මේ රාජ්‍ය ආධායම රු.මිලියන විසි තුන් ලක්ශ හතලිස් හතරදහසක් වෙනකොට ඒකෙන් බදු ආධායම විතරක් රු.මිලියන 2,077,000ක (විසි ලක්ශ හැත්තෑ හත් දහසක් )මුදලක් ලැබෙන්නෙ බදු ආධායමෙන්. ඒ කියන්නෙ දුප්පත්ම මනුස්සයා ගෙදරට ගේන සීනි ටික, කිරිපිටි පැකට් එකේ ඉඳලා රජයට ගෙවන බදු මුදල් වලින්.
හරියටම කිව්වොත් රටේ ආධායමෙන් 88.6%ක් ලැබෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්.
එහෙම වෙලා තියෙද්දි ඒ රාජ්‍ය වියදමෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නෙ "රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වේතන සහ විශ්‍රාම වැටුප්" ගෙවන්යි. ඒ කියන්නෙ රාජ්‍ය වියදමෙන් 45% කට වඩා ප්‍රමාණයක් වෙන් කරන්නෙ උඩ කියපු රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වේතන හා විශ්‍රාම වැටුප් වලට. මේ ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. 2018 අවුරුද්දෙ විතරක් 43%ක ප්‍රමාණයක තිබ්බෙ. දැනට රටේ ලක්ශ 14කට වඩා රාජ්‍ය සේවකයන් ප්‍රමානයක් ඉන්න වෙලාවක තවත් රාජ්‍ය සේවකයන් 50000ක ප්‍රමාණයක් බඳවා ගනීම දිහා ටිකක් බලමු.
බඳවාගන්න උපාධිදාරීන් රු.20000ක දීමනාවක් මුල් අවුරුද්දෙ විතරක් ලබා දෙනවා. ඒ කියන්නෙ උපාධිදාරීන් 50000කට මාසෙකට රුපියල් කෝටි 100ක් ඒ කියන්නෙ රු.මිලියන 1,000ක් (රු.1,000,000,000) වැය වෙනවා වැටුප් ගෙවන්න විතරක්. ඒ කියන්නෙ අවුරුද්දකට විතරක් රු.කෝටි 1,200ක් ඒ කියන්නෙ රු.මිලියන 12,000(රු 12,000,000,000)
ඒ විදියෙ ගෙවීමක් වෙන්නෙ පලවෙනි අවුරුද්දෙ විතරයි. දෙවෙනි අවුරුද්දෙ සේවය ස්ථිර කිරීමෙන් පස්සෙ රු.40,000ක වැටුපක් ලැබුනොත් මේ වියදම දෙගුණ වෙනවා.
ලංකාව වගෙ රටක ආර්ථිකයට ඇත්තටම මේ වගේ වියදමක් දරන්න පුලුවන්කමක් නෑ. මොකද මේ රටේ නිශ්පාදන ආර්ථිකයක් නෑ. ඕනම දියුණු වෙන රටක ආර්ථිකයෙහි ප්‍රධාන ලක්ශනයක් තමා රටේ රාජ්‍ය අංශය සංකෝචනය වෙන එක. ඒත් ලංකාව වගේ රටක වෙන්නෙ දේශපාලන පොරොන්දු සහ දේශපාලන පත් වීම් නිසා අපි වගේ රටකට දරාගන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් රටේ පැවතීම.
ඊලඟ කාරණාව මේ බඳවාගන්න උපාධිදාරීන්ට මේ තරම් වියදමක් රජයෙන් දරනවනම් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රටට වෙන දායකත්වය මොකක්ද කියන එක. රටේ ආර්ථිකයට හරි රාජ්‍ය අංශයේ කාර්‍යක්ශමතාවය හා ඵලදායිතාව ඉහල යන විදියෙ දායකත්වයක්වත් අවම වශයෙන් ලැබෙනවනම් ඉතිං හොඳයි. ඒත් අපි හැමෝම දන්නවා රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව.
ඉතිං අඩුම තරමේ ආන්ඩුව දැන් කල යුත්තේ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයෙදිවත් මේ කරුනු කාරනා ගැන හිතලා රටේ ආර්ථිකය ගොඩ නංවන්න පුලුවන් විදියෙ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු කිරීමහි. කොටින්ම මේ බඳවාගන්න උපාධිදාරින් වෙනුවෙන් වියදම් කරන මුදල් රජයට ආවර්ණය කරගන්න පුලුවන් වෙන විදියෙ වගේම ඊට එහා ගිය ආර්ථික දායකත්වයක් ඔවුන්ගෙන් ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්, දැනුමෙන් කුසලතා වලින් රටට ලබා ගන්න පුලුවන් ක්‍රමවේදයක් සකස් කිරීමයි.
ඒ වගේම රාජ්‍ය සේවකයින් ලබන පත්වීම රටට බරක් නොවී තම සේවය හරියට ඉටු කරන්න අලුත් අදහස් එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න මේ පත්වීම් ලබන හැමෝම මතක තියාගෙන වැඩ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද අවුරුදු 26ක් 27ක් වෙනකන් නොමිලේ ඉගෙනගත්තු රටක රස්සාවකුත් රජයෙන් දෙන්න ඕනි කියලා නිකන් බලන් ඉන්න උපාධිදාරියෙක් ඇත්තටම උපාධිදාරියෙක්ද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනි කාරනාවක්. මේක කියව්වට පස්සෙ ගොඩක් අයට විවේචන තියේවි. එත් අකමැති සත්‍ය අප තේරුම් ගත යුතුයි
සටහන - ප්‍රණීත් ඉසංක
දත්ත - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථාව 2018,2019
මගේ පුද්ගලික අදහස රජය බැඳිලා නැහැ කිසිම කෙනෙකුට "රස්සා" දෙන්න. රස්සා උත්පාදනයට අවශ්‍ය පහසුකම් සැලකීම පමණය රජයේ වගකීම.
ReplyDeleteමම දැක්කා දැන් අවුරුදු 4කට 5කට කලින් දාපු article එකක්. ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 14 කියලා (මේ ගනන නිවරදි කියලා sure නැහැ විශ්‍රාමික අය සමග මිලියන 2ක් විතර වේවි). නමුත් ලංකාවේ මිලියන 22කට ආසන්න ජනගහනයට සහ මිලියන 15 ආසන්න workforce එකට මේ ගනන බොහොම වැඩි. රාජ්‍ය සේවය උපරිම workforce එකෙන් 5% අඩු තැබීම තමයී අවශ්‍ය.
රජයේ බදු හැරුණාම වෙන ලොකු වට ආදායම් උපයන කිසිම කර්මාන්තයක් නැහැ. ඒ නිසා මාගෙ පුද්ගලික අදහස, රජය පුද්ගලික ව්‍යවසායකයන් හට සුදුසු පරිසරයක් සකසා ඔව්න් නගාසිටුවීමට තුළින් විරැකියාව දුරු කල යුතු බවයි.
නැතුව ප්‍රතිපත්තියක් නැතිව රජයේ රැකියා දිමෙන් ආර්ථිකය තවත් කඩාවැටීමට සිදුවිය හැකි බව ඉතාම පැහැදිලියි. මේක ගැන මොකද හිතන්නේ?
උපාධිදාරීන්ට රජයේ රස්සා දීම. නව පත්වීම් 150,000 ක් දෙනවයි කියන එක, රජයේ රස්සා ඉල්ලලා උපාධිදාරී උද්ඝෝෂණ, ලක්ශ 20 ක් වගේ වෙන්න යන රජයෙන් (විශ්‍රාම)වැටුප් ලබන අති දැවැන්ත රාජ්‍ය පාලනය, දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා වැඩි වැඩියෙන් බලය ඉල්ලන පාලන ක්‍රමය,,,,
ReplyDeleteඉකොනෝ මොකද මේ ගැන හිතන්නේ?
ඉකොනො මේ කතාව ගැන මොකද හිතන්නේ?
ReplyDeletehttps://youtu.be/Xq8H0GHU8AQ
ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයට අයිති සීමාසහිත සමාගමක් කියන්නේ ඇත්තද?
ලයිට් නැතිවීම ගැන ලංකාවේ ෆේස්බුක් විශ්ලේෂකයෝ කියන ඒවා දැක්කම මොනවා ලියන්නද කියල හිතා ගන්න බැහැ .
ReplyDeleteලයිට් නැතිවීම හා ඒ නැවත යථා තත්වෙට ගේන්න කල් යාම තාක්ෂණික දොසක් විය හැකි වුවත් ඉන්පසු එය එක් සේවකයකුගේ හෝ කොටසකගේ වැරැද්දක් ය කියල අඟවන්න මණ්ඩලයේ ඉහල නිලධාරීන් කටයුතු කලා. ආයතනේ සේවක වගකීම වෙනත් ආයතනෙකට නෙමෙ එයාලටම අයිති දෙයක් කියන එක ඒ ලොකු නිළධාරි මහත්වරුන් ට අමතක වෙල තිබුනා. ඇරත් ඉහලම මට්ටමේ ටීම් වර්ක් එක්කින් හැර සාමාන්‍ය සේවක වැරැද්දකින් ජාලයම බිඳ වැටෙනෝ කියන්නෙ ඒක ජාලේ ආරක්ශවට ලොකු තර්ජනයක්..
ReplyDelete