වෙබ් ලිපිනය:

Monday, July 20, 2020

සැමට සුරක්ෂිත අහසක්!


සිවිල් ගුවන් සේවා අධිකාරිය

දැක්ම
සැමට සුරක්ෂිත අහසක් සහතික කරමින් දක්ෂ හා විශ්වාසදායක ගුවන් සේවා ආරක්ෂක නියාමකයෙකු වීම.

මෙහෙවර
උපායමාර්ගික සැලසුම්කරණය සහ ඵලදායී නියාමනයකට පහසුකම් සැලසීම සඳහා, ජාත්‍යන්තර ප්‍රමිති, නිර්දේශිත පිළිවෙත් හා ජාතික ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූල වන ආරක්ෂිත, කාර්යක්ෂම, නිත්‍ය සහ පරිසර හිතකාමී ජාතික සිවිල් ගුවන් සේවා පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

අරමුණු

  • ආරක්ෂාව සහ ආරක්ෂක ඉලක්ක සපුරා ගැනීම හෝ ඉක්මවා යාම.
  • නිසි ලෙස සම්පත් ලබා ගැනීම.
  • වෘත්තීයෙකු වීම හා දක්ෂ වීම.
  • පුළුල් විශ්වසනීයත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා.
  • එහි ජයග්‍රහණ පවත්වා ගැනීමට හෝ වැඩි දියුණු කිරීමට.
  • සිදුකරන සෑම දෙයකම ඉහළම ඵලදායිතාව ළඟා කර ගැනීම.
  • ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පිළිවෙත් සමඟ ඉහළ මට්ටමක අනුකූලතාවයක් පවත්වා ගැනීම.
  • සිවිල් ගුවන් සේවා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ශක්තිමත් පහසුකම් සපයන්නෙකු වීම.

මේ දවස් වල ප්‍රමුඛතාවය 


***
වසර පන් දහසකට පෙර ලෝකයේ ප්‍රථම වරට ගුවන් යානාවක් නිපදවා පියාසර කරවූයේ රාවණා රජු විසින් බව ඉදිරි වසර පහ ඇතුළත තහවුරු කරන බව  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු උප සභාපති ශෂී ධනතුංග විසින් පවසා තිබෙන අතර මේ පුවතට ඉන්දීය මාධ්‍ය තුළ සෑහෙන ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

ලංකාවේ රාවණා පුරාවෘත්තය පිළිබඳව පර්යේෂණ කිරීමේ වැරැද්දක් ඇතැයි මා හිතන්නේ නැහැ. මහින්දාගමනයෙන් හා විජයාගමනයෙන් ඔබ්බට යන ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව ඉතා පැහැදිලි කරුණක්. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකු විසින් මහාචාර්ය රාජ් සෝමදේවයන් සම්බන්ධ කරගෙන නෙත් එෆ්එම් හරහා විකාශනය කරන වැඩ සටහන් මාලාව පරිශීලනය කළ යුතුයි. එහෙත්, එවැනි පර්යේෂණ සිදු කළ යුත්තේ විෂය ප්‍රවීණයින් විසින් අදාළ සන්දර්භය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුවයි. ඒ වගේම, රටේ සැබෑ ඉතිහාසය සොයා යාමේ අවංක අරමුණින් මිස දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නෙමෙයි.  

සිවිල් ගුවන් සේවා අධිකාරිය සතුව ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙවැනි පුළුල් පර්යේෂණයක් කිරීමේ හැකියාවක් තිබේද යන්න සැක සහිතයි. අවශ්‍ය මානව සම්පත් නැතිව, වෙනත් කාර්යයක් සඳහා පිහිටුවා ඇති ආයතනයක් විසින් මෙවැනි කටයුත්තකට අත ගැසීම අනවශ්‍ය මහජන මුදල් නාස්තියක් විය හැකියි. සමහර විට මේ පර්යේෂණය ගුවන් යානා මගින් පුද්ගලයින් පැහැර ගැනීමේ හැකියාව සොයා බැලීම වැනි සාමාන්‍ය ඉතිහාස පර්යේෂකයින්ට කළ නොහැකි සුවිශේෂී එකක්ද දන්නේ නැහැ. 

මුදල් අමාත්‍යාංශය විසින් මෑතකදී නිකුත් කර තිබෙන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව අනුව, ශ්‍රී ලංකා එයාර්ලයින්ස්හි 2018 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 17,214ක්ද, 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 44,023ක්ද, 2020 පළමු මාස හතරේ අලාභය රුපියල් මිලියන 8,916ක්ද වෙනවා. සමස්තයක් ලෙස රජයට අයිති ව්‍යවසායයන් 52ක 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 2,424ක් වූ අතර, 2020 පළමු මාස හතරේදී එම ආයතන සියල්ලේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 30,272ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට එක් හේතුවක් වන්නේ කළ යුතු දේ නොකර වෙනත් දේවල් කරන්න යාමයි.


12 comments:

  1. දනිපනි ගසති - එල්ලෙන්නට වැල් සොයතී
    කොහොමෙන් හරි ජරාවක් කන මඟ හදතී
    රටත් කාල - අපවත් කන්නට බලතී
    බල්ලාගේ කරනා බූරුවො හිඳිතී!

    ReplyDelete
  2. රොබින් හූඩ් ගැන විස්තර එකතු කරපු ෂෙරීෆ්ට වෙච්ච වැඩේ වෙයිද දන්නෑ... :D

    ReplyDelete
    Replies
    1. ශෙරීෆ් නෙමෙයි, ඒක කෙරුවේ රිචඩ් කුමාරයා.

      රිචඩ්කුමාරයා (පසුව රජු) ගොඩක් අමුතු පුරුදු තියෙන කෙනෙක්. එයා සතියකට දෙපාරක්ම නානවා.

      Delete
    2. ඔව් ඔබ හරි.. මට ඒක පස්සෙ තමා හරියටම මතක් වුනේ...

      Delete
  3. තව අවුරුදු 100කින් විතර ඉන්දියාවේ උන් මල්ගුඩිය ගැන හොයන්න පුරා විද්‍යා කැනීම් කරයි.

    ReplyDelete
  4. අහිමි උරුමය
    සොයාගෙන අපි
    රාවණා වෙත
    දිව යනවා

    අපේ කරමත
    තිබෙන ණය දුටු
    රාවණා
    නොපෙනී යනවා

    ReplyDelete
  5. එයාසිලෝන් (පසුව එයාලංකා) ආයතනයේ ලාංඡනය නිර්මාණය කෙරුණේ රාවණාගේ දඬුමොණර යන්ත්‍රය අනුසාරයෙන්. මෙහි ඇත්තේ සාහිත්‍යමය වැදගත් කමක්. ඉහත දැන්වීම අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ ඉල්ලන්නේ ජනප්‍රවාද ඇතුළු සාහිත්‍ය මුලාශ්‍ර බව. මෙහි අවසන් ප්‍රතිඵලය මෙසේ එකතු කර ගන්නා සාහිත්‍ය මුලාශ්‍ර යම්කිසි ගොඩනැගිල්ලක අසුරා සැමට පෙනෙන ලෙස තැබීම විය හැකියි.

    සිවිල් ගුවන් සේවා අධිකාරියට තමන්ගේ profile එක රාවණා යුගය දක්වා ගෙන යාමට අවශ්‍යනම් එහි වරදක් නැති බවයි අපගේ මතය. විශේෂයෙන්ම එහි ඇති ආර්ථිකමය ශක්‍යතාවය සැළකු විට මෙය යහපත් දෙයක්. ගුවන් සේවා අධිකාරියේ ගොඩනැගිලි ආලකමන්දාව සේ හැඩ ගන්වා එහි පිළිගැනීමේ නිලධාරිණියන් සිගිරි අප්සරාවන් ගේ ඇඳුම් පැළඳුම් වලින් සරසා ඉදිරිපත් කළොත් ඒ අවසන් ප්‍රතිඵලය නිශේධනාත්මක ද ?

    ReplyDelete
  6. මහා වංශයේ තියෙන 2500 ඉතිහාස කතාව තුල ඇති අවුල් හදා එය ප්‍රචාරය කිරීම වඩා සුදුසුයි.
    මහා වංශෙ ලිව්වෙත් තෙලිඟු හාමුදුරු කෙනෙක්.එයා රාවනා කතාව ඒකට දැම්මේ නැත්තෙත් ඒක නවකථාවක් විතරක්ම නිසයි.
    අනිත් අතට එය තනිකර හින්දු පොතක්.

    ටික කලක ඉඳන් පැතිරෙන රාවනා පිස්සුව සිංහල විරෝධී කන්ඩායමක ගේමක් විය හැකියි. ගේමක් නොවුනත් ඕක අපිට වැඩක් නෑ.

    ReplyDelete
  7. සිවිල් ගුවන් සේවාව රාවණා ගැන හොයන්න යන නිසා පුරාවිද්‍යා කස්ටියට ගුවන් ගමන් පාලනය බලන්න වෙයි...උන්ට වැඩක් තියෙන්නත් එපෑ.

    ReplyDelete
  8. විනාස කාලේ විපරීත බුද්ධිං කියා කියමනක් තියෙනවා.

    මුං හදන්නේ මිත්‍යාව වපුරා අස්වනු ගැනීමටයි. සල්ලි තියෙන ඉන්දියන් බයියංව ලංකාවට සංචාරකයින් ලෙස ගෙන්වා ගැනීමට ගුවන් සේවා පුළුල් කිරීම ද එක අරමුණක් විය හැකියි.

    හොද්ද බොර වෙනවා නම් ඕනෑම මිත්‍යාවක්.

    ReplyDelete
  9. ඉකොනො, ශ්‍රී ලන්කන් එක 2019 දි ලබපු ශුද්ධ අලාභය මිලියන 44023ක් නම් රජයේ ව්‍යවසායන් 52ක් ලබපු ශුද්ධ අලාභය මිලියන 2424ක් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ ඒකට ශ්‍රී ලංකන් එක ඇතුළත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැම රාජ්‍ය ව්‍යවසායයක්ම පාඩු ලබන්නේ නැහැනේ. ලංකා බැංකුව එහෙම ලාබ ලබනවා. ඒ ලාබ ලබන ආයතන වල ලාබද සැලකීමෙන් පසුව තත්ත්වයද ශුද්ධ අලාභයක්. ඒ ශුද්ධ අලාභය තමයි මිලියන 2424ක් වෙන්නේ. අලාභ පමණක් එකතු කළොත්නම් ඔබ කියනවා වගේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලන්කන් අලාභයට වඩා වැඩි විය යුතුයිනේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...