වෙබ් ලිපිනය:

Monday, March 13, 2017

පාසැල් නොයන ඇමරිකන් දරුවෝ

අධ්‍යාපනය ප්‍රාන්ත විෂයයක් වන ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දෙමවුපියන් විසින් සිය දරුවන්ට නිශ්චිත වසර ගණනක් මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වන අතර පොදු පාසැල් පද්ධතිය හරහා එම අධ්‍යාපනය නොමිලේ ලබා දීමේ අවස්ථාවද ඔවුන්ට තිබේ. එසේ වුවද, පාසැල් වයසේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් පාසැලකට අඩියක්වත් නොතබති.

මේ පිළිබඳ සංගණනයක් අවසන් වරට කළ 2012 වසරේදී, පාසැල් වයසේ දරුවන්ගෙන් 3.4%ක් හෙවත් මිලියන 1.77ක් පාසැල් නොයැවීමට ඔවුන්ගේ දෙමවුපියන් විසින් තීරණය කර තිබුණේය. 2003 වසරේදී මේ ප්‍රමාණය
මිලියන 1.10ක් හෙවත් පාසැල් වයසේ දරුවන්ගෙන් 2.2%ක් පමණක් වූ අතර සංඛ්‍යාලේඛණ මඟින් පෙන්වන්නේ මෙය සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවක් බවයි. මේ වසරේදී මෙම සංගණනය නැවතත් පැවැත්වේ.

දරුවන්ව පාසැල් නොයැවීමට තීරණය කර ඇති දෙමවුපියන්ගෙන් 91%ක්ම එසේ කිරීමට හේතුවක් ලෙස පාසැල් යැවීමෙහි ඇති 'අතුරු ආබාධ' පෙන්වා දී ඇත. වෙනත් සිසුන්ගෙන් සෘණාත්මක ආකල්ප හුරුවීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම හා ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඒ අතර වේ. 74%ක් පොදු හා පෞද්ගලික පාසැල් වල කරන ඉගැන්වීම් ගැන සතුටු නැත. 77%කට සදාචාරය පිළිබඳවත්, 64%කට තමන් අදහන ආගම පිළිබඳවත් දරුවන්ට ඉගැන්වීමට ඇති උවමනාව මෙයට මුල් වේ. 44%ක් මෙය කරන්නේ සිය දරුවන්ට සම්ප්‍රදායික නොවන අධ්‍යපනයක් ලබා දීමේ අරමුණෙනි.

ඇමරිකාවේ දෙමවුපියන් විසින් දරුවන්ට නිශ්චිත වසර ගණනක් අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වුවත්, ඔවුන්ට ඒ සඳහා විකල්ප කිහිපයක් තිබේ. බහුතරය විසින් රජයේ නියාමනයට වැඩිපුර ලක්වන පොදු පාසැල් අධ්‍යපනය සිය දරුවන්ගේ අධ්‍යාපන විකල්පය ලෙස තෝරා ගනිද්දී, තවත් පිරිසකගේ තෝරා ගැනීම වන්නේ පෞද්ගලික පාසැලකි. ඉහත සඳහන් කළ කාණ්ඩයේ දෙමවුපියන් මේ දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමන් විසින්ම භාරගත් අයයි. මේ තෙවන විකල්පය ගෘහ පාසැල් අධ්‍යාපනය (Homeschooling) ලෙස හැඳින්වේ.

ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම හා අදාළ නීතිරීතිද අධ්‍යාපනය හා අදාළ අනෙකුත් නීති හා නියාමන රෙගුලාසි මෙන්ම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ප්‍රාන්ත වල මෙසේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන්ගේ සුදුසුකම්, විෂයමාලා ආදිය සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම, එක් එක් දින ඉගැන්වීම් කටයුතු සිදුකරන කාලවේලාවන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම ආදී කොන්දේසි ගණනාවක් තිබේ. මෙවැනි ප්‍රාන්ත වල දරුවාට නිසි අධ්‍යාපනය ලැබෙන බව තහවුරු කිරීම දෙමවුපියන්ගේ වගකීමකි. තවත් ඇතැම් ප්‍රාන්ත වල දෙමවුපියන්ට මේ කටයුත්තේදී වැඩි නිදහසක් ඇති අතර දරුවාට යම් හෙයකින් නිසි අධ්‍යාපනය නොලැබෙන්නේනම් ඒ බව තහවුරු කිරීම ප්‍රාන්ත බලධාරීන් විසින් කළ යුතු දෙයකි.

දරුවන්ට ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සෑම ආදායම්, ජනවාර්ගික, ප්‍රාදේශීය, අධ්‍යාපනික කණ්ඩායමකටම අයත් දෙමවුපියන් අතර ජනප්‍රිය වුවත් සුදු, ග්‍රාමීය දෙමවුපියන් අතර මෙය වඩා ජනප්‍රියය.

ඇතැම් අය තමන්ගේ විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ කුසලතාවන්ට ගැලපෙන පරිදි වඩා වේගයෙන් ඉගැන්වීම සඳහා මේ ක්‍රමය තෝරා ගනිති. හිතන්නට අමාරු තරමේ අඩු වයසකින් සරසවි පිවිසුම් ලබන දරුවන් ගැන ඉඳහිට අසන්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. තවත් අය මෙය කරන්නේ ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට වඩා හෙමින් අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනු පිණිසය.  


මෙවැනි විශේෂ හේතුවක් නැතිව ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් මා දන්නා දෙමවුපියෝද සිටිති. ඔවුන් කරන්නේ මෙවැනි නිවාස හත අටක දෙමවුපියන් කණ්ඩායමක් ලෙස එකතු වී මේ දෙමවුපියන් විසින්ම සිය දරුවන්ට මූලික විෂයයන් උගන්වන අතර, සංගීතය වැනි විෂයයන් සඳහා මුදල් ගෙවා වෙනත් ගුරුවරයෙකුගේ සේවය ලබා ගැනීමයි.  ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් දෙමවුපියන්ගෙන් හතරෙන් එකක් පමණම දරුවන්ට ඉගැන්වීම පිණිස වෙනත් තැනකින් කිසියම් අධ්‍යාපනයක් ලබති.

ඇමරිකානු පොදු පාසැල් අධ්‍යාපනය සඳහා එක් දරුවෙකු වෙනුවෙන් වසරකට ඩොලර් එකොළොස්දහසක පමණ මුදලක් වැය වුවත් ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවෙකු වෙනුවෙන් වැය වන්නේ ඩොලර් හයසියයක පමණ මුදලකි. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සඳහා විෂය මාලාවන් සකස් කිරීමේදී අඩුවෙන්ම ජනප්‍රිය තේරීම වන්නේ පොදු හෝ පෞද්ගලික පාසැලක විෂය මාලාවක් මත පදනම්ව එය කිරීමයි.

සම්මත පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් පොදු හා පෞද්ගලික දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. එහෙත්, එයට හේතුව ගෘහ පාසැල් අධ්‍යාපනය නොව ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඇති වෙනස්කම් වන්නට පුළුවන. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජයීය කුසලතා වර්ධනය විවාදිත කරුණක්ව පවතී.

21 comments:

  1. "...ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජයීය කුසලතා වර්ධනය විවාදිත කරුණක්ව පවතී...."

    Yeah.. some first shoots their parents and then the regular school attending kids...

    Carolina Boy, 14, Held After Father Is Killed and 3 Are Shot at School

    ReplyDelete
    Replies
    1. හැබැයි ඇනෝ ඔය ජෙසී ඔස්බෝර්න් සිද්ධියෙදීනම් ඔහුට ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගන්න සිදුවී තිබෙන්නේ පෙර වසරේ ආයුධයක් (පොරවක්) පාසැලට ගෙන ගොස් සිදුවුණු සිද්ධියකින් පසුව පාසැලෙන් අස්කිරීම නිසා නේද? ඒ නිසා මෙය ගෘහ පාසැල් අධ්‍යාපනය හේතුවෙන් සිදුවූ දෙයක් ලෙස නිගමනයකට එන්න අමාරුයි. මම හිතන්නේ මෙවැනි සමාජ පරීක්ෂන වල ප්‍රතිඵල ගැන දැඩි නිගමන වලට එන්න තවම අමාරුයි කියලා.

      Delete
    2. Agreed about this incident. But, I was searching for the link for the case several years ago where the teenage kid shot and killed his single-parent mom before going to the neighbourhood school and killing several there. The irony is that the mom taught him to shoot.

      Delete
    3. Ano, I guess you mean the Adam Lanza incidence at Sand Hook Elementary.

      http://nypost.com/2012/12/16/mother-shared-her-gun-obsession-with-school-shooter-adam-lanza/

      Delete
    4. Yes! That is it! Have you written anything about gun control?

      Delete
  2. ඒක මාර සංකල්පයක්නෙ...ඉතින් ඔච්චර හොඳට සිලබස් කවර් කරන්න දෙමාපියන්ට පුළුවන් ද ? එහෙම නැත්නම් හෑම විශයකටම ගුරුවරු ගෙදරට ගෙන්වා ගන්නව ද ?

    සම වයසේ මිතුරු මිතුරියන්ගෙන් ඈත් වෙලා ඒ ළමයි ගෙවනවා ඇත්තේ හුදකලා ජීවිතයක් නේ..

    ඔහෙ, රටේ ජනතාවට බොක්කෙන්ම ආදරය කරන අන්තරයක්, වෛද්‍ය සභාවක් එහෙම නැතුව ඇති මයෙ හිතේ..එහෙම වුනානම් ඔය වගේ බාල වැඩ කරලා ජනතාවගේ ජීවිත අනතුරේ හේලන්න ඒ ගොල්ලෝ ඉඩ දෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. // සිලබස් කවර් කරන්න දෙමාපියන්ට පුළුවන් ද ? //
      එසේ කවර් කළ යුතු නිශ්චිත සිලබස් එකක් හෝ සම්මත පෙළපොත් ඇමරිකාවේ පොදු පාසැල් වලවත් නැහැ. විවිධ මට්ටම් වලදී නියාමනයන්ට ලක්වුනත්, තමන්ගේ විෂය නිර්දේශය තෝරාගැනීමේ නිදහස බොහෝ දුරට ගුරුවරයා සතුයි. මේ ගැන ඉදිරි ලිපියකින් හෝ කිහිපයකින් වැඩිපුර විස්තර කරන්නම්.

      Delete
  3. That's why America has the most creative people. So many options.

    ReplyDelete
    Replies
    1. what's the point. who says immigrants don't contribute? but still it's the system which encourages to be creative. those same immigrants if they stayed in their own country most probably won't do a thing to be counted as an innovation.

      Delete
    2. and reading maths and science has nothing to do with creativity.
      http://martinprosperity.org/media/Global-Creativity-Index-2015.pdf

      Delete
    3. Thanks, both of you, for your opinions and links. I'll share a few things.

      1. US has the highest health expenditure per capita and highest education expenditure per student but ranks behind many OECD countries in health and education related outcomes, which is a concern.

      2. Immigration is a win-win. Both immigrants and the destination country benefits from immigration and in many cases the host country too (Brain gain effect vs brain drain since the opportunity to migrate motivates many people to invest in human capital, but some of them do not migrate).

      3. US system, in general, stimulates entrepreneurship, but not necessarily the public education system which has been criticized by many on that ground.

      4. US education system does not train students to be test-takers as in many other countries that send migrants to the US, but helps them to be problem solvers which is good in my opinion.

      5. There was one study (or an analysis published in a magazine), I can't find now, which analyzed the comparative test scores you have brought in to this discussion. According to that study (or analysis), the average test scores of White American students was way higher than the average test scores in most European countries; Average test scores of Chinese and Indian American students was way higher than the average test scores in China and India respectively; average test scores of Hispanic American students was way higher than the average test scores in most south American countries and the average test scores of African American students was way higher than the average test scores in most African countries, which may suggest that the apparent observation does not necessarily suggest a weakness of the US education system.

      Delete
    4. Thanks and in a nutshell it's a confirmation what I said.
      If anyone takes into account only the science and maths literacy most probably east asian countries would come out on top. But are those countries creative when compared to USA? I guess not. It comes down to several reasons. The system, the culture and religion, how students participate in the class room, confidence and personality of the society as a whole, etc etc. But some of those countries did very well to overcome those reasons and improve the creativity mostly by becoming die hard USA allies and absorbing some parts of the USA system to their own. (JAPAN, S. Korea, Singapore).

      Delete
  4. Ekath maru.mokada ethakota lamayata nidahasa thiyenawa ..ape rate lamayin kama kanneth padam karana gaman ne..

    ReplyDelete
    Replies
    1. ගෘහ පාසැල් අධ්‍යාපනයට යොමුවන දෙමවුපියන් සිතන්නේ එහෙමයි.

      Delete
  5. තම දරුවන්ට නිවසේ උගන්වන්නට තීරණය කරන දෙමව්පියන් හොඳ ඉගෙනීමක් ලැබූ, ඉගැන්වීම ගැන හොඳින් දන්නා අය විය යුතුයි. එවැනි දරුවන් හොඳින් ඉගෙන ගැණීමට ඒ කරුණු හේතු වෙනවා ඇති.

    ප්‍රශ්නය නම්, ඇයි පාසල් අධ්‍යාපනය විතරක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ගෙදරම දෙන්න හැකියි නේ සමහර දෙමව්පියන්ට?

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල අධ්‍යාපනය වැඩිහිටියන්ගේ තීරණයක් ලෙස මිස දෙමවුපියන්ගේ තීරණයක් ලෙස සැලකෙන්නේ නැහැ.

      Delete
  6. දරුවන්ට නිවසේ සිට අධ්‍යාපනය ලබා දීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ රජයේ පාසල්වල ලබාදෙන ලිංගික අධ්‍යාපනය දෙමාපියන්ගේ අභිලාශයන්ට විරුද්ධ වීමයි.
    පාසල් වලින් ලබාදෙන ලිංගික දැනුම බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයට අවශ්‍ය ලෙස සැකසුනු එකක්.

    ReplyDelete
    Replies
    1. සුපිරි ව්‍යුහය කියන්නේ කන්‍යා පටලෙටද?

      Delete
    2. //රජයේ පාසල්වල ලබාදෙන ලිංගික අධ්‍යාපනය දෙමාපියන්ගේ අභිලාශයන්ට විරුද්ධ වීමයි.//
      ඇමරිකාවේ රජයේ (හෝ පෞද්ගලික) පාසැල් වල බලහත්කාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ. දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගෙන කොළයක් අත්සන් කර ගැනීමෙන් පසුවයි එය කරන්නේ. පාසැලේ පාටියකදී මොනවා හෝ කන්න දෙනවනම් වුණත් (පීසා, සීනි සහිත රසකැවිලි ආදිය) ඒ දේවල් සහ ප්‍රමාණ කලින් දැනුම් දී දෙමවුපිය අනුමැතිය ගැනීමෙන් පසුවයි එය කරන්නේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...