Saturday, March 4, 2017
අපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය
ඊයේ අපේ අසල්වාසී නිවාස හිමියන්ගේ සංගමයේ රැස්වීම පැවැත්වුනේය. මේ සංගමය නිවාස ඒකක 82ක් අයත්වන අසල්වාසී සාමූහික (neighborhood) දෙකක එකතුවකි. සාමූහික දෙක වෙන් කරන පාරෙන් උතුරු පැත්තේ ගෙවල් එක් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 56කි. පාරෙන් දකුණු පැත්තේ ගෙවල් තවත් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 26කි.
වෙනවෙනම සංගම් දෙකක් නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නිවාස ගණනක් එක පැත්තකවත් (විශේෂයෙන්ම පාරේ දකුණු පැත්තේ) නොමැති නිසා කොටස් දෙකටම ඇත්තේ එක් නිවාස හිමියන්ගේ සංගමයකි. එහි නිලධාරී මණ්ඩලයටද එක් එක් කොටසේ අවම නියෝජනයන් අවශ්‍යය. ඒ නිසා, තීරණ ගැනීමේදී වැඩි නිවාස ඒකක ගණනක් ඇති උතුරු පැත්තේ අයට සිය 'බහුතර මතය' දකුණු පැත්තේ අය මත පැටවිය නොහැකිය.
ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගමයක් සරල සුබසාධක සංගමයක් පමණක් නොවන අතර නීතිමය බලයක් ඇති ආයතනයකි. සංගමයේ නීති පිළිපැදීමට සියළුම නිවාස හිමියෝ බැඳී සිටිති.
නිවාස හිමියන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ස්වේච්ඡාවෙන් කළ යුතු නිශ්චිත වැඩ කොටසක් තිබේ. මේ අතර, අසල්වාසී සාමූහිකයේ පොදු දේපල (අලංකාරය සඳහා සාදා ඇති කෘතීම පොකුණු දෙක, පාරෙන් ඇතුළුවන තැන් වල ඇති නාමපුවරු ආදිය) නඩත්තු කර අලංකාරව තබාගැනීම, නිවාස හිමියන් සාමූහිකයේ නීති පිළිපදින බවට වගබලාගැනීම හා ඇතැම් දේවල් පරීක්ෂා කර අනුමත කිරීම, පොදු කොටස් වල තණකොළ කැපීම හා හිම ඉවත් කිරීම ආදිය මෙන්ම වසරකට වරක් හෝ කිහිප වරක් නිවාස හිමියන්ගේ අනවශ්‍ය දේවල් අළෙවි කරන ප්‍රජා අලෙවි දින (කමියුනිටි යාඩ් සේල්) හා 'බ්ලොක් පාටි' ආදිය සංවිධානය කිරීම ඇතුළත්ය.
අපේ සංගමයට අයත් වන අසල්වාසී සාමූහික දෙකේ නිවාස හිමියන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවන් දෙක හරියටම සමාන නොවීම නිසා බොහෝ විට සංගමයේ කටයුතු අනවශ්‍ය පරිදි සංකීර්ණ වීම පසුගිය කාලයේ සාකච්ඡා කෙරෙමින් පැවතුණු දෙයකි. මේ නීති මාලාවන්හි නිවාස හිමියන් විසින් කළ යුතු දේ, කළ හැකි දේ, හා නොකළ යුතු දේ වෙනවෙනම පැහැදිලිව දක්වා තිබේ. එමෙන්ම, සංගමය විසින් කරන කටයුතු හා පරිපාලන වියදම් වෙනුවෙන් සියළු නිවාස හිමියන් විසින් වාර්ෂික සාමාජික ගාස්තුවක් අනිවාර්යයෙන්ම සංගමයට ගෙවිය යුතුය.
නිවසේ ඉදිරිපස කොටසේ තණකොළ කපා නඩත්තු කිරීම, හිම ඉවත් කිරීම, මැරුණු ගස් ඇත්නම් කපා ඉවත් කිරීම, රාත්‍රියට විදුලි පහන් දැල්වෙන බවට වග බලා ගැනීම ආදිය අප සිටින දකුණු පැත්තේ නිවාස හිමියන් විසින් කළ යුතු දේවල්ය. කුණු එකතු කරන දින වල හැර වෙනත් දින වල කුණු බක්කි (ට්‍රෑෂ් කෑන්) පෙනෙන්නට තැබීම, රෙදි වැල් ඇදීම, නිවස විකුණන විටක හැර නිවස ඉදිරිපස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අසල්වාසීන්ට බාධා වන පරිදි ශබ්ද කිරීම ආදිය දකුණු පැත්තේ අය නොකළ යුතු දේවල් වලට අයත්ය. එමෙන්ම, බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් හැර, ඌරන් කුකුළන් වැනි ගොවිපොළ සතුන් මේ ගෙවල් වල හැදීමද කළ නොහැකි දෙයකි. නිවස කුලියට දීම හා අමතර බඩු තබා ගැනීම සඳහා නිවස පිටුපස ගබඩා ගෙයක් හදා ගැනීම දකුණු පැත්තේ නිවාස හිමියන්ට කළ හැකි දේවල් සඳහා උදාහරණයි.
ගබඩා ගෙයක් හදා ගැනීම කියා කිවුවත් තමන්ට කැමති ආකාරයකට එය කරන්නට නුපුළුවන. එසේ හදාගත හැක්කේ අසල්වාසී සාමූහිකයේ අලංකාරය නැති නොවන පරිදි සංගමය විසින් අනුමත කරන මාදිලියක එකකි. සංගමය වෙත අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව සවි කිරීමට ඉල්ලා සිටින ගබඩා ගෙයි ප්‍රමාණය, සදා ඇති ද්‍රව්‍ය, පාට ආදිය සංගමය විසින් පරීක්ෂා කර අනුමත කළ යුතුය. ඒ වගේම, හදා ගන්නවා කියා කිවුවත් ඇත්තටම කරන්නේ කඩෙන් මිලදී ගෙන සවිකිරීමයි. විවිධ මාදිලි වල ලොකු කුඩා ගබඩා ගෙවල් වර්ග ගණනාවක් කඩවල විකුණන්නට ඇති අතර ඉහළ රූපයේ ඇත්තේ එතරම් ලොකු නැති එවැනි ගබඩා ගෙයකි.
මේ විස්තර කියවන විට ඇතැම් අයට හිතෙනු ඇත්තේ පුද්ගල නිදහස ගැන මහ ලොකුවට කතා කරන ඇමරිකාවේ නිවාස හිමියෙකුට තමන්ගේ ගෙදර වත්තේ හතර මායිම ඇතුළේවත් කැමති දෙයක් කරගන්නට නිදහසක් නැති බවයි. වත්තේ ඉදිරිපස සහ පිටුපස සිටවිය යුතු හා සිටවිය හැකි එක් එක් වර්ග වල (සදාහරිත, සෙවණ දෙන හා පඳුරු) ශාඛ ගණන් පවා සංගමයේ රෙගුලාසි වලින් නියාමනය වී තිබේ. කිසියම් අසල්වාසී සාමූහිකයකට අළුතින් පැමිණෙන අයෙකු එසේ පැමිණීමෙන් මේ රෙගුලාසි වලට ස්වයංක්‍රීයව යටත් වේ.
මේ විස්තර ලියන්නේ, ඇමරිකාව මාරයි කියන්නටවත්, ලංකාවේ ඉන්න ගොබ්බයින්ට ඕවා තේරෙන්නේ නැතැයි කියන්නටවත්, ඇමරිකාවේ විදිහට අනිත් අයත් කටයුතු කළ යුතුයැයි කියන්නටවත් නොවේ. පුද්ගල නිදහස අගයන සමාජයක පුද්ගල නිදහසට ප්‍රමුඛත්වය දෙමින් සාමූහිකව සිදුවිය යුතු කටයුතු සාමූහිකව කරගන්නා ආකාරය විස්තර කරන්නටත්, ඇමරිකාවේ බලය විමධ්‍යගත වී ඇති ආකාරය පැහැදිලි කරන්නටත්, හා බිම් මට්ටමේදී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහසක් ලබා දීමත් සඳහාය.
පළමුව කියන්නට තියෙන්නේ උඩින් විස්තර කළ රෙගුලාසි එකක්වත් ආණ්ඩුව විසින් හෝ වෙනත් බලාධිකාරියක් විසින් බලහත්කාරයෙන් පනවා ඇති රෙගුලාසි නොවන බවයි. එක් එක් අසල්වාසී සාමූහිකය තුළ මේ රෙගුලාසි පනවාගෙන ඇත්තේ අපි අපිමය. ඒ, බහුතර කැමැත්ත අනුව යමිනි. කෙසේ වුවද, එසේ රෙගුලාසි පනවා ගෙන නීතිඥයෙකු හරහා ප්‍රාදේශීය පරිපාලනය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ රෙගුලාසි පිළිපදින්නට සියල්ලෝම බැඳී සිටිති. මෙසේ සාමූහික තීරණ ගැනීමට සිදුවී තිබෙන්නේ මගේ වත්තේ හතර මායිම ඇතුළේ මා කරන ඇතැම් දේවල් වලින් මගේ අසල්වැසියන්ටද බලපෑමක් වන බැවිනි. ඒ නිසා මගේ පුද්ගල නිදහස අත්විඳීමේදී මා විසින් මගේ අසල්වැසියාගේ නහයේ සීමාව නොඉක්මවන්නට වගබලාගත යුතුය.
අපේ සංගමයට අයත් උතුරු පැත්තේ අසල්වැසි සාමූහිකයේ රෙගුලාසිද බොහෝ දුරට දකුණු පැත්තේ ඒවාට සමාන වුවත් හරියටම සමාන නැත. මා පෙර කී පරිදි, මේ දවස්වල සංගමය උත්සාහ ගන්නේ මේ දෙක එකක් කිරීමටය. එහෙත්, ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් එක් කළ තරම් පහසුවෙන් එය කරන්නට පුළුවන් කමක් නොපෙනේ. ඒ, මෙසේ කිරීම සඳහා එක පැත්තක අය අනෙත් පැත්තේ රෙගුලාසි පිළිගැනීම හෝ දෙපැත්තේම අය විසින් අළුතින් හදන අතරමැදි රෙගුලාසි මාලාවක් පිළිගැනීම කළ යුතු බැවිනි.
සංගමයේ රැස්වීම් වලට සාමාන්‍යයෙන් සහභාගී වන නිවාස ඒකක තිහක පමණ සාමාජිකයින් විසින් මෙවැනි මූලික එකඟතාවයකට පැමිණියද, එය සම්මත කර ගැනීම සඳහා එක් එක් පැත්තේ නිවාස හිමියන්ගේ සමස්ත ඡන්ද වලින් (භාවිතා කරන ඡන්ද වලින් නොවේ) 75% බැගින් අවශ්‍ය වේ. මේ නිසා, නැවතත්, දකුණේ අය උතුරේ බහුතර මතයට යටවීම වැලකී තිබේ.
දැන් මේ කටයුත්ත මෙසේ කරගැනීම සඳහා ඇති ප්‍රධානම බාධාව දකුණු පැත්තේ අයට ඇති ගබඩා ගෙයක් හදා ගැනීමේ අයිතිය උතුරු පැත්තේ අයට නැති වීමයි. එසේනම්, එම අයිතිය ලබා ගැනීමට ඔවුන් කැමති වනු ඇතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත්, තත්ත්වය පෙනෙනවාට වඩා සංකීර්ණය.
දකුණු පැත්තේ ඇති ගෙවල් වලට සාපේක්ෂව උතුරු පැත්තේ ගෙවල් තරමක් විශාලය. ඒ නිසා, ඒ පැත්තේ වැඩි දෙනෙකුට ගබඩා ගෙවල් අවශ්‍ය නැත. ඒ නිසා, උතුරු පැත්තේ අයට මෙවැනි ඉඩක් ලබා දුන්නත් එය ප්‍රයෝජනයට ගනු ඇත්තේ සුළු පිරිසකි. එවිට, තරහට පොල් හිටෙව්වාක් මෙන් අතරින් පතර තැනක පමණක් පෙනෙන්නට ලැබෙන ගබඩා ගෙවල් නිසා ඒ පැත්තේ අලංකාරය අඩුවීමෙන් ගෙවල් සියල්ලේම වෙළඳපොළ වටිනාකම අඩුවනු ඇතැයි ඔවුහු සිතති. ඒ නිසා, උතුරු පැත්තේ අය ගබඩා ගෙවල් වලට ඉඩදෙන්නට කැමති නැත. ඔවුන් උත්සාහ කරන්නේ දකුණු පැත්තේ රෙගුලාසි වලටද ඒ තහනම ඇතුළත් කිරීමටය.
එහෙත්, දකුණු පැත්තේ තත්ත්වය වෙනස්ය. සාපේක්ෂව කුඩා ගෙවල් ඇති දකුණු පැත්තේ බොහෝ දෙනෙකු ගබඩා ගෙයක් සවි කර ගැනීමට කැමතිය. මේ ගෙවල් කුඩා නිසා ගබඩා ගෙයක් තිබීමෙන් වෙළඳපොළ වටිනාකම අඩුවනු නොව වැඩි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ තත්ත්වය යටතේ එක් එක් පැත්තේ නිවාස ඒකක වලින් 75%ක ඡන්ද ලබා රෙගුලාසි වෙනස් කිරීමට හැකිවේද යන්න සැක සහිතය.
ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි පරිහරණයද පුද්ගල නිදහසට මුල් තැන ලැබෙන සාමූහික තීරණ විය යුත්තේ මේවායේ පුද්ගල උපයෝගීතාවයන්ට වඩා දෙයක් ඇති බැවිනි. වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත.
Labels:
ඇමරිකාව,
නීතිය,
ප්‍රජාතන්ත්‍රවාදය
Tuesday, February 28, 2017
ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)
ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)
වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි.
බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.
බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.
ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන 'උගතුන්' වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?) වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.
පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ 'වන් මෑන් ෂෝ එකක්' ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.
චිත්‍රපටයේ තේමාව වන ඉහත 'යටගැසූ පරීක්ෂණය' වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.
ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත.
බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.
මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?
මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ.
මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.
විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී 'ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්' ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය.
රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.
ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි.
බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.
වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත. ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA) පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.
එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට 'ප්‍රත්‍යක්ෂ වන්නේ' එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා 'බුද්ධියෙන්' තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.
සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ 'පත්තරේ කියවා' මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.
ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.
වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.
එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.
ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස හේතුවෙන් එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.
එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත් විරෝධීන් ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති බව පෙනේ. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට පුළුවන.
Labels:
තාක්ෂනය,
දේශපාලනය,
පරිණාමය,
පර්යේෂණ,
ප්‍රතිශක්තිකරණය
Monday, February 20, 2017
ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)
කෙසේ වුවද, විමර්ශිත ජර්නලයක පර්යේෂණ පත්‍රිකාවක් පළ කරනු ලබන්නේ ලේඛකයාට කිසි දිනෙක හඳුනා ගැනීමට නොලැබෙන "ඇනෝ" විමර්ශකයින් අඩුම වශයෙන් දෙදෙනෙකු, බොහෝ විට තිදෙනෙකු, විසින් පර්යේෂණ පත්‍රිකාවක් දැඩි විමර්ශනයට ලක් කර අනුමත කිරීමෙන් පසුවය. ලේඛකයා විසින් හඳුනා ගනු නොලැබුවද, ජර්නලයේ සංස්කාරකවරයා විසින් මෙසේ තෝරා ගන්නේ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විමර්ශකයින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ ඇතැම් විට සිවු දෙනෙකි.
විශාල ආයෝජන සිදු කළ යුතු, වාණිජ නිෂ්පාදන හා අදාළ පර්යේෂණ බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික සමාගම් තුළ වුවත්, විමර්ශිත ජර්නලයන්හි සංස්කාරකවරුන්, විමර්ශකයින් මෙන්ම ලිපි පළකරන පර්යේෂකයින්ද බහුතරය කිසියම් සරසවියකට අනුබද්ධ ශාස්ත්‍රාලීය පර්යේෂකයින්ය. ආචාර්ය උපාධි ප්‍රදානය කරන මට්ටමේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලට සම්බන්ධ සරසවියක ආචාර්යවරයෙකු විසින් දේශන පැවැත්වෙන කාල වලදී ඉගැන්වීම හා අදාළ සියළු කටයුතු සඳහා (දේශන සඳහා නොවේ) සාමාන්‍යයෙන් ගත කළ යුත්තේ වැඩිම වුණොත් තමන්ගේ කාලයෙන් 30-40%ක් පමණි. වැඩි කාලයක් යෙදවිය යුත්තේ පර්යේෂණ වෙනුවෙනි. ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු වලින් මුළුමනින්ම නිදහස්ය.
හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කරන අයෙකුට ඉගැන්වීම සඳහා යොදවන කාලය තවත් අඩුකරගැනීමට හෝ තමන් සතුව පර්යේෂණ අරමුදල් ඇත්නම් 'කාලය මිලදී ගැනීමට' පුළුවන. මේ පර්යේෂණ අරමුදල් බොහොමයක් ලැබෙන්නේ රජයට සම්බන්ධ පොදු අරමුදල් වලින් හෝ වෙනත් භාර අරමුදල් වලිනි. ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුට තමන් කරන පර්යේෂණ වල ගුණාත්මකභාවය හා ආචාර ධාර්මීය කරුණු පිළිපැදීම සම්බන්ධව හැර පර්යේෂණ ක්ෂේත්‍රය හෝ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වීමට අවශ්‍ය නැත.
පර්යේෂණයක් සඳහා මිනිසුන් හෝ සතුන් යොදා ගැනීමේදී පර්යේෂකයෙකු විසින් ඒ සඳහා අදාළ අනුමැතීන් ලබා ගත යුතු අතර නිශ්චිත ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැදිය යුතුය. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවක් ජර්නලයකට ඉදිරිපත් කිරීමේදී තමන් විසින් මේ ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැද ඇති බවත්, අවශ්‍ය අනුමැතීන් ලබා ඇති බවත් සහතික කළ යුතුය. ඊට අමතරව, අදාළ පර්යේෂණයේ විෂයයට කිසියම් අයුරකින් සම්බන්ධ පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තමන් කිසියම් මූල්‍යමය වාසියක් ලබන්නේනම් එවැනි දේ එළිදරවු කරමින් වියාචනයක් කළ යුතුය. ස්වාධීන විමර්ශකයෙකු විසින් කිසියම් පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිඵලය හා ක්‍රමවේදය විමර්ශනය කිරීමේදී මෙවැනි වියාචන ඉදිරිපත් කර ඇත්නම් ඒවාද සැලකිල්ලට ගනී.
කෙසේවුවද, ඇතැම් විටෙක කිසියම් පර්යේෂකයෙකු මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නට ඉඩ තිබේ. එවැන්නක් එළිදරවු වීම යනු පර්යේෂකයෙකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයයි. එවැනි විටෙක ඒ වන විට පළ වී ඇති පර්යේෂණ පත්‍රිකාවක් ඉවත් කිරීම හා අදාළ පර්යේෂක කණ්ඩායම අසාදු ලේඛනගත කරනු ලැබීම, කලාතුරකින් වුවද, සිදුවේ.
බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෙකු හා උදරාබාධ විශේෂඥයෙකු (gastroenterologist) වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ප්‍රධාන පර්යේෂකයින් දොළොස් දෙනෙකු විසින් 1998 පෙබරවාරි මාසයේදී 'ලැන්සෙට්' විමර්ශිත ජර්නලයේ පළ කෙරුණු ලිපියකින් සිදුකර තිබුණේ ඉතා ආන්දෝලනාත්මක හෙලිදරවුවකි. මේ එළිදරවුව අනුව, උතුරු ලන්ඩනයේ හැම්ස්ටඩ්හි රාජකීය නිදහස් රෝහලේ ළමා උදර රෝග අංශයට 1996 ජූලි- 1997 පෙබරවාරි අතර කාලයේදී ප්‍රතිකාර සඳහා අනුපිළිවෙලින් පැමිණි වයස 6-10 අතර පිරිමි දරුවන් 11 දෙනෙකු හා ගැහැණු දරුවෙකු බඩවැලේ ආසාදනයකින් හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයකින් (gastrointestinal disease and developmental regression) පෙළුණු බවත්, මේ දරුවන්ගේ දෙමවුපියන් විසින් සපයා ඇති තොරතුරු අනුව දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකුම ඉහත රෝග තත්ත්වයන් ප්‍රදර්ශනය කර ඇත්තේ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝග සඳහා ලබාදෙන ත්‍රිත්ව එන්නත (MMR) ලබාදීමෙන් පසුව බවත් එම හෙළිදරවුවයි.
ඉතාම සුළු නියැදියකින් ලබාගත් දත්ත මත පදනම් වූ, සැකයක් පමණක් එළිදරවු කෙරුණු, මේ පර්යේෂණ පත්‍රිකාව පළවීමට සමගාමීව වෛද්‍ය වේක්ෆීල්ඩ් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් MMR ත්‍රිත්ව එන්නත හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයක් වන ස්වේච්ඡතාව (Autism) අතර තිබිය හැකි සම්බන්ධයක් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු කරවූවේය. එතැනින් පටන්ගත් MMR ත්‍රිත්ව එන්නතට එරෙහි වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය දිගින් දිගටම විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගත් අතර බොහෝ දෙනෙකුගේ අවධානයද දිනා ගත්තේය. වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය මූලිකවම එල්ල වූයේ රෝග තුනක් වෙනුවෙන් ලබාදෙන තනි එන්නතක් වූ MMR ත්‍රිත්ව එන්නතට එරෙහිවය. ඒ හැර, ඔහු පොදුවේ එන්නත් වලට එරෙහි නොවූ අතර MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන වැඩිදුර කරුණු සොයා බලන තුරු මෙම ත්‍රිත්ව එන්නත ලබා ගැනීමෙන් වැලකී, ඒ වෙනුවට විකල්පයක් ලෙස එක් එක් රෝගය සඳහා තනි එන්නත් ලබා ගත යුතු බව යෝජනා කළේය.
වේක්ෆීල්ඩ් විසින් මේ අනාවරණය සිදුකරන විටද, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලද සැලකිය යුතු ප්‍රතිශක්තිකරණ විරෝධීන් පිරිසක් සිටියහ. ඔවුන් විසින් බොහෝ විට ප්‍රදර්ශනය කළේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ විරෝධයකි. මෙවැනි කණ්ඩායම් විසින් පැතිරවූ විවිධ දුර්මත හෝ තහවුරු නොවූ කරුණු අතර වූ ප්‍රතිශක්තිකරණය ඇත්තටම ප්‍රයෝජනයක් නැති ඖෂධ සමාගම් විසින් ලාභ වැඩි කරගැනීමට කරන කටයුත්තක් බවත්, ප්‍රතිශක්තිකරණ එන්නත් වල හානිකර විෂ රසායන ඇති බවත්, මේ එන්නත් නිසා වඩා භයානක වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් වැනි කරුණු පිළිගන්නට කැමති පිරිස් කලක සිටම සිටියේය. ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් විසින් සමස්තයක් ලෙස ප්‍රතිශක්තිකරණය කිරීමෙන් වැළකිය යුතුයැයි නොපැවසූ නමුත් ඔහු ඉතා ඉක්මණින් මේ කණ්ඩායම් වල වීරයෙක් විය. මෙතෙක් බොහෝ විට කටකතා වලට පමණක් සීමා වූ ප්‍රතිශක්තිකරණයේ හානිකර විපාක එළිදරවු කරමින් වේක්ෆීල්ඩ් විසින් ලැන්සෙට් වැනි පිළිගත් විමර්ශිත ජර්නලයක පළ කළ ලිපිය මේ 'කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ට' ලැබුණු මහඟු මැණිකක් විය.
මේ වන විට, අසූව දශකයේ අග (1988) සිට බ්‍රිතාන්‍යයේද, හැත්තෑව දශකයේ මුල (1971) සිට ඇමරිකාවේද වසරක් සපිරිණු දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබාදෙමින් පැවති අතර සරම්ප හා රුබෙල්ලා රෝග එම රටවලින් සම්පූර්ණයෙන්ම වාගේ දුරු වෙමින් පැවතියේය. වේක්ෆීල්ඩ්ගේ 'එළිදරවුව' පළමුව බ්‍රිතාන්‍යයේත්, පසුව ඇමරිකාවේත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳ දැමීමට සමත් වූ අතර එන්නත ලබාගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටෙන්නට විය.
දරුවෙකුගේ ස්වේච්ඡතාව පිළිබඳ රෝග ලක්ෂණ මුලින්ම පහළ වන්නේ වසරකට පමණ පසුවය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ MMR ත්‍රිත්ව එන්නත ලබා දුන්නේද දරුවෙකු වයස වසරක් සම්පූර්ණ කරද්දීය. මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය. ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. ඒ අනුව, වේක්ෆීල්ඩ් විසින් විසි කළ ගිණි පුපුරට තවත් බොහෝ දෙනෙකු අතින් පැට්‍රෝල් වැටී ප්‍රතිශක්තිකරණ විරෝධය බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රධානව ලෝකය පුරා පැතිරෙන්නට විය.
මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ. ඒ නිසා එතිල්මර්කරි සුළු මාත්‍රාවකින් සිරුරට සැලකිය යුතු බලපෑමක් සිදුනොවේ. කෙසේවුවද, එවකට ළමා එන්නත් බොහොමයක අඩංගු වූ, තිමරසල් ස්වේච්ඡතාවට හේතුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට විය. එහෙත්, MMR ත්‍රිත්ව එන්නතෙහි කිසිදු දිනෙක තිමරසල් අඩංගු වූයේ නැත.
ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙන්නේ කිසියම් රෝගයකට හේතුවන වයිරසයකින් සුළු මාත්‍රාවක් ජීවී හෝ මැරුණු ආකාරයෙන් සිරුරට එන්නත් කර සිරුර තුළ අදාළ රෝගයට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති කිරීමයි. ප්‍රතිශක්තිකරණය නිසා ලැබෙන වාසි (හෝ අවාසි) වල කොටස් දෙකකි. පළමුව, එහි පුද්ගලික ප්‍රතිලාභ තිබේ. ඊට අමතරව, ප්‍රතිශක්තිකරණයේ සමාජ ප්‍රතිලාභද තිබේ.
ප්‍රතිශක්තිකරණයේ පුද්ගල ප්‍රතිලාභ අතර උඩින්ම තියෙන්නේ අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ සැලකිය යුතු ලෙස අඩුවීමයි. ප්‍රතිශක්තිකරණය කිරීමෙන් පසුව වුවද, අදාළ වෛරසය සිරුරට ඇතුළු වූ විට රෝගය නොවැළඳීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එහෙත්, එම ඉඩකඩ සැලකිය යුතු තරම් අඩුවේ. උදාහරණයක් ලෙස MMR ත්‍රිත්ව එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු වෛරසය සිරුරට ඇතුළු වූ විට සරම්ප රෝගය වැළඳීමේ ඉඩකඩ 93% දක්වාත්, දෙවරක් ගැනීමෙන් පසු 97% දක්වාත් අඩුවේ. එමෙන්ම, ඇතැම් පුද්ගලයින්ට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති බැවින් එන්නත නොගත්තද රෝගය සමඟ සටන් කළ හැකි ස්වභාවික ප්‍රතිශක්තියක් සිරුරේ තිබේ. එවැනි අයෙකුට වසංගත තත්වයකදී වුවද රෝගය නොවැළඳී බේරී සිටින්නට පුළුවන.
අනෙක් අතට, කිසියම් එන්නතක් ලබාගන්නා පුද්ගලයෙකුට ඇතැම් අවදානම් වලට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි එක් අවදානමක් වන්නේ එන්නත හේතුවෙන් අදාළ රෝගය වැළඳීමට සුළු ඉඩකඩක් තිබීමයි. මෙය අවම කිරීම සඳහා සිරුරට එන්නත් කරන වෛරස් මාත්‍රාව අඩු කළ විට, එන්නතේ සඵලතාවය එනම් එමඟින් රෝගය වැළැක්වීමට ඇති ඉඩකඩ අඩුවේ. අනෙක් අතට එන්නතක සඵලතාවය වැඩි කිරීමට වෛරස් මාත්‍රාව වැඩි කළ විට, එන්නත නිසා රෝගය හැදෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යයි. එන්නතක අඩංගු විය යුතු වෛරස් මාත්‍රාව තීරණය කරන්නේ මේ සම්භාවිතාවන් දෙක සමතුලිත කරමිනි.
මෙයට අමතරව එන්නතක් නිසා විවිධ අතුරු ආබාධ වැළඳීමේ ඉඩකඩක්ද පවතී. එහෙත්, බොහෝ විට එවැනි අතුරු ආබාධ දරුණු ඒවා නොවේ; එන්නත ලබාදුන් තැන ඉදිමීම හෝ රතුවීම වැනි ලොකු අපහසුතාවයක් ඇති නොකරන අතුරු ආබාධයි. වඩා දරුණු අතුරු ආබාධ ඇති වීමටද ඉතා සුළු ඉඩකඩක් තිබේ. මේ අවාසි වලට අමතරව එන්නතක් සඳහා වැය කළ යුතු මිලද එන්නත් ලබා ගන්නා තැනැත්තාගේ අවාසියකි. මේ වාසි අවාසි එකතු කළ විට බොහෝ දෙනෙකුට පුද්ගල මට්ටමින් වුවත් සිදුවන්නේ ශුද්ධ වාසියකි. එහෙත්, එය එසේ නොවන අයද සිටින්නට පුළුවන.
කිසියම් රෝගයක් පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කරන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයින්ය. බොහෝ විට, මෙවැනි රෝගියෙකු රෝග ලක්ෂණ මුලින්ම පහළ කරන විටත් සෑහෙන කලක් රෝග වාහකයෙකු ලෙස කටයුතු කර අවසන්ය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දින ගණනක් තිස්සේ ඔබ විසින් ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුට මේ වෛරසය ප්‍රදානය කරයි. ඔවුන්ගෙන් ඇතැම් අයට මේ වෛරසය මැඬ පවත්වා ගැනීමට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එහෙත්, සියල්ලන්ටම එය කළ නොහැකිය.
අනෙක් අතට, ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුගෙන් ඔබේ සිරුරට විවිධ වෛරස ඇතුළු විය හැකි නමුත් ඒ හැම විටම ඔබ රෝගී වන්නේ නැත. නමුත්, ඔබට එදිනෙදා හමුවන රෝගවාහකයින් ගණන වැඩි වන තරමට ඔබටද අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවේ. කිසියම් ප්‍රදේශයක කිසියම් රෝගයක වාහකයින් ගණන යම් නිශ්චිත සීමාවක් ඉක්මවූ විට එම ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ අදාළ රෝගයට මොනයම් අයුරකින් හෝ අනාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවේ.
යම් තැනැත්තෙකු විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසුව එම තැනැත්තා රෝග වාහකයෙකු බවට පත්වීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. කිසියම් ප්‍රදේශයක බොහෝ දෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් විට එම ප්‍රදේශයෙන් අදාළ රෝගය පතුරුවන වාහකයෙකු හමුවීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. ඒ නිසා, ඔබ එන්නත් කර නොතිබුණත්, වෙනත් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇත්නම් අදාළ රෝගය ඔබට වැළඳීමට ඇති ඉඩකඩද අඩු වේ. මේ ප්‍රතිශක්තිකරණයේ ඇති සමාජ ප්‍රතිලාභ කොටසයි.
ප්‍රතිශක්තිකරණ එන්නත් වල ඇති ඉහත සමාජ ප්‍රතිලාභයේ ඵලයක් ලෙස කිසියම් වසංගත රෝගයක් හැදීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යම් රටක ජීවත් වන සියළු දෙනාවම ප්‍රතිශක්තිකරණය කළ යුතු නැත. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය වී සිටින ප්‍රමාණය මුළු ජනගහණයෙන් 90-95%ක් පමණ වූ විට, රෝගයක් පැතිරවීමට ප්‍රමාණවත් වාහකයින් පිරිසක් නොමැති නිසා අදාළ රෝගය වැළඳීමේ ඉඩකඩ මුළුමනින්ම වාගේ නැති වේ. ඒ නිසා, විවිධ හේතූන් මත එන්නත් ලබා දිය නොහැකි කොටස් හා 'ප්‍රතිශක්තිකරණ විරෝධී' සුළු ප්‍රතිශතයක්ද සිටීම රෝගයක් මුළුමනින්ම දුරු කිරීමට බාධාවක් නොවේ. මේ ගණන රෝගය අනුව සහ වෙනත් සාධක මත වෙනස් වන අතර මීට වඩා බෙහෙවින් අඩු හෝ වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන. මේ සාධකය සමූහ ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හෝ ප්‍රජා ප්‍රතිශක්තිය (community immunity) ලෙස හැඳින්වේ.
වසංගත රෝග තත්ත්වයක් ඇති වූ විට වැඩිපුරම එහි ගොදුරු බවට පත්වන්නේ කුඩා දරුවන්, මහල්ලන්, ගර්භණී කාන්තාවන් හා කිසියම් හේතුවක් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය අහිමි කරගෙන සිටින -උදාහරණයක් ලෙස අවයව බද්ධයකින් පසු එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ගනිමින් සිටින- වැනි සාපේක්ෂව 'දුර්වල' අයයි. රෝගයකට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති තරුණ හා නිරෝගී අය බොහෝදෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන රෝග වාහකයින් ඇති වීමේ ඉඩකඩ අවම කළ විට එයින් විශාලම වාසිය සැලසෙන්නේ මෙවැනි කොටස් වලටය. ඒ අතින් මෙය තමන්ටත් වාසියක් ලබමින් සමාජයේ දුර්වල අයටත් උදවුවක් කළ හැකි කටයුත්තකි.
වේක්ෆීල්ඩ්ගේ MMR ත්‍රිත්ව එන්නත් විරෝධය හේතුවෙන් දැල්වුණු ප්‍රතිශක්තිකරණ විරෝධී රැල්ල ඇතිවන විට බොහෝ බටහිර රටවල් සමූහ ප්‍රතිශක්ති තත්ත්වයට ළඟා වී සරම්ප වැනි රෝග එම රටවලින් මුලිනුපුටා දැමීමට ආසන්නව සිටියේය. මේ අතරතුර, වර්ධනය වන්නට වූ එන්නත් විරෝධය නිසා බොහෝ දෙනෙකු සිය දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේය. ඇතැම් අය එන්නත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නටත් පටන් ගත්තේය. ඒ සමඟම බටහිර රටවල වසංගත රෝග අවදානම, විශේෂයෙන්ම සරම්ප අවදානම, විශාල ලෙස ඉහළ යන්නට විය.
ඒ වන විට (හෝ ඉන් පසුව මේ වන තුරු) තිමරසල් අඩංගු එන්නත් හේතුවෙන් එන්නත ලබාදුන් තැන රතු වීම හා ඉදිමීම හැර වෙනත් අතුරු ආබාධ ඇති බවක් තහවුරු වී නොතිබුණත් එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වැඩි වැඩි කර සමූහ ප්‍රතිශක්ති මට්ටම පවත්වාගැනීමේ මූලික පියවරක් ලෙස 1999 ජූලි මාසයේ සිට තිමරසල් රහිතව එන්නත් නිෂ්පාදනය කිරීමට හෝ එන්නත් වල අඩංගු තිමරසල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ළමා වෛද්‍ය ඇකඩමිය, රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) හා ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදකයෝ එකඟ වූහ. කෙසේ වුවද, පෙරද කී පරිදි MMR ත්‍රිත්ව එන්නතේ කිසිදිනෙකත් තිමරසල් අඩංගු වූයේ නැත.
ත්‍රිත්ව එන්නත් විරෝධයට මුල් වූ වේක්ෆීල්ඩ් පර්යේෂණ පත්‍රිකාවේ එම එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධයක් ගැන සැකයක් මතු කර තිබීම හැර එවැන්නක් තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් කර නොතිබුණේය. එමෙන්ම, එහි නිගමන පදනම් වී තිබුණේ ඉතා සුළු නියැදියකින් (12 දෙනෙකුගෙන්) ලබාගත් දත්ත මතය. මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක් සාමාන්‍යයෙන් ලැන්සෙට් වැනි ජර්නලයක පළ නොකෙරෙන නමුත් මෙය එහි පළ කර තිබුණේ අදාළ කරුණේ ඇති වැදගත්කම නිසාමය.
මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය. ඒ අතර, ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව සඳහා දායක වූ පර්යේෂකයින් දහදෙනෙකු එහි නිගමන පදනම් විරහිත බව පවසමින් ඉල්ලා අස් කර ගත්තේය. මේ කරුණු මෙසේ සිදුවෙද්දී, ජනතා අවධානය තවදුරටත් වැඩිපුර ලැබුණේ වේක්ෆීල්ඩ්ගේ මුල් මතයටය.
මේ අතර, ප්‍රතිශක්තිකරණ විරෝධීන්ගේ වීරයෙකු වූ වේක්ෆීල්ඩ් ඇමරිකාවේ සංචාරය කරමින්, ස්වේච්ඡතාව පිළිබඳ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙමින්, දේශන පවත්වන්නට පටන් ගත්තේය. ඇමරිකාවේදී MMR ත්‍රිත්ව එන්නත් විරෝධය සම්පූර්ණ එන්නත් විරෝධයක් බවට හැරුණු අතර, මේ ව්‍යාපාරය විසින් වේගයෙන් ඉහළ යන හඳුනාගත් ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන වැඩිවීම සමඟ සම්බන්ධ කරමින් ප්‍රවාද ගොඩනඟන්නටත් පතුරුවන්නටත් විය. මේ මතවාද වේගයෙන් පැතිරෙද්දී MMR ත්‍රිත්ව එන්නත ලබා ගන්නා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යන්නට විය. පර්යේෂණ පත්‍රිකාව පළ වන විට 92% මට්ටමේ පැවති බ්‍රිතාන්‍යයේ MMR එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමටද වඩා පහත වැටුණු අතර ලන්ඩන් නගරයේ මේ අනුපාතය ඉතාම පහළ මට්ටමකට වැටුණේය. 2000 නොවැම්බරයේදී වේක්ෆීල්ඩ් CBS රූපවාහිණී චැනලය විසින් නිෂ්පාදනය කළ MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා වසංගත අවදානම පිළිබඳ පැයක වාර්තා වැඩසටහනක පෙනී සිටිද්දී ජෙනී මැකාති වැනි නිලියන් ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී වන්නට විය.
මෙසේ කල් ගත වෙද්දී, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හා චැනල් ෆෝ රුපවාහිනී නාලිකාව වෙනුවෙන් බ්‍රයන් ඩියර් විසින් විමර්ශනයක් ආරම්භ කළේය. බ්‍රයන් ඩියර්ගේ විමර්ශනය හේතුවෙන්, ඉහළ මධ්‍යම පාංතික වෛද්‍ය යුවලකගේ දරුවකු ලෙස ඉපිද පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබා තිබුණු, සල්ලි පසුපස නොහඹන අවංක හා ස්වාධීන පර්යේෂකයෙකු බව බැලූ බැල්මටම පෙනෙන, "වෙන්ඩ ටොයියෙකු නොව සැබැවින්ම පොෂ් ටොයියෙකු වූ", වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පිළිබඳ ඇත්ත එළිවිය.
ලැන්සෙට්හි පළ කළ පර්යේෂණය සිදුකරන්නට හිතන්නටත් පෙර, ත්‍රිත්ව එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර විශාල වන්දි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කළ රිචඩ් බාර්නම් නීතිඥයෙකු විසින් ඒ සඳහා උදවු ලබා ගැනීමට වේක්ෆීල්ඩ්ට මුදල් ගෙවා තිබුණේය. ස්වේච්ඡතාව වැළඳුණු දරුවන් පිලිබඳ මාධ්‍ය වාර්තා අනුව යමින් සම්බන්ධ කරගත් බ්‍රිතාන්‍ය පවුල් 1,600ක් වෙනුවෙන් අදාළ සමාගමෙන් වන්දි ලබාගෙන එමඟින් විශාල මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වූ, රිචඩ් බාර් තමන්ට අවශ්‍ය කතාව ගෙතීමට වේක්ෆීල්ඩ්ගේ උදවු සොයා එද්දී වේක්ෆීල්ඩ් විසින් බාර් සමඟ හෙට්ටු කර පැයකට පවුම් 150ක් බැගින් පවුම් 435,643ක මුදලක්ද සහ වෙනත් අමතර වියදම්ද ඔහුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර තිබුණු සමාගමක් හරහා ලබාගෙන තිබේ.
මේ මුදල වේක්ෆීල්ඩ්ගේ වාර්ෂික ආදායම මෙන් අටගුණයකට වඩා වැඩිය. මෙසේ වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇත්තේ අඩුආදායම් ලබන්නන්ට නීති සහාය ලබා දීම සඳහා ස්ථාපිත කර තිබුණු එක්සත් රාජධානියේ නීති ආධාර අරමුදලේ මුදල්ය. මෙයට අමතරව මේ කටයුත්ත සඳහා තවත් පවුම් 55,000ක පර්යේෂණ ආධාර මුදලක්ද වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇති අතර ලැන්සෙට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන විට ඔහු මේ කිසිවක් එළදරවු කර නැත. එය බරපතල ලෙස ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.
වේක්ෆීල්ඩ් විසින් ලබාගන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන ආර්ථික වාසිය මෙය නොවේ. ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව පළ වන්නට මාස 9කට පෙර ඔහු විසින් සරම්ප රෝගය සඳහා ලබා දිය හැකි තනි එන්නතක් සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. එයට වාණිජ වටිනාකමක් ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත වෙළඳපොළෙන් ඉවත් වුවහොත් පමණක් බව කිව යුතු නැත.
මේ මූල්‍යමය කරුණු හැරුණු විට වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණයද කියන ආකාරයටම සිදුවී තිබුණේ නැත. පර්යේෂණය සඳහා යොදාගත් දරුවන් දොළොස්දෙනා ඔහුගේ සායනයට පැමිණි අහඹු රෝගීන් නොවූ අතර ත්‍රිත්ව එන්නත් විරෝධීන් යොදවාගෙන විශේෂයෙන් සොයාගත් රිචඩ් බාර්ගේ පාරිභෝගිකයින්ව සිටි අයයි. මේ කිසිවකු ලන්ඩනයේ ජීවත් වූ අය නොවූ අතර එක් අයෙක් පැමිණ තිබුණේ ඇමරිකාවෙනි. තවත් දෙදෙනෙක් සැතපුම් 280ක් දුරින් පිහිටි වෙනත් නගරයකිනි. මේ අයගෙන් ඇතැම් අය MMR එන්නත ලබා දීමට පෙරද ස්වේච්ඡතා රෝග ලක්ෂණ පෙන්වා තිබුණු බවත්, තවත් ඇතැම් අය ඉන් පසුවද එම රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බ්‍රයන් ඩියර් විසින් අනාවරණය කෙරුණේය.
මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2010 ජනවාරි මාසයේදී ලැන්සෙට් සඟරාව තනිකරම බොරුවක් වූ වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉවත් කළ අතර එම වසරේම මැයි මාසයේදී වසර දෙකහමාරක විමර්ශනයකින් පසුව ඔහුගේ බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපංචිය අහෝසි කරනු ලැබ දෙසැම්බරයේදී එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.
කෙසේවුවද, වේක්ෆීල්ඩ් විසින් ස්වාභිවෘද්ධිය අරමුණු කර ගනිමින් දැල්වූ ප්‍රතිශක්තිකරණ විරෝධය එයින් නොනැවතුණු අතර ඔහු අදටත් කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ගේ වීරයෙකි. මෙය බොහෝ රටවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර රටවල් ගණනාවක වසංගත රෝග අවදානම් වැඩි කර තිබේ.
Labels:
තාක්ෂනය,
දේශපාලනය,
පරිණාමය,
පර්යේෂණ,
ප්‍රතිශක්තිකරණය
Saturday, February 18, 2017
ත්‍රිත්ව කාර්ය වාහන
පසුගිය 2016 වසර අවසානය වන විට ලංකාවේ මුළු වාහනගහණය 6,795,469 ක් විය. මෙයින් 54.4%ක් එනම් 3,699,630ක් මෝටර් සයිකල් වූ අතර තවත් 16.42%ක් එනම් 1,115,987ක් ත්‍රිරෝද රථ විය. ඒ අනුව, ජනගහණයෙන් දහසකට වාහන 327ක් තිබුණත් එයින් 178ක් මෝටර් සයිකල්ද තවත් 54ක් ත්‍රිරෝද රථද වූ අතර ට්‍රැක්ටර් හා ට්‍රේලර්, ලොරි හා බස්ද ඇතුළුව ඉතුරු වාහන තිබුණේ ජනගහණයෙන් දහසකට 95ක් පමණි.
කුඩා රටක් වන ලංකාවේ වාහන ඕනෑවට වඩා ඇති බව ඇතැම් අය සිතති. මෙසේ සිතන බොහෝ අය දැනට තමන් සතුව අඩු වශයෙන් මෝටර් සයිකලයක්වත් ඇති අයයි. මේ සිතුවිල්ලට හේතුවන්නේ පාරේ ඇති වාහන තොගය නිසා තමන්ට වාහනයක් තිබුණත් බොහෝ වෙලාවක් මහමඟ රස්තියාදු වෙන්නට සිදුවන නිසා වන්නට පුළුවන. මෙසේ සිතන අය අතර දැනට තමන් සතු කිසිදු වාහනයක් නැති අයද සිටින්නට පුළුවන.
වාහනයක් ගැනීම යනු තමන් සතුව වාහනයක් නැති අයගේ සිහින අතර උඩින්ම තියෙන සිහිනයකි. වඩා හොඳ වාහනයක් ගැනීම දැනට වාහනයක් තියෙන බොහෝ දෙනෙකුගේ සිහිනයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් යනු බොහෝ දෙනෙකුගේ සිහින දිගුවන පිළිවෙළයි. මෙසේ වාහන ගන්නා බොහෝ දෙනෙකු එය කරන්නේ කල්බදු වැනි ක්‍රමයකින් මූල්‍ය පහසුකමක් ලබා ගනිමිනි. මෙවැනි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ලංකාවේදී ගෙවිය යුතු පොලිය සැලකිය යුතු ලෙස විශාලය. එහෙත්, වෙනත් දේ කැප කරමින් වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ දෙනෙකු නොපැකිළෙති.
ලංකාවේ වාහන වැඩි බව සිතන්නේ මේ වාහන සිහිනය තුළ ජීවත් වන අයමය. එසේනම්, වාහන වැඩි වී ඇත්තේ තමන් හැර වෙනත් අය වාහන මිල දී ගැනීම නිසාය. ඒ නිසා, වාහන වැඩිවීම නිසා ඇති වන ප්‍රශ්න අඩු කරන්නට වෙනත් අය වාහන ගැනීම වැළැක්විය යුතුය.
ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙක් එසේ වාහන මිලදී ගන්නේ "තමන්ගේ" සල්ලි වලිනි. මේ සල්ලි ලැබෙන්නේ මූල්‍ය ආයතනයකින් විය හැකි වුවත් අවසාන වශයෙන් පොලියත් සමඟ මුල් මුදල ආපසු ගෙවන්නට සල්ලි හම්බ කරන්නේ වාහන සිහින දකින මේ මිනිස්සුන්මය. ඒ වෙනුවෙන් වෙනත් දේවල් කැප කරමින් මේ පිරිස් තමන් මහන්සියෙන් උපයන සල්ලි වැය කරන්නේ වාහනයක හිමිකරුවෙකු වීමෙන් ලැබෙන මුදල් හෝ මුදල් නොවන වාසි වාහනය වෙනුවෙන් කැප කරන වෙනත් දේ වලට වඩා ඔවුන් අගය කරනා නිසාය.
ඇතැම් අය හිතන්නේ ලංකාවේ අධික වාහන ඉල්ලුමට හේතුව පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතා බවයි. පොදු ප්‍රවාහන සේවාවන්හි ඇති අඩුපාඩු වාහන ඉල්ලුමට බලපාන නමුත් එය එකම හේතුව නොවේ. වාහන ගෙදර තියාගෙන එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විශාල ලාංකිකයින් පිරිස විසින් පෙන්වා දෙන්නේ ඔවුන් වාහන ගන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා පමණක් නොවන බවයි. වාහනයක මූලික කාර්යය මඟී හා භාණ්ඩ ප්‍රවාහනය වුවත් ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙකු මීට වඩා හාත්පසින්ම වෙනස් තවත් අවශ්‍යතාවයන් දෙකක්ද වාහන මඟින් සපුරා ගනිති.
ලංකාවේදී තමන් සතු වාහනය යනු සමාජ ධුරාවලියේ තමන් සිටින තැන පිළිබඳ සංකේතයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් ලෙස ධුරාවලිගත වන්නේ කිසියම් පුද්ගලයෙකු මේ ධුරාවලිය තුළ සිටින ස්ථානයයි. ඒ නිසා, ධුරාවලියේ උඩට යන්නට වඩා හොඳ වාහනයක් අවශ්‍ය වේ.
කෙසේ වුවද, මෙහි තවත් අවුලක් තිබේ. මූලික අවශ්‍යතාවය මඟී හා/හෝ භාණ්ඩ ප්‍රවාහනය පමණක්නම් ඊළඟ අදියරේ වාහනයක් මිල දී ගත් විට ප්‍රශ්නය විසඳේ. එහෙත්, අවශ්‍යතාවය වන්නේ සමාජ ධුරාවලිය තුළ තමන් සිටින ස්ථානය ඉහළට ගැනීමනම් තමන් ඊළඟ අදියරට යාම පමණක් ප්‍රමාණවත් නැත. අනෙත් අය එම අදියරට පැමිණීම වැළැක්වීමද අවශ්‍ය වේ. ත්‍රීවීල් පදින සියල්ලන්ම කාර් ගත් විට තමන් කාර් එකක් ගැනීම තව දුරටත් විශේෂ දෙයක් නොවේ. අන්තිමට සමාජ ධුරාවලියේ තමන් සිටින්නේ කලින් සිටි තැනමය. ලංකාවේ වාහන වැඩිය යන අදහස අවිඥානකවම එන්නේ මේ මනෝභාවයත් සමඟය.
ලාංකිකයෙකු වාහනයක් මිලදී ගැනීමට යොමුවන අනෙක් කරුණ වන්නේ ලංකාවේදී වාහනයක් යනු හොඳ මූල්‍ය ආයෝජනයක් වීමයි. ලංකාවේ ආයෝජන වෙළදපොළ (කොටස් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ) රටේ බොහෝ දෙනෙකුගෙන් දුරස්ථ සීමිත පිරිසකගේ ක්‍රීඩා භූමියකි. දිගටම පවත්වා ගන්නා රාජ්‍ය අයවැය හිඟයත්, එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම පිරිහෙන විණිමය අනුපාතිකයත්, තනිකරම වාගේ ආයනයනික භාණ්ඩයක් වන වාහන මිල ඒවා නිෂ්පාදනය කරන රටවල මුදලින් සාපේක්ෂව ස්ථාවරව තිබීමත්, වාහන අලුත්වැඩියා කටයුතු කරන ශ්‍රමිකයින්ගේ ගාස්තු සාපේක්ෂව අඩු වීමත් නිසා ලාංකිකයෙකු මිල දී ගන්නා වාහනයක වෙළඳපොළ වටිනාකම අඩුවන්නේ ඉතා සෙමිනි. ඇතැම් විට මිල වැඩි වන අවස්ථාද තිබේ. පසුගිය වසර කිහිපය තුළ වාර්ෂිකව ලංකාවේ අළුතින් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පරික්ෂා කළ විට බොහෝ දෙනෙකු ආයෝජනයක් ලෙස සලකා වාහන මිලදී ගන්නේය යන කරුණ තහවුරු කර ගන්නට පුළුවන.
රටේ විදේශ විණිමය අනුපාතිකය මහ බැංකුවේ මැදිහත් වීමෙන් ස්ථාවරව තබාගත් වසර වලදී වාහන මිලදී ගැනීම වැඩි වී ඇත්තේ සෙමිනි. විණිමය අනුපාතිකය පහල වැටුණු 2009, 2013 වැනි වසර වලදී වාහන ඉල්ලුමද අඩු වී ඇත. අනෙක් අතට රටේ විනිමය අනුපාතිකය නිදහස් කෙරෙන විට හෝ එවැනි අපේක්ෂාවන් වැඩිවන විට වාහන මිලදී ගැනීම් විශාල ලෙස ඉහළ යයි. බදු ප්‍රතිපත්ති වෙනස්කම් වැනි වෙනත් හේතුද තිබුණත්, වසර ගණනකට පසු විණිමය අනුපාතිකය නිදහස් කෙරුණු 2015 වසරේදී වාහන මිලදී ගැනීම් පෙර වසරට වඩා විශාල ලෙස ඉහළ යාමටද, ඊට පෙර 2012දී රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ආසන්න කාලයේදීද වාහන ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නටද හේතුවුණේ මේ ආයෝජන අවශ්‍යතාවයයි.
මේ කරුණු අනුව, ලංකාවේදී මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වල සිට සියළුම වාහන ත්‍රිත්ව කාර්ය වාහනයි. පළමුව, මේ වාහන මඟී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකිය. දෙවනුව, ඒවා සමාජ ධුරාවලිය පවත්වාගැනීමට උදවු කරයි. තෙවනුව, වාහන යනු බොහෝ දෙනෙකුට මූල්‍ය ආයෝජනයකි. ඒ නිසා, මෙයින් එක් අවශ්‍යතාවයක් සඳහා පමණක් ආදේශකයක් වන පොදු ප්‍රවාහන සේවා දියුණු කළ පමණින් ලංකාවේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු නොවනු ඇත.
Labels:
ආර්ථික විද්‍යාව,
ප්‍රවාහනය,
සමාජ චර්යා
Thursday, February 16, 2017
බයිට් එක වෙන බේබද්දෝ
"මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත."
ඉහත ඡේදය උපුටා ගත්තේ ටික දවසකට පෙර පළ කර තිබුණු වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියකිනි. එම ලිපියට කමෙන්ටුවක් එකතු කරමින් අජිත් ධර්මා විසින් ලියා තිබුණේ කිසි දිනෙක මත්පැන් පානය නොකළ ඔහුගේ පියාට බොහෝ විට අධික මත්පැන් පානය හේතුවෙන් හැදෙන රෝගයක් වැළඳී රෝහල්ගතව සිටියදීද රෝහල් සේවකයින් විසින් ඔහු මධු ලෝලියෙකුව සිට ඇති බවට පූර්ව නිගමනයකට පැමිණ කුඩම්මාගේ සැලකිලි දැක්වූ බවයි.
ඇමරිකාවේ ජනගහණයෙන් ඇතැම් සීමිත කොටස් වලට හැර වැඩි දෙනෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් නැති අතර වෛද්‍ය ප්‍රතිකාර වල මිල සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය රක්ෂණයක් හරහා) රෝගියා විසින් ගෙවිය යුතුය. මේ නිසා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක මිල යනු වෙනත් පාරිභෝගික භාණ්ඩයක මෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන විට භාණ්ඩයක හෝ සේවාවක හිඟයක් ඇති නොවේ. කෙසේ වුවද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ හැකි මුදල රෝගියාගේ මිල දී ගැනීමේ හැකියාව මත තීරණය වන නිසා වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ප්‍රතිකාරයක් නියම කිරීමේ දී, හැම විටම සවිඥානකව සිදු නොවූවත්, එයින් රෝගියාට සැලසෙන යහපත වැය වෙන මුදල සමඟ සැසඳීමක් කිරීමට සිදු වේ.
ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය වරයෙකුට බොහෝ විට මේ මිල සාධකය ගැන ඇමරිකාවේදී මෙන් සැලකිලිමත් වන්නට සිදු නොවේ. එහෙත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වෙන මුදල රෝගියාගෙන් අය කර නොගෙන වෙනත් අයෙකුගෙන් අය කර ගන්නා ක්‍රමයකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවන බැවින් බොහෝ විට වෛද්‍යවරයාට වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ අවශ්‍යතා තරමට සම්පත් නොමැති වීම නිසා ඇතිවන සම්පත් බෙදා හැරීමේ ගැටළුවයි. මෙහිදී ඇමරිකාවේදී මිල සාධකය මඟින් ස්වයංක්‍රීය ලෙස සිදු වන සම්පත් බෙදා හැරීමේ කාර්යය වෛද්‍යවරයාට තමන්ගේ අභිමතය පරිදි කිරීමට සිදු වේ. වඩා ඉහළ තලයකදී රෝහල් අතර සම්පත් බෙදා හැරීම කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනකු විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත්, පොදුවේ සියළුම රජයේ රෝහල් වලට සම්පත් වෙන් කරන ප්‍රමාණය මුදල් ඇමති වරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත් සිදු කරයි.
කිසියම් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට රෝගීන් අතර බෙදා දිය හැකි සම්පත් ප්‍රමාණය සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නැත. ඖෂධ, පරීක්ෂණ උපකරණ හා රෝහල් ඇඳන් ආදී සියළුම ආකාර වල සම්පත් වලට මෙය බලපායි. මෙහිදී සම්පත් බෙදා හැරීම සම්බන්ධව අභිමතය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෛද්‍ය වරයෙකු තමන්ගේ පෞද්ගලික නිර්ණායක හෝ වෛද්‍ය ආචාර ධර්ම මත පදනම් වූ වෙනත් පොදු නිර්ණායකයක් යොදා ගනිමින් ප්‍රමුඛතා පදනම මත සම්පත් බෙදා හැරීම සිදු කරයි. මේ ප්‍රමුඛතා පදනම තීරණ ගන්නා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය. රුවන් ජයතුංගගේ උදාහරණයේ මධු ලෝලියාට හා අජිත් ධර්මාගේ පියාට රුධිර ප්ලාස්මා පාරවිලනය සිදු නොකෙරෙන්නේ ඔවුන් මේ තීරණය ගන්නා පුද්ගලයාගේ ප්‍රමුඛතා පදනම මත පහළට වැටෙන බැවිනි.
රජයේ රෝහල් වල සම්පත් හිඟය ක්‍රමයෙන් ඉහළ යද්දී සම්පත් බෙදා හැරීම සම්බන්ධව වෛද්‍ය වරුන්ට කළ හැකි බලපෑමද ක්‍රමයෙන් ඉහළ යයි. 2017 වසර සඳහා අයවැයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 160,971.8 කි. මෙය 2016 වසර සඳහා වෙන්කර තිබුණු මුදල වූ රුපියල් මිලියන 198,838.0 ක මුදලට වඩා 19.04% කින් අඩු මුදලකි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව 327). කෙසේ වුවද, 2016 වසරේ ගණන සංඛ්‍යාලේඛණ විජ්ජාවකින් වැඩිකර පෙන්වූ මුදලකි. ඇත්තටම වෙන් කර තිබුණු මුදල මීට වඩා රුපියල් මිලියන 17,878 කින් අඩු මුදලක් විය. එම ගණන ඉවත් කළද 11.05%කින් ප්‍රතිපාදන කප්පාදු වී තිබේ.
රජයේ වියදම් වැඩි කර නොගන්නා අතර, ණය ගෙවීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීම සඳහා මෙවර අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක ප්‍රතිපාදන යම් ප්‍රමාණයකින් කප්පාදු කර ඇති බව පෙනේ. බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍රද මේ ප්‍රතිපාදන කප්පාදුවෙන් ගැලවී නැත. (මේ ගැන ඉඩක් ලැබුණු විටක පසුව වෙනම කතා කරමු.)
කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් වල සම්පත් හිඟය තව දුරටත් ඉහළ යාමයි. ඒ සමඟම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට සම්පත් බෙදා හැරීමේදී සිය අභිමතය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ඉඩකඩ තව දුරටත් ඉහළ යනු ඇති අතර, රුවන් ජයතුංගගේ ලිපියේ මධු ලෝලියා වැනි අයට එහි වන්දිය වැඩිපුර ගෙවන්නට සිදු වනු ඇත.
මේ කියන ආකාරයේ මධු ලෝලීන් මට මගේ ජීවිතයේදී ඕනෑ තරම් හමු වී තිබේ. මැරෙන්නම අමාරු වී රෝහල් ගත කර යාන්තම් ගොඩදාගෙන නැවත ආපසු පැමිණියත් මෙවැනි අය මත්පැන් පානය නවත්වන්නේ නැත. ඇත්තටම ඒ වන විට මත්පැනෙහි වහලුන්ව සිටින ඔවුන්ට මේ පුරුද්දෙන් මිදීමේ හැකියාවක්ද නැත. බොහෝ රෝහල් සේවකයින් මෙවැනි තැනැත්තන්ව දකින්නේ තමන්ගේ පාලනය යටතේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය විනාශ කරන සමාජ විරෝධීන් කොටසක් වශයෙනි. ඒ නිසා සම්පත් බෙදා හැරීමේදී වරදකාරී හැඟීමකින් තොරව එවැන්නන්ට අඩු ප්‍රමුඛතාවයක් දීමට ඔවුන්ට හැකි වී තිබේ. අධික ලෙස මත්පැන් පානය කිරීමේ සමාජ පිරිවැයක් ඇත්තටම තිබුණත් මෙහිදී එම තාර්කික හේතුවට වඩා වැඩිපුර බලපාන්නේ තීරණ ගන්නා පුද්ගලයින්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමයි.
මත්පැන් වලට එරෙහිව යන තාර්කික හේතුත්, ඊටත් වඩා ආගමික හා සංස්කෘතික හේතුත් නිසා රජයයන්ට මත්පැන් පානය අධෛර්යමත් කිරීම හේතුවක් ලෙස ඉදිරියට දමමින් මත්පැන් පානය කරන්නන්ගෙන් අධික බදු අය කිරීමට හැකියාවක් ලැබී තිබේ. මේ මඟින් මත්පැන් භාවිතය අධෛර්යමත් වන බව ඇත්තක් වුවත් බදු වැඩි කිරීම මඟින් රජය ඇත්තටම අපේක්ෂා කරන්නේ සිය බදු ආදායම් ඉහළ නංවා ගැනීමය. එය එසේ නොවේනම් රජය විසින් කළ යුත්තේ මෙසේ සුරා බදු ලෙස එකතු කර ගන්නා මුදල් වැය කිරීමේදී මත්පැන් වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛතාවයක් දීමයි. එහෙත්, එවැන්නක් සිදු නොවේ. ඒ නිසා, හැමවිටම වාගේ මේ බදු වැඩි කිරීම් කරන්නේ "ගාණකටය".
බදු වැඩි වීම නිසා ඕනෑවට වඩා මිල වැඩි වූ විට අන්තිමට වෙන්නේ, ලොතරැයි වලින් වුනාක් මෙන්, රජයේ බදු ආදායම අඩු වීමයි. ඇස්තමේන්තු කර ඇති පරිදි, 2017 වසරේදී රජයේ සුරා බදු ආදායම රුපියල් මිලියන 175,500 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව XXIV). මේ මුදල 2017 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදලට වඩා රුපියල් මිලියන 14,528 කින් පමණ වැඩිය. ඒ නිසා, ලංකාවේ මධු ලෝලීන් ගෙවන බදු වලින් පමණක් රජය විසින් "නොමිලේ" ලබා දෙන සියළුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවාවන් ලබා දී වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන ආනයන බදු සහන නිසා රජයට අහිමි වන ආදායමද ආවරණය කර ගැනීමට පුළුවන.
රෝහල්ගත වී යන්තම් ගොඩ දාගෙන ආපසු ගෙදර යන මධු ලෝලීහු නැවතත් මත්පැන් පානය කර රෝගී වී ආපසු රෝහල්ගත වෙති. එහෙත්, රෝහල්ගත වන ඒ වාර දෙක අතරද ඔවුහු රජයට තවත් සැලකිය යුතු වැඩිපුර මුදලක් බදු ලෙස ගෙවති.
මෙහිදී මෙසේ රෝහල්ගත වන වැඩි දෙනෙකු පරිභෝජනය කරන්නේ නීති විරෝධී මත්පැන් බවත්, ඒ නිසා ඔවුනගෙන් රජයට බදු ආදායමක් නොලැබෙන බවත් කියවන අයෙකුට මට "කියා දෙන්නට" පුළුවන. මතුපිටින් පෙනෙන පරිදි මේ කතාව නිවැරදිය. එහෙත්, ඇත්තටම මෙය සංකීර්ණ කරුණකි. නීති විරෝධී මත්පැන් පරිභෝජනය කිරීමට මේ පිරිස් පොළඹවා ඇත්තේ රජයයි. ඒ, බදු මඟින් මිල හත් අට ගුණයකින් ඉහළ යැවීම හරහා "නියම මිලට" තත්ත්වයෙන් වඩා හොඳ මත්පැන් පරිභෝජනය කිරීමට අඩු ආදායම්ලාභී බොහෝ දෙනෙකුට ඇති අයිතිය රජය විසින් නැති කර ඇති බැවිනි.
මේ පිටුපස සෞඛ්‍යමය හේතු තිබුණත්, මෙහිදී ආගමික හා සංස්කෘතික හේතු වලින් මේ ඉහළ බදු වලට වැඩි තල්ලුවක් ලැබී තිබේ. සීනි හා පිෂ්ඨය වැඩිපුර ගැනීමද විශාල ලෙස සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන අතර බත් වලට වන ඇබ්බැහියද අත් හැරීම ඉතා අපහසු ඇබ්බැහියකි. ඒ නිසා මත්පැන් මෙන්ම මිල වැඩි වුවත් ඉල්ලුම එතරම් අඩු නොවන හාල් වලට විශාල බද්දක් පැනවීමෙන් රජයට බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට පුළුවන. නමුත්, කිසිදු රජයක් ඒ ගැන නිකමටවත් හිතන්නෙවත් නැතිවා පමණක් නොව හැකි තරම් අඩු මිලකට හාල් සැපයීමට දැඩි උත්සාහයක් දරයි. ඒ, සෞඛ්‍යමය හේතු කෙසේ වුවත් "බඩ පිරෙන්නට බත් කෑම" මත්පැන් පානය කිරීම මෙන් "වරදක්" නොවන නිසාය.
මත්පැන් පානය කරන්නෝද අඩු වැඩි වශයෙන් මේ සංස්කෘතික රාමුව තුළම සිරවී සිටින අතර තමන් කරන්නේ වරදක්ය යන හැඟීම පෙරදැරි කරගෙන කියන ගාණක් ගෙවා මත්පැන් මිලදී ගන්නවා මිස ඔවුහු කවදාවත් සංවිධානය වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී රජය නඩත්තු කිරීමට විශාල දායකත්වයක් දෙන තමන්ගේ "බේබදු අයිතිවාසිකම්" වෙනුවෙන් හඬ නඟන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල තමන්ට දරා ගැනීමට නොහැකි වන විට නිහඬව නීති විරෝධී මත්පැන් වෙත යොමු වීමයි. මෙසේ ඉහළ සුරා බදු හමුවේ කිසිදු විරෝධයක් නොපා නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් පිරිසක් බැහැර වීම තුළ එසේ නොකරන අයගෙන් වැඩි මුදලක් බදු ලෙස ඉපැයීමට රජයට වක්‍රව උදවුවක් ලැබේ. නීත්‍යානුකූල මත්පැන් සඳහා අය කරන ඉහළ බදු නිසාම ඇතිවන නීති විරෝධී මත්පැන් වෙළඳසැල් වෙත ඔවුහු යොමු වෙති.
මෙසේ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවමින් තමන්ගේ මුදලින් මත්පැන් පානය කරන්නන් බොහෝ දෙනෙකු මෙන්ම මේ විශාල බදු මුදල නොගෙවිය හැකි බැවින් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් බැහැර වී බදුද සමඟ වැඩි මිලක් ගෙවා "හොඳ මත්පැන්" පරිභෝජනය කිරීමේ අවස්ථාව එය කිරීමට ආර්ථික ශක්තියක් ඇති අයට පවරා දීම මඟින් ඔවුන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමට රජයට වක්‍ර ලෙස උදවු කර ඇති පිරිසද මත්පැන් පානය කරන්නේ සංස්කෘතිය හරහා උරුම වන වරදකාරී හැඟීමක් සහිතව බැවින් බේබද්දන් රෝහල් තුළ මෙන්ම වෙනත් තැන් වලද බයිට් වීම ඉදිරියටත් එසේම සිදු වනු ඇත.
(Image: https://lordsofthedrinks.com/2015/03/11/drunk-guy-picks-fight-with-a-killer-elephant-in-sri-lanka/)

ඇබ්බැහි,
දේශපාලනය,
මත්පැන්,
සෞඛ්‍යය
Wednesday, February 15, 2017
චමින්ද පුස්වෙඩිල්ලගේ සිට සල් සපුනා සුරේන් ඇමති දක්වා...
අපේ රුචිකත්වයන් හා එම රුචිකත්වයන් මත පදනම් වූ තේරීම් වලට අප ජීවත්වන මෙන්ම හැදුනු වැඩුණු හා පෙර ජීවත්වුණු සංස්කෘතික වටපිටාවන්ගේ බලපෑම ඉමහත්ය. මම නම් වන ප්‍රපංචය ගොඩ නැඟෙන්නේ අපට දෙමවුපියන්ගෙන් උරුම වන පරම්පරා ගණනාවක ආදිතමයින්ගේ ජාන වලින් මෙන්ම, අප විසින් අපේ ජීවිත කාලය තුළ අත් දකින වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් මෙන්ම මිනිසුන්ගේ පූර්වජයින් විසින් ඔවුන්ගේ රුචිකත්වයන් අනුව සිදුකළ තේරීම් හා අන්තර් සබඳතාවන් අනුව ගොඩ නැඟී අපේ වත්මන් ජීවිතය නියාමනය කරන සංස්කෘතික පරිණාමයකද ප්‍රතිඵලයක් ලෙසිනි. අපේ වත්මන් තේරීම් අපේ ස්වාධීන තේරීම් වුවත්, මේ "ස්වාධීන" තේරීම් අපට උපතින් උරුම වන ජාන වලින් මෙන්ම සංස්කෘතික වටපිටාවෙන්ද ස්වායත්ත නැත.
අප ලංකාවෙන් පිටවී මේ වන විට වසර ගණනාවක් වුවත් මගේ බිරිඳ තවමත් වැඩිපුර බලන්නේ ලංකාවේ ටෙලි නාට්‍යයි. මේ දවස් වල ඇය නරඹන එක් ටෙලිනාට්‍යයක් වන්නේ සිරස රූපවාහිනියේ විකාශනය වන සල් සපුනා ටෙලි නාට්‍යයයි. මා මෙය මුල සිට හෝ පිළිවෙලකට නරඹා නැතත්, අතරින් පතර කොටස් කිහිපයක් පසුගිය සති දෙක තුනේදී ඇය සමඟ නැරඹුවෙමි.
සිරස නාලිකාවේ බොහෝ විට විකාශනය වන අනෙක් ටෙලි නාට්‍ය මෙන්ම මෙයද මහා ලොකු ගැඹුරක් ගැඹුරක් ඇති ටෙලි නාට්‍යයක් නොවූවත් නරඹන්නට ලැබුණු කොටස් කිහිපය තුළ හමු වූ සුරේන් ඇමතිගේ චරිතය අවධානය ඇද ගන්නකි. මේ ඇමති චරිතය බොහෝ විට සිංහල ටෙලි නාට්‍ය වල හා චිත්‍රපට වල මෙන්ම කාටුන්, චිත්‍ර කතා ඇතුළු අනෙකුත් දෘශ්‍ය මාධ්‍ය වල දකින්නට ලැබෙන ඇමති චරිතයට වඩා ආකෘතිමය ලෙස වෙනස් චරිතයකි.
එක විදිහක පරමාදර්ශී චරිතයක් වන සුරේන් ඇමතිට තඩි බඩක් නැත. මැදි විය නොඉක්මවූ තරුණයෙකු වන ඔහු දිනපතා ව්‍යායාම කරමින් ඇඟේ හැඩය පවත්වා ගනී. සුරේන් ඇමති හොරකම් නොකරයි. මිනී නොමරවයි. අනෙක් මිනිසුන්ගේ ප්‍රශ්න වලට සංවේදීය. සිය පවුලේ සමීපතම ඥාතීන් ගැනත් සොයා බලයි. ස්ත්‍රී ඇසුර වෙනුවට ප්‍රේමය සොයයි.
සොයා යන්නේදෝ ප්‍රේමයක්...
කැමිලස්ගේ මෙහෙව් රටේ මගෝඩිස් තුමාගේ සිට සුනිල් පෙරේරාගේ "පැරදුණු අපේ මැතිතුමා" හා ෆෙරෝස් කමාර්ඩීන්ගේ චමින්ද පුස්වෙඩිල්ල දක්වා අපට දෘශ්‍ය මාධ්‍ය වල බොහෝ විට දකින්නට ලැබුණු ඇමති චරිතය සුරේන් ඇමතිගේ චරිතය වැනි එකක් නොවේ. ඒ චරිත උස ගොස් තිබුණේ සුරේන් ඇමති මෙන් දික් අතට නොව හරස් අතටය. එමෙන්ම, මේ සම්ප්‍රදායික ජනප්‍රිය ඇමති චරිතය කොමිස් ගැහීමට, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට, ස්ත්‍රී ඇසුරට, මිනී මැරවීමට සැදී පැහැදී සිටි මැදි විය ඉක්මවූ චරිතයකි.
රටේ ඇත්තටම සිටි බොහෝ ඇමැතිලාගේ කල්ක්‍රියාවද මේ සම්ප්‍රදායික ඇමති චරිතයට කිට්ටුවෙන් ගියේය. ඒ නිසා, චමින්ද පුස්වෙඩිල්ල හෝ මගෝඩිස් තුමා වැනි චරිත ගැන ලොකු විවේචනයක් අදාළ පාඨකයින්ට හෝ ප්‍රේක්ෂකයින්ට තිබුණේද නැත. වසර කිහිපයකට පෙර 'දී ඉකොනොමිස්ට්'හි පළ වූ ලිපියකට අනුව, බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් චමින්ද පුස්වෙඩිල්ල චරිතය සලකා තිබුණේ අතිශයෝක්තියෙන් යුතුව මහින්ද රාජපක්ෂ චරිතය අනුකරණය කිරීමක් (පැරඩියක්) වශයෙනි.
ඇමති වරයෙකුගේ හෝ වෙනත් දේශපාලනඥයෙකුගේ සැබෑ චරිතය චමින්ද පුස්වෙඩිල්ල චරිතය වන්නක් වීම ලංකාවේ බොහෝ දෙනෙකුට කාලයක් තිස්සේම ලොකු ප්‍රශ්නයක් වුනේද නැත. මෙය බොහෝ ලාංකිකයින් විසින් හඳුනාගෙන තිබුණු සැබෑ දේශපාලනඥයාය. ඒ නිසාම බොහෝ දේශපාලනඥයින්ට තමන්ගේ සැබෑ ස්වරූපය එවැන්නක් නොවන බව බොරුවට පෙන්වන්නට අවශ්‍යතාවයක්ද නොතිබුණේය. එසේ නොපෙන්වීම නිසා එවැනි දේශපාලනඥයින්ට බොහෝ විට අවාසියක්ද සිදු නොවුණේය. වඩා වැදගත් කාරණය වුණේ "අපේ නියෝජිතයා කරන්නේ මොනවාද?" යන්න නොව "අපේ නියෝජිතයා අපට කරන්නේ මොනවාද?" යන්නයි.
කෙසේ වුවද, දේශපාලනයේ චමින්ද පුස්වෙඩිල්ලලා බොහෝ දෙනෙක් සිටියත් දේශපාලනයේ සිටි සියල්ලෝම චමින්ද පුස්වෙඩිල්ලලා නොවූහ. සල් සපුනා සුරේන් ඇමති තරම් පරමාදර්ශී නොවූවත්, සම්ප්‍රදායික ඇමති චරිතයට නොගැලපෙන දේශපාලනඥයින්ද අතරින් පතර සිටියේය. සැබෑ ලෝකයේදී ඒකාකාරී පුස්වෙඩිල්ල චරිත එපා වීමත්, ඡන්දදායකයින් විසින් වෙනස් දේශපාලන චරිත සොයා ගවේශනයක යෙදෙමින් අළුත් පර්යේෂණ කරන්නට පටන් ගැනීමත් මෑතකාලීන ප්‍රවණතාවයකි. හරියටම මේ සන්දර්භයේම නොවූවත්, ඇමරිකානු දේශපාලනය තුල ඔබාමා මෙන්ම ට්‍රම්ප්ද ඉදිරියට පැමිණීම තුළ සිදුවූයේ ඇමරිකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය බහුතරය තුළ ප්‍රතික්ෂේප වීමකි. එහෙත්, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය ලාංකීය බහුතරය විසින් තවමත් ප්‍රතික්ෂේප කර නැත.
සිරස වැනි නාලිකාවක් ටෙලි නාට්‍යයක් ප්‍රචාරණය සඳහා තෝරා ගන්නේ එහි ජනප්‍රියත්වය ගැන සැලකිය යුතු විශ්වාසයක් ඇත්නම් පමණි. ටෙලි නාට්‍යයක ජනප්‍රියත්වයට එහි ප්‍රධාන චරිත ගොඩ නඟා ඇති ආකාරය විශාල ලෙස බලපායි. මේ අනුව පෙනෙන පරිදි, සම්ප්‍රදායෙන් වෙනස්ව ගොඩ නඟා ඇති සල් සපුනා සුරේන් ඇමතිගේ චරිතය එවැනි වර්ගයේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීමට ලක් වී ඇති, ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති චරිතයකි.
මෙයින් අදහස් වන්නේ කුමක්ද?

ටෙලිනාට්‍ය,
දේශපාලනය
Saturday, February 11, 2017
චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (දෙවන කොටස)
පෙර ලිපියේ කතා කළ පරිදි විජේපාල හෙට්ටිආරච්චි හෝ සුජීව සේනසිංහ වැනි මහජන නියෝජිතයෙකු සිය බදු රහිත වාහන ආනයන බලපත්‍රය හරහා ලබන වාසිය හේතුවෙන් රජය විසින් අහිමි කර ගන්නා එක්සයිස් බදු මුදල රුපියල් 33,457,500.00කි. මීට අමතරව, වාහනයක් මිලදී ගන්නා වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වැට් වැනි අනෙකුත් බදු මුදල්ද සැලකූ විට මෙසේ රජයට අහිමි වන මුළු බදු ආදායම මීටත් වඩා විශාල විය යුතුය.
එසේ රජයට අහිමි වන බදු ආදායමින් විශාල කොටසක් මේ මහජන නියෝජිතයකුට සෘජු ආදායමක් ලෙස ක්ෂණිකව අතට ලැබෙන අතර පක්ෂ භේදයක් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පස් වසරකට වරක් උපයන මේ මුදල අඩු වශයෙන් ලක්ෂ 300ක්වත් විය යුතුය. වාහන ආනයන උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 50,000 සිට 62,500 දක්වා වැඩි කර ගැනීමෙන් මෑතකදී මේ ආදායම් ඉපයීමේ හැකියාව 25%කින් වැඩි කර ගැනීමට පෙරද මෙවැනි බදු රහිත වාහන ආනයන බලපත්‍රයක් රුපියල් ලක්ෂ 250කට පමණ විකිණුන බව වාර්තා වී ඇති බැවින් මෙය නරක ඇස්තමේන්තුවක් නොවේ.
එසේනම්, මේ ආදායම මාසයකට රුපියල් ලක්ෂ 5ක පමණවත් ආදායමකට සමානය. මේ වරප්‍රසාදය දැනට ලබන අයෙකු සිය කැමැත්තෙන් එය අතහැර දමනු ඇත්තේ අඩු වශයෙන් එපමණ මුදලක්වත් ඔවුන්ගේ අතට ලැබෙන්නේනම් පමණි. මහජන නියෝජිතයකුට සෘජුවම ලක්ෂ 300 බැගින් දුන්නේ හෝ රුපියල් ලක්ෂ 5ක අමතර මාසික දීමනාවක් ලබා දුන්නේ වුවද රජයට ශුද්ධ වශයෙන් වෙන්නේ වාසියක් වුවත් අයවැය යෝජනාව ඒ මට්ටමට දුර දිග ගියේ නැත. මහජන විරෝධයට මුහුණ නොදී එවැනි මුදලක් ලබා ගැනීම අපහසු බව මේ මහජන නියෝජිතයෝ දනිති. පාරදෘශ්‍ය නොවන ලෙස වාහන බලපත්‍රය මුදල් කර ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිතය.
අයවැය යෝජනා ගැන පැවති වැඩමුළුවකදී එජාප මන්ත්‍රීවරුන්ගෙන්ම මේ අයවැය යෝජනාවට විරුද්ධත්වය පළ වුනු බව මාධ්‍ය වල වාර්තා වී තිබුණේය. ඒ හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් අයවැයෙන් පසුව මහජන නියෝජිතයින්ගේ වාහන බලපත්‍ර අයිතිය අහිමි කිරීමට (දන්නා තරමින්) කිසිදු ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් ගැනුණේ නැත. එහෙත්, අයවැය යෝජනාව පරිදි රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අහෝසි කරමින් චක්‍රලේඛයක් නිකුත් විය.
රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අයිතිය නැති කිරීමට විරුද්ධව සටන් කළ කණ්ඩායම් අතරින් රජයට වැඩිම පීඩනයක් එල්ල කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එම සංගමය ලංකාවේ රජයට වැඩිම බලපෑමක් කළ හැකි පීඩක කණ්ඩායම වන්නට පුළුවන. මෙහිදී ඔවුන්ගේ සටන් පාඨයට තර්කානුකූල පදනමක්ද පැවති අතර ඔවුන් විමසා සිටියේ මහජන නියෝජිතයින් විසින් සිය වරප්‍රසාදය අහිමි කර නොගනිමින් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ වාහන ආනයන බලපත්‍ර වරප්‍රසාදය අහිමි කිරීමේ ඇති වැරැද්දයි. අවසානයේ මේ "වැරැද්ද" නිවැරදි කෙරුණු අතර එය සිදු වූයේ රජයට වාර්ෂිකව සිදුවන පාඩුව තවත් සැලකිය යුතු ලෙස වැඩි කරමින් මහජන නියෝජිතයින්ගේ මෙන්ම රජයේ සේවකයන්ගේද වාහන බලපත්‍ර වරප්‍රසාදය තව දුරටත් පුළුල් කිරීමෙනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු සිය සාමාජිකයින්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කාටලයක් ලෙස කටයුතු කරන විශාල ඒකාධිකාරයකි. එහෙත් මෙහිදී අමතක නොකළ යුතු කරුණ වන්නේ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රජය යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා කිහිප ගුණයක් විශාල තවත් දැවැන්ත ඒකාධිකාරයක් බවයි. රජයේ වෛද්‍යවරු යනු රජයේම කොටසක් බව බැහැර කළ නොහැකි තර්කයක් වුවත් එම සංගමයේ සාමාජිකයින්ගේ සාංගමික අනන්‍යතාවය රාජ්‍ය සේවකයින් ලෙස වන ඔවුන්ගේ අනන්‍යතාවයට වඩා බොහෝ ප්‍රබලය.
මේ ඒකාධිකාර දෙක අතර වරින් වර ඇති වන ගැටුම් වලදී මහජනතාවගේ වැඩි සහයෝගය හිමි වන්නේ රජයට වීම විමසිය යුත්තකි. වඩා විශාල ඒකාධිකාරයක් සමඟ සටන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මහජන අනුකම්පාව හිමි නොවන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ ඒකාධිකාර දෙකේ ක්‍රමෝපායයන්ගේ ඇති වෙනසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බොහෝ විට අනුගමනය කරන්නේ ඔවුන්ට සහයෝගයක් ලබා ගැනීමේ වැඩිම ඉඩක් ඇති කණ්ඩායම් වුවද බැහැර කිරීමේ ප්‍රතිපත්තියකි. එයින් වෙනස්ව, රජයේ ඉහළ ස්ථරය විසින් අනුගමනය කරන්නේ "බෙදාගෙන කෑමේ" ප්‍රතිපත්තියකි.
හැන්ද අතේ ඇති මහජන නියෝජිතයින් විසින් බදු රහිත වාහන බලපත් ලබා ගනිද්දී රජයේ ඉහළ නිලධාරීන්ටද කටුවක් විසි කිරීම මඟින් මේ ක්‍රියාවට එරෙහිව නැඟෙන ප්‍රතිරෝධය අඩු කරගනී. කටුවක් කීවද මේ කටුවේ සෑහෙන්න මස් තිබේ!
අළුත් චක්‍රලේඛය අනුව මේ වරප්‍රසාදය ලබන රජයේ නිලධාරියෙකුට එක්සත් ජනපද ඩොලර් 30,000 දක්වා වටිනා වාහනයක් බදු මුදලින් 50%ක් පමණක් ගෙවා මිල දී ගත හැකිය. ඒ අනුව, මේ වර්ගයේ බලපත්‍රයක "වටිනාකම" රුපියල් ලක්ෂ 65ක් පමණ වන අතර වසරකට වාහන බලපත් 9000ක් පමණ නිකුත් කෙරී ඇති බව සැලකූ විට රජය විසින් මෙවැනි බලපත් නිකුත් කිරීම මඟින් අය කර නොගනු ලබන බදු ප්‍රමාණය රුපියල් බිලියන 60ක් පමණ වනු ඇත. බලපත් හිමිකම හේතුවෙන් වාහන වැඩි ප්‍රමාණයක් ආනයනය කෙරෙන නිසා මේ මුළු මුදලම රජයට සිදුවන අලාභයක් බව කීම නිවැරදි නොවූවත් බලපත් සඳහා ලැබෙන වරප්‍රසාද පුළුල් කිරීම හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පෙනේ.
රජයේ ඉහළ නිලධාරීන්ට දැන් හිමිවන වාහන ආනයන බලපත්‍රය පෙර ලබා දුන් බලපත්‍රයට සාපේක්ෂව "විකුණා ගන්නටම දෙන" බලපත්‍රයකි. පෙර බලපත්‍ර ක්‍රමය යටතේ සිදු වූ තමන්ගේ පාවිච්චියට වාහනයක් ගැනීම දිරිමත් කිරීමක් මේ අළුත් ක්‍රමයේ නැත. රජයේ නිලධාරීන්ගේ වාහන බලපත් සඳහා පෙර පැවති උපරිම සීමාව එක්සත් ජනපද ඩොලර් 25,000ක් වූ අතර එම සීමාවට යටත්ව වුවද 50%ක බදු සහනයක් ලැබුණේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000 නොඉක්මවූ වාහන සඳහා පමණි. වාහනයේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 2600 උපරිමය දක්වා ක්‍රමයෙන් වැඩි වෙද්දී ලැබෙන බදු සහනයද 30% දක්වා ක්‍රමයෙන් අඩු විය. අළුතෙන් ලබාදෙන බලපත් වල උපරිම වටිනාකම් සීමාව වැඩි කර ඇතුවා පමණක් නොව එන්ජින් ධාරිතාව මත වෙනසක් නොකරමින් සියළුම වාහන සඳහා 50% බදු සහනය හිමිවේ.
සාමාන්‍යයෙන් වාහනයක එන්ජින් ධාරිතාවය වැඩි වෙද්දී මිලද ඉහළ යයි. රජයේ සේවකයෙකුට අඩු මුදලකට මිලදී ගත හැක්කේ එන්ජින් ධාරිතාව අඩු වාහනයකි. පෙර පැවති ක්‍රමය යටතේ එවැන්නෙකු 50%ක බදු සහනයක් ලැබීය. යම් හෙයකින් මේ බලපත්‍රය වැඩි මුදලක් අතේ ඇති අයෙකුට විකුණුවේනම් එය යොදාගෙන වැඩි එන්ජින් ධාරිතාවයක් ඇති වැඩි මිල වාහනයක් ආනයනය කළ හැකි වුවත් එවිට ලැබෙන්නේ අඩු බදු සහනයක් බැවින් වාහන බලපත්‍රය විකිණීම එතරම් වාසිදායක කටයුත්තක් නොවූ අතර අතේ ඇති මුදලට තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීම වඩා වාසිදායක විය. ඒ නිසා වාහන බලපත්‍රය යොදාගෙන වැඩි මිල වාහනයක් ගන්නට පෙළඹුණේ ඇත්තටම එවැනි වාහනයක් අවශ්‍යව සිටි, අතේ මුදල් ඇති අයෙකු පමණි.
අළුත් බලපත්‍ර ක්‍රමයෙන් ඉහත තත්ත්වය වෙනස් කර ඇත. දැන් කොයි වාහනයටත් ලැබෙන්නේ 50%ක බදු සහනයක් නිසා උපරිම සීමාව වන එක්සත් ජනපද ඩොලර් 30,000ට වඩා අඩු මිල වාහනයක් ගෙන්වීම මෝඩ වැඩකි. ඒ සඳහා අතේ සල්ලි නැත්නම් සහ එවැනි වාහනයක අවශ්‍යතාවයක් ලොකුවට නැත්නම් ලොකු වාහනයක් අවශ්‍ය කෙනෙකුට බලපත්‍රය විකිණීම වඩා වාසිදායකය. මෙය පෙර නොවූ තත්ත්වයකි. ඒ නිසා ඉදිරියේදී සිදුවනු ඇත්තේ වාහන බලපත්‍ර හිමි රජයේ සේවකයින් හෝ ඔවුන්ගේ බලපත් නියමින් හෝ අනියමින් මිලදී ගන්නා තැනැත්තන් විසින් මහජන නියෝජිතයින් විසින් කරන්නාක් මෙන් හරියටම ඩොලර් 30,000 මට්ටම ගලපමින් වාහන ආනයනය කිරීමයි. ඒ නිසා රජයට අහිමි වන බදු මුදල ඉහළ යනවාක් මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් පීඩා විඳිමින් සිටින ලංකාවේ ආනයන වියදම් වැඩිවීමටද මෙය හේතුවක් වනු ඇත.
මේ බලපත් ක්‍රමය මඟින් ඇත්තටම කරන්නේ කුමක්ද?
ආදායම් විෂමතාවය වැඩි කරමින් ධුරාවලියක් අනුව සමාජය සකස් කිරීමට උදවු කරන මේ වාහන බලපත් වලින් කරන්නේ ලංකාවේ කුල භේදයක් පවත්වා ගැනීමට රුකුල් දීමකි. මෙය ගොවිගම, කරාව ආදී වශයෙන් ලංකාවේ පැවති හා තවමත් පවතින කුල භේදයට සම්බන්ධ දෙයක් නොවන අතර වඩා සමීප වන්නේ පැරණි භාරතයේ චතුර්වර්ණ කුල ක්‍රමයටය.
සමාජ ධුරාවලියේ උඩින්ම සිටින ක්ෂත්‍රියයෝ හෙවත් පාලකයෝ දැහැමින් සෙමෙන් කෙසේ වෙතත් "ධර්ම ටෝක් වලින්" පමණක් රාජ්‍ය විචාරමින් අතිරික්තයක් නොනිපදවන රටේ "නැතිරික්තය" තමන්ටම බෙදාගනිති. එසේ පූර්ණ බදු රහිත වාහන බලපත් ලෙස සෘජු මුදල් වාසි බෙදා ගන්නේ අනාගතයේ ඉපදෙන්නට සිටින්නන්ගේ ගිණුම් වල බැරට ණය ගනිමිනි. දෙවන පෙල සිටින බමුණෝ මේ ක්‍ෂත්‍රියයන් සමඟ සහජීවනයක් පවත්වා ගනිමින් සියයට පණහේ බදු සහන ලබා ගනිති. තෙවන පෙළ සිටින වෛශ්‍යයෝ මේ ක්ෂත්‍රියකුගෙන් හෝ බමුනෙකුගෙන් හෙට්ටු කර වාහන බලපතක් මිලදීගෙන එහි උදවුවෙන් බදු පැහැර හරිමින් තමන්ටත් කිසියම් වාසියක් ලබා ගනිති. මේ සියළු බරපැන අන්තිමේදී පැටවෙන්නේ කාටද කියන එක කියන්නට අවශ්‍ය නැත. මෙසේ චතුර්වර්ණ ධුරාවලිය අනුව බෙදාගන්නා මේ වාහන යොදා ගැනෙන්නේද මහපාරේදී මෙන්ම වෙනත් බාහිර තැන් වලදීත් මේ චතුර්වර්ණ ධුරාවලිය පවත්වා ගැනීම සඳහාය.
අවසාන වශයෙන් මතක් කරන්නට තියෙන්නේ අග්ගික භාරද්වාජ සූත්‍රයේ චතුර්වර්ණ අර්ථ දැක්වීමයි.

Sunday, February 5, 2017
චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)
පසුගිය 2016 වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා විසින් ඒ වන විට මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීම සඳහා වූ වරප්‍රසාදය ඉවත් කිරීමට යෝජනා කළේය. මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ 563 වන ඡේදය මෙවැන්නකි. පරිවර්තනය මගේය.
"ගරු කතානායක තුමනි, වාහන බලපත්‍ර යෝජනා ක්‍රමය මේ වන විට දේශපාලනීකරණය වී හා අවභාවිතා වී ඇති අතර එමඟින් රජයට වසරකට රුපියල් බිලියන 40ක අති විශාල ආදායමක් අහිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන ආනයන බලපත්‍රද ඇතුළුව විවිධ යෝජනා ක්‍රම යටතේ ලබා දෙන සියළුම වාහන ආනයන බලපත්‍ර අහෝසි කරන මෙන් මම යෝජනා කරමි. කෙසේ වුවද, මේ මඟින් අවාසියක් සිදුවන සියළුම රාජ්‍ය නිලධාරීන්ට ඒ වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දෙන බවට මම සහතික වෙමි. මෙයට අමතරව රජය වෙනුවෙන් මිල දී ගන්නා සියළුම වාහන සඳහාද අදාළ සියළු බදු ගෙවිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර තිබේ."
මේ යෝජනාව හොඳ යෝජනාවකි. කෙසේ වුවද, මෙම යෝජනාවේ සඳහන් රාජ්‍ය නිලධාරීන්ට සිදුවන මූල්‍යමය ප්‍රතිලාභයේ ප්‍රමාණය ගැන සඳහනක් හෝ එම ප්‍රතිපාදන වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් කර ඇති බවක් අයවැය යෝජනා අතර පැහැදිලිව පෙනෙන්නට නැත. එමෙන්ම, මේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වූයේද නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් සංගමය ඇතුළු සංවිධාන රැසක් විසින් මේ අයවැය යෝජනාවට එරෙහිව දැක්වූ විරෝධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස හෝ එම විරෝධතාවන් හේතුවක් ලෙස පෙන්වමින් රජය විසින් වාහන බලපත්‍ර ක්‍රමය නැවතත් ස්ථාපිත කළේය. මේ අනුව, අළුතින් ක්‍රියාත්මක කර ඇති සංශෝධිත වාහන බලපත්‍ර ක්‍රමය හරහා සමාජයේ වරප්‍රසාද ලත් කොටසක් විසින් අඩු වරප්‍රසාද ලබන්නන්ගේ වියදමින් කලක් තිස්සේ ලැබූ මේ ප්‍රතිලාභය හා ඒ හේතුවෙන් රටේ ආදායම් විෂමතාවයට ලබාදුන් දායකත්වය තව දුරටත් පුළුල් කර ඇත.
දැන් නැවතත් මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත. මේ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් නොඉක්මවන වාහනයක් බදු රහිතව ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමි වී තිබේ. මහජන නියෝජිතයෙකුගේ බදු රහිත වාහන ආනයන බලපත්‍ර හා අදාළ වූ මේ උපරිම සීමාව 2010 දක්වා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 35,000ක්ද, එතැන් සිට එක්සත් ජනපද ඩොලර් 50,000ක් ද විය.
මගේ පෙර ලිපියෙහි විශ්ලේෂණය තුළ පුරෝකථනය කළ පරිදි මෙවැනි වරප්‍රසාදයක් හිමි වූ විට උපරිම සීමාවට වඩා අඩු වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම තර්කානුකූල තීරණයක් නොවේ. පෙනෙන්නට ඇති තොරතුරු අනුව පෙනෙන්නේ මේ උපකල්පනය නිවැරදි බවයි.
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ජර්මනියෙන් ආනයනය කර ඇති ඇමරිකාවේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් GLS350 රථයේ වටිනාකම යුරෝ 53,727.42 ක්ද, නැව් ගාස්තු යුරෝ 1,253.00ක්ද රක්ෂණ ගාස්තු යුරෝ 19.58 ක්ද වන අතර එකතුව අහම්බයෙන් මෙන් හරියටම යුරෝ 55,000.00කි.
එමෙන්ම, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 61,400 ක්ද, නැව් ගාස්තු ඩොලර් 936 ක්ද රක්ෂණ ගාස්තු ඩොලර් 464 ක්ද වන අතර එකතුව පුදුම සහගත ලෙස හරියටම ඩොලර් 62,500 කි.
මලික් සමරවික්‍රම විසින් අමාත්‍ය ධුරය දරන ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති වරයා වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඕස්ට්‍රේලියාව හරහා ආනයනය කරනු ලැබ දින තුනක් ඇතුළත අලි අක්බාර් සලේබායි වෙත පැවරෙන රථයද විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති මාදිලියේ 2016 නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයකි.
නීතිය අකුරටම පිළිපදින අතර, තමන්ට නීතියෙන් හිමි වී ඇති වාසිය හරියටම අන්තිම සතයටම ලබාගැනීමෙන් මේ මහජන නියෝජිතයින් විසින් පෙන්වන කුසලතාවය අනුවනම් ඔවුන් වෙනත් අය වෙනුවෙන් ගන්නා අනෙකුත් තීරණ ගැන සැක සිතන්නට කිසිම හේතුවක් නැත.
වාහන බලපත්‍ර හිමිකම නිසා මලික් සමරවික්‍රමට වෙනත් අයෙකු 290% ක බදු මුදලක් ගෙවා ලක්ෂ 394.3 කට මිලදී ගන්නා වාහනයක් ලක්ෂ 303.3 ක් අඩුවෙන්, එනම් ලක්ෂ 91.0 කට මිල දී ගන්නට ලැබේ. මේ අයුරින්ම, විජේපාල හෙට්ටිආරච්චිට හා සුජීව සේනසිංහට රුපියල් ලක්ෂ 334.6 ක බදු වාසියක් ලබමින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 92.3 කට හා ලක්ෂ 89.8 කට මිල දී ගන්නට ලැබෙන්නේ ලක්ෂ 420 ඉක්මවන වෙළඳපොළ වටිනාකමක් ඇති වාහනයි.
විජේපාල හෙට්ටිආරච්චි විසින් සිය වාහනය විවෘත වෙළඳපොළේ විකිණීම පිණිස පළ කර ඇති වෙළඳ දැන්වීම අනුව පෙනෙන්නේ ඔහු වෙළඳපොළ මිලට වඩා ලක්ෂ 30 ක් පමණ අඩුවෙන් මේ වාහනය විකුණන්නට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව සිය බදු රහිත වාහන ආනයන වරප්‍රසාදය වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වන මිල රුපියල් ලක්ෂ 300 ක් ඉක්මවන බව පෙනේ. ඔහු තරම් ඉවසිලිමත් නැති, ඉක්මණින් අතට සල්ලි ගන්නට බලාපොරොත්තු වන, වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් මෙවැනි වාහන බලපත්‍රයක් ඇත්තටම අලෙවි කරන මිල තරමක් අඩු විය හැකිය.
බදු රහිතව වාහනයක් ආනයනය කිරීමට ලැබීමෙන් මහජන නියෝජිතයෙකුට ලැබෙන වාසිය රුපියල් මිලියන 30 ඉක්මවන බව පෙනේ. පෙර ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මේ වාහන බලපත්‍රයකින් සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ මහජන නියෝජිතයෙකුට ක්ෂණිකව මුදලක් උපයා ගැනීමට ඉඩ ලැබීම නිසාත්, මෙසේ ආනයනය කෙරෙන වාහන "කොහොමටත් ගෙන්වන්නට තිබුණු" වාහන නිසාත් මේ කාණ්ඩයේ බලපත්‍ර හේතුවෙන් රජයට සිදුවන අවාසියද නොලැබී යන බදු මුදලට සමානය.
වෙනත් අයුරකින් කිවුවොත්, සුජීව සේනසිංහට වාහන බලපත්‍රයක් නොලැබුණද අලි අක්බාර් සලේබායි විසින් ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයක් මිල දී ගනු ඇත. අලි අක්බාර් සලේබායි විසින් සිය වාහනය එසේ සෘජුවම මිල දී ගත්තේනම් ඔහු විසින් රජයට ගෙවිය හැකිව තිබුණු බදු මුදල රුපියල් 33,457,500.00 ක් වන අතර සුජීව සේනසිංහ හරහා එම වාහනය මිල දී ගැනීමෙන් ඔහු ඒ බදු මුදලින් කිසියම් මුදලක් ඉතිරි කර ගනී. එසේ අලි අක්බාර් සලේබායි විසින් ලබන ලාභය හැරුණු විට රජයට නොලැබී යන ලක්ෂ 334.6ක බදු මුදලින් ඉතිරි ප්‍රමාණය සුජීව සේනසිංහ විසින් සිය වාහන බලපත්‍රය වෙනුවෙන් ලබන මුදලයි.
කෙසේ වුවද, මෙසේ මහජන නියෝජිතයින්ට පූර්ණ බදු රහිතව නිකුත් කෙරෙන වාහන ආනයන බලපත් ප්‍රමාණය සීමිත ප්‍රමාණයකි. මේ ගණන හරියටම නොදන්නා නමුත් වසරකට මෙසේ නිකුත් කෙරෙන බලපත් ප්‍රමාණය 200-300 නොඉක්මවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව, මේ "දෙවන කාණ්ඩයේ" බලපත් හේතුවෙන් රජයට සිදුවන අවාසිය රුපියල් බිලියන 6-10 මට්ටම නොඉක්මවයි.
රවී කරුණානායක විසින් කියා ඇති පරිදි මෙන්ම මුදල් අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වන පුවත්පත් වාර්තා අනුව වාහන බලපත් හේතුවෙන් වසරකට රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 40ක් පමණ වේ. එසේනම්, රජයට සිදුවන මේ පාඩුවෙන් වැඩි කොටස සිදු වෙන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට ලබා දෙන "පළමු කාණ්ඩයේ" වාහන බලපත්‍ර හේතුවෙන් විය යුතුය.
රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ර ගැන කතා කිරීම අපි දෙවන කොටසකට ඉතිරි කරමු.

Thursday, February 2, 2017
ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට
ඉහත මාතෘකාව යටතේ ලසන්ත වික්‍රමසිංහ නැමැත්තෙකු විසින් වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය වෙබ් අඩවියේ පළ කර තිබුණු ලිපියක් වෙත පාඨකයෙකු ඉකොනොමැට්ටාගේ අවධානය යොමු කර තිබුණේය. ලිපියට මුල් වූ රජයේ ප්‍රතිපත්ති තීරණය එලෙසම ක්‍රියාත්මක වුනාද නැත්නම් පසුව වෙනස් වුනාද යන්න මට හරියටම මතක නැත. කෙසේ වුවද, තීරුබදු රහිත වාහන බලපත්‍ර නිසා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට එය මා බාධාවක් කර ගන්නේ නැත.
ලසන්ත වික්‍රමසිංහගේ ලිපිය මෙසේ ඇරඹේ.
"වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය."
රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පළමු අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැඩිපුර මුදල් වෙන්කර තිබීම ඒ දවස්වල බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්විය. මේ සල්ලි වෙන් කිරිල්ලේ ඇත්ත නැත්ත ගැන ඉකොනොමැට්ටා විසින් පසුගිය මාර්තු මාසයේදී පෙන්වා දෙනු ලැබීය. මේ ගැන බන්දුල ගුණවර්ධන විසින් කතානායක වරයාව දැනුවත් කරනු ලැබ ඒ ගැන කතිකාවක් ඇති වී ඇති බව මෑතකදී බන්දුල ගුණවර්ධන සහභාගී වූ රූපවාහිනී සාකච්ඡාවකදී කියවුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන විට අදාළ 'සංඛ්‍යාලේඛණ විජ්ජාව' නිසා විකෘති වූ සංඛ්‍යා නිවැරදි කර තිබුණේය. ඇණයා විසින් දමා තිබුණු කමෙන්ටුවකින් පෙනෙන පරිදි ඉකොනොමැට්ටා විසින් පෙන්වා දෙන්නට පෙර බන්දුල ගුණවර්ධන විසින් මේ සංඛ්‍යාලේඛණ විජ්ජාව තේරුම් ගෙන සිටියා විය හැකිය. එවැනි එක් අයෙකු හෝ පාර්ලිමේන්තුවේ සිටීම සතුටට කරුණකි.
අයවැය සංඛ්‍යාලේඛණ මත පදනම්ව ලසන්ත වික්‍රමසිංහ විසින් රවී කරුණානායකගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය කියා කියන කියමනෙහි ගතයුත්තක් නැත්තේ නොවේ.
දෙවනුව ලසන්ත වික්‍රමසිංහ විසින් හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙත අවධානය යොමු කරයි. හර්ෂ ද සිල්වාගේ එම ප්‍රකාශයෙන් වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගත් තීරණය ගැන කියැවේ. ලසන්ත වික්‍රමසිංහ විසින් මූලිකවම විචේචනයට ලක්වන්නේ මෙසේ වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගෙන ඇති තීරණයයි. ඒ ගැන ඔහු මෙසේ කියයි.
"මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා ගත්තේ නැත. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා නවතින්නේ නැත. එළුවාට අහිමි කළ හිස සවි කරන්නට උත්සාහ කරන්නේ ගමරාළගේ බෙල්ල කපාගෙනවිත්ය."
ඉන්පසුව ඔහු මේ ප්‍රශ්නය ළමයෙකුට දුන්නොත් ලැබෙන පිළිතුරු ඉදිරිපත් කරයි. ඒ පිළිතුරු පහත උපුටා පළ කෙරෙන අතර, ඉකොනොමැට්ටාගේ පිළිතුරුද ඒ සමඟම පළවේ.
1). වාහන බලපත්‍ර ලබා දීම සදහා රජයට වැයවන මුදල කීයද? (කඩදාසි සහ මුද්‍රණ වියදම් ආදිය නොසළකා හරින්න)
ළමයා: බිංදුවයි.
ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සදහා රජය විසින් සෘජුව කිසිදු මුදලක් වෙන් කළ යුතු නැත. එහෙත් එයින් අදහස් වන්නේ වාහන බලපත්‍ර දීමෙන් රජයට කිසිදු අවාසියක් සිදු නොවන බව නොවේ. වාහන බලපත්‍ර දීමේ වියදම වන්නේ එහි ආවස්ථික පිරිවැයයි. එනම්, වාහන බලපත්‍ර නොදී සිටීමේ විකල්පයට සාපේක්ෂව රජයට සිදුවන වාසිය හා අවාසියයි. මෙහි සාකච්ඡා වී ඇති රජයේ ප්‍රතිපත්ති තීරණයට රට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයද සම්බන්ධ නිසා මේ තීරණයෙන් ගෙවුම් ශේෂයට වන බලපෑම ගැනද අපි කතා කරමු.
ලංකාවේ වාහන බලපත්‍ර ලබාගන්නා පිරිස් එහි ආර්ථික බලපෑම අනුව කණ්ඩායම් දෙකකට වර්ග කළ හැකිය.
පළමු කණ්ඩායම තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීමට මේ බලපත්‍රය පාවිච්චි කරන අයයි. වෛද්‍යවරුන් බහුතරයක් වැටෙන්නේ මේ පළමු කණ්ඩායමටය. ලංකාවේ වෛද්‍යවරයෙකුට වාහනයක් නැතුවම බැරි ඇයි කියාත්, වඩා මිල අධික වාහන ඕනෑ වෙන්නේ ඇයි කියාත් පෙර ලිපියකින් පැහැදිලි කර තිබේ.
දෙවන කණ්ඩායම බලපත්‍රය විකුණා මුදලක් හොයා ගන්නා අයයි. දේශපාලනඥයින් බොහෝ දෙනෙකු සිටින්නේ මේ කාණ්ඩයේය. තමන්ගේ වාහන අවශ්‍යතාවය රජයේ වාහන වලින් පිරිමසා ගන්නා මේ බොහෝ දෙනෙක් වාහන බලපත්‍රය යොදා ගන්නේ ක්ෂණික ආදායම් මාර්ගයක් වශයෙනි. මේ කාණ්ඩයේ ඇතැම් රජයේ සේවකයෝද සිටිති.
මේ එක් එක් කණ්ඩායමට වාහන බලපත්‍ර ලබා දීමේ ප්‍රතිඵලය ගැන හැදෑරීමට පළමුව සරල උපකල්පනයක් ලෙස සියලුම වාහන සඳහා රජය විසින් වාහනයේ වටිනාකම මෙන් 100%ක බද්දක් අයකරන බවත්, වාහන බලපත්‍රය ඇති අය මේ බදු මුදල ගෙවිය යුතු නැති බවත්, වාහන හා අදාළ වෙනත් බදු නැති බවත් අපි උපකල්පනය කරමු. මේ අනුව, බලපත්‍රයක් ඇත්නම් සාමාන්‍ය වෙළඳපොළ මිලෙන් 50%කට වාහනයක් මිලදී ගත හැකිය.
පළමුව, අපි පළමු කණ්ඩායම දෙස බලමු. බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවන්නට සිදුවේ. එමෙන්ම, බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 40ක් ගෙවන්නට සිදුවේ. වාහන බලපත්‍රය මඟින් මෙවැන්නෙකුට ලැබෙන වාසි කිහිපයකි. පළමුව, බලපත්‍රය නොතිබුණේනම් තමන්ට පාවිච්චි කරන්නට නොලැබෙන මිල අධික වාහනයක් පාවිච්චි කරන්නට ලැබේ. දෙවනුව, මෙය විකුණන විටක සැලකිය යුතු ලාබයක් ලැබිය හැකිය. මේ වාසි දෙකම වැඩි වන්නේ වාහනයේ මිල වැඩි වූ තරමටය. ඒ නිසා, වාහන බලපත්‍රයක් ඇති මේ කණ්ඩායමේ අයෙකු හැම විටම වගේ කරන්නේ තමන්ට යෙදවිය හැකි උපරිම මුදල වාහනය වෙනුවෙන් යෙදවීමයි.
මේ අනුව, රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවා එම වාහනයම මිල දී ගැනීමේ හැකියාවක් නැත. ඒ, ඔහුට හෝ ඇයට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 40ක් බැවිනි. ඒ නිසා මේ තැනැත්තා කරන්නේ එයින් අඩක වටිනාකම ඇති වාහනයක් මිලදී ගැනීමයි. එනම්, බදුද සමඟ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් හා බදු රහිත වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වන වාහනයක් මිල දී ගැනීමයි.
මේ අනුව, බලපත්‍රය අහෝසි කළහොත් රටෙන් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය 50%කින් අඩු වේ. එමෙන්ම, දැනට මේ කාණ්ඩයේ අයෙකු ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදල රජයට නොලැබෙන නමුත්, ඒ මුදලින් අඩක් රජයට බදු ලෙස ලැබේ. මේ කණ්ඩායමේ අයට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට සිදුවන පාඩුව මෙසේ අහිමි වන බදු මුදලයි. එය දැනට තීරු බදු රහිතව ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදලට නොව එයින් අඩකට සමානය.
මේ කණ්ඩායමේම සිටින රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකු වෙත දැන් අවධානය යොමු කරමු. බලපත්‍රය අහිමි වූ විට මේ පුද්ගලයාට ආනයනය කරන්නට එයින් අඩක වටිනාකමට ගත හැකි (එනම් තීරු බදු රහිතව රුපියල් ලක්ෂ 10කට ගත හැකි) සුදුසු වාහනයක් නැත. ඒ නිසා ඔහුට වාහනයක් මිලදී ගැනීමේ අදහස අත්අරින්නට සිදුවේ. රටට ඩොලර් ඉතුරු වේ. එහෙත් රජයට වැඩිපුර බදු මුදලක් නොලැබේ.
පළමු කණ්ඩායම යටතේ වැටෙන ඉහත අවස්ථා දෙකම සැලකූ විට තමන්ගේ පාවිච්චිය සඳහා වාහන ගෙන්වන අයට බලපත්‍ර දීම නිසා රජයට අහිමි වන බදු ආදායම එම කාණ්ඩයේ වාහන සඳහා අයවිය යුතු තීරුබදු වලින් අඩකට වඩා අඩුය. ඒ නිසා බලපත්‍ර දීම නැවැත්වුවහොත් රජයට සිදුවන පාඩුව බලපත්‍ර යටතේ ආනයනය කර ඇති වාහන සඳහා වන තීරුබදු වලින් අඩකට වඩා අඩුය. රටට ඉතිරි වන ඩොලර් ප්‍රමාණය මේ ආනයන වියදමෙන් අඩකට වඩා වැඩිය.
දැන් අපි දෙවන කණ්ඩායම වෙත හැරෙමු. මේ කණ්ඩායමේ සිටින්නෙකු වාහන බලපත්‍රය යොදා ගන්නේ එය වෙනත් අයෙකුට විකුණා, ඒ වෙනුවෙන් හැකි ඉහළම මිල ලබා ගැනීම සඳහාය. එවැන්නෙකු තමන්ගේ මුදල් යොදවා වාහනයක් මිල දී නොගන්නා බැවින් පළමු කණ්ඩායමේ අයෙකුට මෙන් "අතේ ඇති මුදල" සීමාකාරී සාධකයක් නොවේ.
වාහන බලපත්‍රයක මිල තීරණය වන්නේ කෙසේද? ඉල්ලුම හා සැපයුම අනුවය. සැපයුම ඇති වන්නේ වාහන බලපත්‍ර හිමි එහෙත් තමන්ටම වාහනයක් මිල දී ගැනීමට අවශ්‍යතාවයක් නැති දෙවන කණ්ඩායමේ අයගෙනි. ඉල්ලුම ඇතිවන්නේ අළුත් වාහනයක් තමන්ගේ මුදලින් ආනයනය කිරීමේ අවශ්‍යතාවය ඇති අයගෙනි.
කිසියම් මුදලක් ගෙවා වාහනයක් තමන්ගේ පාවිච්චියට ආනයනය කරන වාහන බලපත්‍රයක් අහිමි අයෙකු මේ වාහනය සඳහා (අපේ පෙර උපකල්පනය අනුව) 100%ක බදු මුදලක් ගෙවිය යුතුය. වාහන බලපත්‍රයක් ලබා ගැනීමෙන් මේ බදු මුදල නොගෙවා ඉතිරි කර ගත හැකි වුවත්, බලපත්‍රය මිල දී ගැනීම සඳහා එයින් කොටසක් ගෙවිය යුතුය. මෙහිදී බලපත්‍රය මිල දී ගන්නා පුද්ගලයා හැකි අඩුම මිලකට එය ගන්නට උත්සාහ කරද්දී විකුණන පුද්ගලයා වැඩිම මිලක් සොයයි.
රුපියල් ලක්ෂ 20ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 20 ඉක්මවන මිලක් කිසිසේත්ම නොගෙවන බව පැහැදිලිය. එහෙත්, රුපියල් ලක්ෂ 40ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 40 ක් දක්වා මිලක් ගෙවන්නට ඉඩ තිබේ. ඒ නිසා, වාහන බලපත්‍රයකට වැඩිම මිලක් ගෙවන්නට ඉදිරිපත් වන්නේ වැඩිම මිලකට වාහනයක් ගෙන්වන්නට සූදානමින් සිටින අයෙකි. වාහන බලපත්‍රයෙන් ලැබෙන උපරිම බදු සහනය ලක්ෂ 100නම් (උදාහරණයක් ලෙස) අවසානයේදී සියළුම බලපත් හිමියන් නවතින්නේ එවැනි අධික මිලකට වාහනයක් ගෙන්වන්නට අවශ්‍යව සිටින අයෙකු හමුවේය. වාහන බලපත්‍රය නිසා එවැන්නෙකුට ලක්ෂ 100ක බදු මුදලක් ඉතිරි වේ. ඒ නිසා වාහන බලපත්‍රය සැලකිය යුතු මුදලකට මිලදී ගත්තද එවැන්නෙකුට ලාභයක් තිබේ.
මේ අවස්ථාවේදී රජයට සිදුවන අලාභය වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනයට සමානය. නමුත්, වාහන බලපත්‍රය විකිණෙන්නේ ඊට වඩා අඩු මිලකටය. ආනයනය කෙරෙන්නේ කොහොමටත් ආනයනය කෙරෙන්නට තිබුණු වාහනයක් බැවින් මෙහිදී ගෙවුම් ශේෂයට බලපෑමක් නොවේ.
2). අළුතෙන් යෝජනා වී ඇති පරිදි බලපත්‍රය වෙනුවට රජයේ නිලධාරීන්ට මුදල් ලබා දීමට රජයට මුදලක් වැය වේද?
ළමයා: නැතුව. මුදල් දෙන්න මුදල් වැය වෙනවා නේන්නම්. ගොන් ප්‍රශ්නයක්නේ.
ඉකොනොමැට්ටා: මුදල් දීමට මුදල් වැය වුවත්, ඒ හේතුවෙන් මුදල් ඉතිරියක් වේනම් ශුද්ධ ලෙස රජයට මුදල් වැයවීමක් සිදු නොවේ. රජයට මුදල් වැය වනවාද යන්න තීරණය වන්නේ බලපත්‍රයක් වෙනුවෙන් ගෙවන මුදලේ ප්‍රමාණය අනුවය. මෙසේ ගෙවන මුදල වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය වන රුපියල් ලක්ෂ 100ක් යැයි සිතමු. දැන් දෙවන කාණ්ඩයේ අයගේ අවශ්‍යතාවය ඉටුවී ඇති නිසා ඔවුන් මේ මුදල තියාගෙන ඉන්නවා මිස වාහන ගන්නට යන්නේ නැත. වාහන බලපත්‍රය විකුණා ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ට ලැබී ඇත. බලපත්‍රය නැති වුනා කියා බලපත්‍ර මිලදී ගෙන වාහන ගෙන්වන්නට සිටි අය එය නොකර ඉන්නේ නැත. ඒ නිසා, ඔවුන් වාහන ගෙන්වන අතර එමඟින් රජයට කලින් නොලැබුණු බදු මුදලක් ලැබේ. රජය වැය කළ මුදලට ඉතා ආසන්න මුදලක් රජයට බදු ලෙස නැවත ආපසු ලැබේ. ගෙවුම් ශේෂයට විශේෂ බලපෑමක් නැත.
පළමු කාණ්ඩයේ අයට දැන් සැලකිය යුතු මුදලක් අතට ලැබී ඇති නිසා වැඩි වටිනාකමක වාහනයක් ගෙන්වන්නට පුළුවන. එහෙත්, බදු මුදල් ගෙවිය යුතුය. බදු රහිතව ලක්ෂ 40ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 140ක් ඇති නිසා ලක්ෂ 70ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 70ක් බදු ගෙවන්නට පුළුවන. එමෙන්ම, බදු රහිතව ලක්ෂ 20ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 120ක් ඇති නිසා ලක්ෂ 60ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 60ක් බදු ගෙවන්නට පුළුවන. අවසානයේ රජය ගෙවූ ලක්ෂ 100න් කොටසක් පමණක් ආපසු රජයට ලැබේ. පෙරට සාපේක්ෂව, වැඩි මිල වාහන ආනයනය කෙරෙන නිසා ගෙවුම් ශේෂයට ඇති වන්නේ නරක බලපෑමකි.
වාහන බලපත්‍රයක් වෙළදපොලේ විකිණෙන්නේ එයින් ලැබෙන උපරිම බදු සහනයට වඩා අඩු මිලකටය. රටේ විකිණෙන වාහන බලපත්‍ර ප්‍රමාණය මිල අධික වාහන සඳහා වන ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩියයි සිතුවොත් බලපත්‍රයක් විකුණන අයෙකුට සැලකිය යුතු හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති නිසා සිය බලපත්‍රයට තරඟකාරී මිලක් ලබා ගත හැකි වීමට ඉඩ තිබේ. මෙහිදී බලපත්‍රයකට ලැබෙන උපරිම බදු සහනය රුපියල් ලක්ෂයක්නම් ඒ මුදලින් අනුන්ගේ බලපත්‍රයකින් වාහනයක් මිලදී ගැනීම නිසා සිදුවන අපහසුතාවය වෙනුවෙන් මුදලක් අඩු කළ පසු ඉතිරි මුදල බලපත්‍රයක වෙළඳපොළ මිල වනු ඇත. මේ මිල ලක්ෂ 75ක් ලෙස සලකමු. ඒ නිසා, රජයට රුපියල් ලක්ෂ 100ක්ම නොගෙවා ලක්ෂ 80ක් වැනි මුදලක් පමණක් ගෙවන්නට බලපත්‍ර හිමියන් කැමති කරගන්නට බැරිකමක් නැත. එවිට පළමු කාණ්ඩයෙන් රජයට වන අවාසිය අඩුවන අතර දෙවන කාණ්ඩයෙන් ලාභයක් ලැබීමට පුළුවන. ගෙවුම් ශේෂ බලපෑමද අවම කර ගැනීමට හෝ හොඳ අතට හරවා ගැනීමට පුළුවන.
3) වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කීයක් වෙන් කළ යුතුද?
ළමයා: ඒ මොකටද? කීයක් වත් වෙන් කරන්න ඕනා නෑ. බලපත්‍රය අච්චු ගහලා දෙන එකනේ.
ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතු නැති වුවත් පළමු ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි කළ පරිදි රජයට ලැබෙන ආදායම් අඩුවන නිසා වෙනත් කටයුතු සඳහා වන මුදල් වෙන් කිරීම් සීමා කිරීමට සිදුවේ.
4) නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුද?
ළමයා: නැතුව. සල්ලි දෙන්නේ පොලීසියෙන්ද?
ඉකොනොමැට්ටා: නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුය. එහෙත්, දෙවන ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිළි කළ පරිදි, මෙසේ වෙන් කරන මුදලෙන් කොටසක්, එම මුදලම, හෝ වැඩි මුදලක් බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබේ. මෙය තීරණය වන්නේ බලපත්‍රලාභියෙකු වෙනුවෙන් ගෙවන මුදල, වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය, බලපත්‍රහිමියෙකු විසින් ලබා ගන්නා සාමාන්‍ය බදු සහනය හා බදු අනුපාතිකය යන කරුණු මතය.
5) ඒ මුදල සොයා ගත යුත්තේ කෙසේද?
ළමයා: අපේ අම්මලා තාත්තලා කඩෙන් ගන්න බඩු ටිකට බදු ගහලා තමා ඉතින්. ලංකාවේ වක්‍ර බදුනේ වැඩි.
ඉකොනොමැට්ටා: මේ තීරණය නිසා රජයේ වියදම වැඩි වුවහොත් එය පියවෙන්නේ බදු මුදලිනි. වියදම අඩු වුවහොත් වාසියද එසේමය. අමතර මුදල් සොයා ගැනීමට අවශ්‍ය වන්නේ වියදම වැඩි වුවහොත් පමණි.
6) කොහොමද රවීල හර්ෂල මලික්ල රනිල්ල එකතු වෙලා රාජ්‍යය වියදම අඩු කරපු හැටි?
ළමයා: වෙනස සැපද?
ඉකොනොමැට්ටා:සිදුවී ඇත්තේ රාජ්‍ය වියදම අඩුවීමක්ද නැත්නම් වැඩිවීමක්ද කියන්නට තරම් කරුණු ප්‍රමාණවත් නැත. කෙසේ වුවද, මේ තීරණය හේතුවෙන් රජයේ අයවැය හිඟයට හෝ ගෙවුම් ශේෂ හිඟයට සිදු විය හැකි හොඳ හෝ නරක බලපෑම එතරම් විශාල විය නොහැකිය. ලාබ පාඩු කෙසේ වුවත් වාහන බලපත්‍රය වෙනුවට සෘජුව මුදල් දීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.
(Image: https://www.colombotelegraph.com/index.php/mp-tax-free-vehicle-permits-abuse-ciaboc-charged-for-condoning-corruption/)

Tuesday, January 31, 2017
ලාංකිකයෙකුගෙන් පෘථිවියට අළුත් ලෝහයක්!
ජලකර හෙවත් හයිඩ්‍රජන් වායුව ගැන අපි බොහෝ දෙනෙකු අසා ඇත්තෙමු. හයිඩ්‍රජන් වායු අනුවක් සැදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වීමෙනි. ආවර්තිතා වගුවේ පළමු හා සැහැල්ලුම මූල ද්‍රව්‍යය වන හයිඩ්‍රජන් විශ්වයේ සුලභම මූල ද්‍රව්‍යයද වේ. අඩු උෂ්ණත්වයකදී හා වැඩි පීඩනයකදී හයිඩ්‍රජන් වායුව ද්‍රව තත්ත්වයට පත්වේ. කෙසේ වුවද, මෙසේ ද්‍රව තත්ත්වයට පත්වීමේදී එහි අනුක ස්වභාවය වෙනස් නොවේ.
හයිඩ්‍රජන් වායුවක් හා ද්‍රවයක් ලෙස පෘථිවියේ තිබුණත් ඝන හයිඩ්‍රජන් යනු මෙතෙක් කලක් පෘථිවියේ නොතිබුණු ද්‍රව්‍යයකි. හයිඩ්‍රජන් ඝන ලෝහයක් ලෙස වෙනත් ස්වභාවයකින් පැවතිය හැකි බව 1935 දී සෛද්ධාන්තිකව පෙන්වා දෙනු ලැබ තිබුණත් මේ ලෝහය ස්වභාවිකව පවතිනු සොයා ගැනීමට හෝ විද්‍යාගාර තුළ නිර්මාණය කිරීමට මෙතෙක් හැකි වුනේ නැත.
තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රංග ඩයස් ඇතුළු හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් දැන් මේ කටයුත්ත කරමින් මෙතෙක් පෘථිවියේ නොතිබුණු මේ අළුත් ලෝහය නිර්මාණය කර තිබේ. මේ බව එළිදරවු කරමින් ආචාර්ය රංග ඩයස් විසින් මහාචාර්ය අයිසැක් සිල්වේරා සමඟ එක්ව ලියූ පර්යේෂණ පත්‍රිකාව දින කිහිපයකට පෙර විමර්ශකයන්ගේ අනුමැතිය සහිතව ප්‍රමුඛතම විමර්ශිත ජර්නලයක් වන 'සයන්ස්' සඟරාවේ පළ විය.
මේ කටයුත්ත කිරීම සඳහා විශේෂයෙන් සැකසූ දියමන්ති කුටීරයක සිර කෙරුණු අණුක හයිඩ්‍රජන් ගිගා පැස්කල් 495ක පීඩනයකට භාජනය කෙරුණේය. මෙය එක් වර්ග සෙන්ටිමීටරයක් මත කිලෝග්‍රෑම් මිලියන පහක පමණ බරක් තැබූ විට ඇතිවන තරමේ පීඩනයකි. පෘථිවි මධ්‍යයේ ඇති පීඩනයද මීට වඩා අඩුය. මෙවැනි අධික පීඩනයකදී හයිඩ්‍රජන් අනුවේ පරමාණු අතර සම්බන්ධය ලිහිල් වී පරමාණුක හයිඩ්‍රජන් බවට පත් වේ. සෛද්ධාන්තිකව පුරෝකථනය කර ඇති පරිදි මෙහි විශේෂත්වය වන්නේ පීඩනය ඉවත් කිරීමෙන් පසුවද මෙය කාමර උෂ්ණත්වයේදී ස්ථායී ලෝහයක් ලෙස පැවතීමයි. මෙය සුපිරි සන්නායකයක් ලෙසද සැලකේ.
කෙසේ වුවද, රංග ඇතුළු පර්යේෂකයින් තවමත් සිය ලෝහ හයිඩ්‍රජන් සාම්පලය මත ඇති පීඩනය අඩු කර නැති නිසා කාමර උෂ්ණත්වයේදී හා සාමාන්‍ය පීඩනයක් යටතේ එය ස්ථායීව පවතිනු ඇති බව සහ සෛද්ධාන්තිකව එහි පැවතිය යුතු අනෙකුත් ලක්ෂණ තවමත් තහවුරු කර නැත. සිය පර්යේෂණය ජර්නලයක පළ වන තුරු මේ අවදානම නොගෙන සිටි ඔවුන් ඉදිරි සති වලදී සිය පර්යේෂණ ප්‍රතිඵලය තහවුරු කරන අමතර සාධක ගැන සොයා බලනු ඇත.
කොළඹ සරසවියේ ප්‍රථම උපාධිය හැදෑරු රංග 2013 වසරේදී වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
රංගට අපේ සුබ පැතුම්!

නවමු පුවත්,
භෞතික විද්‍යාව
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...