පසුගිය ඔක්තෝබර් මස 16 වන දින සිකුරුට අයිති තුලා රාශියට පැමිණි රවි නීච විය. මෙසේ තුලා රාශියේ රවි නීච වීමෙන් පසු එළඹෙන තෙවන හෝ සිවුවන කුජවාරය සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලොකු පෙරළි සිදුවන දවසකි. යුද්ධයට අධිපති කුජ කොහොමටත් පෙරළිකාරයෙකි. විශේෂයෙන්ම මේ වසර වැනි අධික අවුරුදු වල මේ බලපෑම ඉතාම වැඩිය. මේ අනුව, ලබන සතියේ ඇමරිකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ ක්ෂේත්‍ර වල ඉහළ තනතුරු රැසක් මෙන්ම තවත් සිවිල් තනතුරු ගණනාවක්ම වෙනස් වීමට නියමිත බව ස්ථිරවම පැවසිය හැකිය.
නොවැම්බර් 8 මේ වසරේ ඇමරිකාවේ මැතිවරණ දිනයයි. ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ ගණනාවක් එකවර පැවැත්වෙන එම දිනය ඇමරිකාවේ නීතියෙන්ම තීරණය වී ඇති දිනයකි. ඒ නිසා, රටේ දැනට සිටින පාලකයින්ගේ අභිමතය පරිදි, ඔවුන්ට දේශපාලන වාසි ලැබෙන පරිදි හෝ ඔවුන්ගේ කේන්ද්‍ර වලට ගැලපෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පවත්වන දින වෙනස් කළ නොහැකිය. මේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්විය යුත්තේ නොවැම්බර් මස පළමු සඳුදායින් අනතුරුව එළඹෙන අඟහරුවාදා දිනයි. එනම් නොවැම්බර් මස 2-8 අතර එළැඹෙන අඟහරුවාදා දිනයි. මේ වසරේ එම දිනය වන්නේ නොවැම්බර් 8 වෙනිදාය.
ලබන නොවැම්බර් 8 දින ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇමරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර 4 කටම වරක් එළැඹෙන මැතිවරණ දිනයේදී පැවැත්වේ. එහෙත්, ඇමරිකාවේ ජනාධිපතිවරණය මෙදින පැවැත්වෙන එකම මැතිවරණය නොවේ.
ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ ප්‍රධාන කොටස් දෙකකි. ඒ සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. සෙනෙට් සභාවේ සාමාජිකයින් 100කි. ඒ, එක් ප්‍රාන්තයක් නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගිනි. මේ නියෝජිතයින්ගේ ධුර කාලය වසර 6කි. ඔවුන්ගේ ධුර කාලය එවැනි දීර්ඝ කාලයක් වන්නේ නිතර වෙනස්වන මහජන කැමැත්තට ඕනෑවට වඩා යට නොවී රටට දිගුකාලීනව හොඳ තීරණ ගැනීමට ඉඩහැරීම සඳහාය. කෙසේ වුවද, සෙනෙට් සභිකයන් සියළු දෙනාම එක් වර තෝරා ගැනෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ, සෙනෙට් සභිකයින් මුළු ගණනින් තුනෙන් එකක් දෙවසරකට සැරයක් අළුතින් තෝරා පත්කර ගැනීමයි. ඒ අනුව, ලබන සතියේ සෙනෙට් සභිකයෝ 34 දෙනෙකු අළුතින් තෝරා පත් කර ගැනෙනු ලැබෙති. මේ අතරට මා සිටින ප්‍රාන්තයේ එක් සභික ධුරයක්ද ඇතුළත්ය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435කි. මේ ගණන ජනගහනයට සමානුපාතිකව ප්‍රාන්ත අතර බෙදීයයි. මෙහි නියෝජිතයෙකුගේ ධුර කාලය වසර 2ක් පමණි. මේ කෙටි ධුර කාලයේ අරමුණ රටේ මහජනතාවගේ අදහස් වෙනස් වන විට එම අදහස් ව්‍යවස්ථාදායකය තුළ නිවැරදිව නියෝජනය වන බව තහවුරු කිරීමයි. සෑම ඉරට්ටේ වසරකම යෙදෙන මැතිවරණ දිනයේ මුළු ඇමරිකාව පුරාම මේ නියෝජිතයින් අළුතින් තෝරා ගැනේ.
ජනාධිපති හා උප ජනාධිපති ධුර වැනි විධායකයේම කොටසක් ලෙස සැලකෙන ප්‍රාන්ත මහ ඇමති වරුන් ඇතුළු නියෝජිතයින්ගේ ධුර කාලයද (ප්‍රාන්ත දෙකක හැර) වසර හතරකි. මෙවර මැතිවරණ දින ප්‍රාන්ත මහ ඇමතිවරුන්ද ගණනාවක් අලුතෙන් තෝරා පත්කර ගැනෙති. මේ අතරට මා වාසය කරන ප්‍රාන්තයද ඇතුළත්ය. එමෙන්ම, ප්‍රාන්තයේ ප්‍රධාන තනතුරු වන නීතිපති, විගණකාධිපති වැනි තනතුරු සඳහාද, වඩාත් ප්‍රාදේශීය තනතුරු වන පාසැල් පාලක මණ්ඩල සඳහා නියෝජිතයින් පත් කර ගැනීම සඳහාද ඡන්ද විමසීම් මෙදිනම පැවැත්වේ. ඇමරිකාවේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛා වල ප්‍රධාන තනතුරු මෙන් අධිකරණ ශාඛාවේ තනතුරු මහජන ඡන්දයෙන් නොපිරවුණත්, දැනට ධුරය දරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා එම ධුරයේ දිගටම සිටිය යුතුද නැත්නම් වෙනත් අයෙකු පත් කළ යුතුද යන්න තීරණය කිරීමේ අවස්ථාවද මා වසන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසක ඡන්දදායකයින් සතු අයිතියකි.
මෙයට අමතරව, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, සෘජු ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම අනුව මහජන තීන්දුවට යටත් කෙරෙන නීති කෙටුම්පත් හා යෝජනා ජනමතවිචාරණයන්ට ලක්වීමද මෙදිනම සිදුවේ. මේ සියල්ල එක්ව ගත් කළ මගේ ඡන්ද පත්‍රිකාව පිටු හයකි.
මැතිවරණ දිනය තවමත් එළැඹුණේ නැතත් මානම් දැනටත් මගේ ඡන්ද භාවිතා කර අවසන්ය. ඒ ගැන පසුව ලියමි.
(Image: )
Friday, November 4, 2016
ඉදිරි සතියේ ඇමරිකාවේ පෙරළි රැසක්!
Thursday, November 3, 2016
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්...
සංගීතය ගැන දන්නා කිසිම කෙහෙම්මලක් නැතත්, අමරදේවයන් නික්ම ගොස් ඇති මේ මොහොතේ කෙටියෙන් හෝ සටහනක් නොතබාම නොහැකිය.
ටික කලකට පෙර බ්ලොග් ලොව හමා ගිය ගීත රැල්ලට හසුවුණු ඉකොනොමැට්ටා විසින් පලකළ ගීත දහසයක ලැයිස්තුවෙන් තුනක්ම ගයන්නේ අමරදේවයන් විසිනි. මේ ගීත ගණන තුනක් වූයේ ඉකොනොමැට්ටා තේරුවේ අනුපිළිවෙලින් ප්‍රියතම ගීත සොළොසක ලැයිස්තුවක් නොව ගීත සොළොසක ප්‍රියතම පැකේජයක් වීම නිසාය. මේ දෙකේ වෙනස ගැන ඉකොනොමැට්ටා කලින්ම ලිවුවේය. එසේ නොකර තනි තනිව ගීත ගෙන ශ්‍රේණිගත කළේනම් අමරදේවට මීට වඩා වැඩි ඉඩක් වෙන්වනු ඇත.
අමරදේවගේ ගීත වලට ඉකොනොමැට්ටාගේ ඇති කැමැත්ත ගැටවර වියේ සිටම එන්නකි. ඒ කාලය පීචං ප්රබුද්ධ භේදය ලොකුවටම තිබුණු කාලයකි. අමරදේව හා නන්දා මාලිනිය වැනි අය ප්රබුද්ධ ගොඩේ උඩින්ම සිටිද්දී, ජෝතිපාල හා නිහාල් නෙල්සන් වැනි අය හිටියේ පීචං ගොඩේය. මේ පීචං ගායකයින්ට ගැලරියේ සිට විසිල් ගහන රසිකයෝද නොඅඩුව සිටියහ. (විසිල් නොගැහුවත්, එවැනි ගායකයින්ගේත් ඉකොනොමැට්ටා කැමති ගීත රැසක් තිබේ.)
ඉකොනොමැට්ටා අමරදේවගේ ගීත ප්‍රිය කළේ ප්රබුද්ධ වෙන්නට අවශ්‍ය වූ නිසා නොවේ. අමරදේව රිද්මයට හදවතින්ම බැඳුණු නිසාය. ඒ බැඳීම එදාමෙදාතුර වෙනස් වුණේ නැත. කෙසේවුවද, අනුන්ට පෙනෙන්නට රාක්ක ගණන් පොත් ගොඩගසන්නන් මෙන්ම ප්රබුද්ධ බව පෙන්වන්නට අමරදේව අහන අය ඒ කාලයේද සිටියහ.
මා හිතන ලෙස මේ ප්රබුද්ධ පීචං භේදය පැමිණියේ ඉන්දියාවෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීත ශීල්පීහු බොහෝ විට අනෙකුත් සංගීත සම්ප්රදායයන් පහත් කොට සලකති. මගේ අදහස පරිදි අනන්‍ය හා පුළුල් සංගීත සම්ප්රදායක් නොතිබුණු ලංකාවට ගැලපෙන සංගීත සම්ප්රදායක් සකස් කිරීම සඳහා අමරදේවයන් විසින් ලබාදුන් දායකත්වයට වැඩිම ආභාෂයක් ලැබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙනි. ඒ ඔහු සංගීතය හැදෑරුවේ ලක්නව්හි භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් බැවිනි. කෙසේවුවද, අමරදේව සංගීතයේ දකුණු ඉන්දීය, බටහිර හා බයිලා සංගීත ආභාෂය මෙන්ම දේශීය ජනගී ආභාෂයද තිබුණේය. ඔහුට පෙර සිංහල සංගීතය පෝෂණය කළ, ශාන්ති නිකේතනයේ උගත් ඇතැමුන් තුළ වඩා ඉස්මතු වූයේ රාබීන්ද්‍ර ශාන්ගීත් ආභාෂයයි.
මේ රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්රදායද මා ඉතා කැමති සංගීත සම්ප්රදායකි. එම සම්ප්රදායේ ගී වැඩිපුර රස විඳින්නට ලැබුණේ මා බංග්ලා දේශයේ ගතකල ටික කාලයේදීය. මේ ගී වලට පෙම් බැඳ සිටි මා දිනක් ධාකාහි ප්‍රධාන පෙලේ හෝටලයක අවන්හලක සජීවී සංගීතයට සවන් දෙමින් සිටියෙමි. මා සමඟ සිටි අපේ ආයතනය හා අනුබද්ධ බංග්ලාදේශ සමාගමේ ප්‍රධානියා එහි සංගීතය සැපයූ ගායකයා වෙත කිසියම් මුදලක් විසි කර කැමති ගීතයක් ඉල්ලීමේ අවස්ථාව මට ලබා දුන්නේය. මට එක් වරම සිහියට ආවේ මා කැමතිම රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයකි. මගේ මුවින් වචනය ගිලිහෙන පමාවටම ලොකු වරදක් වූ බව මට තේරුණේය. එක් වරම ගල් වූ ගායකයා සිය කටහඬ අවදි නොකරම මා දෙස බලා සිටී.
"සමාවෙන්න! ඔහු විදේශිකයෙක්!"
මගේ සගයා වහාම ගායකයාගෙන් සමාව ඉල්ලුවේය. එසේ නොකීවානම් ඔහු සිය සර්පිනාවද අකුලාගෙන පිටවනු නොඅනුමානය. උත්තර භාරතීය රාගධාරී සංගීත ශිල්පියෙකුගෙන් රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයක් ඉල්ලීම එතරම්ම ලොකු අපහාසයක් බව මම එතෙක් දැන නොසිටියෙමි. සිය සංගීත සම්ප්රදාය වෙනුවෙන් බත්පත අතහරින ගායකයන් ඉන්නේ ඉන්දියානු චිත්‍රපට වල පමණක් නොවේ. ඉන්දියාවේදී රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්රදාය සාමාන්‍යයෙන් වැටෙන්නේ පීචං ගොඩටය.
ඉහත සිදුවීමේදී හමුවූ 'ප්රබුද්ධ' ගායකයාගෙන් වෙනස්වූ අමරදේවටනම් සිය රසිකයෙකුගේ සම්මත 'පීචං' හැසිරීමක් හමුවේ වුවත් කෝප නොවී ඉවසිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබී ඇති බව පෙනේ.
අමරදේවනම් ගායකයා බිහිවීමේ කතාවම ඉල්ලුම හා සැපයුම පිළිබඳ කතාවකි. ඇල්බට් පෙරේරා අමරදේව වන්නේත්, මුදල් සම්මාදම් කර භාත්ඛන්ඩේ යවා මේ ගායකයාව බිහිකරගන්නට ජනතාව යොමුවන්නේත් රටේ අමරදේව වැනි ගායකයෙකුට ලොකු ඉල්ලුමක් පැවති නිසාය. අමරදේව මේ බරපැන සැපයූ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩකළේ නැත.
මගේ කියවීම අනුව, අමරදේව කිසියම් ස්ථායී සමතුලිතතාවයක සිටි ගායකයෙකි. ඔහු උපන් වසරේ ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සැලකූ විට අමරදේව දිගු කලක් ජීවත් වූ අයෙකි. හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සඳහන්වන ඔහු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම ගැන පරමාදර්ශයක් නොවෙතත්, ජීවිතය විඳීම නිසි ලෙස කළමනාකරණය කරගත් ගායකයෙකි. එමෙන්ම, මා දන්නා තරමින් අමරදේව ජීවිතයේ අවසන් කාලයේ අනුන්ට දෙස් දෙවොල් තබමින් රජයෙන් හෝ මහජනතාවගෙන් ආධාර ඉල්ලූ කලාකරුවෙක්ද නොවේ. මා මේ කරුණු ලියන්නේ ලංකාවේ බොහෝ කලාකරුවන් එවැනි තැනකට වැටෙන නිසාය. වඩාත්ම වැදගත් කරුණනම් ගායකයෙකු ලෙස අමරදේවයන් එක දිගට දශක ගනනක් ස්ථායීව සිටීමයි.
බොහෝ කලාකරුවන්ට මරණයෙන් පසු පමණක් ලැබෙන ගරු සම්මාන හා උපහාර සිය ජීවිත කාලය තුලදීම ලබා ගන්නට තරම් අමරදේව වාසනාවන්ත විය. එහෙත් අමරදේව කිසිසේත්ම අධිතක්සේරුවකට ලක්වූ කලාකරුවෙකු නොවේ. ඔහු සිටියේ ඔහු සිටිය යුතු නියම තැනයි. සමාජය හෝ කිසියම් පිරිසක් විසින් ඕනෑවට වඩා පුම්බනු ලබන කලාකරුවන්ට වැඩිකලක් එක දිගට ජනප්‍රියව සිටිය නොහැකිය.
අමරදේවගේ ගීත වලට කැමති රසිකයින්ට පහත සබැඳිය වෙත ගොස් අද දවස පුරාම අමරදේවගේ ගීත රස විඳිය හැකිය.
http://sinhalasongs.org/WebRadio/
(Image: http://archives.dailynews.lk/2009/12/09/art01.asp)

Labels:
නවමු පුවත්,
මරණය,
සංගීතය
Wednesday, November 2, 2016
රාජ්‍ය පාලනයේ අලි ලකුණ
ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබූ කාලයේ සිට අඛණ්ඩව ලංකාවේ ජාතික කොඩියේ මෙන්ම රාජ්‍ය ලාංචනයේද සිංහයෙකු සිටී. එහෙත්, සත්ත්වෝද්‍යාන වල හැර ලංකාවේ වෙනත් තැන්වල නිදහසේ ජීවත්වන සිංහයින් නැත. ලංකාවේ සිංහයින් ජීවත්ව සිට ඇති බවට පුරා විද්‍යාත්මක සාධක ඇතත් ඒ රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයට බොහෝ කලිනි.
රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයේ ලංකාවේ සිංහයින් නොසිටියත් අලියෝ සිටියහ. සිංහයෙකුගෙන් ඇරඹුණු සිංහල ජාතියේ ඉතිහාසය ගැන කියන මහා වංශයේද සිංහයා ගැන මුලින්ම කියවෙන තැනට පෙර අලියෙක් ගැන සඳහනක් තිබේ. කෙසේ වුවද, ඒ මහා වංශ ඉතිහාස කතාවට කෙළින්ම අදාළ නොවන තැනකය.
මහා වංශය අනුව ඉතිහාසය ඇරඹුණු අළුත, විජය ඇතුළු පිරිසට පාදපරිචාරිකාවන් ආනයනය කෙරෙද්දී ලැබුණු තුටු පඳුරු අතර අලි ඇත්තුද සිටිති. ලංකාවෙන් අලි ඇතුන් ඇල්ලීම, අපනයනය කිරීම මෙන්ම ආනයනය කිරීමද විජය යුගයටත් පෙර සිටම සිදු වූවා විය හැකිය. මහ පැරකුම්බා සමයේ ලංකාව අරමණ දේශය ආක්‍රමණය කරන්නේද අලි ප්‍රශ්නයක් මුල් කර ගෙනය. ලංකාව ගැන ලියැවී ඇති ඓතිහාසික වාර්තා අතර අලි ගැන ලියැවී නැති වාර්තා නැති තරම්ය.
කෙසේවුවද, පෘතුගීසීන් ලංකාවට එන කාලය වන විට ලංකාව පාලනය කළ රජවරුන්ගේ කොඩි වල වැජඹුණේ සහශ්‍ර ගණනක සිට ලංකාවේ සුලභව සිටි අලි නොව ලංකාවේ එවකට නොසිටි සිංහයින්ය. ඒ වන විට මහාවංශ ප්‍රවාදය විශ්වාස කළ රටවැසියන් ඔවුන්ගේ මනසේ ජීවත් වූ සිංහයාට දුන් ආර්ථික වටිනාකම මහ පොළොවේ ජීවත් වූ අලියාට දුන් ආර්ථික වටිනාකමට වඩා වැඩි වීම මෙයට හේතු වන්නට ඇත.
ලංකාව ආක්‍රමණය කළ යුරෝපීයයන්ට රටවැසියන්ගේ ඔළුගෙඩි තුළ ජීවත් වූ සිංහයින්ට වඩා, රටින් පිටත බාහිර ලෝකය ආර්ථික වටිනාකමක් දකින අලියා වැදගත් වීම හෝ වෙනත් හේතුවක් නිසා ලංකාවේ පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලකයින්ගේ රාජ්‍ය ලාංචන වල ඉඩ ලැබුනේ සිංහයාට නොව අලියාටය. ඒ අනුව, ලංකාවේදී සියවස් ගණනක් නැති සිංහයෙක්ට ලබාදුන් තැන යුරෝපීයයන් විසින් අලියාට ලබා දුන්නේය.
(පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයන් යටතේ ලංකාවේ රාජ්‍ය මුද්‍රා වල සිටි අලි සහ බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩියේ අලියා. රූප සියල්ල විකිපීඩියාවෙනි.)
නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය ලාංචනයේ සිටි අලියා වෙනුවට නැවතත් සිංහයා ආදේශ විය. ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංචනයේ මෙන්ම ජාතික කොඩියේද, පළාත් කොඩි නවයෙන් හතරකද සිංහයින් සිටියත් ඒ එකකවත් අලි නැත.
කෙසේ වුවද නිදහසින් පසු ගත වූ කාලයෙන් අඩක් පමණ ලංකාව පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ සංකේතය අලියාය.
සහශ්‍ර ගණනක සිට අලින්ගේ නිජබිමක් වන ලංකාවේ මෙන්ම, සහශ්‍ර ගණනකට පෙර වඳ වී යාම නිසා දැන් නිදහස් අලි ජීවත් නොවන ඇමරිකාවේ දේශපාලනයේද අලියාට ලොකු තැනක් තිබේ. ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ සංකේතය අලියාය.
ලෝකයම බලා සිටින, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් අතර මීළඟ ඇමරිකන් ජනාධිපති ධුරය සඳහා වන සටන අවසන් වන්නට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මේ අතර බැඳුම්කර සිදුවීම කෝප් වාර්තාව සමඟ නැවතත් කරලියට පැමිණීමත් සමඟ ලංකාවේ රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාවද නැවතත් ප්රශ්නකාරී වී තිබේ.
ලංකාවේ මෙන්ම ඇමරිකාවේ දේශපාලනයේද අලින්ගේ භූමිකා දෙස අපි දෑස් දල්වා බලා සිටිමු.
(ඇතැම් සිංහල බ්ලොග් ලියන්නන් හා කමෙන්ට්කරුවන් පසුගිය කාලයේ ක්‍රියා කළ ආකාරය සැලකිල්ලට ගනිමින් ඉකොනොමැට්ටා මෙතෙක් අනුගමනය කළ කමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් කළ බව කණගාටුවෙන් දැනුම් දෙන්නට සිදු වී තිබේ. ඒ අනුව, ඔබේ කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කරනු ලැබ ඇති අතර මෙහි පළ කරන්නේ ඒවා අතරින් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරා ගන්නා කමෙන්ට්ස් පමණි. ඒ අනුව, ඉකොනොමැට්ටාගේ අදහස් සමඟ ගැටෙන, ඉකොනොමැට්ටාව විවේචනය කරන හා ඉකොනොමැට්ටා ඔහේ ලියන තර්කානුකූල නොවන හා පදනමක් නැති කරුණු පෙන්වා දී ඉකොනොමැට්ටාව හිර කරන කමෙන්ට් පළ නොවන්නටත්, ඉකොනොමැට්ටා ලියන ඕනෑම කෙහෙම්මලක් අගය කරන, ඉකොනොමැට්ටාගේ පිට කසන කමෙන්ට් පළ වන්නටත් වැඩි ඉඩකඩක් තිබේ. කමෙන්ට් කියවා අනුමත කිරීම හෝ නොකිරීම කරන්නට වෙන්නේද ඉකොනොමැට්ටාට ඒ සඳහා වෙලාවක් ලැබුණු විටකය.)
Image: 123RF.com
Labels:
ඉතිහාසය,
දේශපාලනය,
සත්ත්ව ලෝකය
Sunday, October 9, 2016
දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!
ලංකාවේ දොස්තරලාගේ කාර් සිහිනය ගැන පසු ගිය දවස් වල බොහෝ දෙනා ඇති තරම් කතා වුණේය. ලංකාවේ රෝහල් කිහිපයකම වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති රුවන් ජයතුංග ඒ ගැන මෙසේ ලියා තිබුණේය.
"නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති."
ඔහු වැඩි දුරටත් මෙසේ කියයි.
"රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති."
මේවා වෛද්‍ය රුවන් ජයතුංගගේම පෞද්ගලික අත්දැකීම් බැවින් මෙය සැබෑ තත්ත්වය ලෙස සලකන්නට මට අමාරුවක් නැත. කෙසේවුවද, මෙහි කියා ඇති දේ, විශේෂයෙන්ම රාජකාරි වෙලාවේ හොරෙන් පීපී කිරීම හැර දෙවන කොටසේ ඉතිරි කරුණු, සේවය අරඹන සෑම වෛද්‍යවරයකු විසින්ම හෝ බහුතරයක් විසින් කරන දෑ නොවන බව මගේ අදහසයි. රුවන් විසින් එසේ කියාද නැත.
මා මේ ලිපියෙන් අවධානය කරන්නේ කමෙන්ටුවේ පළමු කොටසේ ඇති කරුණටය. ඇත්තටම බොහෝ වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය. ලංකාවේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ සමාජ ආර්ථික පසුබිම අනුව එය එසේ වීමේ පුදුමයක් හෝ වැරැද්දක් නැත. වැරැද්ද ඇත්තේ සීමාවාසික පුහුණුවට යාමට පෙරම පෞද්ගලික වාහනයක් මිල දී ගැනීමට හා එය නඩත්තු කිරීමට තරම් හැකියාවක් ඇති අයට පමණක් වෛද්‍යවරුන් වන්නට සිදුවේනම්ය. මුලින්ම වෘත්තිය අරඹන ඉංජිනේරුවෙකුගේ හෝ නීතිඥයෙකුගේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත.
මෙසේ සමාජ ධුරාවලියේ පියවරක් ඉහළට තබන පහළ මධ්‍යම පාන්තික සමාජ ආර්ථික පදනමක් ඇති වෘත්තිකයින්ට මෝටර් රථයක් හැකි ඉක්මණින් මිලදී ගැනීමේ සිහිනයක් තිබේ. එහිද කිසිම වරදක් නැත. (එහෙත්, ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් කරන බව පසුව සඳහන් කර ඇති බොහෝ දේ නිවැරදි නැත.) එමෙන්ම, සිය සේවා කොන්දේසි අනුව බාධාවක් නැත්නම් රාජකාරි කාලයෙන් පසුව පීපී කිරීමේද වරදක් නැත. මුදල් සෙවීම සඳහා පීපී කරන වෛද්‍යවරුන් කරන්නේද වැදගත් සේවයකි. එහෙත් එය වෙනත් අය නොකරන අමුතු හෝ විශේෂ සේවයක් නොවේ. ඕනෑම ව්‍යාපාරිකයෙකු කරන ආකාරයේ, පාරිභෝගික ඉල්ලුම සැපිරීමේ සේවයකි.
වෘත්තිය අරඹන වෛද්‍යවරයෙකුගේ කාර් සිහිනය පිටුපස 'පංතිය මාරුකිරීම' වැනි අරමුණු තිබෙන්නට පුළුවන. එහෙත්, මා මේ ලිපියෙන් පෙන්වා දෙන පරිදි කාර් එක යනු බෙහෙත්, වෙද නලාව මෙන්ම පීපී කිරීම සඳහා වෛද්‍යවරයෙකුට අත්‍යවශ්‍යම උපාංගයකි. මෙය ඉංජිනේරුවෙකු මුහුණ නොදෙන එහෙත් වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයකි. ඇලෝපති වෛද්‍යවරයෙකු හැකි ඉක්මණින් කාර්පති සුදුසුකම සම්පූර්ණ කරගන්නට දිවා රෑ මෙන්ම සති අන්ත වලද වෙහෙසෙන්නේ මේ හේතුව නිසාය.
මෙය පැහැදිලි කිරීමට මම උපුටාගන්නේ ලංකාවේ සේවය කර ඇති තවත් වෛද්‍ය වරයෙකු වන කවිඳු ජයසිංහගේ හෙල්මළු වියුණුවේ කොටසකි. අදාළ ලිපියේ ඔහු සිය වෘත්තීය ජීවිතයේ මුල් අදියරේදී මෝටර් රථයක් නොමැතිකමින් මුහුණ දුන් තත්ත්වයන් මෙන්ම ඒ සිහිනය සැබෑ කර ගැනීමට ගත් උත්සාහයද මැනවින් විස්තර කර තිබේ.
"ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල් හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.
මාසිකව මුදලක් අම්මලාට යැවීමටත් නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.
පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.
උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස හතරෙන් පසු පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.
මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.
"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා. කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "
යැයි කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය තදින්ම දැනෙන්නට විය.
"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "
මම ලෙඩා අස්වසාලන්නේ කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි."
මෙය කවිඳුගේ පුද්ගලික අත්දැකීමක් පමණක් නොවේ. මුලින්ම සේවය අරඹන බොහෝ වෛද්‍යවරුන්ගේ තත්ත්වයයි. ඔහු මෙහි විස්තර කර ඇති පරිදි වෛද්‍යවරයෙකුගේ මෝටර් රථය යනු ඔහුගේ මෙන්ම ඔහුගේ පාරිභෝගිකයන්ගේද අවශ්‍යතාවයකි. ඒ ඇයි?
වෛද්‍ය සේවා වෙළඳපොළ විශාල තොරතුරු අසමමිතියක් ඇති වෙළඳපොළකි. හාල් සේරුවක් පොල් ගෙඩියක් මිලදී ගන්නා විට හෝ කරණවෑමියෙකුගේ සේවය ලබා ගන්නා විට මෙන් තමන් මුදල් ගෙවා මිලදී ගන්නා දෙය පිළිබඳ නිවැරදි දැනුමක් පාරිභෝගිකයාට නැත. ඒ නිසා සේවය සපයන වෛද්‍යවරයකුට සිය පාරිභෝගිකයින් රවටන්නට ඉඩක් තිබේ. වෛද්‍ය රුවන් ජයතුංග සටහන් කර ඇති පරිදි ඇතැම් වෛද්‍යවරු ඇත්තටම එසේ කරති.
"එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති."
එහෙමනම් නරක වෛද්‍යවරයෙකුගෙන් හොඳ වෛද්‍යවරයෙකු වෙන්කර හඳුනාගන්නේ කෙසේද?
සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය කළ හැකි එකම ක්‍රමය වෛද්‍යවරයෙකු නැවත නැවත පරික්ෂාවට ලක් කිරීමයි. පළමු වර එක බේත් වේලෙන් ලෙඩේ සුව වීනම් පාරිභෝගිකයා දෙවන වරටත් ඒ වෛද්‍යවරයා වෙත යන්නට නොපැකිලේ. කෙසේවුවද, එක් පාරිභෝගිකයෙකුට නියමිත කාලයක් තුළ වෛද්‍යවරයෙකු වෙත විශාල වාර ගණනක් යන්නට සිදු නොවන බැවින් මේ පරික්ෂාවේ ප්‍රායෝගික සීමාවක් තිබේ. ඒ නිසා, වඩා හොඳ ක්‍රමයක් වන්නේ වෙනත් පාරිභෝගිකයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.
වෛද්‍යවරයෙකු වෙත පාරිභෝගිකයින් විශාල පිරිසක් යන්නේනම් එයින් අදහස් වන්නේ ඒ වෛද්‍යවරයා ගැන වැඩි දෙනෙකු සෑහීමකට පත්වන බවයි. එය වෛද්‍යවරයාගේ සේවයේ ගුණාත්මක භාවය හඟවන නිරීක්ෂණය කළ හැකි සංඥාවකි.
මෙය නීතිඥයින්, මංගල ඡායාරූපකරුවන්, මංගල උත්සව සඳහා ඇඳුම් අන්දවන්නන් වැනි නිතර අවශ්‍ය නොවන, වැරදීමක් වුවහොත් පාරිභෝගිකයාට වන හානිය ඉතා වැඩි වෙනත් සේවා සපයන්නන් බොහෝ දෙනෙකුට පොදු දෙයකි. මේ කවර සේවා වෙළඳපොළේත් වැඩිම ඉල්ලුමක් ඇති සේවා සපයන්නන් වෙත යන්නට සියළුම පාරිභෝගිකයෝ පොරකති. එවැනි ඉල්ලුමක් නැති අය වෙත යන්නට කිසිවෙකු කැමති නැත.
කාර් එකක් නැති දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි නැති දොස්තර කෙනෙකි. සල්ලි නැති දොස්තර කෙනෙක් කියන්නේ සෙනඟ නැති, ඒ නිසා ආදායමක් නැති දොස්තර කෙනෙකි. සෙනඟ නැති දොස්තර කෙනෙක්නම් ඒ හොඳ දොස්තර කෙනෙක් වෙන්නට නොහැකිය. එසේනම්, කාර් එකක්වත් නැති දොස්තර කෙනෙක් වෙත යන්නට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.
පාරිභෝගිකයින් සිතන්නේ මේ ආකාරයෙන් නිසා කාර් එකක් ගන්නා තුරු දොස්තර කෙනෙක්ට සිය ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කිරීම අභියෝගාත්මක දෙයකි. කාර් එක ළඟ ලඟම එන බව කියමින් ලෙඩා අස්වසාලන්නට කවිඳුට සිදුවන්නේ ඒ නිසාය. කාර් එක නැති දොස්තර කෙනෙක් යනු අස්සයෙක් නැති කවුබෝයි කෙනෙකි.
හොඳ දොස්තරලාට සෙනඟ අඩුවක් නැත. ඒ නිසා සල්ලි අඩුවක් නැත. මේ පාරිභෝගිකයින් සිතන ආකාරයයි. එහෙත් බැංකුවේ ඇති මුදල් පාරිභෝගිකයින්ට නොපෙනේ. තමන්ගේ වත්කම් පාරිභෝගිකයින්ට පෙන්විය හැකි හොදම ක්‍රමය වෛද්‍යවරයාගේ වටිනා, අළුත්ම මාදිලියේ මෝටර් රථයයි. මේ අළුත්ම මෝටර් රථය පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ වෛද්‍යවරයාගේ ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියකි. ඒ ඉඟිය නමට පිටුපසින් ඇති අකුරු ගණනටත් වඩා වටිනා ඉඟියකි. ඒ නිසා වෛද්‍යවරුන්ගේ කාර් තරඟය යනු වක්‍රව වෛද්‍යවරුන් අතර පාරිභෝගිකයින් දිනාගැනීම සඳහාද වන තරඟයේම ප්රකාශනයකි.
දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස මෙයයි!

ආර්ථික විද්‍යාව,
ප්‍රවාහනය,
වෛද්‍ය වෘත්තිය,
සෞඛ්‍යය
Saturday, October 8, 2016
වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම
ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පූර්වගාමීන් වූ වෙද මහත්වරුන්ගෙන් උරුම වූ දේවල් කිහිපයක් ගැන මම පෙර ලිපියකින් කතා කළෙමි. ඔවුන්ට වෙද මහත්වරුන්ගෙන් උරුම වී තිබෙන්නේ ගුරු මුෂ්ඨි, වැඩිපුර බෙහෙත් දීම හා කියවිය නොහැකි කසාය සීට්ටු පමණක් නොවේ. දොස්තරලාට ලැබෙන සමාජ ගෞරවයට මෙන්ම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර (පීපී) සඳහා වන ඉල්ලුම වෙනුවෙන්ද දොස්තරලා වෙද මහත්වරුන්ට ණයගැති විය යුතුය.
පෙර කල වෙද මහත්තුරු පීපී කළේ නැත. එහෙමනම් මේ කතාවේ තේරුම කුමක්ද?
ඒ දවස්වල වෙද මහත්තුරු මුදල් අයකර පීපී කළේ නැත. එහෙත්, අද පීපී කරන දොස්තරලාගෙන් ඉටුවන කාර්යය එදා වෙද මහත්තුරුන්ගෙන් ඉටුවුණේය.
ලංකාවේ අතිමහත් බහුතරයක් තවමත් වෛද්‍යවරයෙකු හමුවන්නේ රෝග නිවාරණ ප්‍රතිකාර හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා නොවේ. කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝගය සුව කර ගැනීම සඳහාය. කලකට පෙර කෙසේ වුවත් දැන් බටහිර රටවල බොහෝ විට සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි.
කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු හමු වීමට සිදුවේ. බටහිර රටක මෙසේ තමාගේ පවුලේ වෛද්‍යවරයා වුවද අවශ්‍ය වෙලාවක හදිසියේ හමුවීමේ හැකියාවක් ඇත්නම් ඒ ඉතා සීමිතවය. ඒ සඳහා කල් ඇතුව වෙලාවක් වෙන් කර ගත යුතුය. කෙසේ වුවද හදිසි ප්‍රතිකාර සඳහා වෙනත් විකල්ප තිබේ. එහෙත්, ලංකාවේදී කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍ය වරයකු දවස තුළම වුවද හමුවීමට විශාල ඉඩකඩක් තිබේ.
පෙර ගම් වල සිටි වෙද මහත්තුරුන්ට රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වෙලාවක් අවේලාවක් නොතිබුණේය. මධ්‍යම රාත්‍රියේ වුවද රෝගියෙකු රැගෙන විත් දොරට තට්ටු කරන විට වෙද මහත්තයා එය කරදරයක් ලෙස සැලකුවේ නැත. රෝගියා වෙද මහත්තයා වෙත රැගෙන එන්නට තරම් මට්ටමක නොසිටියේනම් වෙද මහත්තයා හුළු අත්තක් පත්තු කරගෙන රෝගියා සිටින තැනට ගියේය. මෙය වෙද මහත්තයෙකුගෙන් බලාපොරොත්තු වුණු සාමාන්‍ය දෙයකි. ඒ වෙනුවෙන් ඔහුට (හෝ ඇයට) සමාජයේ ගෞරවය හිමි විය.
මුලින්ම රජයේ පත්වීම් ලබා ග්‍රාමීය රෝහල් වලට හෝ ඩිස්පැන්සරි වලට ගිය ඇපෝතිකරි වරුන්ට හෝ උපාධිධාරී වෛද්‍යවරුන්ට හමුවුනේ මේ වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයකි. ඒ නිසා, ඒ අයට අටපහ රස්සාව කර හවසට ගෙදරට වී නිදහසේ ඉන්නට ලැබුණේ නැත. රෝගියෙකු රැගෙන පිරිසක් පැමිණ ගෙදර දොරට තඩිබාන විට මධ්‍යම රාත්‍රියේ වුවද දොර විවෘත නොකළේනම් වෛද්‍යවරයෙකුට ග්‍රාමීය පෙදෙසක පැවැත්මක් නොතිබුණේය. ඇතැම් විට මේ වෛද්‍යවරයාට සිය ඩිස්පැන්සරිය විවෘත කර කිසියම් ඖෂධයක් රැගෙන එන්නට විය.
මෙය දිගින් දිගටම වන විට හදිසියේ රාජකාරි වේලාවෙන් පසුව ගෙදරට එන රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා බෙහෙත් ටිකක් ඩිස්පැන්සරියෙන් ගෙදර ගෙනවිත් තබා ගැනීමත්, මෙය මහා පරිමාණයෙන් කළ නොහැකි වන විට මූලික බෙහෙත් වර්ග මිලදී ගෙන ගෙදරම තබා ගන්නට වීමත්, ඒ බෙහෙත් වල හා තමන්ගේ කාලයේ වටිනාකම වෙනුවෙන් මුදලක් අය කරන්නට වීමත් එකින් එක සිදුවන තාර්කික සිදුවීම් පෙළකි.
අද වන විට එදාට වඩා බෙහෙවින් කාර්ය බහුලව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රාජකාරි වේලාවෙන් පසුව වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ඇති ඉල්ලුම ඉතා විශාලය. විනාඩි කිහිපයක හමුවක් වෙනුවෙන් කෙතරම් රස්තියාදු වන්නට සිදු වුවත්, දවසක් හෝ වරුවක් නිවාඩු දැමීමට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. බොහෝ දෙනෙකු 'බැණ බැණ වුවත්' පොඩි ලෙඩකට පවා වෛද්‍යවරයෙකු වෙත යන්නේ ඒ නිසාය.
අනෙක් අතට දවසේ සාමාන්‍ය පැය ගණන සේවය කිරීමෙන් අනතුරුව විවේකයෙන් සිටීම සඳහා හෝ සිය පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීම සඳහා වැය කළ හැකි තමන්ගේ පෞද්ගලික කාලය කාලය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවන වෛද්‍යවරයෙකුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා අධිකය. ඒ අතරම, වෛද්‍යසේවා සැපයුම සීමිතය. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නටනම් වෛද්‍යවරයාට දිනකට වැය කළ හැකි සීමිත කාලය විශාල රෝගීන් ගණනක් අතර බෙදී යා යුතුය. දොස්තරලාට උඩින් පල්ලෙන් ලෙඩුන් බලන්නට වීම මෙහි ප්රතිඵලයයි.
මීළඟ ලිපිය: දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

Wednesday, October 5, 2016
ඇයි මේ ටියුෂන්?
මා ප්‍රාථමික පංති වල ඉගෙන ගත් හැත්තෑව දශකයේදී, අද මෙන් ටියුෂන් රැල්ලක් නොතිබුණත් ඒ කාලයේත් ටියුෂන් නොතිබුණා නොවේ. මා සිතන ආකාරයට විශාල පරිමාණයේ ටියුෂන් පංති මුලින්ම ජනප්‍රිය වූයේ විද්‍යා විෂයයන්ගෙන් දෙවන හෝ තෙවන වරට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අය අතරය. මේ අය වෙනුවෙන් පාසැල් පංති නොපැවැත්වීමත්, විද්‍යා විෂයයන් කලා විෂයයන් මෙන් "පාඩම් කිරීමෙන්" පමණක් සමත් වන්නට අපහසු වීමත් මෙයට හේතු වන්නට ඇත. සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වූ කොළඹ දිස්ත්‍රික්කයේ ටියුෂන් මීට වඩා ජනප්‍රියව තිබෙන්නට ඇත.
අසූව දශකය වන විටත් ඇතැම් දිස්ත්‍රික්ක වල ඇතැම් විෂය ධාරා යටතේ සරසවි ප්‍රවේශය සඳහා අවශ්‍ය වූයේ ලකුණු එකසිය අසූවේ මූලික සුදුසුකම සැපිරීම පමණි. විශේෂයෙන්ම මේ තත්ත්වය පැවතියේ ගණිත විෂය ධාරාව හා අදාළවය. අසූව දශකයේ මැද පිට පිට වසර දෙකක්ම දිවයිනේ භෞතික විද්‍යා පීඨ වල පැවති පුරප්පාඩු ගණන පුරවන්නට අවශ්‍ය තරම් පිරිසකට මේ මූලික සුදුසුකම ලබා ගැනීම අපහසු විය. ඒ නිසා එක් වසරකදී සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලකුණු මට්ටම 180 සිට 160 දක්වා පහත හෙළීමත්, තවත් වසරකදී පෙර වසර 5ක කාලය තුළ උසස් පෙළ ලියූ සිසුන්ට අයදුම් කිරීමට ඉඩදීමත් සිදුවිය. මෙවැනි තත්ත්වයක් යටතේ ටියුෂන් පංති වල කාර්ය භාරය වූයේ සිසුවෙකුට හෝ සිසුවියකට වෙනත් සිසු-සිසුවියන් සමඟ තරඟ කරන්නට උදවු කිරීම නොව ඔවුන්ව අවශ්‍ය පරිසාධන මට්ටම දක්වා ඔසොවා තැබීමයි. ජීව විද්‍යා හා කලා වැනි අනෙකුත් විෂය ධාරාවන්ගේ තත්ත්වය මෙවැනිම නොවූවත් ඒවායේද පැවතියේ අදට සාපේක්ෂව අඩු ඉල්ලුම් සැපයුම් පරතරයකි.
සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් ගණන වසරින් වසර වැඩි වෙද්දී එයට සමානුපාතිකව අවස්ථාවන් වැඩි වුණේ නැත. ඒ නිසා සරසවි පිවිසුම එන්න එන්නම අමාරු කාර්යයක් වී අනෙකුත් සිසු-සිසුවියන් සමඟ කළ යුතු අමාරු තරඟයක් බවට පත් විය. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් අතරින් එම අවස්ථාව හිමි වුණේ ලකුණු වැඩියෙන්ම ගන්නා (දළ ප්‍රකාශයක් ලෙස) "වඩාත්ම දක්ෂ" කොටසටය. දෙවන පෙළ සිසුන්ට මේ අවස්ථාව අහිමි විය. ඔවුන්ට සරසවි වරම් ලබා ගත හැකි වූයේ අර පළමු පෙළ සිසුන් කෙසේ හෝ අභිබවා යාම මඟිනි. මුදල් වැය කර ලබා ගන්නා ටියුෂන් වලින් මේ තල්ලුව ලැබුණේය.
උසස් අධ්‍යාපන අවස්ථා සඳහා විශාල ඉල්ලුම් සැපයුම් පරතරයක් ඇති විට දෙවන පෙළ සිසුවෙකු ටියුෂන් වලින් උත්තේජනයක් ලැබීම යනු පළමු පෙළ සිසුවෙකුගේ අවස්ථාව අහිමි වීමයි. ඒ නිසා දැන් පළමුපෙළ සිසුන්ටද ටියුෂන් යන්නට සිදුවේ. එවිට, මේ පළමුපෙළ සිසුවා නැවතත් දෙවන පෙළ සිසුවාට වඩා ඉදිරියෙනි. අවසාන වශයෙන් සියල්ලන්ම ටියුෂන් තරඟය තුළ හිර වුණත් ලැබෙන ප්‍රතිඵලය මුල් ප්‍රතිඵලයට වඩා විශාල ලෙස වෙනස් නැත. කෙසේවුවද, ටියුෂන් යාමෙන් දෙවන පෙළ සිසුවෙකුට සරසවි ප්‍රවේශයට ඉඩක් ඇර ගැනීමට කිසිම ඉඩක් නැත්නම් ඔහු (හෝ ඇය) මේ තරඟයෙන් ඉවත් විය යුතුය. එය එසේ සිදු නොවන්නේ ඒ සඳහා සුළු හෝ ඉඩක් ඇති බැවිනි. අනෙක් අතට, පළමු පෙළ සිසුවෙකුට ටියුෂන් නොගියත් සරසවි වරම් අහිමි වීමේ අවදානමක් නැත්නම් ඔහුට හෝ ඇයට ටියුෂන් යාමේ අවශ්‍යතාවයක් නැත. එය එසේද සිදු නොවේ. ඒ, ටියුෂන් නැත්නම් එවැන්නෙකුට දෙවන පෙළ සිසුන් හමුවේ පරදින්නට වන නිසාය.
ටියුෂන් සඳහා වැය කෙරෙන යම් නිශ්චිත මුදලක් "වාසිදායක මුදලක්" වන්නේ කවර තත්ත්වයන් යටතේද? මෙය තීරණය වන්නේ සරසවි වරම් අහිමි වීමේ ආවස්ථික පිරිවැය හා ටියුෂන් වලින් සරසවි පිවිසුමට ඉඩකඩ විවර කරදීමේ සම්භාවිතාව මතය. පළමුවැන්න ඉතා විශාලනම්, දෙවැන්න කුඩා වුවත් ටියුෂන් පවතිනු ඇත. රජයේ වෛද්‍ය පීඨ වරම් අහිමි වූ අයෙකුට වෙනත් අයුරකින් ඒ අවස්ථාව ලබා ගැනීමේ පිරිවැය ලක්ෂ 50ක් යැයි සිතමු. දෙවසරක ටියුෂන් වියදම ලක්ෂ 5ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 10%ක ඉඩකඩ වෙනුවෙන් ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම නරක අදහසක් නොවේ.
එවැනි විකල්ප අවස්ථාවක් නැත්නම් තත්ත්වය කුමක්ද? දැන් සැසඳීම කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාම හා පෞද්ගලික වෛද්‍ය පීඨයකට යාම යන විකල්ප දෙක අතර නොවේ. වෛද්‍යවරයෙකු වීම හා නොවීම යන විකල්ප දෙක අතරේය. වෛද්‍ය උපාධියක් ලබා ගැනීම නිසා ජීවිත කාලය තුළ අපේක්ෂා කළ හැකි ආර්ථික වාසිය ලක්ෂ 100ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 5%ක ඉඩකඩ වෙනුවෙන් වුවද ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම වාසිදායකය.
සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වන තරමට හා ඒ සඳහා වෙනත් විකල්ප අඩු වන තරමට සරසවි වරම් ලැබීමේ සුළු ඉඩක් වෙනුවෙන් වුවද ටියුෂන් සඳහා මුදල් වැය කරන්නට පිරිස් එකතු වන නිසා ටියුෂන් ඉල්ලුම තව තවත් වැඩිවේ. රජයේ සරසවි වෙනුවට මිල අඩු විකල්ප ඇති වන තරමට ටියුෂන් සඳහා ඉල්ලුම අඩු වනු ඇත.
ඊළඟ ලිපිය: වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම
(Image: www.sltt.lk- edited by economatta)

අතීත මතක,
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව
Monday, October 3, 2016
සමනලකන්ද හා වේ තුඹස
මා කුඩා කළ මගේ මවගේ මහගෙදර ඉඳහිට පැමිණ දින හෝ ඇතැම් විට සති කිහිපයක් නැවතී සිටි පුද්ගලයෙකු වූයේ දහනානෙකයි. දහනායක හෝ දසනායක විය හැකි ඔහුගේ නම මගේ කටට හුරුව තිබුණේ දහනානෙක ලෙසිනි. මා එසේ කිවූ නිසා ගෙදර වැඩිහිටියෝද එළෙසම ඔහුව ඇමතුවේය. දහනානෙක පිළිබඳ මෙහි ලියන කරුණු මගේ මතකයේ හොඳින් තැන්පත්ව ඇත්තේ ඒ කරුණු සිදුවූ කාලයේ සිට එක දිගට මතක තිබීමට වඩා මගේ ඇතැම් වැඩිහිටියන් විසින් දිගින් දිගටම මතක් කිරීම නිසාය.
මගේ මවගේ පියාගේ කිසියම් ආකාරයක මිතුරෙකු වූ දහනානෙකගේ ගම්පළාත වූයේ දඹුල්ල හෝ සීගිරිය ආසන්න ප්රදේශයකි. ඔහු මැදිවිය ඉක්මවූ අවිවාහකයෙකු විය. අප සමඟ නැවතී සිටි දින වල ඔහුට නිශ්චිත වැඩක් කරන්නට කිසිදු බලකිරීමක් මා හැර වෙනත් කිසිවකු නොකළත් ඔහු බොහෝ විට කැත්තක්, උදැල්ලක් හෝ වක්පිහියක් ගෙන වත්තේ පාත්තියක් හදා මිරිස් වැනි දෙයක් හිටවීම හෝ ගස් වල අතු පෑහීම වැනි බර වැඩත්, පන්සල් යන්නට හෝ ගෙදර පූජා කරන්නට හවසට මල් කඩා දීම වැනි සිල්ලර වැඩත් කළේය. මා ඉල්ලා සිටි විට තැඹිලි හෝ කුරුම්බා ගෙඩියක් කපා දී පසුව පලා දීම මෙන්ම ගොක්කොළ ගිරවෙක් හෝ නෙළුම් මලක් හදා දෙන්නටත් ඔහු කිසිවිටෙක අදිමදි කළේ නැත.
මගේ වැඩිහිටියන්ගේ කතාබහ අනුව දහනානෙක නොදන්නා මඟුලක් තිබුණේ නැත. ඔහු වැඩට වගේම කතාවටත් දක්ෂය. ඔහුගේ රටතොට දැනුමට අද කාලයේ තෙසක්රියකරුවෙකු පරාදය.
ඇතැම් විට ඔහු හවස් වරුවේ ගෙදරට ගෙන එන පුවත්පතක් පෙරළාගෙන බලයි. ඉඳහිට මගේ කතා පොතක් හෝ වෙනත් පොතක් ඉල්ලාගෙන බලයි. මේ කියන දවසේ දහනානෙක මගෙන් ඉල්ලා ගත්තේ පෙර ලිපියේ ලිවූ පරිදි මා වරක් කටපාඩම් කරන්නට උත්සාහ කළ දෙවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතයි.
මේ පෙළ පොතේ මතක හැටියට "පුංචි වේයා" නම් පාඩමක් තිබුණේය. ඒ පාඩම සමඟ "වේ තුඹස" යන සඳහනද සමඟ වේ තුඹසක රූපයක්ද තිබුණේය. දහනානෙක පෙරළාගෙන බලා සිටියේ මේ රූපය තිබුණු පිටුවයි. දහනානෙක කිසිදිනක පුවත්පත් වැරදි පැත්තෙන් බලා "කොළඹ වරායේ නැවක් පෙරළී ඇති බව" වැනි කතා නොකී හෙයින් ඔහුගේ සාක්ෂරතාවය පිළිබඳව ගෙදර කිසිවෙකුත් මේ දවස වන තුරු සැක නොකළේය.
වැඩේ අවුල් වුණේ මේ කියන දවසේ තමන් ගැන අධි තක්සේරුවකට පැමිණි දහනානෙක සිය සාක්ෂරතාවය තහවුරු කර පෙන්වන්නට උත්සාහ කිරීමත් සමඟය.
"දහනානෙක මොකක්ද කියවන්නේ පුතාගෙ පොත නේද?"
මගේ මවගේ බාල සොයුරිය ඔහුව විමසීය.
"ඔවු, මේ පොතක් කියවනවා."
එසේ කීම පමණක් ප්‍රමාණවත් නැතැයි දහනානෙක සිතන්නට ඇත. ඒ නිසා ඔහු එහි මුද්‍රිත අකුරු හඬ නැඟෙන පරිදිම කියවීය.
"ස-ම-න-ල-ක-න්-ද..."
දහනානෙකගේ සාක්ෂරතාවය ගැන ගෙදර අය හරියටම දැනගත්තේ ඉන් පසුවය.
කොහොමටත් අප දකින දේ අප තේරුම් ගන්නේ අපේ දැනුමට සාපේක්ෂවය. ඒ නිසා, කෙනෙකුට වේ තුඹස සමනල කන්ද ලෙසත් තවත් අයෙකුට සමනල කන්ද වේ තුඹසක් ලෙසත් පෙනෙන්නට පුළුවන.
දැනුම වැඩි කර ගැනීම සඳහා අප කරන ආයෝජන අපේ පෞද්ගලික තෝරාගැනීම්ය. මෙහිදී, අප තෝරා ගන්නේ අප දන්නා අප සතු විකල්ප අතරින් හොඳම එකයි. මෙහි ඇති ගැටළුව වන්නේ ඇතැම් විට අප සතු විකල්ප සියල්ල ගැන දැනුමක් අප සතු නොවීමයි.
අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමේදී ඒ සඳහා අපට ඇති විකල්ප ගැන අප බොහෝ විට දැනගන්නේ අපේ වැඩිහිටියන්ගෙනි. ඒ නිසා අප සතු විකල්ප ගැන අපේ දැනුමත්, ඒ මත පදනම්ව කරන තේරීමුත් අපේ දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටියන්ගේ දැනුම් සීමාවන්ට යටත්ය.
දහනානෙක අවිවාහක අයෙකු වුවත් ඔහු මෙන් සාක්ෂරතාව නොමැති බොහෝ අය එදත් විවාහකව දරුවන් ලබා සිටියහ. අදත් සිටිති. කිසියම් අයුරකින් ආර්ථික ශක්තියක් තිබුණද මේ දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ ඔවුන් දන්නා ලෝකය තුළ ගන්නා ප්‍රසස්ථ තීරණ ලෙස මිස නිරපේක්ෂ ප්‍රසස්ථ තීරණ ලෙස නොවේ.
දහනානෙකට වඩා ඉගෙනුමක් ලබා සිටි මගේ වැඩිහිටියන්ට මගේ අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමට මට උදවු වූ විකල්ප පෙන්වා දීමට වැඩි හැකියාවක් තිබුණේය. එහෙත්, මේ හැකියාවද සීමාරහිත එකක් නොවීය. දෙමවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන පිළිබඳ උපදේශන සැපයීමේ හැකියාව දරුවන් ඉහළ පන්ති වලට යද්දී ක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නැති වී යයි. මේ අවස්ථාව තීරණය වන්නේ දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම අනුවය.
දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සීමාවන් සඳහා වන දෙමවුපියන්ගේ සමාජ ආර්ථික පදනමේ බලපෑම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පවුලේ ආදායම් මට්ටමට වඩා දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම හරහාය.
ඊළඟ ලිපිය: ඇයි මේ ටියුෂන්?

Sunday, October 2, 2016
දෙකේ පංතියේ පාඩම
මා හෝඩියේ පන්තියේ හෙවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීම මට දෙවන ශ්‍රේණියේ පෙළපොත්ද ලැබුණු බව පෙර ලිපියේ ලිවුවෙමි. එහෙත්, පාසැල් වැඩ වලට අවශ්‍ය වුනේ එම ශ්‍රේණියට අදාළ පෙළ පොත්ය. අපේ පළමු ශ්‍රේණියේ සිංහල පොතේ මුල් පිටුවේ "අම්මා" යන වචනය සමඟ අම්මෙක්ගේ රූපයක්ද, දෙවන පිටුවේ "අයියා" යන වචනය සමඟ අයියෙක්ගේ රූපයක්ද ඉන් පසුව "අම්මා අන්න අයියා" වැනි වචන තුනක් සමඟ ගැහැණු ළමයෙකු සිය මවට අයියාව පෙන්වන රූපයක්ද තිබුණේය. මේ ලියන්නේ දැන් මගේ මතකයේ ඇති දෙයයි. එය නිවැරදි නොවන්නට පුළුවන.
පළමු ශ්‍රේණියේදී අප බොහෝ විට කළ දෙයක් වූයේ ගුරුවරියගේ අණින් අසුනින් නැඟිට මේ පෙළ පොතෙහි අදාළ පිටුව කියවීමයි. මේ කටයුත්ත මට කිසිදු අපහසුතාවයක් නැති දෙයක් වුවත් ඇතැම් සිසුන් මෙය කළේ "අ-ම්-මා ... අ-යි-යා..." ලෙස අමාරුවෙන් අකුරු අමුණමිනි. කිසියම් සිසුවකු හෝ සිසුවියක අකුරක් කියවිය නොහැකිව හිරවන විට ගුරුවරිය උදවු කළේය. මේ "පාඩම කියවීම" කිසියම් සිසුවකු විසින් නැඟිට හඬ නඟා කරද්දී අනෙක් සිසු-සිසුවියෝද තමන්ගේ පෙළ පොත බලාගෙන මේ වචන හෙමින් හෝ හඬ නැඟෙන පරිදි කියවූහ. බොහෝ දින වල මෙසේ "පාඩම කියවීමේ" අවස්ථාව මට ලැබුණු බව දැන් සිහි කරන විට මට දැන් සිතෙන්නේ මේ කටයුත්ත සඳහා කවර හෝ හේතුවක් නිසා අනෙක් සිසුන්ට වඩා වැඩි අවස්ථාවක් මට ලැබෙන්නට ඇති බවයි.
පල් හෝඩියේ පොල් ගාමින් දෙකට යන්න බඩගාන සිසුවෙකුට තමන් සිටින තැන වේ තුඹසක්නම් දෙකේ පංතිය සමනල කන්දකි. ඒ වයසට සාපේක්ෂව බලන විට මෙය අධ්‍යාපන ඉනිමඟේ ඉතා ලොකු පියවරකි. මෙයට වඩා ලොකු පියවරක් ලෙස සැලකිය හැකි පෙර පාසැල් සිසුවකු පාසැලක පළමු ශ්‍රේණියට මුලින්ම ඇතුළු වීම මගේ අත්දැකීමක් නොවූයේ පෙර පාසැල් අත්දැකීම මට කිසිදා නොලැබුණු දෙයක් වූ බැවිනි. ඒ අනුව, පළමු ශ්‍රේණියේ ගත කළ අවසන් කාලයේදී අපි දෙකේ පංතියේ "අයියෙකු" වීම ගැන සිහින මවමින් සිටියෙමු.
මේ දවස් වල මගේ හෝඩියේ පංතියේ "යමක් දන්නා කියන" මිතුරෙකුගෙන් මට දැනගන්නට ලැබුණු වැදගත් තොරතුරක් වූයේ දෙකේ පංතියේදී හෝඩියේදී මෙන් පොත බලාගෙන පාඩම කියවන්නට නොලැබෙන බවයි. ඔහුගෙන් මා දැනගත් පරිදි දෙකේ පංතියේදී පාඩම කියවිය යුත්තේ පොත නොබලා කටපාඩමිනි. මේ තර්කානුකූල කතාව අවිශ්වාස කරන්නට කිසිදු හේතුවක් නොතිබුණේය. හෝඩියේ පංතියේ කරන දෙයම කරන්නටනම් දෙකේ පංතියට පාස් කරන්නේ මොකටද?
මේ වටිනා තොරතුර මට ලබා දුන් මිතුරා අපේ විදුහලේම ඉගැන්වූ ගුරු යුවලකගේ දරුවෙකි. ඒ නිසා ඔහු සතුව මෙවැනි "අභ්‍යන්තර තොරතුරු" පිළිබඳ දැනුමක් තිබෙන්නට පුළුවන. දෙමවුපියන් දන්නා දේ දරුවෝද, මාමලා දන්නා දේ බෑනලාද දැන සිටින්නට වැඩි ඉඩක් තිබේ. ඒ නිසා, පළමු ශ්‍රේණියෙන් දෙවන ශ්‍රේණියට යන්නට පෙර ගතවුණු දෙසැම්බර් නිවාඩුවේදී මේ අභ්‍යන්තර තොරතුරෙන් නිසි ප්‍රයෝජන ගන්නට මම සැලසුම් කළෙමි.
දෙකේ පොත එකේ පොත මෙන් "අම්මා අන්න අයියා" ආකාරයේ ලොකු අකුරු වලින් මුද්‍රිත කෙටි වචන හා සෑම පිටුවකම චිත්‍ර පිරී තිබුණු පොතක් නොවීය. එහි අකුරු කුඩා වූ අතර දිග වාක්‍ය සහිත ඡේද තිබුණේය. කළු සුදු රේඛා චිත්‍ර රැසක් තිබුණත් ඒ පිටු දෙකකට හෝ තුනකට එකකි. මේ පොත මුළුමනින්ම කට පාඩම් කිරීමනම් ලේසිපාසු කටයුත්තක් නොවීය. කෙසේවුවද, දෙකේ පංතියට උසස් වීමක් ලැබූ මා එම උසස්වීමට සුදුසු බව කෙසේ හෝ පෙන්විය යුතුය. ඒ නිසා, දෙකේ පොතේ පළමු පාඩම කටපාඩම් කරගන්නට නිවාඩු කාලය තුළ මහත් පරිශ්‍රමයක් දැරුවෙමි. එහෙත්, බොහෝ විට මතක තබා ගත හැකිවූයේ ඡේද දෙකක් හෝ තුනක් පමණි. එතනින් එහාට පාඩම් කරගන්නා විට මුල් ඡේද අමතක වේ.
මුළු පාඩමම මතක තබා ගැනීම කෙසේවත් කළ නොහැකිය. අන්තිමේදී මම අවදානමක් ගත්තෙමි. පළමු ශ්‍රේණියේදී සිදු වූ පරිදිම පාඩම කියවීමේ අවස්ථාව මුලින්ම මට ලැබෙනු ඇතැයි උපකල්පනය කර මුල් ඡේද හොඳින් කටපාඩම් කරගත්තෙමි. සාමාන්‍යයෙන් එක් සිසුවෙකුට කියවන්නට ලැබෙන්නේ ඡේද කිහිපයක් පමණක් නිසා "වැඩේ මාට්ටු වෙන්නට පෙර" ටෝකනය වෙනත් සිසුවෙකුට පාස් වනු ඇත.
දෙවන ශ්‍රේණියේ පළමු පාසැල් දිනය ඇරඹුනේය. මා පුරෝකථනය කළ පරිදිම පාඩම කියවීමේ පළමු අවස්ථාව මට හිමි විය. (අළුත් ගුරුවරියක යටතේ මෙය කෙසේ සිදුවීදැයි මට දැන් සිතාගත නොහැකිය.) පෙරළා තිබුණු පොත මත අත තබාගෙනම පොතෙන් දෑස් ඉවත් කර උඩ බලාගෙන මම පාඩමේ පළමු හා දෙවන ඡේද කියෙවුවෙමි.
ගෙදරදී පාඩම් කර පැමිණියද තෙවන ඡේදය හරියටම මතක් නොවේ. ගුරුවරිය පාඩම කියවීම නවත්වන්නට සන් කරන පාටක්ද නැත. දැන් ඉතිං මොකද කරන්නේ?
ගුරුවරියගේ අවධානය ඇත්තේ මා දෙස නොවන බව මට එක් වනම පසක් විය. මම ක්ෂණිකව පාඩම් පොත දෙස බලා තෙවන ඡේදය මතක් කර ගත්තෙමි. එහි මුල් වචන "හොරෙන් බලා ගැනීමෙන්" පසු එම ඡේදයද පහසුවකින් තොරව කියවූයෙමි. ගුරුවරිය තවමත් කියැවීම නවත්වන්නට සන් නොකරයි.
නැවතත් හොරෙන් පොත දෙස බැළුවෙමි. ඉතුරු ටිකනම් පොත නොබලා කියවන්නට කොහෙත්ම නොහැකිය. දැන් ගුරුවරියගේ අවධානයද මා වෙතය. වෙන දෙයක් වෙන්නට ඇර පොත දෙස බලාගෙන ගුරුවරියගේ දෑස දෙස නොබලා පාඩමේ ඉතිරි ටික කියවූයෙමි. දැන් දැන් වැඩේ මාට්ටු වී වේවැල් පාරක් කන්නට වෙතැයි සිතුවත් එවැන්නක් වන පාටක් නැත. ගුරුවරිය මෙය නොදැක්කා වන්නටත් නුපුළුවන. එසේනම්, මගේ මිතුරාගෙන් ලැබුණු "අභ්‍යන්තර තොරතුර" නිවැරදි එකක් නොවේද?
ගුරුවරිය අවසානයේදී පාඩම කියවීම නවතන්නට සන් කළේ "බොහොම හොඳයි!" එකක්ද සමඟිනි. එහෙමනම්, දෙකේ පංතියේ ඉගෙන ගැනීමත් හෝඩියේ පංතියේදී හිතාගෙන සිටි තරම් මහා ලොකු දෙයක් නොවේ.
ඉන් පසුව, මම මෙසේ දෙකේ පංතියේ පෙළපොත කටපාඩම් නොකළෙමි. එහෙත්, අවශ්‍ය වූ විට අවශ්‍ය දෙයක් වැඩි අමාරුවක් නැතිව කටපාඩම් කරගත හැකි තරමේ ස්මරණ ශක්තියක් මට දිගටම තිබුණේය. ඒ ස්මරණ ශක්තිය ලැබුණේ සතත අභ්‍යාසය නිසාද නැත්නම් ජීව විද්‍යාත්මක හෝ වෙනත් පාරිසරික වාසියක් නිසාද යන්න මා හරියටම දන්නේ නැත. මේ සියල්ලේ එකතුවක් නිසා වියහැකිය.
මීළඟ ලිපිය: සමනලකන්ද හා වේ තුඹස
(Image: www.livemint.com)

Saturday, October 1, 2016
මගේ පළමු ටියුෂන් පංතිය
මා කුඩා කාලයේදී ලංකාවේ ටියුෂන් සංස්කෘතිය අද තරමට "පිස්සුවක්" වී තිබුණේ නැත. ඒ කාලයේදී මා තේරුම් ගත් ආකාරයට ටියුෂන් ගැනීම "වැඩ බැරි ළමයින්ගේ" වැඩකි. මෙය එතරම් නම්බුකාර දෙයක් නොවීය.
කුඩා පන්ති වල සිසු-සිසුවියන් සඳහා පැවැත්වෙන ටියුෂන් පන්ති එකල අද මෙන් සුලභව හෝ ජනප්‍රියව නොපැවතියේ වුවද ඒවා නොතිබුණාම නොවේ.
මට මේ ආකාරයෙන් මුලින්ම "ටියුෂන් ගන්නට" සිදු වුණේ මා දෙවන ශ්‍රේණියේ සිටියදීය. ඒ, මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා පිටුපසින් සිටි නිසා නොවේ. ඇත්තටම කියනවානම් එයට වක්‍රව හේතු වුණේ මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා ඉදිරියෙන් සිටීමයි.
මමත්, මගේ සොයුරු සොයුරියනුත්, විශේෂයෙන්ම පහළ පන්ති වලදී, අපේ පන්ති වල අනෙක් බොහෝ සිසුන්ට වඩා ඉදිරියෙන් සිටියෙමු. එහෙත්, ඒ අප අනෙක් සිසු-සිසුවියන් නොකළ මහා අමුතු දෙයක් කළ නිසා නොවේ. පාසැල අවසන්ව නිවසට පැමිණි පසු අපි සාමාන්‍යයෙන් පාසැලෙන් දෙන ගෙදර වැඩක් කරනු හැර වෙන අමුතු කිසිවක් නොකළෙමු. ඉතිරි කාලය බොහෝ විට කෙළි දෙලෙන් ගත කළෙමු. කිසියම් වෙනසක් පැවතියේනම්, ඒ ඉතා අඩු වයසකින් සාක්ෂරතාවය ලබාගත් අප කුඩා කල සිටම කියවීම සඳහා වැඩි කාලයක් යෙදවීමයි.
කෙසේ වුවද, අපේ ඇතැම් ඥාතීන් සිතුවේ අපේ ගෙදර ළමයින්ට ඉගෙනීමෙන් ඉදිරියට යාමට උදවුවන කිසියම් "මැජික් එකක්" ඇති බවයි. මේ නිසා, අප කුඩා කාලයේ සිටම දිගින් දිගටම අපේ ඥාති සොයුරන් හෝ සොයුරියන් කෙනෙකු, දෙදෙනෙකු හෝ තිදෙනෙකු පාසැල් යනු පිණිස අපේ ගෙදර නැවතී සිටියේය. ඇතැම් විට, ඥාතීන් නොවූ අයද මෙසේ අපේ ගෙදර නැවතී සිටියේය.
මුලින්ම, මට අවශ්‍යතාවයක් නැතිවම, මෙසේ ටියුෂන් ගන්නට වුනේ ඒ කාලයේ අපේ ගෙදර නැවතී සිටි මගේ වයසේම ඥාති සොයුරෙකු පාසැල් විෂයයන්ට දුර්වල බව ඔහුගේ දෙමවුපියන් සිතූ බැවිනි. පාසැලේ ශ්‍රේණිය අනුව යමින් මගේ වයසේම කිවුවත්, එකම පාසැලේ සමාන්තර පන්ති වල සිටි අප දෙදෙනාගේ උපන් දින අනුව ඇත්තටම ඔහු මට වඩා වසරකින් වැඩිමල් නොවූයේ දින ගණනකනි.
දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අප දෙදෙනාට ටියුෂන් දීමට පැමිණියේ මා දැන් සිතන පරිදි එවකට වයස විස්සක් හෝ විසි දෙකක් පමණ වූ මුස්ලිම් තරුණියකි. මේ කාලයදී අපට මුස්ලිම් අය "අමුතු සත්තු" ලෙස පෙනුණේ නැත. මගේ ඥාති සොයුරාට තනිවම ටියුෂන් දෙනවා වෙනුවට ඔහුටත් මටත් එකට ටියුෂන් දීමේ කිසියම් වාසියක් අපේ වැඩිහිටියන් දැක්කා විය හැකිය.
මේ කාලය වන විට පාසැල් පොත් නොමිලයේ දීම ඇරඹී නොතිබුණේය. ඒ නිසා, පවුලේ වැඩිමලා වූ මා වෙනුවෙන් මගේ දෙමවුපියන්ට පාසැල් පොත් අළුතින්ම ගන්නට සිදු වී තිබුණේය. එසේ වුවද, පාසැල් යන්නට වසරකට හෝ දෙකකට පෙරම පළමු ශ්‍රේණියේ පාසැල් පොත් මට ලැබුණේය. පාසැල් යාම අරඹන විට මා ස්වයං අධ්‍යයනයෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ උදවුවෙන් මේ පෙළ පොත් සම්පූර්ණයෙන් හදාරා අවසානය.
කෙසේ වුවද, පාසැලට ඇතුළු වන විට මට අළුත් පෙළ පොත් ගන්නට උවමනා විය. පළමු ශ්‍රේණියේ පෙළ පොත් ඒ වන විටද මා සතු වූ බැවින්, පළමු ශ්‍රේණියට ඇතුළත් වන අවස්ථාවේදී මට දෙවන ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබුණේය. මෙය පුරුද්දට ගොස්, දෙවන ශ්‍රේණියට ඇතුළත් වන විට මට මගේ දෙමවුපියන් විසින් මිල දී ගනු ලැබ තෙවන ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබී තිබුණේය.
පාසැලේදී මේ පෙළපොත් උගන්වන විට මා ඒවා වරක් අධ්‍යයනය කර අවසන්ව තිබූ බැවින් දෙවන වරට කරන පාසැල් වැඩ "ගේමක් නැති හා බෝරිං" කටයුත්තක් විය. මෙවැනි තත්ත්වයක සිටි මට මගේ පළමු ටියුෂන් පන්තියේදී තවත් වරක් මේ "බෝරිං" දෙය කිරීම එතරම් ප්‍රසන්න කටයුත්තක් නොවීය.
අපේ ටියුෂන් ගුරුවරිය කැඳවා තිබුණේ අපට ගණිතය හා සිංහල භාෂාව ඉගැන්වීමටය. ඇය වරකට පැය දෙකක් පමණ මේ වෙනුවෙන් ගත කළාය. එහෙත්, මගේ ඥාති සොයුරාට පැය දෙකක් ගතවන ගණිත හා සිංහල අභ්‍යාස අවසන් කරන්නට මට පැය බාගයක්වත් ගත වුණේ නැත. ඒ නිසා, මගේත් මගේ ටියුෂන් ගුරුවරියගේත් අන්‍යොන්‍ය අවබෝධයෙන්, ඉතිරි කාලය තුළ මම වෙනත් දේ ඉගෙන ගත්තෙමි.
මේ වෙනත් දේ අතර මගේ දෙමවුපියන්ගේද අනුමැතිය මත ඉගෙනගත් පළමු දෙය වූයේ ඉංග්‍රීසි භාෂාවයි. අපේ කාලයේදී රජයේ පාසැල් වල ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම ඇරඹුණේ තෙවන ශ්‍රේණියේදී නිසා මේ වන විට ඉංග්‍රීසි භාෂාව මගේ පාසැල් විෂයයක් නොවීය. එහෙත්, තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත මා සතු විය.
ඇත්තටම මේ තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතද මා වැඩිහිටියන්ගේ උදවු ඇතිව මේ වන විට හදාරා තිබුණේය. මගේ ගුරුවරිය මට ලබා දුන්නේ ඊට වඩා වැඩි මට්ටමක ඉංග්‍රීසි දැනුමකි.
කවුරුත් දන්නා දෙයක් ලෙස ඒ දවස් වල මා සිතා සිටි සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා දෙකම හොඳින් දැන සිටි මේ ටියුෂන් ගුරුවරිය මට පෙනුණේ වීරවරියක ලෙසිනි. මගේ වැඩිහිටි ඥාතීන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂා ප්රවීණතාවයත්, මගේ මවගේ පියාට එයට අමතරව පාලි හා යම් තරමක සකු බස් දැනුමකුත් තිබුණත් මේ කිසිවකුට සැලකිය යුතු දෙමළ දැනුමක් නොතිබුණේය. ඔවුන්ගේ දැනුම කිසියම් කුලී වැඩකට පැමිණෙන දෙමළ කම්කරුවෙකු සමඟ හුවමාරු කරගන්නා වචන කිහිපයකට සීමා විය.
මගේ පළමු ටියුෂන් පන්තිය ඇරඹෙන විට මගේ දෙමළ දැනීම දෙමළෙන් ලියැවුණු යමක් යාන්තම් කියවීමේ හැකියාවට සීමා විය. මේ හැකියාව තනිකරම ස්වයං අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විය. එය කළේ, කිරිපිටි, සබන්, සිගරැට් ආදියේ දවටන වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසින්ම මුද්‍රණය කර තිබුණු වෙළඳ නාම සැසඳීමෙනි. මේ කටයුත්ත වැඩිදුර ගෙන යාමට උදවු කරගත හැකි කිසිදු වැඩිහිටියෙකු අපේ ගෙදර හෝ අපේ විස්තෘත පවුලේ සිටියේ නැත.
ගණිතය, සිංහල හා ඉංග්‍රීසි ඉගෙනීමෙන් පසුව ඉතිරිවන කාලය මම දෙමළ ඉගෙනීමට යෙදෙවුවෙමි. "ට්‍රැක් එකෙන් පිට යාමට" තරමක් අදිමදි කළත් මගේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරි නිසාත්, ටියුෂන් පංතියේ නියමිත වැඩ කොටස මා ඕනෑවටත් වඩා හොඳින් කරන නිසාත් මගේ මේ පළමු ටියුෂන් ගුරුවරිය මේ සඳහා අවසානයේදී එකඟ කරවා ගත හැකි විය.
මගේ පියා ලැබූ ස්ථාන මාරුවක් සමඟ අපට පදිංචිය වෙනස් කරන්නට වූයෙන් මගේ මේ පළමු ටියුෂන් පංතිය දෙතුන් මසකට වඩා පැවතුණේ නැත. මගේ ඥාති සොයුරාද අපේ පදිංචිය වෙනස් කිරීමට සමාන්තරව වෙනත් පාසැලකට හා වෙනත් "බෝඩිමකට" ගියේය.
මගේ පළමු ටියුෂන් පංතියට මෙසේ නැවතීමේ තිත වැටීමෙන් පසුව, මා නැවතත් ටියුෂන් පන්තියකට ගියේ වසර හත අටකටම පසුවය. කෙසේ වුවද, ඊට බොහෝ පෙර මම ටියුෂන් දීම පටන් ගත්තෙමි. මා වෘත්තීය ටියුෂන් ගුරුවරයෙකු වූයේ හයවන ශ්‍රේණියේ සිටියදීමය. ඒ ගැන මා මීට පෙරද සඳහන් කර තිබේ.
(Image: http://sashikaenglish.blogspot.com/2012/12/how-about-sinhala-tamil-english.html)
Friday, September 30, 2016
ටියුෂන් බයෝ... ටියුෂන් ඉකෝන්...
සෙරන්ඩිපිටිගේ තර්කය වන්නේ උසස්පෙළ තරඟය ජය ගැනීමට නැතුවම බැරි පෞද්ගලික උපකාරක පන්ති වෙනුවෙන් එක් දරුවෙකු සඳහා දෙමවුපියෙකු විසින් මසකට රුපියල් 20,000ක පමණ මුදලක් වැය කළ යුතු බවත්, එවැනි මුදලක් වැය කිරීමේ හැකියාවක් නැති පවුලක දරුවෙකුට වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ හැකියාවක් නොමැති බවත්ය. මෙයට කිට්ටුවෙන් යන අදහසක් ඊට පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස ඉලෙක්ට්‍රොනික් විසින්ද මතු කර තිබුණේය. එසේනම්, සෙරන්ඩිපිටි හා ඉලෙක්ට්‍රොනික් කියන පරිදි පහළ සමාජ ආර්ථික මට්ටමකින් එන දරුවන් වෛද්‍ය පීඨ තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේද? එසේ නියෝජනය නොවේනම් එයට හේතු මොනවාද?
පහත වගුවෙන් පෙනෙන පරිදි මේ තර්කයට පදනමක් තිබේ. එහි පළමු සිරස් පේළියේ ඇති දත්ත සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2012/13 වසර වල සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ නිවාස ඒකක වල ආදායම් ව්‍යාප්තියයි. දෙවන සිරස් පේළියේ දත්ත මා පෙර සඳහන් කළ සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වමින් සිය පවුලේ ආදායම් කාණ්ඩය වාර්තා කළ කොළඹ වෛද්‍ය පීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තියයි.
ඉහත දත්ත අනුව පෙනෙන්නේ රුපියල් ලක්ෂය ඉක්මවූ ආදායමක් ඇති පවුල් වල එක් සාමාජිකයෙකු නියෝජනය කිරීමට, කොළඹ වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටින බවයි. එහෙත්, පවුලේ ආදායම රුපියල් විසිදහසට අඩු පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු වෙනුවෙන් කොළඹ වෛද්‍ය පීඨය තුළ සිටින්නේ එක් සිසුවෙකු පමණි. අනෙකුත් වෛද්‍යපීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ ආදායම් ව්‍යාප්තියෙන් මේ තරම් වෙනස් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එමෙන්ම, වෙනත් පීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ තත්ත්වයට වඩා ආසන්න විය හැකිය. එසේ වතුදු, සරසවියකට ඇතුළු වීමට පවුලේ ආදායම් මට්ටම බලපාන බව බැහැර නොකළ හැකි කරුණකි.
එසේනම්, අධ්‍යාපනය සඳහා මුදල් අය නොකරන ලංකාවේ සරසවියකට ඇතුළු වීමටද මූලික මූල්‍ය ආයෝජනයක් අවශ්‍යය. මෙයට හේතුව ටියුෂන්ද?
පළමුව, අප සොයා බැලිය යුත්තේ ටියුෂන් සඳහා ඉල්ලුම ඇති වන්නේ කෙසේද යන්නයි. සැපයුමක් ඇත්තේ ඉල්ලුමක් ඇති නිසාය.
කිසියම් සිසුවකුගේ අධ්‍යාපනය සඳහා වැය වන මුළු මුදලම එම සිසුවා/ සිසුවිය හෝ පවුලේ සාමාජිකයින් විසින් දැරිය යුතුනම් අධ්‍යාපනය සඳහා යමෙක් ආයෝජනය කරන්නේ ආන්තික ආයෝජන පිරිවැය ආන්තික ප්රතිලාභ වලට සමාන වන මට්ටම දක්වා පමණි. ඇමරිකාවේ ඇත්තේ මෙයට ආසන්නව සමාන තත්ත්වයකි (ඇමරිකාවේද වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපනය එක්තරා මට්ටමකට සුබසාධනය කෙරේ).
වෛද්‍ය වෘත්තීය ඇමරිකාවේ වැඩිම සාමාන්‍ය ආදායමක් ලබා ගත හැකි වෘත්තියයි. තමන්ගේ විශේෂඥතාව ඇති ක්ෂේත්රය අනුව, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට වසරකට ඩොලර් 204,000-443,000 අතර සාමාන්‍ය ආදායමක් ලැබිය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු වීම සඳහා වැය කළ යුතු කාලය, මුදල හා වෛද්‍යවරයෙකු වීමෙන් පසු බොහෝ විට වැඩ කරන වැඩි පැය ගණන සැලකූ විට වෛද්‍ය වෘත්තිකයෙකු වීම සඳහා කරන ආයෝජනයෙන් ලැබෙන ප්රතිලාභ අනුපාතිකය වෙනත් වෘත්තියකට සාපේක්ෂව විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා, හැම විටම වාගේ වෛද්‍ය වෘත්තියට පිවිසීමට උනන්දු වන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලතාවන් හෝ විශේෂ කැමැත්තක් ඇති අයයි (මෙය ආනුභාවික දත්ත මත කරන ප්‍රකාශයකි). මෙය වෙනත් වෘත්තීන්ටද අදාළය.
අධ්‍යාපන පිරිවැය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක්නම් විවිධ වෘත්තියකයින් සඳහා රටේ පවතින ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියෙන් අනෙක් වෘත්තීන්ට වඩා වැඩි ප්රතිලාභ අනුපාතිකයක් ලැබෙන විට වැඩි දෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්නට පෙළඹේ. එවිට, වෛද්‍ය වෘත්තිකයින්ගේ සැපයුම වැඩි වී ඔවුන්ට රැකියා සොයා ගැනීම අපහසු වීමත්, ඔවුන්ගේ සාමාන්‍ය ආදායම පහළ වැටීමත් සිදුවේ. දැන් එම වෘත්තිය සඳහා කරන ආයෝජනය තව දුරටත් වැඩි ප්රතිලාභ ගෙන නොදෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම අඩු වී නැවතත් වෙළඳපොළ සමතුලිත වේ. මෙය වෙනත් විෂය ක්ෂේත්රයන්ටද අදාළය. ඒ නිසා "රැකියා විරහිත උපාධිධාරීන්ගේ" ප්‍රශ්නයක් ඇති නොවේ.
කිසියම් රටකට කිසියම් හේතුවක් නිසා එම රටේ කිසියම් වෘත්තිකයක යෙදෙන ප්‍රමාණය ඉහත සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි කිරීමට අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියම සලකමු. එක් පුද්ගලයෙකු වඩා නිරෝගී වූ විට එම පුද්ගලයාට සම්බන්ධයක් නැති වෙනත් බොහෝ දෙනෙකුටද යම් සමාජ ප්‍රතිලාභයක් ලැබීම මේ තීරණයට පදනම් වනවා විය හැකිය.
රජය මැදිහත් වී සමාජයේ මේ පොදු තීරණය ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වෛද්‍ය අධ්‍යාපන පිරිවැය සුබසාධනය කිරීමයි. එවිට, වෛද්‍ය අධ්‍යපනය වඩා ප්රතිලාභ ගෙනෙන කටයුත්තක් වන නිසා "දෙපැත්තට වැනි වැනී" සිටි ටික දෙනෙකු වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවීමෙන් රටේ වෛද්‍ය සේවා සැපයුම සමතුලිත මට්ටමට වඩා වැඩි වේ.
ඇතැම් විට කිසියම් වෘත්තියක සැපයුම සමතුලිත ප්‍රමාණයට වඩා වැඩිවීම ස්වභාවිකවම සිදුවන්නටද පුළුවන. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි විෂය හදාරණ අයට ලැබෙන ශුද්ධ ප්‍රතිලාභය සෘණ අගයකි. මේ අය උසස් අධ්‍යාපනය නොලැබ සිටියෝනම් ඔවුන්ට මූල්‍යමය ලෙස වැඩි වාසියක් සිදු වේ. එහෙත්, මූල්‍යමය අවාසියක් ලබමින් ඔවුන් මේ විෂය හදාරන්නේ එයින් ඔවුන්ට ලැබෙන සතුට හෝ වෙනත් එවැනි මූල්‍යමය නොවන වාසියක් වෙනුවෙන් විය යුතුය. වෛද්‍ය වෘත්තිය හා අදාළව මෙවැනි තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට නැත.
ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතා විශාල ලෙස සුබසාධනය කර තිබේ. මේ නිසා රජයේ සරසවියක උසස් අධ්‍යපනය ලැබීමේ අවස්ථාව ලැබූ අයෙකු ඒ සඳහා කළ යුතු ආයෝජනයෙන් සැලකිය යුතු කොටසක් පොදු ආයෝජනයක් ලෙස සමාජය විසින් දැරීමත්, ඒ හේතුවෙන් සිසුවාගේ හෝ සිසුවියගේ පෞද්ගලික ආන්තික පිරිවැය සැලකිය යුතු ලෙස පහත යාමත් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය මුළුමනින්ම පෞද්ගලික ආයෝජනයක් වීනම් එය නොකරන සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යපනය ලබා ගැනීමට යොමු වේ.
ලංකාවේ උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම සිදුවන්නේ නිදහස් වෙළදපොළ සමතුලිතතාවය වෙනස් කිරීම යුක්තියුක්ත කිරීමට ඇති සාධාරණ කරුණු සලකා බලමින් සැලසුම් සහගත ලෙස නොවේ. එය ඔහේ යන විදිහට යයි. ඒ නිසා, මෙසේ උසස් අධ්‍යපනය ලබා ගැනීම සඳහා යොමු වන ප්‍රමාණය රජයේ වෙළඳපොළ මැදිහත් වීම නිසා වැඩි වුවද අදාළ රැකියා සඳහා ඉල්ලුම සමානුරූපීව වැඩි නොවේ. ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇතැම් වෘත්තිකයින් සඳහා වෙළඳපොළ ඉල්ලුම හා රටේ අවශ්‍යතාවයන් ගැලපීමට ප්‍රමාණවත් සැපයුමක් තිබියදී උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම මඟින් කෘතීම ලෙස සැපයුම තවත් වැඩි කිරීම නිසාය.
කෙසේ වුවද, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඇතැම් වෘත්තීන් සඳහා පවතින ඉල්ලුම ගැලපීමට හැකි තරම් සැපයුමක් සුබසාධනය යටතේ එම වෘත්තිකයින් නිෂ්පාදනය කරන රජයේ සරසවි මඟින් සිදු නොකරයි. සැපයුම ප්‍රමාණවත් නොවන නිසා මේ වෘත්තිකයින්ගේ "මිල" සමතුලිත මට්ටම් ඉක්මවා ඉහළ යයි. එවිට එම වෘත්තීන්ට පිවිසීමේ ප්රතිලාභ හේතු දෙකක් නිසාම ඉහළ යයි. පළමුව, නිෂ්පාදන පිරිවැය සුබසාධනය වී ඇත. දෙවනුව, සැපයුම සීමා කර ඇති නිසා තරඟකරුවන් අඩුවී ලාභ වැඩි වේ. ඉංජිනේරු, පරිගණක හා තොරතුරු තාක්ෂණ හා ගණකාධිකාරී වැනි වෙනත් ජනප්‍රිය වෘත්තීන්ට සාපේක්ෂව වෘත්තියට පිවිසීමේ විකල්ප අවස්ථා හොඳටම අඩු වෛද්‍ය වෘත්තිය හා මේ කරුණ විශේෂයෙන්ම අදාළය.
ඉහත පරිදි, ලංකාවේ සරසවි වල 'ජනප්‍රිය' පාඨමාලාවක් හැදෑරීම සැලකිය යුතු ප්රතිලාභ ගෙන දුන්නත් මේ අවස්ථාව සියල්ලන්ටම හිමි නොවේ. මේ අය අතරින් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන ආයෝජන පිරිවැය මෙතරම් (හෝ කොහෙත්ම) සුබසාධනය වී නොතිබුණද එම වැඩි (සමස්ත) පිරිවැය පෞද්ගලික ආයෝජනයක් ලෙස දරන්නට සූදානමින් සිටින අයයි. ඒ අයට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකිය. එසේ නොහැකිවීම නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති වේ.
නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එහි ව්‍යාපාරික අවස්ථාවක් තිබේ. ලාභ ලැබීමේ ඉඩකඩක් තිබේ. පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු මේ නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් ලාභ ලබන ව්‍යවසායකයෝය. දැන් යමෙකුට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකි වුවත්, වක්‍රව එය කර ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ අනුව, උපකාරක පන්ති සඳහා මුදල් වැය කිරීමේ හැකියාව ඇති අය ස්ව-කැමැත්තෙන් එසේ කරති.
එසේනම්, කොළඹ වෛද්‍ය පීඨය තුළ ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල නියෝජනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත්තේ සහ අඩු ආදායම් ස්ථර වල නියෝජනය එලෙසම අඩු වී ඇත්තේ ටියුෂන් වියදම නිසාද?
මෙය අපි දෙවනුව කතා කරමු.
(Image: https://www.flickr.com/photos/cerno/1522828591)
Labels:
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
වෛද්‍ය වෘත්තිය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...