මේ දවස්වල ලංකාවේ ප්ලාස්ටික් හාල් භීතිකාවක් පැතිරෙමින් පවතී. මේ කතාව පසුගිය වසර දෙක තුන ඇතුළත බත් ප්‍රධාන ආහාරය වූ ආසියාවේ හා අප්‍රිකාවේ වෙනත් ඇතැම් රටවලද වරින් වර 'නැගලා ගිය' කතාවකි. උඩුකය නිරුවත් වියට්නාම් තරුණයෙකු කිසියම් යන්ත්‍රයකට ප්ලාස්ටික් කැබලි කපා දමමින් "ප්ලාස්ටික් හාල්" නිපදවන ආකාරය පෙන්වන යූටියුබ් වීඩියෝවක්ද මේ ආකාරයෙන් සංසරණය වේ.
මගේ අදහස පරිදි, මේ වීඩියෝවේ පෙන්වන යන්ත්‍රය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් විය යුතුය. ප්ලාස්ටික් වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පෙර මුලින්ම කරන්නේ මෙහි "ප්ලාස්ටික් හාල්" මෙන් පෙනෙන කුඩා ප්ලාස්ටික් පෙලට්ස් හැදීමයි. පසුව අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීමෙන් පසුව මේ ප්ලාස්ටික් පෙලට්ස් වලින් විවිධ දේ හැදිය හැකිය. පහතින් ඇත්තේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය විස්තරාත්මක ලෙස පෙන්වන වීඩියෝවකි.
වසර විස්සකටත් පෙර මා සේවය කළ කොහුවල හන්දිය ආසන්නව තිබුණු ආයතනයක යට තට්ටුවේ තිබුණේ මේ ආකාරයේ ප්ලාස්ටික් පෙලට්ස් ආනයනය කර විකුණන ආයතනයකි. එහි ගබඩා කර තිබුණු ප්ලාස්ටික් පෙලට්ස් අසුරා තිබුණේද හාල් ඇසිරීමටද යොදාගන්නා ආකාරයේ ප්ලාස්ටික් බෑග් වලය. මේ ප්ලාස්ටික් පෙලට්ස් බැලූ බැල්මට ප්‍රමාණයෙන්, හැඩයෙන් හා පැහැයෙන් හාල් වලට සමානය. පහතින් ඇත්තේ ඊ-බේහි විකුණන්නට ඇති ප්ලාස්ටික් පෙලට්ස් බෑග් එකකි.
https://www.ebay.com/i/172655238119?chn=ps&dispItem=1
කිසියම් අයුරකින් වැරදීමකින් පෙනුමෙන් හා හැඩයෙන් සමාන හාල් වර්ගයක් සමඟ මිශ්‍ර වුවහොත් මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් වලින් වෙන් කර හඳුනා ගැනීම අපහසු වන්නට ඉඩ තිබේ. එහෙත්, මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් සමඟ පිසින විටක බත් මෙන් ඉදෙන්නට ඉඩක් නැත.
අප අසා ඇති කතාව අනුව, රයිගමයා හා ගම්පොළයා දෙදෙනා බුලත් කොළ ලෙස ගම්ම්රිස් කොළද, ගම්මිරිස් ලෙස පැපොල් ඇටද විකුණන්නට උත්සාහ කළේය. මිරිස් කුඩු වලට ගඩොල් කුඩු කලවම් කරන වෙළෙන්දන් ගැනද අප කුඩා කාලයේ අසා තිබුණේය. මේ සියල්ලක්ම විය හැකි දේවල් වන්නේ යොදා ගන්නා ආදේශකය මිල අඩු එකක් බැවිනි. එහෙත්, ප්ලාස්ටික් පෙලට්ස් සාමාන්‍යයෙන් හාල් මෙන් දෙගුණයක් පමණ මිලෙන් වැඩිය. ඒ නිසා, හාල් සමඟ ප්ලාස්ටික් පෙලට්ස් හිතාමතාම මිශ්‍ර කර වෙළෙන්දෙකුට ලාබ ලැබිය නොහැකිය.
ප්ලාස්ටික් හාල් කතාව කෙසේ වුවත් කෘතීම හාල් දැන් කලක සිටම රටවල් ගණනාවක වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කෙරේ. මේ ගැන දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් සටහනක් ලියා තිබේ.
ඒ වන විට පැවතියාට වඩා දැන් කෘතීම හාල් ප්‍රචලිතව ඇති අතර එයට හොඳම සාක්ෂිය අලිබබාහි විකුණන්නට ඇති විවිධ මාදිලි වල කෘතීම සහල් නිෂ්පාදන යන්ත්‍ර ප්‍රමාණයයි.
https://www.alibaba.com/trade/search?fsb=y&IndexArea=product_en&CatId=&SearchText=artificial+rice+making+machine
මේ යන්ත්‍ර ඩොලර් 500ක පමණ අඩුමිලක සිට විකුණන්නට තිබේ. එමෙන්ම, ලෝකයේ සෑම මහාද්වීපයකටම මේ යන්ත්‍ර විකිණී ඇති බව පෙනේ. (පහළින් ඇති සිතියම බලන්න)
https://www.alibaba.com/product-detail/Best-seller-artificial-fortified-rice-making_60619064195.html
කෘතීම හාල් හදන යන්ත්‍ර මේ තරම් අලෙවිවීමෙන් පෙනෙන්නේ කෘතීම සහල්ද විශාල ලෙස ලොව පුරා අලෙවි වන බවයි. මේ කෘතීම සහල් ඇතැම් විට වෙනම ඇසුරුම් කර තිබෙනු දැකිය හැකි වුවත්, ස්වභාවික සහල් සමඟ මිශ්‍ර කර විකුණනවා වීමටද ඉඩ තිබේ. එවැනි සහල් ලංකාවේද විකිණෙනවා වන්නට පුළුවන.
කෘතීම සහල් ලෙස හැඳින්වුවද මේ සහල් ආහාරයට නුසුදුසු 'ප්ලාස්ටික් සහල්' නොවේ. මෙහිදී සිදුවන්නේ පැස්ටා හෝ සීරියල් නිෂ්පාදනය කරන විටදී මෙන් අවශ්‍ය හැඩයට හාල් ඇටය හදා ගැනීමකි. අවශ්‍ය හැඩයට අමතරව අවශ්‍ය වර්ණය හා සුවඳ ලබාගැනීම සඳහා නිෂ්පාදනයේදී වර්ණකාරක හා සුගන්ධකාරක එකතු කෙරෙන්නට ඉඩ තිබේ.
ආරම්භයේදී මේ කෘතීම සහල් සකස් කෙරුණේ සුණු සාල් (broken rice) වලිනි. යොදාගත් නිෂ්පාදන ක්‍රමවේදය ඉතා සරල එකක් විය. පළමුව, සහල් පිටි කර පල්ප් එකක් සාදා ගැනීමෙන් පසුව එම පල්ප් එකෙන් අවශ්‍ය හැඩයේ සහල් ඇට සාදා පසුව වියලා ගැනුණේය. පිෂ්ඨය අඩංගු ආහාර බොහොමයක් ස්වභාවයෙන්ම ඇලෙන සුළු නිසා මෙහිදී අමතර රසායන එක් කිරීම අවශ්‍යම දෙයක් නොවීය.
දෙවන අදියරේදී, සුණු සාල් වලට අමතරව තිරිගු, ඉරිඟු වැනි වෙනත් ධාන්‍ය වර්ගද අර්තාපල්, බතල වැනි අල වර්ගද යම් ප්‍රමාණයක් මිශ්‍ර කෙරුණු අතර මේ වන විට එවැනි ආදේශක පමණක් යොදාගනිමින් හාල් නැතුවම කෘතීම හාල් නිෂ්පාදනය කෙරේ. මෙහිදී, අවශ්‍ය සුවඳ හා පැහැය ලබා ගැනීම සඳහා වර්ණකාරක හා සුගන්ධකාරක එක් කෙරේ.
පහතින් ඇත්තේ ඉරිඟු පිටි වලින් කෘතීම සහල් හදන පිලිපීන නිෂ්පාදකයෙකුගේ වත්පොත් පිටුවයි.
https://www.facebook.com/yummyhealthylife
සහල් ආසියානු කලාපයේ මෙන්ම ආසියාවෙන් පිටත ඇතැම් රටවලද ප්‍රධාන ආහාරයයි. එය එම රටවල කැලරි අවශ්‍යතා සපුරාලන ප්‍රධානම ආහාරය වුවත්, ඇතැම් සෞඛ්‍ය ප්‍රශ්න වලටද හේතුවකි. එක් අතකින් ඕනෑවට වඩා බත් කෑම සීනි වැඩිවීමට හේතුවකි. දෙවනුව, හාල් වල ප්‍රෝටීන් අඩංගු නැති නිසා ආහාර වේලේ සමතුලිතතාවයට ප්‍රශ්නයක් වේ. කෘතීම හාල් මේ ප්‍රශ්න දෙකටම විසඳුමකි. කෘතීම හාල් නිෂ්පාදනය කිරීමේදී ග්ලයිකෙමික් දර්ශක (GI) අගය අඩු ආදේශක යොදාගනිමින් හා ප්‍රෝටීන් අඩංගු කඩල, මුං ඇට වැනි මාෂබෝග වර්ගවල පිටි, තන්තුමය ආහාර ආදිය එකතු කරමින් එය කිරීමේ හැකියාව තිබේ.
කෙසේවුවද, අවසාන වශයෙන් තමන් ආහාරයට ගත යුතු දෙය එක් එක් පුද්ගලයාගේ තීරණයකි. ඒ නිසා, තමන් මිල දී ගන්නා සහල් වලට කිසියම් ආකාරයකින් කෘතීම ලෙස සකස් කළ සහල් අඩංගුද යන්න යන්න දැනගැනීම පාරිභෝගිකයෙකු සතු විය යුතු අයිතියකි. ඒ නිසා, රජය විසින් කළ යුත්තේ කෘතීම සහල් තහනම් කිරීම නොව, ආනයනික සහල් වලට කෘතීම සහල් මිශ්‍ර කර ඇත්නම් ඒ බව අසුරණයේ ප්‍රදර්ශනය කළ යුතු බව නියම කිරීමයි.
පැස්ටා හෝ සීරියල් වර්ග ආහාරයට ගන්නට නොපැකිළෙන අයෙකු කෘතීම සහල් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. එහෙත් යොදා ඇති රසකාරක හා වර්ණකාරක ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම, විකිණීමට අසීරු තත්ත්වයේ ඇති, එහෙත් පෙනුමෙන් මිස පෝෂණ ගුණය අතින් අඩුවක් නැති බාල තත්ත්වයේ සහල්, සුණුසහල් හා වීමෝල් වලින් ඉවතලන සහල් කුඩු ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් හොඳ පෙනුමක් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු ආයෝජනයකින් ලාංකිකයෙකුට ඇරඹිය හැකි කර්මාන්තයකි.
ඩයට් හාල් ආවොත් නැගල යයි, එත් හිටන්ලා පාලනය කරන රටක ඒ වගේ දේවල් වලට ආයෝජනය කරන එක අවදානම්.
ReplyDeleteඔහ් මේ කතා කරන්නේ හිටං පවුලේ වියපාරේ ගැන වග මතක නැතු ගියා.
ඔව්, එහෙම ප්‍රශ්නයක් තියෙනවා.
Deleteමේක පිළිකාවක් වගේ ලංකාවේ පැතිරුනේ.. සමහර මිනිස්සු යමක් ඇහුනම දැක්කම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කළබලවෙන හැටි නම් ඇත්තටම පුදුමයි
ReplyDeleteබත් කියන්නේ ලංකාවේ අය ගොඩක් සංවේදී තැනක්නේ.
Deleteමිනිස්සු නොතේරෙන දේවල් විශ්වාස කරන්න හරි කැමතියි. තමුන්ට තේරෙන තරමින් ඒක වෙන්න පුලුවන්ද කියල හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ප්ලාස්ටික් හාල්. ප්ලාස්ටික් බිත්තර. වඳ වෙන දාපු බ්‍රා. වඳ බේත් දාපු කෑම. වඳ බේත් දාපු යට ඇදුම්. කෙසෙල් ගෙඩිවලින් බෝකරන ඒඩ්ස්. වතුරෙන් දුවන කාර්. පිළිකාවට පාසල් සිසුවෙකු සොයාගත් විශිෂ්ට බේත්. ඔය වගේ සිය ගානක් දේවල් තමුන්ගේ බුද්ධියට අනුව වෙන්න පුලුවන්ද කියල හිතන්නෙවත් නැතුව බෙදා හරිනවා. තව යාලුවෙක් ෂෙයාර් කරලා තිබුන විනිවිද පේන පැරසයිට් කෙනෙක් බොන වතුරේ ඉන්නවා කියල. බැලින්නම් ඌ ජපානේ අමුවෙන් කන ආඳ පැටවූ වර්ගයක්.
Deleteමේවා ෂෙයාර් කරලා පතුරුවන අය අතරේ සයන්ස් ඉන්ජිනීරින් මෙඩිසින් කරපු අපේ යාළුවොත් ඉන්න එකනේ පුදුමේ. ලොකුම විහිලුව මේ සමහර අය ඉස්කෝලවල උසස්පෙළ විද්‍යා විෂයන් උගන්නන අය.
//කල්‍යාණ මිත්‍රJune 5, 2017 at 2:06 PM
Deleteමේක පිළිකාවක් වගේ ලංකාවේ පැතිරුනේ.. සමහර මිනිස්සු යමක් ඇහුනම දැක්කම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කළබලවෙන හැටි නම් ඇත්තටම පුදුමයි //
හැබැයි 2015 දී ඔහෙලත් රතරන් අස්සයෝ, අමෙරිකාවෙ බකින්හැම් පැළස්, කටු ගෙදර කඩු, ලැම්බගෝනි, කුඩු, එතනෝල්, කැසිනෝ ආදී මෙකී නොකී සියල්ලම ගුඩුස් ගාල එක උගුරට ගිල්ලේ ....?
@ Sarasa
DeleteHad to agree with you up to greater extent. I also voted for My3 but knew that they were using 80% false propaganda. But the case was Rajapakse gang also worse in those era. I trusted that the newly awaken people's force would make a real change as we finished war with Rajapakse team. But we did utter blunder. Feel sorry about that to be honest since the consequences made it even worse.
But don't forget that if MR won 2015, the situation May be either similar or even worse than this since they loosen their minds in the last couple of days of their regime.
// Delete
DeleteAnonymousJune 6, 2017 at 12:22 PM //
No worries sir, I think everything happens for good :D
Cheers
//මේවා ෂෙයාර් කරලා පතුරුවන අය අතරේ සයන්ස් ඉන්ජිනීරින් මෙඩිසින් කරපු අපේ යාළුවොත් ඉන්න එකනේ පුදුමේ. ලොකුම විහිලුව මේ සමහර අය ඉස්කෝලවල උසස්පෙළ විද්‍යා විෂයන් උගන්නන අය.//
Deleteඅධ්‍යාපන ක්‍රමයෙන් පාඩම් කර විභාග පාස් වෙන්න මිසක් හිතන්න පුරුදු නොකිරීමේ වැරැද්ද. මේ අය ඉදිරි පරම්පරාව පුහුණු කරන්නෙත් ඒ විදිහටමයි.
අර යූ ටියුබ් වීඩියෝ එක දැකලා මක්කදෝ වෙලා හිටියෙ.පිටකොටුවෙ දි පරණ ආහාර ඔක්කොම වගේ 'ප්‍රතිචක්‍රීකරනය' කරලා ආපහු අපටම කවන බවත් කියවෙනවනෙ.ඒ නිසා.දැන් ඒක ඉවරයි.
ReplyDeleteඔබත් විශ්වාසදායී බත් පතක් ගැන සිහින මවනවා නම් 'ෆ්‍රැන්ජිපානී' සහල්ම භාවිතා කරන්න.මමත් කෙහෙල් කොලේ ඔතාගන කන්නේ 'ෆ්‍රැන්ජිපානී' බත්..
(අනාගත වෙළෙඳ දැන්වීමක්.නළුවා ඔබ අපි කවුරුත් දන්න කෙනෙක් හිටං.)
ජයවේවා..!!
පරණ ආහාර ප්‍රතිචක්‍රීකරණය කිරීමනම් පිටකොටුවේ පමණක් නෙමෙයි ලංකාවේ හැම තැනම වගේ වෙන දෙයක්.
Deleteමට කලකට පෙර කෙනෙත් කීවා,
ReplyDeleteදෙවෙනි ලෝක යුද්ධ කාලෙදී රජයෙන් ලැබුණු සහල් සලාකය ඇලෙන සුළු සහල් වර්ගයක් බව.
ඔහු හිතන හැටියට එය කෘතිම සහලක්.
I guess it's a type of sticky rice. This kind of sticky rice used in far East like Thailand China Japan etc. Econo please explain this further with facts
Deleteමේ හාල් ඇනෝ කියනවා වගේ 'ස්ටිකි රයිස්' වර්ගයක් විය යුතුයි. නුපුරුදු කෙනෙක්ට මෙවැනි සමහර හාල් වර්ග තනිකරම ඉටි වගේ. දෙවන ලෝක යුද්ධය කාලයේ කෘතීම හාල් හැදූ බවට දන්නා තරමින් කිසිම සාධකයක් නැහැ. ඒ වසර වල ලංකාවට අග්නිදිග ආසියාතික රටවලින් විශාල ලෙස සහල් ආනයනය කර තිබෙනවා. මේ අතර ස්ටිකි රයිස් වර්ගත් තියෙන්න ඇති.
Deleteප්ලාස්ටික් හල් ප්ලාස්ටික් හාල් කියන හැම වෙලාවක ම මට තිබ්බ පස්නෙ ඕක ප්ලාස්ටික් නං කෝමද ඉදෙන්නෙ කියල හෙහ්
ReplyDeleteගොඩක් අයට ඕවා ප්‍රශ්න නෙමෙයි.
Deleteජපන්නු චින්නු කන බත් වල ඇට වෙන්වෙලා තියෙන්නේ නෑ. එකට ඇලිලා තිබුනාම තමයි චොප් ස්ටික් කොටු දෙකෙන් කන්න පුළුවන්. මට හිතෙන්නේ මේ හාල් ඒ රටවල භාවිතාවෙන ජාතියේ හාල් වර්ගයක් වෙන්න ඇති.
ReplyDeleteඔබ සමඟ එකඟයි.
Deleteබත් කන හරක් ඉන්න රටක ප්ලාස්ටික් හාල් වගේ කතා නැගලා යනවා.
ReplyDelete'බත් කන හරක්' ලෝකයේ බොහෝ රටවල ඉන්නවා. මෑතකදී ලංකාවේ වුනාට වැඩිය අවුලක් ටික කලකට පෙර නයිජීරියාවේ වුනා. ඇතැම් නිලධාරීන් විසින් නිසි පරීක්ෂාවක් නොකර මේ හාල් ප්ලාස්ටික් හාල් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා. මේ හාල් සාමාන්‍ය හාල් බව පසුව තහවුරු වුනා. හාල් වල තිබුණු බැක්ටීරියාවක් ගැන කියලා පස්සේ මුලින් වුනු වැරැද්ද වහගත්තා.
Deletehttp://www.cnn.com/2016/12/23/africa/nigeria-fake-plastic-rice/index.html
රත්තරං අස්සයෝ පිටේ රේස් පදින්ඩ පුලුවන් කියල විශ්වාස කරන ගොන් තඩියෙක් ඉන්න රටක "ප්ලාස්ටික් හාල්" ගැන කියල අනිත් ගොන්නු ටික බය කලාම තමුන්ගෙ හාල වැඩි ගාන ට විකුන ගන්ඩ පුලුවන් කියල ගොන් තඩියගේ මල්ලිට "ගොනාට වගේ තේරෙනව"
Deleteවැඩේ නැගල යන්ඩ යන්ඩ මල්ලිගෙ කල්ල මරේ
ආපේ රටේ හරක් රංචුවට ප්ලාස්ටික් හාල් නෙමෙයි දෙන්න ඔනි, තණකොළ. මේ වගේ අමනයෝ ඉන්න රටක් නං මේ තුන්ලෝකෙම නැතුව ඇති. මීහරක් ටික ෆේස්බුක් එකවුන්ට් හදන් උදේ ඉදං රෑ වෙනකං ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එකේම ලැගන් අහුවෙන අහුවෙන හැම මගුලම ෂෙයාර් කර කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නෑ. කාලකන්නි සේරම එක්ක නියුක් කරලා දාන්න ඕනි මේ ලබ්බේ රට.
ReplyDelete:-D
Deleteඑංගලන්තයේ ඩේලිමේල් පුවත්පත පවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ 'ප්ලාස්ටික් හාල් ෆැක්ටරිය' ගැන 'එළිදරවුවක්' කළා. ඒ අතින් ලංකාවේ ජනමාධ්‍ය හොඳයි.
Deletehttp://www.dailymail.co.uk/news/article-3920660/Could-rice-PLASTIC-Shocking-footage-underground-food-factory-sparks-fears-fake-grains.html
බුකියෙ දකින දකින හැම දේම මෙලෝ සිහියක් නැතුව 'ආඩම්බරෙන්' සෙයා කරන අය ඉන්න රටක ඕක මහලොකු කේස් එකක් නෙමෙයි.
ReplyDeleteඅන්න සතොස ලොක්ක සීන් එකට නඩු දාන්න යනවලු.
මේ වෙලාවේ ආණ්ඩුව පැත්තෙන් වගකීමෙන් ක්‍රියා කළා. නයිජීරියාවේ මෙවැනිම දෙයක් වෙලා ආණ්ඩුව හොඳට නාගත්තා.
Delete//කෘතීම සහල් නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු ආයෝජනයකින් ලාංකිකයෙකුට ඇරඹිය හැකි කර්මාන්තයකි.// මෙය දේශීය වී ගොවියා නැති කරන්න කැස කවන ඩොලර් වලින් යැපෙන ආර්ථික ඝාතකයෙකුගේ ෆෙඩරල්වාදී ප්‍රකාශයක් බව බොහොම පැහැදිලියි හිටං.
ReplyDeleteවී හාල් කිරීමේදී කුඩු වී නාස්ති වන හාල් කොටස් හා වී ගබඩා වල ඇති පරණ වී තොග සත්ත්ව ආහාර පිණිස නොයවා මේ විදිහට 'පොෂ් ප්‍රොඩක්ට්' එකක් බවට පත් කළ හැකියි. බත් පමණක් නෙමෙයි පැස්ටා වැනි දේ හදා ආනයන ආදේශකයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. ඉල්ලුමක් තිබේනම් අපනයනය කරන්නත් පුළුවන්.
Deleteපාරිභෝගික සේවා අධිකාරිය වගේ රටේ වගකිව යුතු ආයතන එකතු වෙලා මේ දේවල් ගැන සොයන්න ඕනේ.නැතිනම් වෙන්න තල් අත්තට වැටුණු බෙලි ගෙඩියට කලබල වුනා වගේ නිකම් කලබල වෙන එක විතරයි.ප්‍රශ්නගත හාල් අලෙවිය සතොස විසින් අත්හිටුවා ඒ ගැන විමර්ශනයක් කරන බව ඊයේ දිනයේදී පැවසුවා.
ReplyDeleteඇත්ත. මම හිතන විදිහට මේ සිද්ධිය සම්බන්ධවනම් අදාළ බලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබෙනවා.
Deleteමහින්ද මහත්තය්ගේ ආන්ඩුව පරද්දන්න හැදුව අභූත කටකතා විස්වාස කල ඔහෙලා අද ව්‍යක්ත විචාරකයෝ වෙලා නේ?
ReplyDeleteනාකි මහින්ද පර බල්ලාගේ පුකේ ඇගිල්ල ගහගනින් ගිහිං පොන්නයා. අපිට නං ඌ පර බල්ලෙක්. ඔය කාලකන්නියා තව මස කිහිපයකින් මැරිලා යනවා නිදි ඇදේම. එතකොට තොපිත් හැදිගෑවිලා පල. තොපි වගේ එක එක එවුන්ට පුක දෙන එවුන් නෙමේ අපි. රන්න පොනිලා කරත්, ආප්පයා කරත්, මහින්ද පර බල්ලා කරත් වරද්ද වැරැද්ද විදියට දැකපන්.
Delete// AnonymousJune 6, 2017 at 12:35 PM
Deleteනාකි මහින්ද පර බල්ලාගේ පුකේ ඇගිල්ල ගහගනින් ගිහිං පොන්නයා. //
ඔබ ගේ වියත් ආලෝචනයට ස්තූතියි ගරු ඇනෝ තුමනි.
පොන්න සාරස ඉල්ලං කනවා. ඌව බයිට් එකට අරන් අනික් එවුන් ආතල් ගන්නවා. ඒ මිහරකා ආතල් දෙනවා. පව් ඉතින් කුමාර කළුආරච්චි. මොන උනත් මනුස්ස ජිවිතයක්නි මෙහෙම බල්ලෙක් වගේ කිච වෙන්නේ.
Deleteකටකතා වලට ඉල්ලුම එදත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙයි.
Deleteදැනුම් දීම ගැන ස්තුතියි, දීපිකා. ප්ලාස්ටික් හාලුයි ඇත්ත හාලුයි වෙන් කර ගන්න හැකි ඔබ වැනි ටික දෙනෙක් හෝ සිටීම සතුටක්. බ්ලොග් එකේ යමක් ලියා පළ කළ පසු වෙනත් අය එය කොපි කිරීම වලක්වන්න අමාරු දෙයක්. ගොඩක් අය ලින්ක් එකක් දැමීමට කාරුණික වන නමුත් මේ වගේ ලිපියේ අදහස ගෙන වෙනත් වචන වලින් තමන්ගේ වගේ ලියන අයත් ඉන්නවා. (මට හිතෙන දෙයම එක වරම වෙනත් කෙනෙකුටත් හිතෙන්න හැකි වුනත් මේ වගේ ලිපියේ අන්තර්ගතය එලෙසින්ම වගේ ලියවෙන්න ඉඩ අඩුයි.) එවැනි දේ ගැන මා කණගාටු වන්නේ නැහැ. බ්ලොග් එක වැඩි දෙනෙක් කියෙව්වා කියා සතුට හැර ලැබෙන වෙනත් දෙයකුත් නැහැනේ. ඒ වගේම වෙනත් අය කොපි කිරීම ප්‍රශ්නයක් වන තරම් වටිනාකමක් ඇති අදහස් මම බ්ලොග් එකක දමන්නේත් නැහැ. අවසාන වශයෙන් වෙන කෙනෙකුගේ නමින් හෝ අවශ්‍ය දෙය ජනගත වීම ගැන සතුටු විය හැකියි. ලින්ක් එකක් දැම්මනම් එහි වැදගත්කම තියෙන්නේ කියවන අයටයි. මගේ ගොඩක් ලිපි වලට අදාළ ලිපියේ ලියැවී නැති දේවලුත් තිබෙනවා. මෙහි පැමිණෙන කෙනෙකුට එවැනි අමතර දේ විමසා දැනගැනීමට තිබෙන හැකියාව ලින්ක් එකක් නොදැමීමෙන් නැති වී යනවා.
ReplyDeleteඅර කාලෙකට කලින් ආපු DCD කතාව ගැන පැහැදිළිකිරීමක් කරන්න පුලුවන්ද, ප්ලාස්ටික් හාල් බොරුවක් කියල රජය කියනකොට සමහර අය ප්ලාස්ටික් හාල් කතාව සාධාරණිකරනය කරන්නේ ඔය පරණ DCD කේස් එක එලියට ඇලද
ReplyDelete