පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.
මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.
දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි.
ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා.
මොන පැත්තෙන් වුණත් පළවෙනියා වීම
ReplyDeleteනරකද හලෝ, ඒ ගැන වහසිත් දෙඩුම
ගස් නැති රටක තුත්තිරි ගස් රජ වීම
වෙනවා; වෙලා තියෙනවනේ හැමදාම
//කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි//
ReplyDeleteකතාව සම්පූර්ණ ඇත්ත. ඔය වගේ මුදුනා වීමේ උණ කියලා දෙයක් ලංකාවේ කලින් තිබුනේ නෑ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, බණ්ඩාරනායක පවුල සහ මෛත්‍රීපාල පාර්ශවයේ පාලන තන්ත්‍රයේ දර්ශනය අනුව තිබුණේ අවස්ථානුකූලව වඩාත් සාධනීය, රටට දරාගන්න පුළුවන් අඩු වියදම් සහ තිරසාර සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළක්.
ඔය ඉහළින්ම ඉන්න උන්මාදය මුලින්ම යුරෝපීය රටවල් වල නැපෝලියන්, හිට්ලර්, ස්පාඤ්ඤය, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ ලියෝපෝල්ඩ්, ජර්මන් සහ එංගලන්තයේ නායකයන් පිරිසකට තිබුණ මානසික රෝගයෙක්. පස්සෙ ඇමරිකානු එක්සත් ජනපදය, ජපානය සහ දැන් චීනයත් ඔය උගුලේ කර වටක් ගිලී ගිය අතර දැනටමත් එයින් ගිලන්ව ඉන්නවා.
ලංකාවට මේ ප්‍රශ්නය ගෙනාවේ විශේෂයෙන් ජේ ආර් සහ උගේ බෑණා වුණ රනිල් වික්කාමසිංහ නමැති අන්ත අශික්ෂිත දූෂිත දේශපාලකයන්, ඊට පස්සේ අන්ත දූෂිත රාජපක්ෂ කල්ලියේ බැසිල් රාජපක්ෂ සහ නන්දසේන කියන දූෂිත ඇමරිකානු පුරවැසියන්.
ඒ කාලේ 1945දී ඇමරිකන් කාරයෝ දෙවෙනි ලෝක යුද්ධය දිනපු වෙලාවේ නාසි ජර්මන් විද්‍යාඥයන්, ඉංජිනේරු තාක්ෂණ විශේෂඥයන් විශාල පිරිසක් ඇමරිකන් එක්සත් ජනපදයට අරන් ගියේ සහ 1945 දී ඩොලර් බිලියන දහයකට වඩා වටින ජර්මන් පේටන්ට් බලපත්‍ර අතිවිශාල ප්‍රමාණයක් යුධ වන්දි ලෙස ජර්මනියෙන් හොරකම් කර එක්සත් ජනපදයට ගෙන ගොස් බලසම්පන්න ඇමරිකානු යුධ සහ ආර්ථික බලයක් ගොඩනැගීම කළේ, එතකොට නාසි ජර්මන් රොකට් තාක්ෂණය සොරකම් කර අභ්‍යවකාශ තරණය සහ ගෝලීය ගැටලුවක් දක්වාම දුරදිග ගිහින් ඇති බලගතු මිසයිල නිර්මාණය, ඊට අමතරව ජපන් තාක්ෂණයද සොරකම් කර (උදා 1945 වන විට ලෝකයේ අතිවිශාලතම ගුවන් යානා හාරක ජපන් I-400 series වගේ සබ්මැරීන තාක්ෂණය ඇමරිකන්වරු සොරකම් කිරීම වැනි දේ) ඒ හරහා ලෝකයේ එක වීමට මහත් සේ දැඟලුවත්, ඒ සඳහා අතිවිශාල වශයෙන් ගෝලීය මට්ටමේ පරිසර විනාශයක් සහ මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ කළත්, සතුන් හා ශාක බිලියන ගණනක් වැනසූවත් දැන් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විනාශ වී චීනය හා රුසියාව ලෝකයේ බලය අත්පත් කරගෙන යනවා. ඒ වගේම ඇමරිකානු අභ්‍යවකාශ තරඟය නිසා 1960 දශකයේ විශාල මුදලක් නාස්ති කළ අතරම පසුව මැදපෙරදිග කලාපයේ තෙල් නිධි වල බලය අත්පත් කරගෙන ලෝකයටම ලොකු පොර වීමට ඇමරිකන් එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන හයක් හතක් විතර නාස්ති කළා. ඒකෙන් වුණේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් එකසේ පැහැදිලියි.
ලංකාව දැන් වත් ඇමරිකානු පිස්සු මන්ද මානසික අමනයන්ගේ මුදුනා වීමේ පුහු සංකල්ප නවතා තිරසාර සංවර්ධනය උදෙසා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. යුරෝපීය රටවල් දැන් මේ මගේ ගමන් කරන්නේ. නමුත් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන දූෂිත ඇමරිකන් පන්නයේ ආණ්ඩුවක් මගින් මේ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබෙන්නේ නැහැ.
ඒ නිසා 2024 දී වත් ලංකාවේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගෙන ඇමරිකන් හොරුන් ඒ රටටම එළවා දමා එම ඇමරිකානු හොරුන්ගෙ ඥාති සහ සමීප මිතුරු ඇමරිකන් ගැති රනිල් වික්කාමසිංහත් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම පළවා හැර මේ සඳහා රටට ගැලපෙන සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුමයි. දැනටමත් ප්‍රමාදයි.
එකොන් දැන් මෙවැනි ණය නොගෙවීමේ තත්වය මත රේටින්ග් පහත වැටීම ඇරුනහම - කෙටි කාලින සහ දිගු කාලීන අවාසි මොනවාද?
ReplyDeleteවැඩි පොලි යටතේ ණය ගැනීමට , භාණ්ඩ ආනයනයට මුදල් නැතිවීම වැනි ප්‍රශ්න ඇරුනහම , රටක් default වෙනවා කියන්නේ එකට නේද sovereign default, චිනේ මම හිතන්නේ 19සිය ගණන්වල මුල වුනා වගේ , රට ණය කාරයන්ට බෙදා ගත හැකිද කොරියාවට වුනා වගේ (theoreticaly)
ඔබ කියනවා වගේ ඉතිහාසයේදීනම් ඒ වගේ දේවල් වුනා. නමුත් මෑතකාලීනව එවැනි දේ සිදු වී නැහැ. දැන් මේ කතාව ගොඩක් අදාළ ස්වෛරිත්ව බැඳුම්කර වලටනේ. ඒවායේ ආයෝජනය කර තිබෙන්නේ සාමාන්‍ය මිනිස්සු. සමහර විට ඔබ වුනත් වක්‍ර ලෙස ආයෝජනය කර තිබෙනවා විය හැකියි. ඒ කියන්නේ ඔබේ ඉතිරි කිරීම් (විශ්‍රාම වැටුප් වැනි) මොනවා හෝ තිබෙන අරමුදලක් මේ ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ණය නොගෙවුවොත් ණය දුන් අයට පාඩු වෙන එකයි වෙන්නේ. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී ලංකාවට වුනෙත් ඒකනේ. මේ වගේ වෙළඳපොලක අවදානම ඉහළ යන තරමට එම අවදානමට හරියන්න මිනිස්සු වැඩි පොලියක් බලාපොරොත්තු වෙන එකයි වෙන්නේ. දැන් 20% පමණ මට්ටමට ගිහින් තියෙන්නේ ඒකයි. ද්විපාර්ශ්වික ණය හා අදාළව ඔබ කියනවා වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් පවතින ලෝක දේශපාලන ප්‍රවණතා අනුව රටවල් ආක්‍රමණය කරන එක වගේ දේවල් වෙන එකක් නැහැ. නමුත් දේශපාලන බලපෑම් කරලා රටේ සම්පත් වල අයිතිය ලබා ගැනීම වගේ දේවල් වෙන්න පුළුවන්. නරකම තත්ත්වයක් යටතේ වුවත් බොහෝ විට ලංකාවේ ප්‍රශ්නය ඒ තරම් දුර යන එකක් නැහැ. රුපියල සැලකිය යුතු තරමකින් වැටෙද්දී ලංකාවේ රුපියල් වටිනාකම් වල ඩොලර් මිල අඩු වෙන නිසා නැවතත් ඩොලර් එන්න පටන් ගනියි. ණය අරන් පුම්බපු කොටසේ හුළං ගියත් රටේ සැබෑ ආර්ථිකයක්ද තිබෙන නිසා බිංදුවට වැටෙන්නේ නැහැ.
Deleteහොඳයි , ස්තූතියි
Deleteමේ අර්බුදය ශ්‍රී ලාංකීය දේහය වෙලාගෙන තිබෙන දරුණු රෝග වලට (උදා- අති විශාල පිං පඩි රාජ්‍ය සේවය, එලොවටත් නැති මෙලොවටත් නැති පාඩු ලබන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන, අතින් කාලා හරක් බලන ශ්‍රී ලාංකීය කෘෂි කර්මාන්තය) ප්‍රතිකාරයක් නොකර බැරි තැනකට රජය තල්ලු කරයි ද? රජයට අකමැත්තෙන් වුවත් එම ප්‍රතිකාර නොකර නොහැරිය හැකි තැනකට පත්කරයිද?
ReplyDeleteඔබ යෝජනා කරන ප්‍රතිසංස්කරණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති නෑ නේද? මෙය වෙනස් වෙන්නනම් මිනිස්සුන්ට දැනෙන තරමට ආර්ථිකය කඩා වැටෙන්නම වෙයි.
Deleteඒක තමයි මගේ ප්‍රශ්නය. මේක මිනිස්සුන්ට දැනෙන මට්ටමකට නොගිහින් ශේප් කරගන්න පුලුවන් තත්වෙක ද තියෙන්නේ? මේ වෙලාවේ patch එකක් දාලා ෂේප් කරගත්තොත් ඊලග වටේ හිතාගන්න බැරි තරම් දරුණු වෙයි නේද?
Deleteචීනය වගේ රටකින් බිලියන කිහිපයක දිගුකාලීන ණයක් ගත්තොත් හරි එහෙම නැත්නම් අයිඑෆ්එම් ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් හරි තාවකාලිකව ගොඩ දාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ කියනවා වගේම වසර කිහිපයකින් නැවතත් ප්‍රශ්නය මතු වෙනවා.
Deleteස්තුතියි පිළිතුරට. ඒත් ඉස්සරහට තල්ලු කිරිල්ලත් හැමදාම කරන්න බෑනෙ.
Deleteඔව්. මේ වන විටත් මෙතෙක් කවදාවත් නොවූ තරම් මේ වැඩේ අසීරු වෙලා තියෙන්නේ.
Deleteදේශපාලන ස්ථාවරත්වය, ආණ්ඩුවට තියෙන ජනතා ප්‍රසාදය, දුර්වල විපක්ෂය වගේ දේවල් සලකලා බැලුවහම මේ වෙලාව මේ ප්‍රතිසංස්කරණ ටික කරගන්න තියෙන ස්වර්ණමය අවස්ථාවක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේක මිස් කරගත්තොත් ඊළඟ අවස්ථාව මහා ලේ වැගිරීම්ක් එක්ක එන්න තියෙන සම්භාවිතාවය සෑහෙන වැඩියි
Deleteඔව්. ඉතාම පැහැදිලිව. නමුත් ආණ්ඩුව ඒ විදිහටම හිතනවද කියන එක සැකයි. ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම වැනි සමහර දේවල්නම් කරන්න උත්සාහ කරන බව පේනවා. සමහර විට කාබනික පොහොර කතාව එක්ක පෝර සහනාධාරයත් අහෝසි වී යයි.
Delete