මේ වෙලාවේ ලංකාව විසින් කරමින් සිටින දෙය හැඳින්විය හැකි හොඳම ආකාරය "මහ බැංකුව උගස් කර ණය ගැනීම" කියන එකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට පාදක හේතුව වන අයවැය හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා ලංකාවේ රජය අර්බුදයකට ගියා. මෙය අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි.
වැඩි වැඩියෙන් ණය ගනිද්දී ලංකාවේ රජයට තව තවත් විදේශ ණය ලබා ගැනීම අසීරු වුනා. මෙහිදී මධ්‍යම රජයේ ණය අඩුවෙන් පෙන්වීමේ උපක්‍රමයක් විදිහට රාජ්‍ය සංස්ථා හරහා ණය ගත්තා. ඉන් පසුව සෘජුව හා වක්‍රව වාණිජ බැංකු හරහා විදේශ ණය ලබා ගත්තා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලංකාවේ මධ්‍යම රජය වගේම රාජ්‍ය සංස්ථා හා වාණිජ බැංකුද එකිනෙක හා ගැට ගැහුණු ණය අවදානමක පැටලී ඉන්නවා. මේ දිය සුලිය කරා අවසාන වශයෙන් මහ බැංකුවද ඇදෙමින් සිටිනවා.
රටක ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ වෛද්‍යවරයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා තේරුම් ගන්නා ආකාරයටයි. විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සැලකිය යුත්තේ කිසියම් රෝගයක් ගැන කරන සංඥා ලෙසයි. මොනවා හෝ කර වාර්තාව හොඳ කර ගත්තා කියා රෝගය අවසන් වන්නේ නැහැ. රටක ආර්ථිකයක සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳීමෙන් මිසක් සංඛ්‍යාලේඛණ ඉලක්ක කිරීමෙන් ආර්ථිකයක් අර්බුදයට යාම වලක්වන්න බැහැ.
මේ දවස් වල ලංකාවේ තේරීම වී තිබෙන්නේ මුදල් හුවමාරු ගිවිසුම්. මේ ගිවිසුම් සිදු වන්නේ රටවල් දෙකක මහ බැංකු අතරයි. මුදල් හුවමාරු ගිවිසුමක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්. මෙහිදී සිදු වන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන විදේශ ණය ගෙවීමක්. මහ බැංකුව වෙනත් රටක මහ බැංකුවකින් ණය ගන්නවා.
මේ වැඩෙන් සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධ වශයෙන් ගත්තොත් මෙහි රුපියල් සම්බන්ධයක් නැහැ. මහ බැංකුව විසින් එක පැත්තකින් ණයට ගන්න ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) අනෙක් පැත්තෙන් ඩොලර් ලෙසම එළියට යනවා.
හැබැයි මේ විදිහට මහ බැංකුව විසින් ණය වී ගෙවන්නේ රජයේ ණය මිසක් මහ බැංකුවේ ණය නෙමෙයි. මහ බැංකුව විසින් ණය වී ලබා ගන්නා ඩොලර් මහ බැංකුව විසින් රජයට විකුණනවා. රජය ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ මුදල් හොයා ගන්න නැවත මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. දැන් රජයේ ණය ඒ විදිහටම තිබෙනවා. කලින් තිබුණු විදේශ ණය වෙනුවට දැන් තිබෙන්නේ මහ බැංකුවට වූ ණය. සංඛ්‍යාලේඛණ වල රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය වෙනස් වෙන්නේ නැහැ කිවුවත් තව දුරටත් රජය ආදායම් ඉක්මවා වියදම් කරන නිසා රාජ්‍ය ණය වැඩි වෙනවා. මම කියන්නේ ඒ හැර විදේශ ණය ගෙවීම හේතුවෙන් රාජ්‍ය ණය වෙනස් වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට සිදු වන්නේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක්.
මේ විදිහට මහ බැංකුවෙන් ණය ගත්තත්, ඒ සල්ලි නැවත මහ බැංකුවටම යන නිසා සංචිත මුදල් විශාල ලෙස වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා, උද්ධමනය ගැන බය වෙන්න අවශ්‍ය නැද්ද?
ඇත්තටම වෙන්නේ ප්‍රශ්නය මහ බැංකුව පැත්තට තල්ලු කිරීමක්. දැන් රජය වෙනුවට ණය වෙන්නේ මහ බැංකුවයි. රජයේ විදේශ ණය අඩු වන ප්‍රමාණයට මහ බැංකුවේ විදේශ ණය ඉහළ යනවා. මේ විදේශ ණය මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් අඩු කළ විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පහළ යනවා. ඒ එක්කම රුපියලට වටිනාකමක් ලැබෙන පදනම වේගයෙන් ඛාදනය වෙනවා.
මහ බැංකුව විසින් මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළාම මහ බැංකුවට ඩොලර් එනවා. ඩොලර් වත්කම් ඉහළ යනවා. එහෙත් ඒ එක්කම අනෙක් පැත්තෙන් ඊට හරියටම සමානව ඩොලර් බැරකම්ද ඉහළ යනවා. ඒ නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මුදල් හුවමාරු ගිවිසුම් නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.
මේ විදිහට මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කරන්නේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න කියලා අපි දන්නවා. මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලබා ගන්නා ඩොලර් රජයට විකුණනවා. එසේ කරද්දී මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වුනත් බැරකම් ඒ විදිහටම තිබෙනවා. මෙහි ප්‍රතිඵලය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙන එකයි. එහෙමත් නැත්නම් මහ බැංකුවේ "වටිනාකම" අඩු වෙන එකයි. මේ වැඩේ මහ බැංකුව උගස් කර ණය ගැනීමක් වන්නේ ඒ නිසයි.
මහ බැංකුව උගස් කර ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වන විට මහ බැංකුව තිබෙන්නේ බංකොලොත් තත්ත්වයක කියා කියන්න පුළුවන්. 2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. නමුත්, මහ බැංකුව සතුව තිබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඊට වඩා අඩුයි. මැයි අවසන් වන විටත් තිබුණේ ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි.
ඩොලර් මිලියන 4,032.8ක ශුද්ධ විදේශ වත්කම් වලින් රුපියල් බිලියන 1,072.0ක මුදල් සැපයුමක් ආවරණය කළ හැක්කේ අවම වශයෙන් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියා ගන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් මිලියන 5,346.1ක මට්ටමට ඉහළ නංවා ගන්න වෙනවා. මුදල් හුවමාරු ගිවිසුම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ඩොලර් රජයට විකිණීමෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තවත් පහළ යන්නනම් පුළුවන්.
මහ බැංකුවට විදේශ වත්කම් වැඩි කර ගත හැකි වන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමෙන් පමණයි. පවතින විණිමය අනුපාතිකය යටතේ එය කළ හැකිද?
මහ බැංකුව විසින් දැනට අනුගමනය කරන උපක්‍රමය වන්නේ ඩොලර් රටින් පිටවීම හැකි තරම් පාලනය කිරීමයි. මේ සීමාවන් නිසා විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීම වඩ වඩා අසීරු වී අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඩොලරයක අවිධිමත් වෙළඳපොළ මිල බැංකු වල මිල ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා. ඒ එක්කම කවර හෝ ආකාරයකින් ඩොලර් උපයන අය, උදාහරණයක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, රටේ බැංකු පද්ධතිය මග හැර යාමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ මහ බැංකුවට දැන් මිලට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම තවත් අමාරු වෙන එකයි.
දැන් යන ක්‍රමයට ලංකාවේ ආර්ථික අර්බුදය මහ බැංකුවේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතු වෙන්න වුනත් බැරිකමක් නැහැ! ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු හැත්තෑ හතක්. මහ බැංකුවටත් දැන් හැත්තෑ එකක්!!
ලාස්ට් සෙන්ටෙන්ස් එක පට්ට..
ReplyDeleteඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ මහ බැංකුව අහෝසි කරනවා නම් විමධ්‍යගත පෞද්ගලික අංශයේ බැංකු පද්ධතියක් හෝ රුපියල් වෙනුවට ඩිජිටල් ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයක් ස්ථාපිත කිරීම යන දෙකෙන් වඩාත් විශ්වාසනීය ක්‍රමය මොකක් ද?
ඒ වගේම මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මාධ්‍ය හමුවකදී පසුගිය වසර එක හමාර තුළ රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, කල් පිරෙන ණය සේවාකරණ වගකීම් සාර්ථකව පියවන අතරම, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස විදේශ ණය ප්‍රමාණය සියයට 40ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් විදේශ ණයවල මුහුණත වටිනාකම 2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි වූ බව පවසන කතාවේ ඇත්තක් තියෙනවා ද?
මේ සමගම පවතින ආර්ථික දුෂ්කරතාවන් සමගින් ලංකාවේ මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස ඩොලර් බිලියන 2.14 පමණ වන මුදලක් ඉදිරි කාලයේදී රටවල් තුනකින් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඊට අමතරව පිලිපීන ජනාධිපති සහ ඉතියෝපියාව වැනි තවත් රටවල් කීපයක් එක්කත් ද්විපාර්ශ්වික සාකච්ඡාවන් පවත්වා ඉදිරි කාලයේදී යම් යම් ණය ආධාර ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඔබටත් ආරංචි ඇතිනේ.
ඉහත විස්තර කළ පරිදි මේ ජූලි මාසයේ ගෙවීමට සිදුවන ඩොලර් බිලියන එකක් පමණ මුදලත් එක්ක විදේශ සංචිත පහළ යාමේ තර්ජනයට මුහුණ දීම සඳහා මේ වන විට එකඟ වී ඇති පරිදි චීනයෙන් තවත් ඩොලර් බිලියන එක හමාරක් (ඩොලර් මිලියන 1,500), ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 240 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා වල මම දැක්කේ.
ඒ වගේම ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 640 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යන ස්වැප් ක්‍රමය යටතේ ලබා ගැනීමට ද තීරණය වී තිබෙනවාලු.
මීට අමතරව චීනයෙන් ලබාගන්නා ණය මුදල වසර කීපයක් සඳහා වන දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිත බවයි කියන්නේ.
මේ වගේම එම බිලියනයක පමණ මුදල ගෙවීමට පෙර දැනට (2021 ජූලි හතර වෙනකොට) ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන කියන්නේ ඇත්ත ද?
දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශය පුවත්පතට පවසා තිබුණේ. ඔබ ඒ සමග එකඟ වෙනවා ඇති.
මැයි මාසයේ ලංකාවේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියක් බව ඔහු කියයි.
උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 බව ඔහු පෙන්වා දෙයි.
මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි.
මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.
ඇත්තටම ලංකාවේ පත්වන ආණ්ඩු වල දේශපාලකයන් හෝ රජයේ නිලධාරීන් රටේ ආර්ථික ක්‍රියාවලිය ගැන මිනිසුන්ට දැනෙන තේරෙන විදියට අවබෝධ කරදීමට කටයුතු නොකිරීම නිසා රජයන් මගින් රටේ යහපත උදෙසා කරනු ලබන බොහෝ යහපත් කටයුතු ගැන පවා සැක සංකා ඇතිවීමට ඉඩ ඇති කරයි. මේ ගැන ඔබේ අදහස් කෙසේ ද?
//ලංකාවේ මහ බැංකුව අහෝසි කරනවා නම්..//
Deleteමේක සිදු නොවන දෙයක් නිසා විකල්ප ගැන කතා කරන එකේ එතරම් තේරුමක් නැහැ.
//2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි වූ බව..//
මම හිතන්නේ මේ ගණන් නිවැරදියි. ණය අඩු වුනේ මෙතෙක් ගහපු රෝල ගහගන්න බැරි වුනු නිසා මිසක් සැලසුම්සහගතව ණය අඩු කළ නිසා නෙමෙයිනේ. ඒ වගේම, අඩු වූ ණය ප්‍රමාණයට වඩා සංචිත අඩු වෙලා තියෙනවා. සංචිත විකුණා ණය ගෙවීම ජයග්‍රහණයක් නෙමෙයි. අඩු කර ගත යුත්තේ ශුද්ධ විදේශ බැරකම්. ඒ කියන්නේ (විදේශ ණය - විදේශ සංචිත). සංචිත සමානුපාතිකව ඉහළ යනවානම් ණය වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි.
//ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව..//
මේක ඇත්තක්. එහෙත් සංචිත ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් වීම ඒ හේතුව නිසාම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබෙනවා. ප්‍රශ්නය ආනයන නෙමෙයි. කෙටිකාලීන ණය පොලී හා වාරික.
//...ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශය පුවත්පතට පවසා තිබුණේ. ඔබ ඒ සමග එකඟ වෙනවා ඇති.//
සාමාන්‍ය ආර්ථික විද්‍යා තර්කයක් ලෙස මේ කාරණය නිවැරදි වුවත් මම මේ වෙනවා කියන දෙය සමඟ එකඟ නැහැ. මිනිස්සුන්ට ලැබෙන්නේ සෘණ පොලියක් බව ඇත්ත වුනත් සල්ලි බැංකුවෙන් ගත්තොත් වෙන්නේ මුදලේ වටිනාකම ඊටත් වඩා අඩු වෙන එක. සෘණ 6.1 කට සාපේක්ෂව සෘණ 1.6 වාසිදායකයි. ලංකාවේ බැංකු වල සල්ලි දමන ගොඩක් අයට වෙනත් විකල්ප ආයෝජන අවස්ථා නැහැ. ඒ නිසා, පාඩු වුනත් සල්ලි බැංකුවේම තියන්න වෙනවා.
බොහොම ස්තුතියි ඉකොන්,
Deleteලංකාවේ විදේශ සංචිත සහ ආර්ථික තත්ත්වය ගැන ලාංකීය ජනයා ලෙස අපි නිතරම අප්ඩේට් වෙමින් සිටිමු. දිගටම මේ පැත්තේ එනවා. පුරවැසියන් අවබෝධයෙන් සිටීම ඉතාමත් වැදගත්.
ඉකොන්, ඔබ කොවිඩ් එන්නත් ගැනත් පෝස්ට් දමපු හෙයින් යමක් ඇසීමට කැමතියි. මේ වෙනකොට ලංකාවේ වැඩි වශයෙන් එන්නත්කරණය සිදුකර ඇති චීනයේ නිෂ්පාත සයිනොෆාම් එන්නත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු සියලු එන්නත් ප‍්‍රබේදවලට ඉහල ආරක්ෂාවක් ලබාදෙන බව හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරනවා. මේක සත්‍යක් ලෙස පිළිගත හැකි ද?
ReplyDelete(ඒ වගේම මෙම ඉහළ ආරක්ෂාව ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබා ගත් පසු බවත් අමාත්‍යවරයා කියල තිබුණා.)
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරපු පර්යේෂණයේ මූලික දත්ත ලැබී ඇති බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙළිදරව් කරනු ඇතැයිද ඔහු කියුවා.
මේ අතර මාධ්‍ය වාර්තා කරපු විදියට නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ සයිනොෆාම් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පසු අන් සියලු එන්නත් වලට වඩා ඉහල මට්ටමේ ආරක්ෂාවක් සියලු කොරෝනා ප්‍රභේදයන්ට වාර්තා කර ඇති බවයි. මේක ඇත්ත ද දන්නේ නැහැ. මේක ගැනත් විස්තර ඉදිරිපත් කිරීමට පුළුවන් නම් හොඳයි.
ලංකාවේ ගිය මාසේ සයිනොෆාර්ම් එන්නත් නිෂ්පාදනය කරන පෞද්ගලික අංශයේ කම්හලක් ඉදිකර සියලුම උපකරණ සමග සියල්ල සූදානම් කර තිබේ. නමුත් මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පැමිණ අනුමත කළ යුතු බවත් ඊට පසු ලංකාවේ මේක නිෂ්පාදනය කිරීමට පුළුවන් බවත් කියන කතාව ඇත්ත ද?
සයිනෝෆාර්ම් හොඳම එන්නත කියන එකනම් අතිශයෝක්තියක්. නමුත් මෙය ප්‍රශ්නයක් වන්නේ විකල්ප ගණනාවක් තිබෙනවානම්නේ. එන්නතක් නොගැනීමට සාපේක්ෂව මොකක් හෝ එන්නතක් ගැනීම හොඳ විකල්පයක්.
Deleteතවත් වරක් කියවන්න ඕනේ!
ReplyDelete('විපතට විපත එක් වුණු තැන මහ විපත...' -සුදෝසුදු කවි පොතෙනි.)
ReplyDeleteපාලක මගඩි අඩු නැතිවම තිබු තැනක
කොරෝනා රජව; සිදු වුණු විනාශෙක
තරම හිතා ගන්නටවත් බැරි කලෙක
රට වැටෙනවද මහ බියකුරු අගාධෙක
ඒ පත විපත තව මහ විපතක මුලක
Deleteවා ගත නොහැක ගත ඇවිලෙයි ගිනි දැලක
මා අතහැර ගියෙන් මගෙ පුතු ජයතිලක
කා වත බලා සැනසෙමි මම කොයි කලෙක.
(කේයස් ගේ ලක් මව අදත් අඬයි කවි පෙලින්)
තුති පුද දෙමි ඔබට
Deleteමතු කළ බැවින් තතු
වියතුන් 'මෙලොව' හැර යති
දැක විපත මතු!
ඉකොනො මැට්ටා,
ReplyDeleteමේ වගේම මේ සතියේ ජූලි 08 ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලෙස දිවුරුම් දිමට නියමිත ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියකු වන කුප්‍රකට බැසිල් රාජපක්ෂ නමැත්තා ඒ සමගම ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙන්න නියමිත බව ලංකාවේ මාධ්‍ය වාර්තාවල තියෙනවා.
ඒ අනුව ඔහුගේ අමාත්‍යාංශයේ ආයතන සමූහය යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට් සිටි) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BoI) ද පැවරෙනු ඇති බව ඒ වාර්තා වල සඳහන් වුණා.
(දැනට ලංකාවේ කොළඹ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක අගමැති මහින්ද රාජපක්ෂ යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර, ආයෝජන මණ්ඩලේ තියෙන්නේ නාමල් රාජපක්ෂගේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ.)
එනමුත් කොළඹ පෝට් සිටි එක ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැඩි ලෙස අවධාරණය කරමින් දන්වා ඇතැයි ලංකාවේ මාධ්‍ය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගෙන වාර්තා කර තිබුණා.
මහජන චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින් මෙම දැනුම් දීම කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදය චීනුන්න්ගේ හ්වා'වේ, ෂ'ඕමී වගේ ෆෝන් එකේ ඉඳලා හැමදේටම අංචි අදිද්දී, තහනම් කරද්දී උන් ඩොලර් බිලියන එක හමාරක් විතර වියදම් කරලා ගොඩ කරල ලංකාවේ හදපු භූමියෙ රඟන්න උන් ඉඩදෙයිද ඇමරිකානු ජාතික බැසිල් රාජපක්ෂ වගේ කම්බා හොර දෙටුවෙක්ට? හොදම වැඩේ ලංකාවේ සිංහල බෞද්ධ ගොං වහන්සේලා ටිකට. ඒ පැත්තේ කකුලකුයි, මේ පැත්තෙ කකුලකුයි දාගෙන, රටේ තියන සල්ලි ඔක්කොම කාබාසිනියා කරලා රට බැංකු වල දාගෙන ඉන්න, රට විනාශ උනාම අනෙක් රටට පනින්න බලං ඉන්න ඇමරිකානු ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය දීමට කටයුතු කළ දේශියත්වය කිය කියා බැටලු හම් පොරෝගෙන ඉන්න ගොං වහන්සේලා ටික කුජීතයි නේද?
ලංකාවේ උද්ධමණය මැනීමට ගන්නා ඒකක නිවරදිද එම ඒකක වලින් ලබා ගන්නා උද්ධමණය නිවරදිද
ReplyDeleteඋද්ධමනය මනින පැසේ තිබෙන භාණ්ඩ පාලන මිලකට යටත් වූ විට උද්ධමනය නිසි සේ පිළිබිඹු වෙන්නේ නැහැ.
Deleteබොහොම ස්තුතියි
Delete//2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්.//
ReplyDeleteCan you explain this a bit more?
Is this total money circulation in the country. It should be much bigger than 1 Trillion, isn't it?
This is the total amount of currency in circulation plus other monetary liabilities of the central bank.
DeletePardon my ignorance, but there were reports Money printing of 200Bn in June alone. That is 20% of the currency in circulation, if total in circulation is 1 Tn.
DeleteJust curious that 1,072 figure is correct?
Apart from Central bank issued currency, do they publish credit created by banks by leveraging their assets, which can affect devaluation of Rs.
Very good question. I saw this news article which stated that Rs. Bn. 208 was printed in a single day. Probably, the news report was technically correct. It referred to an increase in T-bill stock of CBSL which could possibly mean injection of new money to the economy, unless there was an offsetting transaction to absorb the same amount of money. I checked CBSL data upon seeing this news since the amount was massive. In fact, the T-bill stock of CBSL has increased by Rs. Bn. 208.4 in a single day on June 28th from Rs. Bn. 919.2 to Rs. Bn. 1,127.6 which is a 22.7% increase. However, the T-bill stock was back to Rs. Bn. 919.2 the following day. First, this does not necessarily mean an increase in money supply. For example, the government may have settled its O/D from CBSL before the mid-year deadline for legal compliance and borrowed the same amount back the next day. If there were any offsetting transaction which moves money in circulation back to CBSL, the increase in T-bill stock do not translate to an increase in money supply. With no additional data available, I can't say for sure whether this was the case but my professional guess says so. If the money supply did increase for a day, still it is nothing to be concerned. Increases in money supply is a concern when that is permanent. For example, money supply increases in mid-April due to festive demand but that demand is usually short-lived and not inflationary.
DeleteCould you look at the second Q
ReplyDelete//Apart from Central bank issued currency, do they publish credit created by banks by leveraging their assets, which can affect devaluation of Rs. //
My understanding is that Banks can lend by leveraging their assets, without a dependency on central bank issued currency notes. These credit will also have an effect on rupee devaluation.
Do central bank publish those information. How significant that figure in SL context.
Central bank of a country is the source of money in circulation in an economy and therefore the liabilities of the central bank are called "base money", "monetary base" or "reserve money". I paid attention to this component of the money supply in this article. The banking system in a country creates additional money using the monetary base, a process known as money multiplication. The money supply in a country, therefore, includes the liabilities of the central bank as well as the liabilities of the banking system. Money backed by the assets of commercial banks, however, are not independent from the money issues by the central bank. They are a kind of derivative products. The quality of the assets of the banking system backing the money supply do have an effect on the exchange rate but the value primarily depends on the quality of the assets of the central bank. Usually, the quality of the assets of the central bank is undisputed and we pay attention to the quality of the assets of commercial banks. When commercial banks are under stress the central bank can rescue them. What I discuss here is a more fundamental problem- the quality of the assets backing the liabilities of the central bank. When that is jeopardized, no point in discussing the quality of the assets of commercial banks. It is a "අලියට පෑගෙන මිනිහෙක්ට චූ යනවද?" type of query. As a rule of thumb, credit rating agencies expect the official reserves to be at least 20% of the money supply which includes the liabilities of commercials banks. Broad money supply (M2b) is around Rs 10 Trillion which is around US$ 50,000 billion and 20% of that amounts to US$ 10,000 billion. Official reserves amount to 40% of that or 8% of the money supply. Net foreign assets of the entire banking system is in negative range.
DeleteThanks,
ReplyDeleteIs my below understanding correct?
Broad money (M2b), 10 Tn Rs = (Base money, which is 1,072 Bn Rs) + (money created by money multiplication of banks)
ie. Broad money is about 8 times the central bank base money?
Yes.
Delete