වෙබ් ලිපිනය:

Tuesday, January 14, 2020

මූදේ නැව් ගිය විට පාරවල් හිටී!


මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති බව ජනප්‍රිය කියමනක්. සමහර අය කියන විදිහට මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති වුනත් තෙල් ලීක් වුනොත් පාරවල් හිටිනවා. එහෙම කියන අයත්, තෙල් ලීක් කර නොගත්තොත් මූදේ නැවු ගිය පාරවල් ඉතුරු නොවන බව හිතන බව පෙනෙනවා.

මම හිතන්නේ මේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති කතාව ගොඩක් පරණ කතාවක්. බොහෝ විට ඔය කතාව හැදෙන කාලේ නැවු දුවන්න ඇත්තේ තෙල් වලින් නෙමෙයි. ඒ වගේම ඒ කාලේ පාරවල් වල වැඩිපුරම දුවන්න ඇත්තේ කරත්ත. බොරළු පාරක  කරත්තයක් ගියාම රෝද පාර හිටිනවා. ඒ නිසා, පාරේ කරත්තයක් ගිහින් බව කාට වුනත් තේරෙනවා. නමුත්, මූදේ නැවක් හරි ඔරුවක් හරි ගියාම ඒ විදිහට පාරවල් හිටින්නේ නැහැ.

මූදේ නැවු ගියාට වතුරේ ඉරි ඇඳෙන්නේ නැහැ. නමුත් පාරවල් ඇඳෙනවා. නැවු දුවපු පාරවල් වල තෙල් පාරවල් ඉතුරු වෙන්න පටන් ගත්තේ නැවු දුවවන්න තෙල් යොදා ගන්නත් කලින් ඉඳලාමයි. එක පැත්තකින් බැලුවහම ඉතිහාසය කියා කියන්නේ නැවු ගිය පාරවල් වල ලීක් වුනු තෙල් පාරවල්.

කොලොම්බස්, වස්කෝ ද ගාමා, ලොරෙන්සෝ ද අල්මේදා වගේ නාවිකයෝ ගිය තැන් වල තෙල් පැල්ලම් දැන් සෑහෙන්න පැතිරිලා. විජය නම තිබෙන හෝ ඒ නමින් සංකේතවත් වන පුද්ගලයෙක් සමඟ පැමිණි නැවේ සහ ඉන් පසුව ලොරෙන්සෝ ද අල්මේදාගේ නැවට පෙර හා පසු ලංකාවට පැමිණි නැවු ගණනක තෙල් පාරවල් අදටත් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

තැනින් තැන ඉතිරි වී තිබෙන තෙල් පාරවල් වලින් අතීතයේ නැවු ගිය පාරවල් හරියටම හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ අතීතයේ. දැන්නම් නැවු යන පාරවල් නිශ්චිතවම හොයා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මූදේ යන නැවු දිහා අහසේ තිබෙන චන්ද්‍රිකා ගණනාවක් ඇසි පිය නොහෙළා බලාගෙන ඉන්නවා. ඒ නැවු යන පාරවල් වතුරේ ඇඳුනේ නැතත්, කොහේ හෝ දත්ත ගබඩාවක හරියටම ඇඳෙනවා. එහෙම ඇඳෙන්න මේ නැවු වලින් තෙල් ලීක් වෙන්න අවශ්‍ය නැහැ.

මූදේ නැවු යන පාරවල් කොහේ හෝ හරියටම ඇඳී තිබුණත්, මේ පාරවල් හැමවිටම හැමෝටම පේන්නේ නැහැ. අදාළ දත්ත තමන් සතුව තිබෙන අයට ඒ දත්ත වෙනත් අයට ලබා නොදී තමන් සතුව තියා ගැනීමෙන් කිසියම් වාසියක් ලබා ගත හැකි වීම ඊට හේතුවයි. සමහර වෙලාවට මේ දත්ත පොදු අවකාශයේ තිබුණත්, ගොඩක් අය නැවු ගිය පාරවල් නොදකින්නේ ඔවුන්ට ඒ  පාරවල් ගැන හොයන්න උනන්දුවක් නැති නිසයි. අනෙක් අතට නැවු ගිය පාරවල් හොයන්න ඉල්ලුමක් ඇති වුනු වුනු වෙලාවට ඒවා කොහෙන් හෝ හොයලා දෙන කට්ටියත් ඉන්නවා. එවිට මේ දත්ත වලට වෙළඳපොළක් හැදෙනවා. සම්ප්‍රදායික මාධ්‍ය විසින් කරමින් සිටි මේ කටයුත්ත දැන් සමාජ මාධ්‍ය අතට ඇවිත් තිබෙනවා. ඒ නිසා, ඉතා අඩු මිලකට නැවු ගිය පාරවල් වගේම තෙල් ලීක් වුනු තැනුත් හොයා ගන්න පුළුවන්.

උඩ සිතියමේ තිබෙන්නේ මේ ලිපිය පළ කරන්න මිනිත්තු පහකට පමණ පෙර ලංකාවට ආසන්න සාගර කලාපයේ ගමන් කරමින් හෝ නැංගුරම් ලා තිබුණු නැවු. රතු පාට ඒවා තෙල් නැවු හෝ වෙනත් දියර වර්ග ප්‍රවාහනය කරන නැවු. කොළ පාට ඒවා භාණ්ඩ ප්‍රවාහන නෞකා. එතකොට තැඹිලි පාට ඒවා ධීවර නැවු. තද නිල් පාට ඒවා මගී ප්‍රවාහන නෞකා. පේනවා නේද මූදේ නැවු යන පාරවල්? විශේෂයෙන්ම මැද පෙරදිග සිට චීනයට තෙල් යන පාර.

දිගට ලියන ලිපි කියවන්නේ ටික දෙනයි. ඒ නිසා අදට මේ ඇති. නැවු ගිය පාරවල් ගැන අපි හෙමිහිට කතා කරමු.

8 comments:

  1. රුහුණු පුතා 2 බහුදින ධිවර යාත්‍රාවෙන් අද හවස මාතර වාරයේ සිට මුහුදු ගොස් මේ වනවිට දකුණු ලග ගොඩබිමේ කෙලවර සිට සැතප්ම 8 ක් ඈතින් ගැඹුරු මුහුදේ හිරු එෆ්එම් අහගෙන, කුණාටු සයුර මැද්දේ,යාත්‍රාව දෙදරවන රළ පහර මද්දයේ ධිවර කර්මාන්තයේ යෙදෙනා නාවුකයන්ට සාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිට,ආරක්ෂාව ලැබේවා.

    ReplyDelete
  2. පිරිමියෙක් මොන දහදුරාවේ ගිහින් ආවත් නාවලා ගෙට ගන්න පුළුවනි, ඒත්.... වගේ කියමන් බිහිවුණු කාලෙක කතාවකින් අද්‍යතන යුගයට.....

    ReplyDelete
  3. නැව් ගියාට පාරවල් හිටින්නැති වුනාට නැව් වලට යන්න පාරවල් තියනවා... ඒවත් හැමෝටම පේන්නෙ නෑ උවමනාවෙන් බලන කෙනෙකුට මිසක්..

    එහෙව් පාරක් අයිනෙ තියන හම්බන්තොට වරාය චීනට ලියලා දීපු එක අපරාධයක් කියලා කියනවා...

    ReplyDelete
  4. ඉරාජ් කියන්නේ එල කොල්ලෙක්ද, මී කොල්ලෙක්ද?

    ReplyDelete
    Replies
    1. ...වික්ටර් රත්නායක ගේ දෙවෙනි විවාහය නිර්දය ලෙස විවේචනය කරපු උපතින් තමන්ට තීරණය කරන්න බැරි මිනිහෙක්ගේ ලිංගික දිශානතිය පහත්කරලා නිර්මාන කරපු තුට්ටු දෙකේ වීව්ස් හිඟන්නෙක් කියලා කියපු - කලාකාමියෝ, මානව හිතවාදියෝ වගේ හිටපු ගොඩක් අයට මෙන්න යකෝ ඒකා රජයේ ඉහල තනතුරකට සුදුස්සෙක් වෙලා ...බැක් සයිඩ් ඕකේ ද.

      Delete
  5. /* දිගට ලියන ලිපි කියවන්නේ ටික දෙනයි. ඒ නිසා අදට මේ ඇති. */

    ඔබ මෙය තේරුම් ගැනීම ලොකු දෙයක්.

    කියන්න අවශ්‍ය දේ කෙටියෙන් ලිවීම ද කලාවක්.

    අන්තර්ගතය දිග වැඩිනම් කියවීමට පහසු වෙන පරිදි කොටස් ලෙස ලිවිය හැකියි. හැබැයි නැව් යන පාර I, II, III යැයි නම් කරන්නේ නැතුව එක් කොටසක් වෙන වෙනම කියවා රස විඳිය හැකි පරිදි ලිවිය යුතුයි!

    ReplyDelete
    Replies
    1. සමහර මාතෘකා යටතේ ලියන ලිපි කෙටියෙන් ලියන එකේ තේරුමක් නැහැ. ඒ වගේම, ලියා පළ කරන අවස්ථාවේ වැඩි පිරිසක් නොකියෙවුවත් පසුව කාලයක් තිස්සේ වරින් වර විවිධ අය කියවනවා. ඒ නිසා, හැම ලිපියක්ම කෙටියෙන් ලියන්න අදහසක් නැහැ. :)

      Delete
  6. ඉකොනෝගේ ලිපි කොච්චර දිග උනත් මන් නම් අගටම කියවනව :)

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...