Friday, November 9, 2018
මහ බැංකුව මුදල් අච්චු ගහන්න පටන් අරන්ද?
පසුගිය 26 වෙනිදා පටන් ගත් දේශපාලන පෙරළියෙන් පසුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම වේගවත් කර තිබෙන බව සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙමින් පවතින පුවතක්. මා දැක්කේ නැතත් මේ බව කියන පුවත්පත් ලිපිත් පළ වී ඇති බව පෙනෙනවා.
දින දෙකකට පෙර පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් මේ "සාවද්‍ය පුවත්පත් ලිපි" ගැන පැහැදිලි කිරීමක් කර තිබුණා. මහ බැංකුව කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැති බවයි.
මහ බැංකුවේ නිවේදනයේත් තිබෙන විදිහට, සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් (අධි බලැති මුදල්) ප්‍රමාණය ඉහළ යාමයි. මේ සංචිත මුදල් වලට සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටුත්, මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල ගිණුම් වල ශේෂයන්ගේ එකතුවත් ඇතුළත්.
මහ බැංකුව විසින් අලුත් සල්ලි එළියට දමන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිල දී ගැනීමයි. මේ බිල්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් හෝ ද්වීතියික වෙළඳපොළෙන් (වාණිජ බැංකුවකින් හෝ ප්‍රාථමික වෙළෙන්දෙක්ගෙන්) මිල දී ගත හැකියි. දෙවන ක්‍රමය ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් මිල දී ගැනීමයි.
ඉහත අවස්ථා දෙකේදී රටේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ ව්‍යවහාර මුදල් විකුණා සංසරණයේ තිබෙන රුපියල් ආපසු එකතු කරගත් විට සංචිත මුදල් සැපයුම පහළ යනවා.
මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වල යෙදෙද්දී වරින් වර සංචිත මුදල් සැපයුම ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක්. එයට සල්ලි අච්චු ගැහීම කියා කියන්න බැහැ. මේ තාවකාලික වෙනස්වීම් අත ඇරලා, අවුරුද්දක් වගේ සාපේක්ෂව දිගු කාලයක් තුළ සිදුවන දේ දිහා බැලුවොත් මහ බැංකුව කරන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ දමන එක මිසක් පහළ දමන එක නෙමෙයි. සල්ලි අච්චු ගැහීම කියා කියන්නේ එයටයි.
මහ බැංකුව විසින් පෙර කී විදිහට සල්ලි අච්චු ගහන එකත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම අවුරුද්දකම මහ බැංකුව අලුතින් සල්ලි අච්චු ගහනවා. වෙනත් රටවල් වල මහ බැංකුත් එහෙමයි.
උද්ධමනයටත්, ඒ හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමටත් හේතු වෙන්නේ මේ විදිහට සල්ලි අච්චු ගැහීමයි. වැඩියෙන් සල්ලි අච්චු ගහන රටවල් වල උද්ධමනය වැඩියි. උද්ධමනය වැඩි රටවල මුදලේ වටිනාකම වේගයෙන් පහළ යනවා. විණිමය අනුපාතිකය දුර්වල වෙනවා.
ඩොලර් එකක රුපියල් මිල ඉහළ යාම බඩු මිල ඉහළ යන්න හේතුවන බව ගොඩක් අය "දකින" දෙයක්. නමුත්, ඇත්තටම බඩු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනයට හේතු වෙන්නේ වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. උද්ධමනය වැඩි වන විට රුපියලක සැබෑ වටිනාකම පහළ යනවා. කිසියම් මැදිහත්වීමක් නොකෙරුණොත්, ඒ පහළ යාම විණිමය අනුපාතිකයෙන් පිළිබිඹු වෙනවා.
රුපියලක සැබෑ වටිනාකම පහළ ගියාට පස්සේ විදේශ සංචිත විකුණලා හෝ ණය අරගෙන විණිමය අනුපාතිකය පහළින් තියා ගන්න දඟලන එකේ තේරුමක් නැහැ. විණිමය අනුපාතිකය ශක්තිමත්ව තියාගන්න අවශ්‍යනම් කළ යුත්තේ රුපියලේ සැබෑ වටිනාකම ආරක්ෂා කර ගැනීමයි. එහෙම කරන්නනම් පාලනයකින් යුතුව සල්ලි අච්චු ගැසීම කළ යුතුයි.
දැනට පවතින තත්ත්වය ගැන මහ බැංකුව කියන්නේ මෙහෙමයි.
"2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී."
දැන් මේ කියන්නේ 11.6%කින් සංචිත මුදල් සැපයුම ඉහළ යාම මහ බැංකුව අපේක්ෂා කළාටත් වඩා අඩු මට්ටමක ඉහළ යාමක් බවයි. ඒ කියන්නේ මහ බැංකුව සැලසුම් කරලා තියෙන්නේ 11.6%කටත් වඩා වැඩි අලුත් සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලා වෙළඳපොළට දමන්න කියන එකයි. මේ වන විට රටේ ආර්ථික වර්ධනය 3.6% මට්ටමේ බව සැලකූ විට මහ බැංකුව කියන්නේ 8%ක පමණ උද්ධමනයක් ඇති කරන්න මහ බැංකුව විසින් සැලසුම් කර තිබෙන බවයි. ඇමරිකාවේ උද්ධමනය 2% පමණ සේ සැලකුවොත් එයින් කියවෙන්නේ ඩොලරයක "නියම" රුපියල් මිල තවත් 6%කින් පමණ වැඩි වෙන්න ඉඩ අරින්න මහ බැංකුව සැලසුම් කර තිබෙන බවයි.
පසුගිය 26 වෙනිදා සිට ගත වූ දෙසතියක කාලය තුළ පමණක් රටේ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 20.3කින් ඉහළ ගිහින් තිබෙනවා. ඊට පෙර සති තුනේ වෙලා තියෙන්නේ රුපියල් බිලියන 2.3ක අඩු වීමක්. ඒ නිසා, දේශපාලන අර්බුදයෙන් පසුව සති දෙක තුළ වැඩිපුර සල්ලි අච්චු ගැහීමක් සිදු වෙලා නැහැ කියලම කියන්න අමාරුයි.
කොහොම වුනත් රටේ සංචිත මුදල් ඉල්ලුම තාවකාලිකව ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් නිසා මේ වැඩිවීම මේ කාලයේදී සාමාන්‍යයෙන් සිදුවන වැඩි වීමක්ද කියන එකත් බලන්න වෙනවා. පහත තියෙන්නේ පසුගිය වසර වල ඔක්තෝබර් මාසයේ 26 ආසන්න සතියේ සිට ගත වූ දෙසතියක කාලය තුළ සංචිත මුදල් වෙනස් වී තිබෙන ආකාරයයි.
-2014 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 6.6ක අඩු වීමක්.
-2015 ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 0.3ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 10 දක්වා රුපියල් බිලියන 10.2ක වැඩි වීමක්.
-2017 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 9 දක්වා රුපියල් බිලියන 6.7ක වැඩි වීමක්.
-2018 ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 8 දක්වා රුපියල් බිලියන 20.3ක වැඩි වීමක්.
මේ අනුව, පසුගිය දෙසතියේ සල්ලි අච්චු ගැසීම පසුගිය වසර පහේ එම කාලයේ සිදු වූ සල්ලි අච්චු ගැසීමට වඩා වැඩි බව කැපී පෙනෙනවා.
කොහොම වුනත් මේ අවුරුද්ද කොහොමටත් කලින් අවුරුදු වලට වඩා වෙනස් අවුරුද්දක්ද? දේශපාලන අර්බුදය සිදු නොවුනත් මේ කාලයේ සංචිත මුදල් වඩා වේගයෙන් වැඩිවිය හැකිව තිබුණද?
එහෙමනං ඔක්තෝබර් 26ට පෙර සති වලත් එවැනි වෙනසක් තිබිය යුතුයි. පෙර සති වල සංචිත මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය රටාවට වඩා විශාල අඩු වීමක් වී තිබුණානම්, පසුගිය සති දෙකේ වැඩි වීමට හේතුව ඒ අඩුව නැවත යථා තත්ත්වයට පත් වීම වෙන්න පුළුවන්. පහළින් තියෙන්නේ ඔක්තෝබර් 26ට පෙර සති තුනේ තත්ත්වය.
-2014 ඔක්තෝබර් 2 සිට ඔක්තෝබර් 23 දක්වා රුපියල් බිලියන 14.8ක වැඩි වීමක්.
-2015 ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 22 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 6 සිට ඔක්තෝබර් 27 දක්වා රුපියල් බිලියන 19.1ක අඩු වීමක්.
-2017 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 26 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2018 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 25 දක්වා රුපියල් බිලියන 2.3ක අඩු වීමක්.
මේ අනුව, ඔක්තෝබර් 26ට පෙර තෙසතිය තුළ අසාමාන්‍ය සංචිත මුදල් ඉල්ලුමක් හෝ අඩුවීමක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. 2014 හා 2016 අවුරුදු වලදීනම් තරමක් දුරට එවැනි තත්ත්වයක් පේනවා. ඒ නිසා, පසුගිය සති දෙකේ සල්ලි මැෂින් එක පොඩ්ඩක් වැඩිපුර දුවලා කියන එක අපට බැහැර කරන්න අමාරුයි.
කොහොම වුනත්, පසුගිය දෙසතියේ සංචිත මුදල් වැඩිපුර වැඩි වී ඇත්නම් ඒ රුපියල් බිලියන 15ක පමණ ප්‍රමාණයක් කියා කියන්න පුළුවන්. එය ඉතා විශාල වැඩි වීමක් නෙමෙයි. යම් හෙයකින් මෙය මහ බැංකුවේ ඉලක්කගත පථයෙන් පිට පැනීමක් වුවත්, ඉදිරි සතියක හෝ දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩිවීම ඉලක්කගත පථයට ආපසු දමා ගැනීම මහ බැංකුවට පහසුවෙන්ම කළ හැකි දෙයක්. ප්‍රශ්නයක් මතු වන්නේ එසේ නැතිව දිගින් දිගටම සංචිත මුදල් වැඩි වුනොත්.
මහ බැංකු නිවේදනයේ තවත් දේවල් තිබෙනවා. ඒ දේවල් ගැන දෙවනුව කතා කරමු.
(Image: https://www.123rf.com/stock-photo/sri_lanka_rupee.html?sti=nn1y15dn8nh0txr5p4|)
Labels:
ආර්ථික විද්‍යාව,
මහ බැංකුව,
මුදලේ අගය,
මුදල්
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
පාර්ලිමේන්තුව විසුරුවා හැරලා! මෙය ව්‍යවත්සා විරෝධීයි. මෙයට විරුද්ධ උන ජවිපෙ සහ එජාපය චන්දයකට යාවිද?
ReplyDeleteහිටන් ගේ කඩේ දේශපාලන නඩේ බුරු ගසයි ඔට්ටු අල්ලන අපි සැමදා පරාදයි .....අයියෝ සල්ලි
ReplyDeleteහැමදේම දිහා රාර්ථික සාධක ඔස්සේ බැලීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්. එමනිසා ඉදිරි් මැතිවරනයේදී මුට්ටියාහ් මුරලිතරන් කල ප්‍රකාශය වැනි ප්‍රකාශ කරන සිංහල දේශපාලකයන් ප්‍රතික්ශේප කිරීම සිංහල ජාතියට සුභයි.
ReplyDeleteබඩගින්නට වඩා සිංහල ජාතිය වටිනබව සිංහලයන් කල්පනාකල යුතුවයි.
මම ජනාධිපති වුනානම් ස්වාසිලන්තය සමඟ සේවා ගිවිසුමක් ගසා ලංකාවේ තේ වතුවල වැඩට ස්වාසිලන්ත කම්කරුවන් ගෙන්වා මෙරට තේ වගාව ලාබ ලබන තත්වයට ගෙන එනවා.
ReplyDelete@ Jagath
Deleteඋතුරේ කෘෂිකර්මය වෙනුවෙන් වැඩිම සේවයක් කරේ මැතිණිගේ කාලේ. 1970 ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව. ඒ කාලේ යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කෙනෙක්. ඒ කාලේ සංවෘත ආර්ථිකය එක්ක දකුණේ තිබුන හාල් පොලු, මිරිස් පොලු ගැටළුවෙන් වැඩිම ප්‍රතිලාභ ගත්තේ උතුරේ ගොවියා. වියළි මිරිස් නිෂ්පාදනය, රට ළූණු, රතු ළූනු, අර්තාපල්, දුම්කොළ ඇතුළු එළවළු සෑහෙන උතුරේ නිෂ්පාදනය වුනා. තින්නවේලි කෘෂි පර්යේෂණාතනයෙන් වගාවට ලොකු සහයෝගයක් ලැබුනා. අදටත් තින්නවේලි නමින් පතෝල, වම්බටු ප්‍රබේද තියෙනවා.තාම ජනප්‍රියයි.
හැබැයි 77 ආර්ථිකය අසීමිත විදිහට විවෘත කෙරුවා. එයින් වැඩිපුරම බැට කෑවේ උතුරේ ගොවියා. අන්න එතන තමයි උතුරේ විශාලම ආර්ථික අහේනිය සහ පසුකාලීනව අසහනයට හේතු වුනේ.
ඉන්පස්සේ යාපනේ සංවර්ධන සභා ඡන්දෙ මංකොල්ල කාලා, පුස්තකාලයට ගිනි තියලා 83 කළු ජූලියකුත් ඇතිකරලා යූඑන්පී ය මේ රටට දැවෙන ප්‍රශ්නයක් ඉතුරු කරා. අපි මේ තාම සංවාද කරන්නේ ඒ ගැන.
මට තියෙන ප්‍රශ්නය යූඑන්පීය උතුරේ මිනිස්සුන්ට කෙළ නැතුව #කේ ඇරලත් තාම යූඑන්පීයට පක්ෂපාතී වෙන්න තරම් දුප්පත් වුනේ කොහොමද කියන එක.
Ano , මිනිස්සුන්ට ඉතිහාසේ දැන් ඒ තරම් වැදගත් නෑ . ඊයේ හොඳට හිටපු එකා අද චා වෙන්න පුළුවන්. බලපන්, මහින්දට කෙළ නැතුව #කේ ඇරලත් ආයෙත් මයිත්‍රී ව ලඟට අරන් සර් කියාගෙන ඉන්නෙ ඔය.
Deleteඉකොනො ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයට 2/3ක බලයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන පවසයි.
ReplyDeleteමහින්ද රාජපක්‍ෂට එමගින් නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථවාව නිර්මාණය කර ගනු ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
ලංකාවේ කැදවා ඇති මෙම මැතිවරණය නීති විරෝධී බවත් එය නැති කර ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවහොත් මහ පාරේ අරගල කිරීමට සූදානම් බවත් මන්ත‍්‍රිවරයා කියයි.
ඉකොනො 2019 ජනවාරි 05 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නීතිවිරෝධී ලෙස ජාතික ආණ්ඩුවක් අටවා ඇමති සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සැළසුම් මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවය කර තිබෙන බව සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙමින් පවතින පුවතක්. මා දැක්කේ නැතත් මේ බව කියන පුවත්පත් ලිපිත් පළ වී ඇති බව පෙනෙනවා.
තවත් ලෝක වාර්තාවක්, පාර්ලිමේන්තුවට අඩියක්වත් නොතැබූ ලොව පළවෙනිම අගමැති
කියලා මහින්දගේ ඡායාරූපක් අරං පෝස්ටරයක් හදලා, ඉකොනො මම දැක්කා ඒක සෑහෙන්න පිරිසක් share කරලා මහින්දට කින්ඩියට. අගමැතිට විතරක් නෙමේ, දවසේ ඇමතිවරු කියලත් හිනාවෙනව, ඒ සමහරු දිවුරුම් දීල දවසයි. විමල් ගම්මපිලවගේ අය නම් වැඩ බාරගෙන පැය කීපයයි.
අගමැති පත්කලෙත්, අමාත්‍ය මණ්ඩලය පත්කලෙත්, දිවුරුම් දුන්නෙත්, වැඩ බාරගත්තෙත්, විසුරවන බව නොදැනත් නෙමෙයි. ඡන්දේ ඉවර වෙනකම් ඒ අය තමයි ඒ ඒ විෂය භාර මැති ඇමතිවරු. ඡන්දය කරන්නේ ඒ බලය එක්ක. පහුගිය මැතිවරණය කලේ දින 100 ආණ්ඩුවේ ඇමතිවරු ඒ බලය අතෑරලා නෙමෙයි. ජවිපෙ උපදෙස් අනුව චන්ද්‍රිකා ඡන්දෙට ගියේ අවශ්‍යම අමාත්‍යාංශය 4 ක් පවරා ගෙන කියලා අද ජෙප්පන්ටත් හදිසියට අමතක වෙලා. මේ පත් කිරීමුත් එහෙමයි. ඒකට තමයි දේශපාලනය කියන්නේ. දවසක්වත් පාර්ලිමේන්තු නොගියේ එකදිගට අවුරුදු පහක් ඉන්න කියලා ඉකොනොලට තව ටික දවසකින් තේරෙයි විසිරෙව්වෙත් බහුතරය නැති නිසා නෙමෙයි. කොහොමත් මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයලට ඕන වෙලා තිබුණේ මේකයි. බහුතරය හිටියත් නැතැත් මේ වැඩේ වෙනවා. වැඩේ යන්නේ මාස්ටර් පෑලෑන් එක අනුව. ඒ දේවල් ගැන ඉදිරි කාලය තුළ කතාකරමු ඉකොනො.
ඉකොනොමැට්ටා,
ReplyDeleteපාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නීති විශාරදයන්ගේ සිට ඇඹිලිපිටියේ චන්දරේ දක්වා විවිධ අර්ථකතන දෙනවා. මමත් ඒ බොහෝ ඒවා ඇසුවා කියෙව්වා. ඒ මත 19 වන සංශෝධනය සමග බහා බැලුවා, ඒ මට වැටහෙන ආකාරයට. ඒ සියල්ල අතරින් කළ යුත්තේ කුමක් ද යන්න වඩාත් නිරවුල් මතක් ඉදිරිපත් කර ඇත්තේ නලින් ද සිල්වා මහතායි. ඊට වඩා වෙනස් පිළිගත හැකි සාධාරණ තර්කයක් ඇත්නම් කියන්න එවිට ඒ ගැනත් සලකා බැලිය හැකියි.
19 වන සංශෝධනයේ ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය දක්වා ඇති ආකාරයට
Clause 33. (2) (ඇ) "පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය" යනුවෙන් සදහන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ නැවත මේ කරුණ අවධාරණය කොට "එසේ වුවද" යනුවෙන් සදහන් කොට,
//පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුලූව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේය.//
යනුවෙන් සදහන් කර තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල කාර්ය සහ කර්තව්‍ය දක්වන තැන 33. (2) (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයාට ටොපියක් දී 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ ජනාධිපතිවරයාගේ තටු කපා ඇති බවයි.
සමහරු තර්ක කරන්නේ Clause 70 (1) පටන් ගත යුතුව තිබුනේ "ඉහත 33 (2) (ඇ) වගන්තිය පරිඡින්න කෙරේ" යනුවෙන් සදහන් කොට වුවද එසේ කර නැති නිසා 33 (2) (ඇ) යටතේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිට බලය ඇති බවයි. ව්‍යවස්ථාවේ වගත්ති දෙකක් අතර මෙවන් ගැටීමක් (discrepancy) ඇති අවස්ථාවක වඩාත් සුදුසු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීමයි.
මේ නිරවුල් නොවෙන විකෘති තත්ත්වය යටතේ අත පුච්චා නොගෙන නලින් ද සිල්වා මහතා යෝජනා කරන්නේ දැනට විසුරවා දැමීමට ඇති ප්‍රයෝගික ක්‍රමයයි. එනම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර කැමැත්ත ලබා ගැනීමෙන්. නවකයන් එයට විරුද්ධ වෙන්නේ අදාල කාලය සම්පුර්ණ නොවීමෙන් ඔවුන්ට විශ්‍රාම වැටුප නොලැබී යන නිසයි. එය ලබා දෙන වැඩපිළිවලක් සකස් කරදීමෙන් කැමැත්ත ලබා ගත හැකි ද යන්න බැලීම නලින් ද සිල්වා මහතාගේ අදහසයි. ඊට ඔවුන් අකමැති වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනමත විචාරණයක් පවත්වා ඊට ජනතාවගේ අනුමැතිය ගැනීමයි. මොකද ජනතා පරමාධිපත්‍ය බලය තියෙන්නේ ඔය හැම එකටම වඩා ඉහළින්. මේ මොහොතේ වඩා ප්‍රයෝගික, වඩා සුදුසු මේ ආකාර දෙක බව පැහැදිලියි. 2/3 කැමැත්ත ලබා නොදුන්නොත් එයින්ම පෙනෙන්නේ ඔවුන් ජනමතය උරගා බැලීමට ඇති බියයි. රට කරවපු ආකාරයට දැන් යහපාලන නඩයට ජනතා කැමැත්තක් නැහැ, ඇතැයි සිතන්නේ නම් එය පරික්ෂා කර බැලීමට ඔවුන් කැමති විය යුතුයි.