Sunday, December 30, 2018
මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...
ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.
ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.
ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?
ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?
ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.
ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.
මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.
දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.
කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.
මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.
Labels:
ඇබ්බැහි,
තෝරාගැනීම්,
නියාමනය,
බදු
Saturday, December 29, 2018
ලීනි සිබරල් කානි සිවුද?
දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.
ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.
දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.
රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?
රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.
ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.
සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?
මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.
ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.
හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?
තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.
ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.
මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?
මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.
(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)
සීනි දී සැනසීම
පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.
මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.
මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.
පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.
සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.
මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.
නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.
පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.
රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.
ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.
දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.
එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.
මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.
රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)
මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!
රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".
දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්රජාතන්ත්රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.
(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)
Labels:
ආහාර,
ඇබ්බැහි,
පරිණාමික මනෝවිද්‍යාව,
බදු,
මහින්ද රාජපක්ෂ,
සතුට,
සෞඛ්‍යය
Friday, December 28, 2018
බටහිර සංවර්ධනය හා තෙල්
තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.
ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.
මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.
තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.
තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.
කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.
කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.
ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.
තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.
ප්රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.
සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.
සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.
තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.
කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.
අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.
උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.
පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.
අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.

ඇමරිකාව,
තෙල්,
තෙල් මිල,
ධනවාදය,
මැද පෙරදිග,
සමාජවාදය,
සවුදි අරාබිය
Thursday, December 27, 2018
තෙල් මිල හා සංරක්ෂණවාදය
තෙල් මිල තව දුරටත් අඩු වෙමින් පවතිනවා. WTI බොරතෙල් බැරලයක මිල දැන් ටිකකට පෙර බලන විට තිබුණේ ඩොලර් 45 මට්ටමටත් පහළින්. සඳුදා දවස අවසන් වෙද්දී ඩොලර් 42.53 දක්වා මිල අඩු වී තිබුණා. මීට පෙර 2016 මුලදීත් මේ වගේම තෙල් මිල අඩු වුනා. ඒ අවස්ථාවේදී ඩොලර් 30 මට්ටමෙනුත් පහළට තෙල් මිල වැටුණා.
දැනට වසර දහයකට පමණ පෙර, 2008 මැද හරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 ආසන්නයටම ගියා. ඉන්පසුව මාස හත අටක් ඇතුළත ඩොලර් 30 ආසන්නයටම අඩු වුණා. මෙයට සමාන්තරව ඇමරිකාවේ ආර්ථිකයත් කඩා වැටුණා. කඩා වැටුණා කියා කිවුවත් ඇත්තටම වුනේ ධනවාදී ආර්ථිකයක චක්‍රීය ලෙස සිදුවන විචලනයක එක් පැත්තක් දකින්න ලැබීමයි. ආර්ථික අවපාතයට හේතු වුනේ තෙල් මිල පහළ වැටීම නෙමෙයි. නමුත්, තෙල් මිල පහළ වැටෙන්න ඇමරිකාවේ ආර්ථික අවපාතය හේතු වූ බව කීමේ වරදක් නැහැ.
සියළු දර්ශක වලින් පෙන්වන්නේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය වැඩි ඈතක නොවන බවයි. ලබන වසරේ හෝ ඊළඟ වසරේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය දැකිය හැකි වනු ඇතැයි බොහෝ ඇමරිකානුවන්, විශේෂයෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ අය, විශ්වාස කරනවා. නමුත්, එය සිදුවන මොහොත හරියටම කීමට කිසිවෙකුට නොහැකියි.
ලංකාව හෙජිං ගණුදෙනුවලට ගිහිං විශාල පාඩුවක් ලැබුවේ පෙර කී 2008 මැද කාලයේදී. ඒ වන විට පැවති තත්ත්වයන් යටතේ තෙල් මිල එකවර මේ තරම්ම පහත වැටෙයි කියන එක පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. තෙල් මිල ඩොලර් 200ක් පමණ වුනොත් ලංකාවට සිදු විය හැකි බලපෑම ගැන, හේතු සහගතව, ඇතැම් අය කණස්සල්ලෙන් හිටියා.
මේ කියන දවස් වල නිදහස් වෙළඳපොළ ගැන විශාල විශ්වාසයක් තැබූ, ලංකාවේ දැනටත් ජීවත් වන හා සමාජයේ ක්‍රියාකාරීව සිටින, ආර්ථික විද්‍යා චින්තකයෙකුයැයි හැඳින්විය හැකි පුද්ගලයෙකු මේ ගැන දැක්වූයේ හාත්පසින්ම වෙනස් මතයක්. නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ගැන අද තිබෙන අවබෝධය හා විශ්වාසය ඒ වන විට මට තිබුණේ නැහැ.
ඔහු කීවේ තෙල් මිල එසේ දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැති බවයි. බොහෝ දෙනෙකුගේ තර්ක වල පදනම වූ සම්පත් ක්ෂය වී අවසන් වීම කියන අදහස ඔහු විශ්වාසයෙන් යුතුව බැහැර කළා. "නියම මිල" දක්වා මිල ඉහළ යාමෙන් පසුව ගැඹුරු සාගර වල පතුළෙන් හෝ ඉන්ධන ලබා ගැනෙනු ඇති බව ඔහුගේ අදහස වුණා. මෙයට උදාහරණ ඉදිරිපත් කරමින් මීට පෙර විශාල ලෙස තෙල් මිල ඉහළ ගිය අවස්ථා බොහොමයකදීම තෙල් කැනීමේ තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුවී තිබෙන බව ඔහු පෙන්වා දුන්නා. මේ කියන පුද්ගලයා ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත විශ්වාසය තබන්නෙක් වගේම ඉතිහාසය මැනවින් දන්නා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක්.
පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වීම කියන එක 1980 දශයටත් පෙර සිට කතා කෙරුණු කරුණක්. මා කනිෂ්ඨ පංතියක ඉගෙනුම ලබමින් සිටියදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයක පළමු ප්රශ්නය ඉදිරිපත් කර තිබුණේ 2020 පමණ වන විට ලෝකයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වන්නේය යන පදනමේ සිටයි. ඇමරිකාවේ මට්ටමටම ලෝකයේ සියල්ලන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම කිසිදා කළ නොහැක්කක් බව දශක කිහිපයකට පමණ පෙර ලංකාවේ දේශපාලනඥයෙකු විසින් ගණන් හදා ඔප්පු කර පෙන්වූ බව මතකයි. ඔහුගේ තර්කය වූයේ, මතක හැටියට එවකට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000ක් පමණ වූ ඇමරිකානුවෙකුගේ ජීවන මට්ටම ලෝකයේ සියල්ලන්ටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන තරමට පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත පෘථිවිය මත නොමැති බවයි.
මේ වගේ දේවල් ගණිතයෙන් "ඔප්පු කර" පෙන්වන්න පුළුවන්. හරියට මුස්ලිමුන් ලංකාවේ බහුතරය වන දවස ගණනය කර පෙන්විය හැකි අයුරින්ම. නමුත්, ආර්ථික විද්‍යාව හෝ ජනවිකාශ විද්‍යාව හා අදාළ කරුණක් තනිකරම ගණිතය පමණක් යොදාගෙන පැහැදිලි කරන්නට යාම තනිකරම තර්කනය මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පැහැදිලි කරන්න යනවා වගේ වැඩක්. ගණිතය කියන්නේ ආර්ථික විද්‍යාඥයින් හා ජනවිකාශ විද්‍යාඥයින් විසින් උපයෝගී කරගන්නා එක් මෙවලමක් පමණයි. තර්කනය කියන්නේත් නීති විෂයේදී යොදා ගන්නා එක් මෙවලමක් පමණයි. කිසියම් ස්වභාවික විද්‍යාවක් කාලයක් තිස්සේ හැදෑරු අය පමණක් නෙමෙයි එවැන්නක් මත පදනම් වූ තාක්ෂණ විෂයයක් කාලයක් හැදෑරු අය පවා මුලින්ම ස්වභාවික විද්‍යා තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඔය විදිහට තමන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මෙවලමක උපකාරයෙන්. ඒ ක්‍රමය සාර්ථක වන්නේ සීමිත තත්ත්වයන් යටතේදී පමණයි.
මේ වන විට ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 59,500ක් පමණ වෙනවා. ඉන්දියාව හා චීනය වැනි ලෝකයේ ජනගහණ කේන්ද්‍ර වල ඒක පුද්ගල ආදායම් කිහිප ගුණයකින් ඉහළ ගිහින්. මේ හේතු නිසා ලෝකයේ ඉන්ධන භාවිතය හා ඉන්ධන ඉල්ලුමත් විශාල ලෙස වැඩි වී තිබෙනවා. නමුත්, දශක කිහිපයකට පෙර ඇතැම් අය විසින් පුරෝකථනය කළ පරිදි ලෝකයේ ඉන්ධන සංචිත ක්ෂය වී ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ ලෝකයේ "ප්‍රයෝජනයට ගත හැකි" ඉන්ධන සංචිත ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. සංරක්ෂණවාදය මුළුමනින්ම බැහැර කළ යුතු අදහසක් නොවූවත්, ඒ ඔස්සේ ඕනෑවට වඩා දුර ගිය විට එය අන්තවාදයක් බවට පත් වෙනවා.
සෑම වසරක් පාසාම භාවිතයට ගෙන අවසන් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩියෙන් අළුත් ඉන්ධන සංචිත හොයා ගැනෙනවා. මෙය කරන්නේ ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් විසින් නෙමෙයි. නිදහස් වෙළඳපොළේ "අදිසි හස්තය" විසිනුයි. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් විසින් නිදහස් වෙළඳපොළේ අදිසි හස්තයට ක්‍රියාත්මක වීමට තිබෙන බාධා අවම මට්ටමක තබා ගනිමින් මේ කටයුත්තට දායක වී තිබෙනවා.
ටික දෙනෙකු විසින් පාලනය කළ ලෝක තෙල් වෙළඳපොළ මේ වන විට ක්‍රමයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හමුවේ පරාජය වෙමින් පවතිනවා. ඒ නිසා, ඉදිරි දශක වලදී තෙල් සම්පත් වලින් දිගින් දිගටම ලාබ ලැබූ රටවලට කලින් සෙල්ලම් දමන්න පහසු වෙන්නේ නැහැ.
ලෝකයේ ඇතැම් රටවල් වල තෙල් නිධි වලින් තෙල් බැරලයක් ගොඩගන්න ඩොලර් දහයක්වත් යන්නේ නැහැ. නිෂ්පාදන වියදම ඒ තරම් අඩු තෙල් බැරලයක් ඩොලර් 150 කිට්ටු මිලකට විකිනුණේ කොහොමද?
බටහිර රටවල් වල සමාගම් අධික ලාභ ඉපැයීම ගැනත්, අඩු ආදායම් ලබන පර්යන්තයේ රටවල පාරිභෝගිකයින්ව ගසා කෑමත් ගැන උදේ හවා කතා කරන කිසි කෙනෙක් තෙල් නිපදවන රටවල් තෙල් වලින් කරන ගසාකෑම ගැන කවදාවත් කතා කරනු මා දැක නැහැ.
තෙල් මිල කෘතීම ලෙස ඉහළින් තබාගෙන තෙල් නිපදවන රටවල් විසින් අධික ලාභ ලැබීම එම රටවල් විසින් සැලසුම් සහගතව කාලයක් තිස්සේ කළ, තවමත් කරන වැඩක්. ඉතා ඉක්මණින් වෙනස් වන්නට නියමිත දෙයක් වුවත්, අද වන විටත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය දුවන්නේ ආනයනික ඉන්ධන මතයි. පසුගිය කාලය මුළුල්ලේම ලෝක තෙල් අපනයනකරුවන් වූයේ සමාජවාදී රටවල් හා මැදපෙරදිග රටවල්. මේ රටවල් වල මිල හා නිෂ්පාදනය තීරණය වුණේ තනි පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ තීරණ මත මිස නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය මත නෙමෙයි.
ලෝක තෙල් මිල වරින් වර විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ තෙල් නිපදවූ රටවල් විසින් කෘතීම ලෙස පවත්වාගත් නිෂ්පාදන සීමාවන් බව රහසක් නෙමෙයි. ඇමරිකානු නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය නොවන්නට, 2008 මැදදී ලංකාවේ ඇතැම් අය පුරෝකථනය කළ පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ට නෙමෙයි ඊටත් වඩා ඉහළට වුවත් යා හැකිව තිබුණා. නමුත්, ලංකාවේ හෝ ඉන්ධන ආනයනය කරන අනෙක් රටවල මිනිස්සු මේ නිෂ්පාදන සීමා ඉවත් කර සාධාරණ මිලකට ඉන්ධන විකුණන්න කියා පෙළපාලි ගියේ නැහැ. විරෝධතා දැක්වූයේ නැහැ.
පෘථිවිය මත ඉන්ධන අවසන් වී මිනිස් ශිෂ්ඨාචාරයද බිඳ වැටෙනු ඇතැයි යන බිය ඇතැම් විට තෙල් සැපයුම සීමා කිරීමේ ප්රයත්න සාධාරණීකරණය කර හිතීම පහසු කරන්න ඇති. එහෙම නැත්නම්, හානිය බටහිර රටවලටය කියා සිතීමෙන් ලැබුණු සතුට නිසා තමන්ට වන පාඩුව අමතක වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ලංකාව වගේ රටවල් විසින් කාලයක් තිස්සෙම කළේ, කිසිදු විරෝධයක් නොදක්වා, ඉන්ධන වෙනුවෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා ගොඩක් වැඩි මිලක් තෙල් නිපදවන රටවලට ගෙවන එකයි.
කෙනෙක්ට මෙතැනදී ඉන්ධන දැවීම නිසා ඇතිවනවාය කියන පරිසර ප්‍රශ්න ගැන මතක් කරන්න පුළුවන්. එවැනි ප්‍රශ්න තිබෙනවා. හානියේ පිරිවැය හානිය වලක්වාගැනීමේ පිරිවැය ඉක්මවන මොහොතේ නිදහස් වෙළඳපොළේ අදිසි හස්තය ඒ ප්‍රශ්නත් විසඳයි. ඒ ගැන දැන්ම ඕනෑවට වඩා බය වෙන්න දෙයක් නැහැ.
සමහර විට ලංකාව වගේ රටවල සංරක්ෂණවාදී අදහස් අහම්බෙන් ඇති වුනා නොවෙන්නත් පුළුවන්. ඉන්ධන අවසන් වනවා කියන අදහස පැතිරවීම මගින් ඉන්ධන අපනයනය කළ රටවලට සැපයුම සීමා කර ලංකාව වගේ රටවල වියදමෙන් විශාල ලාබ ලැබිය හැකි වුනා. ඒ නිසා එසේ කිරීම යුක්තියුක්ත කරන දාර්ශනික පදනමක් ජනප්‍රිය කරන්න ඒ රටවලට උවමනාවක් නොතිබුණා වෙන්න බැහැ. ලංකාවේ පෙළපොත් සකස් කළ "උගතුන්" හරහා පාසැල් සිසුන් වූ අප වෙත සංරක්ෂණවාදී අදහස් කාන්දු වුනේ කොහොමද කියා හිතද්දී ඒ නිසා නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට ඉඩ නොදී තෙල් වෙළඳාමෙන් අධික ලාබ ලබන්න ඇතැම් රටවලට ඉඩ ලැබුණු බවත් අමතක කරන්න බැහැ.

සංරක්ෂණවාදය
Wednesday, December 26, 2018
මාලිනා හා මාලිලා
නත්තල් දවසේ එක දිගට චිත්‍රපට තුනක් බැලුවා. අලුත්ම චිත්‍රපට කියා කිවහැකි මේ තුනේම යම් සමානතා වගේම වෙනස්කමුත් තිබෙනවා. ආසියානු රටවල් තුනක සංස්කෘතික පරිසර තුනක හැදුණු, මිනිස් මනස තුළට කිඳා බහින, තරමක් දුරට නාට්‍යාකාරී එහෙමත් නැත්නම් අධි-තාත්ත්වික රංගනයන් තිබෙන, සිනමා නිර්මාණ ලෙස ගත්තහම හොඳයි කියන්න පුළුවන් නිර්මාණ තුනක්. බටහිර ඇහැකින් බැලූ විට චිත්‍රපට තුනේම තිබෙන්නේ ආගන්තුක සංස්කෘතික පසුබිම් තුනක් වුවත් ඒ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස්.
පළමුව බැලුවේ ඝරසර්ප. ඒ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියා තිබෙන නිසා වැඩි යමක් ලියන්නේ නැහැ. දෙවැන්න මාලිනා (Marlina). ඉන්දුනීසියානු චිත්‍රපටයක්. තුන්වැන්න මාලිලා (มะลิลา) තායි චිත්‍රපටියක්.
මාලිනා හා මාලිලා චිත්‍රපට දෙකම දැනටත් සම්මාන ගණනාවක් දිනා තිබෙනවා. මේ නම් එක කිට්ටුවෙන් ශබ්ද වුවත් එය අහම්බයක්. මාලිනා කියන්නේ චිත්‍රපටයේ කථානායිකාවගේ නම. චිත්‍රපටයේ සම්පූර්ණ නම "මිනීමරු මාලිනා ගැන ජවනිකා හතරකින්"(Marlina the Murderer in Four Acts). මාලිලා යන්නේ අදහස මම හිතන විදිහට "පිච්චමල". ඉංග්‍රීසි ටයිටලය "සමුගැනීමේ මල" (The Farewell Flower).
මාලිනා ස්ත්‍රීවාදී චිත්‍රපටයක්. කතාව දිග හැරෙන්නේ ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ. මේ දූපත ආර්ථික හා සමාජයීය අතින් පසුගාමීම ප්‍රදේශයක්. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් සිටින රට වුවත් සුම්බා දූපත ඉස්ලාම් ආගමිකයින් වැඩිපුර සිටින ප්‍රදේශයක් නෙමෙයි. දූපතටම ආවේනික "මරාපු" ආගම ආගමක් සේ නොසලකන නිසා බොහෝ දෙනෙක්ට ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගමක් තමන්ගේ ආගම සේ හඳුන්වා දෙන්න සිදු වී තිබුනත් මේ ගොඩක් අය "හදවතින්ම මරාපු". සම්ප්‍රදායික "මරාපු" ආගම විස්ථාපනය කරමින් විවිධ ක්‍රිස්තියානි ආගම් දූපතේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කරුණු ටික චිත්‍රපටයේ පෙන්වන්නේ නැහැ.
මාතෘකාවෙන් කියවෙන ආකාරයෙන්ම චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ජවනිකා හතරක් ලෙසයි. කොල්ලකෑම, ගමන, පාපොච්ඡාරණය හා උපත ලෙස මේ ජවනිකා නම් කර තිබෙනවා.
සත්ත්ව ගොවිපොලක ජීවත්වන මාලිනා ඇගේ සැමියාගේ මරණය ගැන කම්පා වෙමින් තනිව සිටිද්දී ගහෙන් වැටුණු ගෑණිට ගොනා ඇන්නාක් මෙන් මාකස් ප්‍රධාන මැරවරයන් හත් දෙනෙක් ඇගේ ගොවිපොළට කඩාවදිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇගේ සතුන් පැහැරගෙන ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමයි. මුලින්ම ඇයට සිදුවෙනවා මේ මැරවරයින් වෙනුවෙන් කෑම පිළියෙළ කරන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය රසවත්ව උයන කුකුළුමස් සූපයට වස මුසුකරන නමුත් ඊට පෙර ෆ්රාන්ස් ඇතුළු මැරවරයන් දෙදෙනෙකු ඇගේ සතුන්ද ලොරියක පටවාගෙන ගොවිපලෙන් පිටත් වෙනවා.
වයස්ගත මාකස් ඇතුළු කාමරයේ ඇඳේ සිටියදී මාලිනා ඉතිරි කොල්ලකරුවන් සිවුදෙනාට වස සහිත අවසන් භෝජනය පිළිගන්වනවා. එහෙත්, මාකස්ගෙන් ගැලවෙන එක ඇයට පහසු වෙන්නේ නැහැ. මාකස් වෙත ලිංගික සන්තර්පණය සපයන අතරම මස් කපන ලොකු පිහියක් ක්ෂණිකව අතට ගන්නා මාලිනා එක පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් කරනවා. ඉන් පසුව, කිරි හට්ටියක් සේ මාකස්ගේ හිස ලණු බෑගයක දමා එල්ලා ගන්නා මාලිනා පොලීසිය වෙත පිටත් වෙනවා.
නගරයට යන බසයේදී මාලිනාට ගැබ්බර නොවීව හමුවෙනවා. දරු උපතට කාලය එළැඹ අවසන් වුවත් කලලයේ හිස පහතට හැරී නැති නිසා ඇගේ දරු උපත පමාවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් දරු උපත පමා වන්නේ දරුවා අවජාතකයෙකු වීම නිසායැයි විස්වාස කරන නොවීගේ සැමියා උම්බු ගෙදර එන්නේ නැහැ. නොවී ඔහුව සොයාගෙන යනවා.
නගරයට යන අතරතුරදී මොවුන්ට කලින් පිටත් වූ කොල්ලකරුවන් දෙදෙනා හමු වෙනවා. මාලිනා විසින් මාකස්ව ඝාතනය කර ඇති බව දැනගන්නා ඔවුන්, මාලිනා ගමන් කළ බසය පැහැර ගන්නා නමුත් මාලිනා අසෙකු පිට නැගී පලායන්නට සමත් වෙනවා. ඇය ඉතා අසීරුවෙන් පොලීසියට ගොස් දූෂණයට හා කොල්ලකෑමට ලක් වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් පොලීසිය කිසිදු ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඇයව දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය ගාස්තු ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන නැති නිසා හා වෙනත් වැඩ තිබෙන නිසා පැමිණිල්ල විභාග කරන්නට මාසයක්වත් කල් ගත වනු ඇති බවයි.
මේ අතර නොවීව ප්‍රාණ ඇපකරුවෙකු කරගන්නා ෆ්රාන්ස් ඇය ලවා දුරකථන ඇමතුමක් ලබා දී මාකස්ගේ හිස සමඟ මාලිනාව නැවත ඇගේ නිවසට ගෙන්වා ගන්නවා. එහිදී නොවීට කෑම පිළියෙළ කරන්නට අණ කරන ෆ්රාන්ස් මාලිනාව දූෂණය කරද්දී නොවී පැමිණ ෆ්රාන්ස්ගේ හිස කඳින් වෙන් කරනවා. මේ වන විටත් දිය බෑගය සිදුරුව සිටින ඇය පසුව මාලිනාගේ උදවුවෙන් ඇය සිය දරුවා වදනවා.
මාලිලා ජීවිතයේ අනිත්‍යය හා මරණය ගැන අවධානය හෙළන ථෙරවාද බෞද්ධ පසුබිමක් තිබෙන කතාවක්. දිනෙක කුණු වී, පණුවන් ගසන සිරුරට ලොබ බැඳීම ගැන කියන කතා බෞද්ධ සාහිත්‍යයේ සුලබයි. එහෙත්, මේ කතා බොහොමයක ඒ විදිහට කතා වෙන්නේ ගැහැණු සිරුරකට ලොබ බඳින පිරිමියෙක් ගැනයි. එයින් වෙනස්ව මාලිලාහි කතාව ගලායන්නේ සමලිංගික සම්බන්ධයක් වටා.
සමලිංගික පෙම්වතුන් යුවලක් වන ෂේන් හා පිච් දෙන්නාගෙන් පිච් ගම හැර යනවා. ඉන් පසුව, ෂේන් විවාහ වී දියණියකද ලබන නමුත් ඇයව පිඹුරෙකු විසින් ගොදුරු කරගැනීමත්, පසුව මත්පැනට ඇබ්බැහි වන ඔහුව හැර දමා බිරිඳ පිටත්ව යාමත් නිසා ජීවිතය ගැන කලකිරෙන ෂේන් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අසපුවකට පැමිණෙනවා.
මේ අතර, නගරයට යන පිච්ට පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. විකිරණ ප්‍රතිකාර වලින් ඔහුගේ සිරුර කෘෂ වී, කෑම රුචිය නැති වී, කෙස් හා ලොම් හැලී ගියත් පිළිකාව සම්පූර්ණයෙන් සුව වන්නේ නැහැ. වෛද්‍යවරුන් තවත් වටයක් විකිරණ ප්‍රතිකාර ලබා ගත යුතු බව කියද්දී බටහිර ප්‍රතිකාර අත්හැර දමන පිච් සම්ප්‍රදායික ප්‍රතිකාර කෙරෙහි යොමු වෙනවා. විකිරණ ප්‍රතිකාර නැවැත්වීමෙන් පසුව ඔහුගේ අතුරු ආබාධ නැතිව යනවා.
හිතේ සැනසිල්ල පතා ෂේන් සිටින අසපුවටම පැමිණෙන පීච් කරන්නේ කෙසෙල් කොළ වලින් හා පිච්චමල් වලින් "බායි ශ්‍රී" සැරසිලි හදමින් ගඟේ පාකර යැවීමයි. එසේ කිරීමෙන් ඔහුට සහනයක් දැනෙනවා. මේ අතර පීච් හා ෂේන් අතර පෙර වූ සම්බන්ධය නැවත අළුත් වෙනවා. පීච්ගේ පෙනහළු පිළිකාව මේ වන විට සුව වී තිබෙනවා විය යුතුයැයි ෂේන් හිතනවා. තාවකාලික පැවිද්ද අවසන් කිරීමෙන් පසුව තමන් හා ජීවත් වීමට පැමිණෙන ලෙස ෂේන් පීච්ට ආරාධනා කරනවා. කෙසේ වුවත්, පීච්ගේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හදිසියේම දවසක ඔහු මිය යනවා.
කතාවේ දෙවන කොටසේදී ෂේන් තාවකාලික පැවිද්ද වෙනුවට ස්ථිර පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා. පැවිදි වන්නට පෙර විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකුව සිට ඇති සන්චායි භික්ෂුවද සමග ඔහු ආරක්ෂක හමුදා භාරයේ තිබෙන වනගත ප්‍රදේශයකට යනවා. මේ ප්‍රදේශයේ මළ මිනී තිබෙන්නට ඉඩ තිබීම එයට හේතුවයි. ඔවුන්ගේ භාවනාවට නිමිත්ත වෙන්නේ කුණු වී පණුවන් ගසන මළ සිරුරක්. කෙසේ වුවත්, භාවනාව නුපුරුදු ෂේන්ට මිනිය දුටුවනම ඔක්කාරය හැදෙනවා.
චිත්‍රපටය අවසන් වෙද්දී ෂේන්ට මළ මිනිය තුළින් පීච්ව පෙනෙනවා. ඉන්පසු මළ මිනිය සෙලවී එතුළින් පීච් නැගිට එන්නාක් වැනි දෘෂ්ඨි මායාවක්ද ඔහුට පේනවා. ඔහු තමන්ට පෙනෙන ෂේන්ව වැළඳගන්නවා. එහෙත් ඔහු සැබවින්ම වැළඳගන්නේ ඔහු ඉදිරිපිට තිබෙන කුණුවී ගඳ ගසන මළ සිරුරයි.
මාලිනා හා මාලිලා යන චිත්‍රපට දෙකම ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට. එහිදී සංක්රමනික තායි හා ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයින්ව ඉලක්ක කර ඇතැයි මා හිතන්නේ නැහැ. බොහෝ විට ඉලක්කය පොදු ඇමරිකානු ප්‍රේක්ෂකයා විය හැකියි. වෙනත් සංස්කෘතියක් මත පාදක වූ චිත්‍රපටයක් ඇමරිකාවේදී සාර්ථකව ප්‍රදර්ශනය වේනම් එයින් අදහස් වන්නේ අදාළ සංස්කෘතිය පිළිබඳව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආකල්ප සමඟ චිත්‍රපටයේ අන්තර්ගතය සුසර වන බවයි.
Tuesday, December 25, 2018
ජාතිකවාදය සහ පුද්ගලවාදය
මගේ බ්ලොග් එක මුල සිටම වගේ නිතිපතා කියවන හා බොහෝ විට ප්‍රතිචාර දක්වන අයෙක් ලෙස ජගත් පතිරණ හැඳින්විය හැකියි. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. අඩු වශයෙන් මේ නම සැබෑ නමක්ද කියාවත් මා දන්නේ නැහැ. එය අදාළ දෙයක්ද නෙමෙයි. පහත උපුටා දක්වන්නේ පසුගිය ලිපියට ජගත් විසින් දමා තිබෙන ප්‍රතිචාරයක කොටසක්.
"මැතිවරණ වලදී දේශපාලනඥයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැනවත්, හොරු ඇල්ලීම ගැනවත් නොසිතා සිංහල ජාතියට වාසිවන්නේ නම් ඕනෑම දූෂිත දේශපාලනඥයෙකුට කතිරය ගැසීමට සිංහලයින් නොපැකිලිය යුතුයි."
ඉහත මතය මා විසින් ප්‍රවර්ධනය කරන මතයට පටහැනි බව කිව යුතු නැහැ. නමුත්, ඉතා පැහැදිළිවම ජගත් කියන්නේ මේ මතය දරන එකම පුද්ගලයා නෙමෙයි. ඔහු මේ මතය හෝ එයට කිට්ටු මතයක් දරන විශාල පිරිසකගේ ප්‍රකාශකයෙක්. ජගත් කරන්නේ සෘජුව හා නොපැකිළ ඒ මතය වෙනුවෙන් පෙනී සිටීමයි. ඔහු ඒ මතය දැරීමේ හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු වැරැද්දක් ඇතැයි මා සිතන්නේ නැහැ.
ජගත් මෙන්ම, තමන්ගේ ජාතික හෝ ආගමික අනන්‍යතාවයට මුල් තැන දෙමින් කටයුතු කරන, සිංහල හෝ බෞද්ධ නොවන වෙනත් කණ්ඩායම්ද ලංකාවේ සිටිනවා. ලංකාවෙන් පිට වෙනත් රටවලත් සිටිනවා. ට්‍රම්ප්ගේ "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" කියන උද්යෝග පාඨයට ආකර්ශනය වන ගොඩක් අයත් එවැනි අය.
ජගත් මහින්දවාදියෙකු ලෙස මා හඳුන්වන්නේ නැහැ. එහෙත්, මේ මොහොතේ ඔහු මහින්ද ඇතුළු කණ්ඩායම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවක් ඉහත පාඨයෙන් හැඟී යනවා. තමන් මහින්දවාදියෙකු නොවන බව සෘජුවම කියන නලින් ද සිල්වා මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේත් මෙවැනි පදනමක සිට වෙන්න පුළුවන්.
මහින්දවාදීන් හා ජාතිකවාදීන් කියන්නේ අනන්‍ය කණ්ඩායම් දෙකක් නෙමෙයි. නමුත්, මහින්දලාගේ දේශපාලන ව්‍යාපෘතීන් වෙනුවෙන් මතවාදී සහායක් පළ කරන අය අතර ජාතිකවාදීන් කැපී පෙනෙනවා. ඒ නිසා, බොහෝ මහින්ද විරෝධීන් මේ කණ්ඩායම් දෙක අනන්‍ය ලෙස දකිනවා.
ඇත්තටම කියනවානම් මහින්දලාගේ දේශපාලන ව්‍යාපෘතීන් පිටුපස හඳුනාගත හැකි තරම් විශේෂ දේශපාලන මතවාදයක් නැහැ. එය එක්තරා සංස්කෘතියක්. එහි ලක්ෂණ වෙනත් අය විසින් විස්තර කර තිබෙනවා. රනිල්ට පෙර පැවති එජාපයත් එවැන්නක්. නමුත්, රනිල්ගෙන් පසුව එජාපයට දේශපාලන මතවාදයක් තිබෙනවා. එය එජාපයේ බල ව්‍යාපෘතීන් පවා යටපත් කර දමන්න තරම් ප්‍රබලයි. නමුත්, මහින්දවාදීන්ට බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් අත හැරිය නොහැකි ප්‍රබල මතවාද කිසිවක් නැහැ.
පසුගිය දින පණහේ කාලාන්තරය මහින්ද වෙනුවෙන් දේශපාලන තලයේදී පෙනී සිටි කණ්ඩායම් අතර වූ විෂමතාවයන් හඳුනාගැනීම පහසු කළ කාලයක්. මහින්ද පාර්ශ්වය විසින් බලය ලබාගැනීමට හා පවත්වා ගැනීමට ගත් උත්සාහයන් හමුවේ එම පාර්ශ්වයට සහයෝගය දක්වන කණ්ඩායම් අතර බෙදුම් ඉරි ගණනාවක් ඇඳුනා. නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස්, විශේෂයෙන්ම වෘත්තීයවේදීන් අතර, සිටි ඇතැම් මහින්දවාදී පිරිස් මහින්ද-මෛත්‍රී එකතුවේ දින පණහේ ක්‍රීඩාව අනුමත කළේ නැහැ.
මෙය විශේෂයෙන්ම කැපී පෙනුනේ සිදුවූ දේ ගැන වැඩි අවබෝධයක් තිබුණු නීති වෘත්තියේ නියැලෙන්නන් අතරයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඒ බව පිටතට නොපෙන්වන්න ප්‍රවේශම් වීම වෙනම කරුණක්. මහින්දට වූ පක්ෂපාතීත්වය හේතුවෙන් මේ ඇතැම් අය අදහස් පළ නොකරමින් නිහඬව සිටිනු පෙනුණා. මහින්දලාගෙන් සෘජුව පෞද්ගලික වාසි ලැබූ ටික දෙනෙක් මහින්දලාව යුක්තියුක්ත කිරීමට මොනවා හෝ තර්ක ඉදිරිපත් කරන්න උත්සුක වුනා. නීතිය ගැන වැඩි දැනුමක් නැති අය ඒ තර්ක වලට රැවටුණා.
මහින්දලාගෙන් සෘජු වාසි ලැබූ හෝ වාසි අපේක්ෂා කළ මහින්දවාදීන්ට අමතරව ඔවුන්ට වාසිදායක මතවාදී පසුබිමක් හදන්න උත්සාහ කළ අය අතර නලින් ද සිල්වා හා වෙනත් ජාතිකවාදීන් කැපී පෙනුණා. එසේ කරන්න හේතු වෙන්න ඇත්තේ උඩ ජගත් පතිරණ විසින් සෘජුව ලියා ඇති කරුණ වෙන්න පුළුවන්. මේ අනුව, පළමුව, ආර්ථික ස්ථාවරත්වය හා නීතියේ ආධිපත්‍යය ආදී කරුණු වලට වඩා රට ඇතුළේ තමන්ගේ සංස්කෘතික ආධිපත්‍යය පවත්වා ගන්න ඉඩක් ලබා ගැනීම වැදගත්යැයි මේ අය හිතනවා. දෙවනුව, මහින්ද රාජපක්ෂ බලයට පත් කර ගැනීම පළමු කරුණට පිටිවහලක් වනු ඇතැයි ඔවුන් සිතනවා.
ඉහත පළමු කරුණේදී ජගත් පතිරණගේ මතය සමඟ එකඟ වූ බොහෝ දෙනෙක් දෙවන කරුණේදීත් ඔහු හා එකඟ වූ බව පෙනෙන්නට තිබුණා. ඒ වගේම, ඉහත පළමු කරුණේදී ජගත් පතිරණගේ මතය සමඟ එකඟ නො වූ, මහින්දලාගේ දින පණහේ ක්‍රියාවලිය අනුමත නොකළ, බොහෝ දෙනෙක්ද දෙවන කරුණේදී ඔහුගේ මතය හා එකඟ වූ බව පැහැදිලියි. පැහැදිලිව දෙපැත්තක සිටි මේ කණ්ඩායම් දෙකෙන්ම වෙනස් ස්වාධීන මත ඉදිරිපත් කළ ටික දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස දර්ශන කස්තුරිරත්න හැඳින්විය හැකියි. ඔහු "සිංහල ජාතියට වාසි ලබා ගැනීම" හා "මහින්ද රාජපක්ෂව නැවත කවර ආකාරයකින් හෝ බලයට පත් කර ගැනීම" කියන කරුණු දෙක අනන්‍ය සේ නොදුටු ටික දෙනෙක්ගෙන් එක් අයෙක්.
පහුගිය කාලයේ සිදු වූ දේවල් පිටුපස තිබෙන්නට ඉඩ තිබෙන ගේම් ගැන හිතද්දී ඒ ගේම් සැලසුම් කළ අය මහින්දවාදය හා ජාතිකවාදය අතර වූ සම්බන්ධයේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව පැහැදිලියි. ඒ සම්බන්ධයේ ස්වභාවය තවම ලොකුවට වෙනස් වෙලා නොතිබීමත්, ගේම් කාරයින්ගේ ගේම් තවමත් ඉවර වී නොතිබීමත් සැලකූ විට සිදු වූ දේ හා සිදු විය හැකි දේ ගැන විශ්ලේෂණය කරන්න දර්ශන කස්තුරිරත්නගේ ලිපිය හොඳ ප්‍රවේශයක් සපයනවා. ලිපිය පහත තිබෙනවා.
ජාතිකවාදය සහ පුද්ගලවාදය
(Image: https://www.colombotelegraph.com/index.php/the-mystery-of-the-second-wave-of-sinhala-ethnic-nationalism/)
Labels:
ජාතිකවාදය,
දේශපාලන අර්බුදය,
දේශපාලනය,
පුද්ගලවාදය,
මහින්ද රාජපක්ෂ
Sunday, December 23, 2018
තාප්පෙට කෙළියද?
ෆීඩ්‍රිශ් (Friedrich) කියන්නේ 1885 අවුරුද්දේ බැවේරියාවේ කල්ස්ටට් නගරයේ ජීවත් වූ තරුණයෙක්. දැන් මේ නගරය තියෙන්නේ ජර්මනියේ. වෘත්තියෙන් කරණවෑමියෙක් වූ ෆීඩ්‍රිශ්ට මේ වෙද්දී වයස අවුරුදු දාසයයි. ඔය කාලයේදී රජය මඟින් සියළු තරුණයින්ට වසර තුනක යුද සේවය අනිවාර්ය කරමින් නීති පනවනවා. දැනටත් බොහෝ රජයයන් විසින් නීත්‍යානුකූලව කරන මේ මානව හිමිකම් කඩකිරීම ඇඟ හොල්ලන්න කම්මැලි, සෝමාරි පුද්ගලයෙකු වූ ෆීඩ්‍රිශ්ගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ඒ අනුව, ඔහු තීරණය කරනවා රටින් පලාගොස් මේ නීතියෙන් ගැලවෙන්න.
මේ කාලයේ රටින් පිටතට සංක්‍රමණය වූ ජර්මානුවන්ගේ ජනප්‍රියම ගමනාන්තය වුනේ ඇමරිකාව. 1880 දශකයේදී ජර්මානුවන් මිලියන එකහමාරක් පමණ ඇමරිකාවට සංක්‍රමනය වී තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පැමිණ තිබෙන්නේ 1885 ආසන්න වසර වලදී. මේ සංක්රමනික කණ්ඩායම් සමඟ එකතු වෙමින්, 1885 ඔක්තෝබර් 7 වෙනිදා ආපසු නොපැමිණෙන දෙවන පංතියේ නාවික ප්‍රවේශපතක් මිල දී ගන්නා ෆීඩ්‍රිශ් දින දහයකට පසුව එස් එස් අයිඩර් නැවෙන් නිවුයෝර්ක් නගරයට පැමිණෙනවා. ඒ වන විටත් ඔහුගේ සොහොයුරියන් නිවුයෝර්ක් නගරයේ පැලපදියම් වී සිටීම ඔහුට පහසුවක් වෙනවා.
මුලින් පොඩි පොඩි රැකියා කරන ෆීඩ්‍රිශ් විවිධ ව්‍යාපාර වලට අතගසමින් පසුව යහමින් මුදල් ඇති අයෙකු බවට පත් වෙනවා. 1902 ඔක්තෝබර් මාසයේදී තමන්ගේ මුල් ගම් පළාත වූ කල්ස්ටට් නගරයේ අසල්වැසි නිවසකින් ඔහු සහකාරියක් හොයා ගන්නවා. ෆීඩ්‍රිශ්ට වඩා වසර එකොළහක් බාල මේ සහකාරිය වූ එළිසබෙත්වත් කැන්දාගෙන ඔහු නැවත නිවුයෝර්ක් නගරයට එනවා. එහිදී ඔවුන්ට ඔවුන්ගේ පළමු දරුවා ලැබෙනවා.
කොහොම වුවත්, එළිසබෙත්ට මේ අළුත් රට තමන්ගේ මුල් රට තරම් අල්ලන්නේ නැහැ. ඒ නිසා, මේ පවුල 1904දී තමන්ගේ ඇමරිකාවේ දෙපොල විකුණා දමා නැවත බැවේරියාවට යනවා. එහෙත්, අනිවාර්ය යුද සේවය මග හැර නීති විරෝධීව රටින් පලායාම හේතුවෙන් ෆීඩ්‍රිශ්ට ඊළඟ වසරේදීම බැවේරියාවෙන් පිට වෙන්න සිදු වෙනවා. නැවත ඇමරිකාවට පැමිණෙන මේ යුවලට තවත් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා.
ෆීඩ්‍රිශ්ගේ හා එළිසබෙත්ගේ දෙවන දරුවා ෆ්‍රෙඩ්. ෆීඩ්රිශ්ගෙන් ලැබුණු ධනය ව්‍යාපාර වල යොදවමින් ෆ්‍රෙඩ් විශාල ධනවතෙකු වෙනවා. 1936 වසරේදී සාදයකදී හමුවන මේරි ඈන් කෙරෙහි ෆ්‍රෙඩ්ගේ හිත බැඳී ඈ හා විවාහ වෙනවා. ඇය ස්කොට්ලන්තයේ සිට පැමිණ සිටි ගෘහ සේවිකාවක්. ඔවුන් දෙදෙනාගේ දරුවන් පස් දෙනෙකුගෙන් සිවුවැන්නා ඩොනල්ඩ්.
ඩොනල්ඩ් තෙවරක් විවාහ වෙනවා. පළමු බිරිඳ ඉවානා චෙකොස්ලෝවැකියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී සිටි තරුණියක්. දෙවන බිරිඳ මාර්ලා ඇමරිකන්. තෙවන බිරිඳ ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ) සිට සංක්‍රමණය වී සිටි තරුණියක්. ඈ ඇමරිකන් පුරවැසිකම ගන්නේ 2006 වසරේදී.
ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ඩොනල්ඩ්ගේ සීයා හා ආච්චි දෙන්නාත්, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමනය වූ ඔහුගේ මවත්, චෙකොස්ලෝවැකියාවේ සිට පැමිණි ඔහුගේ පළමු බිරිඳත්, ස්ලෝවේනියාවේ සිට පැමිණෙන තෙවන හා වත්මන් බිරිඳත් ඇමරිකාවට පැමිණෙන්නේ ඇමරිකාව ඔවුන්ට ජීවත් වන්නට වඩා සුදුසු තැනක් කියා ඔවුන් සිතූ නිසයි. බොහෝ ඇමරිකානුවන් මේ ආකාරයෙන් කිසියම් කාලයක ඇමරිකාවට සංක්‍රමණය වූවන් හෝ ඔවුන්ගෙන් පැවැත එන්නන්.
විවිධ හේතු නිසා ඇමරිකාවට සංක්‍රමණය වෙන්න කැමැත්තෙන් සිටින මිනිස්සු ලෝකය පුරා ඉන්නවා. ජීවිත හා දේපොළ වල ආරක්ෂාව පිළිබඳව සැක සංකා ඉහළ යන තරමට, නීතියේ ආධිපත්‍යය දුර්වල වන තරමට, නිදහස් ගනුදෙනු වලට තිබෙන බාධා ඉහළ යන තරමට, ප්රජාතන්ත්රවාදී අවකාශ පටු වන තරමට, මිනිස්සුන්ට තමන් ජීවත් වන රට එපා වෙනවා. එවිට, ඒ කරුණු අනුව වඩා හොඳ තත්ත්වයක තිබෙනවායැයි හිතන තැනකට සංක්‍රමණය වෙන්න මිනිස්සු පෙළඹෙනවා. නමුත්, එය පහසු හෝ අවදානම් විරහිත කටයුත්තක් නෙමෙයි.
මධ්‍යම ඇමරිකානු රටක් වන හොන්ඩියුරාස් කියන්නේ ලෝකයේ රටවල් අතරින් ජීවිත ආරක්ෂාව පිළිබඳව අවම සහතිකයක් තිබෙන රටක්. 2011-2012 අවුරුදු වලදී මේ රටේ මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 85ක් තරම් ඉහළ මට්ටමක තිබුණා. ඒ මට්ටමට සාපේක්ෂව දැන් තත්ත්වය ටිකක් හොඳයි. 2016 වෙද්දී මේ අනුපාතය 57 දක්වා පහළ ගිහින් තිබුණා. මෙය දෙවැනි වන්නේ අල්ලපු රට වන එල් සැල්වදෝරයට පමණයි. එහෙම වුනේ ඇයි කියන එක වෙනම විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්.
මාරියෝ කර්තහේනා අවුරුදු දහසයක හොන්ඩියුරන් තරුණයෙක්. 1885දී ජර්මනියේ සිට තවත් විශාල සංක්‍රමණිකයින් පිරිසක් එක්ක නැවු නගින කොට ෆීඩ්‍රිශ් හිටපු වයසේමයි. ඒත් මේ 1885 නෙමෙයි. 2018.
වෙලාව උදේ එකොළහයි. මාරියෝ ගෙදර රූපවාහිණිය නරඹමින් ඉන්නවා. ඔහුට දැනගන්න ලැබෙනවා සංක්රමණිකයින්ගේ තවලමක් සංවිධානය වෙමින් පවතින බව. මෙහි ඉලක්ක ගමනාන්තය කිලෝමීටර දෙදහස් ගාණක් උතුරින් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයයි. මාරියෝ තීරණය කරනවා පොරොන්දු දේශය බලා ගමන් කරන මේ තවලමට එකතු වෙන්න. ඔහුගේ අරමුණ සොහොයුරු සොහොයුරියන් හය දෙනෙකු සිටින ඔහුගේ පවුලේ වීරයා වීමයි.
"මට දැනගන්න ලැබුණු විදිහට ඇමරිකන් දේශ සීමාවේදී ඔවුන් ඔබව අත් අඩංගුවට ගන්නවා. කොච්චර කාලෙකටද කියා කියන්න බැහැ. නමුත්, පසුව ඔවුන් ඔබව පාසැල් යවනවා. ඉගෙන ගත්තට පස්සේ රස්සාවක් ලැබෙනවා. එතකොට ඒ ගොල්ලෝ වියදම් කරපු සල්ලි අය කර ගන්නවා. අපේ රටේ අය කියන විදිහට ඔහොමයි වෙන්නේ..."
දකුණු ඇමරිකානු රටක සිට එක්සත් ජනපද දේශසීමාව දක්වා පැමිණීම අභියෝගාත්මක හා බොහෝ අවදානම් සහිත කටයුත්තක්. මේ අවදානම් අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සංක්‍රමණික අභිලාශ තිබෙන විශාල පිරිසක් තවලමක් සේ සංවිධානය වීම වසර කිහිපයක සිට සිදුවන දෙයක්. මාරියෝ එකතු වුනෙත් පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා හොන්ඩියුරාස් රටේ සැන් පේද්රෝ සුලා නගරයෙන් ආරම්භ වූ මේ වගේ තවලමකටයි. ඇමරිකානු දේශ සීමාවකට එන්න කලින් මේ තවලම පළමුව ගෝතමාලාවත් දෙවනුව මෙක්සිකෝවත් පසු කළ යුතුයි. මේ මග දිගේ ගමන් කරද්දී තවලමට තවත් පිරිස් එකතු වී තවලම පන්දහසකට අධික පිරිසක් බවට පත් වෙනවා. ඇතැම් නගර වලදී ඔවුන්ට නගර වැසියන්ගෙන් කෑම බීම ආදී සත්කාර ලැබෙනවා. නමුත්, එතරම් උණුසුම් නොවන පිළිගැනීම් ලැබෙන තැනුත් තිබෙනවා. විශාල පිරිසක් සිටීම නිසා කවර තත්ත්වයකට වුවත් මුහුණ දෙන එක පහසුයි. කොහොම වුනත්, ඇමරිකානු බලධාරීන්ටනම් මේ වගේ විශාල සංක්‍රමණික තවලම් ලොකු හිසරදයක්.
මාරියෝට තමන්ගේ පොරොන්දු දේශයට ඇතුළු වන එක 1885දී ෆීඩ්‍රිශ්ට තරම් පහසු වෙන එකක් නැහැ. ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ෆීඩ්‍රිශ්ගේ හා එලිසබෙත්ගේ මුණුපුරා, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමණය වූ මේරි ඈන්ගේ පුතා හා චෙකොස්ලෝවැකියාවේ සිට සංක්‍රමණය වූ ඉවානාගේ හිටපු සැමියා හා ස්ලෝවේනියාවේ සිට සංක්‍රමණය වූ මෙලනියාගේ සැමියා වන ඩොනල්ඩ් විසින් මාරියෝ ඇමරිකාවට ඇතුළු වන එක වලක්වන්න හැකි හැම දෙයක්ම කරනවා. ඩොනල්ඩ් දැන් ඇමරිකාවේ ජනාධිපති!
මේ හා අදාළව පොදු ඇමරිකානු මතය වුවත් බෙදුණු මතයක්. රිපබ්ලිකන් පාක්ෂිකයින්ගෙන් 51%ක් හිතන්නේ මේ සංක්‍රමණික තවලම ආපසු හරවා යැවිය යුතු බව වුවත්, ඩිමොක්රටික් පාක්ෂිකයින්ගෙන් 89%ක් හා නිර්පාක්ෂික පුද්ගලයින්ගෙන් 72%ක් හිතන්නේ ඔවුන්ට රටට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.
පවතින ඇමරිකන් නීතිය අනුව රට තුළට කවර ආකාරයෙන් ඇතුළු වූයේදැයි නොසලකා සරණාගතයෙකුගේ පෙත්සමක් සලකා බලනු ලැබිය යුතුයි. පසුගිය නොවැම්බර් 9 වනදා ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කරමින්, මේ අවස්ථාව හිමි විය යුත්තේ නිල වශයෙන් රටට ඇතුළු විය හැකි ස්ථාන හරහා පැමිණෙන අයට පමණක් බවට නියෝග කළා. ජාතික ආරක්ෂාව ඉදිරියට දමමින් නිකුත් කළ මේ විධායක නියෝගයට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් දිස්ත්‍රික් උසාවියක නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව ඉහත විධායක නියෝගය වාරණය කරමින් දිස්ත්‍රික් උසාවියක් විසින් රැඳවුම් නියෝගයක් ලබා දුන්නා.
සොලිසිටර් ජනරාල් වරයා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉහත සඳහන් පහළ උසාවියේ නියෝගයට එරෙහි රැඳවුම් නියෝගයක් නියෝගයක් ඉල්ලා සිටියත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ තර්කය වූයේ මෙය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට මිස අධිකරණයට නොවන බවයි. පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද පහළ උසාවියේ තීරණය අනුමත කළා. කෙසේ වුවත්, එය ඒකමතික තීරණයක් වූයේ නැහැ. අග විනිසුරු ඇතුළු නව පුද්ගල විනිසුරු මඩුල්ලේ පස් දෙනෙකු පහළ උසාවියේ තීරණය වෙනුවෙන් පෙනී සිටියත් ඉතිරි සිවු දෙනා සිටියේ විධායකයේ මතය සමඟයි.
මේ අතර ප්‍රධාන වශයෙන්ම සංක්‍රමණික ප්‍රතිපත්තිය හා අදාළව ඇමරිකන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා සිට ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුතු වලින් කොටසක් අකර්මන්‍ය වී තිබෙනවා. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ වලින් පසුව ඇමරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය තිබෙන්නේ ඩිමොක්රටික් පක්ෂයටයි. මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් ඉදි කිරීමට යන වියදම් ඇතුළත් ට්‍රම්ප්ගේ අයවැය යෝජනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත කරගැනීම ඔහුට පහසු වෙන එකක් නැහැ. ඒ පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති නොවුනහොත්, අනුමත මුදල් අවසන් වෙද්දී, ෆෙඩරල් රජයේ කටයුතු තවදුරටත් අකර්මන්‍ය විය හැකියි.
Friday, December 21, 2018
සහෝදර සමාගම හා සමනල් ජීවිත
ප්රජාතන්ත්රවාදය කියා කියන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම කියන එක ප්රජාතන්ත්රවාදය හඳුන්වා දිය හැකි ඉතාම සරල ආකාරයක් පමණයි. ඒ හැඳින්වීමෙන් ධ්වනිත වන අදහස ප්රජාතන්ත්රවාදයක් යටතේ බහුතරය විසින් සුළුතර කොටස් වල හඬ යටපත් කරනවා කියන එකයි. ඒක හරියට ධනවාදයක් යටතේ ප්රාග්ධනයේ හිමිකරුවන්ට ශ්‍රමයේ හිමිකරුවන් සතු අතිරික්තය මුළුමනින්ම පැහැර ගන්න ඉඩ ලැබෙනවා කියනවා වගේ කතාවක්.
සෛද්ධාන්තික අර්ථයෙන් ගත්තොත් ප්රජාතන්ත්රවාදයක් යටතේ සමාජයක ඉතාම කුඩා සුළුතරය වන ඒකීය පුද්ගලයෙකුට තමන්ගේ හඬ මුළුමහත් සමාජය පුරා පතුරවා හරින්න ඉඩ ලැබෙනවා. කාට හරි අහන්න පුළුවන් ඔය කියන විදිහේ සුපිරි ප්රජාතන්ත්රවාදයක් තියෙන තැනක් පෙන්නන්න පුළුවන්ද කියා. සාධාරණ ප්‍රශ්නයක්!
ලෝකයේ කොහේවත් පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් නැතුවා වගේම සමාජයේ සෑම කෙනෙකුගේම හඬට සමාන ඉඩක් ලැබෙන සෛද්ධාන්තික අර්ථයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීයැයි කිව හැකි සමාජ නැහැ. නමුත්, ඇතැම් සමාජ වෙනත් සමාජ වලට වඩා ගොඩක් ප්රජාතන්ත්රවාදීයි. ඒ වගේම, ඇතැම් සමාජ වල වෙනත් සමාජ වලට වඩා ගොඩක් හොඳින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් සමාජ වල නිදහස් ගනුදෙනු වලට බාධා ගොඩක් අඩුයි!
සමාජයක් ප්‍රමාණවත් තරමින් ප්රජාතන්ත්රවාදී වෙන්න ඒ සමාජයේ සියළු දෙනා විසින්ම තමන්ගේ හඬ අවදි කළ යුතු නැහැ. එහෙම කරන සැලකිය යුතු පිරිසක් සිටීම ප්‍රමාණවත්. හරියට වෙළඳපොළක් කාර්යක්ෂම වෙන්න ඩීල් නොදා එකිනෙකා සමඟ තරඟ කරන සැපයුම්කරුවන් කිහිපදෙනෙක් සිටීම වුවත් ප්‍රමාණවත් වනවා වගේ. නීතිය නොපිළිපදින සුළු පිරිසක් සිටි පමණින් නීතියේ ආධිපත්‍යය නැති නොවනවා වගේ.
නිදහස් වෙළඳපොලක කාර්යක්ෂමතාවය පෙන්වා දිය හැක්කේ සෑම පුද්ගලයෙකුටම තමන්ට හොඳම දෙය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා කියන උපකල්පනය යටතේයි. එහෙත් විවිධ හේතු මත සමාජයේ ඇතැම් කොටස් වලට තමන්ට හොඳම දෙය තෝරාගැනීම අසීරු වෙන්න බැරිකමක් නැහැ. මෙවැනි ප්‍රධානම හේතුවක් වෙන්නේ තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩය ගැන නිසි අවබෝධයක් නැති වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් දැනුමේ සීමාවන්. මේ හේතුව නිසා වෙනත් අයෙකු විසින් තමන්ට හොඳම දෙය තමන් වෙනුවෙන් තෝරා දෙනවාට කැමති පිරිස් ඉන්නවා. ඇතැම් රටවල එවැනි අය වැඩියි.
එඬේරන් පසුපස යන්න පුරුදු වී සිටින හරකුන්ගේ ප්රජාතන්ත්රවාදය තීරණය වෙන්නේ හරක් බහුතරය ඉන්නේ කොයි එඬේරා එක්කද කියන එක මතයි. තමන් වෙනුවෙන් තීරණ ගැනීම තමන්ගේ නායකයින් විසින් කරනු ඇතැයි බලාපොරොත්තු වන මිනිසුන් වැඩි වන තරමට සමාජයක ප්රජාතන්ත්රවාදයට බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම වැනි පටු ඉලක්කයකින් එහාට යන්න අමාරුයි. ඒ වගේ සමාජයක ඩීල් හරහා සැලකිය යුතු කාර්යභාරයක් වෙන්න පුළුවන්.
ලංකාවේ දේශපාලනඥයින් අතර විශාල ජන පදනමක් තිබෙන නායකයින් සිටිනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ මොහොතේ එවැනි වැඩිම ජන පදනමක් තිබෙන නායකයා කියා කියන්න පුළුවන්. ඔහුට වඩා ගොඩක් පසුපසින් වුවත්, දෙවැනි තැන ඉන්නේ රනිල්. ලංකාවේ ප්රජාතන්ත්රවාදය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ මෙවැනි නායකයින් කේන්ද්‍ර කරගෙනයි. බොහෝ විට එක නායකයෙක් යටකරගෙන වෙනත් අයෙක් මතුවෙන්නේ ගේම් හරහා.
මහින්ද, රනිල් වගේ පළමු පෙළේ නායකයින් ළඟින්ම ඉන්න වෙනත් නායකයින් පිරිසක් ඉන්නවා. පහුගිය දවස්වල මහින්ද ළඟින්ම හිටපු විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල වගේ අය මහින්දගේ පක්ෂයේම අය නෙමෙයි. ඒ අය මහින්ද වටේ කැරකෙන්නේ ගේම් එකක කොටසක් විදිහටයි. මහින්ද නැතුව ඔවුන්ට හුදෙකලා පැවැත්මක් නැහැ. අනෙක් අතට මහින්දටත් තමන්ගේ පැවැත්මට මේ අය අවශ්‍යයි. ඔය විදිහටම චම්පික, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් වගේ එජාප නොවන වෙනත් පක්ෂ වල අය රනිල්ගේ ළඟින්ම ඉන්නේත් මේ අන්‍යෝන්‍ය වාසි නිසායි. ඔය වගේ ප්‍රධාන නායකයෙක් වටා භ්‍රමණය වන දෙවන පෙළේ නායකයෙක් දිහා සූම් කරලා බැලුවොත් ඔයාකාරයටම ඔවුන් වටා භ්‍රමණය වන කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ අය වටා භ්‍රමණය වන අයත් ඉන්නවා. මේක තමයි ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන වත්මන් ස්වරූපය.
අර පහුගිය දවස්වල සමහර ඇනෝලා අහලා තිබුණා වගේ මටත් ඔය ලේක්හවුස් එක වගේ තැනක මොකක් හරි ලියන රස්සාවක් ගන්න ඕනෑනම් මට ඒක කරගන්න වෙන්නේ කොහොමද? ඇනෝලාම කියනවා වගේ කොච්චර කඩේ ගියත් හාමුට කිට්ටු කරන්න බෑනේ. පටන් ගන්න වෙන්නේ පුළුවන් තැනකින්!
ඉස්සෙල්ලම හාමුට කිට්ටු කරන්න පුළුවන් දෙවන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. ඊට පස්සේ, ඒ දෙවන පෙළ නායකයාට කිට්ටු කරන්න පුළුවන් තුන්වන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. එහෙම කෙනෙකුටවත් කිට්ටු කරන්න බැරිනම් සොරි ඩොට් කොම් තමයි!
දැන් ඔය විදිහේ තුන්වන පෙළේ නායකයෙක් හොයාගත්තයි කියමුකෝ. පොරට කිට්ටුවෙන කොටම පොර දන්නවා අපිත් මේ සෙට් වෙන්නේ ගේම් එකකට බව. ඒ වෙලාවේ ඉඳලා පොර අපිට ගේම් එකක් ගහනවා. කැමැත්තෙන්ම ඒ ගේම් එකේ ඉත්තෙක් වෙන්න අපිට සිදු වෙනවා. උඩට යනකම්ම වෙන්නේ ඔය ටිකයි.
උඩම මට්ටමේ ඉන්න රනිල්, මහින්ද වගේ කොයි නායකයාත් ඔය ටික දන්නවා. නැත්නම් ඔය ඉන්න තැනට එන්න බෑනේ! ඒ නිසා, මේ අය ප්‍රසිද්ධියේ හැමවෙලාවෙම වගේ තමන්ගේ ළඟින්ම ඉන්න අය එක්ක පවා වැඩ කරන්නේ මෙතැන තියෙන්නේ ගේමක් බව අමතක නොකරමිනුයි. වටේ ඉන්න අය ලොක්කා ගාව ඉන්නෙත් ඕක දැනගෙන.
තමන් වටේ ඉන්න කවුරුත් ගේම් එකක ඉන්න බව දැන දැනම ඒ වගේ අයත් එක්ක ඉන්න එක සෑහෙන ආතතියක් ඇති කරවන කටයුත්තක්. තමන්ට වැඩි විශ්වාසයක් තියන්න පුළුවන් කවුරු හෝ කණ්ඩායමක් ඉන්නවානම් එය නායකයෙකුට සහනයක්. බොහෝ නායකයින්ට ඒ ආකාරයේ විශ්වාසවන්ත ඇතුළු කවයක් සිටිනවා.
මහින්දට ඔහුගේ සහෝදරයින් ඇතුළු පවුලේ සාමාජිකයින්ව පිට මිනිස්සුන්ට වඩා විශ්වාස කරන්න පුළුවන් නොවෙන්න හේතුවක් නැහැ. ඒ අය වුවත් ගේම් ගහන්න ඉඩ තිබුණත් පවුලේ කෙනෙක් ගහන ගේම් එකක සීමාවක් තියෙනවා. වතුර වලට වඩා ලේ උකුයි කියනවනේ!
රනිල් වටේත් ඔහුට විශ්වාසවන්ත පිරිසක් ඉන්නවා. ඒ විශ්වාසයේ පදනම අදාළ කරුණක් නෙමෙයි!
නායකයෙක් වටේ ඉන්න මේ ආකාරයේ ඇතුළු කවයක් කියන්නේ පිට ඉඳන් ගේම් වලට සෙට් වෙන අයට තියෙන ලොකුම බාධාවක්. ඒ නිසා, මේ අයව බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වෙනවා. ඒ නායකයෝ වටේම කැරකෙන අයගේ පවා.
පහුගිය කාලයේ මහින්දගේ සහෝදර සමාගම බොහෝ විවේචන වලට පාත්‍ර වුණා. මෑතකදී ඒ විවේචන වැඩිපුර යොමු වුණේ නාමල් වෙත. අනික් පැත්තෙන් රනිල්ට ආපු ලොකුම විවේචනයක් වුනේ ඔහු ගත කරනවාය කියන සමනල් ජීවිතය.
මේ විවේචන හරහා මතුවෙන්නේ වත්මන් ලංකාවේ ක්‍රියාත්මකව පවතින ප්රජාතන්ත්රවාදයේ මූලික ස්වරූපය මිසක් වෙන දෙයක් නෙමෙයි!
Labels:
දේශපාලනය,
ප්රජාතන්ත්රවාදය,
මහින්ද රාජපක්ෂ,
රනිල් වික්‍රමසිංහ
Thursday, December 20, 2018
මහ බැංකු ස්වාධීනත්වය
ඊයේ දිනයේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් නැවත වරක් ඉලක්ක පොලී අනුපාතික ඉහළ දැම්මා. මේ අනුව, මේ වන විට ඉලක්ක පොලී අනුපාතික පරාසය 2.25-2.5 ලෙස පවතිනවා. මේ, මේ වසර තුළ මෙලෙස පොලී අනුපාතික ඉහළ දමනු ලැබූ සිවුවන වතාවයි.
පසුගිය නොවැම්බර් මාසයේදීත් ඇමරිකාවේ සේවා වියුක්ති අනුපාතිකය 3.7% මට්ටමේ පැවතුණා. එය එක දිගටම මාස තුනක්ම තිබෙන්නේ එම මට්ටමේ. එය දිගුකාලීනව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක්. ඒ අතර නොවැම්බර් මාසයේ ඇමරිකාවේ උද්ධමනය 2.2% මට්ටමේ පැවතුනා. මෙය සුළු වශයෙන් වුවත් ෆෙඩරල් සංචිත බැංකුවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2%ට වඩා වැඩියි.
මේ දර්ශක දෙකෙන්ම පෙන්වන්නේ ඇමරිකාවේ පවතින ආර්ථික ක්‍රියාකාරීත්වය නියම මට්ටමට වඩා තවමත් වැඩි බවයි. ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ දර්ශක දෙස සැලකිල්ලෙන් බලමින්, ආර්ථික වර්ධනය තරමක් අඩාල වන අයුරින් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ තීරණය දැනුම් දීමෙන් පසුව ඩවු-ජෝන්ස් කොටස් වෙළඳපොල දර්ශකය ඊයේ දිනය ඇතුළත ඒකක 352කින් (1.5%කින්) පහළ ගියා.
ආර්ථික වර්ධනය අඩාල කරමින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යාම ගැන රජයකට අසතුටු වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක පැත්තකින් එය රජයේ මූල්‍යකරන පිරිවැය ඉහළ දැමීමට හේතු වෙනවා. අනික් පැත්තෙන් ආර්ථික වර්ධනය අඩාල වීම රජයේ බදු ආදායම් සීමා කරනවා. මේ හේතු දෙකෙන්ම රජයක අයවැය හිඟය තුලනය කිරීම අසීරු කරනවා. එහෙත්, මහ බැංකුවක මූලික ඉලක්කය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා ඇතැම් තත්ත්වයන් යටතේදී ආර්ථික වර්ධනය අඩාල වෙන්නට ඉඩ හරිමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදුවෙනවා. රටක මහ බැංකුව රජයෙන් ස්වාධීන නොවේනම් එය කිරීම අපහසුයි.
ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව යනුවෙන් පහසුව තකා මා ඉහත සඳහන් කළත් නිවැරදි වචනය ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය යන්නයි. එයට හේතුව වෙනත් රටවල මහ බැංකු මෙන් ඇමරිකාවේ "මහ බැංකුව" තනි ආයතනයක් නොවීමයි. එය ආයතනික පද්ධතියක්.
ෆෙඩරල් සංචිත පණතින් සංචිත බැංකු කටයුතු හා අදාළව ඇමරිකාව කලාප 12කට වෙන් කර තිබෙනවා. මේ එක් කලාපයක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්වෙන අතර එය එම කලාපය තුළ ෆෙඩරල් සංචිත බැංකුව පිහිටි නගරය අනුවත්, දිස්ත්‍රික්කය හඳුනා ගැනෙන කිසියම් අංකයකිනුත් හැඳින්වෙනවා. උදාහරණ විදිහට නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් දෙවන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරන අතර සැන් ෆ්රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව විසින් දොළොස්වන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරනවා. දොළොස්වන දිස්ත්‍රික්කයට කැලිෆෝර්නියා, නෙවාඩා, යූටා, වොෂින්ටන්, ඔරෙගන්, අයිඩහෝ, ඇලස්කා, හවායි හා ඇරිසෝනා යන ප්‍රාන්ත නවයත් ගුවාම්, ඇමරිකන් සමෝවා හා උතුරු මරියානා දූපත් යන ප්‍රදේශත් අයත් වෙනවා. දෙවන දිස්ත්‍රික්කයට නිවුයෝර්ක් ප්‍රාන්තය, නිවුජර්සි ප්‍රාන්තයේ උතුරු කොටස, කනෙක්ටිකට් ප්‍රාන්තයේ බටහිර කොටසක් හා පෝර්ටරිකෝ හා ඇමරිකන් වර්ජින් දූපත් අයත් වෙනවා. මේ ෆෙඩරල් සංචිත බැංකු සියල්ලේ කටයුතු අධීක්ෂණය කරන ෆෙඩරල් අධිපති මණ්ඩලය වොෂින්ටන් ඩීසීහි පිහිටා තිබෙනවා.
එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ "අයිතිය" තිබෙන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු වලටයි. මේ එක් එක් බැංකුවක අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම පත්කරගන්නේ එම බැංකු විසිනුයි. ඉතිරි තිදෙනාව ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කරනවා. බැංකු විසින් පත් කර ගන්නා අධ්යක්ෂවරුන් හය දෙනාගෙන් තිදෙනෙක් වෘත්තීය බැංකුකරුවන් විය යුතු අතර ඉතිරි තිදෙනා කෘෂිකාර්මික, කර්මාන්ත, පාරිභෝගික හා කම්කරු ක්ෂේත්‍ර වල කැපී පෙනෙන නායකයින් අතරින් තෝරා පත් කර ගත යුතුයි. ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කර කරන නියෝජිතයින් තිදෙනා වාණිජ බැංකුවක නිලධාරීන්, කොටස් හිමිකරුවන් හෝ සේවකයින් නොවිය යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරයාව තෝරා ගැනෙන්නේ මේ අධ්යක්ෂවරුන් අතරින් ඔවුන්ගේ ඡන්දයෙනුයි. එහිදී, බැංකුකරුවන්ට ෆෙඩරල් අධිපති මණ්ඩලයට වඩා වැඩි බලයක් තිබෙන බව පැහැදිලි කරුණක්.
ෆෙඩරල් අධිපති මණ්ඩලය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ව ඇමරිකාවේ ජනාධිපති විසින් පත් කරනු ලැබ සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතු වෙනවා. මේ අයුරින් පත් කරන සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක්. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකුට සාමාජිකයින් හත් දෙනාම එක වර පත් කළ නොහැකියි. ඒ සඳහා ධුරයක් පුරප්පාඩු විය යුතුයි. මේ ධුර හතෙන් එක් ධුරයක් වසර දෙකකට වරක් බැගින් පුරප්පාඩු වෙනවා. එවිට, ජනාධිපතිවරයාට සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව තමන් කැමති අයෙකු එම ධුරයට පත් කළ හැකියි. එහෙත්, එසේ පත් කිරීමෙන් අනතුරුව වසර 14ක කාලයක් යන තුරු ඔහුව හෝ ඇයව එම තනතුරෙන් ඉවත් කළ නොහැකියි.
ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක් වුවත්, ඇමරිකන් ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය වසර හතරක් පමණයි. ඒ වගේම, එකම පුද්ගලයෙකුට ඇමරිකන් ජනාධිපති තනතුර දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණයි. ඒ නිසා, එක් ජනාධිපතිවරයෙකුට වෙනස් කළ හැක්කේ ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් හතර දෙනෙක් පමණයි. එය කළ හැක්කේද දෙවන වරට පත් වුවහොත් එම දෙවන ධුර කාලය අවසන් වෙන්න කිට්ටුවයි.
ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසිනුයි. එයත් ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ආයතනික ව්‍යුහයේ කොටසක්. එහි සාමාජිකයින් දොළොස් දෙනෙකු සිටිනවා. එයින් බහුතරය එනම් හත් දෙනෙකු ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. ඉතිරි පස් දෙනා තෝරා ගැනෙන්නේ ෆෙඩරල් සංචිත බැංකු සභාපතිවරුන් අතරෙනුයි. මේ ආකාරයේ සංකීර්ණ ආයතනික ව්‍යුහයක් තිබෙන නිසා ඇමරිකන් රජයට හෝ ජනාධිපතිවරයාට ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට සෘජු බලපෑමක් කළ නොහැකියි.
ලංකාවේ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී සිදුවී තිබෙන අක්රමිකතාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 689ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් ඉහත අක්රමිකතාවය සිදු කරද්දී, අදාළ කටයුත්ත නිසා රජයට සිදුවිය හැකි හානිය ගැන අවබෝධයක් තිබිය යුතු, පළපුරුදු නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනා නිහඬව සිටීම ගැන කමිටුව විමතිය පළකර තිබෙනවා. ලංකාවේ පවතින ආයතනික සංස්කෘතිය හා ආයතනික රාමුව ඇතුළේ මේ අයුරින් දෙවැන්නන් විසින් ලොක්කන් විසින් කියන දේ කටවහගෙන අනුමත කිරීම පිළිබඳව මටනම් විමතියක් නැහැ. රාජ්‍ය ආයතන වගේම ලංකාවේ ව්‍යවස්ථාදායකය හා දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය විදිහටමයි. ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ වර්තමාන ස්වරූපයත් එයයි. මේ තත්ත්වය වෙනස් වෙන්න තව කලක් යයි.
ජනාධිපති කොමිසමේ පරීක්ෂාවට භාජනය වූ කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ඇති ලාභ ඉහත ඇස්තමේන්තුවේ තිබෙන රජයට වූ අලාභයට වඩා ගොඩක් වැඩියි. ඒ ලාභය රුපියල් බිලියන එකොළහක් පමණ වෙනවා. එයින් වැඩි කොටසක් උපයා තිබෙන්නේ රාජ්‍ය ආයතන හා සිදුකළ ගණුදෙනු හරහායි. කෙසේවුවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ එම රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීම නොවෙයි. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමයි.
රාජ්‍ය ආයතනයකට වෙළඳපොළේ වැඩි මිලකට විකිණිය හැකි දෙයක් අඩු මිලකට විකිණීමට සිදුවන විට ලැබිය හැකි ලාබ නොලැබී යනවා. ඒ ලාබ වෙනත් අයෙකු විසින් ලබා ගන්නවා. මෙහිදී සිදු වී තිබෙන්නේත් එයයි. අදාළ රාජ්‍ය ආයතන වලට රජයට වැඩි පොලියකට මුදල් ලබා දී ලබාගත හැකිව තිබුණු ලාබය කිසියම් හේතුවක් නිසා අහිමි වී තිබෙනවා. මේ "කිසියම් හේතුව" කුමක්ද?
මහ බැංකුව විසින් හෝ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය) විසින් රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදලට පොලී අනුපාතික පහළින් තබා ගන්නා මෙන් බලපෑම් කරන බව මේ ක්ෂේත්රයේ ඉන්න කවුරුත් දන්නා දෙයක්. මෙය අද ඊයේ සිට සිදුවන දෙයක් නෙමෙයි. සදාචාරාත්මක හේතු මත, මා පෞද්ගලිකව දන්නා, එහෙත් ප්‍රසිද්ධ තොරතුරු නොවන දේ ගැන කතා කරන්නට මා එතරම් කැමති නැහැ. දැන් මා මේ ගැන සෘජුව කතා කරන්න නොපැකිලෙන්නේ ජනාධිපති කොමිසම විසින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන සංවාද වලින් මේ කරුණ සනාථ වී අවසන් නිසයි.
රජය ණය ගන්නවනම් එහි මිල ගෙවන්නට රජයට සිදු වෙනවා. තමන්ට බලපෑම් කළ හැකි ආයතන වලින් "කුණු කොල්ලයට" ණය ගත්තත්, පෞද්ගලික ආයතන වලින් එසේ කුණු කොල්ලයට ණය ගන්න බැහැ. ඔවුන් නියම මිල අය කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය බැංකු හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වල ලාබ අඩු වීමයි. උදාහරණයක් විදිහට කිසියම් ප්‍රාථමික වෙළෙන්දෙක් 12%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙනවා. එය රජය විසින් ගෙවිය යුතු "නියම" මිලයි. නමුත්, රාජ්‍ය බැංකුවකට රජයෙන් ඒ මිල අය කර ගැනීම වලක්වා තිබෙනවා. නියම මිලට වඩා අඩුවෙන්, 9%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙන්නට එම රාජ්‍ය බැංකුවට සිදුවෙනවා. අදාල රාජ්‍ය බැංකුවට රජයට සෘජුව ණය ලබා දී ලබා ගත හැක්කේ 9%ක පොලී අනුපාතිකයක් පමණක් නිසා ඔවුන් කරන්නේ ප්‍රාථමික වෙළෙන්දෙකුට 9.5%කට ණය දෙන එකයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවට වාසියි.
ඉහත අවස්ථාවේදී රාජ්‍ය බැංකුවට රජයට 12%කට ණය දීමේ හැකියාව වලක්වා තිබෙන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. එය කරන්නේ අදාළ නිලධාරියෙකුට කරන වාචික බලපෑමක් හරහායි. මේ බව දැනගන්නා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් (තාක්ෂණිකව වඩා සංකීර්ණ අයුරකින් වුවත්) කරන්නේ 9.5% බැගින් රාජ්‍ය බැංකුවකින් ණය ලබාගෙන අනික් පැත්තට 12% පොලියට රජයට ණය ලබා දීමයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවටත් ලාබයි. රජයට 9% බැගින් ණය දීම රාජ්‍ය බැංකුවට ඊට වඩා පාඩුයි. මෙතැනදී රාජ්‍ය බැංකුවට ලබාගත හැකිව තිබුණු ලාබය නැති කර තිබෙන්නේ අර ප්‍රාථමික වෙළෙන්දා නෙමෙයි. ඔවුන්ට 12% බැගින් රජයට ණය ලබා දීමට තිබුණු අවස්ථාව අහිමි කළ මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා විසිනුයි.
ඉහත අවස්ථාවේදී රාජ්‍ය ආයතනයකට පොලී අනුපාතික පහළින් තබා ගන්නා සේ "නියෝග කරන" මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා එසේ කරන්නේ ඇයි? බොහෝ විට ඔහු හෝ ඇය එසේ කරන්නේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් නෙමෙයි. මෙහි අරමුණ රජයේ පොලී වියදම් පහළින් තියා ගැනීමයි. මහා භාණ්ඩාගාරයේ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුත් රජයේ පොලී වියදම් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කිරීම කළ යුතු දෙයක්. නමුත්, ගැටළුව තිබෙන්නේ මෙය කරන්නේ වෙනත් රාජ්‍ය ආයතනයක වියදමින් වීමයි. එහි බරපැන වැටෙන්නේ සේවක අර්ථසාධක මුදලේ අරමුදල් හිමිකරුවන් හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන් වන සාමාන්‍ය මහජනතාවටමයි.
සෘජු නිකුතු කියා කරන්නෙත් රාජ්‍ය ආයතන මත මුදල් අමාත්‍යංශයට හා මහ බැංකුවට ඇති අධිකාරී බලය උපයෝගී කරගනිමින් "බලහත්කාරයෙන්" අඩු පොලියට ණය ගැනීමයි. මෙය රජයට ලාබදායක බවට කෝප් කමිටු සාමාජිකයින් හා ජනාධිපති කොමිෂන් සාමාජිකයින්ට පෙනී යාමේ වැරැද්දක් නැතත් ඒ ලාබය රජයට ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන්ගේ වියදමින් කියන එක ගැන ඔවුන් අවබෝධ කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.
මෙහි තිබෙන්නේ පිළිසිඳියා ගැටුමක්. ලංකාවේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය ණය කළමනාකරණය කිරීමත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමත් කරනවා. රාජ්‍ය ණය කළමනාකරණයේ ඉලක්කය වන්නේ හැකි හැමවිටම පොලී අනුපාතික පහළින් තබා ගැනීමයි. සේවක අර්ථසාධක අරමුදලේ ඉලක්කය වන්නේ අරමුදල් වෙනුවෙන් හැකි තරම් ඉහළ පොලී අනුපාතිකයක් ලබා ගැනීමයි. මුදල් ප්‍රතිපත්ති ඉලක්කය පවතින සාර්ව ආර්ථික තත්ත්වය අනුව ඔය දෙකෙන් කොයි එක හෝ වෙන්න පුළුවන්. මහබැංකුවේ කාර්යභාරය විය යුත්තේ සාර්ව ආර්ථික තත්ත්වයන් වෙනස් වන ආකාරය නිරීක්ෂනය කරමින් පොලී අනුපාතික අවශ්‍ය පරිදි අඩු හෝ වැඩි කිරීමයි. දෙකෙන් එකක් මිස දෙකම නෙමෙයි.
මේ කටයුතු ස්වාධීනව කිරීම සඳහා මහ බැංකුවේ වෙන වෙනම දෙපාර්තමේන්තු තිබෙන බව ඇත්තක් වුවත් ඒ දෙපාර්තමේන්තු සියල්ලම තියෙන්නේ මුදල් මණ්ඩලයේ පාලනයට යටත්වයි. මහබැංකු අධිපති පත්වීම දේශපාලනික පත්වීමක්ව තිබීමට, අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ප්රශ්නය තවත් උග්‍ර කරනවා. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාබ ලබා තිබෙන්නේ ආචාර ධාර්මික සීමාවන් ඉක්මවමින් බව පැහැදිලි කරුණක්. නමුත්, මෙහි විස්තර කර තිබෙන තත්ත්වයන් නොසලකා හරිමින් ඒ ආචාර ධාර්මික වැරදි දිහා වියුක්ත ලෙස බැලීම නිවැරදි නැහැ.
(Image: https://federalreserveonline.org/)
Labels:
ඇමරිකාව,
පොලී අනුපාතික,
මහ බැංකුව,
මූල්‍ය පද්ධතිය,
මූල්‍ය වෙළඳපොළ
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...