පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවයකින් පසුව ඉතිරි වූ කසල මේ දවස් වල රටම ගඳ ගස්වයි. කොටසක් මේ ඉතිරි වූ ආහාර තලු මරමින් රස විඳිද්දී, තවත් කොටසක් "බීල හිටියත්, නොබී හිටියත් ඒ ඔබමයි!" පදනමින් මේ ක්‍රියාව සාධාරණීකරනය කරන්නට දඟලති. ඒ අතර, මේ දෙස විවේචනාත්මකව බලන පේරාදෙණියේ ආදි විද්‍යාර්ථීන් කිසියම් ප්‍රමාණයක්ද දකින්නට ලැබේ.
මීට පෙර නවක වදය වැනි වෙනත් කාරණා හා අදාළවද මෙවැනි බෙදීමක් දකින්නට පුළුවන් විය. නවක වද විවේචකයින් අතර වැඩිපුරම සිටියේ ලංකාවේ රජයේ සරසවියකින් උපාධියක් ලබා නොගත් අයයි. රජයේ සරසවියක ඉගෙනුම ලබා තිබුණු බොහෝ දෙනෙකු කළේ තමන්ගේ "උප සංස්කෘතිය ආරක්ෂා කරගැනීම" ඉදිරියට දමමින් සෘජුව හෝ වක්‍රව නවක වදය වෙනුවෙන් පෙනී සිටීමයි.
ඉකොනොමැට්ටා කවර අයුරකින් හෝ ලංකාවේ රජයේ සරසවි වල පවතින නවක වදය අනුමත කරන්නේ හෝ සාධනීය දෙයක් ලෙස සලකන්නේ නැත. අවම වශයෙන් ලංකාවේ සරසවි වල තිබෙන උප සංස්කෘතිය මාාාාර එකක් කියා සිතන්නේද නැත. එසේ වුවත්, ඒ අවස්ථාවේදී නවක වදය ගැන විවේචනාත්මකව පළ වූ අදහස් බොහොමයක් කියවද්දී කිසියම් කොයිල් ගතියක් දැනුණේය. බොහෝ දෙනෙකු විසින් විවේචනය කර තිබුණේ සරසවි වල පවතින නවක වදය සේ ඔවුන් හිතා සිටි දෙයයි. නවක වදය කුමක්දැයි හරියටම දැනගෙනම එය විවේචනය කළේ සාරස නමින් මල්ලේ පොල් වියුණුව ලියූ කුමාර කළුආරච්චි වැනි ඉඳහිට අයෙක් පමණි.
නවක වදයට මුහුණ දී ඇති අයෙකුට එසේ නොවන අයෙකු ඒ ගැන කරන විවේචන වල ඇති අවුල් ගතිය එකවරම පෙනේ. ලංකාවෙන් පිටතට කිසිදා ගොස් නැති අයෙකු ඇමරිකාව විවේචනය කරන විට හෝ ඇමරිකාව ගැන අදහස් පල කරන විට ඒ බව පැහැදිලිව පෙනෙන එක වැලැක්විය නොහැකිය. එහෙත්, ලංකාවේ රජයේ සරසවි ගැන අදහස් පළ කිරීම සඳහා ඒ සරසවියකින් උපාධියක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. ඇමරිකාව විවේචනය කරන්නට ඇමරිකාවට ගොස් තිබිය යුතු නැත. හඳ ගැන කතා කිරීමේ අයිතිය තිබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් වැනි හඳට පය ගසා ඇති අතළොස්සකට පමණක් නොවේ.
ලංකාවේ සරසවි වල සිදුවන නවක වදය හෝ වෙනත් ක්‍රියාවක් විවේචනය කෙරෙන විට "කැම්පස් ගිහින් නැති කෙනෙක්ට කොහොමද ඕක තේරෙන්නෙ?" කියා ආපසු ප්‍රශ්න කිරීම විවේචනයට පිළිතුරක් නොවේ. මෙය විවේචකයාට මළ පනින ප්‍රතිචාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, බොහෝ විට සිදු වන්නේද එයයි. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස සිදු වී තිබෙන්නේ ලංකාවේ කැම්පස් එකකට ගොස් ඇති අයගේ කල්ට් එකක් ඇති වීම හා ඒ කල්ට් එකෙන් පිට අය කල්ට් එක කෙරෙහි වෛර කරන්නට පටන් ගැනීමයි. මෙය සිදුවන්නේ සරසවි හා අදාළව පමණක්ද නොවේ.
සමාජ ජාලා වල සංසරණය වූ පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරයේ ඡායාරූපය හිත කම්පනය කරවන්නක් බව කිව යුතු නොවේ. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව ක්‍රීඩාගාරයේ තත්ත්වය එවැනි වීනම් එහි කතා කරන්නට දෙයක් තිබේ.
කියවන්නන් අතර නොදන්නා අය සිටීනම්, ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ වසර හතරකට වැඩි කාලයක් ගෙවා තිබේ. කොළඹ සරසවිය ඇසුරේද එපමණම කාලයක් ගෙවා ඇති අතර මොරටුව, ජපුර, කැලණිය හා රුහුණ සරසවි වලටද බොහෝ වර ගොස් තිබේ. ඇතැම් විට නැවැතී සිට තිබේ. එබැවින්, මේ කරුණ හා ලංකාවේ සරසවි හා අදාළ වෙනත් කරුණු වලදී ඉකොනොමැට්ටාගේ අදහස් ලංකාවේ සරසවි එතරම් ඇසුරු කර නොමැති අයෙකුගේ අදහස් වලට වඩා එවැනි ඇසුරක් ඇති අයගේ අදහස් වලට කිට්ටු වීමට ඉඩතිබීම ස්වභාවිකය. ඒ නිසා ඇතැම් පාඨකයින්ට මේ ලිපිය "මධ්‍යස්ථ" නොවන සේ පෙනෙන්නට පුළුවන.
ඉකොනොමැට්ටා ලංකාවේ සරසවි ඇසුරු කළ කාලයේ ලංකාවේ බොහෝ දෙනෙකු කසළ බැහැර කිරීම ගැන අද තරම් සංවේදීව සිටියේ නැත. ඒ කාලයට සාපේක්ෂව දැන් ලංකාවේ මංමාවත් බොහෝ පිරිසිදුය. කසල බැහැර කිරීම සඳහා පහසුකම් වැඩිය. කසල බැහැර කිරීමේ වැදගත්කම ගැන වැඩි දෙනෙකු දැනුවත්ය. ඉකොනොමැට්ටා පේරාදෙණියේ කල් ගෙවූ කාලය කසල කෙසේ හෝ, කොතැනකට හෝ බැහැර කර නිදහස් වෙන්නට ලංකාවේ බොහෝ දෙනෙක් මැලි නොවූ කාලයකි.
පේරාදෙණි සරසවි බිමේ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය ඒ කාලයේදීත් ඉතා ප්‍රශස්ත මට්ටමක තිබුණේය. එහි ගෞරවය වැඩි වශයෙන්ම හිමි විය යුත්තේ සරසවි පරිපාලනයට වුවත්, පරිපාලනයට ඒ තත්ත්වය එසේ පවත්වා ගන්නට ඉඩ ලැබුණේ සරසවි සිසුන් අති මහත් බහුතරය ඇතුළු සරසවි ප්‍රජාවේ සහයෝගය නිසාය. ඒ දින වල රටේ බොහෝ තැන් වල සාමාන්‍ය දෙයක් නොවූවත්, සරසවි බිම තුළ අතේ දුරකින් කුණු බක්කියක් හොයා ගැනීම අමාරු දෙයක් වුණේ නැත. ඒ කුණු බක්කියකට කසල බැහැර නොකර කොහේ හෝ තැනක දමා එන අයෙකු වීනම් එය ව්‍යතිරේඛයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවීය.
පොදුවේ ගත් කළ දුම් බොන්නෝ ඉහත රීතියට ව්‍යතිරේඛයක් වූහ. මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවලදීද නිරීක්ෂණය කළ හැකි චර්යාවකි. එමෙන්ම, පෝස්ටර් ගැසීමේදී සරසවි සිසුන් සුදුසු තැන් හෙව්වේ නැත. ඒ හැර, මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, හිතුමතේ කසල බැහැර කරන සරසවි සිසුන් නොසිටියේයැයි කිව නොහැකි නමුත් එවැන්නන් සිටියේ ඉතා අඩුවෙනි. උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණු සරසවි ක්‍රීඩාගාරය හා පොදු කාමර වැනි තැන් සිසුන් එකතු වන විවිධ කටයුතු වෙනුවෙන් යොදාගත් අවස්ථා ඉතා සුලභ වූ අතර ඉකොනොමැට්ටා පෞද්ගලිකවද මෙවැනි උත්සව, රැස්වීම් හෝ හමු විශාල ගණනක සංවිධායකයෙකුව සිට තිබේ.
එවැනි කටයුත්තක් වෙනුවෙන් පොදු ස්ථානයක් ප්‍රයෝජනයට ගැනීමේදී පූර්ව කොන්දේසියක් වන්නේ අදාළ කටයුත්ත අවසන් වූ පසුව ස්ථානය හොඳින් පිරිසිදු කර මේස පුටු ආදිය කලින් පැවති ආකාරයටම නැවත අසුරා යථා තත්ත්වයට පත් කිරීමයි. පූර්ව කොන්දේසි අලිඛිත වුවද සංවිධායකයින් මේ වගකීමෙන් බැහැර වුනේ නැති අතර අනෙකුත් බොහෝ සිසුන්ගෙන්ද මේ අවසන් කාර්යයට නොමසුරු සහයෝගයක් ලැබුණේය. ඉකොනොමැට්ටා ක්‍රියාකාරීව සිටි විශාල සාමාජිකත්වයක් තිබුණු පේරාදෙණිය සරසවියේ ඇතැම් සංගම් වලින් රටේ වෙනත් තැන් වල කසල ඉවත් කිරීමේ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළ අතර එවැනි දේ තවමත් සිදුවෙමින් පවතී.
උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරය පැවති තත්ත්වය ඉහත කිසිදු කරුණක් හේතුවෙන් සාධාරණීකරණය නොවන බව ඉතා පැහැදිලිය. ඒ නිසා, ඒ ඡායාරූපය දුටු විට සරසවි ඇසුර අඩු අයෙකුට කේන්තියක්ද, ඉකොනොමැට්ටා වැනි සරසවි ඇසුර හුරු අයෙකුට විමතියක්ද ඇති වන්නේ නිරායාසයෙනි.
"පේරාදෙණිය ගැන කැම්පස් ගිහිං නැති එවුං දන්නෙ මොනවද?" කියා ප්‍රශ්නය මඟ හැර යාමෙන් මේ කේන්තිය හෝ විමතිය අඩු වන්නේ නැත. එය එසේ වීමටනම්, කරුණු දන්නා කවරෙකු හෝ විසින් පැහැදිලි කිරීමක් කළ යුතුය.
පේරාදෙණියේ ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන (මගේ පෞද්ගලික මිතුරෙකු නොවන) අයිඑම්එස් සත්‍යප්‍රසාද් විසින් ඔහුගේ වත්පොත් පිටුව හරහා මේ අවශ්‍ය පැහැදිලි කිරීම කර තිබේ. මේ සටහන ඔහු විසින් පොදු අවකාශයට මුදා හැර ඇති නිසා ඔහුගේ අවසර රහිතවම මෙහි පහත පළ කෙරේ.
පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම
-----------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්‍රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්‍රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ.

මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි.
උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.
සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීමෙහි ඇතැම් කරුණු හා අදාළව විවිධ පුද්ගලයින් විසින් ප්‍රශ්න නඟා ඇති අතර මගේ අදහස අනුව ඔහු ඒ ප්‍රශ්න වලට සතුටු විය හැකි මට්ටමේ පිළිතුරු ලබා දී තිබේ.
සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීම අනුව පෙනෙන පරිදි, මෙහිදී උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ සිසුන්ගෙන් හා අමුත්තන්ගෙන් වැරැද්දක් සිදු වී නැත. ඔවුන් විසින් කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් ලබා දුන් උපදෙස් නිසියාකාරයෙන් අනුගමනය කිරීම පමණි. මෙය පැහැදිලි වීමෙන් පසුව බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටියයි.
මෙය සංවිධානය කර ඇති ආකාරය එය කළ හැකි ප්‍රශස්තම ආකාරය කියා මා හිතන්නේ නැත. එහෙත්, සංවිධායක කමිටුව එසේ හිතනවානම් එය එසේ නොවේයැයි කීමේ හැකියාවක් මට නැත. මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් ක්‍රීඩාගාරය තුළ තමා සිටි අසුන යට ඉතිරි වූ ආහාර දමා යාම නිසා මතු වූ ප්‍රශ්නය කුමක්ද යන්නයි.
පළමුව මෙය ප්‍රශ්නයක් වන්නේ පිරිසිදු කරන්නන්ටය. දෙවනුව උත්සව සංවිධායකයින්ටය. වෙනත් තෙවන පාර්ශ්වයකට මෙය ප්‍රශ්නයක් විය හැක්කේ අවසාන වශයෙන් පිරිසිදු කරන්නන් විසින් නිසි පරිදි මේ කසල බැහැර කර නැත්නම් පමණි. මෙහිදී එවැන්නක් සිදු වී නැත. එමෙන්ම පිරිසිදු කරන්නන් හෝ උත්සව සංවිධායකයින් විසින් මෙය ඔවුන්ට ප්‍රශ්නයක් වූ බවට චෝදනා නඟා නැත. සත්‍යප්‍රසාද්ගේ ප්‍රකාශය අසත්‍යයක් නොවේනම්, ඔවුන් දෙගොල්ලන්ම කියන්නේ මේ ක්‍රියා පටිපාටිය ඔවුන්ට පහසුවක් වූ බවයි.
අවුලට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට සංවිධායකයින් විසින් කෑම ලබා දීමයි. එසේ කරන්නට සිදු වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් පැය පහක හයක කාලයක් නිරාහාරව තැබීමෙන් මතු විය හැකි ප්‍රශ්න වලට මුහුණ දීම සඳහාය. මෙවැනි උත්සවයක් සඳහා විශාල පිරිසක් පැය පහක හයක කාලයක් ගාල් කර තැබීමේදී වෙනත් අතුරු ප්‍රශ්න රැසක් පැන නඟින්නට ඉඩ තිබේ. උපාධි උත්සව සැසි ගණන දෙකේ සිට තුන දක්වා වැඩි කර එක් සැසියක කාලය පැය තුනකට පමණ සීමා කර ගත්තේනම් ඇතැම් විට කෑම ලබා දීමේ අවශ්‍යතාවයක් මතු නොවිය හැකිව තිබුණි.
සත්‍යප්‍රසාද් විසින් කියන පරිදි දිනක් තුළ තුන්දහසකට ආසන්න පිරිසකට උපාධි ප්‍රදානය කිරීම දැවැන්ත කාර්යයක් වුවත් එමෙන් දෙගුණයකට ආසන්න පිරිසකට දිනක් තුළ උපාධි ලබා දෙන අවස්ථා ගණනාවකට සහභාගී වී ඇති අත්දැකීම් අනුව මෙය නොකළ හැක්කක් නොවේ. එහෙත් ඉතා සැලකිල්ලෙන් සියලු කටයුතු සංවිධානය කළ යුතු සංකීර්ණ කටයුත්තකි.
ඡායාරූප අවස්ථා ලබා නොදෙන්නේනම් මිනිත්තුවක් තුළ උපාධි දහයක් පමණ ප්‍රදානය කළ හැකි අතර එය ඊට වඩා අඩු කාලයකින් කළ හැකියයි මා සිතන්නේ නැත. එසේ කරන්නේනම්, පැය තුනහමාරක පමණ සැසි දෙකකින් මේ කටයුත්ත අවසන් කළ හැකිය. ඡායාරූප අවස්ථා වෙනුවෙන් සුළු කාලයක් ලබා දෙන්නේනම් මිනිත්තුවක් තුළ ප්‍රදානය කළ හැක්කේ උපාධි හතරක් පමණ ප්‍රමාණයකි. මෙහිදී අවම වශයෙන් මේ වෙනුවෙන්ම පමණක් වුවද පැය දොළහක පමණ කාලයක් අවශ්‍ය වෙයි. ගත වී ඇති මුළු කාලය මත පදනම් වූ දළ ඇස්තමේන්තුවක් ලෙස පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයේදී මේ අතර වේගයකින් (මිනිත්තුවකට 6-8 දෙනෙකුට පමණ) උපාධි ප්‍රදානය කෙරෙන්නට ඇතැයි සිතිය හැකිය.
උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැසි කිහිපයක් අතර බෙදා හැරීමෙන් එක් සැසියක කාලය කෙටි කරගත හැකි වුවත්, එවිට උත්සව සමාරම්භක කටයුතු හා කතා වෙනුවෙන් වැඩි කාලයක් ගත වන නිසා සැසි ගණනද ඉතා සැලකිල්ලෙන් තීරණය කළ යුතුය. වඩා හොඳ විකල්පය ලෙස මා දකින්නේ කතා ආදිය කෙටි කර, උපාධි ප්‍රදානය කිරීමේ වේගය වැඩි කර සැසියක කාලය උපරිම වශයෙන් පැය හතරකට සීමා කිරීමයි. එය කළ නොහැකිනම් කළ යුත්තේ සැසි ගණන තුනක් කිරීමයි. එවිට ආහාර ලබා දීමේ ප්‍රශ්නයක් මතු නොවේ.
කෙසේ වුවද, බාහිර නිරීක්ෂකයෙකු පමණක් වන මට දැකිය නොහැකි බොහෝ දේ සංවිධායක කමිටුව විසින් දකින්නට ඇත. ඔවුන් සැසි දෙකක් සේ මේ උත්සවය පවත්වන්නටත්, උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට ආහාර බෙදා දෙන්නටත් තීරණය කර තිබේ. උත්සව ශාලාවට ඇතුළු වෙද්දී ආහාර පාර්සලයක් ලබා දීමෙන් සැසියේ කාලය දිගු වන්නේ නැත. එක් එක් තැනැත්තාට තමන්ට අවශ්‍ය අවස්ථාවේදී ආහාර ගත හැකි නිසා උත්සව ශාලාව තුළ ආහාර ගැනීමද සැසියේ කාලය දිගු නොකරයි.
උපාධි ප්‍රදානෝත්සව සැසියක් නිසි වෙලාවට අවසන් කිරීම සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැලසුම්සහගත ලෙස අසුන් ගැන්වීම මෙන්ම ඔවුන්ට බාධාවකින් තොරව උපාධි ප්‍රදානය කරන වේදිකාව වෙත ඉක්මණින් යන්නට හැකි වීම අත්‍යාවශ්‍යය. මෙය සිදුවීමටනම් තමන්ගේ නම කැඳවෙන අවස්ථාව තෙක් එක් එක් තැනැත්තා සැලසුමට අනුව තමන් සිටිය යුතු අසුනේ සිටිය යුතුය. එසේ නැත්නම් සැලසුම අනුව අසුන මාරු කළ යුතුය. (පේරාදෙණියට සාපේක්ෂව විශාල උපාධි ප්‍රමාණයක් පිරිනමන උත්සවයකදී කෙරෙන්නේ දෙවැන්නයි.) එක් අයෙකු හෝ සැලසුම අනුගමනය නොකලහොත් සිදුවන්නේ (පිස්සු කෙළින එක් රියැදුරෙක් නිසා ලංකාවේ මහාමාර්ග වල ඇතැම් විට සිදුවන පරිදි) අවුල් ජාලයකි.
ආහාර ලබා දීම හේතුවෙන් මතුවන ප්‍රධාන අතුරු ප්‍රශ්නය ඉතිරි වන ආහාර බැහැර කිරීමයි. මේ වෙනුවෙන් ක්‍රීඩාගාරය තුළ තැනින් තැන කුණු බක්කි තැබුවේනම් උත්සවය අවලස්සන වීමට අමතරව වරින් වර එක් එක් තැනැත්තා කුණු දමන්නට යාම නිසා ඇති වන්නේ අවුල් ජාලයකි. එය මෙවැනි උත්සවයක සැලසුම කණපිට හරවයි. ඒ නිසා එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක්යැයි මා සිතන්නේ නැත. දෙවන විකල්පය ලෙස මා දකින්නේ ගුවන් ගමනකදී ආහාර ලබා දීමෙන් පසු කරන අයුරින් පිරිසිදු කරන්නන් කිසියම් පිරිසක් යොදවා (ට්‍රෑෂ් බෑග් එකක් සමඟ අසුනෙන් අසුනට ගොස්) උත්සවය අතරතුරදීම කුණු එකතු කිරීමයි. මේ විකල්පයට ගියද සිදුවන්නේ පිරිසිදු කරන්නන්ගේ කාලය වැඩිපුර අවශ්‍යවීම හා උත්සවයේ රිද්මයට යම් තරමකින් බාධා වීම පමණි.
මේ අනුව බැලූ විට සංවිධායකයින් විසින් ඉතිරි වූ ආහාර අසුන් යට තබා යන මෙන් සහභාගීවන්නන්ගෙන් ඉල්ලා සිටීම නරක යෝජනාවක් නොවේ. මේ සැලසුම අනුව උත්සව සැසියක් අවසානයේදී අවම මිනිස් ශ්‍රමයක් යොදවා කසල බැහැර කළ හැකිය. සැලසුම පරිදිම එය සිදු වී තිබෙන අතර මේ සැලසුම හේතුවෙන් කිසිදු පාර්ශ්වයකට විශේෂ අයහපතක් වී නැත.
පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු කසල බැහැර කර ඇති ආකාරයේ පෙනෙන පැහැදිලි ප්‍රශ්නයක් නැත. එහෙත්, මෙය බොහෝ දෙනෙක් විශාල ප්‍රශ්නයක් ලෙස දැක්කේය. කෙසේ වුවත්, මේ සිදුවීමෙන් පසුව වඩා පැහැදිලි වූ පරිදි, ලංකාවේ රාජ්‍ය සරසවියක උගත් හෝ දැනට ඉගෙන ගන්නා අය හැර ඉතිරි පිරිසෙන් කිසියම් පිරිසක් මේ සරසවි වල උපාධි ප්‍රදානෝත්සව දෙස බලන්නේද කසල බැහැර කිරීමක් දෙස බලන අයුරිනි. සරසවි නිෂ්පාදන ගැන රටේ ප්‍රතිරූපය එවැනි තැනකට වැටුණේ ඇයිද යන්න වඩා සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රශ්නයකි.