පෙර ලිපියකින් විස්තර කළ පරිදි නැකැත් ලෙස හඳුනා ගන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 27කට බෙදූ විට ලැබෙන කොටසකි. ඊටත් පෙර විස්තර කළ පරිදි, ලග්න ලෙස හඳුන්වන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 12කට බෙදූ විට ලැබෙන කොටසකි. ඒ නිසා, ලග්න හා නැකැත් අතර සෘජු සම්බන්ධයක් තිබේ.
මීන හා මේෂ ලග්න වෙන් කෙරෙන බෙදුම් ඉරෙන් රේවතී හා අස්විද නැකැත්ද වෙන් වේ. ඒ නිසා, සිංහල අවුරුද්ද යනු ඉර රේවතී නැකතින් අස්විද නැකතට සම්ප්‍රාප්ත වීමක්ද වේ. මීන හා මේෂ ලග්න අතරත් රේවතී හා අස්විද නැකැත් අතරත් ඇති බෙදුම් ඉරි යනු එකක් මිස දෙකක් නොවේ.
ලග්නයක් තව දුරටත් කොටස් 9කට බෙදූ විට එක් කොටසක් නවාංශකයක් ලෙස හැඳින්වේ. එමෙන්ම, නැකතක් තව දුරටත් කොටස් හතරකට බෙදූ විට කොටසක් පාදයක් ලෙස හැඳින්වේ. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 108කට බෙදනු ලැබීම නිසා නවාංශකයක් නැකතක පාදයකටද සමානය. උදාහරණයක් ලෙස අස්විද නැකත යනු මේෂ ලග්නයේ පළමු නවාංශක හතරද, බෙරණ නැකත යනු මේෂ ලග්නයේ පස්වන සිට අටවන දක්වා නවාංශකද වේ. මේෂ ලග්නයේ අවසන් නවාංශකය කැති නැකතේ පළමු පාදයයි.
ලග්න ක්‍රමය සුමේරියාවේ බිහිවී බැබිලෝනියාවේදී වැඩි දියුණු වී පසුව ග්‍රීසිය හරහා හෝ සෘජුවම උතුරු ඉන්දියාවට පැමිණි දැනුමකි. එහෙත්, නැකැත් ක්‍රමය අඩුම වශයෙන් ලග්න ක්‍රමය භාවිතයට පැමිණීමට වසර දහසකට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 1500දී පමණ සිට වෛදික ඉන්දියාවේ භාවිතා වී ඇති අතර එය පූර්ව වෛදික ඉන්දියාවේ බිහිවූ හෝ වැඩි දියුණු වූ ක්රමයකි. කෝට්ටේ යුගය වන තුරු ලංකාවේද සූර්ය වර්ෂ හෝ ලග්න භාවිතා වී ඇති බවට සාධක නැතත් අඩුම වශයෙන් මහාවංශ, දීපවංශ හා රාජාවලි කතා වල ආරම්භයේ සිට දිගටම නැකැත් ගැන සඳහන් වේ. ඉතිහාසයේ කිසියම් අවස්ථාවකදී මේ ක්‍රම දෙක එකතු කර ඇති බව පෙනේ.
නැකැත් ක්රමයේ ආරම්භය ගැන සිතීමට ඇති හොඳම සාක්ෂිය නේපාලය, බංග්ලා දේශය හා පකිස්ථානය ඇතුළු පැරණි ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල මෙන්ම තායිලන්තය වැනි ථෙරවාද බෞද්ධ රටවලද භාවිතා වන චන්ද්‍රසූර්ය දින දර්ශන වල මාස නම් කර ඇති ආකාරය විමසා බැලීමයි. මේ මාස වල නම් මා මේ වන විට විස්තර කර ඇති නැකැත් විසිහතේ ඇතැම් නැකැත් වල සංස්කෘත නම් වලට සමානය. එසේ නැත්නම් එම නම් වලින් බිඳී ගොස් තිබේ.
1. අශ්විනී - අස්විද
2. භරණී - බෙරණ
3. කෘතිකා - කැති
4. රෝහිණී - රෙහෙණ
5. මෘග ශීර්ෂ - මුවසිරස
6. ආර්ද්‍ර - අද
7. පුනර්වසු - පුනාවස
8. පුෂ්‍ය - පුස
9. ආශ්ලේෂ - අස්ලිස
10. මාඝ - මා
11. පූර්ව ඵාල්ගුණී - පුවපල්
12. උත්තර ඵාල්ගුණී - උතුරුපල්
13. හස්ත - හත
14. චිත්‍ර - සිත
15. ස්වාති -සා
16. විශාඛ - විසා
17. අනුරාධ - අනුර
18. ජ්‍යෙෂ්ඨ -දෙට
19. මූල - මුල
20. පූර්ව ආශාඪ- පුවසල
21. උත්තර ආශාඪ- උතුරුසල
22. ශ්‍රාවන - සුවන
23. ධනිෂ්ඨ - දෙනට
24. ශතාභිෂ - සියාවස
25. පූර්ව භද්‍රපාද - පුවපුටුප
26. උත්තර භද්‍රපාද - උත්‍රපුටුප
27. රේවතී - රේවතී
සංස්කෘත චන්ද්‍රමාස වලට අදාළ සිංහල චන්ද්‍රමාස මෙසේය.
1. අශ්වින/ අශ්විනී - වප්
2. කෘතිකා - ඉල්
3. මෘග ශීර්ෂ / අග්‍රහායන - උඳුවප්
4. පුෂ්‍ය/ පෞෂ්‍ය - දුරුතු
5. මාඝ - නවම්
6. ඵාල්ගුණ/ ඵාල්ගුණී - මැදින්
7. චිත්‍ර / චෛත්‍ර - බක්
8. විශාඛ / වෛශාඛ - වෙසක්
9. ජ්‍යෙෂ්ඨ - පොසොන්
10. ආශාඪ- ඇසළ
11. ශ්‍රාවන - නිකිණි
12. භද්‍ර - බිනර
වෙසක් හා ඇසළ යන මාස වල නම් අදාළ නැකැත් වල නම් අනුව හැදී ඇතත්, ලංකාවේ භාවිතා වන අනෙකුත් චන්ද්‍ර මාස වල නම් වල එවැනි සම්බන්ධතාවයක් පෙනෙන්නට නොතිබීම විශේෂත්වයකි. එහෙත්, ඉන්දියාවේ, නේපාලයේ, බංග්ලා දේශයේ හා තායිලන්තයේ භාවිතා වන සියලුම චන්ද්‍ර මාස වල නම් අදාළ නැකැත් වල නම් වලට සම්බන්ධය.
මාස වල නම් ලෙස යොදාගන්නා නැකැත් වල නම් නැකැත් විසිහතෙහි යෙදී ඇති අනුපිළිවෙල පරීක්ෂා කළ විට අපට නැකැත් වල විකාශනය ගැන යම් ඉඟියක් ලබා ගත හැකිය. මේ නම් යෙදී ඇත්තේ නැකැත් 27 තුළ ආසන්න වශයෙන් සම දුරිනි. මාස වල නම් ලෙස යොදා ගන්නා නැකැත් තුනක්ම උත්තර හා පූර්ව වශයෙන් පසුව කොටස් දෙකකට බෙදී ඇත. මේ කරුණු අනුව, මුලින්ම නැකැත් 12ක් හඳුනාගනු ලැබ පසුව එය නැකැත් 27ක් දක්වා විකාශනය වූ බව සිතීම නරක උපකල්පනයක් නොවේ.
ඉහත ඉදිරිපත් කළ නැකැත් 27ට අමතරව අභිජිත් නමින් හැඳින්වෙන 28වන නැකතක්ද ජ්‍යෝතිෂ්‍යයේදී ඇතැම් විට භාවිතා වේ. මේ අභිජිත් නැකත ලෙස සැලකෙන්නේ උත්තර ආශාඪ නැකතේ අවසන් 1/4 හා ශ්‍රාවන නැකතේ මුල් 1/15 කොටසයි. මේ අනුව සාමාන්‍ය නැකතකට අංශක 13 1/3ක් අයත් වන නමුත් අභිජිත් නැකතට අයත් වන්නේ අංශක 4 2/9ක් පමණි. මෙයට හේතුවද අපි පසුව විමසා බලමු.
අභිජිත් නැකතද ඇතුළුව අනෙකුත් සියලුම නැකැත් වල පිහිටීම් සූර්ය සිද්ධාන්තයේ ඛණ්ඩාංක යොදා ගනිමින් විස්තර කර තිබේ. ඒ නිසා මේ සියලුම නැකැත් වලට අයත් තාරකා හෝ තාරකා රාශි අහසේ හඳුනාගත හැකිය. එසේනම් අප විමසා බැලිය යුත්තේ මේ නැකැත් තාරකා හා එනමින් හඳුන්වන මාස අතර ඇති සම්බන්ධතාවයයි.
නැකතක නමින් හඳුන්වන කිසියම් මාසයක පුර පසළොස්වක පෝය දවසේ අදාළ නැකතට අයත් තාරකාව හෝ තාරකා පංතිය තිබෙන්නේ අහසේ හඳ තිබෙන තැනට ආසන්නව හා ඉර ඇති තැනට ප්රතිවිරුද්ධවය. අනෙක් අතට අමාවක දිනවල මේ තරු තිබෙන්නේ ඉර මෙන්ම හඳද ඇති පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේය.
මේ අනුව පෙනෙන්නේ මාස නම් කර ඇත්තේ පුර පසළොස්වක පෝය දිනයේ හඳ ආසන්නව ඇති නැකත අනුව බවයි. මේ ආකාරයෙන් නම් කළ විට කිසියම් මාසයක ඉර තිබෙන්නේ අදාළ මාසයේ නමින් හැඳින්වෙන නැකතට ප්‍රතිවිරුද්ධ පැත්තේය.
පුර පසළොස්වක පෝයට වැඩි බරක් දී ඇති නිසා මේ ක්‍රමය ආරම්භ වුනේ පූර්ණාන්ත මාස භාවිතා කළ වෛදික සංස්කෘතියේ වන්නට වැඩි ඉඩක් තිබේ. ඉන්දියාවේ නාගයින් හෙවත් නාවිකයින් ජීවත් වූ මුහුද ආසන්න ප්‍රාන්ත වල මෙන්ම ලංකාවේද ප්‍රචලිතව ඇත්තේ අමාන්ත මාස ක්‍රමයයි. නැකැත් විසි හතේම (විසි අටේම) නම් ක්‍රිස්තු පූර්ව 1500දී පමණ ලියැවුණු සේ සැලකෙන සෘග් වේදයේ සඳහන්ව ඇති බැවින් මාස හඳුන්වන මූලික නැකැත් ඊට පෙර හඳුනාගෙන තිබුණේයැයි සිතන්නට පුළුවන.
ඉහත පරිදි මාසයෙන් මාසයට හඳ හා ආසන්නව ඇති නැකැත වෙනස් වන්නේ හඳ දිනපතා යම් තරමකින් නක්ෂත්ර ගෝලය හරහා චලනය වීම නිසා බව සෘග් වේදය ප්‍රබන්ධ වල කාලය වන විට වෛදිකයෝ දැන සිටියහ. මුලින්ම ඔවුන් තේරුම් ගන්නට ඇත්තේ දින 2-3කට පමණ වරක් හඳ එක් මූලික නැකතක සිට තවත් මූලික නැකතකට ගමන් කරන බවයි. පසුව මේ මූලික නැකැත් අතර ඇති තරු තවත් නැකැත් ලෙස හඳුනා ගැනීමෙන් හා ඇතැම් මූලික නැකැත් වලට අයත් තරු රාශි උත්තර හා පූර්ව ලෙස කොටස් දෙකකට බෙදීමෙන් දිනකට හඳ ගමන් කරන දුර ආකෘතිගත කළ හැකි පරිදි නැකැත් 27ක් හඳුනාගෙන තිබේ.
පෑලවිය, දියවක ආදී තිථි මෙන්ම නැකැත්ද මුල් කාලයේදී යොදාගෙන තිබෙන්නේ දවසක් හඳුනා ගැනීමටය. එහෙත්, හඳට පොළොව වටා යාමට දින 27කුත් පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න කාලයක් යන නිසා තෙමසකට පමණ වරක් එක් දිනයක වෙනසක් ඇති වේ. මේ වෙනස ආකෘතිගත කිරීම සඳහා අධික නැකතක් ලෙස අභිජිත් නැකත වරින් වර යොදාගෙන තිබේ. ඒ නැකත සෑම මාසයකම උදාවී නැත.
පසුකාලීනව හඳට නක්ෂත්ර තාරකා හරහා වටයක් යාමට ගත වන කාලය (හෙවත් හඳට පොළොව වටා යාමට ගතවන කාලය) හරියටම දැන ගැනීමෙන් පසුව සාමාන්‍ය නැකතක කාලය ඉර උදාවේ සිට ඊළඟ ඉර උදාව දක්වා ගෙවෙන දවසක් ලෙස සලකනු වෙනුවට, දවසේ කිසියම් වෙලාවක සිට ඊළඟ දවසේ එම කාලය දක්වා ගතවන පැය 24ක පමණ කාලයක් ලෙසත්, අභිජිත් නැකතේ කාලය පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න ඊට වඩා අඩු කාලයක් ලෙසත් සලකා තිබේ.
එහෙත්, ඒ අයුරින් නැකැත් වල කාලය බෙදා වැඩි කල් යන්නට පෙරම අභිජිත් නැකත අතහරිමින් හඳට පොළොව වටා යාමට ගතවන කාලය ඉතිරි නැකැත් 27 අතර සම-අංශක ලෙස බෙදා තිබේ. මෙසේ කිරීමෙන් රාශි චක්‍රය හා නැකැත් චක්‍රය සමපාත කිරීමටද හැකි වී තිබේ. දැනටත් අභිජිත් නැකතේ කාලය වන හඳට අංශක 4 2/9ක් යාමට ගතවන කාලය හඳට පොළොව වටා යාමට ගතවන කාලයේ දින 27ට අමතර අතිරික්තය වන පැය 7කුත් මිනිත්තු 43කට පමණ කාලයට ආසන්න ලෙස සමානය.
මුල් කාලයේදී නැකැත් චක්‍රයේ ආරම්භය ලෙස සලකා ඇත්තේ අස්විද නැකත නොව කැති නැකතයි. දැන් දෙවන නැකත ලෙස සැලකෙන බෙරණ නැකත ඒ කාලයේ අවසන් නැකත ලෙස සලකා ඇති අතර අවුරුද්දේ ආරම්භය සමපාත වී ඇත්තේ ඉර බෙරණ නැකතේ සිට කැති නැකතට යාමටයි. මෙය සිදුවන්නේ මේෂ සංක්‍රාන්තිය සිදුවී දින 27කට පමණ පසුවය. එය එසේ තිබී අද පවතින ආකාරයට වෙනස් වීමට හේතුව ඉදිරි ලිපියකින් කතා කරමු.
(Image: ajitvadakayil.blogspot.com)
Thursday, June 1, 2017
Tuesday, May 30, 2017
වහාම ඉවත්වන්නේ කොහාටද?
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (මැයි 28 දින) අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ක හා අවට ප්‍රදේශ වල ජීවත් වන්නන්ට වැසි ඇති වූ වහාම සිය නිවෙස් වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් ඉල්ලා තිබුණේය. ඉහත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට අයත් ප්රදේශයි. කහ පැහැයෙන් ලකුණු කර ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට මායිම් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයි.
රජය විසින් මේ නිවේදනය නිකුත් කර ඇති ආකාරය අනුව අදාළ අවවාදයේ වැදගත්කම ඉතාම සීමිත බව කිවයුතු නැත. රතු පාටින් ලකුණු කර ඇති අවදානම් කලාපයේ හා යාබද ප්‍රදේශ වල ජීවත් වන පිරිස අඩු වශයෙන් මිලියන තුනක්වත් වෙතැයි උපකල්පනය කළ හැකිය. දැන් මේ අවවාදය ලැබුණු පසුව වැසි වැටුණහොත් මේ මිලියන තුනක් ඉක්මවන පිරිස වහාම අවදානම් කලාපයෙන් ඉවත් විය යුතුය. එහෙත්, ඒ සඳහා ඔවුන් බොහෝ දෙනෙකුට සිය නිවෙස් වලින් සැතපුම් පණහක් හැටක්වත් ඈතට යන්නට සිදුවේ. මෙය ප්‍රායෝගිකව සිදුවන්නක් හෝ කළ හැක්කක් නොවේ. අදාළ නිවේදනයෙන් සිදුවන එකම කාර්ය භාරය කිසියම් විපතක් සිදුවීමෙන් පසුව "අපි කලින් දැනුම් දුන්නා" කියා අදාළ නිලධාරීන්ට වගකීමෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් ඉතිරිවීම පමණි.
ගංවතුරක් ළඟ එන විට හෝ නායයෑමේ අවදානමක් ඇති විට ළඟපාතක තිබෙන අවදානම අඩු තැනකට යන්නට මිස සැතපුම් පණහක් හැටක් ඈතින් ඇති ප්‍රදේශයකට යන්නට කාලයක් නැත. එමෙන්ම ගංවතුර හෝ නායයෑමේ අවදානම් කෙතරම් වැඩි ප්‍රදේශයක වුවත් සෑම බිම් අඟලකම ඒ අවදානම එකසේ නැත. ඒ නිසා, මෙවැනි අවදානම් සහගත තත්ත්වයකදී ජනතාව යොමු කළ යුත්තේ සිය නිවසට ආසන්නයේම තිබෙන අවදානම අඩු ස්ථාන වෙතය. ඒ සඳහා අවදානම් කලාප මීට වඩා විස්තරාත්මක මට්ටමකට සිතියම්ගත කළ යුතුය.
බොහෝ ගම් වල ගංවතුර හෝ නායයෑමේ අවදානම ඉතා වැඩි නිවාස මෙන්ම එසේ නොවන නිවාසද නැති විය නොහැක. අවදානම අධික තැන් නිසි ලෙස හඳුනාගෙන අදාළ නිවැසියන් දැනුවත් කළ විට ඔවුන්ට හදිසි තත්ත්වයකදී වහාම යායුත්තේ කොතැනකටදැයි කලින් සැලසුම් කරගත හැකි නිසා කලබල වී හිස් හැරුණු අත දුවන්නට හෝ හිත හිතා ඉන්නට අවශ්‍ය වන්නේ නැත. මේ ආකාරයේ නිසි සැලසුමක් (contingency plan) නොතිබීම ස්වභාවික ආපදා වලදී නැවත නැවතත් සිදුවන විශාල ජීවිත හානි වලට හේතුවකි. පරම්පරා ගණනක් ගංවතුර අවදානම වැඩි ගම් වල ජීවත් වූ මිනිසුන්ට එවැනි නිශ්චිත සැලසුමක් තිබුණේය.
මේ කාර්යය දැන් හෝ ආරම්භ කරන්නේනම් ඉදිරි වසර වලදීද අනිවාර්යයෙන්ම සිදුවන්නට ඉඩ ඇති ගංවතුර හා නායයෑම් හමුවේ ජීවිත හානි අවම කරගන්නට ඉඩ සැලසෙනු ඇත. එමෙන්ම දිගුකාලීනව එවැනි ප්‍රදේශ වලින් ජනතාව ක්‍රමයෙන් ඉවත්වීමට හා එවැනි ප්‍රදේශ වලට අලුතින් පදිංචිය පිණිස පැමිණීම අධෛර්යමත් වීමටද එය හේතු වනු ඇත. සුරක්ෂිත විකල්ප ස්ථාන ඉදිරිපත් නොකර, එක ළඟ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් එකම අවදානම් කලාපයක් ලෙස නම් කර ජනතාවට වහාම ඉවත්වන්නට කීමනම් තනිකරම ගොංපාර්ට් එකකි.
Monday, May 29, 2017
පංතියෙන් දොට්ට දැම්ම මොට්ටපාලලා...
පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) හාර්වඩ් සරසවියේ 366 වන උපාධි ප්රදානෝත්සවය පැවැත්වුනේය. මේ උපාධි ප්‍රදානෝත්සව උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මීට වසර පහළොවකට පෙර සිසුවෙකු ලෙස හාර්වඩ් සරසවියට ඇතුළු වුවද සිය උපාධිය සම්පූර්ණ නොකර දෙවසරකට පසුව හාර්වඩ් සරසවියෙන් පිටවූ අයෙකි. මේ පුද්ගලයා වෙනකකු නොව පසුගිය මාර්තු මාසය අවසන් වන විට වත්කම් හිමිකම් අනුව ලෝකයේ පස්වැනියා වූ මාර්ක් සකර්බර්ග්ය. මේ උපාධි ප්රදානෝත්සවයේදී මාර්ක් සකර්බර්ග් නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.
මෙය මේ ආකාරයේ දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවේ. මෙයට දශකයකට පෙර, 2007 වසරේදී, හාර්වඩ් සරසවියේ 356 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේද හාර්වඩ් සරසවියට ඇතුළු වී සිය උපාධිය සම්පූර්ණ නොකර පිටවූ අයෙකි. ඔහු දැන් වසර ගණනක සිට වත්කම් හිමිකම් අනුව ලෝකයේ ඉහළින්ම සිටින බිල් ගේට්ස්ය. බිල් ගේට්ස්ද එම වසරේදී නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.
බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය සිය ප්‍රථම උපාධි සම්පූර්ණ නොකර සරසවියෙන් පිටවීම ඇතැම් අය දකින්නේ වැඩිදුර අධ්‍යාපනයේ හෝ උපාධි වල එතරම් වැදගත්කමක් නැතැයි යන අරුතිනි. එහෙත්, එය නිවැරදි නොවේ. මේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් තමන්ගේ සරසවි විභාග සමත්වීමේ නොහැකියාව නිසා හාර්වර්ඩ් සරසවියෙන් විසිවුණු "පංතියෙන් දොට්ට දමනු ලැබූ මොට්ටපාලලා" නොවේ.
බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් විසින් ඔවුන්ගේ ප්‍රථම උපාධි සම්පූර්ණ නොකිරීම දෙස බැලිය යුත්තේ අධ්‍යපනයේ අරමුණ කුමක්ද යන්න විමසමිනි. එක් එක් පුද්ගලයා අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන විවිධ විශේෂ අරමුණු තිබුණත් පොදුවේ අධ්‍යාපනය විසින් කරන කාර්ය භාරය වනුයේ කිසියම් පුද්ගලයෙකුට සිය අනාගත ජීවිතය වඩා සාර්ථක කරගැනීමට තල්ලුවක් දීමයි.
සාර්ථකත්වය යනු කුමක්ද යන්නද විවාදිත කරුණක් වුවත් බොහෝ දෙනෙකු පිළිගන්නා අයුරින් බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් යනු සාර්ථක පුද්ගලයින්ය. මේ අර්ථයෙන් මොරටු සරසවියේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට තේරී එය සම්පූර්ණ නොකළ ධම්මික පෙරේරාද ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයෙකි.
අධ්‍යාපනයේ පළමු කාර්යභාරය ලෙස සැලකිය හැක්කේ පුද්ගලයෙකුගේ කුසලතා ඔප්නැංවීමයි. මෙය විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය හරහාද සිදුවේ. දෙවනුව, අධ්‍යපනය තුළින් යමෙකුට තමන්ගේ දැනුම, කුසලතා හා හැකියාවන් පිළිබඳව වෙනත් අයට සංඥා කළ හැකිය. මේ සඳහා විධිමත් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ.
ව්‍යවසායකයෙකු යනු තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසය තබන පුද්ගලයෙකි. එවැන්නෙකුට මේ හැකියාවන් වෙනත් අයට ප්‍රදර්ශනය කිරීම එතරම්ම වැදගත් දෙයක් නොවේ. එහෙත්, තමන්ගේ කුසලතාවන් වෙනත් අයෙකුගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් අලෙවිකරන අයෙකුට සිය ශ්‍රමය වෙනුවෙන් නිසි ප්රතිලාභ ලබාගැනීමටනම් ඒ කුසලතා පිළිබඳව ප්‍රමාණවත් අයුරින් සංඥා කරන්නට සිදුවේ. විධිමත් අධ්‍යාපන සුදුසුකම් තිබීම මේ කටයුත්තට පිටිවහලකි.
සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කරන්නට පෙරම සාර්ථකත්වය කරා පියවර තැබූ බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග්ට එය කරන්නට තමන්ගේ කුසලතා වෙනත් අයට සංඥා කිරීමට උදවු වන ප්‍රථම උපාධි සහතිකය අතට ලැබෙන තුරු කල් මරන්නට අවශ්‍ය නොවීය. සාර්ථක ව්‍යවසායකයින් වන්නට ඉඩ සලසන මූලික ගුණාංග ලෙස සැලකිය හැකි සහජ කුසලතාවන් මෙන්ම අධිෂ්ඨානය හා කැපවීමද ඔවුන් සතුව මුල සිටම පැවතුණේය.
සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම තිබුණු පමණින්ම බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් දැන් සිටින තැනට පැමිණෙන්නට සියල්ලන්ට නුපුළුවන. ඒ සඳහා, යම් තරමකින් වාසනා ගුණයක්ද අවශ්‍ය වේ. මේ දෙදෙනාටම ඒ වාසනා ගුණයද නොඅඩුව තිබුණේය. දෙදෙනා අතරින්, වාසනාව අතින් මාක් සකර්බර්ග් වඩාත් ඉදිරියෙන් සිටී.
ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. එහෙත්, එයට හේතුව බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය ධනවතුන් වී සිටීම නොවේ. ඔවුන් ධනය උපයාගෙන ඇත්තේ වෙනත් අය සතු දේ සූරාකෑමෙන්ද නොවේ. මුල සිටම මහන්සියෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තමන් විශ්වාස කරන අරමුණක් වෙනුවෙන් කැපවීමෙනි.
සැබෑ ප්රශ්නය වන්නේ සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම ඇති තවත් බොහෝ දෙනෙකුට බිල් ගේට්ස්ලා හෝ මාර්ක් සකර්බර්ග්ලා වන්නට නොහැකි වීමයි. මේ දෙදෙනා උපතින් ප්රකෝටිපතියන් නොවූවත් ආහාර, නිවාස වැනි මූලික පහසුකම් පවා නොතිබුණු දුප්පතුන්ගේ දරුවෝද නොවූහ. ඔවුන්ගේ දෙමවුපියෝ වෘත්තිකයෝ වූහ. මාර්ක් සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙකු වූ අතර මව මනෝවෛද්‍යවරියකි. බිල් ගේට්ස්ගේ පියා නීතිඥවරයෙකි. මව ව්‍යාපාර කටයුතුවලද යෙදුනු සමාජ ක්‍රියාකාරිනියකි.
බිල් ගේට්ස්ට හා මාර්ක් සකර්බර්ග්ට ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණේ වඩා හොඳ ජාන, ගෘහස්ථ වාතාවරණයක් හා මාර්ගෝපදේශනයක් පමණක් නොවේ. ඔවුන්ගේ දෙමවුපියන් සතුව සිය දරුවන් වැඩිහිටියන් වන තුරු "අඩුපාඩුවක් නොදැනෙන්නට" හදන්නට තරම් ප්‍රමාණවත් වත්කම්ද තිබුණේය. ඔවුන් ව්‍යවසායකයින් ලෙස අවදානම් ගෙන අසාර්ථක වූවානම් "කන්න බොන්න නැතුව මැරෙන්නේ" නැත. එහෙත්, ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල ජීවත්වන තවත් බොහෝ දෙනෙක් සම්බන්ධව තත්ත්වය මෙසේම නොවේ. ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් වන්නේ එතැනදීය.
(Image: http://www.moweble.com/bill-gates-vs-mark-zuckerberg-where-do-they-differ.html)

Labels:
ආදායම් විෂමතාවය,
ඇමරිකාව,
ධනවාදය,
ව්‍යවසායකත්වය
Sunday, May 28, 2017
හතළිස්පන් දොහේ වතුර
මගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ගංවතුර තර්ජන පවතින තැන් ලකුණු කර ඇති සිතියම් (floodplain maps) ඉතාම විස්තරාත්මකය. පර්චස් කිහිපයක කුඩා ඉඩමක් ඇතුළත ගංවතුරෙන් යටවෙන්නට ඉඩ ඇති තැන් පවා මේ සිතියම් වලින් බලාගන්නට පුළුවන. මා දන්නා තරමින් මේ සිතියම් සකස් කර ඇත්තේ ආකෘති අනුසාරයෙන් නොව නිරීක්ෂණ අනුසාරයෙනි. අලුත් නිරීක්ෂණ පදනම් කර ගනිමින් මේ සිතියම් නිරන්තරව යාවත්කාලීන කෙරේ.
කාලගුණ අනාවැකි කීම සඳහා උපයෝගී කරගන්නා ආකෘතිද බොහෝ දුරට පදනම් වී ඇත්තේ අතීත නිරීක්ෂණ මතය. මෙහිදී, අනාවැකි කීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය වන්නේ පැරණි දත්ත මත කාලගුණ රටාවන් හඳුනාගැනීම හා ඒ රටාවන් ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කිරීමයි. එහෙත්, චන්ද්‍රිකා ඡායාරූප වැනි වෙනත් ආසන්න නිරීක්ෂණ මත මේ අනාවැකි සීරුමාරු කෙරේ.
සිතියම්ගත කර නොතිබුණත් මේ ෆ්ලඩ්ප්ලේන්ස් වල මායිම් අඩුම වශයෙන් අප කුඩා දරුවන්ව සිටි කාලය වන තුරුම ගංවතුර තර්ජන ඇති ප්‍රදේශ වල ජීවත් වූ අය දැන සිටියෝය. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ගමක ජීවත් වූ මගේ පියාගේ දෙමවුපියන්ට හා ඔවුන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට ඒ ගමේ ඕනෑම තැනක හතළිස් හතේ මහ ගංවතුරට යටවුනු සීමාවන් වගේම ඊටත් පෙර නවසිය තිස් හයේ ගංවතුරට යටවුනු සීමාවන්ද පෙන්වන්නට පුළුවන්කම තිබුණේය.
මගේ පියාගේ දෙමවුපියන් සතු වූ ඉඩම් වලින් ගංවතුර තර්ජනයට වැඩියෙන්ම ලක් වූ ඉඩම තෝරාගෙන තිබුණේ පවුලේ සුසානභූමිය වශයෙනි. මේ ගැන දැන් හිතද්දී මතුවන ප්‍රශ්නයනම් අවුරුද්දේ මාසයක පමණ කාලයක් තුළම වතුරෙන් යටව තිබූ හෝ ගඟේ ජල මට්ටම වැඩි නිසා වලක් කපන්නට උදැල්ලක් ගහන පරක්කුවෙන් වතුර ඉනූ මේ ඉඩම ගංවතුර කාලයේදී සිදුවන මරණයකදී කෙසේ ප්‍රයෝජනයට ගත්තේද යන්නයි. ගෙදර වටේටම වතුරින් යටව තියෙද්දී කුඩා දරුවෙකු වූ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සිදුවූ එක් අවස්ථාවක් ගැන පමණක් මගේ මතකයේ තිබීමෙන් පෙනෙන්නේ ගංවතුර හේතුවෙන් අමුතුවෙන් මරණ සිදු වීම එතරම් සුලභ නොවූ බවයි.
මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉඩම් යනු අද තරම්ම හිඟ සම්පතක් නොවූවත්, මරණ අනුපාතිකය අඩුවීම නිසා රටේ ජනගහණය විශාල ලෙස වර්ධනය කළ ඊළඟ පරම්පරාවේ බොහෝ දෙනෙකු අතර මේ ඉඩම් බෙදී යද්දී මේ තත්ත්වය වෙනස් විය. ඒ නිසා, පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට පෙර පරම්පරාවේ අය මෙන් තමන්ගේ වාසය සඳහා 'ෆ්ලඩ්ප්ලේන්' එකක නොපිහිටි තැනක් තෝරා ගන්නට තරම් හැකියාවක් නොතිබුණේය.
ඇමරිකාවේ ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට ඇති ඉල්ලුම අඩු පරිද්දෙන්ම මගේ පියාගේ දෙමවුපියන්ගේ ඉඩම් දරුවන් අතර බෙදී යද්දීද ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට තිබුණේ අඩු ඉල්ලුමකි. ඒ කාලයේ වෙනත් පවුල් මෙන්ම සාමාජිකයින් ගණනින් ලොකු පවුලක් වූ මේ පවුලේ බාල සාමාජිකයින් ඇටෙන් පොත්තෙන් එළියට එන විට වැඩිහිටි සාමාජිකයින් පවුල් පන්සල් වී ගෙවල් දොරවල් හදාගෙන අවසන්ය. ඒ නිසා, බාල සාමාජිකයින් ගෙවල් හදන්නට හිතන විට ෆ්ලඩ්ප්ලේන්ස් වල නොපිහිටි ඉඩම් පියාගේ දෙමවුපියන් සතුව ඉතිරිව නොතිබුණේය.
රත්නපුර පැත්තේ වැඩිහිටි පරම්පරාවේ ඕනෑම කෙනෙක් වාගේ සමඟ කතා කළොත් හතළිස් දොහේ වතුර ගැන අහගන්නට පුළුවන. මේ ප්‍රවාදය අනුව සිංහල අවුරුද්ද පහුවී දවස් හතලිස් පහකින් කළු ගඟ පිටාර දමයි. මගේ පියාගේ මහගෙදර පිහිටි ප්‍රදේශය වැනි ප්‍රදේශ සැලකූ විට මේ සිදුවීම හැම අවුරුද්දකම වාගේ නොවැරදීම සිදුවිය. ආසන්න වශයෙන් ගංවතුර ඇති විය හැකි කාලය දැනගෙන සිටි නිසා ඒ කාලය තුළ වඩා විමසිල්ලෙන් කාලගුණයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් ගඟ පිටාර දමන්නට ඉඩ ඇති මොහොත හරියටම හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකිවිය.
මෙවර ගංවතුර පැමිණ ඇත්තේද සිංහල අවුරුද්ද පසුවී ආසන්න වශයෙන් දින 42-43කට පමණ පසුවය. පසුගිය සියවසක පමණ කාලය තුළ නිවර්තන අවුරුද්ද මත පදනම් වූ කාලගුණ චක්‍රයට සාපේක්ෂව සිංහල අවුරුදු දිනය දිනකින් හෝ දෙකකින් පස්සට තල්ලු වී ඇති බැවින් දැන් ඒ ගංවතුර සිංහල අවුරුද්ද පසුවී දින 43කින් පමණ පැමිණෙනවා වන්නට පුළුවන.
මේ ගංවතුර බොහෝ අවුරුදු වල දින කිහිපයකින් පසුව බැස ගියත් සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා සිටියේය. ගංවතුර නිසා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා විශාල ලෙස සීමා වුනු මෙවැනි ගම්මාන වලට වසර හතළිහකට පණහකට පෙර අද මෙන් සහන සේවා වල උපකාර ලොකුවට ලැබුණේද නැත. එහෙත්, ගංවතුර මැදින් එවැනි ගම් වල ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය.
ගංවතුර එන කාලය ගැන අදහසක් තිබුණු නිසා වී වැපිරීම වැනි කටයුතු ගංවතුර අවසන් වන තුරු කල් දැමුණේය. විවාහ උත්සව ආදිය සඳහා දින නියම කරගැනීමේදී ඇතැම් විට මේ ගංවතුර කාලය මඟ හැරියත්, එවැනි කටයුතු සඳහා වෙනත් ඵලදායී වැඩක් සඳහා යොදාගත නොහැකි ගංවතුර කාලයම යොදා ගත් අවස්ථාද තිබුණේය. මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ ඇතැම් වැඩිහිටියන් සිය මනාලියන් කැන්දාගෙන පැමිණ ඇත්තේ ඔරු පෙරහැරකින් බව මා අසා තිබේ. ගොවිතැන් කටයුතු කළ නොහැකි වූ ගංවතුර කාලය වට්ටි, පැදුරු විවීම් වැනි ගෙවල් වල සිට කළ හැකි දේ කරන්නට හොඳ කාලයක් විය.
අඩ සියවසකට පමණ පෙර කාලය දක්වාත් ලංකාවේ බොහෝ පෙදෙස් වල පැවති ජීවන රටාව අනුව ගංවතුර සමඟ 'සහයෝගයෙන්' අනෙක් කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණත් දැන් ගම් ඒකක වලට පෙර මෙන් ස්වාධීනව ජීවිතය පවත්වා ගත නොහැකි නිසා ගංවතුර සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීමද අසීරුය. ඒ අතින් බැලූ විට ගංවතුර වැනි ස්වභාවික ආපදා බටහිර සංවර්ධනයේ ප්‍රශ්නයක්යැයි කියන කතාවට පදනමක් තිබේ.
එහෙත් වඩා විමසිල්ලෙන් බැලුවොත් ප්රශ්නය තිබෙන්නේ බටහිර සංවර්ධනයේ නොව ලංකාව වැනි රටවල බටහිර සංවර්ධන ආකෘතීන් යොදාගෙන ඇති ආකාරයේය. තමන් අලුතින් ජනාවාස පිහිටුවා ගෙන පදිංචි වන ප්‍රදේශ වල කාලගුණ රටාවන් හඳුනා ගනිමින්, ෆ්ලඩ්ප්ලේන් සිතියම් අඳිමින් ස්වභාව ධර්මයට යටත් විය යුතු තැන් වල යටත් වෙමින් ඇමරිකාව වැනි රටවල් ඉදිරියට පැමිණි තුලිත සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් වැදගත් පියවර ලංකාව වැනි රටවලට මඟ හැරේ. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.
ලෝකයේ ප්‍රධාන ශිෂ්ඨාචාර ගණනාවක් ගංගා නිම්න ආශ්‍රිතව බිහි වූයේ ගංවතුර තර්ජන හමුවේ වුවද ගංගා නිම්න වල ජීවත් වීම වඩා වාසිදායක වූ බැවිනි. මේ වාසි අතරින් එක් ප්‍රධාන වාසියක් වූයේ ප්‍රවාහන පහසුවයි. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පසුගිය සියවස ඇරඹෙන තුරුත් ජල ප්‍රවාහනය කාර්යක්ෂම ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ අවශ්‍යතාවයන් වෙනස් වී තිබේ.
මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාවික ආපදා එන්න එන්නම වැඩිවන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මය මත විශාල බලපෑමක් සිදු වී ඇති බව ඇත්තක් වුවත් මිනිසාගේ පාලනයෙන් තොර හේතු මත ස්වභාව ධර්මයේ සිදුවන ඇතැම් වෙනස්කම් සැලකූ විට ස්වභාව ධර්මය කෙරෙහි මිනිසුන් විසින් කර ඇති බලපෑම එතරම්ම විශාල නැත. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුරා කුහුඹුවෙකි.
ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේදී තවමත් හොඳම උපාය මාර්ගය වන්නේ ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගැනීම හා ස්වභාව ධර්මයට යටත් වීමයි. ඉතිහාසය පිරික්සා බලන විට පෙනෙන්නේ පසුගිය සියවසක පමණ කාලය තුළ ස්වභාවික ආපදා වැඩි වීමට වඩා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි වැඩිවී ඇති බවයි. එය ස්වභාව ධර්මයේ රිද්මය නොතකා හැරීමේ හා ස්වභාව ධර්මයට අවශ්‍ය මට්ටමින් යටත් නොවීමේ ප්රතිඵලයකි.
Labels:
අතීත මතක,
අනාවැකි,
සංවර්ධනය,
ස්වභාවික ව්‍යසන
Saturday, May 27, 2017
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...
දෙසතියකට පෙර අපේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරින් යට වුණේය. ගංවතුර කියා කිවුවත් පිටාර දමා තිබුණේ "ක්‍රීක්" එකක් ලෙස හැඳින්වෙන කුඩා දොළපාරකි. ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ ගංවතුර යනු එතරම්ම දුලබ සිදුවීමක් නොවේ. එහෙත්, මෙසේ ඇති වුනු ගංවතුරක් හේතුවෙන් මා දන්නා තරමින් මේ ප්‍රදේශයේ විශාල ජීවිත හෝ දේපොළ හානියක් සිදු වී නැත.
කෙසේවුවත්, විශාල රටක් වන ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් මුහුණ දෙන ස්වභාවික ව්‍යසන අතරින් වැඩිම ජීවිත හානි සිදු කරන ස්වභාවික ව්‍යසනය ලෙස ගංවතුර හැඳින්විය හැකිය. 2015 වසරේදී ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ ජීවිත හානි 176ක් සිදුව තිබුණු අතර සිදුවූ දේපොළ හානිය ඩොලර් බිලියන 2.2 ඉක්මවීය. එම වසරේ සියලුම ස්වභාවික ව්‍යසන වලින් සිදු වුනු ජීවිත හානි ගණන 522ක්ද, දේපොළ විනාශය ඩොලර් බිලියන 4.2ක් ද විය.
ගංවතුර නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අඩුම වශයෙන් වසර 100කට වරක් ගංවතුරෙන් යටවීමට ඉඩ ඇති, එනම් වසරක් තුළ ගංවතුරෙන් යටවීමට 1%ක සම්භාවිතාවක් ඇති ප්‍රදේශ සිතියම්ගත කර ඇති අතර මේ සිතියම් අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.
නිවසක් මිලදී ගැනීමට පෙර යමෙකු සොයා බලන එක් කරුණක් වන්නේ අදාළ ප්‍රදේශය ඉහත කී සිතියමක ගංවතුර කලාපයක් ලෙස සලකුණු වී ඇත්ද යන්නයි. එසේ ලකුණු වී ඇත්නම් ගංවතුර හානි වෙනුවෙන් රක්ෂණයක් මිල දී ගන්නට සිදුවන අතර මේ වෙනුවෙන් වාර්ෂිකව මුදල් වැය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට යටවීමේ සම්භාවිතාව 1% ඉක්මවන ප්‍රදේශ වල දේපොළ සඳහා ඉල්ලුම අඩු නිසා දේපොළ වටිනාකම වෙනත් ප්‍රදේශ වලට වඩා තරමක් අඩුය. මෙය වක්‍ර ලෙස පහත් බිම් වල ඉදිකිරීම් සීමා කරයි.
ගංවතුරෙන් සිදුවන හානි ගැන කතා කිරීමේදී මා ගංවතුර ලෙස සිංහලට පරිවර්තනය කළේ ෆ්ලඩ් (flood) යන ඉංග්‍රීසි වචනයයි. එහෙත්, මේ හානි වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ සැබෑවටම ගංවතුර ලෙස හැඳින්විය හැකි රිවර් ෆ්ලඩ් (river flood) හේතුවෙන් නොව ෆ්ලෑෂ් ෆ්ලඩ් (flash flood) හෙවත් "ක්ෂණික වතුර" හේතුවෙනි. ෆ්ලෑෂ් ෆ්ලඩ් වලට බොහෝ විට හේතු වන්නේ ශීත කාලයේදී උස් ප්‍රදේශ වල හිම එකතු වීමෙන් පසුව පරිසරයේ උෂ්ණත්වය හිම දියවන මට්ටමට පැමිණීම නිසා උස් ප්‍රදේශ වල එකතු වී ඇති හිම විශාල තොගයක් ඉතා කෙටි කාලයක් තුළ දියවී පහත් බිම් වෙත ගලා ඒමය.
ටොර්නේඩෝ, සුළිසුළං, ලැව්ගිනි ආදී වෙනත් ස්වභාවික ව්‍යසන මෙන්ම ගංවතුර හා ක්ෂණික වතුර ආපදා පිළිබඳවද කලින් නිවැරදිව පුරෝකථනය කර ජනතාව දැනුවත් කරන නිසා ඇමරිකාවේ ස්වභාවික ව්‍යසන වලින් ජීවිත හානි සිදුවන්නේ ඉතා අඩුවෙනි. මේ පුරෝකථන සෑහෙන දුරට නිවැරදි වීම වීම හා ජනතාව ඒ ගැන විශ්වාසය තබමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හානි අඩුවීමට හේතුවයි.
අපේ නිවස අසල පිට්ටනිය වතුරෙන් යට වී තිබෙනු විට මට නිතැතින්ම සිහිවන්නේ මගේ කුඩා කාලයයි. ගංවතුර කොයිතරම් හානිකර වුවත්, වැඩිහිටියන්ට මෙන් එහි බරක් පතලක් නොතේරෙන කුඩා දරුවන්ට එයින් ලැබුණේ විශාල ආශ්වාදයකි.
"ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා"
මගේ පියාගේ මහගෙදර පිහිටා තිබුණු ගම අප කුඩා කාලයේ සෑම වසරකම වාගේ ගංවතුරෙන් යටවූ අතර ගංවතුර කාලයට ගම වටකරගත් වතුර හේතුවෙන් ඒ ගම ඇතැම් විට සති ගණනක් බාහිර ලෝකයෙන් වෙන් කෙරුණේය. ගම මැද තරමක උස් ඉඩමක පිහිටා තිබුණු මගේ පියාගේ මහගෙදර ගංවතුරෙන් කිසිවිටෙකත් යට නොවුනත් ගමේ පහත් බිම් වල පිහිටි ගෙවල් බොහොමයක්ම ගංවතුරට යට වුණේය. මේ ඇතැම් ගෙවල් වල වැසියෝ ඒ කාලයට පවුල් පියාගේ මහගෙදර පිහිටි ඉඩමේ කඳවුරු බැඳගත් අතර ඒ නිවසේ ඒ කාලයට විශාල බත් හැලියක් ඉදුණේය.
මගේ පියාගේ ගමේ බොහෝ නිවෙස් වල ඒ දවස් වල දැකිය හැකිව තිබුණු දෙයක් වූයේ ඉස්තෝප්පුවේ හෝ පිටත පිටත මඩුවක මුනින් අතට තබා තිබුණු කොල්ලෑ ඔරුවයි. සැහැල්ලු ලීයක මැද හාරා හදා තිබුණු මේ ඔරු සාමාන්‍යයෙන් බංකුවක් මෙන් වාඩිවීම සඳහා පාවිච්චි කළ අතර ගංවතුර කාලයේදී ගමනාගමනය සඳහා නැතුවම බැරි දෙයක් විය.
කුඩා කාලයේ ගංවතුර දැකීමේ මිහිරක් තිබුණත් ගංවතුර යනු එඩ්වඩ් ජයකොඩිගේ උඩින් ඇති ගීතය ඇසෙන විට හිතට දැනෙන ආකාරයේ සුන්දර අත්දැකීමක් නොවන බව කිවයුතු නැත. ලංකාවේ ගංවතුර ආපදා බොහෝ විට අවසන් වන්නේ විශාල ජීවිත හා දේපොළ හානි සිදුකරමින්, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි. මෙවරද තත්ත්වයේ ලොකු වෙනසක් නැත.
මා පෙර කිවූ මගේ පියාගේ මහගෙදර පිහිටි ගම මෙවරද ගංවතුරෙන් වට වී ඇත. එවැනි ගම් වලට සාමාන්‍යයෙන් පහසුවෙන් ලඟා විය හැකි හා ප්‍රධාන මාර්ග වලට ආසන්නව පිහිටි ගම් වලට ලැබෙන තරම් හෝ ලැබෙන ඉක්මණින් බාහිර ආධාර ලැබෙන්නේද නැත.
විවිධ දේශපාලන කණ්ඩායම් තරඟයට මෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථ ඇතුව වන්නට පුළුවන. එහෙත්, මෙවැනි ව්‍යසන අවස්ථාවක වැදගත් වන්නේ එවැනි වෙනත් අභිමතාර්ථ තිබෙනවාද නැද්ද යන්න නොවේ. තමන්ට හැකි පමණින් මොනවා හෝ කිරීමයි.
Labels:
අතීත මතක,
ඇමරිකාව,
ජනහිතකාමය,
ස්වභාවික ව්‍යසන
Friday, May 26, 2017
ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ උරුමය කාටද?
දරිද්‍රතාවය හා ආදායම් විෂමතාවය සාර්ථක ලෙස අලෙවි කරමින් මුදල් එකතු කිරීම මඟින් හා එසේ එකතු කරගන්නා බදු මුදල් විශාල ප්‍රමාණයක්ද ඇතුළු අරමුදල් ආයෝජනය කිරීම මඟින් ආදායම් උපදවන, එසේ උපදවන ආදායම් වලින් අඩුම වශයෙන් 42%ක් තම සංවිධානයේ නඩත්තුව වෙනුවෙන් වැය කරන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කර ඇති ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ඉදිරි වසර 20 තුළ ලෝකයේ ධනවත් පුද්ගලයින් 500 දෙනෙකු විසින් ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉක්මවන ඩොලර් ට්‍රිලියන 2.1ක ධනයක් ඔවුන්ගේ උරුමක්කාරයින් වෙත ඉතිරි කරනු ඇති බවයි.
"Over the next 20 years, 500 people will hand over $2.1 trillion to their heirs – a sum larger than the GDP of India, a country of 1.3 billion people."
කවුරු හෝ පුද්ගලයෙකු තමන්ගේ දක්ෂතාවයෙන් උපයන ධනය තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමේ හෝ තමන් කැමති වෙනත් ඕනෑම අයෙකුට පැවරීමේ කිසිදු වැරැද්දක් නැත. එය ඒ අයගේ තීරණයකි. ඒ මුදල් පිනට දෙන්නට හෝ ලෝකයේ දරිද්‍රතාවය නැති කිරීම වෙනුවෙන් වැය කරන්නට අවශ්‍යම නැත. එහෙත්, ඔවුන් කැමතිනම් ඔවුන්ට තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් පිනට දෙන්නට වුවද අයිතියක් තිබේ. ඒ, ඒ ධනය ඔවුන්ගේ ධනයක් බැවින් ධනය වැය කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේද ඔවුන්ම බැවිනි.
ලෝකයේ දැනට සිටින ඉහළම වත්කම් හිමියන් වන බිල් ගේට්ස් හා වොරන් බුෆේ විසින් 2010දී නිවේදනය කළ "දාන ප්‍රතිඥාවට" මේ වන විට ඔක්ස්ෆෑම් ලැයිස්තුවේ සිටින ඇමරිකන් ප්රකෝටිපතියන් වන මාක් සකබර්ග්, ලැරී එලිසන් හා මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ධනපතියන් 139ක් එක්ව සිටින අතර විකිපීඩියා අනුව ඔවුන්ගේ ශුද්ධ වත්කම් වල එකතුව ඩොලර් බිලියන 731කි. විකිපීඩියා සටහන කාලයකින් යාවත්කාලීන කර නැති අතර මේ ශුද්ධ වත්කම් ප්‍රමාණය දැන් මීට වඩා බොහෝ වැඩිය. දාන ප්‍රතිඥාව අනුව මේ ධනපතියන් සියළු දෙනාම ඔවුන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව තමන්ගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කරනු ඇත. මෙසේ වැය කෙරෙනු ඇති අරමුදල් ප්‍රමාණය ඔක්ස්ෆෑම් සංවිධානයේ ගණනය කිරීම් අනුව ලෝකයේ වත්කම් අඩු මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුව වූ මුදලට වඩා වැඩිය.
ප්‍රතිඥාව අනුව ඔවුන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කළ යුත්තේ සිය වත්කම් වලින් අඩකට නොඅඩු ප්‍රමාණයක් වුවත් මේ බොහෝ දෙනෙකු තමන්ගේ වත්කම් වලින් අඩකට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කරන්නට සූදානම්ව සිටිති. මාක් සකර්බර්ග් හා ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් විසින් 2015 දෙසැම්බරයේදී ඔවුන්ගේ කුළුඳුල් දියණිය උපන් දින නිවේදනය කළ පරිදි, ඔවුන් සතු ෆේස්බුක් කොටස් හිමිකම් වලින් 99%ක්ම ජනහිතකාමී කටයුතු වෙනුවෙන් යොදවනු ඇත. ඒ නිසා ඇයටත්, තව මාස කිහිපයකින් මෙලොව එළිය දැකීමට නියමිත මාක්ගේ හා ප්‍රිසිලාගේ දෙවන දරුවාටත් බෙදී යනු ඇත්තේ ෆේස්බුක් කොටස් වලින් 1%කට අඩු ප්රමාණයකි.
වොරන් බුෆේ විසින්ද මේ වන විට ඔහුගේ වත්කම් වලින් 83%ක් බිල් සහ මෙලින්ඩා පදනමේ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති අතර එය ඔහු විසින් කර ඇති ජනහිතකාමී කටයුතු අතරින් එකක් පමණි. තමන්ගේ දරුවන්ට උරුම කරන දේ ගැන ඔහුගේ අදහස මෙවැන්නකි.
"මගේ දරුවන්ට ඔවුන්ට කරන්නට අවශ්‍ය දෙයක් කරන්නට මුදල් නැතිකම බාධාවක් නොවන තරම් මුදලක් මා ඔවුන් වෙනුවෙන් ඉතිරි කරන්නට බලාපොරොත්තු වන නමුත් කිසිවක් නොකර සිටින්නට ඔවුන්ව දිරිගන්වන තරම් මුදලක් ඉතිරි කරන්නට බලාපොරොත්තුවක් නැහැ."
වොරන් බුෆේ, මාක් සකබර්ග් හා බිල් ගේට්ස් වැනි ප්රකෝටිපතියන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ වෙන් කළත් ඒ අරමුදල් ඔක්ස්ෆෑම් සංවිධානය වැනි දිළිඳුකම විකුණා මුදල් හොයන සංවිධාන හරහා බෙදා නොහැර තමන් විසින්ම ඒ අරමුදල් පාලනය කිරීමට තීරණය කර ඇත්තේ එවැනි සංවිධාන හරහා ගලායන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය තැන් වලට නොයන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. ඒ නිසා, මේ අයගේ ධනයට ලැබෙන ප්‍රසිද්ධිය ඔවුන්ගේ ජනහිතකාමී කටයුතු සඳහා ලැබෙන්නේ නැත.
(Image: http://www.nytimes.com/2010/11/11/giving/11PLEDGE.html?pagewanted=all&_r=0)
Labels:
ආදායම් විෂමතාවය,
ජනහිතකාමය,
ධනවාදය
Thursday, May 25, 2017
රවී මේසයෙන් මාරුවීම, මංගලගේ මාරුව හා ලංකාවේ අනාගතය
සිංහල අවුරුද්ද දවසේ රවි ග්‍රහයා හෙවත් ඉර මීන රාශියෙන් මේෂ රාශියට මාරු වේ. ආසන්න වශයෙන් තවත් දින 30කට පසු රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වේ. මේ අනුව, පසුගිය මැයි 14 වෙනිදා රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වූ අතර සූර්ය වර්ෂ ක්‍රමය අනුව නව වසරේ දෙවන මාසය වන වෘෂභරවි මාසය ආරම්භ වුණේය. චන්ද්‍ර මාස ක්‍රමය අනුව තවමත් ගෙවෙන්නේ වෙසක් මාසයයි.
සිංහල අවුරුදු දවසේ රවි මේෂයට පැමිණෙන්නට පැය ගණනකට පෙර මේෂයේ සිටි මංගල හෙවත් අඟහරු ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු විය. රවි මංගල සිටි තැනට පැමිණීම නිසා මේ දවස්වල රවි හා මංගල දෙදෙනාම වෘෂභ රාශියේ සිටියත් තව දින තුනකින් මංගල වෘෂභ රාශියෙන් පිටවී මිථුන රාශියට යාමට නියමිතය.
රවි මේෂයෙන් මංගල සිටි වෘෂභ රාශියට මාරු වී සතියක් යද්දී රවී කරුණානායකගේ මේසයද මාරු විය. ඔහු සිටි මුදල් ඇමති මේසයට මංගල සමරවීර පැමිණෙද්දී, රවීට මංගල සිටි විදේශ ඇමති මේසයට යන්නට සිදුවිය. ඇමති මේස මාරුවට හේතුව කවරක් වුවත් එය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අතර බලතුලනය පිළිබඳ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.
රවී කරුණානායකට මුදල් ඇමති ලෙස කටයුතු කරන්නට සිදුවුණේ දෙවසරකට මඳක් වැඩි කාලයක් පමණි. ඒ කාලය අතරතුර ඔහුට රජයේ අයවැය දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේය. මේ කාලය අතරතුර 'දී බෑන්කර්' සඟරාව විසින් රවී කරුණානායකව 2016 වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමති ලෙසද නම් කර තිබුණේය.
අඩුපාඩු තිබුණත්, ඉකොනොමැට්ටාගේ අදහස වනුයේ රවී කරුණානායක විසින් පසුගිය දෙවසර තුළ මුදල් ඇමති ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සමස්තයක් ලෙස සෑහීමකට පත් විය හැකි බවයි.
දේශපාලනයට පැමිණීමට පෙර රවී කරුණානායක වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේය. ආණ්ඩු මාරුවට පෙර හිටපු මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ද වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.
ගණකාධිකාරීවරයෙකු හා අර්ථශාස්ත්රඥයෙකු සිතන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ. එය අදාළ වෘත්තීයවේදීන් විසින් ලබා ඇති අධ්‍යාපනයට හා පුහුණුවට සම්බන්ධය. ආර්ථික විද්‍යාවට සාපේක්ෂව ගිණුම්කරණය යනු තාක්ෂනික විෂයයකි. එහි විෂය පථය මූලික වශයෙන්ම ඉලක්කම් හරඹයකි.
ගණකාධිකාරීවරයෙකුට "සංඛ්‍යාලේඛණ විජ්ජා" කිරීමට හැකිවීම කුසලතාවයක් මිස වැරැද්දක් නොවේ. ගණකාධිකාරීවරයෙකුගේ අරමුණු බොහෝ විට කෙටිකාලීනය. එහෙත්, අර්ථශාස්ත්‍රඥයෙකුගේ කාර්ය භාරය එයින් වෙනස්, දිගුකාලීන වෙනස්කම් අරමුණු කරගත් එකකි.
අර්ථශාස්ත්රඥයෙකු ගන්නා බොහෝ තීරණ වල ප්‍රතිඵල ක්ෂණිකව දකින්නට නොලැබෙන අතර, දිගුකාලීනව හොඳ ප්‍රතිඵල ලබාදෙන තීරණ ගැනීම සඳහා අර්ථශාස්ත්‍රඥයෙකුට තමන් ඉගෙනගෙන ඇති න්‍යාය පිළිබඳව විශ්වාසය තබන්නට සිදුවේ. මේ විශ්වාසය ගොඩනැඟෙන්නේ පළපුරුද්ද සමඟය. මෙය වෛද්‍යවරයෙකු වැනි වෙනත් වෘත්තිකයෙකු තුළ පළපුරුද්ද සමඟ ගොඩනැගෙන විශ්වාසයට සමානය.
සාමාන්‍යයෙන් අර්ථශාස්ත්රඥයෙකු විසින් දරන මහ බැංකු අධිපති ධුරයට ගණකාධිකාරීවරයෙකු වූ අජිත් නිවාර්ඩ් කබ්රාල්ව පත් කිරීමෙන් පසුව ලංකාවේ ආර්ථික ප්රවණතා නිරීක්ෂණය කළ විට මේ වෙනස පැහැදිලිව පෙනේ. ඔහු තමන් ධුරය දැරූ කාලය තුළ රටේ ආර්ථිකය හා අදාළ කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක ගණනාවක් නියම කර ඒවා ලඟා කරගත්තේය. එහෙත්, එසේ හඹා ගිය කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක බොහොමයක් ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන ශුභ සිද්ධිය පිණිස හේතු වී නැත. මහ බැංකු අධිපති ධුරය වැනි තනතුරකට පත් විය යුත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් මෙන්ම දිගුකාලීන පළපුරුද්දක්ද ඇති පරිණත පුද්ගලයෙක් මිස "පොල්කට්ටෙන් පිට හිතන" හෝ "රැඩිකල් තීරණ ගන්නා" පුද්ගලයෙකු නොවේ.
එහෙත්, මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් මහ බැංකු අධිපති ධුරයේ වගකීම් වලට සමාන නැත. මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය කෙටිකාලීන හෝ වැඩිම වුනොත් මැදිකාලීන එකකි. මුදල් ඇමති වරයා විසින් බොහෝවිට කළ යුත්තේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ වාර්ෂික සැලසුමක් හදා එය ක්‍රියාත්මක කිරීමයි. මෙය සෑහෙන දුරකට තාක්ෂණික කටයුත්තකි. අරමුදල් කළමනාකරණය හා ගිණුම්කරණය යනු වෙනස් විෂයයන් දෙකක් වුවත් ආර්ථික විද්‍යාවේ විෂය පථය හා සැසඳූ විට මේ විෂය දෙකේ විෂය පථයන් තරමක් දුරට සමපාත වේ. මුදල් අමාත්‍ය ධුරය සඳහා කළමනාකරණ ගිණුම්කරණයෙහි ප්‍රවීණතාවයක් ඇති අයෙකු පත් කිරීම එතරම් නරක තීරණයක් නොවේ.
රවී කරුණානායක විසින් භාරගත්තේ විශාල ලෙස අර්බුදයට ලක්ව තිබුණු, කොයි වෙලාවේ හෝ කඩා වැටෙන්නට ඉඩතිබුණු ආර්ථිකයක්ය යන්න බොරුවක් නොවේ. මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ. එයට හේතුව පසුගිය දෙවසර තුළ සිදුවී ඇති රජයේ මූල්‍ය කළමනාකරණයේ සාපේක්ෂව යහපත් වර්ධනයන්ය.
මේ කටයුත්තේදී රවී කරුණානායකගේ පෞද්ගලික මැදිහත්වීම කෙතරම් වීදැයි මා දන්නේ නැත. පසුගිය ආණ්ඩුව කාලයේනම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වලට අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාත් ලොකු මැදිහත් වීමක් කළේ නැත. ඒ නිසා, ඒ කාලයේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් වීනම් එහි ගෞරවයද, වැරැද්දක් වීනම් එහි වගකීමද බොහෝ දුරට හිමිවිය යුත්තේ ඒ කාලයේ මුදල් අමාත්‍යාංශය පාලනය කළ ඉහළ මට්ටමේ නිලධාරීන්ට මිස දේශපාලන අධිකාරියට නොවේ. පසුගිය දෙවසර තුළ මේ තත්ත්වය කෙසේ වෙනස් වීදැයි මා දන්නේ නැත.
රවී කරුණානායක විසින් පළමු අයවැය පිළියෙළ කරන අවස්ථාවේදී රටේ ආර්ථිකයට පසුගිය කාලයේ ආර්ථිකය හා අදාළව ගත් තීරණ වල පීඩනය දැනෙමින් තිබුණු අතර, ඒ මතට මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලබාදුන් මැතිවරණ පොරොන්දු වල බරද එකතු විය. ඒ වෙලාවේ විශාල වෙනස්කම් කිරීමට අවකාශයක් නොතිබුණේය. ඉකොනොමැට්ටා විසින් ඒ කාලයේ පෙන්වාදුන් පරිදි මේ පළමු අයවැයට රවී කරුණානායකගේ සංඛ්‍යාලේඛණ විජ්ජාවන්ද එකතු වී තිබුණේය. එහෙත්, දෙවන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු ඒ වරද නිවැරදි කර තිබුණේය.
පසුගිය දශක දෙක තුන තුළම ලංකාවේ රාජ්‍ය අයවැය යෝජනා බොහොමයක් වසර තුළදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණේ නැත. බොහෝ වසර වල සිදුවූ සාමාන්‍ය දෙය වූයේ අපේක්ෂිත ආදායම් එකතු නොවීම හා වියදම් වැඩිවීමයි. ඒ නිසා, අයවැය හිඟය බොහෝ විට වසර මුලදී ඇස්තමේන්තු කරනවාට වඩා ඉහළ ගියේය. එමෙන්ම, පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අයවැයට පිටින් වියදම් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණේය.
ඉහත තත්ත්වය දැනටත් සම්පූර්ණයෙන් වෙනස් වී නැතත් මේ වන විට සෑහෙන තරමකින් පාලනය වී තිබේ. පසුගිය දෙවසර තුළ රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා බොහොමයක් පසුව අකුලා ගන්නට සිදුවුවත් එසේ සිදුවුණේ රටතුළ පීඩක කණ්ඩායම් තුළින් මතු වූ විරෝධය හේතුවෙන් මිස ආණ්ඩුවේ වරදකින් නොවේ. එමෙන්ම, ආදායම් වැඩි කරගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා 'බැක්ෆයර්' විය. එහෙත්, වසර ගණනාවකට පසු සමස්තයක් ලෙස ආදායම් එකතු කර ගැනීමේ අංශයේ ප්‍රගතියක් පෙන්වීමට රජය සමත් විය.
රජයේ වැය ශීර්ෂයන් තුළද මූල්‍ය විනය වර්ධනය වීම පැහැදිලිව පෙනෙන්නට තිබේ. රජයේ පුනරාවර්තන වියදම් අඩුවී නැතත්, එහි වරද මුදල් ඇමතිවරයා පිට පැටවිය නොහැකිය. රටේ දේශපාලන ව්‍යුහය මෙන්ම බලතුලනයද සකස් වී ඇති ආකාරය අනුව ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා පොදු මුදල් නාස්ති කරමින්, තනතුරු මවමින් තවදුරටත් අකාර්යක්ෂමතාවයන් වැඩි කරන්නට සිදු වී තිබේ. රටේ ඉල්ලුම තිබෙන්නේද රාජ්‍යය පුළුල් කිරීමට මිස සීමා කිරීමට නොවේ. මේ තත්ත්වය හමුවේ පුනරාවර්තන වියදම් අඩුවී නැත. එහෙත්, යම් තරමකින් හෝ ඵලදායී ප්‍රාග්ධන වියදම් තවදුරටත් කපා හැරීම මඟින් කෙසේ හෝ අයවැය තුලනය කර ගැනීමට පසුගිය දෙවසර තුළ මුදල් ඇමති වරයා සමත්ව සිටී.
දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්රාගුණ්යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ.
කවර ආකාරයෙන් බැලුවත් මංගල සමරවීර විසින් භාරගෙන තිබෙන්නේ විශාල අභියෝගයකි.
(Image: http://mirrorcitizen.dailymirror.lk/2017/05/22/cabinet-reshuffle-mangala-ravi-to-swap-portfolios/)
Labels:
දේශපාලනය,
මංගල සමරවීර,
රවී කරුණානායක
Wednesday, May 24, 2017
බටහිර රටවල ජීවත් වන්නෝ දනට පිනට නොලැදිද?
ඇතැම් අය හිතාගෙන ඉන්නේ බටහිර රටවල ජීවත්වන අය පරිභෝජනය වෙනුවෙන්ම ජීවත්වන, තමන්ගේ වටපිටාව හෝ අනෙකුත් අය ගැන නොතකන, ආත්මාර්ථකාමී මිනිසුන් බවයි. ඒ මිනිසුන් ඇසුරු කර ඇති අය හොඳින්ම දන්නා ඇත්ත තත්ත්වය ඇතැම් සංඛ්‍යාලේඛණ දෙස බැලූ විටද කැපී පෙනේ.
පහත රූප පළමු සටහනෙන් පෙන්වා ඇත්තේ ලෝකයේ එක් එක් රටවල ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් ප්‍රමාණයයි. රූප සටහනේ දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇති ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් තිහකට වඩා සිටින රටවල් වැඩි ප්‍රමාණයක් සංවර්ධිත බටහිර රටවල් බව වැඩි මහන්සියක් නැතුවම දැකිය හැකි දෙයකි. ලංකාවේ එම ගණන 10-19.9 අතර ප්රමාණයකි.
දෙවන රූප සටහනේ ඇත්තේ මේ ලේ දන් දෙන්නන් අතරින් මුදල් වාසියක් නොමැතිව ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන ප්‍රතිශතයයි. එහි දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇත්තේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන රටවල්ය. බටහිර රටවල් සියල්ලේම පාහේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන නමුත් ලංකාවේ එම ප්‍රතිශතය ඊට වඩා අඩුය.
දුප්පත් මිහිහාගේ දුක දැනෙන්නේ දුප්පතාටම බව බටහිර රටවලද ජනප්‍රිය මතයකි. එහෙත්, එය එසේ නොවන බව මා පැහැදිලිවම දන්නේ ජනහිතකාමය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමට උපයෝගී කරගන්නා දත්ත පෞද්ගලිකවම විමර්ශනයට ලක් කර ඇති බැවිනි. බොහෝ විට සිදුවන්නේ එහි අනිත් පැත්තයි. කිසියම් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටු වී නැත්නම් ඔහු හෝ ඇය වෙනත් අයෙකුට උදවු කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. එහෙත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වී ඇති විට අනෙක් අය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ.
ඉන්දියානා සරසවියේ පර්යේෂකයින් විසින් වාර්ෂිකව පිළියෙළ කර ප්‍රකාශයට පත් කරන ඇමරිකාවේ ජනහිතකාමය පිළිබඳ වාර්තා අනුව 2015 වසරේදී ඇමරිකානුවන් විසින් පුණ්‍ය කටයුතු සඳහා වැය කර ඇති අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 373.25කි. එය ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම මෙන් සිවු ගුණයක් ඉක්මවයි. එමෙන්ම, 2017-18 වසර සඳහා ජනහිතකාමය පිළිබඳ පෙර දැක්ම වාර්තාව (Philanthropy Outlook) අනුව, ඇමරිකාවේ පුණ්‍ය කටයුතු වල නිරතවන ආයතන වල ආදායම (හා වියදම) ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි. මෙය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%කි.

Tuesday, May 23, 2017
ඔක්ස්ෆෑම් ධනවතුන් දැන් කොහේද?
පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.
අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේ විය.
බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40
මේ වාර්තාව පිළියෙළ කිරීම සඳහා ලෝක ධනවතුන්ගේ වත්කම් ලබාගෙන තිබුණේ 2016 මාර්තුවේදී ප්‍රකාශයට පත් කෙරුණු ෆෝර්බ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවෙනි. 2017 මාර්තුවේදී මේ ලැයිස්තුව නැවතත් යාවත්කාලීන කර තිබුණේය. ඒ අනුව, මේ මාර්තුව වන විට ලෝකයේ ලොකුම ධන කුවේරයින්ගේ වත්කම් තව දුරටත් ඉහළ ගොස් තිබුණේ පහත පරිද්දෙනි. වරහන් තුළ දක්වා ඇත්තේ වසරකට පසුව ලැයිස්තුවේ ඔවුන් සිටින ස්ථානයයි.
බිල් ගේට්ස් - ඩොලර් බිලියන 86 (1)
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 71.3 (4)
වොරන් බුෆේ - ඩොලර් බිලියන 75.6 (2)
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 54.5 (6)
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 72.8 (3)
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 56 (5)
ලැරී එලිසන් - ඩොලර් බිලියන 52.2 (7)
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 47.5 (10)
ඔක්ස්ෆෑම් වාර්තාව අනුව ලෝකයේ ජනගහණයෙන් අඩක් සතු වත්කම් වල එකතුව ඩොලර් බිලියන 426ක් විය. ඉහත සංඛ්‍යාලේඛණය ක්‍රෙඩිට් සුවිස් ආයතනය විසින් පිළියෙළ කළ වෙනත් වාර්තාවක දත්ත මත පිළියෙළ කළ බව හැර ඒ සඳහා යොදාගත් නිශ්චිත ක්‍රමවේදය සඳහන් කර නොමැත. එබැවින් එම සංඛ්‍යාලේඛණය ඔවුන්ගේ ක්‍රමය යොදාගනිමින් යාවත්කාලීන කිරීමේ හැකියාවක් නැතත්, ඉහත ක්‍රෙඩිට් සුවිස් වාර්තාව නිකුත් කර ඇත්තේ ෆෝර්බ්ස් වාර්තාව මෙන් වසර මුල නොව වසර අග නිසා එය විශාල ලෙස වෙනස් වී නැතැයි සැලකිය හැකිය.
එසේනම්, දැන් ලෝකයේ ජනගහණයෙන් බාගයකගේ වත්කම් වැඩිම වත්කම් ඇති අටදෙනෙකුගේ නොව හත්දෙනෙකුගේ වත්කම් වලට වඩා අඩුය. 2017 මාර්තුව වන විට ලැයිස්තුවේ මුල් හත් දෙනාගේ වත්කම් වල එකතුව පමණක් ඩොලර් බිලියන 468.4ක් වූ අතර මාර්තු සිට මැයි දක්වා ගතවුණු දෙමස තුළ ඔවුන් වැඩි දෙනෙකුගේ වත්කම් තවත් ඉහළ ගොස් තිබේ.
මොවුන් මේ වත්කම් උපයාගෙන ඇත්තේ රජයයන් විසින් බදු ලෙස වැඩ කරන මිනිසුන්ගේ ධනය කොල්ලකන අයුරින් අනුන්ට අයිති දේ බලහත්කාරයෙන් ලබාගැනීමෙන් හෝ කොමිස් හෝ අනිසි ලෙස කොන්ත්‍රාත් ගැනීම ආදී ලෙස එවැනි බදු මුදල් හොරා කෑමෙන් නොවේ. අලුතින් ධනය නිර්මාණය කිරීමෙනි. මේ එක් එක් පුද්ගලයා එසේ අලුතින් ධනය නිර්මාණය කළේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය පීරා පහසුවෙන් හොයා ගන්නට බැරිකමක් නැත.
වැදගත්ම කරුණ වන්නේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කට උරුමයෙන් හෝ ඔවුන් විසින් නිර්මාණය කිරීමෙන් හිමි වී ඇති මුළු වත්කම් ඉක්මවන තරම් ධනයක් තනි මිනිසුන් හත් දෙනෙකු විසින් නිර්මාණය කර තිබීමයි. ව්‍යවසායකයින් සුවිශේෂී මිනිසුන් හා සැමරිය යුතු විරුවන් වන්නේ ඒ නිසාය.
ඉහත පුද්ගලයින් විසින් නිර්මාණය කර ඇති වත්කම් නිසා ලෝකයේ තවත් විශාල පිරිසකගේ ජීවිත සමෘද්ධිමත් වී තිබේ. ඒ අතර සිටින්නේ ඔවුන්ට වැඩි හිමිකම් ඇති සමාගම් වලින් හෝ ඔවුන් පුණ්‍ය කටයුතු සඳහා ලබාදෙන අරමුදල් වලින් සෘජුව ප්‍රයෝජන ගන්නා අය පමණක් නොවේ. බිල් ගේට්ස් විසින් නිර්මාණය කර ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත දුවන මාක් සකබර්ගේ ෆේස්බුක් උපාංගයේ දවසකට පැය ගණනක් ගෙවමින් සතපහක්වත් නොගෙවා ධනවාදය විවේචනය කරන්නට මිනිසුන් විශාල පිරිසකට අවස්ථාව සැලසී ඇත්තේද ව්‍යවසායකත්වය දිරිමත් කරන ධනවාදී රටවල මිනිසුන් ලෝකයට අලුතින් දායාද කර ඇති දේ නිසාය.
ඒ සමඟම අප අනෙක් අතට විමසිය යුත්තේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් සාපේක්ෂව මෙතරම් අඩු ඇයිද යන්නයි. ලෝකයේ බොහෝ රටවල වත්කම් හිමිකම් වැඩි ප්‍රමාණයක් සමාජවාදයේ නාමයෙන් අදාළ රටවල රජයන්ගේ ඒකාධිකාර ලෙස පවතී. එහි ප්‍රතිඵලය ඒ රටවල මිනිසුන්ගේ පෞද්ගලික වත්කම් සීමා වීමයි. ඒ නිසා එවැනි රටවල ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ හා අදාළව රජය මත යැපෙන්නට සිදු වේ. මේ රජයයන් බොහොමයක සම්පත් බෙදීයාම් සිදුවන්නේ සීමිත පුද්ගලයින් කණ්ඩායමකගේ අභිමතය පරිදිය.
වත්පොතේ ප්‍රචාරය වන ඉහත බැනරය අනුව බිල් ගේට්ස් ඔහු සතු සියළු ව්‍යාපාර කටයුතු අද සිට නවතා ඔහු සතු ධනයෙන් දිනකට මිලියනය බැගින් වියදම් කළොත් ඔහු සතු සම්පූර්ණ ධනය අවසන් වීමට වසර 735ක් ගත වේ. දැන් දශකයක පමණ සිට මයික්‍රොසොෆ්ට් සමාගමේ අර්ධකාලීනව සේවය කරන බිල් ගේට්ස් පූර්ණකාලීනව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා පුණ්‍ය කටයුතු වල නිරතව සිටිමින් ඔහුගේ ධනය වියදම් කරයි. එසේ වියදම් කරන මුදල දිනකට මිලියනයකට වඩා බොහෝ වැඩි වුවත් ඔහු සතු වත්කම් එන්න එන්නම වැඩි වනවා මිස අඩු වන්නේ නැත.
බිල් ගේට්ස් වැනි ධනවතුන් නැති කර දැමීමෙන් ලෝකයේ ආදායම් විෂමතාවය අඩු කළ හැකිය. ධනවතුන් කිසිවකු නැති වූ විට ආදායම් විෂමතාවයක්ද නැත. එහෙත්, එසේ කිරීමෙන් ලෝකය වඩා යහපත් තැනක් වන්නේ නැත.
Labels:
ආදායම් විෂමතාවය,
ධනවාදය,
ව්‍යවසායකත්වය
Monday, May 22, 2017
ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට ඉන්දියානු බලපෑම්!
ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සුබසාධන පහසුකම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සිදු කර ඇති බලපෑම් ගැන විශ්වාසනීය තොරතුරු අපට අශෝක සෙල්ලිපි වලින් හමුවේ. මුඛ පරම්පරාවෙන් එන තොරතුරු හෝ වරින් වර අතින් පිටපත් කෙරුණු පොත් වල ඇති තොරතුරු මෙන් කාලයත් සමඟ වෙනස් නොවන නිසා සෙල්ලිපි වල ඇති තොරතුරු ඉතිහාසය පිළිබඳ වඩාත්ම විශ්වාසනීය මූලාශ්‍ර ලෙස සැලකිය හැකිය.
පැරණි අශෝක අධිරාජ්‍යයට අයත් බිම් පෙදෙස් පුළුල් ලෙස ආවරණය කරමින් පිහිටුවා ඇති අශෝක සෙල්ලිපි හා ටැම්ලිපි වලින් ඒ කාලයේ කලාපීය භූ දේශපාලනය හා සමාජ ජීවිතය ගැන තොරතුරු රැසක් දැනගත හැකිය. මේ සෙල්ලිපි හා ටැම්ලිපි වල සරල භාෂා විලාශය අනුව ඒවා අශෝක රජු විසින් පෞද්ගලිකවම ලියා දී ඇති ලෙස සැලකේ.
මේ සෙල්ලිපි හා ටැම්ලිපි සඳහා යොදාගෙන ඇති නැගෙනහිර ඉන්දියාවේ එවකට භාවිතා වී ඇති ප්රාකෘත භාෂාව බුද්ධ ධර්මය දේශනා කළ නියම භාෂාව වන්නටත්, සිංහල භාෂාවේ නියම මූල භාෂාව වන්නටත් බොහෝ දුරට ඉඩ තිබේ. දැනට භාවිතයේ ඇති ත්‍රිපිටකයේ භාෂාව (පාලි) වඩා ආසන්න වන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ භාවිතා වී ඇති ප්රාකෘත භාෂාවටය. මිහිඳු හිමි හා සංඝමිත්තාවන් කුඩා කාලයේදී කතා කරන්නට ඇතැයි සිතිය හැක්කේ ඔවුන්ගේ මව ජීවත් වූ මධ්‍ය ප්‍රදේශයේ (විදිශා නගරයේ) භාෂාවයි. බින්දුසාර රජුගේ රාජ්‍ය කාලයේදී අශෝක රජු මුලින්ම යුව රජු ලෙස කටයුතු කළේද මධ්‍ය ප්‍රදේශයේ අවන්ති රාජ්‍යයේය. ඔවුන් ඒ භාෂාව මෙන්ම නැගෙනහිර ඉන්දියාවේ පාඨලීපුත්ර නගරයේ භාෂාවද හොඳින් දැන සිටින්නට ඇත. මේ භාෂා අතර මෙන්ම ඒ කාලයේ ලංකාවේ භාවිතා වී ඇති භාෂාවේත් කොහොමටත් ලොකු වෙනසක් නැත. පසුව බුද්ධඝෝෂ හිමියන් කතා කරන්නට ඇත්තේද මධ්‍ය ප්‍රදේශයේ භාෂාවයි.
නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීම පිළිබඳ අශෝක ප්‍රතිපත්ති ඔහුගේ දෙවන ප්‍රධාන සෙල්ලිපියේ පහත අයුරින් ලියා තබා තිබේ.
"සර්වත විජිතම්හි දෙවානංප්‍රියස පියදසිනො රාඤො එවමපි ප්රචංතෙසු යථා චොඩා පාඩා සතියපුතො කෙතලපුතො ආ තංබපංණී අංතියකො යොනරාජා යෙ වා පි තස අංතියකස සාමීපා රාජානො සර්වත්‍ර දෙවානංප්‍රියස ප්‍රියදසිනො රාඤො ද්වෙ චිකීඡ කතා මනුස චිකීඡා ච පසු චිකීඡා ච."
දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ සියළු විජිතයන්හිද, ප්‍රත්‍යන්තයන්හි ඇති චෝල, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කේරලපුත්‍ර හා තම්බපණ්ණි, අන්තියක යවන රජුගේ හා අන්තියකගේ රාජ්‍යයට සමීප රටවල් යන සියළු තැන් වල දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් මනුෂ්‍ය චිකිත්සා හා පශු චිකිත්සා යන දෙආකාරයේ චිකිත්සා සිදු කිරීමට කටයුතු සලස්වා තිබේ. (මෙහි සඳහන් අන්තියක යවන රජු ක්‍රිස්තු පූර්ව 261-246 අතර සිරියාව පාලනය කළ අන්තියෝකස් තියොස්ය.)
"ඔසුධානි ච යානි මනුසොපගානි ච පසුපගානි ච යත යත නාස්ති සර්වත්‍ර හාරාපිතානි ච රොපාපිතානි ච."
මිනිසුන්ට හා සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.
"මූලානි ච ඵලානි ච යත යත්ර නාස්ති සර්වත හාරාපිතානි ච රොපාපිතානි ච."
(ඖෂධ පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය) මුල් හා ඵල නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.
"පංතෙසූ කූපා ච ඛානාපිතා ව්රචා ච රොපාපිතා පරිභොගාය පසුමනුසානං."
මාර්ග දෙපස සතුන්ගේ හා මිනිසුන්ගේ පරිභෝජනය පිණිස ලිං කැණීමද ආහාර සඳහා ගත හැකි (පළතුරු) ගස් සිටවීමද කරනු ලැබේ.
අශෝක රජුව නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට පෙළඹවූ හේතුව මහා වංශයේ පස්වන පරිච්ඡේදයේ විස්තර වෙයි.
"පූර්වයෙහි පැළලුප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නා වූ වනචර පුරුෂයෙක් තෙම කුන්න කින්නරියක් සමඟ සංවාසය කළේය. ඕ තොමෝ උහු හා සංවාසයට පැමිණ පුතුන් දෙදෙනෙක් ඉපදවීය. දෙටු තෙමේ තිස්ස නම් ඇති විය. කණිටු තෙමේ සුමිත්ත නම් විය."
මේ සොහොයුරන් දෙදෙනාම සුදුසු කාලයෙහි මහා වරුණ නම් ස්ථවිරයන් සමීපයෙහි පැවිදි වී පසුව අර්හත් භාවයට පැමිණෙති. එසේ සිටියදී දිනක් වැඩිමල් තිස්ස ස්ථවිරයන්ව ගෝනුස්සෙකු විසින් දෂ්ඨ කරනු ලබයි. මෙයට ප්‍රතිකාර ලෙස ගිතෙල් අවශ්‍ය වුවත් ඒ ස්ථවිරයෝ මෙය රජුට දැන්වීමට හෝ සවස් කාලයේ ගිතෙල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිඬු සිඟා යාමට කැමති නොවෙති.
"ඉදින් තෙපි පිඬු පිණිස හැසිරෙමින් ගිතෙල් ලබන්නාහු නම් එ ගෙණව යි තිස්ස නම් ස්ථවිර තෙම සුමිත්තනම් උතුම් ස්ථවිරයන් වහන්සේට කී සේක. පිඬු පිණිස හැසිරෙන්නා වූ උන් වහන්සේ විසින් ගිතෙල් පතක් නොලද්දේය."
නිසි ප්‍රතිකාරයක් නොලබන තිස්ස ස්ථවිරයන්ගේ ජීවිතය කෙළවර වේ. මේ ගැන දැන ගැනීමට ලැබීමෙන් පසුව අශෝක රජු මහත් කම්පාවට පත් වේ.
"ඒ අසා හටගත් සංවේග ඇත්තේ නුවර (සතර) දොර සුණුවමින් කරන ලද පොකුණු බෙහොදින් පුරවා භික්ෂු සංඝයාට බෙහෙත් දුර්ලභ නො වේවා යි දවසක් දවසක් පාසා භික්ෂු සංඝයාට බෙහෙත් පැමිණ වූයේය. "
සිය අධිරාජ්‍යය තුළ පමණක් නොව ඉන් පිටත වූ තම්බපණ්ණිය හෙවත් ලංකාව ඇතුළු ප්‍රත්‍යන්ත ජනපද දක්වාම නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට අශෝක රජු පෙළඹුණේ මේ සිද්ධියෙන් පසුව වන්නට පුළුවන.කෙසේ වුවත්, මේ පසුපස ඇති අශෝක රජුගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන්ද ඉතා පැහැදිලිය. එයට හොඳම සාක්ෂිය වනුයේ රාජ්‍ය බලය ලබා ගැනීමට නියමිතව තිබුණු දේවානම්පියතිස්ස රජු සමඟ කලින්ම සම්බන්ධතා හදා ගැනීම හා මහින්දාගමන මෙහෙයුම සඳහා මුටසීව රජුගෙන් දේවානම්පියතිස්ස රජු අතට රාජ්‍ය බලය ලැබෙන තුරු කල් යල් බැලීමයි.
මහා වංශය ඇතුළු ඓතිහාසික ලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනෙන්නේ අශෝක සමයේ ලංකාවට ඉන්දියාවෙන් ලැබී ඇත්තේ බුද්ධ ධර්මය පමණක් නොවන බවයි. එය තවත් බොහෝ දේ අඩංගු සම්පූර්ණ පැකේජයකි.
(Image: http://imgur.com)

අශෝක අධිරාජ්‍යය,
ඉතිහාසය,
ඉන්දියාව,
මහා වංශය,
සෞඛ්‍යය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...