Showing posts with label මූල්ය වෙළඳපොළ. Show all posts
Showing posts with label මූල්‍ය වෙළඳපොළ. Show all posts
Sunday, September 16, 2018
ලංකාවට ඩොලර් එන හැටි...
දවස් දෙක තුනකට කලින් අපේ පාඨකයෙක් විද්‍යුත් තැපෑලෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඔහු ඇසූ දේ දන්න කෙනෙකුට ඉතාම සරල දෙයක් වෙන්න පුළුවන් වුවත්, නොදන්න අයෙකුට සිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න බැරිකමක් නැහැ. ඔහු මගෙන් අහන්නේ රජය ඩොලර් බිලියන ගණන් වලින් විදේශ ණය ගන්නා විට ඒ ඩොලර් ලංකාවට එන්නේ කොහොමද කියන එකයි. මේ ඩොලර් නෝට්ටු විදිහට නැවකින් හෝ ගුවන් යානයකින් ලංකාවට ප්‍රවාහනය කරනවද?
මෙහි තියෙන්නේ ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ මූල්‍ය පද්ධතිය හා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. විදේශික සංචාරකයෙකු නැත්නම් විදේශයක පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු ලංකාවට එනකොටනම් ඩොලර් යම් ප්‍රමාණයක් අතේ අරගෙන එනවා. ඒවා බැංකුවකදී නැත්නම් මුදල් හුවමාරුකරුවෙකු ළඟදී රුපියල් කරනවා. නමුත්, රජය ගන්නා ණය ඇතුළු විදේශ විණිමය ප්‍රවාහ ඔයාකාරයට මුදල් නෝට්ටු වශයෙන් ලංකාවට එන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ගිණුම් කිහිපයක ශේෂ යාවත්කාලීන වීමක් පමණයි.
දේශීය ව්‍යවහාර මුදලින්, කාසි හා නෝට්ටු භාවිතා නොකර ගනුදෙනුවක් කරද්දීත් වෙන්නේ මේ දෙයමයි. චානුක විසින් රෂීඩ් මුදලාලිට චෙක් පතකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමක් කළා කියා හිතමු. මේ ගනුදෙනුවෙන් පසුව අදාළ මුදල චානුකගේ ගිණුමෙන් අඩු වෙලා රෂීඩ්ගේ ගිණුමට එකතු වෙන්න ඕනෑ. චානුක හා රෂීඩ් යන දෙන්නාගේම ගිණුම් තියෙන්නේ එකම බැංකුවේනම් ඔය වැඩේ ඉතා සරලයි. බැංකුවට තිබෙන්නේ චානුකගේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ මුදල ඒ ගිණුමෙන් අඩු කර රෂීඩ්ගේ ගිණුමට බැර කිරීමයි.
චානුකගේ හා රෂීඩ්ගේ ගිණුම් තිබෙන්නේ බැංකු දෙකකනම් වැඩේ තරමක් සංකීර්ණයි. එවිට, රෂීඩ්ගේ බැංකුවට අදාළ මුදල රෂීඩ්ගේ ගිණුමට බැර කරන්නට පෙර චානුකගේ බැංකුවෙන් අය කරගන්න සිදු වෙනවා. මේ කටයුත්තේදී තවත් අතරමැදියෙක් සම්බන්ධ වෙනවා. ඒ මහ බැංකුව.
සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුවේ ඔවුන් සතු ගිණුමක් තිබෙනවා. ඉහත කී ආකාරයෙන් කාසි හෝ නෝට්ටු භාවිතා නොකර බැංකු දෙකක පාරිභෝගිකයින් අතර ගනුදෙනුවක් සිදු වීමෙන් පසුව මහ බැංකුව විසින් එක් බැංකුවක ගිණුමෙන් මුදල් ගෙන අනෙක් බැංකුවේ ගිණුමට හර කරනවා. තමන් සතු මහ බැංකුවේ ගිණුමට මුදල් පැමිණි බව තහවුරු වීමෙන් පසුව රෂීඩ්ගේ බැංකුව රෂීඩ්ගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. ඇතැම් ගනුදෙනු හා අදාළව බැංකු අතර අතරමැදියා මහ බැංකුව නොවෙන්නත් පුළුවන්.
විදේශ මුදල් ලංකාවට පැමිණීමේ ක්‍රියාවලියත් ඉහත ක්‍රියාවලියේම දිගුවක්. බොහෝ විට මේ කටයුත්තට අතරමැදියන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙනවා.
මුලින්ම අපි තනි බැංකුවක් පමණක් සම්බන්ධ වී මෙය සිදුවන ආකාරය ගැන බලමු. එංගලන්තයේ සිටින කෙනෙක්ට තමන්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකින් ලංකාවේ සිටින අයෙක්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකට කිසියම් මුදල් ප්‍රමාණයක් යවන්න අවශ්‍ය වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් අදාළ පවුම් ප්‍රමාණය මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් අඩු කරගෙන ඔවුන් විසින් තීරණය කරන විණිමය අනුපාතිකයට අනුව අදාළ රුපියල් ප්‍රමාණය ලංකාවේ මුදල් ලබන්නාගේ එච්එස්බීසී බැංකු ගිණුමට බැර කරනවා.
යම් හෙයකින් එංගලන්තයේ පුද්ගලයාගේ බැංකු ගිණුම තිබෙන්නේ බාර්ක්ලේස් බැංකුවේ හා ලංකාවේ මුදල් ලබන්නාගේ ගිණුම තිබෙන්නේ සම්පත් බැංකුවේනම් මේ බැංකු දෙකට අතරමැදියෙක් සේ එච්එස්බීසී බැංකුව වගේ ජාත්‍යන්තර බැංකුවක් යොදාගන්න සිදු වෙනවා. මෙහිදී එංගලන්තයේ සිට ලංකාවට මුදල් හුවමාරුව වෙන්නේ එච්එස්බීසී බැංකුව හරහා.
බාර්ක්ලේස් විසින් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කරගෙන එංගලන්තයේ මහ බැංකුව හරහා එච්එස්බීසී බැංකුවට පවුම් වලින් මුදල් ගෙවනවා. එච්එස්බීසී බැංකුව විසින් ලංකාවේ මහ බැංකුව හරහා සම්පත් බැංකුවට රුපියල් වලින් මුදල් ගෙවනවා. සම්පත් බැංකුව මුදල් ලැබිය යුත්තාගේ ගිණුමට අදාළ මුදල බැර කරනවා. මේ ක්‍රියාවලිය මේ ආකාරයට සිදුවීම සඳහා බාර්ක්ලේස් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු දෙකම විසින් එච්එස්බීසී බැංකුවේ තමන්ගේ ගිණුම් පවත්වා ගත යුතුයි.
සවුදි අරාබිය වගේ රටක සිට මුදල් එවද්දී මෙය තවත් ටිකක් සංකීර්ණ වෙනවා. මෙහිදී එච්එස්බීසී බැංකුව විසින් මුලින්ම සවුදි රියාල් පවුම් වලටත් දෙවනුව පවුම් රුපියල් වලටත් මාරු කරනවා.මේ එක අවස්ථාවකදීවත් මුදල් නෝට්ටු හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. ගිණුම් ශේෂ එහා මෙහා වීමක් පමණයි වෙන්නේ.
එච්එස්බීසී බැංකුව වගේ බැංකුවක් මේ විදිහට දිගින් දිගටම මුදල් යවද්දී ඔවුන් අතේ ඇතැම් මුදල් වර්ග වැඩිපුර එකතු වීමත් තවත් ඇතැම් මුදල් වර්ග හිඟ වීමත් සිදු වෙන්න පුළුවන්. එවිට ඔවුන් එසේ වැඩිපුර තිබෙන මුදල් වෙනත් බැංකුවකට විකුණා හිඟ මුදල් වර්ගය මිල දී ගන්නවා. විකුණගන්න අපහසුනම් විකිණුම් මිල අඩු කරනවා. මිල දී ගන්න අපහසුනම් ගෙවන්න කැමති වන මිලේ ලංසුව ඉහළ දමනවා.
ශ්‍රමික ප්‍රේෂණ වගේ දෙයකදී ඔය වැඩේ ඔයාකාරයට සිදු වුනත්, අපනයනකරුවෙකු තමන්ගේ මුදල් ගෙන්වා ගනිද්දී මීට වඩා පාලනයක් ඔහුට තිබෙනවා. ඔහු ඇතැම් විට තමන්ගේ මුදල් විදේශ බැංකුවක තිබෙන ගිනුමක හෝ ලංකාවේ බැංකුවකම තිබෙන විදේශ මුදල් ගිණුමක තබාගෙන පසුව තමන්ට වාසිදායක වෙලාවක මුදල් කරන්න පුළුවන්.
රජයට විදේශ ණය මුදලක් ලැබුණු විට වෙන්නෙත් ඔය වගේ දෙයක්. බොහෝ විට මුලින්ම වෙන්නේ ලංකාවේ බැංකුවක තිබෙන රජයේ ගිණුමක ශේෂය ඉහළ යාමයි. මේ ගිණුම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ලංකාවේ රජය ණය ගන්නේ එක්කෝ පරණ ණය ගෙවන්න. එහෙම නැත්නම් කිසියම් ව්‍යාපෘතියක් වෙනුවෙන්. පරණ ණය ගෙවීමක්නම් ගිණුම් ශේෂය ඉහළ යන පරක්කුවටම වගේ නැවත පහළ යන්න පුළුවන්.
ඔය විදේශ රටවල් විසින් දෙන ව්‍යාපෘති ණය බොහෝ විට දෙන්නේ යම් කොන්දේසි වලට යටත්වයි. ව්‍යාපෘතිය කිරීමේ කොන්ත්‍රාත්තුව අදාළ රටේම සමාගමකට ලබා දිය යුතු බව බොහෝ විට දකින්න පුළුවන් කොන්දේසියක්. ඔය වගේ කොන්දේසියක් එක්ක ලැබෙන ණය ලංකාවට මුදල් සේ ලැබෙන්නෙම නෑ වගේ. උදාහරණයක් විදිහට චීන සමාගමකට කොන්ත්‍රාත් දෙන ලංකාවේ ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන රජයෙන් ණයක් ලැබෙනවා කියන එකෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ දැන් මුදල් නොගෙන චීන සමාගම විසින් ලංකාවේ යමක් කරල යනවා කියන එකයි. ලංකාවේ රජය විසින් ණය ගෙවන්නේ පසුව වුවත් අදාළ සමාගමට ප්‍රමාදයකින් තොරව චීන රජයෙන් මුදල් ලැබෙනවා.
යම් හෙයකින් ණයක් සේ ලැබෙන විදේශ මුදල් මහ බැංකුව විසින් මිල දී ගත්තත් එයින් අදහස් වෙන්නේ විදේශ බැංකුවක තිබෙන මහ බැංකුවේ ගිණුමක ශේෂය ඉහළ යනවා කියන එක මිසක් ලංකාවට ඩොලර් නෝට්ටු එනවා කියන එක නෙමෙයි. ඉන්පසුව මහ බැංකුව විසින් කරන්නේ ඒ ගිණුම් ශේෂය යොදවා ඇමරිකන් භාණ්ඩාගාර බැඳුම්කර වැනි පොලී උපයන වත්කම් මිල දී ගැනීමයි.
Labels:
මූල්ය පද්ධතිය,
මූල්ය වෙළඳපොළ
Tuesday, December 19, 2017
ලෝකයේ ධනවත්ම පවුල?
මේ වන විට ලෝකයේ වැඩිම වත්කම් හිමි පුද්ගලයා වී සිටින්නේ ඇමසන් ඩොට් කොම්හි සභාපති ජෙෆ් බෙසෝස්ය. අද (දෙසැම්බර් 19) උදෑසන, මේ ලිපිය ලියන මොහොත වන විට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 99.9ක්ව පැවති අතර දවස ඇතුළත මේ ගණන ඩොලර් බිලියන 100 ඉක්මවන්නට ඉඩ තිබේ. ඉතිහාසයේ ජීවත්ව සිටි, අද මුදලින් මීට වඩා වත්කම් හිමිව තිබුණු පුද්ගලයින් ගැන ලිපියක් ටික දවසකට පෙර දේශකයා විසින් පළ කර තිබුණේය.
කාලයෙන් කාලයට විවිධ පුද්ගලයින් විසින් මෙවැනි විශාල වත්කම් ප්‍රමාණයන් එක් රැස් කරගන්නා අතර ඔවුන්ගේ ඇවෑමෙන් පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වත්කම් අදාළ පුද්ගලයාගේ උරුමකරුවන් අතර බෙදී යාමයි. මේ අයුරින් උරුමයෙන් විශාල ධනයක් ලබන ඇතැම් අය උනන්දුවක් නැති කමින් හෝ දක්ෂතාවයක් නැති කමින් එසේ ලැබුණු වත්කම් ක්ෂය කර ගන්නා නමුත්, ඒ වත්කම් තව දුරටත් වර්ධනය කරගන්නා අයද සිටිති. ඒ නිසා, ධනවතෙකුගේ උරුමකරුවන්ද බොහෝ විට ධනවතුන් ලෙසම ජීවත් වන නමුත් මෙය සදාකාලිකවම හා හැමවිටම මෙසේ වන්නේ නැත. උරුමකරුවන් වැඩි දෙනෙකු අතර ධනය බෙදී යාමත්, පසු පරම්පරා වල අය මුල් පරම්පරාවේ අය තරම් කාර්යක්ෂම ලෙස සිය වත්කම් කළමනාකරණය නොකිරීමත් නිසා කිසියම් අයෙකු විසින් එක් රැස් කරගන්නා ධනය හේතුවෙන් බොහෝ විට හත් මුතු පරම්පරාවක්ම ගොඩ යන්නේ නැත.
ෆෝර්බ්ස් ඇස්තමේන්තු අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙරෝස් වුවත්, ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සැලකෙන්නේ වෝල්මාර්ට් ව්‍යාපාර සමූහයේ කොටස් වලින් අඩකට වඩා උරුමයෙන් හිමිකරගෙන සිටින වෝල්ටන් පවුලයි.
ඇමරිකාවට වරක් හෝ පැමිණ ඇති අයෙකු වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැලකට වරක් හෝ ගොඩ වී තිබෙන්නට ඉඩ තිබේ. ඇමරිකාව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැල් යනු ඇමරිකානු සංකේතයක් කියා කියන්නට පුළුවන. වසර 55ක ඉතිහාසයක් ඇති වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය තුළ මේ වන විට ලෝකය පුරා විසිරුණු සිල්ලර වෙළඳසැල් 11,700ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබේ. එහෙත්, තවමත් ප්‍රධාන වෝල්මාර්ට් යනු බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදයේ දේශීය වෙළඳපොල ඉලක්ක කරගත් ආයතනයකි.
වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් හා ඔහුගේ සොහොයුරු බඩ් වෝල්ටන් විසින් 1962 වසරේදී අර්කන්සාස් හිදී පළමු වෝල්මර්ට් වෙළඳසැල ආරම්භ කළේ පාරිභෝගිකයින්ට අඩු මිලකට, තත්ත්වයෙන් හොඳ භාණ්ඩ ලබා දීමේ අරමුණිනි. පසුගිය ඔක්තෝබර් අවසානය වන විට ඇමරිකාවේ පමණක් වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 3,552ක්, සෑම්ස් ක්ලබ් වෙළඳසැල් 660ක් ඇතුළු සිල්ලර වෙළඳසැල් 5,412ක් තිබීමෙන් පෙනෙන්නේ සෑම් වෝල්ටන්ගේ සංකල්පයේ සාර්ථකත්වයයි.
සෑම් වෝල්ටන් පිළිකාවකින් මිය යන්නට වසරකට පෙර, 1991දී මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටිහි සෑම්ස් ක්ලබ් වෙළඳසැලක් ආරම්භ කරමින් වෝල්මාර්ට් ආයතනය පළමු වරට ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටතට සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කළේය. මේ වන විට මෙක්සිකෝව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් ගණන 2,317කි. මීට අමතරව කැනඩාවේද වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 410ක් ඇති අතර ඒ අනුව උතුරු ඇමරිකාව තුළ පමණක් ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් ගණන 8,000 ඉක්මවයි.
බ්‍රසීලයේ වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 485ක්ද, ආර්ජන්ටිනාවේ 107ක්ද, චිලියේ (වෙනත් වෙළඳනම් වලින්) 371ක්ද, කොස්ටරිකාවේ 244ක්ද, එල් සැල්වදෝරයේ 91ක්ද, හොන්ඩියුරාස්හි 101ක්ද, ගෝතමාලාවේ 232ක්ද, නිකරගුවාවේ 95ක්ද ලෙස දකුණු හා මධ්‍යම ඇමරිකාව තුළද වෝල්මාර්ට් ජාත්‍යන්තර ජාලය මේ වන විට ව්‍යාප්ත වී තිබේ. එක්සත් රාජධානිය තුළ "ඇස්ඩා" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද, ජපානය තුළ "සෙඉයු" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය සතුය.
වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය 1996දී චීනය තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර මේ වන විට චීනය තුළ වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 386ක් ඇතුළු වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 424ක් ක්‍රියාත්මකව පවතී. වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය ඉන්දියාවට ඇතුළු වුණේ 2009දීය. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 9ක වෝල්මාර්ට් ව්‍යාපාර ජාලයට අයත් සිල්ලර වෙළඳසැල් 20ක් වෙනත් වෙළඳ නාමයකින් විවෘතව පවතී. අප්‍රිකානු මහාද්වීපයේ දකුණු අප්‍රිකාව, ඝානා, බොට්ස්වානා, කෙන්යාව, සැම්බියාව, උගන්ඩාව, මලාවි, මොසැම්බික්, ටැන්සානියාව, ස්වාසිලන්තය, උගන්ඩාව, නයිජීරියාව, ලෙසොතෝ වැනි රටවල් ගණනාවකද වෝල්මාර්ට් ක්‍රියාත්මකය.
වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් 1992 වසරේදී මිය යාමෙන් පසු ඔහුගේ උරුමය සෑම් වෝල්ටන්ගේ දරුවන් සිවුදෙනා වූ රොබ්, ජෝන්, ජිම් හා ඇලිස් අතර බෙදී ගියේය. 1995දී සෑම් වෝල්ටන්ගේ සොහොයුරු හා වෝල්මාර්ට් සම-නිර්මාතෘ බඩ් වොල්ටන්ද මිය ගියේය. ඉන් පසුව, බඩ් වෝල්ටන්ගේ උරුමය ඔහුගේ දියණියන් දෙදෙනා වූ ඈන් හා නැන්සි අතර බෙදී ගියේය. ඉන් පසුව, 2005දී ගුවන් යානා අනතුරකින් සෑම් වෝල්ටන්ගේ දරුවෙකු වූ ජෝන් වෝල්ටන්ද මිය ගියේය. ජෝන් සතු වූ වෝල්මාර්ට් කොටස් හිමිකම් වලින් අඩක් පුණ්‍ය කටයුතු සඳහා වෙන් කෙරුණු අතර, තුනෙන් එකක් ඔහුගේ පුත් ලූකාස්ටත්, හයෙන් එකක් දෙවන බිරිඳ වූ ක්‍රිස්ටිටත් හිමි විය. මේ අනුව, රොබ්, ජිම්, ඇලිස්, ඈන්, නැන්සි, ලූකාස් හා ක්‍රිස්ටි අතර මේ වන විට වෝල්මාට් නිර්මාතෘන්ගේ උරුමය බෙදී ගොස් තිබේ. මේ හත් දෙනාට දැනට වෝල්මාර්ට් කොටස් වලින් 54%ක් පමණ අයිතිය. අද (දෙසැම්බර් 19) වන විට වෝල්මාර්ට් පවුලේ එක් එක් සාමාජිකයාගේ වත්කම් මෙසේය.
රොබ් වෝල්ටන්- ඩොලර් බිලියන 45.5
ජිම් වෝල්ටන්- ඩොලර් බිලියන 46.5
ඇලිස් වෝල්ටන්- ඩොලර් බිලියන 46.2
ඈන් වෝල්ටන්- ඩොලර් බිලියන 6.6
නැන්සි වෝල්ටන්- ඩොලර් බිලියන 5.8
ලූකාස් වෝල්ටන්- ඩොලර් බිලියන 16.0
ක්‍රිස්ටි වෝල්ටන්- ඩොලර් බිලියන 7.4
මේ අනුව වෝල්මාර්ට් පවුලේ සාමාජිකයින්ගේ වත්කම් වල එකතුව අද වන විට ඇමරිකන් ඩොලර් බිලියන 174කි. මේ අය අතරින් ජිම්, ඇලිස් හා රොබ් පිළිවෙලින් ලෝකයේ ඉහළම වත්කම් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ 14, 15 හා 16 ස්ථාන වල සිටිති.
Labels:
ආදායම් විෂමතාවය,
ඇමරිකාව,
ධනවාදය,
මූල්ය වෙළඳපොළ,
සේවා ආර්ථිකය
Saturday, July 8, 2017
බැටරි කේජ් කුකුළන් හා සයිටම්
මේ හදන්නේ පොල් මැල්ලුම් ශානරයේ කතාවක් ලියන්නට නොවේ. එහෙත්, බැලූ බැල්මටම සමානත්වයක් නොපෙනෙන ඇතැම් දේවල් අතර සැලකිය යුතු සමානකම් තිබේ.
සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ධජය යටතේ වෛද්‍යවරුන් පෙළ ගැසී සිටින අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ධජය යටතේ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ බැටරි කේජ් ක්‍රමයට එරෙහිව වීදි බැස සිටිති.
සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයකි. මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් විසින් බැටරි කේජ් ක්‍රමය පටන් ගත් විට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් වඩා අඩු මිලකට, තත්ත්වයෙන් ඉහළ බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. එසේ වූ විට සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ලාබ අඩු වී ඔවුන්ට කර්මාන්තය පවත්වා ගැනීම අසීරු වන්නට ඉඩ තිබේ. ඒ නිසා, ඔවුන්ගේ බිය හා ඒ හා බැඳුනු විරෝධය පදනම් විරහිත එකක් නොවේ.
කෙසේ වුවද, බැටරි කේජ් ක්‍රමය හරහා තත්ත්වයෙන් ඉහළ බිත්තර අඩු මිලකට මිල දී ගන්නට ලැබීම පාරිභෝගිකයින්ට ලැබෙන වාසියකි.
ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය විශාල නිෂ්පාදකයින් පිරිසක් හා අති විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින කර්මාන්තයකි. රටේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක බිත්තර පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට බාධාවක් නැත. (සෞඛ්‍යමය හේතු නිසා ඔබේ සහකරු හෝ සහකාරිය විසින් ඔබේ පිඟානට එන බිත්තර ගණන සීමා කිරීම වැනි දේ අපි අමතක කරමු.) බිත්තරයක ගුණාත්මක භාවය හඳුනාගැනීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට කරන්නට අසීරු කටයුත්තක්ද නොවේ. සෑම කිකිළි බිත්තරයක්ම සමාන නොවූවත් බිත්තර අතර වෙනස්කම් එතරම් විශාලද නැත.
අළුත් නිෂ්පාදකයෙකු ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට එකතු වීම එතරම්ම අපහසු කරුණක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය මෙන්ම නිෂ්පාදනය ආරම්භ කිරීමට ගතවන කාලයද එතරම් විශාල නැත. දන්නා තරමින් මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නොවේ. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කාටලයක් ලෙස ක්‍රියා කරමින් අළුත් නිෂ්පාදකයින් කර්මාන්තයට එකතු වීම වලක්වන්නට උත්සාහ කරන්නේද නැත. එමෙන්ම, කර්මාන්තයේ නිරත වන අයෙකුට එයින් ඉවත් වීමද ඉතා පහසු කටයුත්තකි.
ඉහත ලක්ෂණ නිසා ලංකාවේ කුකුළු ගොවිපොළ කර්මාන්තය තරඟකාරී කර්මාන්තයකි. එහි සුපිරි ලාබ නැත. ඇත්තේ තමන්ගේ ශ්‍රමයට හා ගන්නා අවදානමට ලැබෙන සාමාන්‍ය ලාබ පමණි. ඒ නිසා, කර්මාන්තය තුළ දිගටම රැඳී සිටිය හැක්කේ වඩා කාර්යක්ෂම පුද්ගලයන්ට පමණි. කිසියම් නිෂ්පාදකයෙකුට තමන්ගේ ලාබ වැඩි කරගත හැකි එකම ක්‍රමය අනෙක් ගොවියන්ට වඩා කාර්යක්ෂම වීමයි. බැටරි කේජ් ක්‍රමයට මාරු වීමට ඇතැම් ගොවීන් උත්සාහ දැරීම තුළ පෙනෙන්නේද මෙසේ සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි කරගැනීමට ඇතැම් කුකුළු ගොවීන් විසින් දරන උත්සාහයයි.
තරඟකාරී කර්මාන්තයක යෙදී සිටින නිෂ්පාදකයින්ට සිය ලාබ වැඩි කරගැනීමට ඇති එකම මාර්ගය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමයි. ඒ නිසා එවැනි කර්මාන්තයක් හැම විටම කාර්යක්ෂමතාවය සොයා යයි. මෙය ස්වභාවිකවම සිදුවන්නකි. එය සැලසුම්කරන්නට දේශපාලනඥයින් හෝ නිලධාරීන් අවශ්‍ය නැත. කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩිවීම වැඩි වශයෙන්ම පාරිභෝගිකයින්ටත්, එසේ කාර්යක්ෂමතාවය වැඩිකරගත් නිෂ්පාදකයින්ටත්, පොදුවේ රටටත් වාසිදායක වුවත්, කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයින්ට අවාසිදායකය.
රටේ එක් කණ්ඩායමකට (පාරිභෝගිකයන්ට) වාසියක් වෙද්දී තවත් කණ්ඩායමකට (කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයන්ට) අවාසියක් සිදුවීම විමසිය යුතු, ආර්ථික විද්‍යාඥයෙකුගේ විෂය පථයට අයත් කාර්යයකි. මෙවැනි තත්වයක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ සමානාත්මතාවය මත පදනම්ව, පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදකයින්ද සුවිශේෂී පුද්ගලයින් නොවන සාමාන්‍ය පුද්ගලයින් ලෙස සලකමින් කරුණු විමසීමයි. තරඟකාරී වෙළදපොලක් ඇති විට ඕනෑම පුද්ගලයෙකුට නිෂ්පාදකයෙක් හෝ පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට කිසිදු බාධාවක් නැති නිසා මේ කණ්ඩායම් දෙකේ ඉන්නා පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් පුද්ගලයෝ නොවෙති.
බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන පාරිභෝගිකයෙකුට හැම විටම ලාබයක් හිමි වේ. මෙය ඔහුගේ හෝ ඇයගේ පාරිභෝගික අතිරික්තයයි. මේ පාරිභෝගික අතිරික්තය යනු අදාළ පාරිභෝගිකයාට සාපේක්ෂව කිසියම් භාණ්ඩයක වටිනාකම හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. තමන්ට සාපේක්ෂ වටිනාකම වෙළඳපොල මිලට වඩා අඩුනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
මේ අයුරින්ම බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන නිෂ්පාදකයෙකුටද හැම විටම ලාබයක් හිමි වේ. මෙය අදාළ නිෂ්පාදකයාගේ පිරිවැය හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. නිෂ්පාදකයෙකුගේ පිරිවැය වෙළඳපොල මිලට වඩා වැඩිනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් නිෂ්පාදකයින් සියල්ලන්ගේම පිරිවැය සමාන නැත. වඩා කාර්යක්ෂම නිෂ්පාදකයෙකුට පිරිවැය අඩු කරගැනීම මඟින් වැඩි ලාබයක් ලබන්නට පුළුවන. ඒ නිසා නිෂ්පාදකයෙකු ලබන ලාබය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
නිදහස් වෙළදපොලක් හැම විටම වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින්ට වැඩි වාසි සලසන අතරම භාණ්ඩයක් හෝ සේවාවක් වැඩියෙන්ම අගය කරන අයට ඒවා හිමි කර දෙයි. ඒ හැරුණු විට නිදහස් වෙළදපොලක් (සාමාන්‍යයෙන්) පාරිභෝගිකයෙකුගේ හෝ නිෂ්පාදකයෙකුගේ ජාතිය, ආගම, වයස, ලිංගිකත්වය හෝ දේශපාලන නැඹුරුව නොතකයි.
බැටරි කේජ් භාවිතයට පැමිණීමෙන් ඒවා භාවිතා නොකරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට වෙළඳපොලෙන් ඉවත් වන්නට සිදුවිය හැකිය. මෙවැනි කරුණක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විමසන්නේ ඒ හේතුවෙන් සමාජ අතිරික්තය වෙනස් වන ආකාරය දෙස බලමිනි. සමාජ අතිරික්තය යනු රටක (කිසියම් කර්මාන්තයක් තුළ) සියලුම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයන්ගේත්, සියලුම නිෂ්පාදකයින් විසින් ලබන ලාභයන්ගේත් එකතුවයි. මෙය වැඩි කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් හොඳ සමාජ සැකැස්මක් ලෙස සැලකෙන අතර වාසි හිමිවන්නේ කවර පුද්ගලයින්ටද යන්න සාමාන්‍යයෙන් සැලකිල්ලට නොගැනේ.
ස්වභාවික හෝ කෘතීම බාධා නැති නිදහස් වෙළඳපොලක සමාජ අතිරික්තය කිසියම් වෙළඳපොලකින් ලබාගත හැකි උපරිම සමාජ අතිරික්තයයි. වෙළඳපොල වෙත මැදිහත් වන සෑම විටකම මේ සමාජ අතිරික්තය කිසියම් ප්‍රමානයකින් පහළ යයි. බදු, සහනාධාර, මිල පාලන, නිෂ්පාදන සීමා ආදී සියල්ලෙන්ම සිදුවන්නේ සමාජ අතිරික්තය පහළ යාමයි. එසේනම්, රජයයන් එවැනි මැදිහත්වීම් කරා යොමුවන්නේ ඇයි?
කිසියම් අවස්ථාවක රටක නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් සියලු දෙනාම සමාන නොවන බව ඒ රටේ ජනතාව විසින් තීරණය කරන්නට ඉඩ තිබේ. ඒ අනුව, සෝමපාලට රුපියල් සීයක පාඩුවක් වූවත් සිරියලතාට අඩු වශයෙන් රුපියල් පණහක වාසියක් සිදු වේනම් එය සමාජයට සමස්තයක් ලෙස සිදුවන යහපතක් බව වැඩි දෙනෙකු විසින් සිතන අවස්ථා තිබෙන්නට පුළුවන. මේ ආකාරයේ සම්පත් බෙදීමකට නිදහස් වෙළඳපොලක ඉඩ නැති නිසා කිසියම් මැදිහත් වීමක් අවශ්‍ය වේ. සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ රුපියල් පණහක වාසිය වෙනුවෙන් වෙනත් අයගේ රුපියල් සීයක වාසි නැති වීම ප්‍රශ්නයක් නොවේයැයි සමස්ත සමාජයම සිතනවානම්, එය රජයට නිදහස් වෙළඳපොල යාන්ත්‍රණය වෙත මැදිහත් වීමට හේතුවක් සපයයි.
සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ ඉල්ලීම තමන්ට රුපියල් පණහක වාසියක් ලබා ගැනීම සඳහා වෙනත් අයට රුපියල් සීයක පාඩුවක් කරමින් මැදිහත්වීමක් කරන මෙන් රජයෙන් කරන ඉල්ලීමකි. එවැනි මැදිහත්වීමක් ඉතා පැහැදිලිවම අකාර්යක්ෂම ඉල්ලීමකි. එහෙත්, ඇතැම් විට ඒ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් විය හැකිය. සාධාරණත්වය යනු කාර්යක්ෂමතාවය මෙන් නිශ්චිත අදහසක් නොව සාපේක්ෂ දේශපාලනික අදහසකි.
පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ බිත්තර සැපයීමේ වෙළඳපොළට හැම අතින්ම සමාන නැත. මේ වෙළඳපොළවල් දෙක අතර මූලික වෙනස්කම් ගණනාවක්ම තිබේ. එහෙත්, ඇතැම් මූලික කරුණු වලින් මේ වෙළඳපොළවල් දෙක සමාන වන තැන්ද තිබේ.
බිත්තර වෙළඳපොළේ මෙන්ම වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේද විශාල පාරිභෝගික පිරිසක් සිටිති. ඒ නිසා, එක් තනි පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් කළ නොහැකිය. තමන්ට බිත්තර අවශ්‍ය වන මොහොත හා අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගැන අදහසක් පාරිභෝගිකයෙකුට තිබේ. එහෙත්, තමන්ට වෛද්‍ය සේවා අවශ්‍ය වන මොහොත හා ප්‍රමාණය ගැන පාරිභෝගිකයෙකුට විශාල අවිනිශ්චිතාවක් තිබේ. ඒ නිසා, වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට බිත්තර මිල දී ගන්නා පාරිභෝගිකයින්ට තරම්වත් හෙට්ටු කිරීමේ හැකියාවක් නැත.
බිත්තරයක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. එහෙත්, වෛද්‍ය සේවාවක ගුණාත්මක භාවය පිරීක්සීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මෙය තරඟකාරී තත්ත්වයන් යටතේ වුවත්, වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් අතර සැලකිය යුතු පරතරයක් ඇති කරයි.
වෛද්‍ය සේවා සපයන නිෂ්පාදකයෙකු වීම බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා, අඩු වශයෙන් අවුරුදු හයක් පමණවත් ගත වේ. සෛද්ධාන්තිකව "ඕනෑම අයෙකුට" වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු හෙවත් වෛද්‍ය වරයෙකු වන්නට පුළුවන. නමුත්, ප්‍රායෝගිකව මෙය සියල්ලන්ටම කළ නොහැකි දෙයකි.
සාපේක්ෂව අදක්ෂ හෝ කැපවීම අඩු වෛද්‍ය සිසුවෙකුට සිය උපාධිය ලබා වෛද්‍ය උපාධිය ලබා ගැනීමට වසර හයකට වඩා වැඩි කාලයක්, ඇතැම් විට වසර හත අටක්, ගත වන්නට ඉඩ තිබේ. එවැනි කාලයක් ගත කිරීමෙන් පසුවද සිය ඉලක්කය වෙත යාගන්නට නොහැකි වන අය සිටිති. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නොවෙනස්ව තිබියදී, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් වන තරමට වෛද්‍ය උපාධියක් වසර හයකින් සම්පූර්ණ කිරීමට අසමත් සිසුන් මෙන්ම එය කිසිදා අවසන් කළ නොහැකි අයද වෛද්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඇති ඉඩකඩ ඉහළ යයි.
අවශ්‍ය පුහුණුව ලබා වෛද්‍යවරයෙකු වීම අසීරු කටයුත්තකි. වෙනස්කම් තිබුණත්, මෙය සෑම රටකටම පොදු තත්ත්වයකි. බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසුවෙන් වෛද්‍යවරයෙකු වීමට ඉඩ සලසන ලාභ සඳහා වන හෝ නොවන, රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කොහේවත් නැත. මේ නිසා, බොහෝ විට වෛද්‍යවරයෙකු වීම සඳහා යොමු වන්නේ වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඇති අයයි. මේ අය සමාජයේ සිටින අහඹු පිරිසක් නොවේ.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමුවන බොහෝ දෙනෙකු වෙනත් දක්ෂතාද ඇති අයයි. මෙවැන්නෙකුට ඒ අවස්ථාව අහිමි වුවහොත් බිත්තර නිෂ්පාදකයෙකු වෙන්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. යම් හෙයකින් බිත්තර නිෂ්පාදකයෙකු වුවද එවැන්නකු බොහෝ විට ඒ කාර්යය දක්ෂ ලෙස කරමින් සැලකිය යුතු මුදලක් උපයන්නට ඉඩ තිබේ. වෛද්‍ය සිසුවකු වෛද්‍ය අධ්‍යාපනය කරා යොමු වන්නේ මෙසේ වෙනත් කටයුත්තක නිරත වී මුදල් උපයන්නට ඇති අවස්ථාව ඉවත හෙළමිනි.
රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන සිසුවෙකු "නොමිලේ" අධ්‍යාපනය ලබන්නේ නැත. එවැන්නෙකු විසින් වෛද්‍ය පීඨයට ටියුෂන් ගාස්තු ගෙවිය යුතු නොවූවත්, පොත්පත්, ඇඳුම් පැළඳුම්, නේවාසික ගාස්තු හා ප්‍රවාහන ගාස්තු ආදිය වෙනුවෙන් තවත් සැලකිය යුතු මුදලක් වැය කළ යුතුය. ඊට අමතරව වෙනත් රැකියාවක් කරමින් ඉපැයිය හැකි මුදලද ඔවුහු අමතක කර දමති. මේ සියල්ල එකතු කළ විට රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන්නෙකුද අවසානයේදී වෛද්‍යවරයෙකු වන්නේ විශාල වියදමක් දරමිනි.
කිසියම් අයෙකු වෛද්‍යවරයෙකු වීම සඳහා විශාල පිරිවැයක් දරන්නේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් ඒ පිරිවැය පහසුවෙන් ආවරණය වන නිසාය.
වෛද්‍යවරයෙකු වීම සඳහා දැරිය යුතු ආවස්ථික පිරිවැය සැලකූ විට රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස ලැබෙන ප්‍රතිලාභ එතරම්ම විශාල නැත. එවැනි, ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප වෘත්තීන් ගණනාවක් තිබේ. වෛද්‍යවරයෙකු වීම ආකර්ශනීය වන්නේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල නිසාය.
ලංකාවේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල සැලකිය යුතු තරම් තරඟකාරී එකකි. එහි නිරතවන සියලුම වෛද්‍යවරුන්ට එකම මට්ටමින් ලාබ ලැබෙන්නේ නැත. වඩා කාර්යක්ෂම ලෙස සේවා සපයන වෛද්‍යවරුන්ට වැඩි ඉල්ලුමක් හා ඒ හේතුවෙන් වැඩි ලාබ හිමිවේ. මේ වෙළඳපොළේදී වෛද්‍යවරයෙකුගේ කාර්යක්ෂමතාවය තීරණය වන්නේ ඔහු හෝ ඇයගේ උසස්පෙළ ප්‍රතිඵල හෝ වෛද්‍ය උපාධියේ පන්ති සාමාර්ථය අනුව නොවේ. එය පාරිභෝගිකයින් හෙවත් රෝගීන් විසින් තීරණය කරන්නකි. කාර්යක්ෂම ලෙස රෝග විනිශ්චය කළ හැකි හා ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් හඳුනාගැනීමේ හැකියාවක් පාරිභෝගිකයන්ට තිබේ. මේ හැකියාව සර්ව සම්පූර්ණ එකක් නොවීම වෙනම කරුණකි.
පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල තුළ තමන්ට අනාගතයේ හිමි වන ස්ථානය වෛද්‍ය සිසුවෙකුට පෙර නිගමනය කළ නොහැකි දෙයකි. කෙසේ වුවද, අකාර්යක්ෂම වෛද්‍යවරයෙකු වුවත්, අකාර්යක්ෂම බිත්තර නිෂ්පාදකයෙකු මෙන් ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොලෙන් එළියට විසිවන්නේ නැත. එවැන්නන්ටද යම් පාරිභෝගික ඉල්ලුමක් තිබේ. එයට හේතුව ලංකාවේ වෛද්‍ය සේවා නිෂ්පාදකයින් ප්‍රමාණය කෘතීම ලෙස සීමා කර තිබීමයි. ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නොවේ. ඒ නිසා, කාර්යක්ෂම වෛද්‍යවරුන් වැඩි ලාභ ලබද්දී අකාර්යක්ෂම වෛද්‍යවරයෙකුට වුවද එහි කිසියම් ලාබයක් ලබන්නට ඉඩක් තිබේ.
සයිටම් ආයතනයෙන් උපාධිය අපේක්ෂා කරන වෛද්‍ය ශිෂ්‍යයෙකු රජයේ වෛද්‍ය විද්‍යාලයක සිසුන් වැය කරන සමස්ත පිරිවැය එලෙසම දැරිය යුතු අතර එයට අමතරව ටියුෂන් ගාස්තුද ගෙවිය යුතුය. මේ අමතර මුදල රුපියල් ලක්ෂ 90ක් ලෙස සඳහන්ව තිබේ. (රුපියල් ලක්ෂ 120 වැනි වෙනත් ගණන්ද සඳහන්ව ඇති අතර ගණන වෙනස් වීම කියන කරුණට බාධාවක් නොවේ.)
රුපියල් ලක්ෂ 90ක් (හෝ රුපියල් ලක්ෂ 120ක්) යනු විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ආයෝජනය කර මුදල් ඉපැයිය හැකි විකල්ප අවස්ථා රැසක්ම තිබේ. එසේ තිබියදී, කිසියම් අයෙකු සයිටම් වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වී අවදානමක් ගන්නේ පළමුව තමන්ට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ තුළ සාර්ථක විය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. තෙවනුව, එසේ ලැබේයයි සිතන අනාගත වාසි මේ ආයෝජනයට වඩා විශාලයැයි සිතන බැවිනි.
සයිටම් වැනි අලුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලබාගන්නා අයෙකු රැකියා වෙළඳපොළේ මුහුණ දෙන අභියෝගය රජයේ වෛද්‍ය පීඨයකින් මුහුණ දෙන අයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා වැඩිය. එවැනි අයෙකුට රුපියල් ලක්ෂ 90ක හෝ 120ක ආයෝජනයක් යාන්තමින් පියවා ගත හැකිනම්, එයින් අදහස් වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් පිටවන වෛද්‍යවරයෙකුට *අඩුම වශයෙන්* එපමණක සුපිරි ලාභ ඇති බවයි. සුපිරි ලාභ කියන්නේ යමෙකු සිදුකරන ආයෝජනයට, ගන්නා අවදානමට හා වැය කරන ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව, වෙළඳපොළ විකෘතියක් නිසා ලැබෙන දෙයකි. සයිටම් සිසුන්ටද කිසියම් සුපිරි ලාබයක් ලැබෙන්නට ඉඩ ඇති නිසා මේ මුදල මීට වඩා වැඩි විය යුතුය.
ඇතැම් අය කියනවාක් මෙන් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාටද" සුපිරි ලාභ තිබෙනවා වන්නට පුළුවන. එසේනම්, ඒ සඳහා ඉඩ සලසා ඇත්තේද පවතින වෙළඳපොළ විකෘතිය විසිනි.
සයිටම් හා තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවානම් වෛද්‍ය සැපයුම ඉහළ ගොස් වෛද්‍ය සේවා වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇත. රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨ වලට ඇතුළු කර ගන්නා ප්‍රමාණය අවශ්‍ය තරමට වැඩි වුවද එවැන්නක් සිදුවිය හැකිය. එවිට වෛද්‍යවරුන්ගේ සුපිරි ලාභ නැතිව යන අතර ආන්තික වෛද්‍යවරයෙකුට හිමි වන්නේ ඔවුන් සිදුකරන ආයෝජනය හා ගන්නා අවදානම වෙනුවෙන් ලැබිය යුතු නිසි ලාබය පමණි. මේ ආන්තික වෛද්‍යවරයා වන්නේ සයිටම් වලින් බිහිවෙන වෛද්‍යවරයෙකි. එසේ නැත්නම් ඊට වඩා මිලක් ගෙවා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවන වෛද්‍ය වරයෙකි. අඩු පිරිවැයක් දරා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන අයෙකු ආන්තික වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු වන්නේ නැත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ මුදල් අයකරන රජයේ වෛද්‍ය විද්‍යාල තිබීම හේතුවෙන් දිගුකාලීනව ලෝකයේ කිසිදු රටක වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වී නැත. යම් හෙයකින් එසේ වුවහොත්, මුලින්ම සිදුවන්නේ සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වීමයි. රුපියල් ලක්ෂ 90 (හෝ 120) පහසුවෙන් පියවාගත හැකි වාතාවරණයක් නැත්නම් කිසිවකු සයිටම් යන්නට උනන්දු වන්නේ නැත. එවැනි විටෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාට" තමන්ගේ ආයෝජනය හා අවදානම යාන්තමින් ආවරණය වන මට්ටමට ටියුෂන් ගාස්තු පහළ හෙළන්නට සිදුවේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් කෙතරම් වෛද්‍යවරුන් බිහිවුණත්, රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවෙන වෛද්‍යවරයෙකුට තමන්ගේ ආයෝජනය හා අවදානම වෙනුවෙන් ලැබෙන මුදලට අමතරව තවත් ලක්ෂ 90ක (හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අයකරන අවම ගාස්තුවට සමාන) සුපිරි ලාභද ඉතිරි වේ.
රටේ වෛද්‍යවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට එහි වාසිය ලබන ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේ පාරිභෝගිකයින් වන රෝගීන්ය. ඔවුන්ට අඩු මිලකට ගුණාත්මක භාවයෙන් වැඩි සේවාවක් හිමිවේ.
සයිටම් වෛද්‍යවරුන් නිසා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍යවරයෙකුට රස්සාව නැති වෙන්නට ඉඩක් ඇති එකම ආකාරය රජයේ වෛද්‍ය පීඨ වලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සයිටම් වලට වඩා විශාල ලෙස පහත වැටීම පමණි. එසේ වූ විට වඩා හොඳ හා වැඩි මිල වෛද්‍ය අධ්‍යාපනය සයිටම් වලින් හා අඩු ගුණාත්මක භාවයක් ඇති, අඩු මිල වෛද්‍ය අධ්‍යාපනය රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලෙස සමතුලිතතාවයක් ඇති විය හැකිය. රජයේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මකභාවය විශාල ලෙස අඩුනම් පමණක් තරඟය වැඩි වීම රජයේ වෛද්‍ය පීඨයකින් පිටවන වෛද්‍යවරයෙකුට ප්‍රශ්නයක් විය හැකිය.
මෙහි විලෝමය සිදු වන්නට කිසිදු ඉඩක් නැත. සයිටම්හි ගුණාත්මක භාවය රජයේ වෛද්‍ය පීඨ වලට වඩා අඩුනම්, සමානනම් පමණක් නොව යාන්තමින් වැඩි වුවද තරඟකාරිත්වය වැඩි වන විට මුලින් වෙළඳපොලෙන් ඉවත් වන්නේ සයිටම් වෛද්‍යවරුන් මිස රජයේ වෛද්‍යවරුන් නොවේ.
ඉතා පැහැදිලි ලෙසම සයිටම් නිසා සමාජ අතිරික්තය ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය තරමක් අඩු වුවද, මෙහි වෙනසක් නැත. පිරිසුදු බිත්තර කුකුළු බෙටි ගෑවුණු බිත්තර වලට වඩා හොඳ වුවත්, බඩේ අමාරු හැදෙන තරමට නරක නැත්නම් බිත්තර කොහෙත්ම නැතුවාට වඩා කුකුළු බෙටි ගෑවුණු බිත්තර හෝ තිබීම හොඳය. නියාමනය අවශ්‍ය වන්නේ බඩේ අමාරු හැදෙන තරමටම නරක බිත්තර වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට පමණි.
සයිටම් ආයතනය රජයට පවරා ගන්නා ලෙස වෛද්‍ය සංගමය කරන ඉල්ලීමද තමන්ගේ රුපියල් පණහේ වාසිය වෙනුවෙන් වෙනත් අයෙකුට රුපියල් සීයක අවාසියක් සිදු කරන මෙන් කරන ඉල්ලීමකි. මෙය අකාර්යක්ෂමතාවයට හේතු වනවා පමණක් නොව අඩු වශයෙන් මට පෙනෙන පරිදි අසාධාරණ ඉල්ලීමක්ද වෙයි. ඒ, වෛද්‍යවරුන්ට සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට නැති සුපිරි ලාභ ඇති බැවිනි.
කිසියම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක වාසිය සුළු පිරිසකට පමණක් වූ විට එවැනි ඉල්ලීමක් පොදු සමාජයට අලෙවි කිරීම පහසු නැත. එවිට, එවැනි සීමිත පිරිසකගේ ප්‍රශ්නයක් කිසියම් අයුරකින් වැඩි පිරිසකගේ ප්‍රශ්නයක් සමඟ ගැට ගසන්නට සිදු වේ. සුළු පරිමාණ කුකුළු ගොවියන් විසින් තමන්ගේ ප්‍රශ්නය "කුකුළන්ගේ මානව හිමිකම්" සමඟ ගැට ගසන්නේ ඒ නිසාය. වෛද්‍යවරුද මේ අයුරින්ම ඔවුන්ගේ ප්‍රශ්නය "වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය" හා "නිදහස් අධ්‍යාපනය නැති වීම" වැනි පොදු සමාජය සංවේදී වන වෙනත් මාතෘකා සමඟ ගැට ගැසීමට උත්සාහ කරති.
කෙසේ වුවද, මේ අර්බුද දෙක හරහාම කරළියට එන තවත් මූලික ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයයි.
සුළු පරිමාණ කුකුළු ගොවීන්ට බැටරි කේජ් මිලදී ගෙන සිය කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වුවත් ප්‍රාග්ධනය නොමැති වීම නිසා ඔවුන්ට එය කළ නොහැක. ඒ නිසා, බැටරි කේජ් ගන්නට ප්‍රාග්ධනය ඇති අයද එසේ කිරීම වලක්වන්නට ඔවුහු උත්සාහ කරති.
රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන, එහෙත් වෛද්‍ය විද්‍යා උපාධියක් හැදෑරීමට ශක්‍යතාවයක් හා ආශාවක් ඇති බොහෝ දෙනෙකුට සයිටම් හරහා සිය ඉලක්කය කරා ළඟා වීමට හැකියාවක් නැත. ඒ, ඒ සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 90 ක හෝ 120ක මුදල ලංකාවේ විශාල පිරිසකට සිහිනයක් බැවිනි. ඔවුන්ගේ විරෝධය නිතැතින්ම සයිටම් වෙත යොමු වේ.
රටක සියලු දෙනා අතර ප්‍රාග්ධනය එක සේ බෙදී යාම ස්වභාවික දෙයක් නොවන අතර එසේ නොවීම අසාධාරණ දෙයක්ද නොවේ. එහෙත්, රටක සියලු දෙනාටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වන්නට අවස්ථා නොතිබීමේ අසාධාරණත්වයක් තිබේ.
ලංකාවේ බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට සාධාරණ තබා ඇතැම් විට කිසිදු අවස්ථාවක් නැත. මේ ලිපියේ වැඩිදුර විස්තර කරන්නට නොයන නමුත් ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇති විශාල ඉල්ලුමටද මෙය එක් හේතුවකි. තරුණයින් බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට හැකි ප්‍රධාන ආකාරය සිය දෙමවුපියන්ගේ සංචිතයි. මේ ලොතරැයිය ඇදෙන්නේ කලාතුරකින් අයෙකුට පමණි. අති මහත් බහුතරයට එවැනි ප්‍රවේශ මාර්ග නැත.
ඉහත තත්ත්වයට හේතුවද නිදහස් වෙළදපොල විකෘතියකි.
සාමාන්‍යයෙන් රටක මුදල් ඉතිරි කරන්නෝ හා ණය සොයන්නෝ හරි හරියට බෙදී සිටිති. අඩු පොලියකට ණයක් ගැනීම ණය සොයන්නෙකුගේ ඉලක්කය වන්නා සේම, වැඩි පොලියක් ලබා ගැනීම ඉතිරි කරන්නෙකුගේ ඉලක්කයකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සමතුලිත පොලී අනුපාතික වැඩි මිලක් නොගන්නා අතර ලංකාවේ දැන් සිදුවන්නාක් මෙන් ණය ගන්නන්ට පමණක් නොව, ණය දෙන්නන්ටද ණය ගන්නට කැමති අය සොයමින් පස්සෙන් පන්නන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයයි.
වෛද්‍ය උපාධියක් හදාරන අයෙකුගේ අනාගත ආදායම් ස්ථිර නිසා එවැන්නෙකුට ණය මුදලක් ලබාදීමේ විශාල අවදානමක් නැත. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඕනෑම දක්ෂ සිසුවෙකුට සයිටම් වැනි තැනකින් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා අඩු පොලියකට ණයක් ගන්නට ලැබීම සරල දෙයක් විය යුතු වුවත් ඇත්ත තත්ත්වය එවැන්නක් නොවේ.
ලංකාවේ වෙනත් බොහෝ ප්‍රශ්න වලට මෙන්ම මෙයටද හේතුව අති විශාල රාජ්‍ය අයවැය හිඟයයි. දේශීය ඉතිරි කිරීම් සියල්ලම වාගේ ඉතා ඉහළ පොලියක් ගෙවමින් රජය විසින් අවශෝෂණය කරගන්නා නිසා බාහිර මූල්‍ය වෙළඳපොළේ ණය ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වී තිබේ. ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන්ට මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන්නේ නැත. මෙහි වාසිය ගන්නා අතළොස්සක් විසින් ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පාලනය කර අතර එහි ඇති අකාර්යක්ෂමතාවයන් හා ඒකාධිකාරීත්වය වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයද ඉක්මවන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය ලංකාවේ අති මහත් බහුතරයකට මූල්‍ය ප්‍රවේශයට ඇති ඉඩප්‍රස්ථා අවම වීමයි. මෙහි පැහැදිලි අසාධාරණයක් තිබේ.
අවුල ලිහන්නට පටන්ගත යුත්තේ රජයේ වියදම් කපා හැර අයවැය හිඟය අඩු කරගැනීමෙනි. එහෙත්, එසේ කිරීමේදී මුලින්ම අත තැබිය යුත්තේ සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක සේවා අංශ වලට නොවේ.
Labels:
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
ආහාර,
ධනවාදය,
මූල්ය වෙළඳපොළ,
වෛද්‍ය වෘත්තිය
Thursday, December 17, 2015
ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික ඉහළට...
ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දින (16 බදාදා) පැවති ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුවේ ඒකමතික තීරණය පරිදි ෆෙඩරල් පොලී අනුපාතික 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවීය.
පසුගිය දශකයක පමණ කාලය පුරාවට ෆෙඩරල් සංචිත බැංකුව ගෙනගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මීට පෙර අවසන් වරට ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදු වූයේ 2006 ජුනි මස 26 වෙනිදාය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින්, 2007 සැප්තැම්බර් සිට, ඒ වන විට 5.25% මට්ටමේ පැවති ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, හරියටම වසර හතකට පෙර 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එදා මෙදා තුර වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය.
මහ බැංකුවක නාමික පොලී අනුපාතික ශුන්‍ය මට්ටමට පහත හෙළූ විට මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවේ. මෙය එක්තරා ආකාරයකින් මහ බැංකුවේ අවි ගබඩාවේ ඇති අවි අවසන් වීමකි. පොලී අනුපාතික සෘණ අගයකට ගෙන ආ විට බැංකුවක මුදල් තබනවාට වඩා මුදල් අතේ තබා ගැනීම වාසිදායක වන බැවිනි. පොලී අනුපාතික මේ අවම සීමාවට රැගෙන ඒමෙන් අනතුරුවත් ආර්ථික අවපාතයක් අවසන් නොවීම ශුන්‍ය අවම සීමා ගැටළුව (Zero lower bound problem) ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ආර්ථික අවපාතයකින් ඉක්මණින් ගොඩ ඒම සඳහා රටකට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල (ෆිස්කල්) ප්‍රතිපත්තියයි. පසුගිය කාලයේ ඇමරිකාව අනුගමනය කළ ක්‍රමෝපායය වූයේ මෙයයි. කෙසේ වුවද රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමඟින් කෙටිකාලීනව ලැබෙන වාසියට වඩා දිගුකාලීන හානියක් විය හැකිය.
රාජ්‍ය මූල ප්‍රසාරණය හේතුවෙන් 2009 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේය. එහෙත්, 2014 වසර වනවිට මේ හිඟය 2.8% මට්ටමට අඩු කර ගැනුණු අතර ලබන වසර වන විට 2.5% මට්ටමට අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගත් පසුගිය කාලය තුල පටු මුදල් සැපයුම (M1) එ.ජ. ඩොලර් බිලියන 1.4 පමණ සිට බිලියන 3 මට්ටම පසුකරමින් දෙගුණය ඉක්මවා වර්ධනය විය. මුදල් සැපයුමේ මේ විශාල වර්ධනය තවමත් මිල මට්ටම් ඉහළ යැවීමට හේතු වී නැත. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වීමෙන් ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරන්නේ මුදල් සැපයුමේ වර්ධනය සීමා කරමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. මේ ආරම්භක පියවරෙන් අනතුරුව ඉදිරි කාලයේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමනු ලැබීම අපේක්ෂා කළ හැකි දෙයකි.
පසුගිය කාලයේදී ඇමරිකාව අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල ප්‍රතිපත්ති සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය මෙන්ම ෆෙඩරල් බැංකුවේ සංචිත මුදල් සැපයුමද විශාල ලෙස ඉහළ ගියේය. ඇතැම් අය අනාවැකි පළකළේ මේ හේතුවෙන් ඇමරිකාව වඩා විශාල, ගොඩ යා නොහැකි ආර්ථික අර්බුදයක හිරවනු ඇති බවයි. කෙසේවුවද, ඇමරිකානු ආර්ථිකය නැවතත් සාර්ථක ලෙස හිස ඔසොවා ඇති බව දැන් පැහැදිලිය. 2009 ඔක්තෝබර් වන විට 10% මට්ටමට ඉහළ ගිය විරැකියා අනුපාතිකය මේ වන විට 5% මට්ටම දක්වා අඩුවී තිබේ. මෙය ඇමරිකාවේ පියවි විරැකියා අනුපාතිකය ලෙස ඇස්තමේන්තු කර ඇති 5.2%ට වඩා අඩු අගයකි. එමෙන්ම මේ වසරේදී 2% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර ලබන වසරේදී මේ වර්ධනය 2.2-2.6% මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විට ඇමරිකාවේ උද්ධමනය ඇත්තේ 0.5% මට්ටමේය. මෙය දිගුකාලීන ඉලක්කය වන 2% මට්ටමට වඩා තවමත් බෙහෙවින්ම පහළින් ඇතත් මේ වන විට ඉතා අඩු මට්ටමක ඇති ඉන්ධන මිලෙහි බලපෑම ඉවත් වූ විට උද්ධමනය ඉලක්ක මට්ටමට ළඟා වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව, දශකයකට ආසන්න කාලයක් පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පළමු පියවර මෙසේ තබා තිබේ. මේ වැඩිවීම මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීන් බලාපොරොත්තුවෙන් සිටි බැවින් කොටස් වෙළඳපොළ අගයේ සුළු වැඩිවීමක් හැරුණු විට මේ තීරණයෙන් මූල්‍ය ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු කම්පනයක් ඇති වූයේ නැත.
ඇමරිකා ආර්ථිකය මෙසේ ශක්තිමත් වූවද යුරෝපා ආර්ථිකය තවමත් ඔවුන්ගේ අර්බුද වලින් මිදී නොමැති නිසා යුරෝ කලාපයේ මෙවැනි පොලී අනුපාතික ඉහළ යාමක් ළඟකදී බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඇමරිකාව සහ යුරෝ කලාපය අතර පොලී අනුපාතික වෙනස ඉහළ යාම හේතුවෙන් ප්‍රාග්ධනය යුරෝ කලාපයේ ඇමරිකාව වෙත ඇදී ඒම නිසා ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඇත්තටම, මේ පොලී අනුපාතික ඉහළ යාම අපේක්ෂා කළ එකක් වූ බැවින් විණිමය අනුපාතික ෆෙඩරල් තීරණයට පෙරම ප්‍රතිචාර දැක්වීය. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක සියල්ලටම පාහේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුල ශක්තිමත් විය.
මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.
මේ ලිපිය දිනක් පසු වී 17 දින පළ වනු ඇත.
(Image: http://www.financemagnates.com/)
පසුගිය දශකයක පමණ කාලය පුරාවට ෆෙඩරල් සංචිත බැංකුව ගෙනගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මීට පෙර අවසන් වරට ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදු වූයේ 2006 ජුනි මස 26 වෙනිදාය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින්, 2007 සැප්තැම්බර් සිට, ඒ වන විට 5.25% මට්ටමේ පැවති ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, හරියටම වසර හතකට පෙර 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එදා මෙදා තුර වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය.
මහ බැංකුවක නාමික පොලී අනුපාතික ශුන්‍ය මට්ටමට පහත හෙළූ විට මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවේ. මෙය එක්තරා ආකාරයකින් මහ බැංකුවේ අවි ගබඩාවේ ඇති අවි අවසන් වීමකි. පොලී අනුපාතික සෘණ අගයකට ගෙන ආ විට බැංකුවක මුදල් තබනවාට වඩා මුදල් අතේ තබා ගැනීම වාසිදායක වන බැවිනි. පොලී අනුපාතික මේ අවම සීමාවට රැගෙන ඒමෙන් අනතුරුවත් ආර්ථික අවපාතයක් අවසන් නොවීම ශුන්‍ය අවම සීමා ගැටළුව (Zero lower bound problem) ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ආර්ථික අවපාතයකින් ඉක්මණින් ගොඩ ඒම සඳහා රටකට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල (ෆිස්කල්) ප්‍රතිපත්තියයි. පසුගිය කාලයේ ඇමරිකාව අනුගමනය කළ ක්‍රමෝපායය වූයේ මෙයයි. කෙසේ වුවද රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමඟින් කෙටිකාලීනව ලැබෙන වාසියට වඩා දිගුකාලීන හානියක් විය හැකිය.
රාජ්‍ය මූල ප්‍රසාරණය හේතුවෙන් 2009 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේය. එහෙත්, 2014 වසර වනවිට මේ හිඟය 2.8% මට්ටමට අඩු කර ගැනුණු අතර ලබන වසර වන විට 2.5% මට්ටමට අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගත් පසුගිය කාලය තුල පටු මුදල් සැපයුම (M1) එ.ජ. ඩොලර් බිලියන 1.4 පමණ සිට බිලියන 3 මට්ටම පසුකරමින් දෙගුණය ඉක්මවා වර්ධනය විය. මුදල් සැපයුමේ මේ විශාල වර්ධනය තවමත් මිල මට්ටම් ඉහළ යැවීමට හේතු වී නැත. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වීමෙන් ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරන්නේ මුදල් සැපයුමේ වර්ධනය සීමා කරමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. මේ ආරම්භක පියවරෙන් අනතුරුව ඉදිරි කාලයේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමනු ලැබීම අපේක්ෂා කළ හැකි දෙයකි.
පසුගිය කාලයේදී ඇමරිකාව අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල ප්‍රතිපත්ති සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය මෙන්ම ෆෙඩරල් බැංකුවේ සංචිත මුදල් සැපයුමද විශාල ලෙස ඉහළ ගියේය. ඇතැම් අය අනාවැකි පළකළේ මේ හේතුවෙන් ඇමරිකාව වඩා විශාල, ගොඩ යා නොහැකි ආර්ථික අර්බුදයක හිරවනු ඇති බවයි. කෙසේවුවද, ඇමරිකානු ආර්ථිකය නැවතත් සාර්ථක ලෙස හිස ඔසොවා ඇති බව දැන් පැහැදිලිය. 2009 ඔක්තෝබර් වන විට 10% මට්ටමට ඉහළ ගිය විරැකියා අනුපාතිකය මේ වන විට 5% මට්ටම දක්වා අඩුවී තිබේ. මෙය ඇමරිකාවේ පියවි විරැකියා අනුපාතිකය ලෙස ඇස්තමේන්තු කර ඇති 5.2%ට වඩා අඩු අගයකි. එමෙන්ම මේ වසරේදී 2% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර ලබන වසරේදී මේ වර්ධනය 2.2-2.6% මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විට ඇමරිකාවේ උද්ධමනය ඇත්තේ 0.5% මට්ටමේය. මෙය දිගුකාලීන ඉලක්කය වන 2% මට්ටමට වඩා තවමත් බෙහෙවින්ම පහළින් ඇතත් මේ වන විට ඉතා අඩු මට්ටමක ඇති ඉන්ධන මිලෙහි බලපෑම ඉවත් වූ විට උද්ධමනය ඉලක්ක මට්ටමට ළඟා වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව, දශකයකට ආසන්න කාලයක් පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පළමු පියවර මෙසේ තබා තිබේ. මේ වැඩිවීම මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීන් බලාපොරොත්තුවෙන් සිටි බැවින් කොටස් වෙළඳපොළ අගයේ සුළු වැඩිවීමක් හැරුණු විට මේ තීරණයෙන් මූල්‍ය ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු කම්පනයක් ඇති වූයේ නැත.
ඇමරිකා ආර්ථිකය මෙසේ ශක්තිමත් වූවද යුරෝපා ආර්ථිකය තවමත් ඔවුන්ගේ අර්බුද වලින් මිදී නොමැති නිසා යුරෝ කලාපයේ මෙවැනි පොලී අනුපාතික ඉහළ යාමක් ළඟකදී බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඇමරිකාව සහ යුරෝ කලාපය අතර පොලී අනුපාතික වෙනස ඉහළ යාම හේතුවෙන් ප්‍රාග්ධනය යුරෝ කලාපයේ ඇමරිකාව වෙත ඇදී ඒම නිසා ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඇත්තටම, මේ පොලී අනුපාතික ඉහළ යාම අපේක්ෂා කළ එකක් වූ බැවින් විණිමය අනුපාතික ෆෙඩරල් තීරණයට පෙරම ප්‍රතිචාර දැක්වීය. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක සියල්ලටම පාහේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුල ශක්තිමත් විය.
මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.
මේ ලිපිය දිනක් පසු වී 17 දින පළ වනු ඇත.
(Image: http://www.financemagnates.com/)
Labels:
ආර්ථික විද්‍යාව,
ඇමරිකාව,
නවමු පුවත්,
පොලී අනුපාතික,
මූල්ය වෙළඳපොළ
Monday, June 1, 2015
අපේ අවදානම් අධිභාරය අඩුවී තිබේ!
පෙර සටහන හා බැඳේ.
සා ර ස ගේ සබැඳිය අනුව යමින් හර්ෂ ද සිල්වාගේ ගේ ප්‍රකාශය හා අදාළ මහ බැංකු මාධ්‍ය නිවේදනය සොයා ගත හැකි විය.
http://mangalasamaraweera.com/2010/03/22/us-640-mn-imf-loan-obtained-by-govt-lying-in-foreign-banks-harsha-de-silva/
පහත වෙබ් පිටුවේ ඇති 2010 මාර්තු 18 දිනැති මාධ්‍ය නිවේදනයයි.
http://www.cbsl.gov.lk/htm/english/02_prs/p_1.asp?yr=2010
මේ අනුව අදාල සංවර්ධන බැඳුම්කර නිකුතුව පිලිබඳ වැඩි තොරතුරු මෙසේය.
-ඩොලර් මිලියන 55ක සංවර්ධන බැඳුම්කර මාස 36 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.95% ක් පොලියකට.
-ඩොලර් මිලියන 37ක සංවර්ධන බැඳුම්කර මාස 24 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.80% ක් පොලියකට.
එම මාධ්‍ය නිවේදනය අනුවම 2009 සැප්තැම්බර් මාසයේදී මෙසේ වාණිජ ණය ලබා ගෙන ඇත්තේ,
-මාස 36 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 4.25% ක් පොලියකට හා
-මාස 24 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 4.50% ක් පොලියකටය.
මේ බැඳුම්කර නිකුත්කර ඇත්තේ වසර 2-3 කාලයකට බැවින් වසර 10කට නිකුත්කළ බැඳුම්කරයක් හා සැසඳීම කිසිසේත්ම නිවැරදි නොවේ. වසර 10කට ණයක් ලබා දීමේදී ආයෝජකයා ගන්නා අවදානම ඉතා ඉහල බැවින් වැඩි පොලියක් අපේකෂා කිරීම තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මෑත කාලීන නිකුතුවේ සැසඳිය හැකි කල්පිරීම් දෙස අප බැලිය යුතුය.
අදාළ විස්තර මම නැවත පළ කරමි.
- ඩොලර් මිලියන 650ක් ලබාගෙන ඇත්තේ වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකටය.
- ඩොලර් මිලියන 329ක් මාස 13ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකට.
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.5389% ක් පොලියකට.
(දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි. මහ බැංකු මාධ්‍ය නිවේදනය අනුව 2010 මාර්තුහිදී මේ අනුපාතය 0.40% කව පැවතී ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලේ පොලී අනුපාතික 0.02% කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.)
මාස 13 බැඳුම්කරය වඩාත් කෙටිකාලීන නිසා මෙහිදී මාස 35 සහ මාස 36 බැඳුම්කර සැසඳීම සාධාරණය.
ඒ අනුව පෙනී යන්නේ 2010 මාර්තු නිකුතුවට සාපේක්ෂව මෙවර ණය ලබාගෙන ඇත්තේ 0.41% ක් අඩුවෙන් බවයි (3.95 - 3.54).
මෙය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකාව පිලිබඳ ආකල්ප යහපත් වීමක් වීමට ඇති ඉඩකඩ එසේ නොවීමට ඇති ඉඩකඩට වඩා ඉතා විශාලය.
තීරණය ඔබ සතුය. මා ස්ථිරවම නොපවසන්නේ එය පුද්ගලික මතයක් නිසාත්, සලකා නොබැලූ වෙනත් කරුණු වල බලපෑම් ද තිබිය හැකි නිසාත්ය. සා ර ස තර්කය අනුව යමින් කලින් ලබාගත් කොමිස් මුදල් අඩුවීමක් ලෙස මෙය පටු ලෙස අර්ථදැක්වීමට යමෙකුට හැකි වුවත් එය නිවැරදි නැත.
අවදානම් අධිභාරය යනු කුමක්ද?
අප යමෙකුට ණය මුදලක් ලබාදීමේදී එය ආපසු නොලැබීමේ අවදානමක් පවතී. උදහරණයක් ලෙස යමෙකු රුපියල් දෙසීයක් ආපසු දෙන පොරොන්දුව පිට ඔබෙන් රුපියල් සියයක් ඉල්ලා සිටී.
මෙය හොඳ ගනුදෙනුවක්ද නැද්ද යන්න තීරණය වන්නේ ණය දෙන්නා තුල ණය ලබා ගන්නා තැනැත්තා පිළිබඳව ඇති විශ්වාසය මතය.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 100%ක් නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක ලාභයක් ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩක් ඇත්තේම නැත්නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක අලාභයක් සිදුවනු ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 50%ක් නම් රුපියල් 100ක ලාභයක් හෝ රුපියල් 100ක අලාභයක් සිදු වීමේ සමාන ඉඩකඩක් ඇති නිසා ලාභයක් හෝ අලාභයක් නැත.
මුදල් අහිමිවීමේ අවදානමක් ඇතත් වැඩි පොලියක් ලැබේනම් ආයෝජකයෝ ණය ලබාදෙති. සක්විතිලාට ලොකු මුදලක් එකතු කරගත හැකි වූයේත් මහ බැංකුව අර්ථසාධක අරමුදල් ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කළේත් මේ අනුවය.
ඇමරිකාවේ ස්ථිර තැන්පතු පොලිය 0.05%ක් හා ලංකාවේ 3.5% ලෙස පවතිද්දී ඒ මුදල් ලංකාවේ ආයෝජනය නොවන්නේ මෙහි මුදල් ආයෝජනය කිරීමේ අවදානම 3.45%කට වඩා වැඩියැයි ඇමරිකානු ආයෝජකයන් සිතන නිසාය. එසේ සිතීමට වත්මන් හා පෙර පැවති ආණ්ඩු වල ක්‍රියාකාරකම් මෙන්ම අපේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන තොරතුරු සහ යමෙකුගේ වත්පොත් හෝ බ්ලොග් සටහනක් වැනි සුළු දෙයකින් වුවද යම්කිසි දායකත්වයක් ලැබේ.
මගේ සාමාන්‍ය අදහස වූයේ ආණ්ඩු මාරුවෙන් පසු අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් වී තිබිය යුතුය යන්නයි. සා ර ස සටහන අනුව එය එසේ නොවන බව දැකීම මා විමතියට පත් කළ බැවින් වැඩිදුර සොයා බැලීමට උනන්දු වූවෙමි. මේ සටහන පොදු මහජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව දියුණු කිරීමට තල්ලුවක් වශයෙනි.
පසු එකතු කිරීම:
මහ බැංකු වෙබ් අඩවියේ ඇති පසු ගිය වසර වල මාධ්‍ය නිවේදන තව දුරටත් පිරික්සීමේදී පෙනී ගිය පරිදි 2014 මාර්තු හිදී තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර නිකුත් කර ඇත්තේ LIBOR අනුපාතිකයට වඩා 4% ක පොලියකටය. මේ අනුව, මට සොයාගත හැකි වූ තොරතුරු අනුව 2009-2014 කාලයේදී (යුද ජයග්‍රහණයෙන් පසුව) තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර සඳහා අපි LIBOR අනුපාතිකයට වඩා 3.95-4.25% පරාසයේ පොලියක් ගෙවා ඇත්තෙමු. මේ කරුණු අනුව, LIBOR අනුපාතිකය මත අධිභාරය 3.54% ක් දක්වා අඩුකරගත හැකි වීම මගේ මතය පරිදිනම් වත්මන් රජය ලැබූ පැහැදිලි ප්‍රගතියකි.
මතුපිටින් පෙනෙන කරුණු දෙස බලා තීරණ වලට එළඹීම හානිදායකය.
Labels:
ආර්ථික විද්‍යාව,
පොලී අනුපාතික,
මූල්ය වෙළඳපොළ
Sunday, May 31, 2015
අපි ණය ගන්නේ ගිණි පොලියටද?
මෙහි සඳහන් කර ඇති බැඳුම්කර එකතුව පිලිබඳ වැඩි විස්තර (සංයුතිය) මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.
http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150529e.pdf
මේ අනුව 5.26% ක පොලියකට ඩොලර් මිලියන 988ක ණය ගෙන ඇති බව සැබෑවකි.
සරස සඳහන් කර ඇති පරිදිම "ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය." මූලාශ්‍රයක් අවශ්‍යනම් මෙහි තිබේ.
http://online.wsj.com/mdc/public/page/2_3020-libor.html
ගිණි පොලියට ණය ගෙන ඇති බව බැලූ බැල්මට යමෙකුට ඇති වන අදහසයි.
කෙසේ වුවද මහා බැංකු මාධ්‍ය නිවේදනයේ තවත් තොරතුරු තිබේ. මේ අනුව ඩොලර් මිලියන 988ක් ලබා ගෙන ඇත්තේ පහත සඳහන් පරිදිය.
- ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් ස්වෛරිත්ව බැඳුම්කර වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකට
- ඩොලර් මිලියන 329ක සංවර්ධන බැඳුම්කර මාස 13ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට. (දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි.)
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.5389% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට.
ණය පොලී අනුපාතික වෙළඳපලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන අතර ඉල්ලුම හා සැපයුම බොහෝ බාහිර කරුණු මත විචලනය වේ. (සටහන ඕනෑවට වඩා දිගු වන නිසා මෙහි සාකච්ඡා නොකරමි.) කෙසේ වුවද ණය ආපසු ගෙවන කාලය අනුව පොලී අනුපාතිකය ඉහළ යාම බොහෝදෙනෙකු දන්නා සරල කරුණකි. සතියක කාලයක් සඳහා LIBOR අනුපාතිකය 0.12300% වන විට වසරක කාලයක් සඳහා එයම 0.75295% වන්නේ ඒ නිසාය.
මේ අනුව අප වසරක LIBOR අනුපාතිකය වන 0.75295% සැසඳිය යුත්තේ වසරක කාලයකට ලබා ගන්නා ණයක් සඳහා ගෙවන පොලියකටය.
ශ්‍රී ලංකා රජය විසින් මාස 13ක කාලයකට නිකුත් කර ඇති සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නේ සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකි. දැනට සමස් LIBOR අනුපාතය 0.42315% ක් හා වසරක් සඳහා LIBOR අනුපාතය 0.75295% වන නිසා දළ වශයෙන් අපි වසරක කාලයකදී LIBOR අනුපාතයට වඩා 2.83% ක පමණ පොලියක් ගෙවමු. එනම් 3.59% පමණ වූ පොලියකි.
දැන් අපේ ප්‍රශ්නය තරමක් සරලය. 2.83% ක අධිභාරයක් ගෙවීමෙහි අවුලක් තිබේද?
LIBOR අනුපාතය යනු ප්‍රමුඛ බැංකු ඔවුනොවුන් අතර මුදල් ගණුදෙනු කරන අනුපාතයයි. බාහිර ණය ලබා දෙන්නේ ඒ මත අවදානම අනුව අධි භාරයක් එකතු කිරීමෙන් පසුවය. ප්‍රමුඛ ණය දීමේ අනුපාතය යනු විශාලම බැංකු ඔවුන්ගේ අවදානම අඩුම හොඳම පාරිභෝගිකයන්ට ණය දෙන අනුපාතයයි. ඇමරිකන් ඩොලර් සඳහා මේ අනුපාතය දැනට 3.25% පමණ වේ. මූලාශ්‍රය පහත ඇත.
http://www.wsj.com/mdc/public/page/2_3020-moneyrate.html
මේ අනුව අපි ප්‍රමුඛ බැංකු ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන්ට (විශාල සමාගම් වලට) ණය දෙන අනුපාතයට වඩා ආසන්න වශයෙන් 0.34% කින් වැඩි පොලියක් ගෙවමු.
මේ අවදානම් අධිභාරය අඩුද වැඩිද යන්න මට තීරණය කළ නොහැක. එය ඔබේ තීරණයකි. මගේ පෞද්ගලික අදහසනම් මෙහි අසාමාන්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි ණය නිකුතුවකදී කිසිවකු කොමිස් මුදලක් ලබා ගන්නා බව හෝ එසේ ලබා නොගන්නා බව මේ කරුණු වලින් තහවුරු නොවේ.
අනෙක් සියලුම සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් තුලදී වුවත් යම් ණයක් ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයෙකු ගෙවිය යුතු අධිභාරය ඇමරිකානුවෙකු ගෙවිය යුතු අධි භාරයට වඩා ඉතා විශාලය. ඒ ලංකාව (ආණ්ඩු මාරු කවරක් සිදු වුවත්) වැඩි අවදානමක් සහිත රටක් ලෙස හඳුනා ගැනෙන බැවිනි.
වසරක ස්ථිර තැන්පතුවක් සඳහා ඇමරිකාවේදී ලැබෙන පොලිය 0.05% තරමේ සුළු එකකි.
https://www.bankofamerica.com/deposits/bank-account-interest-rates.go
එහෙත් ලංකාවේදී ඇමරිකන් ඩොලර් ස්ථිර තැන්පතුවක් සඳහා 3.5% ක පමණ පොලියක් ලැබේ.
http://www.combank.net/newweb/rates-tariffs/fc-accounts
මේ අනුව ආයෝජකයෙකුට සිය අරමුදල් ලංකාවට ගෙන ඒමෙන් (අනෙත් සියලුම අවදානම් සමාන වන තත්ත්වයකදී) 70 ගුණයකින් වැඩි ආදායමක් ලැබිය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ඒ මේ අවදානම් අධිභාරය නිසාය. එය කිසිවකු විසින් තීරණය කරණ දෙයක් නොවේ. අසන දකින දේ අනුව ආයෝජකයෙකුට නිසගයෙන් දැනෙන දෙයකි.
මේ අධිභාරය අඩු හෝ වැඩි කිරීමට ආණ්ඩු කරවන ඇත්තන්ට අමතරව ඔබේත් මගේත් දායකත්වයක් තිබේ.
ණය සඳහා ගෙවන පොලී අනුපාතික වත්මන් හා පසුගිය රජයන්හි කටයුතු සැසඳීමට යොදා ගැනීමද හිතන තරම්ම පහසු නැත. සරස සඳහන් කරන පසුගිය රජය ලබා ගත් ණය මුදලෙහි සංයුතිය නොදන්නා බැවින් ඉකොනොමැට්ටාට සැසඳීමක් කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාල කාලයේ අනෙකුත් දත්තද අවශ්‍යය. එසේ කිරීමෙන් පසු අවදානම් අධිභාරය ඉහළ ගොස් ඇති බව පෙනේනම් එයින් පෙනීයන්නේ නව රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අසමත්ව ඇති බව, ණය ගැනීම් ඉහළ දමා ඇති බව හෝ මේ දෙකේ එකතුවකි. කොමිස් සම්බන්ධයක්ද තිබිය හැකිය. එහෙත් එය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් සාධක මෙහි නැත.
Labels:
ආර්ථික විද්‍යාව,
පොලී අනුපාතික,
මූල්ය වෙළඳපොළ
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...