වෙබ් ලිපිනය:

Wednesday, May 5, 2021

දියුණුවට විකල්ප මාර්ග

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

මාක්ස්වාදය හැරුණු විට ලෝකයේ මෙතෙක් බිහි වූ අනෙක් හැම ආගමක්ම වගේ පෞද්ගලික ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. බෞද්ධ ගිහියන් සඳහා වන මූලිකම මාර්ගෝපදේශය වන පන්සිල් වලින් දෙවැන්න පෙනී සිටින්නේ පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙනුයි. යුදෙවු හා ක්‍රිස්තියානි දස පනත්ද, හින්දු මහාපාටකද, ජෛනයන්ගේ පස්යමද පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය පෞද්ගලික දේපොළ අයිතිය රැක ගැනීම වෙනුවන් අත් කපා දැමීම වැනි දැඩි දඬුවම් පවා යෝජනා කරනවා. හැම දෙනෙකුම යමක් පිළිගත් පමණින් එහි නිරවද්‍යතාවය තහවුරු වන්නේ නැතත්, මාක්ස්වාදය හැර අනෙකුත් සෑම දැනුම් සම්ප්‍රදායක් තුළම මානව ප්‍රගතිය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනයේ වැදගත්කමට බර තබා තිබෙනවා.

කොබ්-ඩග්ලස් ආකෘතිය තුළ අපි නිෂ්පාදන සාධක ලෙස ශ්‍රමය හා ප්‍රාග්ධනය හඳුනා ගත්තා. වෙනත් ඕනෑම ආකෘතියක් වගේම කොබ්-ඩග්ලස් ආකෘතිය කියන්නේත් එයින් නිරුපණය කෙරෙන ක්‍රියාවලියේ සැබෑ හැසිරීම තේරුම් ගැනීම සඳහා යොදා ගන්නා සරල ආකෘතියක් මිස සැබෑ තත්ත්වය නෙමෙයි. සැබෑ ලෝකයේදී අපට නිෂ්පාදන සාධක ලෙස විවිධ දේ හමු වෙනවා. ආකෘතිය තුළදී මේ සියල්ල ශ්‍රමය හා ප්‍රාග්ධනය ලෙස ගොඩවල් දෙකකට ඌණනය කෙරෙනවා. මෙහි ශ්‍රමය ලෙස පුළුල්ව හැඳින්වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට මිනිසෙකුගේ සෘජු දායකත්වය. ප්‍රාග්ධනය යටතට වැටෙන්නේ මිනිසෙකුගේ භෞතික ශරීරයෙන් පරිබාහිර අනෙකුත් නිෂ්පාදන සාධක.

මේ ආකෘතිය තුළ නිෂ්පාදනය සඳහා මිනිසකුගේ සෘජු දායකත්වය වෙන් කර හඳුනා ගන්නේ මිනිසකු භෞතික ප්‍රපංචයක් පමණක් නොව "ආත්මයක්" සහිත හැඟීම් දැනීම් ඇති අයෙකු සේ සැලකෙන නිසයි. මිනිසෙකුට තමන්ගේ සතුට වෙනුවෙන් නිෂ්පාදිතය පරිභෝජනය කළ හැකියි. ප්‍රාග්ධනය යටතට වැටෙන නිෂ්පාදන සාධක වලට එවැන්නක් කළ නොහැකියි. ඒ කියන්නේ නිෂ්පාදනයේ අවසන් අරමුණ මිනිසුන්ට පරිභෝජනය කළ හැකි ප්‍රමාණය වැඩි කර ගැනීම. ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින්ද අවසන් වශයෙන් යහපත සැලසෙන්නේ මිනිසුන්ටයි. බෙදීම සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මෙහි වෙනසක් නැහැ. 

මිනිස්සු අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුණක් වන්නේ මිනිස්සුන්ට වර්තමානයෙන් ඔබ්බට තමන්ගේ අඛණ්ඩ පැවැත්මක් ගැන අවබෝධයක් තිබීමයි. ඒ නිසා, මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙනස්ව තමන්ගේ වර්තමාන පරිභෝජනය ගැන පමණක් නොව අනාගත පරිභෝජනය ගැනද හිතනවා. මේ විදිහට මිනිස්සුන්ට "මම" නම් වූ අඛණ්ඩ පැවැත්මක් ගැන හිතන්න පුළුවන් වූ කාලයේ පටන් ඔවුන් තමන් සතු සම්පත් එසැණින් පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් සතුව වත්කම් එකතු වෙනවා. මේ වත්කම් හරහා ලැබෙන රක්ෂණය නිසා අතිරික්ත කාලයක් ඉතිරි වෙනවා. ඒ අතිරික්ත කාලය නිර්මාණශීලී කටයුතු සඳහා යොදවන්න හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නවෝත්පාදන බිහි වෙනවා. අද දක්වාම මානව සංහතියේ ප්‍රගමනය සිදු වන්නේ මේ නවෝත්පාදන හරහා.

මිනිසෙකුගේ වත්කම් සේ ගොඩ නැගෙන්නේ මිනිසෙකු සතු වත්මන් සම්පත් වලින් පරිභෝජනය කර අවසන් නොකරන කොටස. එම වත්කම් එලෙසම ආරක්ෂා කර ගත හැකිනම් අනාගත පරිභෝජනය සඳහා යොදා ගත හැකියි. එසේ නැත්නම් අවදානමක් ගෙන ආයෝජනය කළ හැකියි. කමතෙන් එන වී වලින් කොටසක් බිස්සට යද්දී කොටසක් බිත්තර වී වලට වෙන් වෙනවා. වේලක් දෙවේලක් බඩගින්නේ ඉන්න වුනත් බිත්තර වී ටික කොටලා බත් උයන්නේ නැහැ. එහෙම කරන කෙනෙක් තමන්ගේ මුළු අනාගතයම අවදානමේ හෙළා ගන්නවා.

නිෂ්පාදන සාධක කියා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නමුත් නිෂ්පාදනයෙන් පසුවද ඉතිරි වන දේවල්. කොකිස් හදද්දී හාල් පිටි, පොල් කිරි, පොල් තෙල් හා කහ වැය වී අවසන් වෙනවා. එහෙත්, කොකිස් අච්චුව, තාච්චිය, හිරමණය, වංගෙඩිය, මෝල්ගහ හා ලිප ඉතිරි වෙනවා. කොකිස් හැදූ ශ්‍රමිකයාත් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන එකෙන් අදහස් වන්නේ නිෂ්පාදන සාධක ක්ෂය නොවන බව නෙමෙයි. ඒවාද ක්ෂය වෙනවා. එහෙත් ක්ෂය වී අවසන් වන්නේ නැහැ.

ඇතැම් නිෂ්පාදන සාධක මිනිසුන් විසින් නිර්මාණය නොකළ "දෙවියන් විසින්" හෝ "ස්වභාව ධර්මය විසින්" නිර්මාණය කළ දේවල්. රන්, රිදී, ඛනිජ තෙල්, මුහුදේ මත්ස්‍ය සම්පත්, ඉඩම් ආදිය මිනිස්සු නිර්මාණය කළ දේවල් නෙමෙයි. එහෙත්, පරිගණක, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ආදිය මිනිසුන් විසින් නිර්මාණය කළ දේවල්. අප ප්‍රාග්ධනය සේ සැලකූ ගොඩට මේ දෙවර්ගයම ඇතුළත්. ශ්‍රමය තුළත් මේ ආකාරයෙන්ම සංරචක දෙකක් තිබෙනවා. එකක් මූලික ශ්‍රමය. දෙවැන්න විශේෂිත ශ්‍රමය.

කාල් මාක්ස්ලාගේ කාලයේදී ප්‍රාග්ධනයේ වගේම ශ්‍රමයේත් ගොඩක්ම තිබුණේ මේ ස්වභාවික සංරචකයි. ගොඩක් වෙලාවට ප්‍රාග්ධනය ලෙස සැලකුනේ ඉඩම්. ශ්‍රමය ලෙස සැලකුනේ මාංශ පේශි ශක්තිය. ස්වභාවික දෙයක් පොදු අයිතියට යටත් විය යුතුයැයි සිතීමේ පදනමක් තිබෙනවා. ඒ වගේම මූලික ශ්‍රමයේ වටිනාකම සමාන සේ සැලකීමේත් පදනමක් තිබෙනවා. එහෙත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ නිෂ්පාදන කර්මාන්ත වලට ස්වභාවික ගොඩට දැමිය හැකි ආකාරයේ ප්‍රාග්ධනය යොදා ගැනෙන්නේ නොසලකා හළ හැකි තරම් අඩුවෙන්. මූලික ශ්‍රමය වුවත් එහෙමයි. අද වෙද්දී ප්‍රාග්ධනය වගේම ශ්‍රමය කියා කියන්නෙත් වර්තමාන පරිභෝජනය කැප කරමින් සම්පත් ආයෝජනය කර අලුතෙන්ම නිර්මාණය කර ගත යුතු දේවල් මිසක් කාගේත් ප්‍රයෝජනයට දෙවියන් විසින් මවා තිබෙන දේවල් නෙමෙයි.

නවීන කර්මාන්ත බොහොමයක්ම හා අදාළව කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ L කියා කියන්නේ මානව ප්‍රාග්ධනය. ඒ වගේම බොහෝ විට K කියා කියන්නේ ස්වභාවික සම්පත් නෙමෙයි. මේ සංරචක දෙකම ආයෝජනය කර අලුතෙන්ම ගොඩ නගා ගත යුතු දේවල් මිසක් ස්වභාවිකව පවතින හොයාගත යුතු දේවල් නෙමෙයි. ඒ යුගය දැන් අවසන්. 

ඓතිහාසිකව බැලුවොත් L වලින් K ගොඩ නැගුනා මිස එහි අනෙක් පැත්ත වුනේ නැහැ. එහෙත් දැන් L ගොඩ නැගෙන්නේ K වලින්. මූලික අධ්‍යාපනයකින් හා මූලික සෞඛ්‍ය ආයෝජනයන්ගෙන් වැර නොගැන්වුණු මූලික ශ්‍රම ඒකකයක ආන්තික ඵලදායීතාවය මේ වෙද්දී ඉතාම අඩුයි.

මැද පෙරදිග රටවල් වැනි ව්‍යතිරේඛ අත ඇරියොත් වර්තමාන රාජ්‍යයයන් බොහොමයක් විසින්ම L වැඩි කර ගත යුත්තේත්, K වැඩි කරගත යුත්තේත් දැනට උපයන ආදායමෙන් කොටසක් ඉතිරි කර ආයෝජනය කිරීම මගිනුයි. L වැඩි වෙද්දී වගේම K වැඩි වෙද්දීත් ආර්ථිකයක් ප්‍රසාරණය වෙනවා. මේ නිෂ්පාදන සාධක අඩු වුනොත් ආර්ථිකයක් හැකිලෙනවා. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යාම මොන විදිහට සිදු වුනත් එසේ බෙදී යන සම්පත් පරිභෝජනය කර අවසන් කළොත් ආර්ථිකයක් හැකිලෙනවා මිස වර්ධනය වන්නේ නැහැ.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතිරික්තය බෙදා හැරීම රජයේ පාලනයට නතු වූ විට මේ නිෂ්පාදන සාධක අතර අතිරික්තය බෙදී යන ආකාරය වගේම එක් එක් නිෂ්පාදන සාධකයේ ප්‍රමාණය වෙනස් වන ආකාරය තීරණය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රුචි අරුචිකම් මත. එසේ නොවූ විට නිදහස් වෙළඳපොළ අදිසි හස්තය විසින් මේ අනුපාතය තීරණය කෙරෙනවා. නිදහස් වෙළඳපොළ විසින් තීරණය කෙරෙන අනුපාතය වඩාත්ම කාර්යක්ෂම අනුපාතයයි. ඒ නිසා, එවැනි ආර්ථිකයක් වඩා වේගයෙන් වර්ධනය වෙනවා.


ඉහත රූප සටහනේ (2,2) කොටුවේ සිටින රටකට (10,10) කොටුව දක්වා ඉක්මණින්ම යා හැක්කේ එහි විකර්ණය දිගේ ගමන් කළ විටයි. නිදහස් වෙළඳපොළක් ඇති විට රටක් දියුණු වන්නේ එම පථය දිගේ. පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි එම පථය දිගේ ගමන් කරද්දී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6 ලෙසත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 ලෙසත් නොවෙනස්ව පවතිනවා. නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේත්, එම නිෂ්පාදන සාධක වෙනුවෙන් ආයෝජන සිදුවන්නේත්, පවතින නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන මෙම අනුපාතයටයි.


රටක් මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන සීමිත සම්පත් සියල්ල මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු කළ නොහැකි වීමයි. ඉහත රූපයේ නිල් පැහැ සිරස් තීරුවෙන් පෙනෙන්නේ භෞතික ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. මෙහි වාසිය වැඩිපුරම යන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. තැඹිලි පාට තිරස් තීරුවෙන් පෙනෙන්නේ මානව ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. එහි වාසිය ශ්‍රමිකයන්ට ලැබෙනවා. එහෙත් ශ්‍රමිකයන් සීමිත පිරිසකට පමණයි.

වෙළඳපොළට රාජ්‍ය මැදිහත්වීම අඩු බටහිර රටවල් වර්ධනය වන්නේ මේ වගුවේ විකර්ණය දිගේ. එම රටවල් දකුණට පියවරක් යද්දී පහළටත් පියවරක් යනවා. ආදායම් විෂමතා අඩු කිරීමට මුල් තැන දී කටයුතු කර තිබෙන ලංකාව හා පැරණි සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල් පහළට පියවර තබන තරමට දකුණට පියවර තබා නැහැ. ඒ වගේම ස්වභාවික සම්පත් මත යැපෙන මැද පෙරදිග රටවල් දකුණට ගොස් ඇති තරමට පහළට ගොස් නැහැ. මේ දෙකම සාපේක්ෂව අකාර්යක්ෂමයි. කාලයක් තිස්සේ පහළට ගමන් කළ චීනය පසුව සුක්කානම හරවා දකුණට ගමන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී චීනය වංගුවක් ගසා විකර්ණයට කිට්ටු වී සිටිනවා. 

මේ හැම රටක්ම දියුණු වෙනවා. නමුත් ඇතැම් රටවල් වඩා වේගයෙන් දියුණු වෙනවා. විකර්ණයට කිට්ටුවෙන් සිටි තරමට වඩා වේගයෙන් දියුණු විය හැකියි. ලංකාව දැන් ඉන්න තැන අනුව ලංකාවට තිබෙන්නේ මානව ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තිබෙන මානව ප්‍රාග්ධන සංචිතයට සරිලන තරමේ ප්‍රාග්ධන සංචිතයක් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා එක වර ලොකු ප්‍රාග්ධන ගලා ඒමක් සිදු වුනොත් ලංකාවට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ප්‍රාග්ධන හිමියෙක් ප්‍රාග්ධනය අරගෙන එන්නේ වැඩි ප්‍රතිලාභයක් ලබන්නයි. එය සූරාකෑමක් නෙමෙයි. දෙපැත්තටම වාසි සිදුවන (win-win) ගනුදෙනුවක්. ලංකාවට ප්‍රාග්ධනය පැමිණීම නිසා ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ඉහළ යනවනම් ප්‍රාග්ධනය ගේන්නේ චීනයද, ඉන්දියාවද, ඇමරිකාවද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් කොයි තරම් ප්‍රතිලාභ ලබනවද කියන එකත් ගැටළුවක් කර ගත යුතු දෙයක් නෙමෙයි.

41 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල පවතින ධනවාදයේ යම් කිසි සාර්ථකත්වයක් දැකිය හැකි අවස්ථා ඇත. නමුත් නූතන නන්දසේන රෙජීමය වැනි වියරු ඒකාධිපති මිනීමරු අන්ත දූෂිත අසික්කිත පවුල් පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ලංකාව වැනි අන්ත දූෂිත ලුම්පන් ධනවාදයේ ත්‍රාඩ ස්වරූපය නිසා රට ඉතා බරපතළ ලෙස උග්‍ර ලෙස කඩා බිඳ වැටී ජනයා විනාශ වී යනු නිසැකයෙන්ම සිදු විය යුතුය. බටහිර රටවල එය හෙමින් සීරුවේ සිදු වන්නේ ජනතාවගේ ප්‍රශ්න කෙරේ ඉමහත් සැලකිල්ලක් දක්වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති බැවින්. ලංකාව මේ වන විට බොරුවෙන් දුවන පිස්සු රටක් බවට පත්ව ඇති බව ඔබට මේ පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්.

    ගොබෙල්ස් පරදන නන්දසේන ප්‍රොපගැන්ඩා... නොදකින් ��

    https://youtube.com/watch?v=3LsoMIGqSxw&feature=share

    ඉකොනොමැට්ටා,

    ඇමරිකානු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල පවතින ධනවාදයේ යම් කිසි සාර්ථකත්වයක් දැකිය හැකි අවස්ථා ඇත. නමුත් නූතන නන්දසේන රෙජීමය වැනි වියරු ඒකාධිපති මිනීමරු අන්ත දූෂිත අසික්කිත පවුල් පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ලංකාව වැනි අන්ත දූෂිත ලුම්පන් ධනවාදයේ ත්‍රාඩ ස්වරූපය නිසා රට ඉතා බරපතළ ලෙස උග්‍ර ලෙස කඩා බිඳ වැටී ජනයා විනාශ වී යනු නිසැකයෙන්ම සිදු විය යුතුය. බටහිර රටවල එය හෙමින් සීරුවේ සිදු වන්නේ ජනතාවගේ ප්‍රශ්න කෙරේ ඉමහත් සැලකිල්ලක් දක්වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති බැවින්. ලංකාව මේ වන විට බොරුවෙන් දුවන පිස්සු රටක් බවට පත්ව ඇති බව ඔබට මේ පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්.

    ගොබෙල්ස් පරදන නන්දසේන ප්‍රොපගැන්ඩා... නොදකින් ��

    https://youtube.com/watch?v=3LsoMIGqSxw&feature=share

    ඔබ කෘෂි කර්මාන්තය ගැනත් සෑහෙන දැනුමක් ඇති අයෙක් නිසා මේ වීඩියෝ එකේ ගහන බොරු ගැන කරුණු කාරණා සහිතව විස්තර කළ හැකි නම් ඉතා වැදගත් වේවි අපට සමාජ ජාල වලින් එම තොරතුරු ලංකාවේ ජනයා වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ කියන්නේ ලංකාවෙ දැනට ඉන්දියාව වැනි රටවලින් ආනයනය කරන කෘෂි ද්‍රව්‍ය නවතා දැමීමට ඇති හැකියාව ගැන, ලංකාව වැනි ඉතා කුඩා භූමියක් සහ ශ්‍රමය හිඟ රටකට මේ වගේ මුග්ධ ක්‍රියාවන් නිසා මහත් අර්බුද රැසක් සඳහා මුහුණ දීමට සිදුවන බව සරල සත්‍යයක්. මේ වගේ මෝඩයෝ පාලනය කරන රටක් දියුණු කරන්න පුළුවන් ද?

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    ඔබට විවේකයක් හම්බ වුන ගමන්ම මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන කරුණු කාරණා වල අසත්‍ය බව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම මේකේ මැද භාගයේ පෙන්වන ප්‍රසන්ටේෂන් එකේ තියෙන කරුණු කාරණා;

    https://youtu.be/y4gS3rrAnl8

    මොකද මැදමුලන රෙදි අපුල්ලන හැට නව ලක්ෂයක් පමණ තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් වූ බයිසන් ගවරැල (නන්දසේන ගේ වහල් බයියෝ) මේකේ ධම්මික වැනි දූෂිත පල් හොරුන් පවසා සිටින කරුණු සහ දිලිත් ජයවීර, සේනාධිපති වැනි කූට හොර ජාවාරම්කාර පල් හොරුන් විසින් රාජ පක්ස කල්ලියේ ජෝගොස ප්බෙල්ස් පන්නයේ ජඩ මාධ්‍ය හරහා ලංකාවෙ සමාජ ගත කර ඇති සාවද්‍යය පච ප්‍රචාරයන් ඉතා බලවත් නිසා. මේවාට එරෙහිව සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එජාප සහ ජවිපෙ ජාතික බලවේගයේ ද සහය ඇතිව අදහස් දක්වන නමුත් එම කරුණු ඒ තරම් ශක්තිමත් මදි නිසා නන්දසේනගේ වහල්ලු ජය ගන්න බවක් මැදිහත් අදහස් දරන අය පවසන්නේ. මේ නිසා ඔබ වැනි ආර්ථික විද්‍යා දැනුම ඇති විශේෂඥයන්ගේ සහය අවශ්‍යයි, මේ ගැන කෙටියෙන් වත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඔබට බෙහෙවින් ස්තූති වන්ත වනවා. පුළුවන් නේද?

    ReplyDelete
  3. ඇමරිකානු එක්සත් ජනපදයේ චිකාගෝ වල 1887 දී ඇරඹි වැඩකරන ජනයාගේ අරගලය සිහිපත් කරන ජාත්‍යන්තර මැයි දිනය වාර්ෂිකව ලොව පුරා මහත් ගෞරවනීය ලෙස සමරන නමුත් ලංකාවේ 1987 දී ඒකාධිපති ජයවර්ධන පාලනය විසින් මැයි දිනය තහනම් කළාට පසු 2020 හා 2021 මැයි දින දෙකටම ලංකාවේ දූෂිත ආඥාදායකත්වයකින් රට පෙළන රාජපක්ෂ පවුල් පාලනය තහංචි දැම්මේ ඔවුන්ගේම අසාර්ථක සෞඛ්‍ය පරිපාලනයේ ප්‍රතිපලය වූ උග්‍ර ලෙස කොවිඩ් වසංගතය රට පුරා ව්‍යාප්ත වීම එයට හේතුවක් බවට දඩමීමා කරගෙනයි. නමුත් ලංකාවේ ජනයා මේ ගැන නිසි අවධානයක් යොමු කර නැහැ.

    කෙසේ වෙතත් කම්කරු පන්තිය යන අදහස ගැන බොහෝ මාක්ස්වාදී සහ සමාජවාදී විද්වත් මතය නම් සාමූහික මිනිස් එකතුවක් හා සිය ආර්ථික පදනම ගැන සාමූහික විඥාණයක් පැවතීම යන කරුණු දෙක පදනම්වුණ කම්කරු පන්තියේ නමැති සමාජ කුලකයේ ගතිලක්ෂණ ගැන ඔබ නිසි ලෙස හදාරා නැති බව පේනවා. මුලින්ම 1905දී කළ අසාර්ථක විප්ලවයෙන් පසු ලෙනින් කීවේ නිසඟයෙන්ම සාමූහික ෆැක්ටරි කම්කරුවාට ඇත්තේ පඩි වැඩිකර ගැනීම හා වැඩ අඩුකර ගැනීම ගැන ආර්ථික වුවමනාවක් බවත් මේ නිසා කම්කරු විඥාණය පිටතින් ගෙන ඒමට විප්ලවකාරී පක්ෂයක් අත්‍යවශ්‍යය බවත් (අප කළ යුත්තේ කුමක්ද යන තීසීසයේ විස්තර කර ඇති පරිදි) ලෙනින් දැඩිව අවධාරණය කළ අතර 1917 විප්ලවය ජය ගැනීම ලෙනින්ගේ ප්‍රවාදය ජයලැබීමක් ලෙස සලකා එතැන් සිට එය මාක්ස්ලෙනින් වාදය ලෙස ලෝකප්‍රකට වුණා.

    ලංකාවේත් මේ සංකල්ප මත ගොඩනැගී ඇති විවිධ මාක්ස්වාදී පක්ෂ ඇතත් බොහෝ දෙනෙකුට සමාජවාදය යනු පරාර්ථයෙන් සියල්ල බෙදා හදා ගන්නා ‘සම-සමාජයක්’ මිස මාක්ස්ගේ ඉතාමත් සංකීර්ණ සහ බලසම්පන්න විද්‍යාත්මක සමාජවාදය නම් කිසිසේත්ම නොවේ.

    සාමාන්‍යයෙන් දැනට අවුරුදු 12,000 කට පෙර හෝමෝ සේපියන් මානවයා සතුන්, ශාඛ මෙල්ල කරමින් කෘෂිකාර්මික විප්ලවය ඇරඹූ පසු ශිෂ්ටාචාරය තවත් දියුණුවට පත් වූ අතර තවත් සහස්‍රක ගණනාවකට පසු බටහිර ලෝකය පුරා 1760 න් පසු ඇති වූ කාර්මික විප්ලවයත් සමඟ ෆැක්ටරි බිහිවෙමින් මූල්‍ය ධන ආයෝජනය සිදුවුණා (ප්‍රාග්ධනය), ඒ සමගම මහා පරිමාණ භාණ්ඩ හා සේවා වෙළෙඳාම සිදුවෙමින් ලෝකයේම තාක්ෂණය පිමි ගණනකින් වර්ධනය වී ධනය හිමි පිරිසක්, ධනය වෙනුවෙන් වැඩකරන පිරිසක් හා විරැකියා ඇති හෝ දාර්ශනික රැකියා නොකරන්නන් පිරිසක් ලොව පුරා ඇති වූ බව ඔබටත් පිළිගන්න සිදු වෙනවා.

    කෙසේ නමුත් මානවයාගේම සොයාගැනීමක් වූ ධනය විසින් මානවයා හා පරිසරය අතරත්, මානවයා හා මානවයා අතරත් ඇති කරන ලද නව රටාව පිළිබඳ (ධනවාදය) මාක්ස්ගේ විග්‍රහයන් බොහෝ දුරට සාර්ථකයි. නමුත් කම්කරු විප්ලවය හා කොමියුනිස්ට් යුගය පිළිබඳ ඔහුගේ පුරෝකථනයන් යම් තාක් දුරකට අසාර්ථක වුණ බව පිළිගත හැකියි.

    මේ වන විට ලංකාවේ රාජ්‍ය සංඛ්‍යා ලේඛන අනුව ලංකාව පුරා ව්‍යාපාරිකයන් ලෙස හඳුනාගත් මිලියනයක් (ජනගහනයෙන් 5% ක් පමණ) සිටින මොහොතක ඔවුන්ගෙන් 91% ක්, 4 දෙනාට අඩු පිරිසක් සේවයට යොදවා ඇති ව්‍යවසායක ස්ථාන නොහොත් සුළු ධනේශ්වර ව්‍යවසායදායකයන් වෙයි. නිල වශයෙන් වැටුපට වැඩකරන ජනයා මිලියන 08 ක් සිටින'තර ඔවුන'තරින් රාජ්‍ය සේවකයින් මිලියන එක හමාරක් හා විධිමත් අර්ථසාධක සහිත සේවක පිරිස මිලියන 04 ක් පමණ, ලංකාවේ ‘ධනපති පන්තිය’ හා ‘නිර්ධන පන්තිය’ ද තුන්වන හා හතරවන කාර්මික විප්ලව විසින් (තොරතුරු තාක්ෂණ යුගය, සුහුරු යුගය) ලෙස විමධ්‍යගත කර විසුරුවා හැර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තව දුරටත් මේක විස්තර කළොත් කොටස් වෙළෙඳපොළ හා නවඋත්පාදන ව්‍යවසාය පන්තිය (Desktop Entrepreneur) විසින් ලංකාවේ ධනපති පන්තිය විසුරුවා හැරතිබෙන බවත් නූතනයේ ස්වයංක්‍රීය පද්ධති (Automation), විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ඇති සබුද්ධික යන්ත්‍ර (Artificial Intelligence) මගින් ශ්‍රමික නිර්ධන පන්තිය විතැන් කර සුපුරුදු ෆැක්ටරි කම්කරුවා වෙනුවට එකවිට ශ්‍රමිකයෙක් ද, ව්‍යවසායදායකයෙක් ද වන ‘තාක්ෂණ පන්තියක්’ද බිහිකර තියෙන බව පේනවා.

      අසාර්ථක වී ඇත්තේ මාක්ස්වාදී සමාජවාදයම නොව ලිබරල් ධනවාදී මාදිලිය ඊට වඩා අසාර්ථක වී ඇති අතර වැඩිම ආර්ථික වර්ධනය හා ධන උත්පාදනය කළ හැක්කේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට නොව රෙජිමේන්තු ගත කරනා ලද රාජ්‍යන්ට බව චීනය ප්‍රමුඛ නැගෙනහිර ආසියානු රටවල් ලිබරල්වාදී පණ්ඩිතයන්ට පෙන්වාදී ඇත. එමෙන්ම ධනවාදය ව්‍යාප්ත වෙද්දී ලිබරල්වාදීන් බලාපොරොත්තු වූ බහුපක්ෂ ක්‍රමය, නිදහස් මාධ්‍ය හා නිදහස් සමාජය නැගෙනහිර ආසියානු රටවල බිහිවූයේ නැත. එමෙන්ම ධනවාදය කෙතරම් ව්‍යාප්ත වුවද, රටවල් කෙතරම් කාර්මීකරණය වුවද, ජාතිය, ආගම ආදිය සම්බන්ධව ඇති සාමූහික විඥාණයන් යටපත් නොවන බව වත්මන් බටහිර ලෝකයෙන්ම සහ ඇතැම් මැද පෙරදිග කලාපයේ රටවලින් පෙනෙනවා.

      මේ වගේම දැනට ලංකාවේ මූලික වශයෙන් දේශපාලන ප්‍රශ්න කීපයක් තියෙනවා, මූලිකම ප්‍රශ්නය තමයි එක්තරා දේශපාලන පවුලක පවුල්බලයට හා දේශපාලන දාසභාවයට යටත් වූ සටකපට ධන හිමියන්, වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් හා තාක්ෂණික සමාජයක් බිහිවී තිබීමයි. ඊළඟ කාරණය වන්නේ තවමත් ලොව පුරා අසාර්ථක බව ස්ඵුට වූ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය, ලිබරල්වාදය මෙන්ම විවිධ මිත්‍යා ඇදහීම් ද මතවාදී තලයේ ප්‍රබලව තිබීම. තුන්වැනි කාරණය වන්නේ රාජ්‍ය ධනය අයථා ලෙස සූරාකාගත් හා රාජ්‍ය අනුග්‍රහයෙන් කළු සල්ලි ගොඩගසාගත් පිරිසක් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හා මතවාද හැසිරවීමයි. හතරවැනි කාරණය වන්නේ ඉතා සුළු හැඟීම්බර සිදුවීමක් පදනම් කරගෙන බහුතර සිංහල ජනයා තම ජාතිය, ආගම මත සමාජය අනුරාගී වීමයි. කොටි සංවිධානය නැතුවත් සිංහල ජාතිවාදීන් අතර දැඩි ඊළාම් විරෝධයක් සහ තවත් සුළුතර ප්‍රජාවක් වන මුස්ලිම් ජනයාට එරෙහිව උග්‍ර වෛරයක් ද පවතින්නේ ඒ මතයි.

      මේ කාරණා ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී ලංකාවට අවශ්‍ය ප්‍රායෝගිකවාදී ආර්ථික දැක්මක්, සමාජ සාධාරණත්වය හා මූලික මානව අයිතිය මුල්කරගත් සමාජයක්, ගිරුවාපත්තුවේ එක වලව් පවුලක පවුල්කාමය හා ඊට කඹුරන වහල් දේශපාලන දාසකම වෙනුවට කුසලතාවය මුල්කරගත් සමාජවාදී දේශපාලන ක්‍රියාවලියක් විය යුතුයි. මේ සඳහා ජනතාව අතර සක්‍රීය සංවාදයක් සමග ක්‍රමය වෙනස් කිරීමට දැඩි සමාජ බලවේගයක් ඇරඹීමට අත්‍යවශ්‍ය වේ.

      Delete
    2. //කෙසේ වෙතත් කම්කරු පන්තිය යන අදහස ගැන බොහෝ මාක්ස්වාදී සහ සමාජවාදී විද්වත් මතය නම් සාමූහික මිනිස් එකතුවක් හා සිය ආර්ථික පදනම ගැන සාමූහික විඥාණයක් පැවතීම යන කරුණු දෙක පදනම්වුණ කම්කරු පන්තියේ නමැති සමාජ කුලකයේ ගතිලක්ෂණ ගැන ඔබ නිසි ලෙස හදාරා නැති බව පේනවා.//

      මේ අදහස පදනම් වන්නේ "කම්කරු පංතිය" ලෙස වෙන් කළ හැකි, කිසිදා ප්‍රාග්ධන හිමියෙකු විය නොහැකි, වෙනම කණ්ඩායමක් සිටීම යන කරුණ මතයි. මාක්ස්ගේ කාලයේ එවැනි පිරිසක් සිටින බැව් පැහැදිලිව පෙනෙන්නට සිටියත් වෙළඳපොළ දියුණු වෙද්දී, ධනවාදී ආකෘති වලින් මුල සිටම උපකල්පනය කළ පරිදි, ශ්‍රමිකයා වගේම ප්‍රාග්ධන හිමියාත් එකම පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාමූහික මිනිස් එකතුවක් තිබුණත්, සිය ආර්ථික පදනම ගැන සාමූහික විඥානයක් ඔවුන්ට තිබුණත්, එය සාමූහික මිනිස් විඥානයක් මිසක් කම්කරු පන්තියකට පමණක් අනන්‍ය විඥානයක් නෙමෙයි. ධනවාදය ක්‍රියාත්මක වන්නේ මේ පොදු මිනිස් විඥානය මතයි. එහිදී ශ්‍රමිකයා ප්‍රාග්ධනය හිමියෙක් වෙන්නත් ප්‍රාග්ධන හිමියා ශ්‍රමිකයෙක් වෙන්නත් ඔය ඕනෑම කෙනෙක් ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්. ඉපදුනේ කොහොමද කියන එක එය වළක්වන්නේ නැහැ.

      //ලංකාවේත් මේ සංකල්ප මත ගොඩනැගී ඇති විවිධ මාක්ස්වාදී පක්ෂ ඇතත් බොහෝ දෙනෙකුට සමාජවාදය යනු පරාර්ථයෙන් සියල්ල බෙදා හදා ගන්නා ‘සම-සමාජයක්’ මිස මාක්ස්ගේ ඉතාමත් සංකීර්ණ සහ බලසම්පන්න විද්‍යාත්මක සමාජවාදය නම් කිසිසේත්ම නොවේ.//

      ඔබ කියන බොහෝ දෙනා කවුද කියා මම දන්නේ නැහැ. පරාර්ථයෙන් සියල්ල බෙදා හදා ගන්නා ‘සම-සමාජයක්' යම් හෙයකින් මිනිසුන්ගේ නිදහස් කැමැත්තෙන් හැදෙනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. ප්‍රශ්නය වන්නේම ඊනියා විද්‍යාත්මක සමාජවාදය එවැන්නක් නොවීමයි. එය හැම විටම ප්‍රචණ්ඩත්වය මත පවත්වා ගෙන යා යුතු සමාජ ක්‍රමයක්.

      //ඒ සමගම මහා පරිමාණ භාණ්ඩ හා සේවා වෙළෙඳාම සිදුවෙමින් ලෝකයේම තාක්ෂණය පිමි ගණනකින් වර්ධනය වී ධනය හිමි පිරිසක්, ධනය වෙනුවෙන් වැඩකරන පිරිසක් හා විරැකියා ඇති හෝ දාර්ශනික රැකියා නොකරන්නන් පිරිසක් ලොව පුරා ඇති වූ බව ඔබටත් පිළිගන්න සිදු වෙනවා.//

      මෙය මාක්ස්ගේ අදහස මිසක් මම පිළිගන්න අදහසක් නෙමෙයි. ධනය හිමි පිරිස් හා ධනය වෙනුවෙන් වැඩ කරන පිරිස් ලෝක ඉතිහාසයේ සෑහෙන කලක සිට සිටියා. අනේපිඬු සිටුතුමා, සේරිස්සක දිව්‍ය පුත්‍රයා වගේ අය බිහිවුනේ කාර්මික විප්ලවයකින් පසුව නෙමෙයි.

      http://economatta.blogspot.com/2021/02/blog-post_7.html


      //නමුත් කම්කරු විප්ලවය හා කොමියුනිස්ට් යුගය පිළිබඳ ඔහුගේ පුරෝකථනයන් යම් තාක් දුරකට අසාර්ථක වුණ බව පිළිගත හැකියි.//

      යම්තාක් දුරකට අසාර්ථකයි කියා කියන්නේ ටිකක් සාර්ථකයි කියන එකනේ. සාර්ථක කොටස කුමක්ද?

      //ලංකාවේ ‘ධනපති පන්තිය’ හා ‘නිර්ධන පන්තිය’ ද තුන්වන හා හතරවන කාර්මික විප්ලව විසින් (තොරතුරු තාක්ෂණ යුගය, සුහුරු යුගය) ලෙස විමධ්‍යගත කර විසුරුවා හැර තියෙනවා.//

      //තව දුරටත් මේක විස්තර කළොත් කොටස් වෙළෙඳපොළ හා නවඋත්පාදන ව්‍යවසාය පන්තිය (Desktop Entrepreneur) විසින් ලංකාවේ ධනපති පන්තිය විසුරුවා හැරතිබෙන බවත් නූතනයේ ස්වයංක්‍රීය පද්ධති (Automation), විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ඇති සබුද්ධික යන්ත්‍ර (Artificial Intelligence) මගින් ශ්‍රමික නිර්ධන පන්තිය විතැන් කර සුපුරුදු ෆැක්ටරි කම්කරුවා වෙනුවට එකවිට ශ්‍රමිකයෙක් ද, ව්‍යවසායදායකයෙක් ද වන ‘තාක්ෂණ පන්තියක්’ද බිහිකර තියෙන බව පේනවා.//

      ඉතා හොඳ නිරීක්ෂණයක්. මෙය මැජික් එකක් වන්නේ මාක්ස්වාදීන්ට පමණයි. ධනවාදය අනුව පුද්ගලයෙකු එකවිටම ශ්‍රමිකයෙක්ද, ප්‍රාග්ධන හිමියෙක්ද, ව්‍යවසායකයෙක්ද විය හැකියි. ධනවාදී ආර්ථික විද්‍යා ආකෘති සියල්ල හදා තිබෙන්නේ එම පදනමින්. ශ්‍රමිකයන් කම්කරුවන් හෝ නිර්ධනයන් ලෙසත්, ප්‍රාග්ධන හිමියන් හා ව්‍යවසායකයන් ධනපතියන් ලෙසත් වර්ග කිරීම මාක්ස්වාදී ආකෘතියේ ප්‍රශ්නයක්. "සුළු ධනේශ්වර" ආදී තෙවන කොටස් ගැන කතා කරන්න සිදුවුනේ මේ ආකෘතිය අඩු වශයෙන් මාක්ස්ගේ කාලයේ නිරීක්ෂණ සමඟ හෝ ගැලපුනේ නැති නිසා. මාක්ස් පුරෝකථනය කළේ කාලයත් සමඟ මේ බෙදුම් ඉර වඩ වඩා පැහැදිලි වෙයි කියලයි. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ එහි අනෙක් පැත්ත. ඔබේ ඉහත ප්‍රකාශ දෙකම එයට සාක්ෂි දරනවා.

      Delete
    3. //අසාර්ථක වී ඇති අතර වැඩිම ආර්ථික වර්ධනය හා ධන උත්පාදනය කළ හැක්කේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට නොව රෙජිමේන්තු ගත කරනා ලද රාජ්‍යන්ට බව චීනය ප්‍රමුඛ නැගෙනහිර ආසියානු රටවල් ලිබරල්වාදී පණ්ඩිතයන්ට පෙන්වාදී ඇත.//

      වැරදියි. චීන ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම තවමත් ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායමෙන් හතරෙන් එකයි. චීන ආර්ථිකය ඇමරිකාවේ ආර්ථිකය තරමටම ලොකු වී තිබෙන්නේ එරට ජනගහණය ඇමරිකාවේ මෙන් හතර ගුණයක් නිසයි. ඒක පුද්ගල ආදායම අඩු රටවල ආර්ථිකය වේගයෙන් වර්ධනය වීම ඉතාම සාමාන්‍ය දෙයක්. ආර්ථිකය වැඩි වැඩියෙන් දියුණු වෙද්දී ආර්ථික වර්ධන වේගයද ටිකෙන් ටික අඩු වෙනවා.

      //එමෙන්ම ධනවාදය ව්‍යාප්ත වෙද්දී ලිබරල්වාදීන් බලාපොරොත්තු වූ බහුපක්ෂ ක්‍රමය, නිදහස් මාධ්‍ය හා නිදහස් සමාජය නැගෙනහිර ආසියානු රටවල බිහිවූයේ නැත. එමෙන්ම ධනවාදය කෙතරම් ව්‍යාප්ත වුවද, රටවල් කෙතරම් කාර්මීකරණය වුවද, ජාතිය, ආගම ආදිය සම්බන්ධව ඇති සාමූහික විඥාණයන් යටපත් නොවන බව වත්මන් බටහිර ලෝකයෙන්ම සහ ඇතැම් මැද පෙරදිග කලාපයේ රටවලින් පෙනෙනවා.//

      ඔබ කියන ලිබරල්වාදීන් ගැන මම දන්නේ නැහැ. ධනවාදය ව්‍යාප්ත වුනා කියලා ජාතිය, ආගම ආදිය සම්බන්ධව ඇති සාමූහික විඥාණයන් යටපත් වන්නේනම් නැහැ. සමාජවාදය යටතේ එවැන්නක් වෙලත් නැහැ. බලෙන් යටපත් කරගෙන සිටියත් අවස්ථාවක් ලැබුණු වහාම මේවා මතු වෙනවා. සමාජ ප්‍රගතිය සඳහා කවර හෝ සාධනීය කාර්යයක් කෙරෙන තුරු මෙවැනි දේවල් පවතිනවා. ඇතැම් තත්ත්වයන් යටතේ, ඇතැම් සමාජ වල ආගමකින් කෙරෙන කාර්ය භාරය ප්‍රගතිශීලී විය හැකියි. අඩු වශයෙන් නිශේධනාත්මක නොවී උදාසීන විය හැකියි.

      //තුන්වැනි කාරණය වන්නේ රාජ්‍ය ධනය අයථා ලෙස සූරාකාගත් හා රාජ්‍ය අනුග්‍රහයෙන් කළු සල්ලි ගොඩගසාගත් පිරිසක් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හා මතවාද හැසිරවීමයි.//

      කොමියුනිස්ට් ප්‍රකාශනය අනුව සමාජවාදී රාජ්‍යයක ලක්ෂණ වලින් එකක්නේ.

      //කුසලතාවය මුල්කරගත් සමාජවාදී දේශපාලන ක්‍රියාවලියක්//

      ඔබේ සමාජවාදයේ මූලධර්ම මොනවාද කියා පැහැදිලි කළොත් ප්‍රතිචාර දැක්විය හැකියි.

      Delete
  4. ඉකොනෝ,

    පොළොවේ පැය ගහලා ජීවත් නොවන්නේ ඇයි? ලෝකේ ඉන්න ඉහලම ධනවතුන් 10 දෙනා ගත්තොත් මේ වගේ ප්‍රස්ථාර බලලා, ගණන් හදලද දියුණු වේලා තියෙන්නේ නැත්තං මේ වගේ විශ්ලේෂණ ඉදිරිපත් කරන උන් අර ධනවතුන්ගේ යටතේ එදා වේල ටුවර්ස් ජීවත් වෙන එක නේද වෙන්නේ?

    ලොකුවට ටයිප් කරන්න කම්මැලි සහ මගේ කාලේ අපරාදේ ඒ වෙනුවෙන් වැය කරන. ටටා.

    ReplyDelete
    Replies
    1. //ලොකුවට ටයිප් කරන්න කම්මැලි සහ මගේ කාලේ අපරාදේ ඒ වෙනුවෙන් වැය කරන. //

      ටයිප් කරන්න පමණක් නොව ඔබ හිතන්නත් කම්මැලි බව පේනවා. මේ වගේ සරල ප්‍රශ්න වලට පිළිතුරු මම කාලයක් තිස්සේම ලබා දී තිබෙනවා.

      Delete
  5. ඉකොනො,

    හොඳ ලිපියක් නමුත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස සංවර්ධනය කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න ගැන තවත් කාරණා ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අවශ්‍යයි.

    මීට උදාහරණ ලෙස වසර හතළිහක් පමණ පෙර මාඕ ත්සේදොං විසින් විනාශ කර තිබූ චීනයේ ආර්ථිකය නැවත බලවත් ලෙස ගොඩනැගීම සඳහා ප්‍රතිසංස්කරණ මෙහෙයවූ නායක දෙං ක්ෂාඕපිංට Deng Xiaoping 1970 දශකයේ බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ උගත් දක්ෂ තරුණ චීන්නු දසදහස් ගණන් දිවිපරදුවට තබා හොංකොං වලට පලා යාම, මේ සංක්‍රමණ උණ්ඩයෙන් මර්දනය වෙනුවට දෙං ක්ෂාඕපිං උත්සාහ කලා ඔවුන් චීනය හැරදා හොංකොං යන හේතු සෙවීමට, තරුණ චීනුන් මෙලෙස සංක්‍රමණය වන්නේ හොංකොං විශාල ආර්ථික අවස්ථා වැඩි කිරීම නිසා බව ඔහුට ඉක්මනින් තේරුණා.

    හොං කොං රටේ චීනයට වඩා පහසුවෙන් සැපට ජීවත් වීමට, පහසුවෙන් ව්‍යාපාර කිරීමට, පහසුවෙන් රැකියා සහ වැඩි පඩියක් ඉපැයීමට වැඩි අවස්ථාවක් තිබුණු ආසියානු ව්‍යාඝ්‍ර Asian Tiger රටක්, දකුණු කොරියා, තායිවාන්, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් වල ආර්ථිකයන් සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සිංගප්පූරුවේ වේගවත් නවීකරණය දෙං ක්ෂාඕපිංගේ සිත පැහැරගත්තා. හොං කොං ජනයා මෙන්ම සිංගප්පූරු ජනතාව බහුතරයක් චීනුන්. ඉතින් චීනයට එතරම් සම්පත් තිබියදී, චීනයට කළ නොහැකි වූ ආර්ථික දියුණුව හොංකොං සහ සිංගප්පූරුවට ලබා ගත හැකි වුණේ කෙසේද යන පැනයට ‍ පිළිතුර නම් මෙම රටවල චීනයට වඩා හොඳ නීති රීති සහ නිදහස් ආර්ථික පරිපාලන ක්‍රම තිබීමයි. ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමට, පුද්ගලික දේපළ සුරක්ෂිතභාවය Protection of Property Rights සහ විදේශ සෘජු ආයෝජන Foreign Direct Investment වලට ඉඩ සැලසීමට, චීනය නැවත පණගැන්වීමට අවශ්‍ය බව දෙං ක්ෂාඕපිංට අවබෝධ වුණා.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් කොමියුනිස්ට් චීනයට මෙය ඉතාමත් රැඩිකල් සහ භයානක අදහසක් බව ඔහුට ඉක්මනින් තේරුණා. එවකට චීනයේ මෙම ප්‍රතිසංස්කරණ වලට ඉතා දැඩි අන්දමින් විරුද්ධ බලවත් පිරිසක් ඔහුගේ පක්ෂය තුලම සිටියා. එමෙන්ම කලින් තිබුණු ක්‍රමයෙන් වැජඹෙමින් සිටි පිරිස් මෙයට අනිවාර්යෙන්ම තදින් විරුද්ධ වෙන බව පෙනුනා. ඒ අනුව ඔය නව ආර්ථික පරිපාලන ප්‍රතිසංස්කරණය සමස්ත චිනයේම ක්‍රියාත්මක කරන්න ගියහොත් වැඩේ වරදින බව බව කපටි දෙං ක්ෂාඕපිං වටහා ගත්තා. එසේ නම් මෙම ප්‍රතිසංස්කරණ කුඩා පරිමාණයෙන් අත්හදා බැලීමට හොංකොං වලට ආසන්නයේ පිහිටි ෂෙං ඩ්ශ්ජෙං (ShenZhen) නම් කුඩා ගමක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස වෙන් කොට නව විවෘත නිදහස් වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් එහි ක්‍රියාත්මක කිරීමට තීරණය කලා. ඉතාමත් කපටි අන්දමින් එය සමාජවාදී ආර්ථික සංවර්ධනය වෙනුවෙන්ම වෙළඳපොළ ධනවාදය අත්හදා බැලීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස පක්ෂයේ දක්ෂතම සන්නිවේදකයන් ලවා ප්‍රචාරණය කළා.

      කෙමෙන් කෙමෙන් ඉතාමත් වේගවත් සංවර්ධනයක් අත්පත් කරගෙන ඇදහිය නොහැකි අන්දමට මෙම ව්‍යාපෘතිය සාර්ථක වී මිනිසුන් 30,000 ට අඩු ධීවර ජනගහණයක් සිටි ෂෙං ඩ්ශ්ජෙං (ShenZhen) නුවර චීනයේ තුන්වන විශාලම හා ශීඝ්‍රතම වර්ධනය ඇති නගරය බවට පසුගිය අවුරුදු හතළිහ තුළ පරිවර්තනය වුණා. එහි ආර්ථිකය SGDP ඩොලර් බිලියන 366 - එනම් ලංකාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි ඉතාමත්ම ශීඝ්‍ර වර්ධනයකට ලබා (ඇමරිකා එක්සත් ජනපදයේ ඇපල් ආයතනය නිපදන iphone කැලිෆෝර්නියාවේ ඩිසයින් කරත් නිපදවන්නේ ෂෙං ඩ්ශ්ජෙං වල) අද එම නගරය ලොවපුරා ගෝලීය සැපයුම් ජාලයේ නැතුවම බැරි කොටසක් වෙලා. ඊට පස්සෙ තවත් මෙවැනි විශේෂ ආර්ථික කලාප බොහොමයක් දැන් චීනයේ සහ ලොව පුරා තියෙනවා.

      එක පැත්තකින් බලද්දී දෙං ක්ෂාඕපිංට තිබ්බ ගැටලුවම දැන් ලංකාවේ ගැටලුව බවට පත්වෙලා ලංකාවේ සිට වෙනත් රටවල් වලට සංක්‍රමණය වන ප්‍රමාණය එවකට චීනයේ තරමට නොවුවත් ලංකාවේ ව්‍යාපාර පරිසරය එවකට චීනයේ රජය තරම් දැඩිව පාලනය නොවුණත් 1977 මුලපුරපු විවෘත වෙළඳපොළ පදනම් කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම දැන් ඇණ හිටලා තියෙන්නේ.

      Delete
    2. එකල කොමියුනිස්ට් චීනයේමෙන් ලංකාවේ ද පවතින තත්ත්වයෙන් ප්‍රතිලාභ ලබන බමුණු පැලැන්තියක් වත්මන් තත්වය පවත්වා ගැනීමට වසර ගණනාවක සිට උපරිම උත්සහයක් දරමින් සිටින අතර ඉන් ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පසුගිය වසර 15 තුළ දැක්වූ ප්‍රගතිය ඉතාම අල්ප වීමයි. ලංකාවේ උතුරේ යුද්ධය අවසන් වීමෙන්පසු 2010 - 2014 අතර කෙටි කාලීනව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ ආර්ථික වර්ධනයෙන් පසුව ලංකාවේ සමාජ සංවිධානය සහ ආර්ථිකයේ යාන්ත්‍රණය ගැන කිසිම අදහසක් නැති ඇතැම් විදෙස් ණයදෙන ආයතන වල මුග්ධ උපදේශකයන්ගේ වැරදි සහ තකතිරු උපදෙස් මත මෝඩ තීරණ ගත් ලංකාවේ රජයේ ප්‍රතිපත්ති සමග ලංකාවේ ආර්ථික වර්ධනය දැඩි අන්දමින් පසුබෑමට ලක් වූ අතර ගෝලීය වසංගත තත්ත්වය නිසා දැන් එය එකතැන පල් වෙමින් පවතින නමුත් මෙය වල පල්ලට යන තත්වයකටද පත්විය හැකිය.

      අනික් පැත්තෙන් ලංකාවේ පෞද්ගලික අංශයේ සහයෙන් ආර්ථිකය සංවර්ධනයට ඇති කණගාටුදායක තත්ත්වය රටක ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසුද, ව්‍යාපාර පරිසරය කාර්යක්ෂමද යන්න මනිනු ලබන විවිධ ශ්‍රේණිගත කිරීම් සහ දර්ශක වලිනුත් පේනවා.

      IBRD බැංකුවේ අධීක්ෂණයෙන් ලෝකයේ රටවල් වල ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර නියාමන පරිසරය ශ්‍රේණිගත කරන Ease of Doing Businesses දර්ශකය අනුව ලංකාව රටවල් 190 කින් 99 වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. මුල් කාලයේදී කලාපයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අතින් පෙරමුණේ සිටි ලංකාව පහුගිය වසර දෙක තුනක පමණ කාලයේදී දකුණු ආසියාවේම ඉන්දියාව, භූතානය, නේපාලය වැනි රටවලටත් වඩා අද පසුපසින් සිටින්නේ ඇයි?

      Delete
    3. වෙනත් පැත්තක් තමයි ලංකාවේ නීති පද්ධතිය ගත්තොත් ලෝකයේම දැඩි අකාර්යක්ෂමතාවයකින් යුත් නීති පද්ධතිවලින් එකක්, IBRD බැංකුවේ නීතිය enforce කිරීමේ හැකියාව මනින දර්ශකයෙන් රටවල් 190 න් ලංකාව 164 ස්ථානයට ශ්‍රේණිගත කරලා. ලංකාවේ කොන්ත්‍රාත් එකක් බලාත්මක කරන්න Contract Enforcement සාමාන්‍යයෙන් වසර හතරකට ආසන්න කාලයක් යන අතර සිංගප්පූරුවේ ඒ සදහා ගතවෙන්නේ මාස පහකට අඩු කාලයක්.

      මේ නිසා ලංකාවේ විදේශීය ආයෝජකයින් තම ප්‍රාග්ධනය යෙදවීමට වඩා ව්‍යාපාර පහසුවෙන් කිරීමට හැකි ගමනාන්ත වලට කැමති වීම පුදුමයක් නොවේද? තව වියට්නාම් සහ අනෙකුත් ආසියාතික රටවල් ඩොලර් බිලියන ගණන් විදේශ ආයෝජන ගෙන්වා ගද්දී, ලංකාව ඉතාම පසුගාමී තැනකට පසු වීමට ප්‍රධාන සාදකයක් ලෙස මෙය පහුගිය කාලෙ වියත්මග වැනි දේශපාලන කණ්ඩායම් පවා හඳුන්වා දුන්නා.

      ඉතින් මේ වගේ යල් පැනගිය ක්‍රමයන් වලට එරෙහිව කොළඹ වරාය නගර වැනි ව්‍යාපෘති වල අවශ්‍යතාවය ගැන ගෙනෙන ප්‍රධාන තර්ක මේවායි. ඒ අනුව ව්‍යාපාර කිරීමට අපහසු වීම, ආර්ථික නිදහස මදි වීම සහ ආර්ථික අස්ථාවරත්වය රටක ශීඝ්‍ර සංවර්ධනයකට බාධකයක් වගේම හොඳ ආර්ථික පසුබිමක් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම අතිශයින් දුෂ්කර වෙන්න හේතුව පවතින පවතින ආර්ථික ක්‍රමයෙන් වාසි ලබන බලවත් සීමිත පිරිස එයට කිසිසේත්ම ඉඩ නොදීමයි. විශේෂ පාලන කලාප Special governance zones ගොඩ නැගීමෙන් එම කලාප තුළ රජයට රටේ සෙසු ප්‍රදේශවල පවතින ගැටලු මඟහරවා ගත හැකි නව පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ හැකියි.

      තව දෙයක් තමයි ඒ විශේෂ කලාප ව්‍යාපෘති සහ ක්‍රියාපටිපාටියන් පූර්ව අනුමත කිරීම් තුලින් සහ ඉතා කාර්යක්ෂමව අඩු කාලයකින් ක්‍රියාත්මක වන අධිකරණ පද්ධති සහිත සියලුම පරිපාලන සහ අවසරපත් එකම වහලක් යටින් ලබා ගැනීමේ වන් ස්ටොප් ෂොප්ස් සංකල්පය one stop shops මඟින් ව්‍යාපාර කටයුතු පහසු කිරීම තුලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි බව.

      ඔය කියන විශේෂ ආර්ථික කලාප ලංකාව වගේ රටකටත් අලුත් දෙයක් නොවෙන්නේ ලංකාවේ අපනයන කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ රටේ පිහිටා ඇති FTZ නිදහස් වෙළඳ කලාපවල නිසා Free Trade Zones. කොළඹ වරාය නගරය මේවාගෙන් වෙනස් වන්නේ ජාත්‍යන්තර ක්‍රියාකරුවෙකු විසින් කළමනාකරණය කරනු ලබන පළමු විශේෂ කලාපය වීම නිසයි. නිදහස් වෙළෙඳ කලාප මෙන් නොව, මෙය අපනයන නිෂ්පාදනය වෙනුවට ගෝලීයව ව්‍යාපාරික කටයුතු කරන සේවා අංශයේ දැවැන්ත මූල්‍ය ව්‍යාපාර සහ මූල්‍ය සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට සැලසුමක් තිබීමයි.

      මේ යෝජිත නෛතික ව්‍යුහයෙන් ලංකාවේ දැනට පවතින පෝට් සිටි නගරයට අදාළ නොවන නීති හතක් ලැයිස්තුගත කර ඇති අතර තවත් 14 ක් යෝජිත අධීක්ෂණ මණ්ඩලය විසින් ප්‍රදේශයෙන් නිදහස් කළ හැකියි. පෝර්ට් සිටියේ Port City Master Plan එක ඉතා දියුණු මට්ටමේ ජීවන පහසුකම්, විනෝදාස්වාදය, මූල්‍ය සේවා සහ ව්‍යාපාර රට තුළට ගෙන ඒමට සැලසුම් සකස් කර තියෙනවා.

      ඔය මොනවා කිව්වත් පෝට් සිටි සාර්ථකත්වය සහ රටට එහි ඇති වැදගත්කම ඇත්තටම රඳා තියෙන්නේ ඒකට උසස් පරිපාලන ක්‍රමයක් සැපයීමට ඇති හැකියාව මතයි, ආර්ථික වශයෙන් සාර්ථක වීමට නම් පෝර්ට් සිටි එකේ ආයෝජකයින්ට වැඩි ආර්ථික නිදහසක් සහතික කරපු පැහැදිලි පුරෝකථනය කළ හැකි නීති සහිත කාර්යක්ෂම නීති පද්ධතියක් අත්‍යවශ්‍යයි. එය කොමසාරිස්වරුන්ගේ අභිමතය අවම කර සාධාරණ හා විනිවිද පෙනෙන නියාමන ව්‍යුහයකින් සමන්විය යුතුව හොංකොං සහ සිංගප්පූරුව වැනි කුඩා නගර කිහිපයක් සමෘද්ධිමත් කර ඇති මේ තීරණාත්මක ලක්ෂණ සහිත විය යුතුයි.

      Delete
    4. මම හිතන්නේ ලංකාවට අවශ්‍ය වරාය නගරය සෘජු විදේශ මූල්‍ය ආයෝජන FDI සහ දක්ෂතම පුද්ගලයින් ආකර්ෂණය කරන දැනුම ව්‍යාප්ත කිරීමට සහ ප්‍රතිපත්ති අත්හදා බැලීමට සුදුසු ස්ථානයක් ලෙස උපයෝහී කළ හැකි වඩා හොඳ පාලන කලාපයක් වන පරිදි වරාය නගර පණත නිශ්චිත දූරදර්ශී විධිවිධාන සහිත විය යුතුයි. ඉදිරි සතිවලදී ලංකාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වී ශ්‍රේෂ්ඨාධීකරණය දැනටමත් එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරන පෙත්සම් 19 ක් විභාග කර තම තීරණය ප්‍රකාශයට පත් කළ පසූ එහි ඇති දේශපාලන හා ආර්ථික අවදානම් ද ගැඹුරින් අධ්‍යයනය කර සාකච්ඡා කිරීමට අවශ්‍යයි.

      කලාපයේ geo political භූ දේශපාලන අවදානම කළමනාකරණය කිරීම ලංකාවට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන අභියෝගයක් වෙයි. ඒකෙදි තේරුමක් නැති සීතල යුද්ධ මානිසිකත්වයෙන් මිදී පුළුල් මධ්‍යස්ත විදේශ ප්‍රතිපතියක් සහ දැක්මක් අවශ්‍යයි.

      වරාය නගර ව්‍යාපෘතියේ සාර්ථක බවට තවත් අවදානමක් තමයි ආර්ථික සහ වෙළදපොළේ සිදුකරන විකෘති කිරීම්, වරාය නගරය ක්‍රියාත්මක වීමෙන් පසු යම් ව්‍යාපාරයක් පිහිටා ඇත්තේ කොළඹ චෛත්‍ය පාරේ මොන පැත්තේද කියන එක මත පදනම්ව ව්‍යාපාරයක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි වුවත් එකම සම්පත් සඳහා තරඟ කරන නමුත් වෙනස් නීති හා බදු වලට මුහුණ දෙන එක තමයි ගොඩක් වෙලාවට නියාමන කළ යුතු.

      රජයේ අය කරන බදු ගැන ප්‍රශ්නය ඊටත් වඩා බැරෑරුම්. ලංකාවට ජාත්‍යන්තර ණය පියවා ගැනීම පවා අපහසු තත්වයක් තුල, වරාය නගරය රජයෙන් පිටතට බදු කාන්දු වන ස්ථානයක් බවට පත්වීමටද අවදානමක් ඇත්තේ යෝජනා කර ඇති සමහර බදු සහන නිසායි.

      ඒ වගේම කොළඹට ආසන්නව පවතින අකාර්යක්ෂම ක්‍රමය තුළ වෙළදපොළ විකෘති කරමින් අධික ලාභ ලබන ලංකාවේ සිටින ප්‍රභූ පැලැන්තියම එම නියාමන රාමුව Regulatory framework අල්ලා ගැනීමේ අවදානමක් තියෙනවා. ෂෙං ද්ශෙං වැනි සාර්ථක කලාප බෙයි ජිං වැනි බලවත් නගර වලින් දුරස් වී පැවැත්වීම අහඹු සිදුවීමක් නොවන බව පැහැදිලි ඇති නේද?

      ඉතින් ඔය කරුණු කාරණා අනුව ඇති අභියෝග ජය ගත හැක්කේ හොඳ නීති, වෙනස් නොවන ස්ථායික ප්‍රතිපත්ති සහ නිසි අධීක්ෂණයෙන් විතරයි. මේ වගේ තැනකට බදු සහන සහ දීමනා ලබා දීමට වඩා හොඳ කාර්යක්ෂම පාලනයක් ගැන අවධානය යොමු කිරීම පද්ධතිය වඩාත් උපයෝගී සහ රටට වාසිදායක විදිහට තියා ගැනීමට උපකාර වේවි.

      ලංකාවේ ආර්ථික සංවර්ධනයට නම් රටේ ව්‍යාපාර කටයුතුවල පහසුව වැඩි කරන වඩා හොඳ නීතිරීති හා කාර්යක්ෂම පද්ධති මගින් මුළු රටම පාලනය කිරීම වඩාත් හොඳම දේ නමුත් ඒක කිරීමට ලංකාවේ ආණ්ඩු අපොහොසත්.

      මේ නිසා ලංකාවේ වරාය නගරයට ප්‍රාතිහාර්යයන් කළ නොහැකි බව පැහැදිලියි තව ෂෙං ද්ශෙං වගේ ඉතාමේඅ විශාල කලාපයකුත් නෙවෙයි, අනෙක මේක භාණ්ඩ අපනයන මත පදනම් නොවන බවත් හැබැයි මේ කලාපය තුල සිදුකරන වෙනස්කම් කොටසක් රට තුළට නිසි ලෙස ගෙන ඒමට පෝට් සිටි උත්ප්‍රේරකයක් වන බව හිතන්න පුළුවන්.

      Delete
    5. තව පැත්තක් තියෙනවා මේ ව්‍යාපෘතිය ලංකාවේ රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳව ඇති බරපතල ගැටලුත් පෙන්වා දෙනවා, කළ යුතු දේ ලංකාවේ නායකයින් දැනගෙන හිටියත් පසුගාමී චින්තනය, දේශපාලන අවස්ථාවාදය, වෙනස්කම් වලින් අසතුටන පත් වන ඇතැම් කල්ලි කණ්ඩායම් වල කකුලෙන් ඇදීම් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ නොහැකියාව වැනි දේ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට නොහැකිව ලංකාව ඉතා මන්දගාමී ආර්ථික ගමනක සිටින බව පැහැදිලියි නමුත් රටට සැබවින්ම අවශ්‍ය වන්නේ ව්‍යාපාර කිරීම ලෙහෙසි කරන ලාංකිකයන්ගේ ආර්ථික නිදහස වැඩි කරන ප්‍රතිපත්ති මුලු රට තුලතම ක්‍රියාතමක කිරීම, මොකද වැඩි ලාංකිකයන් පිරිසක් ආර්ථික ප්‍රති ලාභ ලබා ගත හැක්කේ එවිට, ඒත් ඒක කර ගත නොහැකිව තිබෙන තත්වයක් තුල වරාය නගරය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කෙටිමඟක් සලසා දීමට හැකි වෙයි කියලයි මට හිතෙන්නේ මේක වැරදියි ද?

      Delete
    6. ඔබේ විශ්ලේෂණ නරක නැහැ.

      Delete
  6. ඉකොනොමැට්ටා මේ පහත දැක්වෙන පෝස්ට් එකේ මේ වගේ සමාජවාදී සංවාදයක් ගියා

    https://www.facebook.com/groups/848773678592415/permalink/2267608390042263/

    ReplyDelete
    Replies
    1. ඔතැන ජවිපෙ ගැන සංවාදයක් මිසක් පොදුවේ සමාජවාදය ගැන සංවාදයක් නැහැනේ, ඇනෝ.

      Delete
  7. අම්මෝ අපි නම් පළි නැහැ මේවට
    රිදෙන්න වැදේව ඕනි තැන්වලට
    කූද්දන්නෙ කොහොමෙයි උන් හැබෑට
    බොරුවට නිදියන් ඉන්දදී කදිමට

    ReplyDelete
  8. ඉකෝන් මේ දවස් වල ඉතාමත්ම භයානක නව කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්ත වන බව හෙළි කරල තියෙනවා මාධ්‍ය වලින්. මෙම නව ප‍්‍රභේදය පැවති ප‍්‍රභේදයට වඩා 18 ගුණයකින් ප‍්‍රබල බව සඳහන්. මෙවන් ද්විත්ව කොරෝනා ප‍්‍රභේදයක් ගැන හෙළි වූයේ මුල් වරට කියල තමයි සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.

    මාධ්‍ය වාර්තා කරන විදියට මේ වන විටත් මේ ඉන්දියන් නව කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වීම් මිලියන 3.8ක් දක්වා වාර්තා වෙලා තියෙන නිසා මුළු රටම හදෙකලා කරන ලෙස ඉන්දීය විපක්ෂ කණ්ඩායම්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ නායකයන් ඉන්දියාවේ මෝදි රජයට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා මාධ්‍ය වලින් දැක ගැනීමට පුළුවන්.

    මේ වගේම මේ කොරෝනා වෛරස් එක අසාදනය වීම නිසා හිටපු ප‍්‍රධාන ඇමැති අජිත් සිං සහ ජම්මු කශ්මීර දෙපළාතේ තෙංගාකර් හර්යාම් පක්ෂයේ නායක මොහොම්මද් අශ්රොෆ් ද මියගොස් තිබෙනවා.

    මෙසේ ඉන්දියාවේ මතු වී ඇති නව කොරෝනා ප‍්‍රභේදය මෙතෙක් හඳුනාගෙන නැති අතර එය සෘජුව පෙනහැලිවලට ගොස් මරණයට පත්වන බව ද හෙළි කළ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි බිහාර් ප‍්‍රාන්තය මැයි 15 දා තෙක් සම්පූර්ණයෙන්ම වසාදමා තියෙනවා.

    වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට සමස්ත ඉන්දියාව පුරාවටම පවතින සියලූම ආකාරයේ උත්සව සියල්ල ද දින නියමයක් නොමැතිව අවලංගු කර දමා ඇති බවත් ගෙවුණු පැය 24 තුළ පමණක් ඉන්දියාවේ ජනයා 3,780 ක් ජීවිතක්‍ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

    උද්ගත වී ඇති මේ අතිශය භයානක තත්ත්වය මත මුළු මහත් ඉන්දියාවම හුදෙකලා කළහොත් සංක‍්‍රමණික කම්කරුවන් මිලියන සියගණනක් පමණ බරපතළ දුෂ්කරතාවයකට මුහුණපාමින් බරපතල විදිහට ව්‍යසනයකට පත් විය හැකි බව මාධ්‍ය වාර්තා කළ අතර ආම් ආද්මී පක්ෂ නායක අර්වින්ද් කෙජ්රිවාල් ආණ්ඩුවේ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ තත්ත්වය ලංකාවට කොහොම බලපාවි ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය වැනි රටවල් ආරම්භයේ සිටම කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නේ එය දිගුකාලීන සංග්‍රාමයක් ලෙස සලකා මිස හුදෙකලා සටනක් සේ සලකා නොවන බව මම වසංගතය ආරම්භයේදීම පැහැදිලි කළා. මේ රටවල් අවසන් කෝවිඩ් රෝගියාවත් රටෙන් තුරන් කර රට කෝවිඩ් වලින් රට නිදහස් කර ගැනීමේ ඉලක්කයක හිටියේ නැහැ. එම ප්‍රවේශය නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. අනෙක් අතට චීනය සිටියේ දැඩි ක්‍රියාමාර්ග හරහා රට මුළුමනින්ම කෝවිඩ් වලින් බේරාගෙන සිටීමේ ප්‍රවේශයකයි. මේ වන විට තත්ත්වය සසඳා බැලුවොත් චීන හුදෙකලා සටන් ප්‍රවේශය බටහිර ප්‍රවේශයට වඩා සාර්ථක බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, බටහිර රටවල හා චීනයේ සංස්කෘතික හා වෙනත් විවිධ වෙනස්කම් අමතක කර මේ රටවල් සංසන්දනය කිරීම නිවැරදි නැහැ. ලංකාව අනුගමනය කළේ චීන ක්‍රමයයි. එම ප්‍රවේශය මේ වන විට අසමත්ව තිබෙනවා. මුල් ප්‍රවේශය අසාර්ථක වීමෙන් පසුව එදාවේල ක්‍රමයට ප්‍රශ්නය විසඳනවා මිස මේ වන විට ලංකාවට නිශ්චිත සැලසුමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීමේදී තනිවම ලොකු දේවල් කරන්න බැරි, අනෙක් රටවල් මත පරායත්ත, ලංකාව වගේ රටක් එදාවේල ක්‍රමයට ප්‍රශ්න විසඳන එකත් නරකම නැහැ.

      කෝවිඩ් වසංගතය පිළිබඳව මුලදී නොදැන සිටි බොහෝ දේ මේ වන විට අප දන්නවා. ඒ වගේම තවමත් නොදන්නා බොහෝ දේවල්ද තිබෙනවා. පොදුවේ තනි වෛරසයක් සේ හැඳින්වුවත් කෝවිඩ් හදන වෛරස එකිනෙකෙන් වෙනස්. මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙනවා වගේ. අප කෝවිඩ් වෛරසයක් සේ හඳුනා ගන්නේ මෙම වෛරස වල පොදු ලක්ෂණ සමූහයක්. මේ ලක්ෂණ අනුව වෛරස් කාණ්ඩ වලට බෙදිය හැකියි. අප්‍රිකානු, චීන, කොකේසියන් විදිහට මිනිස්සු වර්ග කරනවා වගේ. වෛරස් ප්‍රභේද කියා කියන්නේ ඒවාට. එන්නතක් හදන්නේ කෝවිඩ් වෛරස වල පොදු ලක්ෂණ හඳුනාගෙන එම ලක්ෂණ තිබෙන වෛරසයක් මර්දනය කළ හැකි ආකාරයටයි.

      වෙනත් ඕනෑම ජීවයක් වගේ (වෛරසයක් ජීවයක්ම නෙමෙයි) වෛරස්ද පරිණාමය වීම සාමාන්‍ය දෙයක්. එහිදී වෛරසයක් පරිණාමය විය හැකි ආකාර පුරෝකථනය කළ හැකි ආකෘති තිබෙනවා. චිම්පන්සියෙක් එක පාරටම මිනිහෙක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එන්නත් හදන්නේ ඇති විය හැකි විකෘති වලටද ඔරොත්තු දිය හැකි ආකාරයටයි. එහෙත්, ඉතා ඉක්මණින් විශාල පිරිසක් එන්නත් කර වෛරසයේ ව්‍යාප්තිය පාලනය නොකළොත් අලුත් ප්‍රභේදද වැඩි වැඩියෙන් හැදී ඒවායින් ඇතැම් ප්‍රභේද එන්නත් සැලසුම් කිරීමේදී පුරෝකථනය නොකළ තරමට වෙනස් වෙන්න පුළුවන්. අනෙක් අතට වෛරසයට එරෙහිව මිනිස්සු විවිධ ප්‍රතිචාර දක්වද්දී එයට අනුරූපව වෛරසයද හැම විටම ප්‍රතිචාර දක්වනවා. කාලයත් සමඟ අලුතෙන් ව්‍යාප්ත වෙන්නේ මුලින් ආවාට වඩා දරුණු හා වැඩියෙන් ව්‍යාප්ත වන ප්‍රභේද. මෙය පරිණාමය අනුව අනිවාර්යයෙන්ම සිදු වන දෙයක්. ඒ නිසා මුලින් වෛරසය පැතුරුණු රටවලට වඩා අලුතෙන් පැතිරෙන රටවලට වැඩි අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අනෙක් අතට මිනිස්සු වඩා දැනුමෙන් සන්නද්ධව සිටීමේ වාසිය එම රටවලට තිබෙනවා. මෙතැන තිබෙන්නේ මිනිස්සු හා වෛරසය එකිනෙකා සමඟ හා කාලය සමඟ කරන තරඟයක්. වෛරසය පරද්දන්නම් පුළුවන් තරම් දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. සතුරා නිවැරදිව හඳුනා ගත යුතුයි. දිගුකාලීනව සටන ජයගත හැක්කේ එන්නත් කිරීම මගින් පමණයි. එහෙත් එය ප්‍රමාද වන තරමට වෛරසය වඩ වඩා ශක්තිමත් වෙනවා. ඒ නිසා, ප්‍රමාණවත් ජනගහණයක් එන්නත් කර ගත හැකි වන තුරු අනෙකුත් ක්‍රියාමාර්ග හරහා ව්‍යාප්තිය පාලනය කර ගත යුතු වෙනවා.

      කෝවිඩ් පාලනය කිරීම හා රටේ ආර්ථිකය රැක ගැනීම ප්‍රතිවිරුද්ධ ඉලක්ක දෙකක් වන්නේ එක්තරා සීමාවක් දක්වා පමණයි. කෝවිඩ් ව්‍යාප්තිය ගොඩක් වැඩි වුනොත් ඒ හේතුව මතම ආර්ථිකයත් වැටෙනවා. ඇමරිකාවේදීනම් මුලින්ම සිදු වුනේ කෝවිඩ් ව්‍යාප්තිය හැකිතාක් පාලනය කර ගන්නා අතරම ආර්ථික කටයුතු පවත්වා ගෙන යා හැකි ආකාරය සැලසුම් කිරීමයි. මම තවමත් ගෙදර සිට වැඩ කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අපේ දරුවන්ට අවශ්‍යනම් අගෝස්තුවෙන් ඇරඹෙන ඊළඟ වසරද (2022 අගෝස්තු දක්වා) නිවසේ සිටම අධ්‍යයන කටයුතු කළ හැකියි. දැනටමත් ඔවුන් වසරකට වඩා වැඩි කාලයක් (2020 මාර්තු මැද සිට) භෞතික ලෙස පාසැලට ගොස් නැහැ. ඇමරිකාවේ දැන් කතා කෙරෙන්නේ එන්නතේ තුන් වන මාත්‍රාව ගැන. එන්නත ගත් අයගේද ප්‍රතිශක්තිය මාස 9ක් පමණ යද්දී අඩු වෙනවා වගේම කෝවිඩ් හැදුනු අයටද නැවත හැදෙනවා. මේ ප්‍රශ්නය කෙටිකාලීන විසඳුම් දී අවසන් කළ හැකි එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරී ඉන්නනම් වසරකට වරක් එන්නතක් ගන්න වෙයි. එවිට අලුත් ප්‍රභේද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් සැලසුම් හැදිය යුත්තේ ඒ තත්ත්වයට මුහුණ දෙන්නයි.

      Delete
    2. දෙයියන්නේ පිහිටම තමා! ලංකාවේ පළමු මාත්‍රාව ගත්තු අයට දෙවැන්න දීමත් ප්‍රශ්නයක් වෙලා වගෙයි. ඇමෙරිකාවේ තෙවන්නක් ගැනත් ....

      Delete
    3. නිදි, ඔබ ඇතුළු පාඨකයන් ලංකාවෙ ඉන්නව නම් අනවශ්‍ය ගමන් බිමන් නවත්තමු. සෞඛ්‍ය පුරැදු අනුගමනය කරමු. අත්‍යාවශ්‍යම දෙයකට හැර නිවසින් පිට නොවී ඉඳිමු. එහෙම වුනොත් මේ කරන වියදම් බොහොමයක් නවතාගන්න පුලුවන්. මේ මුදල් ගෝඨාභයගේ⁣ හෝ සජිත්ගේ හෝ අනුර කුමාරගේ නොවේ. ඒවා මහජන මුදල්. ඒ නිසා මේ වෙලාවේ අපේ යුතුකම ඉටුකරමු. වෛද්‍යවරැන් දෙන උපදෙස් හරි ආකාරයෙන් පිළිපදිමු.

      ලංකාවේ හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියල තියෙන්නේ දැන් ලංකාවේ රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීමට ආසන්න බවත් කොළඹ ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකකයන් පවත්වාගෙන යමින් සිටින අතර දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී යාමට ආසන්න වීමට හේතුව එම රෝහල් වලින් ප‍්‍රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට අපහසු විය හැකි බව පැහැදිලියි නමුත් පී සී ආර් පරීක්ෂණ සිදුකළ අය එම වාර්තා පැමිණෙන තුරු නිවසෙන් එලියට නොගොස් නිවසටම වී සිටින ලෙස අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටීයා.

      ලංකාවේ ජනතාව ඉදිරි සති දෙක තුනක කාලය අනවශ්‍ය ලෙස ගමන් බිමන් නොගොස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළහොත් වෛරස් ව්‍යාප්තිය පාලනය කළ හැකි වනු ඇති බවත් එසේ නොකළ හොත් වෛරසය වේගයෙන් පැතිර යාම පාලනය කිරීම අසීරු විය හැකි බවත් ආණ්ඩුව කියනවා වගේම මේ දවස්වල කරන පරීක්ෂණ ප්‍රමාණය ඉහල හේතු නිසා එම වාර්තා ලැබීමේ යම් ප්‍රමාදයක් ඇති බවත් ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා IBRD බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක් මෙසේ ණය වශයෙන් ලැබෙනු ඇති බව අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමෙන් පෙනේ.

      මේ යටතේ ලංකාවේ සමස්ත ජනගහනයෙන් 66.6% ක් නැත්නම් මිලියන 14.7 ක් පමණක් එන්නත්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති මහාචාර්ය (වෛද්‍ය) ඡන්න ජයසුමන පාර්ලිමේන්තුවේ කියපු එක තමයි ගොඩක් වෙලාවට කරන්න ඉඩ තියෙන දේ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රවේසම් වෙමු.

      Delete
    4. Anonymous May 7, 2021 at 12:40 PM

      චීනයයෙන් ලංකාවට පරිත්‍යාගයක් ලෙස නොමිලේ ලබා දුන් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් මේ වන විට භාවිතා කර ඇත්තේ 2,860 පමණක් ලංකාවේ සිටින චීන ජාතිකයන්ට දී ඇතත් ඉතිරි සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ ගබඩාවල තැන්පත් කර තිබෙනවා.

      එම එන්නත් වලට ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අපහසු තත්ත්වයක් තිබුණේ. මේ කාරණා කෙසේ වෙතත් මේ වනවිට පකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංගලාදේශය, සියලුම මැදපෙරදිග කලාපයේ රාජ්‍ය සහ බොහෝ අප්‍රිකානු රටවල් ද සයිනොෆාර්ම් එන්නත තම රට වැසියන්ට ලබා දී තිබෙන නමුත් ඉන්දියාව ලංකාව තම රට හැර චීනය වැනි රටවල එන්නත් ලබා ගැනීම ගැන විරෝධී මතයක් දරනවා. මැදපෙරදිග සෑම රටකම සහ බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවලත් යුරෝපා රටවල් කීපයකත් සයිනෝෆාර්ම් එන්නත ලබාදීමෙන් පසුව එම එන්නත සීයට අනූවක කම්ලිකේෂන් රෙසිස්ටන්ස් එකක් පෙන්නල තියෙනව ඩුබායි වල.

      එසේ වුවත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක COVID 19 දරුණු ලෙස පැතිර යද්දී චීනය සුරක්ෂිතව පැවතීමට හේතුව ඔවුන්ගේ එන්නත්කරන ව්‍යාපාරයේ සාර්ථක බව ලොව පුරා මෙන්ම ලංකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දුන්නේ පහුගිය කාලේ පුරාම.

      එම නිසා ලංකාව තුල මෙම චීන සයිනො ෆාම් එන්නතට එරෙහිව සංවිධානාත්මක ක්‍රියාදාමයක් දියත් වූ අතර එය තත්වයෙන් බාල බවත්, බරපතල විදිහට අතුරු ආබාධ ඇති බවත් රට පුරාම තදින්ම ප්‍රචාරය කෙරුණ අතර එහිලා ප්‍රමුඛස්ථානය ගත්තේ හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු, ජවිපෙ ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෑතකදී වෛද්‍ය සංගමයක ප්‍රධානියකු ලෙස පත් වූ වෛද්‍යවරයෙක්. මෙම වෛද්‍යවරයා බෞද්ධ විරෝධී ආගමික මූලධර්මවාදියකු බවත්, ප්‍රබල රාජපක්ෂ විරෝධියකු බවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට බව ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව පවසයි. මේ වගේම පසුගිය කාලයේම ලංකාව තුල ඔක්සිජන් සිලින්ඩර් හිඟයක් ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කලේ ද මෙම පුද්ගලයා බවට චෝදනා එල්ල වී තිබෙනවා.

      ලංකාවේ මාධ්‍ය සාකච්ඡා වලදී මේ ගැන අදහස් දක්වපු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගණනක් පවසා ඇත්තේ සයිනොෆාර්ම් එන්නත ගැන අසත්‍ය ප්‍රකාශ කරමින් එය ලබා දීම අවහිර කළ පුද්ගලයන් ලංකාව තුල තුන් වන රැල්ලට වගකිව යුතු බවයි.

      මේ ගැන වෛද්‍ය විද්‍යා මහාචර්යවරයකු වන විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්දන මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මෙම චෝදනාව කෙලින්ම නගා තිබුණා. චීන සයිනොෆාර්ම් එන්නතට විරුද්ධව කටයුතු කල පුද්ගලයන් පිටුපස සිටින්නේ කවුද යන්න සොයා බැලීමට බුද්ධි අංශ විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය බවත් සමහරු කියනවා.

      කෙසේ වෙතත් ලංකාවට සුබ ආරංචියක් පහත දැක්වෙන ලිපියේ සඳහන්, ඒ අනුව අර නොමිලේ ලැබුණු වැක්සින් ලක්ෂ හයෙන් වැඩක් ගන්න පුළුවන් වේවි ��

      https://www.nytimes.com/2021/02/05/opinion/covid-vaccines-china-russia.html

      අද දින මාධ්‍ය වාර්තා අනුව මට තේරෙන විදියට කොවිඩ් 19 කොරෝනාවෛරස එරෙහිව චීනයේ නිෂ්පාදනයක් වූ ‘සයිනොෆාර්ම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති අතර එම එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන ලද හයවන එන්නත ලෙසයි.

      ඇමරිකානු නිව්යෝක් ටයිම්ස් මාධ්‍ය වාර්තා කර තිබුණා දැනට කොරෝනා වෛරසය සදහා ලොව නිපදවා හොඳම එන්නත චීනයේ ‘සිනොෆාම්’ එන්නත බව, ඔය උඩ තියන ලින්ක් එක.

      ලෝකයේ රටවල් 50කට වැඩි මිලියන 500 ඉක්මවූ මාත‍්‍රා ප‍්‍රමාණයක් දැනටමත් එය අපනයනය කර ඇති අතරම ඒ එන්නත අනතුරු ආබාධ අනුපාතය ඉතා අඩු සහ ඉතා ආරක්ෂිත බවත් ඇතැම් බටහිර මාධ්‍ය විසින්ම වාර්තා කිරීමත් පුදුමයි.

      මේ වන විටත් මහාබි‍්‍රතාන්‍යයේ බොහෝ ධනවතුන් මෙම එන්නත ලබා ගැනීම සඳහා මැදපෙරදිග කලාපයට ගුවනින් පැමිණෙමින් සිටින බව ලෝකය පුරා දකින්නට ලැබෙන මාතෘකාවක්.

      Delete
    5. /ඇමරිකානු නිව්යෝක් ටයිම්ස් මාධ්‍ය වාර්තා කර තිබුණා දැනට කොරෝනා වෛරසය සදහා ලොව නිපදවා හොඳම එන්නත චීනයේ ‘සිනොෆාම්’ එන්නත බව, ඔය උඩ තියන ලින්ක් එක./

      මම ඔය එන්නතට විරුද්ධ නැහැ. එහෙත් ඔය එන්නත ලෝකයේ හොඳම එන්නත කියන එක අමූලික බොරුවක්. ලින්ක් එකේ ලිපියේ එවැන්නක් කියා නැහැ. ඔය විදිහට ලින්ක් දමමින් ලින්ක් වල නැති දේවල් ඇති සේ පවසා සිංහල පමණක් දන්නා පාඨකයින් රැවටීම ඔය පුවත පළ කර තිබෙන වෙබ් අඩවිය නිතර කරන දෙයක්.

      Delete
  9. ලංකාවේ මේ වනවිට ඇති කෝවිඩ් රෝග පැතිරීම නිසා කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ලංකාවේ ජනපති අවධාරණය කර ඇත.

    මෙම රෝගය ලංකාවෙ පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වන අතරම රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම මැයි 06 සිට ආරම්භ වෙලා තියෙනවා.

    ඊට අමතරව චීනයෙන් ලැබුණු සයිනොෆාර්ම් එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇතත් ලොවවටා රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබුණද එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනපති විසින් උපදෙස් දී ඇති අතරම පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ. ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ. හැමෝම නායකයන් වෙන්න ගිහිල්ලා මේක පාලනය කරන්න බැහැ. රෝග පාලනයේ දී සෞඛ්‍ය අංශයයි ප්‍රධාන වන්නට ඕන. දේශපාලකයන්ට වුවමනා ලෙස එම තීරන වෙනස් කරන්නට යාම විනාශයට මුලක්. වැරදි ආදර්ශයක්, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. // රෝග පාලනයේ දී සෞඛ්‍ය අංශයයි ප්‍රධාන වන්නට ඕන. දේශපාලකයන්ට වුවමනා ලෙස එම තීරන වෙනස් කරන්නට යාම විනාශයට මුලක්. වැරදි ආදර්ශයක්//
      මේ කාරණය ඉතා විශේෂයි. පහුගිය කාලය මතක නම් ගඟට මුට්ටි දැමිලි වගේ දේවල් කරන්න දේසපාලුවන් යළිත් නොපෙළඹේවා කියලාත් පතමු.

      සෞඛ්‍ය අංශයේ බලධාරීන්ට නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේවා. කොන්දක් ලැබේවා.
      එහෙම කියන්නේ රෝගීන් කියන්නෙ කොරෝන රෝගීන් විතරක්ම නොවෙන නිසා. මගේ දැනීමේ හැටියට සමහර රෝහල්වල සමහර සායන පැවැත්වීම අතහැරලා දාලා. ඒ පරිශ්‍රයන් කොරෝනා ලෙඩ්ඩු දාන්න අරගෙන නේද? මේක නිවැරදි දෙයක්ද?

      Delete
  10. //පරාර්ථයෙන් සියල්ල බෙදා හදා ගන්නා ‘සම-සමාජයක්' යම් හෙයකින් මිනිසුන්ගේ නිදහස් කැමැත්තෙන් හැදෙනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. ප්‍රශ්නය වන්නේම ඊනියා විද්‍යාත්මක සමාජවාදය එවැන්නක් නොවීමයි. එය හැම විටම ප්‍රචණ්ඩත්වය මත පවත්වා ගෙන යා යුතු සමාජ ක්‍රමයක්//

    බොහොම ස්තූතියි, මේ අන්තවාදී කොමියුනිට්ස් බොරුව පෙන්වා දෙනවට. ඉකනොගෙ පැරණි ආක්‍රමණික තාර්කික ක්‍රමවේදය, වඩා නම්‍යශීලී, සමබරතාවයකට දියුණුවෙමින් පවතින බව පේනවා.��

    කොතරම් අන්තවාදී වුවත්, මට විස්වාසයි බහුතරයට ඕනා කරන්නේ වඩා යහපත් අනාගත සමාජයක් හැදෙනව දකින්න කියලා. තමන්ගේ දේශපාලන අඩිතාලමට පහර වැදෙන එක දරාගන්න අමාරු වුනත්, මෙතන අපිට මරාගන්න දෙයක් නෑ කියන එකයි මගේ හැඟීම.

    මෙතෙක් කල් බිහිවූ හැම කොමියුනිට්ස් රාජ්‍යයක්ම අනුගමනය කල, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රවුර්ති වාරණය තමා ඒකට තියෙන ප්‍රධාන බාධාව. ඔය කියන විද්‍යාත්මක සමාජවාදී පක්ෂත්, සාමාජිකයින්ගේ නිදහස සීමා කරනව. ඒ නිසා ඔවුන්ට බලය ලැබුනොත්, පැරණි "ප්‍රචණ්ඩත්වය සහ බොරුව" ක්‍රමවේදය පාවිච්චි නොකරයි කියන්න කිසිම සාධකයක් නෑ.

    ReplyDelete
  11. ඉකෝන් ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස ප්‍රභේදය ලංකාවෙ තියන බවට හඳුනා ගෙන තියෙනව කියල ලංකාවේ ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ලංකාවේ ආසාදිත පුද්ගලයන්ට සිදු කරපූ පරීක්ෂණ වලදී මෙම ප්‍රභේදය හඳුනාගත් බවත් කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ආසාදිතයෙකුගෙන් මෙම ප‍්‍රභේදය හම්බ උනා කියලා. ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ B.1.617 වෛරස් ප්‍රභේදයයි.

    මීටත් වඩා අතිභිහිසුණු ප්‍රභේද ඉදිරියේදී දැකිය හැකි වේවි. නැත්නම් එහෙම ප්‍රභේද ඇති නොවේවි. කිසිම විද්‍යාවකට ඔය මලඉලව්ව අල්ලගන්න බැරි වෙලේ. දේශපාලකයන් සහ ජනතාව වගකීමෙන් කටයුතු කරානම් අපි ගොඩ. තවම ගම්වල, නගර වල හරියට පිළිවෙත් ‌නොදරමින් කී දෙනෙක් ඉන්නවාද? 5 කට හැදුනා කියන්නේ කී දෙනෙක් ට යයිද? හැමෝම ආදර්ශමත් විය යුතුයි. කී තැනක ක්‍රිකට් ගහනවාද? ඔෆීස් වල එකට තවමත් බත් කනවා නේද? සරළ දේවල් වලින් මේක තවමත් පාලනය කර ගන්න බැරි නැහැ පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න හැමෝම.

    ReplyDelete
    Replies
    1. //කිසිම විද්‍යාවකට ඔය මලඉලව්ව අල්ලගන්න බැරි වෙලේ.//

      මානව ඉතිහාසයේ වසංගතයකට වඩාත්ම සාර්ථකව මුහුණ දුන් අවස්ථාව මේ අවස්ථාවයි. එය තනිකරම බටහිර විද්‍යා දැනුම තුළින් ලබාගත් ජයග්‍රහණයක්. බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් වෙනත් දැනුම් පසුපස ගිය අයට අන්තිමේදී බටහිර විද්‍යාව පසුපසම නොන්ඩි ගගහා හිඟමනේ යන්න සිදු වී තිබෙන්නේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යයක් නිසා නෙමෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා. මම බටහිර නොවන වෙනත් දැනුම් පිළිබඳව අඥෙයවාදීව සිටිනවා මිස කරුණු රහිතව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඇහැට පෙනෙන ඇත්ත පිළිගත ගත යුතුයි.

      //සරළ දේවල් වලින් මේක තවමත් පාලනය කර ගන්න බැරි නැහැ පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න හැමෝම.//

      අනිවාර්යයෙන්ම වසංගතය පාලනය කිරීමට කළ හැකි හැම සරල දෙයක්ම හැම දෙනෙක් විසින්ම කළ යුතුයි. එහෙත් ඒ හැම දෙයකින්ම කළ හැක්කේ රටේ ජනගහණය ප්‍රමාණවත් තරමින් එන්නත් කරන තුරු කාලය ලබා ගැනීම පමණයි. වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි වනු ඇත්තේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් හරහා පමණයි.

      Delete
  12. //ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. //
    1. එකොනමැට්ටා වැනි නිදහසේ අදහස් ප්‍රකාශ කරන බ්ලොග් අඩවි වසා දැමීම :)

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඔබ සමාජවාදය පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත විද්වතකු ලෙස මේ ඉකොනොමැට්ටා වැනි ඇමෙරිකානු ජාතිකයන් සහ ලංකාව පාලනය කරන නන්දසේන/ බැසිල් වැනි ඇමෙරිකානු ජාතිකයන් වන ධනවාදී බළල් අත් විසින් ලංකාවේ ක්‍රියාත්මක කරන ත්රාඩ ලුම්පන් ධනවාදයේ පාදඩත්වය නිසා බහුලව දක්නට ලැබෙන අහිතකර බලපෑම් නිසා ලංකාවෙ අහිංසක මිනිස්සු දුක් විඳින ආකාරය පිළිබඳව විස්තර සහිතව ලිවීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් පැහැදිළි කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
    2. අජිත් ධර්ම සහ ඉකෝන්,

      අපට ඇති ප්‍රශ්නයක් තමයි (ඔබේ අවධානය යොමු කිරීමට) මේ දවස්වල චීනයේ සයිනොෆාර්ම් එන්නත සම්බන්ධයෙන් ලංකාවේ ක‍්‍රියාත්මක වූ විරෝධතාවන් හා ඒ පසුපස සිටි පුද්ගලයන් ගැන ලංකාවේ දැනට සෞඛ්‍ය රාජ්‍ය ඇමති වන චන්න ජයසුමන ඔහුගේ ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් ඔබේ අවධානයට;

      //සයිනොෆාම් ගැහිල්ල

      චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ගෙන ආවේ මාර්තු මස 31 දිනය. එසේ වුවත් එය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට අනුමැතියක් හිමි නොවූ නිසා සති 5ක කාලයක් මධ්‍යම එන්නත් ගබඩාවේ තැබීමට සිදු විය. චීනය ආරම්භයේ ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ විය. පසුව එය ලක්ෂ 6 දක්වා ඉහල නැංවිණි. ජනවාරි අන්තිම සතියේ හෝ පෙබරවාරි පළමු සතියේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාව තිබුන ද ඒ සඳහා අනුමැතියක් හිමි නොවීය. “අනුමැතියක් හිමි නොවීය” යනුවෙන් පවසනවාට වඩා “අනුමැතිය ලැබීම වැලක්වීය” යනුවෙන් පැවසීම නිවැරදිය.

      ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් “විජාතික වෛද්‍ය ජුන්ටාව”, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි. ආණ්ඩු බලය තිබිය දී මේ කණ්ඩායම පාලනය කිරීමට අපට නොහැකිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔවුන් නටන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී එතෙර බලවේග සහායෙන් බව පැවසිය යුතුය.

      විජාතික වෛද්‍ය ජුන්ටාවේ ඇතැම් අය මට කෙලින්ම පැවසුවේ “සයිනොෆාම් එන්නත දෙන්න තියා කතා කරන්නවත් වටින්නේ නෑ, ඔය ජරාවනම් ලංකාවට ගේන්න දෙන්නේ නෑ” ආදී වශයෙනි. ඔවුහු ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන්නියක් ලවා සයිනොෆාම් එන්නතේ නුගුණ ගැන දිගට හරහට ලිපි ලියවීය. සෞඛ්‍ය සේවකයන්ගේ විද්වත් සංගමයක නමින් පෙනී සිටින පුද්ගලයෙක් සයිනොෆාම් එන්නත පිටුපස මාෆියාවක් ඇති බව මාධ්‍ය හමු පවත්වමින් මර ලතෝනි දෙන්නට විය ( එකී විද්වත් සංගමයේ අනෙකුත් විද්වතුන් කවුදැයි මම තවමත් සොයමි). “ජනතාවට මරු කැන්දන චීන සයිනොෆාර්ම් එන්නත ලංකාවට” යනුවෙන් වෙබ් අඩවි සිසාරා ලිපි පළ විය.///

      To be continued...

      Delete
    3. From above;

      ///කොටින්ම සයිනොෆාම් එන්නතට විරුද්ධව විජාතික වෛද්‍ය ජුන්ටාව අමුවෙන්ම සටනට පිවිසියේය. ආණ්ඩු විරෝධී කණ්ඩායම්, මේ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබීම නිසා වෛරයෙන් පසු වූ පුද්ගලයන්, තම පාණ්ඩිත්වය ප්‍රකට කිරීමට චීනුන්ගේ නොහැකියාව පළ කළ පඬින් ආදී එකී මෙකී නොකී කණ්ඩායම්, පුද්ගලයන් සයිනොෆාර්ම් විරෝධී සටන අතට ගත්හ; ඔවුහු අපේ රටේ ජනතාව චීන බාල එන්නතෙන් මුදා ගැනීමේ මානව හිතවාදී අරගලය දියත් කිරීමට, හුදී ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ පතල කරුණාවෙන් සටන් බිමට පිවිසියහ; එකිනෙකා පරයා පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ඔවුහු සිය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වේලාව පවා කැප කර මේ මහඟු ජාතික කරත්ව්‍යයට උර දුන්හ. අන්තිමට සයිනොෆාම් එන්නත ලංකාවේ භාවිතා නොකරන ලෙස දක්වමින් මටත් ,සෞඛ්‍ය ඇමතිතුමියටත් තවත් පාර්ශව කිහිපයකටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි.

      විජාතික වෛද්‍ය ජුන්ටාවේ දිග පළල සහ කෙරුවාව අපට එතරම් ආගන්තුක නැති නිසා ඔවුන්ගේ සයිනොෆාම් විරෝධී ඊනියා අරගලය උස්සා පොලවේ ගැසීමට අපට එතරම් කල් ගත නොවීය. සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් හෝ මාර්තු 31 ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුයේ එහෙයිනි. චීන-ශ්‍රී ලංකා හොඳ හිත පළුදු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය අපට දුන් කොන්දේසි විරහිත සහයෝගය දුබල කිරීමත්, චීනය අපට ලබා දුන් ආර්ථික සහන අඩපන කිරීමත්, සයිනොෆාම් දේශපාලනයේ ඉලක්ක විය. සයිනොෆාම් විරෝධී ඊනියා සටන් පාඨවලට ආවැඩූ ඇතැම්හු ඒ පිටුපස කතන්දරය දැන නොසිටින්නට ඇත. මේ සටහන තැබුවේ ඔවුන් කඩේ ගිය බව පෙන්වා දීම ද අරමුණු කරගෙන ය.

      දැන් සයිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 රෝගයට එරෙහිව යොදා ගත හැකි එන්නතක් ලෙස හදිසි ලැයිස්තුගත කිරීම් කර ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ ඒ යොදා ගැනීමේ බාධාවක් නැත. එසේ වුවත් විජාතික වෛද්‍ය ජුන්ටාව සහ අන්තේවාසිකයන් මගින් ක්‍රියාත්මක වූ ඊනියා සයිනොෆාම් විරෝධී සටනින් රටට සිදු වූ පාඩුවට, COVID 19 මර්ධන වැඩ පිළිවෙලේ වූ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කවුරුන් හෝ ඉදිරිපත් වේද ?

      – චන්න ජයසුමන//

      මේ කතාව ඇත්ත ද අජිත්/ ඉකොනො?

      අජිත් ඔබ කලින් හිටිය සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ ඉතාමත්ම සමීපතමයකු ලෙස බ්ලොග් බලන අය අතර ඉතාමත්ම ප්‍රචලිතව ඇති නිසාත් සහ එජාපයේ/ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට මේ ගැන ඔබම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මේ අය මේ විපක්ෂයේ කණ්ඩායම් වලට සහ යුරෝපීය තානාපති කාර්යාල වලට වරද පටවමින් කරන්නේ අර ඒ දවස්වල කණා මුට්ටි ගංගාගත කරමින් මේසන් බාස්ලාගේ හොර පැණි ප්‍රවර්ධනය කළ ඇමතියන් තම නොහැකියාව වසා ගැනීමක් බව තමයි අපට සරලව හිතන්න පුළුවන් කාරණය. මේ ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    4. මම සයිනොෆාම් විතරක් නෙමේ, නිසි පරීක්ෂණ වලින් සමත් ඕනෑම එන්නතක් භාවිතා කරනවට පක්ෂයි. එසේම ප්‍රතිපල ලැබෙනවනම් ඕනෑම ආයුර්වේද බෙහෙතකට වුනත් පක්ෂයි. (ප්‍රතිපල හරිනම්). ලංකාවේ දෙන එන්නත් ප්‍රමාණය කිසිම ආදායම් , නිලධාරී භේදයක් නැතිව ලබා දිය යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒකත් දන්නා එවුන්ට, සල්ලි තියෙන එවුන්ට දේපාලන ලොක්කන්ට උසස් නිලධාරීන්ට ලබා දීමයි. මේ අප ජිවත් වන ධනවාදී රටවල ඔය ත්‍රාඩ ක්‍රමය නැහැ. (ඔබේ වචනයක් නයට ගත්තෙමි)

      Delete
    5. //අජිත් ඔබ කලින් හිටිය සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ ඉතාමත්ම සමීපතමයකු ලෙස බ්ලොග් බලන අය අතර ඉතාමත්ම ප්‍රචලිතව ඇති නිසාත් සහ එජාපයේ/ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට මේ ගැන ඔබම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.// මේකට නම් හිනා ගියා. රාජිතව මම දැක්කේ එකම එක දවසයි . අවසන් බ්ලොග් සම්මාන දවසේ හෙන්රි වර්ණකුලසුරිය ඇතුළු පරණ ජවිපෙ කට්ටිය ඔහුව වර්ජනය කිරීමේදී ස්ටේජ් එකේ සිටි සුමිත් කලනසිරිත් අතුරුදහන් වුනා. රාජිත මහත්මය තනිවම සිටි නිසා (ආරාධිත අමුත්තෙකු වශයෙන්) සහ එය ප්‍රොටෝකෝල් එක නොවන නිසා මම ස්ටේජ් එකට නැග්ග,. ඒ ඔහු ජිවිතයේ පළමු සහ අවසාන වරට දුටු දවස. ඔහු ප්‍රා එකේ හිටිය කියන නිසා ඔය කතාව පතුරුවා හරින්නේ ජවිපෙ හිත වාදීන්. හැබැයි ඒ එක්කම් කියන්න ඕනේ රාජිත කියන්නේ මහින්ද මහත්මයාගේ හොඳ යහළුවෙක්. බ්ලොග් බලන අය හිතන් වැරදි බව ඔවුන්ටම පස්සේ වැටහුනා කියල මම හිතන්නේ. //සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්// මට සජිත් එක්ක හෝ සජබ එක්ක කිසිම ඇයි හොඳයියක් නැහැ. වරක් දෙකක් විදුහලේ දී නම් දැක තිබෙනවා අවුරුදු 39-40 කට පමණ පෙර. .
      ලංකාවේ දැනට ඉන්න විපක්ෂය වසංගතයක් ගැන නොව පටු දේශපාලන උවමනාවන් වලට පමණක් කතා කරන බවයි මට පේන්නේ. ඒකනම් මට පිළිකුල්. වසංගතයට හැමෝම එක්ව මුහුණ දිය යුතුයි.

      Delete
    6. AnonymousMay 8, 2021 at 8:13 AM.,

      කෙටියෙන් කියනවානම් මට කියන්න තියෙන දෙයත් අජිත් ධර්මා කියා තිබෙන දෙයට බොහෝ දුරට සමානයි. වෙලාවක් ලැබුනොත් විස්තරාත්මක පිළිතුරක් ලියන්නම්.

      Delete
    7. //සමාජවාදය පිළිබඳ විශේෂඥ ඥානයක්//මහත්මයා මම කවදාවත් මා ගැන එසේ සිතා නැහැ. මම ප්‍රග්ධනය් කියව තිබෙනවා. ඒ ඇරෙන්නට ආර්ථික ව්ද්‍යාව ගැන දැනුම අඩුයි. මම තවම ඉගෙන ගන්න කෙනෙක් ඒ පැත්තෙන්. සමාජවාදී ආර්ථික විද්‍යාව නම් ඉගෙන ගත්ත සෝවියට් දේශයේදී මමත් බොහෝවිට එකොනොමැට්ට මෙන් ධනවාදයේ දියුණුව ඉතා හොඳ යයි සිතන කෙනෙක්. එකම වෙනස ධනවාදයේ අතිශය දියුණුවකින් පසු කොමියුනිස්ට් සමාජයක් එළඹෙන බව සිතීමයි . කාල් මාක්ස් මෙන්ම මනෝරාජික සමාජවාදීන් යයි ඔහු හැඳින්වූ අයත් සිටින්නේ ඒ මතයේ බවයි මගේ හැඟීම . ඊට කලින් විප්ලවයක් සිදු වන්නේ නම් එය ප්‍රචණ්ඩ එකක් සහ ඉන් කරන්නේ සාපරාධි ලෙස විරුද්ධ වාදීන් මරා දැමීමක්. මම එයට එකඟ නැහැ. (එකොන් ගේත් ඒ අදහස් ඇති බවයි මම හිතන්නේ) ලංකාවේ හොඳ ධනවාදයක් නැහැ. තිබ්බෙත් නැහැ. තියෙන්නේ භාග සමාජවාදී භාග ධනවාදී ක්‍රමයක්. සෝවියට් දේශය පිළිබඳව මගේ ඇත්තේ නෝස්ටල්ගියාවක් . ඒ රටට මම තවම ආදරෙයි. ප්‍රචණ්ඩත්වය අවසන් වූ නිසා 1917-1952 සමහර විට ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් තිබුන කියල තවමත් හිතනවා.

      Delete
    8. අජිත් සහ ඉකෝන්,

      දෙදෙනාටම බොහොම ස්තූතියි නමුත් ඔබගේ අදහස් ඉතා කෙටියෙන් දැන ගැනීමට පුළුවන් වුණා, හොඳ සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරමු අපි ඉදිරියට... සුබ දවසක්.

      Delete
    9. ඔබටත් ස්තූතියි, සංවාදයක් කරමු ඉදිරියේදී. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සිටි නිසා බ්ලොග් කියවීම ඉතා අඩුවුනා

      Delete
  13. @අජිත්
    //සංවාදයක් කරමු ඉදිරියේදී//

    බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. ඕන කරන්නෙ, ඇත්ත දැණගන්න විතරයි. අන්තිමට, සමාජවාදෙ, ධනවාදෙ ඔව්වා නිකම්ම වචන හරඹයක් වෙන්නත් බැරිනෑ. මං කියන්නෙ නූතන ධනවාදය අද තියෙන තත්ත්වයට දියුණු වුනේ, විරුද්ධ මතවාදයක් තිබ්බ නිසයි කියන එක හැමෝම පිලිගන්නෙ නෑනෙ? සමාජය අදට වඩා හෙට හොඳ වෙනවා නම්, මොන "වාදෙ" වුනත් කාරි නෑ.

    ඇනෝ, අජිත්, ඉකනෝ , මෙහෙම සංයමයක් ඇති දේශපාලන සාකච්චාවක් දැකීමත් සතුටක්, ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපිත් කියවන්න බලාගෙන ඉන්නවා.... අපි කිව්වේ මං!

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...