ආගම ගැන ගාමිණී වියන්ගොඩට හිතෙන හැටි ගැන ලිපියක් පළ කර තිබෙනවා. ඒ ලිපියේ මා කැමතිම කොටසක් තිබෙනවා. මා ඒ කොටසට කැමති වන්නේ මා කුඩා කාලයේ මා ජීවත් වූ සංස්කෘතිය තුළ පුනරුප්පතිය කියන අදහස මා වෙත උඩුගත කෙරෙමින් තිබුණු කාලයේදී ඒ ගැන මා හිතපු ආකාරයෙන් කොටසක් ගාමිණී වියන්ගොඩ විසින්ද ඒ අයුරින්ම විස්තර කර තිබෙන නිසයි.
යම් හෙයකින් ඊළඟ ආත්මයක් තිබුණොත්?
"එවිට මා සිතන්නේ මෙසේය: අද සිටින 'මම' යනු ඉහතින් කී සියල්ලේ සංජානනයයි. අහවල් නමක් ඇති, අහවල් සම්බන්ධකම් ඇති, අහවල් පවුලක් ඇති, අහවල් අතීතයක් සහ වර්තමානයක් ඇති, අහවල් සංස්කෘතියක් සහ රටක් ඇති, අහවල් විශ්වාස සහ දෘෂ්ටිවාද සමුදායක් ඇති, අහවල් භාෂාවක් ඇති 'මම' යන හැඟීමක් හෙවත් සංජානනයකි. ඇත්තෙන්ම එය, මූලික වශයෙන්, භාෂාමය නිර්මිතයකි. ඊළඟ ආත්මයේදී, වෙනත් භාෂා නිර්මිතයක් සහිත, වෙනත් සංස්කෘතික පසුබිමක මා උපන්නොත්, ඒ 'මම' එදාට මා සංජානනය කරනු ඇත්තේ වර්තමාන කෝදුවෙන් නොවේ. තවදුරටත් මේ කාරණය පැහැදිලි කළොත්: ඊළඟ ආත්මයේ මා පණුවෙකු වී උපන්නොත්, ඒ පණුවා තමාගේ 'මම' සංජානනය කරනු ඇත්තේ, අද 'මම' විසින් පණුවා යන සතාව සංජානනය කරන කෝදුවෙන් නොවේ. අද 'මම' තුළ සිටින දෙමාපියන්, දරුවන්, ගෙවල් දොරවල්, සංස්කෘතිය ආදී කිසිවක් පණුවාගේ 'මම' සඳහා සංජානනීය මෙවලම් වශයෙන් පාවිච්චියට නොගැනේ. පණුවා 'මම' යන්න සංජානනය කරනු ඇත්තේ, පස, මඩ, වතුර ආදිය සමගය. අප මුලින් කී 'පැවැත්ම' සමග අනන්‍ය වන කිසිවක් ඊළඟ පැවැත්ම සමග අනන්‍ය නොවන බව මෙහි අදහසයි. එසේ නම්, වර්තමාන 'මම' විසින් ඇති කරගන්නා මතු පැවැත්මක සංජානනයක්, මරණින් පසු ඊළඟ පැවැත්මක් තිබුණත්, ඒ පැවැත්මට අදාළ වන්නේ නැත. මන්ද යත්, වටිනාකම් මැනෙන කෝදුව වෙනස් වන බැවිනි. තවත් විදිහකින් කිවහොත්, මගේ තර්කය වන්නේ, පණුවාගේ සැපත/දුක සහ මගේ සැපත/දුක අතර, එකිනෙකාට සාපේක්ෂව, වෙනසක් නැති බවයි."
වියන්ගොඩගේ සිට මා වෙත හැරුණොත්, මරණයෙන් මතු ජීවිතය පිළිබඳ අදහස මා තුළ ස්වභාවිකවම ඇති වුනු අදහසක් නෙමෙයි. මරණයෙන් පස්සේ වෙන්නේ කුමක්ද කියන එක මට ප්‍රශ්නයක් වෙන්නත් කළින්ම ඒ ප්‍රශ්නයට පිළිතුරක් මට ලැබී තිබුණා. ඒ පිළිතුර ඔය ප්‍රශ්නයට තිබෙන සිංහල බෞද්ධ පිළිතුර කියා කියන්න පුළුවන්. මේ පිළිතුර පසුව ඉගෙනගත් අභිධර්මයේ විස්තර කරන දෙයමත් නෙමෙයි. මා ජීවත් වුනේ වෙනත් සංස්කෘතියකනම් බොහෝ විට මට මේ ප්‍රශ්නයට වෙනත් පිළිතුරක් ලැබිය හැකිව තිබුණා.
අද ඉපදෙන දරුවන් වැඩි දෙනෙකුට වුවත් මේ ප්‍රශ්නය ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නත් කලින්ම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා. පිළිතුර තීරණය වන්නේ සංස්කෘතිය මත. දරුවන් වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර තමන්ගේ ලෝකයේ සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්. ඇතැම් අය වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර වෙනත් හැම දෙනෙකුගේම ලෝක වලද සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්.
පුනරුප්පතිය පිළිබඳ අදහස කුඩා කාලයේදී මට ලැබුණේ, ලෝකයේ වෙනත් බොහෝ දරුවන්ට වගේම, ඉතාම සාමාන්‍ය, කවුරුත් දන්නා දෙයක් විදිහටයි. හරියට ගින්දරට අත පිච්චෙනවා වගේ. හැබැයි ඉතිං මගේනම් පොඩි කාලේ ඉඳලම තිබුණු පුරුද්දක් වුනේ කවුරු හරි ගින්දරට අත පිච්චෙනවා කියා කිවුවත් අල්ලලාම බලන්න පෙළඹෙන එක. මෙයින් අදහස් කළේ එහි වචනාර්ථයම නොවුණත් යම් සීමාවන් තුළ වචනාර්ථයම තමයි. ගින්දරට අත පිච්චෙනවා කියන කතාව ගැන පොඩි සැකයක් තිබුණත් ලොකු සැකයක් නැත්නම් අවදානම ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම තේරුමක් නැතුව බුර බුරා ඇවිලෙන ගිණි ගොඩකට පනින්නේ නැහැ. අනෙක් අතට ඔය ගින්දරට අත පිච්චෙනවා කියන කතාව මොන විදිහකින්වත් සෙට් වෙන්නේ නැත්නම් හරි, අවදානම එතරම් විශාල නැති බව පෙනෙනවානම් හරි අවදානම අරගෙන අල්ලලාම බලනවා. ඔය පුච්චපු කොස් ඇටයක් බාගන්න අවශ්‍ය වෙලාවක අත පිච්චෙයි කියන බයට බළල්ලු හොයා හොයා ඉන්නේ නැහැ.
ඒ දවස් වල ක්‍රියා කළ ආකාරය ඒ දවස් වල දැන නොසිටි දැන් දන්නා සංකල්පයක් ඇසුරෙන් විස්තර කරනවානම් කවුරු හෝ කියන දෙයක් ඒ විදිහටම වෙන්න හෝ නොවෙන්න තිබෙන විෂයමූලික සම්භාවිතාව මත තීරණ ගන්න එකයි කළේ. සවිඥානිකව හෝ අවිඥානිකව මම දැන් කරන්නේත්, වෙනත් අය විසින් කරනවා කියා හිතන්නේත් ඒකම තමයි. එක් එක් පුද්ගලයා ක්‍රියා කරන ආකාරය වෙනස් වෙන්නේත්, එකම පුද්ගලයා වෙනස් අවස්ථා වලදී ක්‍රියා කරන ආකාරය වෙනස් වන්නේත් බොහෝ දුරට මේ විෂයමූලික සම්භාවිතාව වෙනස් වන ආකාරය මතයි.
මගේ මවු භාෂාව සිංහල. පසුව පාසැලේදී විෂයයක් විදිහට සිංහල භාෂාව ඉගෙන ගත්තත් මුලින්ම ගෙදරදී සිංහල ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගැනීමේ කොටසක් විදිහටනේ. මම පෞද්ගලිකව ගත්තොත් පුනරුප්පත්තිය ගැන ඉගෙන ගත්තේත් ඔය විදිහටම තමයි. එවැනි තවත් අය වගේම එසේ නොවූ අයත් ඇති. උදාහරණයක් විදිහට පහත සඳහන් ආකාරයේ මනඃකල්පිත සිදු වීමක් කුඩාම කාලයේ මා සිටි තැනක සිදු විය හැකිව තිබුණා.
"මේකිනම් ලොකු අත්තම්මමයි. මේ බලන්නකෝ නාහේ, කට, ඇස්... බෙල්ලේ උපන් ලපේත් ඒ විදිහටම තියෙනවා.."
"නෑ. ඒක වෙන්න බැහැ. අම්මා මැරෙනකල්ම ප්‍රාර්ථනා කළේ ඊළඟ පාර පිරිමි ආත්මෙක ඉපදෙන්න. ආපහු ගෑනු ආත්මෙකම ඉපදෙයිද?"
දැන් විවාදය සිදු වෙන්නේ අළුත උපන් බිළිඳියක් කලින් මිය ගිය ඥාතිවරියකගේ පුනරුප්පත්තියක්ද නැද්ද කියන එක ගැන. ඒ හැර, කලින් මිය ගිය කෙනෙක් මේ විදිහට බිළිඳියක් ලෙස පවුලේ කෙනෙකුගේ කුසින් ඉපදෙන්න පුළුවන්ද කියන එක ගැන කිසිම විවාදයක් නැහැ. එය පොදු දැනුමක කොටසක්.
සමහර වෙලාවට මේ වගේ අවවාදත් ලැබෙනවා.
"උඹනම් ලබන ආත්මේ පෙරේතයෙක් වෙලා ඉපදෙයි ඔහොම තනියම කෑවොත්!"
සමහර වෙලාවට කුස්සියට එන ගෙම්බෙක් කොයි තරම් එළෙවුවත් නැවත නැවතත් එනවා.
"මූව කොච්චර එළෙවුවත් ආපහු එනවනේ. මළ ගිය ප්‍රාණකාරයෙක්ද කොහෙද?"
මැරෙන කෙනෙක් නැවත ඉපදෙනවා. ඒ ඉපදෙන්නේ වෙනත් මනුෂ්‍යයෙක් ලෙස වෙන්න පුළුවන්. මනුෂ්‍යයෙක් නොවන ඇහැට පෙනෙන වෙනත් සතෙක් ලෙස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇහැට නොපෙනෙන නමුත් අපි අතරේම හෝ වෙන කොහේ හරි ඉන්න මනුෂ්‍ය නොවන ප්‍රාණියෙක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ඔය කොයි තත්ත්වයක හෝ ඉන්න කෙනෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්නත් පුළුවන්. මම හිතන විදිහට ඕක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැදෙන කෙනෙක් මුලදීම ලෝකය අවබෝධ කර ගන්නා ආකාරයේම කොටසක්.
කුඩා කාලයේදී හරි වැරදි ගැන අදහස තේරුම් ගන්න වෙන්නේත් ඔය විදිහටමයි. හරි දේ කළොත් එයින් යහපතක් වෙනවා. වැරදි දේ කළොත් දඬුවම් ලැබෙනවා. සමහර වැරදි වලට දඬුවම් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. බොරු කියලා හෝ හොරකම් කරලා අහු වුනොත් කාගෙන් හෝ දඬුවම් ලැබෙනවා. අහු වුනේ නැත්නම් එහෙම කාගෙන්වත් දඬුවම් ලැබෙන්නේ නැහැ. හැබැයි කියන විදිහට ඒ වගේ අහු නොවෙන්න කරන වැරදි වලටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවා.
"ඕවට සොබා දර්මෙන්ම දඬුවම් ලැබෙනවා!"
සමහර වෙලාවට කාටවත් අහුනොවෙන්න පූසෙක්ට පයින් ගහලා ටික වෙලාවකට පස්සේ කකුල ඇඳ විට්ටමේ වදිනවා. ඒක ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. ඒවාට දඬුවම් ලැබෙනවා ඇත්තේ පසු ආත්මයකදී.
"ඔය බේරිලා හිටියට ඕවා ලබන ආත්මේ හරි පටිසන් දෙනවා!"
සමහර දේවල් කරනවාද නොකරනවාද කියා තීරණය කිරීමේදී මරණයෙන් මතු ඒ ක්‍රියාවන්ට ලැබිය හැකි හොඳ හෝ නරක ප්‍රතික්‍රියාවන්ද සැලකිල්ලට ගන්න වෙනවා. මේ ප්‍රතික්‍රියා ගැන දැනගන්න වෙන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ වුනත්, වැඩිහිටියන් කියන දේ ඒ විදිහටම වෙනවා කියලා තියෙන සහතිකේ මොකක්ද?
"ඔය බිත්තියේ කුරුටු ගාන්න එපා. තාත්තා ආවහම ගුටිකන්න වෙයි!"
ඔහොම කිවුවාට ඔය වගේ වැරැද්දක් කරන හැම වෙලාවකම තාත්තාගෙන් ගුටිකන්න වෙන්නේ නැහැ. ගුටිකන්න වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ නිසා, අවදානමක් අරගෙන බිත්තියේ කුරුටු ගාන එක දිගටම කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. ලබන ආත්මයේ පටිසන් දෙන්න නියමිත වැරදි වලට වුනත් ඔය විදිහටම දඬුවම් නොලැබී යන්න බැරිද? එහෙමනම්, පොඩි අවදානමක් ගත්තහම මොකද වෙන්නේ?
තාත්තාගෙන් ගුටිකන්න වෙන සම්භාවිතාව පිළිබඳ විෂයමූලික දැනුම ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. අත්දැකීමෙන්. නමුත්, ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන සම්භාවිතාව ගැන ඒ වගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් නැහැ. තාත්තාගෙන් ගුටිකන්න වෙන වැරැද්දක්නම් තැත්වරද ක්‍රමයට ගුටිකන්න වෙන සීමාව දක්වා කරලා නවත්වන්න සැලසුම් කරන්න පුළුවන්. ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන වැරදි ඒ විදිහට කරන්න බැහැ. හැබැයි මේ ආත්මයේම ස්වභාව ධර්මයෙන්ම දඬුවම් විඳින්න වෙනවාද කියන එකනම් තැත්වරද ක්‍රමයට පරීක්ෂා කරන්න පුළුවන්.
මම කුඩා කාලයේදීම පෞද්ගලිකව ඔය වැඩේ කරල තියෙනවා. ඇත්තටම කියනවානම් වැඩිපුර කරලා තියෙන්නේ ඕකේ අනික් පැත්ත. ඒ කියන්නේ හොඳ වැඩ කළාම හොඳ විපාක ලැබෙනවාද කියලා පරීක්ෂා කරන එක. උදාහරණයක් විදිහට දවස් ගණන් එක දිගට නිශ්චිත මදුරුවන් ගණනකට ලේ දන් දීම වගේ වැඩ. හොඳ වෙලාවට ඒ කාලයේ ඩෙංගු, මැලේරියා වගේ රෝග තිබුණේ නැහැ. එහෙම වුනානම් වැඩි දවසක් නොගිහින් විපාක ලැබෙනවා.
කාටවත්ම නොකියා තනියම හොරෙන් කළත්, විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය ගැන දැන නොසිටියත් මේ විදිහට කුඩා කාලයේදීම කළේ එක විදිහක විද්‍යාත්මක පරීක්ෂණ. දැන් දන්නා බටහිර විද්‍යාවේ විධික්‍රමය අනුවනම් මෙය විද්‍යාත්මක පරීක්ෂණයක් නෙමෙයි. මේ පරීක්ෂණ හරහා ඉතාම කුඩා කාලයේදී මා පැමිණි නිගමනය හොඳ හෝ නරක වැඩ වලට කවුරු හෝ විසින් ඒවා නිරීක්ෂණය කර දඬුවම් හෝ ත්‍යාග ලබා දුන්නේ නැත්නම්, ස්වභාව ධර්මය විසින් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් විසින් එවැන්නක් කරන බවට පිළිගත හැකි සාධක නැති බවයි. මෙයින් අදහස් වන්නේ තවමත් මම මේ විදිහටම හිතනවා කියන එක නෙමෙයි.
මේ ආත්මයේදී කරන ක්‍රියා වලට ලබන ආත්මයකදී විපාක ලැබෙනවාද කියන එක ඔය විදිහට පරීක්ෂා කරන්න විදිහක් නැති නිසා, ඒ ගැන නිගමනයකට එන්න වුනේ තර්කය මත පදනම්ව. තර්කය පදනම් වුනේ මොන දැනුමක් මතද කියා අදවත් මම දන්නේ නැහැ. බොහෝ විට එදිනෙදා කතාබහ අතරතුර වැඩිහිටියෝ තර්ක කරනවා බලා ඉඳලා ඉගෙන ගත්ත විදිහක් වෙන්න පුළුවන්. කොහොම වුනත්, මගේම අභ්‍යන්තරයෙන් පැන නැගුනු ප්‍රශ්නයට මගේම පිළිතුර මම හෙවුවේ මේ විදිහටයි.
මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා වැඩිහිටියෙක් එවේල්දීම දඬුවම් දෙනවා වගේ මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා ලබන ආත්මයේ දඬුවම් දෙන්න කෙනෙක් ඉන්නවානම් ඒ කවුරු හරි කෙනා මේ ආත්මයේදී කිසිම දඬුවමක් නොදී ඉන්න හේතුවක් නැහැ. ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන පරිදි කරන හොඳ හෝ නරක වැඩකට එවෙලේම හෝ ඉතා ඉක්මණින් දඬුවම් හෝ තෑගි නොලැබුණොත් පස්සේ තැපෑලෙන් විපාක ලැබෙන එක අඩු සම්භාවිතාවක් තිබෙන වැඩක්. ඒ නිසා, පස්සේ දඬුවම් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දැනුත් මොනවා හරි දඬුවම් ටිකක් දිය යුතුයි. තියෙන වැඩ ටික කරන්න සේවකයින් මදිකම නිසා ප්‍රමත්ත සමුදාය (බැක්ලොග්) ඇති වෙන්න පුළුවන් වගේ දේවල් ඒ දවස් වල මතක් වුනේ නැහැ. ඒ අනුව, මේ ආත්මයේ "රහසින්" කරන හොඳ හෝ නරක වැඩ දිහා බලා ඉඳලා ඒවාට විපාක ලබා දෙන කෙනෙක් ඉන්න බවක් පෙනෙන්නේ නැති නිසා, ලබන ආත්මයක ඒ වැඩ වලට විපාක ලැබෙයි කියන එක සැක නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඔහොම අදහසක් ඇති වුනා කියා වැරදි වැඩ කරන්න හෝ හොඳ වැඩ නොකර ඉන්න පෙළඹුමක් ඇති වුනේනම් නැහැ. මොකද නොපෙනෙන අය කෙසේ වෙතත් පෙනෙන්න ඉන්න අය මේ හොඳ හෝ නරක වැඩ වලට විපාක ලබා දෙනවනේ. අඩු වශයෙන් ඔය වගේ පවතින දැනුම ප්‍රශ්න කරන අදහස් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම පවා මෙලොවදීම විපාක දෙන වරදක් බව ඒ දවස්වලම තේරිලයි තිබුණේ. ඔය අවබෝධයත් එක්ක කරන්න තිබුණු හොඳම දෙය වෙනත් අය හොඳ වැඩ ලෙස සලකන දේවල් කරද්දී හැකි තරම් ප්‍රදර්ශනාත්මක ලෙස කරන එක සහ වෙනත් අය නරක වැඩ ලෙස සලකන දේවල් ඉඳහිට හෝ කරද්දී පුළුවන් තරම් රහසිගතව කරන එකයි. අත්දැකීම් එක්ක මේ උපාය මාර්ගයේ සාර්ථකත්වය තවතවත් තහවුරු වුනා. ඒ එක්කම වැඩිහිටියන් විසින් "දී තිබෙන" ලෝකය ඒ විදිහටම භාර ගැනීමේ අවදානම ගැනත් මටනම් පොඩි කාලයේදීම අවබෝධ වුනා.
ත්‍රිපිටකයේ තිබෙන්නේ මොනවා වුනත් බොහෝ සිංහල බෞද්ධයින් විසින් තේරුම් ගන්නා ආකාරයට පුනරුප්පත්තියේදී සිදු වෙන්නේ භෞතික ශරීරය ඇතුළේ තිබෙන ආත්මය හෝ එවැනි දෙයක් එයින් ඉවත්ව යාමයි. කරන හොඳ නරක ඊළඟ ආත්මයට අරන් යන්නේ මේ ආත්මයයි. මේ අදහස වඩා කිට්ටු හින්දු සංකල්ප වලට වුවත්, පසුව අභිධර්මය ඉගෙන ගන්නා තුරු, පුනරුප්පතිය කියන අදහස මම තේරුම් ගත්තේත් ඔය විදිහටයි.
දැන් මේ කියන කතාවේ හැටියට මගේ මරණයෙන් පස්සේ මම නැවත මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ කවදාවත් දැක නැති පෙරේතයෙක් විදිහට නැවත ඉපදෙන්න පුළුවන්. ඒ විදිහට ඉපදුනාට පස්සේ දැන් කරන හොඳ නරක වල විපාකත් විඳින්න වෙනවා. ඒ විදිහටම බැලුවොත් දැන් මම විඳින හොඳ හෝ නරක විපාක වලට හේතුව පෙර ආත්මයක මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ පෙරේතයෙකු ලෙස සිටියදී කළ දේවල්. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ ඔය කතාව ඇත්ත වුනත් බොරු වුනත් එහෙම පෙර භවයක් ගැන මට කිසිම මතකයක් නැති නිසා කතාව ඇත්තද බොරුද කියලා තහවුරු කරගන්න කිසිම ක්‍රමයක් නැති වීමයි. වැඩිහිටියන් විසින් කියා දෙන හැම දෙයක්ම ඇත්ත නොවන බව ඇස් පනාපිට පෙනෙද්දී, ඒ අය කියන නිසාම මේ පුනරුප්පත්ති කතාව ගැන සැක නොකර ඉන්න පුළුවන්ද?
අනෙක් අය කියන හැම දෙයක්ම ඇත්ත නොවුනත්, ගොඩක් අය පොදුවේ පිළිගන්න ගොඩක් දේවල් ඇත්ත බව අත්දැකීමෙන්ම පෙනෙන දෙයක්. පුනරුප්පතිය ගොඩක් අය පිළිගන්නවා. ඒ නිසා, මේ කතාව නොසලකා හැරීමේ අවදානමකුත් තිබෙනවා.
ඉහත උභතෝකෝටිකය හමුවේ මට ප්‍රශ්නය විසඳාගැනීමට පෑදුනු පොට ඉහත ගාමිණී වියන්ගොඩගේ තර්කයයි. මිනිහෙක් විදිහට ජීවත්වෙමින් හැමදාම තණකොළ උලාකන්න වීම දුකක් වුනත්, හරකෙක්ට එය දුකක්ද? තමන්ටත් තමන් අවට සිටින සියල්ලන්ටත් හිතන පතන විට කන්න අවශ්‍ය ඕනෑම කෑමක් ඉබේම පහළ වෙනවානම්, එය සුවිශේෂී සැපක් ලෙස තේරුම් ගන්න පුළුවන්ද? ඒ වගේම, හැමදාම ගිණිදැල් වලින් පිච්චෙමින් ජීවත් වන වෙනත් ආකාරයක ජීවිතයක් ගැන නොදන්නා කෙනෙක්ට එය දුකක් ලෙස තේරෙන්න පුළුවන්ද? එහෙමනම්, ඔය මොකෙක් වී ඉපදුණත් වෙනසක් තියෙනවාද?
හැබැයි. මා විසින් හදාගත් ඉහත ගාමිණී වියන්ගොඩ තර්කයේ මට සාපේක්ෂව පොඩි අවුලකුත් තිබුණා. දැන් මගේ මේ තර්කය මේ විදිහට වැඩ කරන්නේ කෙනෙකුට තමන්ගේ අතීත භව ගැන මතකයක් නැත්නම් පමණයි. හරකෙක්ට තමන්ට මිනිහෙක් වී සිටීමේ විකල්පයක් තිබුණා කියා අවබෝධයක් ඇත්නම් හරක් ජීවිතය දුකක් සේ පෙනෙන්න පුළුවන්. සමාජවාදී සෝවියට් සංගමය පහුකරගෙන බටහිර රටවල් වේගයෙන් වර්ධනය වන බව සෝවියට් වැසියන්ට නොපෙනුනානම් සෝවියට් ක්‍රමය ඔය තරම් ඉක්මණින් කඩා වැටෙන්නේ නැහැ. ඒ වගේම දැන් තිබෙන ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට වඩා සාර්ථක විකල්පයක් කොහේ හෝ තිබුණානම් මේ ක්‍රමය කල් නොගොස් කඩා වැටෙනවා. එවැනි සංසන්දනයක් කළ නොහැකිනම් අපායක හා දිව්‍ය ලෝකයක වෙනසක් නැහැ.
පුනරුප්පතිය පිළිබඳ අදහස අදටත් මගේ නොදන්නා සීමාවේ තිබෙන දෙයක් වුවත් එවැන්නක් තිබීමේ සම්භාවිතාව මා සලකන්නේ ශුන්‍යයට ආසන්න ලෙසයි. ශුන්‍ය වීම හා ශුන්‍යයට ආසන්න වීම අතර විශාල වෙනසක් තිබෙන බව ගණිතය උගත් අය දන්නවා ඇතිනේ. ඒ නිසා, පුනරුප්පතියක් තිබීමේ සුළු හෝ අවදානමකුත් තිබෙනවානේ. යම් හෙයකින් එවැන්නක් තිබුණත් එසේ නැවත උපදින්නේ මායැයි මා සිතන්නේ නැහැ. පුනරුප්පතිය පිළිබඳ කල්පිත ඉදිරිපත් කෙරෙන බොහෝ පැකේජ වලට අනුව මිනිස් ජීවිතය අනෙක් ආකාර වල ජීවිත වලට වඩා උසස් මාදිලියක ජීවිතයක්. එසේනම් පෙර භව පිළිබඳව මිනිසෙකුට නැති මතකයක් වෙනත් සතෙකුට හෝ වෙනත් ආකාරයක ජීවයකට තිබීමේ සම්භාවිතාව අඩු එකක්. පෙර භව පිළිබඳ මතකයක් නැත්නම් එය අලුත් ජීවිතයක්. මේ තර්කය අනුව පුනරුප්පතියක් තිබීමේ අවදානමත් නොසලකා හරින්න අමාරු වුනේ නැහැ. මම හිතන්නේ ඉහත ගාමිණී වියන්ගොඩ විසින් විස්තර කර තිබෙන්නේත් ඔය තර්කයයි.
පුනරුප්පතිය පිළිබඳ අදහස ඉතා අඩු වයසකදී මා විසින්ම තේරුම් ගත් ආකාරය අනුව ඒ කාලයේ සිටම මා ගත කළේ පරලොවට බය නැති, මරණයට ඉතා අඩුවෙන් බය ජීවිතයක්. මරණයට බය නැති කියා කිවුවොත් එය අතිශයෝක්තියක් වෙන්න පුළුවන්. මරණයට කෙසේ වෙතත් මරණය ආශ්‍රිත වේදනාවටත්, ජීවත්ව සිටියදීම මගේ පාලනය මට නැති වී යනවා කියන අදහසටත් මම බයයි.
මා මත පටවනු ලැබූ පුනරුප්පත්තිය වැනි සංකල්ප පිළිබඳව මට සැක ඇති වුනේ විද්‍යාව ඉගෙන ගැනීම නිසා නෙමෙයි. පාසැල් යන්න පටන් ගැනීමෙන් පසුව වුවත් පහළ පන්ති වලදී විද්‍යාවක් කියා දෙයක් හරියකට උගන්වන්නේ නැහැ. මා කොවූර්ගේ පොත් කියවන්න පටන් ගත්තේ වයස අවුරුදු නවය හෝ දහය කාලයේ. මගේ සංකල්පීය ලෝකය මුලින්ම විශාල ලෙස වෙනස් කළේ කොවූර්ගේ පොත්. එහෙත්, මෙහිදී සිදු වුනේ කොවූර්ගේ පොත් වලින් මා මොළ ශෝධනයකට ලක් වීම නෙමෙයි. මට ඒ වන විටත් ඇති වී තිබුණු, මා විසින්ම අඩමාන විසඳුම් හොයාගෙන තිබුණු ප්‍රශ්න වලට නිශ්චිත හා පැහැදිලි පිළිතුරු කොවූර්ගේ පොත් තුළින් හමු වීමයි එහිදී සිදු වුනේ.
වයස අවුරුදු එකොළහක පමණ කාලය වෙද්දී මම මුළු හදවතින්ම හේතුවාදියෙක්. ඒ වන විට විද්‍යාව කියලා ලොකු දේවල් ඉගෙන තිබුණේ ගෙන නැහැ. ඒ නිසා, ආරම්භයේ සිටම මම විද්‍යාව ඉගෙන ගත්තේ මහත් උනන්දුවකින් වගේම අද ආපසු හැරී බැලුවොත් භක්තියකින්. සමහර අය කියන්නේ ආගම් විවේචනය කරන ගොඩක් අය මොකක් හෝ කරදරයක් වූ විට හොරෙන් ආගම් අදහනවා කියලයි. මා සම්බන්ධවනම් කියන්න තිබෙන්නේ තනිකරම අනික් පැත්ත.
මා හදවතින්ම හේතුවාදියෙක්ව සිටි කාලයේ වගේම ඉන් පසුව අඥේයවාදියෙක් විදිහට රූපාන්තරණය වීමෙන් පසුවත් මම ගෙදරදී හැර ගෙදරින් පිටතදී ප්‍රදර්ශනාත්මකව අනාගමිකයෙකු ලෙස කටයුතු කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. හේතුව ඉතාම සරලයි. ලැබෙන කිසිදු වාසියක් නැතිව අනාගමිකයෙකු වීමෙන් පසුව අහිමි වෙන සමාජයීය අවකාශය නැති කර ගන්න මට අවශ්‍ය වුනේ නැහැ. එය එකම හේතුවද නෙමෙයි. අනෙක් හැමෝටම වගේ විශ්වාස කරන්න අවුලක් නැති දේවල් මට පමණක් විශ්වාස කරන්න අමාරු ඇයි කියන කුතුහලයත් මට තිබුණා. ඒ නිසා මම බුද්ධ ධර්මය වගේම අනෙක් ආගම් ගැනත් සෑහෙන තරම් හැදෑරුවා. ඒ හැදෑරුවේ විශ්වාසයක් නැතුව වුවත් ආගම් බොරු කිරීමේ අදහසින් නෙමෙයි. විශ්වාසයක් ඇති කර ගත හැකි තරමේ දෙයක් හොයා ගත හැකිදැයි පරීක්ෂා කිරීමේ අරමුණින්.
විවිධ ආගම් වලින් යෝජනා කරන ප්‍රවාද වියහැකියාවන් ලෙස ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මේ හැම ප්‍රවාදයක්ම එකවර ඇත්ත වෙන්න බැහැ. අනෙක් අතට විද්‍යාව කියන්නේත් කතන්දර ගොඩක් තමයි. නලින් ද සිල්වා කියා කියන්නේ එය තේරුම් ගන්න මට උපකාරී වූ පුද්ගලයෙක්. කොවූර්ගේ පොත් වගේම නලින් ද සිල්වාගේ මගේ ලෝකයත් මා හිතන ආකාරය විශාල ලෙස වෙනස් කළ පොතක්.
දැනුම් ආධිපත්‍යය කියන අදහස මා මුලින්ම නලින් ද සිල්වාගෙන් ඉගෙනගත් දෙයක්. ඒ වගේම, විද්‍යාව කියන්නේ වාස්තවික යථාර්තයක් හෝ පරම සත්‍යයක් නොවන බව මුලින්ම තේරුම් ගත්තේත් නලින් ද සිල්වා හරහායි. ඒ සීමාවන්ට යටත්ව වුවත් විද්‍යාව පිළිබඳව විශ්වාසය තැබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එය පරම විශ්වාසයක් නොවූවත් මට සාපේක්ෂව විවිධ විකල්ප අතර තිබෙන හොඳම විකල්පයයි.
නලින් ද සිල්වා විසින් භාවිතා කරන වචන සඳහා නලින් නැට්ටන් හා නලින් මැක්කන් ඔහු වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර අරගෙන තිබිය හැකි වුවත් ආධිපත්‍යය හරහා දැනුම සම්ප්‍රේෂණය කිරීම කියන එක අධ්‍යාපන මනෝ විද්‍යාවේ ප්‍රචලිත සංකල්පයක්. මෙය චාල්ස් පියර්ස් (1839–1914) විසින් විස්තරාත්මකව ඉදිරිපත් කළ අදහසක්. දන්නා තරමින් ඔහු පේටන්ට් එකක්නම් අරගෙන නැහැ. ඒ නිසා කවුරුවත් ඔහුට රෝයල්ටි ගෙවන්න අවශ්‍ය නැහැ.
ඕනෑම කෙනෙක් මුලින්ම හා බොහෝ විට වැඩිපුරම ලබා ගන්නේ ආධිපත්‍යය හරහා සම්ප්‍රේෂණය වන දැනුම. පළමුවෙන්ම මේ ආධිපත්‍යය පතුරුවන්නේ දෙමවුපියන් විසින්. ලංකාව වගේ විස්තෘත පවුල් තිබෙන රටකනම් ආච්චිලා, සීයලා, නැන්දලා මාමලා වගේ ගොඩක් අය ඉන්නවා. දැනටත් ලංකාවේ ගොඩක් ළමයි උසස්පෙළට හදාරන විෂයයන් තීරණය කරන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියන් වූ පසු රජය, ජනමාධ්‍ය, ආගමික සංස්ථා, වෘත්තීය සංවිධාන ආදිය විසින් මේ වැඩේ කරනවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි.
විවිධ දැනුම් ආධිපත්‍ය යටතේ ඉන්න බොහෝ දෙනෙක් එම දැනුම් ආධිපත්‍යයන් ප්‍රශ්නයක් කියා හිතන්නේ නැහැ. දැනුම් ආධිපත්‍යයන් පවතින්නේම කිසියම් සමාජයක වැඩි දෙනෙක් එවැන්නක් පිළිගන්න නිසයි. එහෙත්, කවර හෝ දැනුම් ආධිපත්‍යයකට අනුගත නොවන කෙනෙකුට එවැනි දැනුම් ආධිපත්‍යයකින් පීඩනයක් දැනෙනවා. ඒ වගේම දැනුම් ආධිපත්‍යයකින් නිදහස් වෙන්න අවශ්‍ය වුවත් එය කරන්න අමාරුයි.
මටනම් පෞද්ගලිකව මුලින්ම ප්‍රශ්නයක් වුනේ සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයයි. කොවුර්ගේ පොත් ඒ ආධිපත්‍යයෙන් මානසිකව නිදහස් වෙන්න මට උපකාරී වුනා. ලංකාවේ ගෙදරින් පිට විධිමත් හා අවිධිමත් පොදු අධ්‍යාපනය තුළ බටහිර විද්‍යා දැනුමට ආධිපත්‍යයක් තිබීම එයට පහසුවක් වෙන්න ඇති. එහෙත් මෙය සිදු වුනේ මගේ තේරීමක් ලෙස නිසා බටහිර විද්‍යා දැනුම් ආධිපත්‍යය මට එතරම් පීඩාවක් වූයේ නැහැ. එතරම් කියා කීවේ දැනුම් ආධිපත්‍යයක යම් පීඩාවක් තිබෙන නිසයි. උදාහරණයක් විදිහට පාසැලේදී එන්නත් ලබා දෙන දවස් වල මා පාසැල් ගියේ ඉතාම අකැමැත්තෙන් මරන්න ගෙන යන හරකෙක් වගේ. (මරන්න ගෙන යන හරකෙක්ගේ හැඟීම් ගැන දැනගන්න හරකෙක් වෙන්නම අවශ්‍යයි කියා හිතන හරක් ඉන්න පුළුවන්!)
මානසිකව නිදහස්ව සිටියත්, සමාජයීය වශයෙන්නම් ලංකාවේ සිටියදී කවදාවත්ම සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත්ව සිටියානම් අදටත් මේ පීඩාව විඳිමින් ජීවත් වෙන්න වෙනවා. එක පැත්තකින් එය මගේම තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න මට අවශ්‍ය වුනේ නැහැ කියන එක වඩා නිවැරදියි. හේතුවත් පැහැදිලියි. ලංකාවේදී ඒ ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකමක් තිබෙනවා.
බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පවතින්නේත් මේ හේතුව නිසා. නලින් ද සිල්වා කියනවා වගේම ලංකාවේ එවැනි ආධිපත්‍යයක් තිබෙනවා. නමුත්, එය ස්වභාවික සමතුලිතතාවයක්. ඒ වගේම, ලංකාවේ වැඩි දෙනෙකුගේ තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න හෝ ඒ ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකම නැති කර ගන්න ලංකාවේ බොහෝ දෙනෙකුට අවශ්‍ය නැහැ. ඒ නිසා, එවැනි දැනුම් ආධිපත්‍යයක් තිබීම වැරැද්දක්ම නෙමෙයි. වැරැද්දක් සිදු වන්නේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රහිතව, ආණ්ඩු බලය යොදා ගෙන අකාර්යක්ෂමතාවය නිසා පරිණාමයේදී ස්වභාවිකවම දියාරු වී ගිය දැනුම් සඳහා කෘතීම ලෙස ආධිපත්‍යයක් ඇති කළොත් ඒ හේතුව නිසයි.
(Image: http://www.dailymirror.lk/news-features/The-cane-Our-children-as-our-priority/131-136637)
හොඳ මාතෘකාවක්.
ReplyDeleteමට කතාවක් මතක් වුනා. භූමි කම්පාවකදි, මිනිසුන්ට වෙනදා නැති අමුතුම බයක් දැනෙනවාලු. ඒ අපි, හිටගෙන ඉන්න මහපොලොව ස්ථාවර නැති බව දැනුනාම, දුවල බේරෙන්න තැනක් නැති නිසා. මේ අභියෝග කෙරෙන්නේ, විස්වාස කරන්නන්ගේ බවුන්ඩේසමටයි. යුද්දයක් ඇතිවීම වැලැක්විය නොහැකියි.
අවුරුදු පහමාරක් පමණ වහලය, ජනෙල් උළුවහු, බිත්ති එක්ක ඔට්ටු වෙලා තියෙන නිසා දැන් අත්තිවාරමට අත ගහන්න කාලය හරි කියා හිතෙනවා.
Deleteඑකොන් ගේ ලිපියත් වියන්ගොඩ මහතාගේ ලිපියත් හොඳයි. දෙකම කියෙව්වා. මට හුඟක් වේවැල හිතිච්ච දෙයක් තමයි ඉකොන් ගේ අදහස් පරිණාමය වීම මගේ ළමා කාලය හා සමානයි වගේ කියන එක. ඉකොන් ඇමෙරිකාවට ගියහම ඒ රටේ විස්තර හොඳින් ග්‍රහණය කර ගත්තා හා ගන්නවා වගේම උකහාගත් දැනුමේ භාවිතයත් උසස් ලෙස පරිහරණය කරනවා කියල පේනවා. මට හිතෙන එකොන් බරිවෙල්වත් සමාජවාදී සෝවියට් දේශයේ හිටියනම් අපි දකිනවා වගේ හොඳ සහ නරක දෙකම වටා ගනී කියල. ඒ දවස්වල මගේ බිරිඳ ඩෙල්ටා එයා එකේ වැඩ කරද්දීනොමිලේ ලැබෙන ගුවන් ගමන් බලපත්‍ර වලින් වත් ඇමෙරිකාවට යාමට මම කැමති වුනේ නැහැ. නමුත් දැන් හිතන ගිහිල්ලබලුව නම් හොඳයි කියල. ධනවාදී රටවල් සියල්ල එක වගේ යන දහස තමා මගේ තිබුනේ. එංගලන්තයේ ඉන්නවා නම් ඇමෙරිකාවේ ආයේ බලන්නේ මොනවාද යන එක. හොඳයි - මේ ටික ලීවේ අපි හිතන විධි වල වෙනස ආධිපත්‍ය දැනුමේ සම්ප්‍රේෂණය බලපෑවා වෙන්න පුළුවන් කියන දේ කියන්න.
ReplyDeleteමම කොවුර් ගේ පොත් කියවූ කාලය මතක නැති වුනත් ඔය වයසේ ඒ කියන්නේ පහේ පන්තියත් දහයත් අතර කාලයේ තමා කියෙව්වේ. දෙවියන් ඇදහීම එතකොටත් මම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඕලෙවල් විභාගය යන්න කලින් බෝධි පුජා තියන්නත් අම්මා මව බෙල්ලන්විල ගෙනිහින් කතරගම දෙවියන්ට භාර වීමටත් හැදුව. මම යන එක කෙලින්ම ප්‍රතික්ෂේප කළා. රුසියාවට යන්න කලින් නම් අම්ම ඔය වැඩේ කරන්න අහලා තාත්ත කීව ඔන්නොහෙ එන්න කියල. ඒ වෙලාව මම තේරුම් ගත්තා අම්මගේ හිත හරියන්න කරන දේට තාත්ත විරුද්ධ නැති වගා. මම ගියාට දේවාලෙන් එලියට වෙලා හිටිය. අම්ම තවමත් ඕකට බනිනවා. හැබැයි දහම් පාසල් යන කාලේ සිටම පුනරුත්පත්තිය හා කර්මය විශ්වාස කළා. ඉයන් ස්ටීවන්සන් ගේ පොත් එහෙම ඒ කාලේදීම කියෙව්වා. (අවු 18 කලින්) නමුත් සෝවියට් දේශයේදී ඒවා ඔක්කොම අත හැරියා.(මාක්ස්වාදය ඉගෙන ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස) නැවතත් මගේ පියා මිය යෑමේ බලවත් ශෝකය ,මත මළවුන් ගෙන්වීමේ දේවල් කරන්නට උත්සාහ කළා. ඉන් සමහර දේ ඇත්තටම මාව විශ්මයට පත් කළා. ඒ කාලයේ හිටි මීඩියම් කෙනෙක් සමග තවමත් සම්බන්ධකම් තිබෙනවා. ඇය කැනේඩියානු කාන්තාවක්. මම ලිපි ලියා තිබෙන්නේ ඒ අත්දැකීම් මත. අද වනවිට නැවතත් ඒ අදහස් සියල්ල , පුනරුත්පත්තියේ සිට කර්ම පල දක්වා විශ්වාසයන් මගේ හිතේ නැහැ. හේතු හුඟක් ලියන්න පුළුවන්. ප්‍රතිචාරය දිග වැඩිවෙයි. . එසේම මම බටහිර විද්‍යාව සහ පෙරදිග විද්‍යාව කියල බෙදන්න මම කැමති නැහැ. මේ දෙකේම එකඟතා මම දකිනවා. දැනුම් පද්ධතියක් වශයෙන් ආයුර්වේදය මම සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. (කාලි අම්මා නොවේ) . එනිසා ඔබ දෙදෙනාගේ ලිපි වල අදහස් සමග මුලික වශයෙන් එකග වෙන්න පුළුවන්
//ඒ දවස්වල මගේ බිරිඳ ඩෙල්ටා එයා එකේ වැඩ කරද්දීනොමිලේ ලැබෙන ගුවන් ගමන් බලපත්‍ර වලින් වත් ඇමෙරිකාවට යාමට මම කැමති වුනේ නැහැ.//
Deleteඇමරිකාවට එන තුරුත් ඇමරිකාව කවදාවත් මගේ පරමාදර්ශී රටක් වී තිබුණේ නැහැ. ඇමරිකාවට පැමිණීම සෑහෙන දුරකට අහම්බයක ප්‍රතිඵලයක්. ඒ වගේම, ඇමරිකාවේ සංචාරය කළා හෝ කෙටි කලක් ජීවත් වුනා කියා ඇමරිකාව හා එංගලන්තය අතර ලොකු වෙනසක් තේරෙන එකක් නැහැ. ඇමරිකාවේ ජීවත් වන හැමෝම මම හිතන විදිහට හිතන්නේ නැහැ. මම හිතන විදිහ වෙනස් වෙන්න හේතු වුනේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම සහ ඇමරිකාවේ සිදු වන දේ ආශ්‍රිතව අදාළ න්‍යාය හා භාවිතය තේරුම් ගැනීම. ලංකාවේ හිටියානම් උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ බටහිර රටක් දෙස බලා ආර්ථික විද්‍යාවේ භාවිතය නිසි අවබෝධයකින් තොරව අනුකරණය කිරීම පමණයි. ඒ නිසා මට මේ දෙවන සාධකය ගොඩක් වැදගත් වුනා. මම හිතන විදිහට පළමුව මාක්ස්වාදී ප්‍රවේශයකින් දේශපාලන-ආර්ථික විද්‍යාව ඉගෙනගෙන එංගලන්තයේ ජීවත්වන අජිත් වැනි කෙනෙකුට මේ දෙකෙන් වඩා වැදගත් පළමුවැන්න.
ඔව් ඒක අදහස නිවැරදියි මම හිතන්නේ.
Delete'පතාගෙන එන' ආදරවන්තයනුත් ඔයටම අයිතියි නේද. hypnosis හරහා මිනිස්සුන්ගෙ පෙර ආත්ම වල තොරතුරු (past life regression) ලබාගෙන, යම් රෝග තත්ව වලට ප්‍රතිකාර කරන දොස්තර Brian Weiss ලියපු එක පොතක් 'Only love is real'. ඔහුට තේරෙනවා ප්‍රතිකාර සඳහ එන තරුන කාන්තාවක් සහ පිරිමියෙක් එකම ආත්මය ගැන මෝහනයෙන් කියනවා. අචාර්ය ධර්ම අනුව එක රෝගියෙකුට තවත් රෝගියෙකු ගැන තොරතුරු දෙන්න බැරි නිසා ඔහු මේ දෙන්නට එක ලඟ (back to back) appointments දෙනවා ඔවුන් එකිනෙකා අඳුරගනියිද බලන්න (කතාව යනවා ඉතින් ලස්සනට). නමුත් past life regression ගැනත් බොහෝ විවේචන තියෙනවනෙ.
ReplyDeleteඅපි කරන හොඳ හෝ නරක record කරන් ඉඳලා ප්‍රතිඵලය හරියටම දෙන්නෙ කව්ද කියන එක මමත් හැමදාම හිතපු දෙයක්. දැන් නම් හිතන්නෙ ඒ අපේ හිතමයි කියලා, විශේශයෙන්ම guilty feelings නැති කරගන්න කියලා කියන්නෙ ඒකයි. නමුත් ඕක කියලා බෞද්ධ cult එකකට අයිති යාලුවෙක්ගෙන් හොඳටම බැනුම් ඇහුවා දවසක්. ඔය පහුගිය ආත්ම ගැන පරීක්ශන කරපු හුඟක් අය කියන දෙයක් තමයි "we are immortal' කියන එක, which implies that there is something that continues, නමුත් ඒක අපි දන්න/කියලා දීල තියෙන දර්මය අනුව තේරුම් ගන්න සෑහෙන්න අමාරුයි
අර මම ලියූ ලිපි මාලාවේ වෛස් ගැනත් මම ලිව්වා.පොත් ඔක්කොම වගේ මා ළඟ තිබෙනවා. මගේ අදහස වුනේ මිය යන විට ශරීරය මිය ගියොත් ඉතා ක්ෂුද්‍ර පරිමාණයෙන් ශක්ති අංශුවක් ඉතිරි වෙනවා කියල. ෆොටෝන්, ග්‍රවිටෝන් වගේ. මේ අංශුව අල යම් මතකයක්ජ් ගැබ්වී තියනවා. තවම් ඒක තේරුම් ගන්න අමාරුයි. වෙන මාන (dimensions) ගැන ස්ට්‍රින් තියරියේ හෙම කියන්නේ ඒ නිසානේ. හැබැයි වයිස් ගේ PLR ගැන වැඩි විශ්වාසයක් නැහැ. මම එයාගේ දේශනයකට ලන්ඩන් වල යන්න ඉඳලත් අවසාන මොහෙත අත් හැරියා.
Deleteමේක තමා එයා හැම තැනම කියන කතාව. https://www.youtube.com/watch?v=WMlLoPYwZ5w
Deleteස්තුතියි අජිත්, විවේක වෙලාවක ඔබගේ ලිපි කියවන්නම්.
Deleteඅපි
අවුරුදු කීපයකට කලින් Dr. Weiss මෙහෙ කරපු workshop එකකට අපි ගියා කීප දෙනෙක් එක්ක. වැඩිපුරම එතන හිටියෙ past life therapy කරන අය රැකියාවක් විදිහට, majority westerners and some Indians. මම ඒ දවස්වල ඔහුගෙ එක පොතක් විතරක් (Many lives, many masters) කියවලා ඒ topic එක
අඳුරගන්න කාලෙ නිසා මම enjoy කලා. පස්සෙ කාලෙක මම Only love is real පොත යාලුවෙකුට දීලා එය පොතේ තියෙන කරුනු පාවිච්චි කලා එයාගෙ affair එකක් සාදාරනීකරනය කරන්න. ඒවත් මාර වැඩ තමයි.
ඔය පොතනම් කියවන්න ලැබිලා නැහැ. ඔබ සඳහන් කර තිබෙන විස්තර අනුව කියවීමට උනන්දුවක් ඇති වෙනවා. කාලයක් මමත් ඔය වගේ දේවල් ගැන උනන්දුවක් දැක්වූවා. මට මතක නැති වූ පමණින් මරණයට පසු හා මරණයට පෙර පැවැත්මේ අඛණ්ඩ ගලා යාමක් තිබෙනවා කියන අදහස ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඇත්තටම කියනවානම් මේ පිළිබඳ ථෙරවාද බෞද්ධ අදහස ප්‍රතික්ෂේප කළ නොහැකි, සංගත අදහසක්. ඒ අදහස සියවස් ගණනක් පවතින්නේ ඒ නිසයි. ථෙරවාද බෞද්ධ ඉගැන්වීම් අනුව නිවන් දකින්න පෙර, අදාළ ක්‍රියාවලිය තුළ එක් අදියරකදී පෙර භව මෙනෙහි කිරීමේ හැකියාවක් ඇති වෙනවා. සසර අවසන් කිරීමේ දැඩි උවමනාවක් ඇති වෙන්නේ ඒ එක්කයි. නමුත්, එතෙක් දුර යන්න වෙන්නේ විශ්වාසය (ශ්‍රද්ධාව) මතයි. මේ අදහස මත බරක් දමනවානම් මා විසින් කළ යුත්තේ අනෙක් හැම දෙයම අත හැර එම මාර්ගයේ ගමන් කිරීමයි. ඒ දේ නොකිරීමෙන් මම ගන්නේ අවදානමක්. ආගම අදහනවා කියලා වෙන දේවල් කරන එකේ එතරම් තේරුමක් නැහැ. ථෙරවාද බෞද්ධ අදහස අනුව බැලුවොත්, සමහර විට මට එසේ කරන්න නොසිතෙන්නේත් වෙනත් අයට එසේ සිතෙන්නේත් මට පෙර පින් නැති නිසා වෙන්න පුළුවන්. එහෙම වුනත් ඉතිං එය ආපසු ගොස් වෙනස් කරන්න බැහැනේ.
Deleteඅනෙක් පැත්තෙන් පෙර භවයක් තිබුණත්, ඔය තරම් මහන්සි වී ඒ ගැන මතක් කර ගෙන නැති ප්‍රශ්නයක් ඇති කරගන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා. අපි හිතමු කවුරු හෝ මාව මෝහනය කර මගේ පෙර භවය ගැන තොරතුරු ලබා දුන්නා කියලා (ඇත්තටම මෙය මම කිහිපවරක්ම උත්සාහ කර තිබෙන දෙයක්. නමුත්, කිසිවෙකුට මාව මෝහනය කරන්න හැකි වුනේ නැහැ. පාසැල් කාලයේ එක වරක් බොරුවට මෝහනය වී දහසකට අධික පිරිසක් රවටලානම් තිබෙනවා. එය රැවටීමක් බව තවමත් දන්නේ මා පමණයි.) දැන් ඔය තොරතුරු වලින් මට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? අපි හිතමු මම දැන් විපාක විඳින්නේ පෙර භවයක කළ කිසියම් හොඳ දෙයකට කියා. ඉදිරි භවයක එවැනි හොඳ විපාකයක් ලබන්න මේ භවයේදීත් එය මට කරන්න පුළුවන්. නමුත්, ඒ බව මට දැන ගන්න වෙන්නේ ඉදිරි භවයේදීත් ඔය විදිහටම කවුරු හෝ මෝහනය කරන කෙනෙක් ළඟට ගොස් ඒ බව දැනගත්තොත් පමණයි. ඊට වඩා හොඳ නැද්ද "ignorance is bliss" කියා හිතලා ඉන්න විදිහට ඉන්න එක?
//මගේ අදහස වුනේ මිය යන විට ශරීරය මිය ගියොත් ඉතා ක්ෂුද්‍ර පරිමාණයෙන් ශක්ති අංශුවක් ඉතිරි වෙනවා කියල. ෆොටෝන්, ග්‍රවිටෝන් වගේ. මේ අංශුව තුල යම් මතකයක් ගැබ්වී තියනවා//
Deleteහ්ම්...සංකීර්ණයි, ව්‍යාකූලයි. නිව්ටන් ගොයියගෙ ඔලු ගෙඩියට ඇපල් ගෙඩිය වැටුන වෙලාවෙ,ගුරුත්වාකර්ෂණය පිලිබඳ පුරස්නෙ විසඳුවා කියල හිතුවට, ඒක එහෙමම නෑ නේද? ගැවිටෝන්, ඩාක් මැටර් දෙකම තාම hypothetical. අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි.එක පැත්තකින්, මේ මහා විශ්වයේ කිසිම වැදගැම්මකට නැති තැනක ඉන්න, ඒත් අසමසම පෘතුවිය. ඒ පෘතුවියෙ ඉන්න අනික් සත්තු,ගහකොල පරිසරය තියෙන්නෙ අපිට උලාකන්න කියල හිතන අපි. මදුරුවොන්ට ලේ දීලා කර්මය පිලිබඳ පරීක්ෂණයක් කරපු ඉකනො. සත්තු මරණවට අකමැති. ඒත් ලෙසටම, ලස්සනට පැක් කර්පු සුපර්මාකට් මස් ගිලින අපි වගේ බස්සො.
මට හිතෙන්නෙ,මේ ආත්මය, පුනර්භවය, කර්මය සහ ගැවිටෝන් ඔය ඔක්කොම අපේ විස්වාස පිලිබඳ සමීකරණයෙ කොටස් කියලයි. හුටා! මට හිතෙනව කිව්වාම... ඒකත් ආයෙ විස්වාසයක්. ඔන්න ආයෙක් මාව අවුල් වේගන එනවා.
Econ සඳහන් කරලා තියෙන ථෙරවාද බෞද්ධ අදහස දැනන් හිටියෙ නැහැ. අජිත් කියලා තියෙන, යම් මතකයක් තිබෙන අන්ශුවක් කියන අදහසටත් ඒක ගැලපෙනවා. බොහොම ස්තුතියි, නොදන්න දෙයක් දැනගන්න උදව් කලාට. Dr Weissගෙ පොත් වලත් හැම ආගමෙන්ම අදාල කොටස් quote කරලා තියෙනවා, විශේශයෙන් බෞද්ධ ධර්මයෙන්.
Deleteපොතත් පුලුවන් නම් කියවලා, regression session එකකටත් යන්න බලන්න. Who knows, your life will be spiced up even more. බස්සන්ටත් ඒක අදාලයි මන් හිතන්නෙ.
මේක එකොන් ට කීවේ කියල හිතනවා. මම පොත් කියෙව්වත් වයිස් ගේ කතා ඔප්පු කලේ නැති නිසා - අයගේ කතාවල් හොයන්න් එපැයි . නිකන් ලියන්න බැහැ . ඊජිප්තු කතා නිකන් සුරංගනා කතා වගේ. ග්‍රවිටෝන් එක ගත්තොත් ඒක රීසනබල් තියරි එකක්. පටන් ගන්නේ එහමයි. දැන් මේ මුලික නීති හතර පිලි ගන්නවනේ. gravitation, electromagnetism, the weak interaction, and the strong interaction. ඔය හතර එකතු කරල් යුනිවර්සල් තියරි ගොඩ නගන්න් යනවිට එන අදහසක් ග්‍රවිටෝන් . හිග්ස් බෝසෝන් එක හොයා ගත්ත වගේ ඒකත් හොයා ගන්න [උලුවන්. කාලය විතරයි අවශ්‍ය. එක්සත් ජනපදය ඉස්සරිහීනම ඉන්නවා. Laser Interferometer Gravitational-Wave Observatory දත්ත වලින් හෙම. හැබැයි ක්වන්ටම් ෆීල්ඩ් තියරි එක ගනතිමය ප්‍රශ්නයක් තියනව. මටත් ඒක හරියට දැනට තේරෙන්නේ නැහැ. තරමක දැනුමක් තියෙන්නේ.
Deleteමහායාන ලිවීම් කියවනවා නම් ක්වන්ටම් අංශුවේ ස්පින් තුන , නැත්නම් පාටිකල් එකක් තිබීම, නැතිවීම හා ඒ අතර අවකාශය ගැන නාගර්ජුන, ධර්මකිරිති , චන්ද්‍රකිර්ති හිමි වරුන් ඕව ගැන තර්ක කරලා තියනවා. ශුන්යාත (ශුන්යවාදය ) ගැන හෙම කියවන්නකෝ. ශ්රුන්ඩින්ගර්, ගෙල්මන් ඔය ක්වන්ටම් විද්‍යාවේ පියවරුත් ඕව කියවල් තියනව කියල මම කියෙව්වා කොහේදී හරි. විවෘත විශ්ව විද්‍යාලේ කෝස් එකකදී (ලන්ඩන්). ආචාර්ය නලින්ද සිල්වා මේවා ගැන අනිවාර්යයෙන්ම දන්නවා කියලයි මම හිතන්නේ. ඔහුගේ වර්තමාන අදහස් ඒ අනුව පෝෂණය වන්නට ඇති.
Deleteවයිස්ගේ යූටියුබ් වීඩියෝ කිහිපයක් බැලුවා. සමස්තයක් විදිහට ගත්තහම මේවායේ නිරීක්ෂණ මම කාලයකට පෙර කියවා තිබෙන වෙනත් මෙවැනි බටහිර පුනරුප්පත්ති පර්යේෂණ වල නිරීක්ෂණ වලට සමානයි. මේ කතා වලත්, ලංකාවේ පුනරුප්පත්ති කතා වලත් තිබෙන මූලික හා පොදු ලක්ෂණයක් වන්නේ බොහෝ විට කිසියම් නරක ආකාරයක භයානක මරණයකට පත් වී තිබීම හා එම භයානක මරණයේ පීඩාවෙන් තවමත් පීඩා විඳීම. පෙර ආත්මයක දියේ ගිලී මිය ගිය කෙනෙක් මේ ආත්මයේදී වතුරට බයයි. පිළිස්සී මිය ගිය කෙනෙක් ගින්දරට බයයි. අපි තාවකාලික කල්පිතයක් විදිහට මේ නිරීක්ෂණ මගින් පෙර භවයක පැවැත්ම පිළිබඳ සාක්ෂි හමු වෙනවා කියා හිතමු. එවිට මෙම සාක්ෂි වලින් තහවුරු වෙන්නේ කුමක්ද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය. මටනම් නිගමනය කරන්න වෙන්නේ මේ ආත්මයේ වින්දිතයෙක් වෙන කෙනෙක් ඊළඟ ආත්මයේත් වින්දිතයෙක් වෙනවා කියන එකයි. ලිංගික අතවරයකට හෝ දරුණු වධ බන්ධනයකට ලක් වෙන කෙනෙක්ට එහි බලපෑමෙන් ජීවිත කාලයටම මිදෙන්න බැහැනේ. මේ නිරීක්ෂණ අනුව පෙනෙන්නේ එවැනි වින්දිතයින් මරණයෙන් පසුවත් තවදුරටත් පීඩා විඳිනවා කියන එකයි. එහෙම නැතුව එම අතවර හෝ වධබන්ධන කරපු අය පීඩා විඳින බවක් නෙමෙයි.
Deleteඇත්තටම ඉකොනොමැට්ටා මේ වීඩියෝ එක බලන්න. මේ යකා නූතන චීන ඉතිහාසය ගැන ඉතාමත් කෙටියෙන් රසවත් කතාවක් කරන්නෙ මගේ අදහස් වලට ගොඩක් කිට්ටු අදහස් ��
ReplyDeletehttps://youtube.com/watch?v=9PMq1Dk3mUI&feature=share
මම පුද්ගලිකව හිතන විදිහට චීනය හා රුසියාව සමාජවාදී නොවී නිදහස් වෙළඳ පොළ ක්‍රම යටතේ පැවතියේ නම් මේ වෙනකොට ලෝකයේ ඉතා බලවත් රටවල් බවට පත්වනු ඇති බව. එහෙම නම් චීනය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත්වෙලා අවරුදු තිහ හතළිහක් වෙලා තියෙන්න පුළුවන් ලේසියෙන්ම නේද?
චීනය හා ඉන්දියාව කියන්නේ ඉතිහාසයේ වැඩි කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකයන් දෙක. එය එසේ නොවූයේ පසුගිය වසර දෙසීයක පමණ කාලය තුළ පමණයි. මොන තත්ත්වය යටතේ වුවත් චීනය ආර්ථිකයේ ප්‍රමාණය අතින් ඉදිරියට එනවා කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. නමුත්, එයින් අදහස් වන්නේ චීන ජනතාවගේ ආර්ථික තත්ත්වය බටහිර රටක තත්ත්වයට එනවා කියන එකම නෙමෙයි. චීන ජනගහණය ඇමරිකාවේ මෙන් හතර ගුණයක්. චීන ආර්ථිකය ඇමරිකාවේ තරම මෙන් දෙගුණයක් වුනත් චීනෙක්ගේ ආදායම වන්නේ ඇමරිකානුවෙකුගේ ආදායමෙන් බාගයක් පමණයි.
Deleteතවමත් විටින් විට පැටලෙමි පඹ ගාලේ
ReplyDeleteඑනමුත් එපා වෙන්නැති හැටි ජංජාලේ
යළි උපදිනු ඇතැයි අදහමි මෙ-සක්වලේ
ඔබෙ අගනා ලිපිය දැම්මා, මා අවුලේ
හිතන්නට කරුණු දාහක් කියා ඇත
විමසා හොයා ගන්නත් තතු ලියා ඇත
ඉස්සරහටත් ලියවෙන බව හැඟී යත
කදිමයි දෙන්න, අවුලෙන් ගොඩ එන්න අත!
ReplyDeleteThank you for your nice article
https://m.youtube.com/watch?v=CQEa_7pBGho
Economists
What go you think of this .
How did this child get these capabilities.
He talks about some experience in a previous birth.
චලන,
Deleteකුඩා දරුවෙක් සම්බන්ධ සිදුවීමක් නිසා මම සෘණාත්මක දේවල් ලියන්න කැමති නැති වුනත් මට සැකයකින් තොරව මේ වගේ දෙයක් දිහා බලන්න බැහැ. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. පළමුව, මෙහි ආර්ථික අරමුණක් තිබෙන බව ඉතාම පැහැදිලියිනේ. ඒ කියන්නේ මේ සිදුවීම හැකිතාක් උලුප්පා පෙන්නන්න අදාළ වැඩිහිටියන්ට හා වාර්තාකරුට අවශ්‍යතාවයක් තිබෙන බව අපට බැහැර කරන්න බැහැ. දෙවනුව, පොඩි ළමයෙක්ට වැඩිහිටියන් රවට්ටන එක හරිම පහසුයි. විශේෂයෙන්ම මේ වගේ සිද්ධියකදී වැඩිහිටියන් ඉන්නේ කපලා, මහගෙන, ඇඳගන්නම බලාගෙනයි. මම මෙහෙම කියන්නේ මමත් ඔය වගේ වයසේදී එවැනි දේවල් කරලා තියෙන නිසයි. මේ ළමයාගේ වයස අවුරුදු හතක්. ඔය වයස වෙද්දී මට ඉතා පහසුවෙන් දෙමළ කියවන්න පුළුවන්. නමුත්, අපේ ගෙදර කිසිම කෙනෙක් දෙමළ දන්නේ නැහැ. වෙන දෙමළ සම්බන්ධයක් තිබුණෙත් නැහැ. මම තනියම දෙමළ කියවන්න ඉගෙන ගත්තේ ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයකින්. වැඩිපුරම බඩු ඔතාගෙන එන පත්තර කොළ වලින්. මේ ළමයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා. එයින් යූටියුබ් වීඩියෝ බලනවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. අපි ඇමරිකාවේ හිටියත් අපේ දරුවන් කුඩා කාලයේ අපි ගෙදර කතා කළේ සිංහලෙන්. දරුවා වැඩිපුර ආශ්‍රය කළානම් ඒත් සිංහලෙන් කතා කරන කෙනෙක්. නමුත්, කාටුන් බැලීමෙන් පමණක් දරුවා ඉංග්‍රීසි භාෂාව අල්ලා ගත්තා. ලංකාවේ ඉන්න ළමයෙක්ට වුනත් එවැන්නක් කරන්න බැරිකමක් නැහැ. එයත් කුසලතාවයක්නම් තමයි. මේ කතාවේ හැටියට ළමයා මේ වගේ ක්‍රියාකාරකම් පෙන්වලා තියෙන්නේ වයස අවුරුදු දෙක තුනක කාලයේදී සිටයි. මේ වෙද්දී තවත් අවුරුදු පහක් ගිහින්. අවුරුදු දෙක තුනක ළමයෙක් ඉංග්‍රීසියෙන් කතා කරනවා කිවුවහම ගොඩක් අය ඒ ළමයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න එනවා. එවිට ළමයාට භාෂාව වගේම තමන් කියන කතන්දරත් පොලිෂ් කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ වීඩියෝවේ වුනත් අහන ප්‍රශ්න වලින්ම අවශ්‍ය පිළිතුර ළමයෙකුට වුනත් තේරෙනවා. ඒ වගේම හරි පිළිතුර දුන්නොත් බොහෝ විට ළමයාට මොනවා හෝ දෙයක් ලැබෙනවා. මමත් දන්නේ හින්දි වචන දෙක තුනක් කියන එකෙන් තේරෙන්නේ තාත්තාත් හින්දි වචන දෙක තුනක් හෝ දන්නවා කියන එකයි. ඉංග්‍රීසි ඇක්සන්ට් එක ටිකක් විතර ඇමරිකන් වගේ. කාටුන් වල ඉංග්‍රීසි සමඟ ගැලපෙනවා. ළමයෙක් සම්බන්ධව මේ වගේ කතාවක් පැතිරුණාම හැමෝම දිගින් දිගටම එකම ප්‍රශ්න ටික අහන නිසා ළමයාට කාලයක් යද්දී හොඳ පුහුණුවක් ලැබෙනවා. මෙහිදී මේ දරුවාට උදවුවට ෆෝන් එකකුත් තිබෙනවා. මම මේ එක දෙයක්වත් මේ විදිහට සිදු වුනාම කියා කියන්නේ නැහැ. නමුත්, මේ කුමක් හෝ වෙන්න තිබෙන හැකියාව එකවර බැහැර කරන්න බැහැ. මේ එකක්වත් නෙමෙයි කියා අපි කියමු. එවැනි පැහැදිලි කළ නොහැකි දේවල් තිබෙනවා. ඒවා වෙන්නේ කොහොමද? මගේ සරලම පිළිතුර මම දන්නේ නැහැ කියන එකයි. සමහර විට පෙර ආත්මයක් වෙන්න පුළුවන්. සමහර විට අජිත් ධර්මා කියන සමාන්තර විශ්ව වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත්, මේ කිසි දෙයක් තහවුරු කර ගැනීමේ හැකියාවක් අපට නැහැ. ඒ නිසා, මේ සිදුවීම පෙර ආත්මයක් පිළිබඳ සාක්ෂියක් බව හෝ එසේ නොවන බව යන දෙකෙන් එකක්වත් මම විශ්වාස කරන්නේ නැහැ. එය මා හරියටම නොදන්නා දේවල් ගොඩට දමා පැත්තකින් තියනවා.
මමත් ඉන්නේ එකොන් ගේ අදහසේ. එතන සමහර ප්‍රශ්න වලදී අහන කෙනා කෝච් කරනවා ළමයට. ඒක හොඳට තේරෙනවා. එකොන් පුදුම වෙයි අපේ ලුණුගල ගෙදර ඉස්සරහ තිබ්බේ දෙමල අය ඉන්න ලැයිමක් . ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න ගිහින් (අනිත් සිංහල ළමයි යන්නේ නැහැ) මම දෙමල අහුලා ගත්ත. නිලා නිලා වා වා, නිල්ලාමල් කොන්ඩු වා, මාලයි මේල ඒරි වා මල්ලි කයිප්පු කොන්ඩු වා කියල ඉස්කෝලේ උගන්වපු කවිය කට පාඩම් හිටියේ කලින් අහලතිබුන නිසා කියල මම හිතන්නේ. ළමයිනට ටක් ගාල අහුවෙනවා. සමාන්තර විශ්ව ගැන වැඩිදුර හිතන්න එපා. ඒකත් දැනට තියරියක් විතරයි නේ. මට ඉන්ටරෙස්ට් එකක් තියෙන නිසා මම හදාරනවා . එපමණයි
Delete
ReplyDeleteThank you for your nice article.
https://m.youtube.com/watch?v=CQEa_7pBGho
Sir,
What is your opinion about the way
this child got these extra ordinary capabilities. ( I.e. his English accent etc).
He talks about some experience in a previous birth.
හොඳ සහ නරක ක්‍රියාවන් පිළිබඳ ඔබේ අදහස සම්බන්ධයෙන්.
ReplyDeleteහොඳ සහ නරක සාපේක්ෂ දෙයක් .
බිත්තියේ ඔබේ ලියවිල්ල ඔබේ පියාට නරක දෙයකි. ඒ නිසයි ඔහු ඔබට punish කරන්නේ. නමුත් එය ඔබේ මවට හොඳ දෙයක් විය හැකිය.
ඔබ සිංහයෙකුගේ ග්‍රහණයෙන් මුවෙකු බේරා ගැනීම මුවන්ට හොඳ ය, නමුත් කුසගින්නේ සිටිය යුතු බැවින් සිංහයාට එය නරක ය. අරාබි ජාතිකයෙකුට punish කිරීම ඊශ්‍රායෙලිතයෙකුගේ ඇස් හමුවේ හොඳ දෙයක් විය හැකි නමුත් අරාබි ජාතිකයෙකුගේ ඇස් හමුwe daduwam ලැබිය හැකි නරක දෙයක් විය හැකිය.
කෙටියෙන් කිවහොත් බුද්ධාගම යනු ඔබේ මනස ස්ථාවරව තබා ගැනීම සහ එය ස්ථාවරව තබා ගැනීමට සහ එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වන ක්‍රියාකාරකම් කිරීමයි.
(සිල් පාදයේ) alcohol පානය කිරීම නරක දෙයක් wanne එය ඔබේ මනස අස්ථාවර කරna unsay. යහපත් ක්‍රියාවන් (සිල් සහ daana) මනස සතුටු කර ඔබව යහපත් පරිසරයකට ගෙන යනු ඇත (එනම් සත්ව / පණුවන්ට එරෙහිව මිනිස් උපත) එවිට භාවනාවෙන් ඔබේ මනස පිරිසිදු කර ගත හැකිය.
යම් කාල පරිච්ඡේදයක් තුළ සිදු කරන ලද එවැනි පිරිසිදු කිරීම (බුදුන්ගේ ජීවිත අත්දැකීම් - සරසන්කේය කල්ප ලක්ෂ්යික් උපත්) ඔබේ මනසෙහි මෙතෙක් සංවෘත(closed )කොටස් විවෘත කිරීමට ඔබේ මනසට උපකාරී වේ. එවිට ඔබට denata පවතින , නමුත් ඔබට දැන් නොපෙnena dewal දැකගත හැකි ya. (උදාහරණ ජංගම දුරකථන දෙකක් අතර , රූපවාහිනී, ගුවන් විදුලි signals වයිෆයි signals). එවිට ඔබ දේවල් වල සැබෑ ස්වභාවය වටහා ගනී. එය අර්හත් සහ නිබ්බාන සාක්ෂාත් කර ගැනීමයි.
ඉතින්, මගේ මතය අනුව, බුද්ධාගමේ කුසලතාවය යනු ඔබේ මනසට (ආත්ම)හානියක් වන දේවල් නොකිරීමයි .
නමුත් ඔබ එය කළ බව ඔබ දැන සිටිය යුතුය. ඔබ නොදන්නා යම් නරක දෙයක් සිදුවී ඇත්නම් (by oversight - sathaku pegii miyayaama)එය පාපයක් නොවේ. මෙය නූතන නීතියේ මූලික මූලධර්මයකි.
ඔබේ අදහස කුමක්ද සර්?
හොඳ නරක වල සාපේක්ෂ බව පිළිබඳව එකඟයි. මතක හැටියට කාලයකට පෙර මම මේ ගැන ලිපියක් හෝ කිහිපයක් ලිවුවා. කුසලාකුසල පිළිබඳ බෞද්ධ අදහසත් මා දන්නා තරමින් ඔබ කියන එක තමයි. බෞද්ධ විමුක්ති මාර්ගය වන්නේ නිවන කරා යන ක්‍රමවේදය මිසක් කුසල් රැස් කිරීම නෙමෙයි. කුසල් රැස් කිරීම ද්වීතියික කරුණක්. බෞද්ධ ඉගැන්වීම් වල කියැවෙන ආකාරයට කුසල් රැස් කළා කියා කෙනෙක් බෞද්ධයෙක් වන්නේ නැහැ. බෞද්ධයෙක් නොවන අයෙකුටත් කුසල් රැස් කළ හැකියි. එහෙත් නිවන් දකින්න බැහැ. ඒ සඳහා නියමිත මාර්ගයේ ගමන් කළ යුතුයි. එසේ ගමන් කරන්න පුළුවන් වන්නේ පළමු පියවර ලෙස කරුණු අටක් පිළිබඳ සැක අත් හැර ගැනීමෙන් පසුවයි. එයින් තුනක්ම පුනරුප්පතිය හා සම්බන්ධයි.
Deleteගුරුවරයකුගේ බොඳවුන සිහිනය සහ කල යුත්තේ කුමක්ද යන්න නලින් ද සිල්වා ඇසුරින්.
ReplyDeleteමගේ පියාගේ බාලම සහෝදරයා වූ Alex එවකට සේවය කර ඇත්තේ Royal Ceylon Navy එකේය. අති,දක්ෂ වාහන සහ විදුලි කාර්මිකයකු වූ ඔහුට, වරක් විදේශීය මහතකු විසින් පවරා තිබුණේ ඔහුට අයත් Harey-Davidson panhead වර්ගයේ යතුරු පැදියක් ධාවනයට සුදුසු තත්වයට පත් කර දෙන ලෙසටය. එම අබලන් යතුරු පැදිය වැලිසර නාවික කඳවුරේ සිට අප මහගෙදරට ගෙදරට ගෙනැවිත් තිබුනේ බර කරත්තයක පටවාගෙනය. අප Alex පොඩි බාප්පා සතුව තිබූ දැනුම , අද්දැකීම සහ උපකරණ වලින් එම යතුරු පැදිය මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීමට ඔහුට ගතවී ඇත්තේ සතියකට නොඅඩු කාලයකි. යතුරු පැදිය test run එකට යනදා බ්‍රිතාන්‍ය කතිර කොඩිය සහ වෙනම අංක තහඩුවක් ඔහු ගෙනැවිත් ඇත. එතෙක් කරත්ත පමණක් ගිය මාර්ගය ඔස්සේ බාප්පා H-D පැදිය ධාවනය කිරීම බලනු පිණිස ගම්මුන් රැස්ව සිටි බව මට පසුව කීවේ අප ආච්චිය. තමා සතුව තාවකාලිකව හෝ H-D වර්ගයේ යතුරු පැදියක් තිබීම නිසා අප පොඩි බාප්පා එකල ගමන් කලේ පොළාවෙන් අඟලක් පමණ ඉස්සී බවට ඔහුගේ මිතුරන් අද පවා කියති.
ඉන් පසුව සිදූවූ දෑ ඉතා කෙටියෙන් දැන් කියමි....contd
1. යතුරු පැදිය බාප්පාට බාර දුන් සුදු මහතා එය බාර ගැනීමට පැමිණ නැත. ඔහුට හදිසි රාජකාරි වැඩකට ඉන්දියාවට යෑමට සිදුව ඇති , පසුව බ්‍රිතාන්‍යයට ගොස් ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇත. අන්තිම කැමති පත්‍රයක් හෝ නිසි නීතිමය අවසරයක් නැති මෙි වාහනය අප මහ ගෙදර අනාථ වී ඇත. වාහනය තමා ලඟ සුරක්ෂිතව තිබෙන බවත් නිසි අයුරින් අයිතිකරුවකු ඉදිරිපත් කරවන ලෙසට ඔහු තම senior නිළධාරීන් හට ලිපි පවා ලියා තිබුණි.
ReplyDeleteදිනක් අප මිදුලේ නවතා තිබුණු ඒ පැදිය කුමක් හෝ හේතුවකින් බිමට වැටී ඇත්තේ ඒ අසල නිදා සිටි අප නිවසේ සිටි , එවකට ගැබ්බරව සිටි සුරතල් බැල්ලකගේ ඇඟ මතටය. බැල්ල මිය ගිය අතර ආච්චිට යකා නැඟ බාප්පාට පලු යන්නට , ගමටම ඇහෙන්නට බැන වැදී ඇත.
මේ සිද්ධියට පසුව H-D රාජයාට මිදුලේ වූ කුඩා විවෘත ගරාජයෙන් අඹ ගහ යටටද, පසුව අර්ධව දර ගොඩ ගැසූ මඩුවටද ස්ථාන මාරු ලබා දී ඇත. 80 දශකයේ මුලදී අප පොඩි බාප්පා මිය යන තුරුම මේ යතුරු පැදිය මලකඩ කමින්, වැස්සට තෙමෙමින්, දිරාපත් වන්නට විය. ගෙදර වූ බැළලියන්ගේ වැදුම් ගෙය වූයේ මේ යතුරු පැදිය ආශ්‍රිතව දර මඩුවේ සෑදුන ස්ථානයයි. කුඹුරු වැඩවලට ගන්නා උදළු, පෝරු, කමත් අතුගාන කොසු, නඟුල් ආදී උපකරණ සමඟ මේ Harley Davidson බයිසිකලය පසුකාලීනව අභාවයටම ගියේය....contd
2. දැන් , නලින් ද සිල්වා සහ මේ කතාව අතර ඇති සම්බන්ධය කුමක්ද කියා ඔබ මගෙන් අසනු ඇත.
ReplyDeleteමට අනුව ඉතා දක්ෂ කාර්මිකයන් විසින් මනාව නිපදවනු/අළුත්වැඩියා කරන ලද ඉතා වටිනා Harley Davidson බයිසිකලය යනු නලින්ද සිල්වාය. අයිතිකරුවකු නැති ඒ, බයිසිකලය සිරුර මත වැටීම නිසා අකාලයේ මිය ගිය ගැබ්බර බැල්ල යනු අප රටය. බැල්ල මිය ගියේ නූපන් පැටවුන්ද සමඟය. දර මඬුව යනු අප රටේ කාලකණ්ණි මැද පන්තියය. බයිසිකලය මත පැටව් ගැසූ වැඩකට නැති බැළලියන් වූයේ නලින්ද සිල්වා මතින් පෝෂණය වූ ජරපත් දේශපාලන පක්ෂය. ධනවාදයේ ඉතා දියුණු රටකින් පැමිණි ඒ බයිසිකලය තම අවසන් කාලය ගත කලේ දේශීයව තැනූ ගම්බද අකාර්යක්ෂම උපකරණ සමඟය.ඒ අතර, මට අයිති වූ, චීනයේ නිෂ්පාදනය කල Flying Pigeon බයිසිකලයද විය....contd
3. නලින්ද සිල්වා ගේ ආචාර්ය උපාධිය සුපරීක්ෂණයට හසු කලේ ලොව සුපතල කීර්තිමත් තාරකා භෞතික විද්‍යාඥයකු වූ William Hunter McCrea (1904-1999) ශ්‍රීමතාණන්ය. අප සූර්යයාගේ ස්කන්ධයෙන් 3/4 හයිඩ්‍රජන්ද , 1/4 හීලියම් සහ අනිකුත් මූල ද්‍රව්‍යයන්ගෙන් සමන්විත බව මුලින්ම සොයා ගත්තේ නලින්ගේ එම doctoral supervisor වූ සර් විලියම් හන්ටර් මැක්රේය. තම ගුරුවරයා ගැන නලින් කියන දෙය නලින්ගේම වචනවලින් අසන විට අපට ඇති වනුයේ සංවේගයකි. දැන් අපි නලින්ට සවන් දෙමු.
ReplyDelete"..මගේ පරීක්‍ෂක සාපේක්‍ෂතාවාදයේ ලොක්කෙක්. ඔහු කාලය ගැන විශාරදයෙක්. ඔහු එතරම් කාලයක් ගත්තේ නැහැ. ඔහු මගෙන් ප්‍රශ්න රාශියක් ඇසුවා. මා ඒවාට පිළිතුරු දුන්නා. අවසානයේ දී ඔහු ඇහුවා ලංකාවට ගිහින් මොනව ද කරන්නේ කියා. ඔහුට වුවමනා වුණේ කරන්න යන පර්යේෂණ දැන ගැනීමට. මට කියන්න ඒ තරම් දෙයක් තිබුණේ නැහැ. ඒත් ඔහු වචනයක්වත් සංශෝධනය නොකර නිබන්ධය අනුමත කළා. මගේ උපදේශක මහාචාර්ය මැක්රේ මට සුබ පැතුවා. ඔහු පසුව මට සහතිකයක් වැනි ලිපියක් දුන්නා. එහි සඳහන් වූ එක් දෙයක් පමණක් මට මතකයි. ඔහු කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බරයක් වෙිවි කියා.Your country will be proud of you. එය නම් වුණෙ නැහැ. වමාලාත් [ නිර්මාල් රංජිත් දේවසිරි] චම්පකගේ ගෝලයන් ඇතුළු දකුණත් පමණක් නොව ඇතැම් ජාතිකවාදීන්ද මට කියන්නෙ මැන්ටලයක්, මුග්ධයෙක්, ජාතිවාදියෙක්, මිථ්‍යා මත ධාරියෙක්, මහාවංස විරෝධියෙක්, බෞද්ධ දර්ශනය ප්‍රතික්‍ෂෙප කරන්නෙක් සහ අඩුම තරමෙන් සිරිජාතිකවාදියෙක්.……"
ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුව කුමක් කරන්නේද යන්න නලින්ට වැටහීමක් නොතිබුණි. ඔහු තවත් පසුකාලීනව අසාර්ථක ට්‍රොට්ස්කිවාදියකු වූ වික්‍රමබාහු අනුයමින් ලංකාවේ ප්‍රමුඛ0 ට්‍රොට්ස්කිවාදීන්ට සමිබන්ධ වුනු බව අපි දනිමු. MaCrea ගේ සිහිනය බොඳ කරවමින් නලින් පසුකාලීනව ජාතිකවාදයට පසු බැස්සේය. නලින්ම කියන ලෙසට නලින් මැක්කන් විසින් නලින්ගේ යුෂ උරා බිව්වෝය. ඔහු දිනේෂ් ගුණවර්ධනගේ කරත්ත රෝද පක්ෂය හරහා අඩුම තරමින් එක වතාවක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට කළුතරින් තරඟ කලේය. මේවා McCrea ගේ සුබ පැතුම් අතර වීද? ඇත්තටම McCrea ද තම අයිරිෂ් සම්භවය සහ එහි උරුමය ගැන ඕනෑවට වඩා උනන්දු වූයෙක් විය. මෙය නලින්ටද බලපෑවේද? MaCrea ගේ සුපතල ගෝලයන්/students වඩාත් ප්‍රසිද්ධ වූයේ පර්යේෂණ වලට නොව, විද්‍යා සාහිත්‍යට බව මගේ අදහසයි. නමුත් නලින් තමාව කොළඹ විශ්ව විද්‍යාලයෙන් පලවා හැරිය විට තම lounge එක කර ගත්තේ පසුකාලීනව නයිදිවක් වූ දිවයින පුවත් පතය. ලංකාවෙි ජාතික ප්‍රශ්නයට ලේ හලන යුද්ධයක් යෝජනා කල එම පුවත් පත ඔස්සේ ඔහු ලංකාවෙි ජන මතය යුද්ධය දෙසට හරවන ජාතික චින්තනයේ න්‍යායාචාර්යවරයා වූයේ කොටි සංවිධානයේ න්‍යායාචාර්යවරයා වූ බාලසිංහම්ගේ වහාම අනිකා/the immediate other වෙමිනි. මේවා McCrea ගේ සුබ පැතුම් අතර වීද?.... contd
4. තවත් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට ඉඩ දෙන්න.
ReplyDeleteනලින් නයිදිව පුවත් පතේ ජාතීන් අතරලේ හැලීමට යෝජනා කරන අතරේදීම ඔහු කල සමාව දිය නොහැකි වරද නම් උපාලි පුවක්පත් (පුවත්පත් නොවේ) සමාගමෙන් පල කෙරුණු විදුසර පුවත්පතේ ' අපේ ප්‍රවාද' ලෙසින් තම විසිතුරු විසකුරු මතය පල කරමින් ලිපි පල කිරීමය. McCrea ගේ සුප්‍රකට සිසුන් තාරකා විද්‍යාව, The Cosmological Distance Ladder, Universe, Ripples in the Cosmos, The Nine Numbers of the Cosmos, Cosmology ආදී ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යයන ග්‍රන්ථ පල කරන විට නලින් කලේ කුමක්ද? ජාතිවාදයෙන් සහ ආගම්වාදය ඔස්සේ අපායේ හොඳම තැනට ගමන් කරන ජාතියකට ඒ සඳහා මඟ සකස් කිරීමය. නමුත් අඩුම තරමින් තම ගුරුවරයාට කරන ගෞරවයක් ලෙසට හෝ ලංකාවෙි උසස් පෙල සඳහා ගණිතය හෝ භෞතික විද්‍යා එක පොතක් හෝ අප සඳහා ඒ දවස්වල ලීවෙිද? නැත. ඒ වෙනුවට ඔහු කලේ පල් හෑලි නන් දෙඩවීමය. පඩත්තල පත්තරකාරයෝද නලින්ව අහසේ පා කලහ. නමුත්, අඩුම තරමින් ඔහු දැන්වත් ලියයිද?
අයියෝ මොන පිස්සුද!..නලින්ගේ මහන්තත්වය නොහොත් ego එක ඇවගාඩ්‍රෝ අංකයටත් වඩා විශාල නිසා එය ඔහු දැන්වත් නොකරනු ඇත.
නමුත් නලින් විසින් විදුසර පුවක්පත ඔස්සේ බිහිකල එක් ශිෂුවකු (student කෙනෙක් නොවෙි) හෝ ඇත. ඒ , කුප්‍රකට රාජ්‍ය ඇමතිවරයකු වන පයාගල චන්න ජයසුමනය. ඔහු ගැන මෙහි දැන් ලිවීම අනවශ්‍යය.
නලීන් මහතා කල වැදගත්ම සේවය (බටහිර) විද්‍යාවට භක්තිමතුන් බිහිවීම වැලැක්වීම බවත් [අප] කලයුත්තේ නලින් ද සිල්වාගේ වැරදි සෙවීම නොව ඔහු පෙන්වන මග ඔස්සේ ගොස් සිංහල බෞද්ධ අභිලාශයන් ලබා ගැනීමට වෑයම් කිරීම බව අන්තෝනියෝ (ග්‍රාම්ස්චී නොවෙි) මෙහි පවසා තිබුණි.
මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Sussex University එකෙන් Cosmology වලින් ආචාර්ය උපාධියක් ලැබ අනාථ නාථ කෙනෙක්ගෙන් ගොඩ වෙදකම් අහන, දෙයියන්ගෙන් ලංකාවේ ඉතිහාසය සොයන නලින් මේ සොයන සිංහල බෞද්ධ අභිලාෂය ද McCrea ගේ සුබ පැතුම් අතර වීද?
නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි බන්ධුල ගුණවර්ධනට අයත්ව තිබූ Sussex උසස් අධ්‍යාපන ආයතනයෙන් මීට වඩා ඉහල විද්‍යාර්ථීන් ලොවට බිහිවන්නට ඇත!
ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසමි ලිඳමුලගේ නලින් කුමාර ද සිල්වා යනු නූපන් ලාංකිය දරුවන්ගේ ගැබ්බර මව මතට සිත් පිත් නොමැති ලෙස කඩා වැටුණු Harley -Davidson යතුරු පැදියක් බව මම මුලින්ම කීවේ ඒ නිසාය. එහෙත් ඔහු ගැන අපට අවංකවම ආඩම්බර වීමට නම් තවමත් නොහැකිය. දර මඬුවක දිරා යන්නට පෙර McCrea ගේ සිහින වෙනුවෙන් හෝ නලින්ව එලියට ගැනීම අප කල යුතුමය. ඒ සඳහා ලාංකික අපි ඉදිරිපත් නොවන්නේ ලංකාවේ අපිට ස්වභාවිකවම පිහිටා ඇති කාලකණ්ණි වසලකම නිසා නොවේද?
CP-C
නලීන් හඳ පෙන්නුවේය.
DeleteCP-C ඇඟිල්ල විචාරයි.
මා විචාරයට හසු කරන්නට උත්සාහා කලේ නලින් පෙන්වන ලද සඳ බලන්නට ඔහු විසින් යෝජනා කල දුරේක්ෂය පිළිබඳවය.
Deleteආකාශ වස්තු හැදැරීමට පෙර හෝ ඊට සමගාමීව දුරේක්ෂ ගැනද අප අධ්‍යයනය කල යුතු නොවේද?
CP-C
CP-C - හොඳ ප්‍රතිචාරයක්. නලින් ද සිලවගේ දිවයින ලිපි වල (සමාජවාදී පන්තිය ) පාඨකයෙක් ඒ දවස් වල. එතුමාට මගේ තිබුන ගෞරවය පළුදු වූයේ අර දේශපාලකයෙකුගේ පුතෙකුට කොන්ද නැමීමෙන් පසුවයි. (ඔබ දුන්න ඔත්තුවල් මටත් පීකි බ්ලයින්ඩර්ස් බැලුව. සමහර ඉතිහාසයේ ලියපු දේවල් උපයෝගී කොට තිබෙනවා නේද. දැන් ශේල්බි හා චර්චිල් පුටින් ගේ වැඩ වලට සමන් කරන්නකෝ)
Deleteලිපියේ අන්තිම ඡේදය ගැන අදහසක් දක්වන්නම්.
ReplyDeleteමිනිසෙක් යම් දැනුම් ආධිපත්‍යයකට කැමැත්තෙන් යටවීම ඔහුගේ තෝරා ගැනීමක්.
නමුත් නලින් ද සිල්වා නොසිටින්න ලංකාවේ විශාල පිරිසක් “දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන දැනුම ලබන්නේ නෑ.
අපේ ඇස් ඇරෙව්වේ එතුමා.
දැනුම් හොඳට දැනෙන විදියට සමාජගතකලේ එතුමා.
දැනුම් ආධිපත්‍යය ගැන දැනුම නැතිනම්; බීමතින් සිටින්නෙකුට ඇඟිලි අත්සන් ගසා දේපොල ලියාගන්නවා වගේ තත්වයකට පත්වන්න පුළුවන්.
තමා බෞද්ධ දර්ශනය සමහර අවස්ථාවන්හිදී වැරදියට තේරුම්ගෙන අර්ථ කථනය කල බවට නලින් ද සිල්වා ම ඇතැම් තැන්හි පිලි ගත්තේය. නමුත් ඒවා නිවැරදි කර නැවත පල කිරීමට parsec දහසක් වූ ඔහුගේ ego එක ඉඩ දුන්නේ නැත.
Deleteඋදාහරණයක් ලෙසට ඔහුම නඟන මේ ප්‍රශ්නය සලකන්න.
//බුදුහාමුදුරුවන් අනුව යමින් මා අහන ප්‍රශ්නයක් තියෙනවා. මනසින් තොර යථාර්ථයක් ඇති බව මනසින් තොර ව පෙන්වන්න. ඔය ප්‍රශ්නයට බටහිර බමුණන්ටවත් වෛදික බමුණන්ටවත් පිළිතුරක් නැහැ. මෙහි යථාර්ථය කියන්නෙ ඊනියා ද්‍රව්‍යමය යථාර්ථයක් වෙන්න ඕන නැහැ. දේවල් නිච්චියට ම වෙනව ද අහම්බෙන් වෙනව ද අහම්බෙන් නොවන දේ තියෙනවා ද ආදී එක ප්‍රශ්නයක්වත් ඒවාට දෙන පිළිතුරක්වත් මනසෙන් තොර නැහැ. බර වචනවලින් කියනව නම් මනසින් ස්වායත්ත නැහැ. මා ඒ කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ. මනසෙන් තොර ද්‍රව්‍යමය යථාර්ථයක් තබා මනෝමය යථාර්ථයක්වත් නැහැ. මේව තියෙනව නම් තියෙනව කියල පෙන්නන එක බටහිර හා වෛදික බමුණන්ගෙ වැඩක්.//
නමුත් ගෞතම බුදුන් දේශනා කලේ මනසක් ගැන නොවේ. දුකත්, දුකට හේතුවත්, එය නැති කිරීමත් එයට ඇති මාර්ගයත් පමනි. නලින් අහන ප්‍රශ්නයම වැරදියි නේද?
මනස, ද්‍රව්‍ය, යථාර්තය ආදී දේවල් තියෙනවද නැද්ද කියලා බුදු දහම පාදක කොටගෙන අහන්නේ ඒවා දේවල්/things කියන පදනමේ හිඳගෙනයි. ඉතින් එතැනම නාගෙන ඉවරයි නේද? ඊට පස්සේ තමන්ගෙ මතය සනාථ කරන්න කෙස් පලන තර්ක ගේනවා. භාෂා ව්‍යවහාරය ව්‍යවහාරයක් පමණක්මය යන්න හුඟ දෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. Ph.D ගත්තු නිසා කෙනෙක් SD (සියල්ල දත් )වන්නේ නැත. බුද්ධ දේශනය ඇත්තේ කෙනෙකුට අවබෝධ කර ගැනීමට මිස වාද කිරීමට නොවේ.
බටහිර දැනුමේ ආධිපත්‍යයට එරෙහිව නලින් කල සටන අවසන් වූයේ අහක හිටිය නාථව අනථ කිරීමෙන්ද?
දෙවැනි උදාහරණය:
. (බටහිර) විද්‍යාව අලුත්වැඩියා කිරීම පිණිස වෙහෙසව වැඩ කල අය අතර ප්‍රමුඛ වූයේ Paul Feyerabend , Karl Popper ආදීන්ය. නලින් ආභාසය ලැබුවේ ඔවුන්ගෙනි. ඔවුන් නලින්ට වඩා අවංක වූ නිසා බටහිර විද්‍යාව එහි පදනමින්ම ප්‍රශ්න කලේ , ඒවාට දෙන/ලැබෙන පිලිතුරට වඩා වැදගත් වන්නේ අසන ප්‍රශ්නය බව දැනගෙනය. ප්‍රතිපලය වූයේ විද්‍යාව තව තවත් දාර්ශනිකව ශක්තිමත් වීමය. මගේ මතකය නිවැරදි නම් Karl Popper ගේ The Open Society and Enimies පොත මඟින් ඔහු වඩ වඩාත් බටහිර විද්‍යාව ප්‍රශ්න කර විද්‍යාවේ ශක්තිමත් බව සඳහා සංගායනාවක් කැඳවීය. Thomas Kuhn ගේ Scientific Revolution පොත යනු විද්‍යාවෙි වෙනස්වන ස්ථීරසාර බව/the static nature of dynamic science ගැන කියන මහඟු කෘතියකි.
නලින් ගෙන ආවේ ඔවුන් ඇසූ මෙම ප්‍රශ්නයන්ය. නමුත් ඔහු ඒවාට ඔවුන් දුන් පිලිතුරු සැඟවූයේ නොහොත් විකෘති කලේය. කුප්‍රකට 'මගේ ලෝකය 'ඊට හොඳම උදාහරණය වෙයි.
මා අජිත්ගේ වෙබ් අඩවියේ ඉකොනෝව ගෙන හැර දක්වමින් ප්‍රකාශ කලේ වෙනත් විධියකට මේ දේමය.
තුන්වැනි , හතරවැනි, n වැනි උදාහරණයන් පසුවට...
CP-C
//මා අජිත්ගේ වෙබ් අඩවියේ ඉකොනෝව ගෙන හැර දක්වමින් ප්‍රකාශ කලේ වෙනත් විධියකට මේ දේමය.//
Deleteමේ කියන ප්‍රතිචාරයට ලින්ක් එකක් දමන්න පුලුවන්ද? නැත්නම් අඩු වශයෙන් අදාළ ලිපිය මතකද?
//නමුත් නලින් ද සිල්වා නොසිටින්න ලංකාවේ විශාල පිරිසක් “දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන දැනුම ලබන්නේ නෑ.
Deleteඅපේ ඇස් ඇරෙව්වේ එතුමා.//
මේ කරුණ ගැන මූලික වශයෙන් මම එකඟයි. මම පෞද්ගලිකව ගත්තත්, නලින් ද සිල්වා නොවන්නට මම මෙය තේරුම් ගන්නේ සෑහෙන කාලයක් ගිහින්. සාධාරණ වශයෙන් ගත්තොත් නලින් ද සිල්වා කියා කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක්ගේ හිතීමේ අවකාශය පුළුල් කළ කෙනෙක්. නලින් ද සිල්වා හෝ වෙනත් කෙනෙක් විසින් තමන්ගේ කැමැත්ත මත පෙන්වා දුන් දෙයක් වෙනුවෙන් මල් තියා වඳින්න හෝ එහෙම පෙන්වා දුන් දෙයක් වැරදි නිසා ගල් ගහන්න අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ. කළ යුත්තේ අදාළ දැනුම සාකච්ඡාවට බඳුන් කිරීම හා අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගැනීමයි.
වඩා වැදගත් කාරණාව වන්නේ ලංකාවේ විශාල පිරිසකකට “දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන දැනුම ලබා දීමේ ප්‍රතිඵලය කුමක්ද කියන එකයි. “දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන දැනුම ලබා ගැනීමෙන් වැඩක් වෙන්නේ දැනුම් ආධිපත්‍ය වලට යට නොවී හිතන්න පුළුවන් පිරිසක් බිහි වුනොත් පමණයි. නමුත්, ලංකාවේ සිදුවී තිබෙන්නේ එය නෙමෙයි. පරිණාමයේදී ඉතුරු වූ වඩා කාර්යක්ෂම දැනුම් ඉවත් වී ඒ වෙනුවට අකාර්යක්ෂම දැනුම් කෘතීම ලෙස රාජ්‍ය බලහත්කාරය යොදවා ආදේශ කිරීමට බල කෙරෙන පසුබිමක් සකස් වීමයි.
“දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන දැනුම ලබා දෙන නලින් ද සිල්වාම පසුකාලීනව දැනට තිබෙන දැනුම් ආධිපත්‍යය ගලවා ඒ වෙනුවට වෙනත් දැනුම් ආධිපත්‍යයක් ආදේශ කිරීම වෙනුවෙන් කටයුතු කරන තැනකට තල්ලු වෙන්නේ ඇයි?
මේ ප්‍රශ්නයට මගේ පිළිතුරක් තිබුණත් එය හරියටම පැහැදිලි කරන්න දීර්ඝ ලිපියක් ලියන්නේ වෙනවා. මෙතෙක් මේ ගැන කතා නොකළේ ඒ සඳහා අවකාශයක් විවර නොවූ නිසයි. දැන් ජගත් විසින් එවැනි අවකාශයක් විවර කර තිබෙන නිසා ඒ ගැනත් හිතන්න පුළුවන්.
කෙටි පිළිතුරනම් බොහෝ විෂයයන් ගැන පුළුල් දැනුමක් තිබෙන නලින් ද සිල්වාට ආර්ථික විද්‍යාව හෝ ධනවාදය පිළිබඳ මූලික දැනුමක්වත් නැති වීමයි. එවැනි දැනුමක් තිබුණානම් ඔහුගේ ප්‍රවාද මීට වඩා වෙනස් වෙනවා. ඔහු ඒ දේවල් හදාරන්න පෙළඹී නැත්තේ දැනටම තමන් ඒ දේවල් දන්නවා කියා හිතන නිසයි. හිස් කල මිස පිරුණු කල පුරවන්න අමාරුයි. මෙය මාක්ස්වාදී ආර්ථික විද්‍යාව හදාරපු අයට තිබෙන පොදු ප්‍රශ්නයක්. දැනුම් ආධිපත්‍ය ගැන බොහෝ දෙනෙකුට පෙන්වා දී තිබෙන නලින් ද සිල්වාම දැනුම් ආධිපත්‍යයකට යට වී සිටින්නේත් ඔහුට එයින් ගැලවෙන්න බැරි වී තිබෙන්නේත් තමන් එසේ යට වී සිටින බව ඔහු තවමත් තේරුම් ගෙන නැති නිසයි.
කොයි තරම් සමාජවාදය විවේචනය කළත් නලින් ද සිල්වා තවමත් ඉන්නේ සමාජවාදී රාමුව ඇතුළේ. ඔහු ට්‍රොට්ස්කිවාදයෙන් හා ජාත්‍යන්තරවාදයෙන් මිස සමාජවාදයෙන් කවදාවත් කැඩිලා නැහැ. ඒ නිසා, ඔහු තවමත් ලෝකය තේරුම් ගන්නේ ජාතික සමාජවාදී රාමුවක. ලංකාවේ වත්මන් දේශපාලනයේ දාර්ශනික රාමුව හා හිට්ලර්ගේ කාලයේ ජර්මනියේ දේශපාලනයේ දාර්ශනික රාමුව අතර සමානකම් දැකිය හැක්කේ ඒ නිසා. එයින් වෙනස්ව පොඩ්ඩක් හෝ හිතන්න පෙළඹී තියෙන්නේ ඉතාම මෑතකදී ගෝඨාභය ජනාධිපති වීමෙන් හා ඔහුට මියන්මාර් තානාපති ධුරය ලැබීමෙන් පසුවයි. කාලය වෙබ් අඩවියේ පළවන ලිපි වලට පින්තූරයක් එකතු කරන්න පටන් ගැනීමෙන් මේ වෙනස සංකේතාත්මකව නිරූපණය වෙනවා.
මෙය ඉහත ජගත් පතිරණ කියන කරුණට සම්බන්ධ වන්නේ කොහොමද? “දැනුම් ආධිපත්‍යයකට යටවීම“ කියන කාරණාව නලින් ද සිල්වා විසින් නිවැරදිව තේරුම් අරගෙන තිබුණත් එය සිදු වී තිබෙන්නේ ඉල්ලුම් හා සැපයුම් සාධක වල සමතුලිතතාවයෙන් කියා ඔහු තේරුම් ගෙන නැහැ. වෙනත් සමාජවාදීන් වගේම ඔහු ඉල්ලුම් සාධක බැහැර කර සියල්ල සැපයුම් සාධක වලට ලඝු කරනවා. ඒ නිසා, ඔහුට පෙනෙන්නේ එකම විසඳුමක් පමණයි. ඒ පවතින දැනුම් ආධිපත්‍යය වෙනත් දැනුම් දැනුම් ආධිපත්‍යයකින් විස්ථාපනය කිරීම. ඉතිරි විකල්ප සියල්ල වසාගෙන මේ පටු කොරිඩෝව දිගේ ඔහු විකල්ප හොයනවා.
නලින් මැක්කන්ට අවශ්‍ය කුමක්ද? ඔවුන්ට මිනිස්සුන්ව දැනුම් ආධිපත්‍ය වලින් ගලවන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තිබෙන දැනුම් ආධිපත්‍යය ගලවා වෙනත් දැනුම් ආධිපත්‍යයක් ඒ වෙනුවට ආදේශ කරන්න පමණයි. නලින් මැක්කන් විසින් නලින්ගෙන් උරාබොන ලේ වලින් ශක්තිමත් වෙමින් රටේ මිනිස්සුන්ව අගාධයකට තල්ලු කරනවා. නලින් නැට්ටෝ පැත්තකට වී බලා සිටිමින් අප්පුඩි ගහනවා. නලින් නැට්ටන්ට ඊට වඩා දෙයක් තේරෙන්නේ නැහැ. අනුකාරකයින් විවේචනය කරන නලින් ද සිල්වා විසින්ම අන්තිමේදී අනුකාරක නලින් නැට්ටන් බිහි කිරීමට නලින් ද සිල්වාගේ පුද්ගල ස්වභාවයත් හේතු වී තිබෙනවා. නලින් ද සිල්වා ගැන දන්නා අයට මේ කරුණ පැහැදිලි විය යුතුයි.
//බුද්ධ දේශනය ඇත්තේ කෙනෙකුට අවබෝධ කර ගැනීමට මිස වාද කිරීමට නොවේ.//
Deleteමේ කරුණ ගැනනම් මම CP-C සමඟ එකඟ නැහැ. මම හිතන හැටියට නලින් ද සිල්වාගෙන් සිදු වූ ලොකුම මෙහෙයක් වන්නේ බුද්ධ ධර්මයේ ආගමික ස්වරූපයට යම් තරමකින් හෝ අභියෝග කිරීමයි. මේ වැඩේ වෙන කෙනෙක් කළානම් ඔහු හෝ ඇය මේ වෙද්දී බෞද්ධයන්ගේ හතුරෙක් වෙලා.
වසරකට පමණ පෙර වුන අත්දැකීමක් කියන්න කැමතියි.
ReplyDeleteඑක බ්ලෝග් අඩවියක ලියලා තිබුනා ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා වගේ අදහසක්.
ඊට පස්සේ ලිපියේ ඒ රචකයාම මන්තර, ගුරුකම්, සාත්තර මිත්‍යා විශ්වාසය. ඒවා සමාජයෙන් තුරන් විය යුතුය වගේ අදහසකුත් තිබුනා.
මම කොමෙන්ටුවක් දාලා ඇහුවා දැන් එතකොට ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා කියන එක විද්‍යාත්මකද? කවුරුවත් ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවද? කියලා.
මගේ නිගමනය නම් ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා විශ්වාසය සංහිඳියාවයි.
මන්තර ගුරුකම් පුනුරුප්පත්තිය අදහන කෙනාගෙයි.
සංහිඳියාව අදහන කෙනාගෙයි අතර කිසිම වෙනසක් නෑ.
මට එසේ සිතන්න තරම් මගේ විචාර බුද්ධීය අවදිකල
විද්‍යාවට වහලෙක් නොවී විද්‍යාව වහලෙක් කරගන්න මග පෙන්වූ.
නලීන් තුමාට නමස්කාර වේවා!
විද්‍යාවට වහලුන් අනවශ්‍ය අතර අපට විද්‍යාව වහලකු කර ගැනීමටද අවශ්‍ය නැත. යම් ප්‍රවාදයක් අපට පර්යේෂණ ක්‍රම මඟින් අසත්‍යකරණය /falsifying කල නොහැකි නම් එය විද්‍යාත්මක නොවන බවට Karl Popper කීවේ ඒ නිසාය. යමක් විද්‍යාත්මක නොවේ නම් ඒ ප්‍රවාදය එක මොහොතක් හෝ සමාජයේ රැඳී නොසිටියි.
ReplyDeleteනාථව අනාථ වූයේද, කාලී කුණු තක්කාලී වූයේ විද්‍යාත්මක ප්‍රවාද නිසාය. ජාතික චින්තනයේ අවජාතක බව නිසා නලින් දෙකේ කොලේට වැටුනේය.
මේවා තේරුම් නොගෙන සිටීමට තරම් නලින් මෝඩයකු නොවේ. නමුත් ඔහුට මේ මඩ වලින් ගොඩ ඒමට ඉඩ නොදෙන්නේම මඩ වලේ සිටින බඩගැස්තරයන් සහ නමස්කාර කරන වහලුන්ය.
යම් කිසි ලෙසකින් තමා නිශ්පාදනය කල ප්‍රවාද වැරදි බව දවසක නලින්ටම වැටහී ඒවා අතහැර දමන ලෙසට සමාජයට කිව හැකිද ? මා නම් සිතන්නේ එසේ බැරි බවය.
දැන් ලංකාවේ ප්‍රගමනය වන තම අවජාතක චින්තනය නැවැත්වීමට නලින්ට නම් කොහාමටත් බැරිය. 80 දශකයේ මුල පටන් නලින් අඩ/blocks ඉවත් කරමින් මාරාවේශව දත කමින් කන්දෙන් පහලට තල්ලු කලේ තමන්ට තියා මුළු ජාතියටවත් ආයේ හරවන්න බැරි Union Pacific Big boy බඳුවූ දුම්රිය එන්ජිමකි.
CP-C
CP-C සහ අන්තෝනියෝ අතර වාදය රසවිඳිමි.
Deleteනමුත් දැනට CP-C ඉදිරියෙන් සිටින බව නං නොකියාම බැරිය.
CP-C තුමාට නමස්කාර වේවා!
ඔබතුමාට පුනර්භවය ගැන යම් සැකයක් ඇත්නම් සහ ඒ ගැන උනන්දුවක් ඇත්නම් කළ යුතුව තිබුණු හොඳ ම දෙය බුදු දහමේ සඳහන් ආකාරයට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගැනීමයි. එනම් - චතුර්ථ රූප ධ්‍යානය දක්වා සුදුසු සමථ භාවනාවක් කර පුබ්බේනිවාසානුස්මෘති ඥානය උපදවා ගැනීමයි. ඊට යම් උත්සාහයක් දැරුවා ද? නැති නම් තවමත් ප්‍රමාද නැති බව මගේ හැඟීමයි෴
ReplyDeleteඔබ යෝජනා කරන දෙය තර්කානුකූලව නිවැරදි ප්‍රවේශයක්. ඒ වගේම මා විසින් සිතා බලා තිබෙන දෙයක්. "යම් උත්සාහයක් දැරුවා ද?" කියා ඔබ අසන ප්‍රශ්නයටනම් "ඔව්" කියා පිළිතුරු දිය හැකි වුවත් මා මේ වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් උත්සාහයක් දරා නැහැ. දැනටනම් එසේ කිරීමේ අදහසක්ද නැහැ. පළමුව ඔබ යෝජනා කරන දෙය ඉතාම "වියදම් අධික" දෙයක්. දෙවනුව, මෙවැන්නක් කර සාර්ථක වූ කිසිවකු පැහැදිලිව පෙනෙන්නට නැති තත්ත්වයක් යටතේ, ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිඵලය පිළිබඳව මට තිබෙන්නේ ඉතාම අඩු විශ්වාසයක්. වියදම් අධික කටයුත්තක් වෙනුවෙන් මා ආයෝජනය කරන්නේ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ ප්‍රමාණවත් සහතිකයක් ඇත්නම් පමණයි.
Delete