ඔබ අකලට කෙස් හැලී තට්ටය පෑදීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේ නැත්නම්, අකලට හිස කෙස් පැසීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම්, මෙන්න ඔබට තවත් නරක ආරංචියක්!
ඔබට හෘදයාබාධයක් හැදෙන්නටද සැලකිය යුතු අවදානමක් තිබේ.
හෘදයාබාධ හැදීමේ අවදානම හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා නිර්ණායක වන්නේ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම, පවුලේ වෙනත් අයට හෘදයාබාධ හැදී තිබීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බොන්නෙකු වීම ආදී කරුණුය. එහෙත්, මේ කරුණු සියල්ලම මත වුවද හෘදයාබාධ හැදීමේ ඉඩකඩ එතරම්ම නිවැරදිව පුරෝකථනය කළ නොහැකිය. බොහෝ දෙනෙකුට මේ අවදානම් සාධක නොතිබියදී පවා හෘදයාබාධ වැළඳේ.
නවතම පර්යේෂණයකින් පෙනී ගොස් ඇති පරිදි "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම හා අකලට කෙස් පැසීමද ඉදිරියේදී හෘදයාබාධයක් හැදෙන්නට ඇති අවදානම පෙන්වන සාධකයි.
වයස අවුරුදු 40 නොඉක්මවූ ඉන්දියානු පිරිමි අතරින් හෘද රෝගීන් 790කුත්, සංසන්දනය කිරීම සඳහා පාලිත කණ්ඩායමක් ලෙස එම වයස් කාණ්ඩයේම නිරෝගී පිරිමින් 1,270කුත් යොදා ගනිමින් සිදු කළ මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත්තේ "පිරිමි මෝස්තරයට" අකලට තට්ටය පෑදීම හෘද රෝග වැළඳීමේ අවදානම 5.6 ගුණයකින් ඉහළ දමන බවයි. අකලට කෙස් පැසීම මේ අවදානම 5.3 ගුණයකින් ඉහළ දමන අතර තරබාරු වීම 4.1 ගුණයකින් හෘද රෝග අවදානම ඉහළ නංවයි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව හෘද රෝග පුරෝකථනය කිරීමේ හැකියාව අනුව දියවැඩියාව, දුම්බීම ආදී අනෙක් කරුණු සියල්ල තිබෙන්නේ ඉහත කරුණු තුනට වඩා පිටුපසිනි.
මොකක්ද මේ "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම?
වයසත් සමඟ කෙස් යාම ක්‍රම දෙකකට සිදු වේ. මේ ක්‍රම දෙක හැඳින්වෙන්නේ "පිරිමි මෝස්තරයට" කෙස් යාම හා "ගැහැණු මෝස්තරයට" කෙස් යාම ලෙසිනි. පිරිමින්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම පිරිමි මෝස්තරයට සිදු වීමත්, ගැහැණුන්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම ගැහැණු මෝස්තරයට සිදු වීමත් මත මේ නම් කිරීම සිදු කර තිබේ.
ගැහැණු මෝස්තරයට කෙස් යාමේදී හිසේ සෑම තැනකම වාගේ කෙස් ඒකාකාරී ලෙස තුනී වන අතර පිරිමි මෝස්තරයට කෙස් යාම සුවිශේෂී රටාවකට සිදු වේ. මෙහිදී මුලින්ම හිසේ ඉදිරිපස හා හිස් මුදුනේ කෙස් හැලී හිස පිටුපස හා හිස දෙපස කෙස් ඉතිරි වේ. පිරිමි මෝස්තරයට කෙස් යාමට හේතුවන ඇතැම් ජානමය සාධක හා හෝමෝන හඳුනාගෙන ඇතත් ගැහැණු මෝස්තරයට කෙස් යාම ගැන එවැනි දැනුමක් තවමත් නැත.
පර්යේෂණ දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ පිරිමි මෝස්තරයට කෙස් යාම පුද්ගලයකුගේ සැබෑ වයස මත නොව "සනාල වයස (vascular age)" මත තීරණය වන්නක් බවයි. සනාල වයස යනු ඔබේ හෘදය වස්තුව කෙතරම් වයසට ගොස් ඇත්ද යන්නයි. හෘද ස්පන්දන තරංග ප්‍රවේගය හා හෘදයේ ධමනි වල ඝනකම මැනීමෙන් පුද්ගලයෙකුගේ සනාල වයස ඇස්තමේන්තු කළ හැකිය.
මේ ආකාරයේ වෛද්‍ය විද්‍යා පර්යේෂණ පදනම් වන්නේ සංයුක්ත නිරීක්ෂණ මත මිස න්‍යාය මත නොවේ. ඒ නිසා, මේ පර්යේෂණ ප්‍රතිඵලයෙන් කියන්නේ අකලට තට්ටය පෑදීම හා කෙස් පැසීම හෘද රෝග වැළඳීමේ අවදානම හඳුනාගත හැකි නිර්ණායක බව මිස හෘද රෝග වලට හේතු බව නොවේ. ඒ නිසා, තට්ටය පෑදීම වලක්වා ගැනීමෙන් හෘද රෝග අවදානම අඩු වේයැයි හරියටම කිව නොහැකිය.
ඉන්දියානු පිරිමින් යොදාගනිමින් සිදු කර ඇති පර්යේෂණයක් නිසා මේ නිරීක්ෂණ බටහිර රටක පුද්ගලයින් යොදාගනිමින් කරන මෙවැනි පර්යේෂණයකට වඩා ලංකාවට අදාළ විය හැකිය.
Tuesday, December 12, 2017
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මාත් ඕක අද දැක්ක සයන්ස් පෝරමයක...
ReplyDeleteමා නම් අසා ඇත්තේ පිරිමි ක්‍රමයට තට්ටය පෑදෙන්නේ ශරීරයේ අධික ලෙස ටෙස්ටෙස්ටොරන් නිපදවීම නිසා බවයි. මෙයට ප්‍රතිකාරය ඊස්ටජන් (කාන්තා හෝමෝන) එන්නත් විය හැක.
ReplyDeleteරසිකට සුභපතමු අර පෝස්ට් එක ඉක්මනින් වැටෙන්න .. just a joke dude
Deleteමේ සම්බන්ධය තරමක් සංකීර්ණ එකක්. පළමුව, පිරිමි ක්‍රමයට තට්ටය පෑදෙන්න මූලික වශයෙන් හේතු වෙන්නේ කෙස් මුල් (hair follicles) ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් වලට දක්වන සංවේදීතාවය කෙතරම්ද යන්නයි. එය බොහෝ දුරට ජාන මත උපතින් තීරණය වන්නක්. මේ සංවේදීතාවය ඉතා වැඩිනම් සුළු ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් ප්‍රමාණයක් නිසා වුවත් කෙස් යන්න පුළුවන්. දෙවනුව, ටෙස්ටොස්ටරෝන් උපයෝගී කරගෙන ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් හදන්න උපකාරී වන හෝමෝන කිහිපයක් තිබෙනවා. ඒ හෝමෝන වැඩිනම් ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි නැතත් ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි විය හැකියි. වයසට යන විට සිරුරේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අඩු වුවත් තට්ටය පෑදීමට ඇති ඉඩකඩ වැඩි වෙන්නේ සිරුර ටෙස්ටොස්ටරෝන් වලින් වැඩිපුර ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් හදන නිසයි.
Deleteහෘද ආබාධයකින් තව අවුරුදු දෙකක් ඇතුලත පරලෝ සැපත් වීමට නියමිත රසික සූරියආරච්චි මහතාට නිවන් සැප පාර්ථනා කරමු !!!
ReplyDeleteAh.. i meant it
Deleteරසිකනම් හෘදයාබාධයක් හැදී ගොඩ එන්න වාසනාවන්ත වූ අයෙක්. අපි එතරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්.
DeleteAnonymous December 12, 2017 at 10:14 AM
Deleteඇනෝ, ප්ලීස් මං මැරෙන්න කලින් ඔබ මැරෙන්න එපා!
මොකද මං මැරුණු ගමන් කරන්න හිතන් ඉන්නේ භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් ඔබට පේන්න ඒමයි. එතකොට ඔබට අවදිවෙන්න වෙන්නේ දාඩිය දාගෙන හරිම පිපාසයෙන්.
ඉතිං, මං මැරුණයි කියල ආරංචිය ආපු ගමන් එක්කෝ වතුර බාල්දියක් ඇඳ ලඟ තියාගෙන නිදා ගන්න, නැතිනම් බාත්රූම් එකේ බූරු ඇඳක් දාගෙන නිදා ගන්න!
8-(
රසික හීනෙන් බය වෙලා ඇහැරෙනවාලු දැන්. රසිකගේ තාත්තා භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් රසිකට පේන්න එනවා කියනවනි. රසික බය වෙලා දාඩිය දාගෙන හරිම පිපාසයෙන් අවදිවෙනවා.
Deleteඔබේ තාත්තා වගේ නොවේ මගේ තාත්තා ඒ දවස්වලම නිවන් ගිහිං වෙන්න ඇති. ආසාවටවත් හීනෙං දැකලා නෑ ඇනෝ.
Deleteරසික පව්. රසිකගේ පියා හොල්මනක් වෙලා ඇවිත් බය කරන නිසා මිනිහා හිතන්නේ අනික් අයටත් එහෙම වෙන්න ඇති කියලා. සිරාවටම රසික පව්.
Deleteමං හිතන්නේ 'හදවත' තියෙන්නේ ඔළුවේ කියන්න මේක තවත් සාක්කියක්. වැඩිය ඔළුව අතගාන්ඩ නොදී ඉන්න උවමනයි මීට පස්සේ.
ReplyDeletesanath nandasirige thattataya mona vidihada
ReplyDeleteඅමරසිරි පීරිස්ට වැඩිය හොඳයි!
Delete“There's one thing about baldness, it's neat.”
ReplyDelete― Don Herold
https://www.gq.com/gallery/the-100-most-powerful-bald-men-in-world
ReplyDeleteමෙතන නැත්තෙ මම විතරයි!
“Anyone who looks good with a bald head is seriously sexy.”
Delete― Richelle E. Goodrich