වෙබ් ලිපිනය:

Wednesday, May 20, 2015

මුං මොක්කුද? කරන්නේ මොන මගුලක්ද?


ඉංජිනේරුවෝ පාලම් බෝක්කු හදති. පාරවලුත් හදති. සමහර වෙලාවට හැදූ පාරවල්ම නැවතත් හදති. කඩ කඩා නැවත නැවතත් හදති. කෝකියෝ චිකන් කරි හදති. ගෝදම්බ රොටීත් හදති. මේවා පරණ වන විට කොත්තුත් හදති. කරණවෑමියෝ කොණ්ඩා-රැවුල් කපති. සමහර වෙලාවට කණත් කපති. ගුරුවරු උගන්වති. හවසට සිල්ලර කඩත් කරති. දොස්තරලා ඊට වඩා ලොකු බිස්නස් කරති. සමහර වෙලාවට ලෙඩ්ඩු බලාත් බොහෝවිට නොබලාත් බෙහෙත් නියම කරති. දත් දොස්තරලා කටේත් මුදල් පසුම්බියේත් ඇති දත් ගලවති. සමහර දත් දොස්තරලා දේශපාලනයත් කරති. දේශපාලකයෝ බණ කියති. (හාමුදුරුවරු මේ බණ අසා පාඩුවේ සිටිති.) බයිලාත් කියති. (වඩා හොඳ විකල්පයක් නැති නිසා අපි මේ බයිලා අසා සිටිමු.) සමහර විට අපි වෙනුවෙන් අපිව ගස් බඳිති. (බොහෝ දේශපාලකයන් අපිව ගස් බඳින්නේ අදෘශ්‍යමාන කඹයකින් නිසා දෘශ්‍යමාන කඹයක් භාවිතා කර මේ ගස් බැඳීම සිදු කරන දේශපාලකයන්ට වැඩිපුර​ විවේචන එල්ල වේ. පවු නේද එයාලා?)

මේ බොහෝ වෘත්තිකයන්ගේ කාර්ය භාරය පිළිබඳව අපට සාමාන්‍ය​ අවබෝධයක් තිබේ. එහෙත් ආර්ථික විද්යාඥයන් (සිංහලෙන්නම් ඉකොනොමිස්ට්ලා) හැම තිස්සේම කරන කඩේ යාමට අමතරව කරන කාර්යභාරය පිළිබඳව වැඩි දෙනෙකුට අවබෝධයක් නැත. මේ නිසා, කඩේ යාමට නීතිඥයන්, කලා කරුවන්, මාධ්‍යවේදීන් වැනි වෙනත් පළපුරුදු වෘත්තිකයන් රැසක්ම සිටින රටකට ඔය වැඩේම කොරන්නට ඉකොනොමිස්ට්ලා කියා තවත් වර්ගයක් අවශ්‍ය​ වන්නේ මොන මගුලකටදැයි බොහෝ දෙනාට මතු වන පැනය ඉතා සාධාරණය.

උත්තරයඇත්තේ මා කලින් සඳහන්කළ ආර්ථික විද්යාවේ පළමු නියමයේය. මනුස්සයාගේ ඕනෑ-එපාකම් වල කෙළවරක් නැත. බුදු කෙනෙක් පහළ වූ විටවත් රහත් වීමේ චාන්ස් එක හැමෝටම නොලැබෙන නිසා මේ මනුස්ස සොබාවය හැමදාමත් ඔහොම්මමය.

ඕනෑ-එපාකම් වල කෙළවරක් නැති වුනාට ඒ ඕනෑ-එපාකම් සපුරාගන්නට අවශ්‍ය කරන සම්පත් සීමිතය. ඒ නිසා කොච්චර හිතෙන් ලව් කළත් අපිට කරීනාව හෝ අමීර් ඛාන්ව සෙට් කර ගැනීමට නොලැබේ. හැමදාම හිල්ටන් එකෙන් කන්ඩ ලැබෙන්නේත් නැත. අඩුගානේ වීක් එන්ඩ් එකේ ට්‍රිප් එකට සෙට් වෙන්ඩවත් විදියක් නැත. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දා බලා හිටියාට​ හිතූ තරම්ම ලයික් වැටෙන්නේද නැත.

අස්තිරවූ ඉස්ත්රී චිත්තයේ ඉස්තිරවූ ප්රේමයක් ඇතිවනතුරුබලා සිටීම අමාරු වුනත්, ඉකොනොමික්ස් ටිකක් දන්නවානම්, අතේ ඇති සීමිත සම්පත් ටික අපේ අසීමිත ආශාවන් සපුරා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳමපිළිවෙළ තෝරාබේරා ගැනීම පුත්තලමේ ගෝවා වවන තරම් අමාරු නැත. ඔය වැඩේ කරන්නටඉකොනොමික්ස් ඉගෙන ගැනීම අත්යාවශ්යම දෙයක් නොවේ. අපි කාගේත් ඇඟේ ස්වාභාවිකවම පොඩ්ඩක් විතර ඉකොනොමික්ස් තිබෙන නිසාය. ඇඟේ  තිබෙනමේ ඉකොනොමික්ස් පොඩ්ඩ නිසා තීරණ ගැනීමේදී අපි හැම විටම අපට වැඩිම යහපතක් සැලෙසෙන තෝරාගැනීමක් කරන්නෙමු. ආර්ථික විද්යා භාෂාවෙන්නම් බොහෝදෙනෙකු බොහෝවිට තාර්කික තීරණ ගනිති. මේ නිරීක්ෂණය පදනම්කරගෙන, සෑම දෙනෙකුම සෑම විටම තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය මතමුලික ආර්ථික විද්යා න්යායයන්බිහි වී තිබේ.

සෑමදෙනෙකුම සෑම විටම තාර්කික තීරණ ගන්නේනම් ඉකොනොමිස්ට්ලා කියා වෙනම සත්ත්ව කොට්ටාසයක් ඕනෑ කරන්නේ නැත. ඔය කිවුවට තාර්කිකතීරණයක් ගැනීම හැමවිටම කියන තරම්ම ලේසිපාසු නැත. ෂර්ට් එකේ ගැලවුණු බොත්තම ගෙදර එක්කෙනාට කියා අල්ලා ගත හැකි වුනත්අලුතින් ඇඳුමක් මහගන්නට අපිට සන්නාලියෙක් ඕනෑ කරයි. වගේම ගොටුකොළලියන කොට ඇඟිල්ල​ පොඩ්ඩක් කැපුනාම ගෙදරදීමප්ලාස්ටරයක් දා ගත්තත් සිසේරියන්සර්ජරි එකක් කරන්නේ ගයිනකොලොජිස්ට් කෙනෙක් කන්සල්ට් කරලාය. ඔයාකාරයටම, අතේ මහගන්නට බැරි ලොකු ආර්ථික වියමනක් වියාගන්නට ඕනෑ වූ විට පිලිබඳ විශේෂිත අධ්යාපනයක් සහ පළපුරුද්දක් ඇතිබුවෙක් සිටීනම් පට්ටය. ඉතිං ඉකොනොමිස්ට්ලා ඕනෑ වෙන්නේ ඔන්න ඔය කාරියටය. අතේ ඇති සීමිත සම්පත් ටික අපේ අසීමිත ආශාවන් සපුරා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳම පිළිවෙළ තෝරාබේරා ගැනීම සඳහා මේ අයගෙන් සපෝට් එකක් ගන්නට පුළුවන. ඒ ඉකොනොමිස්ට් කෙනෙකුගේ මූලික කාරියයි.

සිවිල්, මෙකනිකල්, ඉලෙක්ට්‍රිකල් ආදී වශයෙන් එක එක ජාතියේ ඉංජිනේරුවෝ සිටිති. ගයිනොකොලොජිස්ට්ලා, යුරෝලොජිස්ට්ලා හා කාඩියෝලොජිස්ට්ලා ආදී විවිධ වර්ගයේ දොස්තරලාද සිටිති. ඔයාකාරයටම, විවිධාකාරයේ ඉකොනොමිස්ට්ලාද සිටිති. ප්‍රධානම බෙදීම මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා සහ මැක්‍රෝ ඉකොනොමිස්ට්ලා වශයෙනි. මේ දෙගොල්ලන්ට ග්‍රීක් භාෂාවෙන් කියන්නේ (අනුපිළිවෙලින්) ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාඥයන් හා සාර්ව ආර්ථික විද්‍යාඥයන් කියාය. මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා පුද්ගල චර්යාවන්, සෞඛ්‍යය හෝ බලශක්තිය වැනි ආර්ථිකයේ විශේෂිත අංශයක් හෝ පෞද්ගලික සමාගම් වලට අදාළ කරුණු හදාරති. මැක්‍රෝ ඉකොනොමිස්ට්ලාගේ විෂය පථය රටේ සමස්ත ආර්ථිකයයි.

මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය වැනි තැන් වල වැඩිපුර සිටින්නේ මැක්‍රෝ ඉකොනොමිස්ට්ලාය. මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා බොහෝ විට වෙනත් බැංකු සහ පෞද්ගලික සමාගම් වල සේවය කරති. මේ දෙවර්ගයේම ආර්ථික විද්‍යාඥයන් අතර තියරි කාරයන් (ආර්ථික න්‍යයාචාර්යයන්) සිටින අතර ඔවුන් බොහෝ විට සිටින්නේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයකට සම්බන්ධවය. ලංකාවේනම් මෙවැනි අය බොහෝ හිඟය. (ඉකොනොමැට්ටා එහෙම කවුරුවත් ලංකාවේ ඉන්නවාද කියා හරියටම දන්නේ නැත.) ලංකාවේ මෙන්ම වෙනත් රටවලත් සිටින ඉකොනොමිස්ට්ලා බොහොමයක් ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයන් වන අතර තමන් තෝරාගත් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික ගැටළු වලට ආර්ථික විද්‍යා න්‍යායයන් භාවිතයෙන් විසඳුම් සොයති. මේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයෝ (සිංහලෙන්නම් ඇප්ලයිඩ් ඉකොනොමිස්ට්ලා) ඔවුන්ගේ පර්යේෂණ සඳහා බොහෝ විට ආර්ථිකමිතික ක්‍රමවේදයන් (සිංහලෙන්නම් ඉකොනොමෙට්‍රික් ටෙක්නික්ස්) උපයෝගී කරගනිති. මේ හේතුව නිසා ඉකොනොමැට්ටාගේ විෂය ක්ෂේත්‍රය වන ආර්ථිකමිතිය ක්ෂුද්‍ර සහ සාර්ව අංශ දෙකෙහිම ව්‍යවහාරික ආර්ථික පර්යේෂකයෝ ඉතා වැදගත් ලෙස සලකති.

ඉකොනොමැට්ටාකෙසේ කීවත් සමහර වෙලාවට මේ ආර්ථික විද්යාඥයන්යයි කියා කියන අය කියන දේතැම් විටෙක බයිලා ලෙසත්, බොහෝ විට​ වැල් බයිලා ලෙසත් හුදී ජනයාට ෆීල් වේ. එහෙම වෙන්නේ ඇයි කියා මීළඟ පෝස්ටුවකින් කතා කරමු.

(කාටූනය උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.)

Tuesday, May 19, 2015

"එල්ලෙන සියල්ල රඹුටන් නොවේ."




"එල්ලෙනසියල්ල රඹුටන් නොවේ."

වැඩිදෙනෙකු නොදන්නවා විය හැකි වුවත් මේ නිවුටන්ගේ හතරවනනියමයයි. හොයා ගත්තේ මල්වානේ නිවුටන් බාසුන්නැහේය​. කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී පලන්චියකින් වැටී කොන්ද කඩා ගත්තේ මේ මනුස්සයාය​.

නිවුටන්බාසුන්නැහේ අමාරුවෙන් හොයාගත් මේ නියමය නිවුටන්ගේපළමු නියමය නොවී හතරවන නියමය වුනේ නිවුටන් නියම තුනක්ම වන විටත්සොයාගෙන තිබුණු නිසාය. තුන හොයාගෙනතිබුනේ අවුරුදු තුන්සීයකටත් කලින් එංගලන්තයේ ජීවත්ව සිට ඇති අයිසෙක් නිවුටන්ය. අර අඩු වයසෙන්මිය ගිය අහිංසක ගොවියා නොවේ. ඔහු ඇස් දෙකටවත් නොදුටු ඔහුගේ එකම පුතාය. පොඩි කාලේ ඉස්කෝලෙන් දොට්ට දැමූ කොලුවාය. අම්මාත්, අම්මාගේ දෙවන සැමියාත් සමඟ ඔවුන් ජීවත් වූ නිවස ගිණිලෑමට සුදානම් වූ ඇට්ටර කොලුවාය.

ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ මේ අයිසෙක් නිවුටන්ය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි අයිසෙක් නිවුටන්ට ගුරුත්වාකර්ෂණය සොයා ගැනීමට හැකි වුනේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණු නිසාය. ලංකාවේ කාටවත් අයිසෙක් නිවුටන්ට කලින් මේක හොයා ගන්ඩ බැරි වුනේ ලංකාවේ ඇපල් හැදෙන්නේ නැති නිසාය. ඒත් හොඳ වෙලාවට අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්නා කාලයේදීම වාගේ පෘතුගීසීන් මැලේසියාවේ සිට ලංකාවට රඹුටන් ගෙනාවේය. මේ රඹුටන් වල ඇට ඔවුන්ගේ ප්‍රධානම බලකොටුවක් වූ මල්වාන අවට පැල වී පසුව වෙනත් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වුනේය. මේ නිසා අයිසෙක් නිවුටන් වගේම තාත්තාව ඇහින් නොදුටු, ඉස්කෝලෙන් දොට්ට දාමු නිවුටන් බාසුන්නැහේට හතරවෙනි නියමය හෝ ගොඩ දා ගත හැකි විය. අනෙක් අතට අයිසෙක් නිවුටන්ගේ ලක් එකට එංගලන්තයේ රඹුටන් නැති නිසා ඔහු හිටියේ ඇපල් ගසක් යටය. ඇපල් ගෙඩි නැට්ටෙන් ගැලවී බිමට වැටුනත් රඹුටන් සාමාන්‍යයෙන් එසේ නොවැටෙන නිසා වැඩේ මේ ආකාරයෙන් ගොඩ නොයන්නට ඉඩ තිබුණි. ඒ වගේම වෙලාව හොඳනම් රඹුටන් ගහේ සිට කපුටෙක් හෙලන වර්චස් පිඬකින් හෝ වැඩේ ගොඩයන්නත් ඉඩ තිබුණි.




ලෝකයවෙනස් කළ ඇපල් ගෙඩිතුනක් ගැන කවුදෝ කියා ඇත. පළමුවැන්න ආදම්ගේ ඇපලයයි. දෙවැන්න නිවුටන්ගේය. තුන්වැන්න ස්ටීව් ජොබ්ස්ගේය. මෙයින් පළමුවැන්න ලබාගැනීමට ආදම්ට ඉතා විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. මේ ඇපලය වෙනුවෙන්ඔහු අනාගත පරම්පරා සියල්ලම උගසට තැබුවේය. දෙවැන්නනම්, කිසිම මහන්සියක් නැතුව නිකම්ම බිමට වැටුණේය. ( වන විටගුරුත්වාකර්ෂණය සොයා ගෙන නොතිබුණු නිසා මේ දෙවන ඇපලයබිමට වැටුණේ ගුරුත්වාකර්ෂණය නිසා වීමට නුපුළුවන.) තුන්වැනි ඇපලය දැන් අපව පිස්සු වට්ටවා ඇත. නොකා නොබී හෝ මේ තුන්වැනිඇපලය හිමි කර ගැනීමට අපිදඟලමු. නැත්නම් අල්ලපු ගෙදර එකාට සෙකන්ඩ් වීමට සිදුවේ.

ආදම් වැඩේ අනාගත්තේ දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ තීන්ත වේලෙන්නත් කලින්ය. ආදම්ට අවශ්‍යයයි දෙවියන් වහන්සේ සිතූ හැමදෙයක්ම ඔහුට ලබා දී තිබුණත් ආදම් හිතුවේ වෙන විදියකටය. ලෙනින් හැදූ සෝවියට් සංගමයේත් සිදු වුනේ මේ ටිකමය.

ආර්ථික විද්‍යාවේ පළමු මූලධර්මය මෙතැන තිබේ. අපේ ආශාවන් අසීමිතය. ඒ නිසා ඒ ආශාවන් සපුරා ගැනීමට අවශ්‍ය වන සම්පත්ද අසීමිතය. මේ අසීමිත ආශාවන්ට සාපේක්ෂව දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ ඇති සම්පත් වුවද ප්‍රමාණවත් නැත. මේ හේතුවෙන් ලෝකයේ ආරම්භයේ පටන්ම මිනිසා අතෘප්තිමත්ය. (ලෝකයට ආරම්භයක් ඇත්ද යන්න මේ කරුණට එතරම් අදාළ දෙයක්  නොවේ.)

ආර්ථික විද්‍යාවේදී සම්පත් වශයෙන් හඳුන්වන්නේ අපට අවශ්‍ය වෙනත් භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය කිරීම හෝ ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍යයන්ය. (කාලය, මුදල්, භූමීය මෙන්ම ඉන්ධන වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැකිය.) මේ මූලික අමුද්‍රව්‍ය අප සතුව ඇත්තේ සීමිතව බැවින් ඒවා උපයෝගී කරගෙන ලබා ගත හැකි විවිධ විකල්ප අතරින් තෝරාගැනීමක් කිරීමට අපට සිදුවේ. මෙය පුද්ගලයෙකුට පමණක් නොව සමාජයකට හෝ රටකට වුවද අදාළය. පුද්ගලයකුනම් මෙහිදී කරන්නේ තමාට වඩාත්ම තෘප්තිමත් විය හැකි විකල්පය තෝරාගැනීමයි. මෙසේ විකල්ප රැසක් අතරින් එකක් තෝරාගැනීම යනු අනෙත් සියළු විකල්ප අතහැර දැමීමකි. මෙසේ තෝරාගැනීමක් කිරීමේදී අදාල පුද්ගලයා විසින් ගෙවනු ලබන සැබෑ මිල ලෙස ආර්ථික විද්‍යාවේදී සැලකෙන්නේ ඔහු හෝ ඇය විසින් සිය පළමු මනාපය වෙනුවෙන් අත් හැර දමන ලද දෙවන මනාපයේ වටිනාකමයි. ආවස්ථික පිරිවැය ලෙස හඳුන්වන මේ සංකල්පය මා ඉදිරිපත් කරන දෙවන මූලධර්මයයි.

ආවස්ථික පිරිවැය යනු භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීම සඳහා අප විසින් ගෙවනු ලබන මිලම නොවේ. උදාහරණයක් ලෙස ලංකාවේදී නොමිලේ ලැබෙන ලෙස සැලකෙන සරසවි අධ්‍යාපනය ලබාගැනීම සඳහා සිසුවෙකු සැලකිය යුතු ආවස්ථික පිරිවැයක් දැරිය යුතුය. දළ වශයෙන් මේ මිල වනුයේ වසර හතරක් වෙනත් රැකියාවක් කර ඔහුට හෝ ඇයට උපයාගත හැකි මුදලයි.

ඉතින් ආදම්ගේ ඇපලය නිවුටන්ගේ ඇපලය මෙන් බිමට නොවැටුණේ දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ ගුරුත්වාකර්ෂනයක් නොතිබූ නිසා නොවේ. එය බිමට වැටෙන තුරු සිටීමට ඉස්පාසුවක් ආදම්ට නොතිබුණු නිසාය. එහි ආවස්ථික පිරිවැය පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබුණාදැයි මම නොදනිමි. කෙසේ හෝ අවසාන වශයෙන් ආදම්ගේ ඇපලය ඔහුගෙන් පැවතෙන්නන්ගේ අපලය විය.

නිවුටන්ගේ ඇපලය සැබැවින්ම ඔහුගේ ඔළුවට වැටුණේ නැත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිලිබඳ අදහස ඔහුට ඇතිකළ මේ ඇපලය නටුවෙන් ගිලිහී බිමට වැටුණේය. මේ ඇපලය වැටෙන විට නිවුටන් ඔහුගේ මිතුරු විලියම් ස්ටකලි සමඟ නිවසින් පිටත සෙට් වී සිටියේය. සෙට් වී කිවුවාට බිවුවේ තේය. ඒ දවස් වල ලංකාව කෝපි කාලේ නිසා සිලෝන් ටී වීමට ඇති ඉඩකඩ අඩුය. එහෙම වුනානම් ක්‍රෙඩිට් එකෙන් ටිකක් අපිටත් ගන්නට තිබුණි.

ඔයකියන ඇපල් ගෙඩිය නිවුටන්ගේ ඔළුවට නොවැටුනාට නිවුටන්ගේ ඔළුවට වන විටත්වැටී තිබුණු පොල් පරාල කිහිපයක්ම නිසා ඔළුව ගෙඩි ගැහී තිබුණේය. පළමුවම නිවුටන් කොලුවාගේ හිස මතට පරාලයක් කඩාපාත් වුනේ 1642 වසරේ නත්තල් දවසේ අඩු මාසෙන් උපන් ඔහු මෙලොව එළිය දකින්නටත් මාස තුනකට පෙරය. අයිසෙක් නිවුටන්නමම තිබුණු ඔහුගේ පියාගේ වියෝවයි. දෙවන පරාලය ඔළුවට වැටෙන විට නිවුටන්ට අවුරුදු තුනකි. පාර සිදුවුනේ නිවුටන්ව ආච්චි අම්මාට පංගාර්තු කර අම්මා තවත්දීගෙක යාමයි. මේ අලුත් තාත්තාවනිවුටන්ට එච්චර ඇල්ලුවේ නැතිවා පමණක් නොව මේ සිද්දිය නිසාඔහුට අම්මාවත් එපා විය. අලුත් තාත්තා සහ අම්මා සමඟගෙදරම ගිණි තැබීමට තරම් තරහක් ඇති කිරීමට මේ දෙවැනි පොල්පරාලය සමත් විය. තුන්වන පොල් පරාලය ඔළුවට වැටෙන විට නිවුටන් අවුරුදු දාහතක ගැටවරයෙකි. නිවුටන්ව ඉස්කෝලෙන් දොට්ට දැම්මේ පාරය. වනවිට දෙවන දීගයත් කඩාගෙන ආපහු ගෙදර ඇවිත් සිටි නිවුටන්ගේ අම්මාට නිවුටන්ව තාත්තා වගේ ගොවියෙකු කිරිමට ලොකු ඕනෑකමක් තිබුණත් නිවුටන්ට ගොවිතැන ඇල්ලුවේම නැත.

සින්ඩරෙල්ලාගේගෝඩ් මදර් ආවා වගේ ඕනෑ කළ වෙලාවේම අන්කල්කෙනෙක්ගෙන් සපෝට් එකක් ලැබුණු නිසා වාසනාවට වගේ නැවතත් අධ්යාපන කටයුතු වලට යොමු වෙන්නට අවස්ථාවක් නිවුටන්ට සැලසුණේය. වර නිවුටන්ඇතුළු වුනේ කේම්බ්රිජ්හි පිහිටි ට්රිනිටි කොලීජියටය. මේ පාරත් උදැල්ලකි. පන්තියේ බුවෙක් නිවුටන්ව හැමදාම බයිට් එකට ගනී. නිවුටන්ට අම්බානක මලය. බුවාගෙන් පළිගන්නට පුළුවන් තරම් හොඳින් අධ්යාපන කටයුතු කළ නිවුටන් වැඩේකෙළවර කළේ පන්තියේ හොඳම සිසුවා වීමෙන් අනතුරුවය.

මල්වානේනිවුටන් බාස් අයිසෙක් නිවුටන් තරම් වාසනාවන්ත වුනේ නැත. ඔහුගේ තාත්තා ඔහුට කිසිදා හමු නොවුනේ නිවුටන් ඉපදෙන්නටත් කලින් තාත්තා අම්මාව අතහැර ගොස් තිබුණු නිසාය. අයිසෙක් නිවුටන් වගේම නිවුටන් බාස්වත් ගැටයා කාලයේදී පන්තියේ බුවෙක් බයිට් එකට ගත්තේය. නිවුටන් බාස්ව ඉස්කෝලෙන් දොට්ට දැම්මේ බුවාගේ දතක්කැඩෙන්නට ගැසූ හතරේ පහරින් පසුවය. නිවුටන් බාස්ව නැවතත් අධ්යාපනයට යොමු කරන්නට ගෝඩ් ෆාදර් කෙනෙක් නොසිටි නිසා ඔහුට සිදුවුනේ ඉදිකිරීම් ක්ෂේත්රයේ අත්වැඩ කරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමටය. ලෝක වෙළඳ මධ්යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා සේවකයන් බඳවා ගන්නා වකවානුව වන විට නිවුටන්බාස් තනියම පොඩි පොඩි කොන්ත්රාත් භාර ගනිමින් සිටියේය. මොන කොන්ත්රාත් තිබුණත් රඹුටන් කාලයට සියල්ල පැත්තකටදමන නිවුටන් බාස් රඹුටන් ගස් බදු ගැනීම අරඹයි. රඹුටන් ගැට යාන්තම් පාට වැටීගෙන එනවිටම හොඳ රඹුටන් අඳුනා ගැනීමට ඔහුට තිබුණේ සුවිශේෂී හැකියාවකි. රඹුටන් ගස් බදු ගන්නා නිවුටන් බාස් රඹුටන් කඩා සිල්ලරට විකිණීමට වද නොවීය. වෙනුවට ඔහු කළේ රඹුටන් ඉදුණු පසු ලාභයක් තබාගෙන ගස් පිටින්ම නැවත විකිණීමයි.

ලෝකවෙළඳ මධ්යස්ථානයේ රැකියාව ඇරඹු පසු මේ පාර්ට් ටයිම්ඉඩ ප්රස්ථාව නිවුටන්බාස්ගෙන් ප්රථම වරටගිලිහී ගියේය. ගැන ඔහුසිටියේ කනස්සල්ලෙනි. රඹුටන් වාරයට කොළඹ කොටුව රඹුටන් වෙළෙඳුන්ගෙන් පිරී යයි. වැඩ නිම වෙමින් පවතින ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිට බැලූ විට මේ රඹුටන් වෙළඳසැල්වල දසුන ඉතා දර්ශනීයය. බොහොමයක්ම වෙළෙඳුන්ගේ තේමා පාඨය වූයේ 'මල්වානේ පැණි රඹුටන්' යන්නයි. විසි අට වන මහලින්පිටත පලන්චියක සිට මේ රඹුටන් වෙළඳසැල්දෙස බලා හූල්ලන නිවුටන් බාස්ට මේ මල්වානේ කතාවඇසෙන වාරයක් පාසා මළ පනී.

"ලස්සනටඑල්ලල තිබුණට ඔය එකෙක් ගාවවත්තියෙන්නේ මල්වානේ රඹුටන් නෙමෙයි මල්ලි.." නිවුටන් බාස් නිතරම කියන්නේ තරම් සතුටකින්නොවේ. " වුනාට මංකාල බැලුවා අන්න අතනින්. එළ රඹුටන් ටිකනිවුටන් අයියා..." සගයකු එසේ කියන්නේ නිවුටන් බාස්ව කෝප ගැන්වීමටය. "පිස්සුද මල්ලි! උඹලා නියම මල්වානේ රඹුටන් කාල නෑ. හිටපල්ලකො මං නියම රඹුටන්ගෙනත් පෙන්නනකම්. ඔය හැමතැනම එල්ලලාතියෙන්නේ රඹුටන්ද?"

හතරවනනියමයේ ගෞරවය නිවුටන් බාස්ට ලබාදීමට මුල් වූයේ මේ දෙබස දිනපතාමඅසා සිටි වැඩ පරීක්ෂක තිලකරත්නය.

එක්අවාසනාවන්ත දිනයක කෙසේ හෝ නිවුටන් බාස්ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ ගොඩනැගිල්ලේ විසිඅට වන මහල ආසන්නයේසිට බිමට ඇද වැටුනේය. ඔහුවනවතාගන්නට ආරක්ෂිත දැලක් හෝ ආරක්ෂිතබඳ පටියක් තිබුණේ නැත. වැඩි ඈතක නොවූ කොළඹ මහ රෝහලට ඔහුවගෙන යන්නට ගිලන් රථයක් ගෙන්වා ගත හැකි වූයේදසෑහෙන ප්රමාදයකින් පසුවය.

පොළොවෙන්යම් කිසි උසකදී නිදහස් වන වස්තුවක් කෙළින්මපොළොවට වැටේ. මේ සංසිද්ධිය විස්තරකිරීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයම අවශ් නැත. නිවුටන්ගේගුරුත්වාකර්ෂණ නියම මඟින්ද මෙය පැහැදිලි කෙරේ. අනුව, අයිසෙක්නිවුටන්ගේ වත්තේ ගසේ හැදුණු ඇපල් ගෙඩියත්, වෙළඳ මධ්‍යස්ථාන​ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කළ නිවුටන් බාස්ගේසිරුරත්, සුමනදාසගේ කමත අයිනේ දිගේලි කර ඇති රතුඑළදෙන හෙළන ගොම්බෙට්ටත් වැටෙන්නේ කෙලින්ම බිමටය.

ඔයකියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්රිනිටි කොලිජියේදීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්යාව මැනවින් හදාරා තිබුණේය. නිසා, තවත්අලුත් භෞතික විද්යා නියමයක් ඉදිරිපත්කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි.

ගුරුත්වාකර්ෂණයතිබු පමණින්ම නිවුටන්ගේ ඔළුවට ඇපලයක් වැටෙන්නේ නැත. පළමුව ඔහුගේ වත්තේ ඇපල් ගසක් තිබිය යුතුය. ගෙඩි හැදෙන ඇපල් ගසක එසේ ගෙඩි නොහැදෙන ගසකට වඩා වටිනාකමක් ඇති නිසා කවුරුන් හෝ මේ ඇපල්ගස එතැන සිටවන්නට ඇත. එසේම ඇපල් ලීයෙහි දැවමය වටිනාමක් නොමැති නිසා මේ ගස කපාවිකුණන්නට කාටවත් උවමනා වී නැත. ඇපල්වාරයට එංගලන්තයේ ඇපල් තරම්ම දුලබනොවන නිසා ආදම්ට මෙන් වැටෙන්නට පෙර මේ ඇපල් ගෙඩියකඩා ගන්නට කාටවත් උවමනා වූයේ නැත. ඇපල් ගස බදු ගන්නටනිවුටන් බාස් කෙනෙක් කාලයේ අයිසෙක්නිවුටන්ලාගේ ගෙවල් පැත්තේ සිටියේත් නැත. මෙකී නොකී කරුණු රැසක් හේතුවෙන් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය බිමට වැටුණේය. අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගත්තේය.

නිවුටන්බාස් විසි අටවන මහලේ සිට බිමට වැටෙන විට ගොඩනැගිල්ල වටා ආරක්ෂක දැලක් තිබුනේන්නම් ඔහුව වැටෙන්නේ දැල මතටමිස මහ පොළොවට නොවේ. ඩිජිටල් තාක්ෂනය දියුණුවීමට පෙර රූගත කල චිත්රපටවල බූට් කෑ නිළියන්ටත්, සුපර්මෑන්ලාටත්බයක් සැකක් නැතුව උස් ගොඩනැගිලි වලින් බිමට පැනිය හැකි වූයේ මෙවැනි දැල් නිසාය.

ගොඩනැඟිල්ලේඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීමේදී අදාළ සමාගම මෙවැනි දැලක් සවිකිරීම ගැන සලකා බැලීය. සම්පත් වල සීමාවන් හමුවේසමාගම සතුව විකල්ප දෙකක් විය. පළමුවැන්න දැලක් සවි කිරීමයි. දෙවැන්න එසේ නොකර සිටීමයි. තීරණය ගතයුත්තේ වියදම් අවම වන පරිදිය. පළමුවිකල්පය හා අදාල පිරිවැයඇස්තමේන්තු කිරීම එතරම් අපහසු නැත. මෙහි පිරිවැය අදාළ දැල සහ අනෙකුත් උපාංගමිලදී ගැනීමටත් එය සවි කිරීමටත්යන වියදමයි. දෙවන විකල්පය සඳහා යන වියදම ගණනයකිරීම එතරම්ම සරල නැත. දැල සවි නොකළහොත්, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවන මුළු කාලය තුළ වැඩකරුවෙකු හෝ කිහිපදෙනෙකු අනතුරටලක්වීමේ අවදානමක් ඇත. මෙය අනිවාර්යයෙන් සිදුවන දෙයක් නොවේ. යම් කිසි සම්භාවිතාවක් ඇති දෙයකි. එසේ අනතුරට ලක් වුවහොත් වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. දෙවන විකල්පයේ පිරිවැය ගණනය කිරීමට සිදුවන්නේ මෙසේ ගෙවීමට සිදුවිය හැකි වන්දි මුදල අනතුරක් සිදුවීමේ සම්භාවිතාවෙන් ගුණ කිරීමෙනි. සමාගමේ පැහැදිලි තෝරාගැනීම වුයේ දෙවැන්නයි. අනුව ආරක්ෂිත දැලක් සවි කෙරුණේ නැත. නිවුටන් බාස් පලංචියෙන් වැටී කොන්ද කඩා ගත්තේය. ඔහුව බිමට වැටුණේ ගුරුත්වාකර්ෂණය නිසාය යන්න නිවැරදි වුවත් එය එක පැහැදිලිකිරීමක් පමණි.



අයිසෙක් නිවුටන් අකැමති වූ ගොවිතැනට බොහෝ මනාප සුමනදාසගේ කමතඅයිනේ දිගේලි කර ඇති රතුඑළදෙන හෙළන ගොම්බෙට්ට කෙලින්ම බිමට වැටේ. ගොම්බෙට්ටට ආර්ථිකවටිනාකමක් නැති නිසාය. ඒත් රතු එළදෙන ගොයම් පාගන විටනම් ගුරුත්වාකර්ෂණය තිබුණා කියා ඔය ගොම්බෙට්ට බිමටවැටෙන්නේ නැත. පිදුරු ටිකක් අතට ගන්නා සුමනදාස අත්දෙකම එකතුකර බිමට වැටෙන්නට නොදී ගොම්බෙට්ට සීරුවෙන් අල්ලාගනී.

ආර්ථිකවටිනාකමක් ඇත්නම් ගුරුත්වාකර්ෂණය තිබුණු පලියට ගොම්බෙට්ටක් තබා බලුබෙට්ටක්වත් බිමට වැටෙන්නේ නැත.

(නිවුටන්බාස් සහ ලෝක වෙළඳසංකීර්ණය සම්බන්ධ සිදුවීම් මනඃකල්පිත​ සිදුවීම් වන අතර සැබෑසිදුවීමකට කිසිදු සම්බන්ධයක් නැත. ඡායාරූප අන්තර්ජාලයෙනි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...