වෙබ් ලිපිනය:

Tuesday, March 26, 2019

ඇමරිකන් කුණු හා චීන කුණු


නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නය ආර්ථික සංවර්ධනයේ එක්තරා අදියරකදී රටකට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්නයක්. ලෝකයේ ලොකුම ආර්ථිකය වූ ඇමරිකාව සෑහෙන කලක් තිස්සේ ලෝකයේ ලොකුම කුණු නිෂ්පාදකයාද වුනා. දැන් ඒ තැනට පත්ව ඉන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමරිකාව හා ඉන්දියාව වගේම චීනයත් ලෝකයේ විශාලතම කුණු නිෂ්පාදකයෙක්.

ආර්ථිකය ප්‍රසාරණය වීමට සාපේක්ෂව රටක නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදන පරිමාවත් ඉහළ යනවා. නමුත්, ඇමරිකාව දැන් ඉන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තවත් වැඩි වැඩියෙන් කුණු නිෂ්පාදනය කළ යුතු අදියර පහු කරලා. පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඇමරිකාවේ ඒක පුද්ගල කුණු නිෂ්පාදනය පහත ගොස් තිබෙනවා. නමුත්, චීනය, ඉන්දියාව වගේ රටවල සිදු වෙන්නේ එහි අනිත් පැත්තයි.

ඇමරිකාවේ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ දත්ත අනුව 2015 වසරේදී ඇමරිකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 262.4ක්. මේ කුණු වලින් ටොන් මිලියන 68ක් ප්‍රතිචක්‍රීකරණය කර තිබෙන අතර තවත් ටොන් මිලියන 23කින් කොම්පෝස්ට් පොහොර හදා තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ කුණු වලින් ටොන් මිලියන 93ක් එනම් 34.7%ක් ප්‍රතිචක්‍රීකරණය කෙරී හෝ කොම්පෝස්ට් බවට පත් වී තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් ටොන් මිලියන 33ක් (12.8%ක්) බලශක්තිය ජනනය කරමින් දහනය කර තිබෙන අතර ටොන් මිලියන 137ක් (52.5%ක්) සනීපාරක්ෂිත ලෙස වළලා දමා තිබෙනවා.

මෑතකාලීන ලෝක බැංකු වාර්තාවකට අනුව, ඇමරිකාව, ඉන්දියාව, චීනය හා ලංකාව යන රටවල 2016, 2030 හා 2050 වසර වලදී නිෂ්පාදනය කෙරෙනු ඇතැයි සැලකෙන නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් ගණන මෙහෙමයි.

ඇමරිකාව
2016: 263,726,732
2030: 311,039,297
2050: 359,887,136

චීනය
2016: 220,402,706
2030: 295,035,224
2050: 335,791,732

ඉන්දියාව
2016: 277,136,133
2030: 387,770,524
2050: 543,277,457

ශ්‍රී ලංකාව
2016: 2,581,444
2030: 3,168,447
2050: 3,746,891

චීනයේ කුණු වලින් 60.2%ක් වලලා දැමෙන අතර 29.8%ක් දහනය කෙරෙනවා. තවත් 8.2%ක් විවෘත තැන් වල ගොඩ ගසනවා. කොම්පෝස්ට් ලෙස නැවත ප්‍රයෝජනයට ගැනෙන්නේ කුණු වලින් 3%ක් පමණයි. ඉන්දියාවේ කුණු වලින් 77%ක්ම විවෘත තැන්වල ගොඩගසන නමුත් 18%කින් කොම්පෝස්ට් හදා 5%ක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ලංකාවේ කුණු වලින් 85%ක් විවෘත තැන්වල ගොඩගසන අතර 12.8%ක් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත්, තවත් 5%කින් කොම්පෝස්ට් හදන බවත් පෙන්වන නමුත් මේ ප්‍රතිශත වල එකතුව 100% ඉක්මවන නිසා මෙහි කිසියම් වරදක් ඇති බව පෙනෙනවා.

සමහර අයගේ හිස් ඇතුළේ පුරවගෙන ඉන්න කුණු ප්‍රමාණය ඔය කොයි රටේ නිපදවන කුණු ප්‍රමාණයටත් වඩා වැඩියි. ඒ අය බොහෝ වෙලාවට ඒ කුණු විවෘත අවකාශයට මුදා හරිනවා. උඩින්ම පළ කර තිබෙන්නේ එවැනි අය වත්පොත හරහා ප්‍රචාරය කරන කාටූනයක්. මෙය පකිස්ථානය හෝ ඉන්දුනීසියාව වැනි රටක ජීවත් වන අයෙකුගේ පරිකල්පනයක් වෙන්න පුළුවන්.

කාටූනය අනුව කිසියම් පුද්ගලයෙකු පාර අතුගානවා. ඔහුව පෙන්වමින් ඇමරිකන් කාන්තාවක් තමන්ගේ දරුවාට මෙහෙම කියනවා.

"අර මෝඩ මනුස්සයා දිහා බලන්න. ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාටත් වෙන්නේ ඔය වගේ පාර අතුගාන්න"

නමුත්, සමාජවාදී රටක (පැරණි සෝවියට් දේශයේ) කාන්තාවක් තමන්ගේ දරුවාට මේ පුද්ගලයාව හඳුන්වා දෙන්නේ වෙනත් විදිහකටයි.

"අර සහෝදරයා දිහා බලන්න. ඔහු සමාජයට සේවයක් කරනවා. ඔහුගේ ශ්‍රමය නිසා අපේ සමාජය වඩා ලස්සන වෙනවා"

මේ කාටූනය ඇඳපු පුද්ගලයා ඇමරිකාව ගැන හරියට නොදන්නා බවනම් පැහැදිලියි. පළමුව, ඔය විදිහේ පාර අතුගාන පුද්ගලයින් ඇමරිකාවේ දකින්න නැහැ. දෙවනුව, තමන්ගේ දරුවන්ට ඔය වගේ කතාවක් කියන අම්මෙක් ඇමරිකාවේ හිටියොත් ඒ බොහෝ විට චීනය, ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටකින් සංක්‍රමණය වූ අයෙක්.

ඇමරිකාවේ පාරවල් ඔය විදිහට අතුගාන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. සංක්‍රමණිකයින් බහුල ඇතැම් පැති හැරුණු විට සාමාන්‍යයෙන් මිනිස්සු පාරවල් වල කුණු දමන්නේ නැහැ. එක් එක් වීදියේ කුණු එකතු කරන නිශ්චිත සතියේ දවසක් තිබෙනවා. ඒ දවසට නිවැසියන් තමන්ගේ කුණු බක්කි පාර අයිනෙන් තියනවා. අනෙක් දවස් වලට කුණු බක්කි ප්‍රදර්ශනය කිරීමට අවසරයක් නැහැ. (එයත් ප්‍රදේශයේ නිවැසියන් විසින් තමන්ගේ කැමැත්තෙන් ඇති කරගෙන තිබෙන නියමයක් මිස ආණ්ඩුවෙන් නියම කර තිබෙන දෙයක් නෙමෙයි)

කුණු එකතු කරන ට්‍රක් රථ අදාළ දවසේ නියමිත වෙලාවට එනවා. ප්‍රතිචක්‍රීකරණය කළ යුතු කුණු එකතු කරන්නේ වෙනම රථයකින්. මේ කුණු එකතු කරන ට්‍රක් රථයක රියැදුරා කුණු බක්කිය ඔසොවා රථයට හලා ගන්නේ රියදුරු අසුනේ සිට පාලනය කළ හැකි යාන්ත්‍රික අතකින්. කුණු ටික හලා ගැනීමෙන් පසුව හිස් බක්කිය නැවත නිවස ඉරිදිපිට පාර අයිනෙන් තියන්නෙත් එලෙසමයි. නමුත්, ඇතැම් නිවැසියන් එසේ යාන්ත්‍රික අතින් අල්ලා ගත හැකි සීමාවේ කුණු බක්කිය නොතබන වෙලාවල් තිබෙනවා.ඒ වගේ වෙලාවට, එහෙමත් නැත්නම් වෙනත් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් වැනි විශේෂ යමක් (උදාහරණයක් ලෙස රූපවාහිණී යන්ත්‍ර අසුරනයක්) කුණු බක්කිය සමඟ අපද්‍රව්‍යයක් සේ බැහැර කර ඇති විට රියදුරු සහායකයාට එය ට්‍රක් රථයට දමාගන්න සිදුවෙනවා.

කොහොම වුනත්, ඇමරිකාවේදී මේ කුණු එකතු කරන්නන්ගේ ජීවිත තුන්වන ලෝකයේ රටකදී මෙන් දුක්ඛිත නැහැ. වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සමාජයට සේවය කරන සියල්ලන්ටම තමන් කරන සේවයේ නියම මිල වැටුප් සේ ලැබෙන නිසා ඔවුන් සේවයක් කරන බව අමුතුවෙන් ඇඟිල්ල දිගු කර පෙන්වන්න අවශ්‍ය නැහැ. එසේ කිරීම අවශ්‍ය වන්නේ සමාජයට සේවය කරනවා කියන බොරු ලේබලය අලවා අඩු වැටුපකට මිනිහෙක් කරන්න අකැමැති දෙයක් කරගන්නා අවස්ථා වලදීයි. ඇමරිකන් ආණ්ඩුව ඇතුළු ආණ්ඩු විසින් රණවිරු ලේබලය අලවා තරුණයන් යුද්ධයට යවා කරන්නේත් ඔය වගේ දෙයක්.

මොලිනා හා ශංකර් කියන්නේ නිවුයෝර්ක් නගරයේ කුණු එකතු කරන්නන් දෙන්නෙක්. මොලිනා කුණු ට්‍රක්රථයේ රියැදුරා. ගයනාවේ සිට පැමිණි සංක්‍රමණිකයෙක් වන ශංකර් රියදුරු සහායකයා. උසස්පෙළ අසමතුන් වන මේ දෙන්නාටම මේ වගේ රැකියා තෝරා ගන්න සිදු වී තිබෙන්නේ වඩා හොඳ රැකියාවක් කිරීමට තරම් අධ්‍යාපනයක් ඔවුන් විසින් ලබා නොතිබීම නිසා බව ඇත්තක්. එහෙත්, ඔවුන් වසර දහයක පමණ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් මේ රැකියාවේ නිරතව ඉන්නේ මේ රැකියාවෙන් ඔවුන්ට සැලකිය යුතු තරම් ඉහළ වැටුපක් ලැබෙන නිසයි. මොලිනාගේ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 112,000ක්. ශංකර්ගේ වැටුප ඩොලර් 100,000ක්. රුපියල් වලින්නම් මාසයකට ලක්ෂ 15කට වැඩියි.

හැම කුණු එකතු කරන්නාටම මොලිනාට හා ශංකර්ට තරම් ලොකු වැටුප් නොලැබෙන බව කාට හරි කියන්න පුළුවන්. ඇත්ත. ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත අනුව කුණු එකතු කරන්නෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 36,160ක්. මොලිනාගේ හා ශංකර්ගේ වැටුප් වලට වඩා අඩු වුනත් මාසයකට රුපියල් ලක්ෂ හයකට කිට්ටු වැටුපක්. මේ වැටුප ඇමරිකාවේ හැටියට වුනත් නරකම නැහැ. වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබෙන පාසැලක ගුරු සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 26,260ක් පමණයි.

ඇමරිකාවේදී කුණු එකතු කරන්නෙකු ඔහුගේ හෝ ඇයගේ රැකියාව මත පදනම්ව පහත් කොට සලකන්නේ නැහැ. එසේ වුවත්, කුණු එකතු කිරීම ජනප්‍රිය රැකියාවක් නෙමෙයි.

වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එසේ නැතුව ආණ්ඩුවෙන් වැටුප් තීරණය කරන්නේ නැහැ. කුණු එකතු කිරීම රැකියාවක් ලෙස ජනප්‍රිය නොවන තරමට ඒ රැකියාවට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එවිට ස්වභාවික ලෙසම වැටුප් ඉහළ යනවා. ඇමරිකාවේ කුණු එකතු කරන්නන්ගේ වැටුප් ගුරු සහායකයින්ගේ වැටුප් වලට වඩා ඉහළින් තිබෙන්නේ ඒ නිසයි. ගුරු සහායකයින්ට තමන්ට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති නිසා කුණු එකතු කරන්නන්ට වඩා වැඩි වැටුප් හිමි විය යුතු බව කියමින් වර්ජනය කරන්න බැහැ. එසේ වර්ජනය කළොත් ගුරු සහායකයින් සේ සේවය කරන්න කැමති තවත් අය ඕනෑ තරම් රටේ ඉන්නවා. ධනවාදී රටක කිසියම් පුද්ගලයෙකු යම් රැකියාවක් හරහා සමාජයට කරන සේවය ඔහු හෝ ඇය විසින් ලබන වැටුපට සමානයි. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

දැන් අපි හිතමු අර උඩ කාටුන් එකේ වගේ කුණු එකතු කරන්නන් දිහා ඇමරිකන් සමාජය ගොඩක් නිශේධනාත්මක ලෙස බලන්න පටන් ගත්තා කියා. එහි ප්‍රතිඵලය වන්නේ මේ රැකියාවට තිබෙන ඉල්ලුම තවත් පහළ ගොස් රැකියාව කරන අයගේ වැටුප් තවත් ඉහළ යන එකයි. එවිට, ඒ මිල ගෙවන්න වෙන්නේ කුණු බැහැර කරන්න අවශ්‍ය පාරිභෝගිකයින් වන අපටයි. සල්ලි ගෙවා නරක ආකල්ප නඩත්තු කරන්න කාටවත් අවශ්‍ය නැහැ. ඒ වගේම කුණු එකතු කරන්නන්ගේ වැටුප් ඉහළ යන තරමට මේ කටයුත්ත සඳහා තාක්ෂනය යොදා ගැනීම වඩා ලාභදායක වෙනවා. තාක්ෂනය යොදා ගැනීම වැඩි වන තරමට කුණු එකතු කරන්නන්ගේ රැකියාව වඩා පහසු වී රැකියාවට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. කුණු එකතු කරන ට්‍රක් රථ වලට යාන්ත්‍රික අත් එකතු වී තිබෙන්නේ ඒ විදිහටයි.

මේ සියල්ලම වෙළඳපොළ යාන්ත්‍රණය තුල ස්වභාවිකවම සිදු වන දේවල්. එහෙම නැතුව ඇමරිකාවේ පාලකයින් ලංකාවේ පාලකයින්ට වඩා දක්ෂ සැලසුම්කරුවන් වන නිසා සිදුව ඇති දේවල් නෙමෙයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ දී ආණ්ඩුව ජනජීවිතයට මැදිහත් වීමෙන් ඉවත් වන තරමට රටේ කාගේත් ජනජීවිතය වඩා යහපත් වෙනවා. තමන්ගේ ඔළු වල ටොන් ගණන් කුණු පුරවාගෙන තැන් තැන් වල ඒ කුණු හලමින් යන අය හිතන්නේ වැරැද්ද දැන් ඉන්න හෝ හිටපු පාලකයින්ගේ නිසා ආණ්ඩුවේ ඔළු වෙනස් කර රටක් සුඛිත මුදිත කළ හැකි බවයි. අනෙක් අයට කරදරයක් නොවන තාක්, කුණු ඔළුවේ පුරවාගෙන ජීවත් වෙන්න කැමති අයගේ ඒ අයිතියටත් අප ගරු කරනවා.

19 comments:

  1. //තමන්ගේ ඔළුවල ටොන් ගණන් කුණු පුරවාගෙන තැන් තැන් වල ඒ කුණු හලමින් යන අය හිතන්නේ වැරැද්ද දැන් ඉන්න හෝ හිටපු පාලකයින්ගේ නිසා ආණ්ඩුවේ ඔළු වෙනස් කර රටක් සුඛිත මුදිත කළ හැකි බවයි.//
    හරියට ඉස්සෝ වගෙ!

    ReplyDelete
  2. //වත්පොත හරහා ප්‍රචාරය කරන කාටූනයක්. මෙය පකිස්ථානය හෝ ඉන්දුනීසියාව වැනි රටක ජීවත් වන අයෙකුගේ පරිකල්පනයක් වෙන්න පුළුවන්.// එතන තියෙන්නේ චීනයේ නෙවෙයි පැරණි සෝවියට් දේශයේ කොඩිය, කොම්රඩ්ලාත්, රෙඩ්හෙඩ්ලාත් හිටියේ එහේ.

    ReplyDelete
    Replies
    1. ඔවුනේ. තරු සෙට් එක නෙමෙයි කොමියුනිස්ට් ලාංචනයනේ තියෙන්නේ. ලිපියේ අදාළ තැන් පොඩ්ඩක් වෙනස් කළා. බොහොම ස්තුතියි, ඇණයා.

      Delete
  3. ප්‍රන්සයේ පැරිස් නගරයේ මම දුටු දෙයක් නම් ආසියානු අප්‍රිකානු සංක්‍රමණිකයින් වසන ප්‍රදේශ වල තැන් තැන් වල කුණු දමා තිබේ

    ReplyDelete
    Replies
    1. ප්‍රංශයේ හැමතැනම පිරිසිදු නැහැ වුණත් පොදුවේ නම් ප්‍රංශයේ මිනිස්සු පාරවල් වලට , රේල් පාරවල් වලට කසල දමන්නේ නැහැ . කසල බැහැර කරන ස්ථානවල නියමිත විදියට තියෙන කසල භාජන වලට තමයි කසල දමන්නේ.

      ඔබ ප්‍රන්සෙ ගැන විවේචනය කලාට උතුරු ඇමෙරිකාවෙ ඔයිට අන්තයි. දැන් බලන්න කැනඩාවේ ප්‍රධාන කතෝලික දේවස්ථානයක පූජාව අතර පියතුමාට පිහි පහරක් එල්ල කළ පුද්ගලයෙකු ගැන පුවතක් ගැන වාර්තා වුණා ලඟදි;

      කැනඩාවේ මොන්ත්‍රියාල් ( Montréal - මොන්ට්‍රියෙල්) නුවර පැරණිතම හා ප්‍රධාන දේවස්ථානය හැටියට සැලකෙන ශාන්ත ජෝෂප් දේවස්තානයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ සිකුරාදා දේව මෙහෙය අතරතුරයි. මෙම දේව මෙහෙය සජීවී ලෙස විකාශය වූවක් වන අතර මේ නිසා අදාළ පිහි ඇණුම් සිද්ධිය බොහෝ පිරිසකට කම්පනය ඇති කරමින් දර්ශනය වී තියෙනවලු. (සන්ත මරී තුමියගේ නමින් එදා නම්වුන මරී-නුවර Ville-Marie නැත්නම් අද මොන්ත්‍රහියාල් නමින් හැඳිවෙන නුවර සිදුවූ මේ සිතුවීම අතිශය දුක්ඛිතයි.)

      දේව මෙහෙය අතරතුර එක්වරම ඉදිරියට එන පුද්ගලයා පියතුමන් වෙත යොමුව ලුහුබඳින අතර පියතුමන් ඔහුගෙන් ගැලවීමට පසෙකට දිවයද්දී ඔහු පිහියෙන් අනී.

      කෙසේ වෙතත් පසුව එම පුද්ගලයාව අල්ලාගෙන පොලිසියට භාර දෙන්නට රැස්ව සිටි පිරිස කටයුතු කර තිබේ. ප්‍රහාරය නිසා Rev. Claude Grou නමැති 77 හැවිරිදි පියතුමන් තුවාල වූ අතර රෝහල් ගත කළ හෙතෙම සුවය ලබමින් පසුවේ.

      ප්‍රහාරය සිදු කර ඇත්තේ Vlad Cristian Eremia නමැති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු කවර කරුණක් නිසා මෙම කටයුත්ත කරාදැයි තවම අනාවරණය වී නැත. එම තරුණයා මින් ඉහත 2017 වසරේ අපරාධයක් සම්බන්ධ අත්අඩංගුවට පත්ව පසුව නිදහස්වූ රැකියා විරහිත තරුණයෙකු බව වාර්තා වේ. විශේෂයෙන්ම උතුරු ඇමරිකාව පුරා ඇති උග්‍ර රැකියා හිඟයත් යුරෝපයට සාපේක්ෂව ඉතා දුර්වල සෞඛ්‍ය (මානසික සෞඛ්‍ය ඇතුලුව ) නිසා මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන බව තමයි අපට වාර්තා වුණේ. මේ පියතුමන් ප්‍රන්ස සම්භවයක් ඇති පියතුමෙක්. කොහොම උනත් ක්වීබෙක් මොන්ත්‍රියාල් වැනි පළාත් වලටත් වඩා ඔන්ග්ලේ ජනපදවලින් පැවැතෙන පෙදෙස්වල තත්වය වඩාත් බරපතල බවටද ආරන්චියි. මේ පිලිබඳ ඔබගේ අදහසත් පවසන්න.

      තාක්ෂණයෙන් උසස් තත්වයක පවතින එර්හ්-ආතේපේ (RATP -Régie Autonome des Transports Parisiens පරී නුවර උමං දුම්රිය සේවාව RATP නමින් හඳුන්වන ප‍්‍රංශ රාජ්‍ය ආයතනයෙන් පාලනය වේ. උමං දුම්රිය, ට‍්‍රෑම් සේවාව හා මහජන බස් සේවා ආදි එම ආයතනයෙන් පාලනය වේ) ගමන් සේවය, පරී අගනුවර (පැරිස් නගරය) හා තදාසන්න නගරවල ජනතාවට අති විශාල සේවයක් කරයි. උමං මෙන්ම, පොළොව මත දිවෙන මෙම දුම්රිය සැමවිටම මගීන්ගෙන් පිරී තිබේ. පරී නුවර (පැරීසියේ) උමං දුම්රිය සේවය යුරෝපයේ දෙවැනි හොඳම දුම්රිය සේවාව ලෙස සැළකේන අතරම පරි නගරය කේන්ද්‍ර කොට ලක්ෂ 40ක් පමණ ජනතාව දිනකට පොළොව යටින් ගමන් කරති. ඒ සඳහා සැකසු පරී උමං දුම්රිය පද්ධතිය හා ඉන් පිටත කිලෝමීටර් 245 ක වපසරියකට අයත්. එක් එක් ගමනාන්ත දෙකක් අතර ධාවනය වන එකිනෙකට වෙනස් දුම්රිය සේවා 16ක් පරි වල තියෙනව වගෙම උමං දුම්රිය ස්ථාන 300 ක්, දුම්රිය මංසන්ධි 62කි. උදේ හා සවස විනාඩි දෙකකට වරක් දුම්රියක් ධාවනය වෙයි. අලුයම පහට ඇරඹෙන සේවාව පසුදා අලුයම දෙකට අවසන්වේ. .

      ආරක්ෂාව,වේගය, සැප පහසුව, කාලය ආදී කරුණු වලින් නවීන තාක්ෂණය සහිත RATP ලෝක ගමනා ගමනයේ නමක් දිනා සිටියි. එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඩුබායි, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, හොංකොං, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, ඇමෙරිකාව, ඇල්ජීරියාව, මොරොක්කෝව ආදි රටවල දුම්රිය සේවා ආර්ඒටීපි ආයතනය විසින් ස්ථාපිත කොට ඇති අතර

      ලංකා රජයට RATP හදුන්වල දෙන්නේ ප්‍රංසයේ පදිංචි දමිත් දී සිල්වා සහ පීත්ර් සෙනවිරත්න නමැති පුද්ගලයන් දෙදෙනා, මේ කොම්පැනිය හොඳ දක්ෂ ලෝක ප්‍රසිද්ද කොම්පැනියක් මෙවැනි දේවල් තැනීමට. මෙයට සම්බන්ද මිනිස්සු කීප වතාවක් මීට පෙර මෙහි සඳහන් පුද්ගලයන් දෙදෙනා රැගෙන ඇවිත් තියනවා. අපේ ලංකා ආණ්ඩුව කියන "පාණ්ඩුව" මේ වැඩේට බැහැල තියෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ඕනේ කමට. ලංකාවට තිබෙන ලැදී කමට. අපේ ලංකා ආණ්ඩුවේ අය බුදි.

      Delete
  4. නිදිගෙ පංච තන්තරේ/ ඉකොනොමැට්ටා,

    අනේ කියනවා කියලා ඔහොමත් කියනවා ද? පවු නේ

    "මේ “අඩු නපුර” පිලිබඳ සූත්‍රය ඒ හෝ මේ 'ධනපති' පක්ෂයට බලයට පත් වීමට සහය දැක්වීමට ජවිපෙ යොදාගන්නා සාම්ප්‍රදායික සූත්‍රයයි. නමුත් සෑම අවස්ථාවකදීම 'කම්කරුවන් හා පීඩිතයින්' ඉන් දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙයි.

    කොලඹ පැවති රැස්වීමකදී අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් “ජනාධිපති ධුරයේ සිටි සියලුම දෙනා” ආඥාදායකයින්, හොරුන් සහ අපරාධ වලට සහය දෙන්නන් බවට අවසානයේ දී පත්වූ බව කීවේය.

    ජවිපෙ සාමාන්‍යයෙන් සිතන්නේ ජනතාව අමතකවීමේ රෝගයෙන් පෙලෙන බවයි. එනිසා ජවිපෙ නායකයන් මෙම ජනාධිපතිවරුන්ගෙන් බහුතරයකට බලයට පත් වීමට තමන් සහය දැක්වීම සම්බන්ධයෙන් වචනයකුදු කතා නොකර ඇඟ බේරාගනී.

    1994 දී ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව මත ජවිපෙ සිය අපේක්ෂකයා ඉවත් කරගනිමින් ඇගේ පොදු ජන පෙරමුනට සහය දුනි. 2001 දි මෙම පක්ෂය කුමාරතුංගගේ සුලුතර ආන්ඩුව ගෙනයාමට සහය දුන්නේය. 2004 දී වික්‍රමසිංහ නෙරපා හැරීමට කුමාරතුංගට පිටු බලය දුන් ජවිපෙ ඇය සමග සන්ධානයකට එලැඹී මැතිවරනයට තරඟකොට අමාත්‍ය ධුර සතරක් ලබාගනිමින් ඇගේ පාලනයට ද හවුල් විය.

    2005 දී දූෂිත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ද ඊනියා එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් වර්ගවාදී යුද්ධය යලි ඇරඹීමට විධායක බලතල පාවිච්චි කිරීමට ද මෙම පක්ෂයේ ඍජු සහය ලැබුනි. 2010 ජනාධිපතිවරනයේදී එජාපය සමග ජවිපෙ පෙල ගැසුනේ යුද්ධය ජයගත් ජනරාල් සරත් ෆොන්සේකා ට සහයෝගය දීමටයි.

    ජවිපෙ 2015 දී “රාජපක්ෂගේ ඒකාධිපතිත්වය” පරාජය කිරීමේ නාමයෙන් සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ පෙරමුනේම ක්‍රියා කලේය. තවත් පුවත්පත් සාකච්ඡාවක දී දිසානායක මෙසේ පැවසුවේය: “අප කැමති වුවත් නැතත් යථාර්තයේදී රාජපක්ෂව පරාජය කිරීමට හැකියාව පැවතුනේ එජාපය ප්‍රමුඛ සන්ධානයකට පමනයි”. ජවිපෙ එලෙස පෙල ගැසුනේ රාජපක්ෂ චීනය සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට විරුද්ධව වොශින්ටනය මැදිහත්වී සිරිසේන බලයට ගෙන එමින් සිදුකල තන්ත්‍ර මාරුව සමගයි.

    ජවිපෙහි “කාලයේ ප්‍රමුඛතාවයන්ට” අනුව හා “ප්‍රායෝගික ප්‍රවිෂ්ටයට අනුව” යන සූත්‍ර අධම උපාමාරු විය. මෙම ජනාධිපතිවරුන් අපකීර්තියට පත් වූ සෑම විටම ජවිපෙ වහාම ඔවුන්ගෙන් දුරස් වීමට ක්‍රියා කලේය."

    https://www.wsws.org/sinhala/2019/2019jan/slvp-02j.html

    කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව ධනපති පක්ශ වලට ගැට ගහන්න ජවිපෙ ක්‍රියා කලාපයට අයත්. ලංකාවෙ පාලක පන්තිය වැටිලා ඉන්න අර්බුදය මැද්දැවෙ උන් ඕනම ධනපති පක්ශයක් එක්ක උපාමාරුවක් දාලා ධනපති ක්‍රමය පවත්වා ගෙනයන්න සූදානම් බවයි උන්ගෙ වැඩ වලින් පෙන්නන්නේ

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා ජවිපෙට බොරු මඩ අවලාද රැසක් ගසා ඇති නිසා ජවිපෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන අපි පොඩ්ඩක් හදාරමු. අපි මුලින්ම අවු 42ක් ඉස්සරහට ගියාම එජාපය 1978 වසාතිබූ ලක් ආර්ථිකය සෑහෙන විවෘත කලත් ඒක හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණ ප්‍රධාන හේතුව අපේ රටේ රාජ්‍යය සුභසාධන රාජ්‍යයක් විදියට දීර්ඝකාලීනව හැඩගැසී තිබීම නිසා රාජ්‍යය එකවර කණපිට හරවන්න බැරිව අසූවේ වැඩ වර්ජනය, අසූඅට අසූනවයේ කැරලි නිසා ආර්ථිකය ආපස්සට තල්ලු වුණා. එජාප රජය් දැන් කියන්නේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ කළ ගාමක ගමන වේගවත් කිරීම අපේක්ෂා කරනවා කියලා. ඉතා පැහැදිලියි 2019 විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ගියර් එක මාරුකරලා ඉස්සහරට යන්න අයවැයක් ගෙනාව කියල්. ජනතාවගෙන් අපට අහන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකයේ මෙවැනි ලිහිල්කරණයක් කරන්න ආණ්ඩුවට ජනවරමක් තියෙනවාද කියලා. මෙයාලා ආවේ විධායක ජනාධිපති ක්‍රමය දැන් අපි පිළිගන්නේ නැහැ, විවෘත ආර්ථිකයේ පීඩාව දැන් අපට දැනිලා තියෙනවා? පෞද්ගලීකරණය පිළිගන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියලා ජනතාවගෙන් ඡන්දය අරන් ජනතාව සත පහකට මායිම් නොකොට ආඅර්ථික ඝාතක ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අයවැය හදනවා.

    දැන් අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ මොකක්ද? (මාපියන්, ශිෂ්‍යයන් සයිටම් එක අහෝසි කරන්නට කළ කැපකිරීම් සාර්ථක වෙමින් සයිටම් ආයතනය අහෝසි කලත් එම නීච ප්‍රතිපත්තිය වෙනස්වෙලා නැහැ.) සයිටම් අහෝසි කරන්න මේ තරම් කැපකිරීමක් කරන්න වුණා නම් ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ආණ්ඩුවම ගෙදර යවන්න එපැයි, වෙන උත්තරයක් නෑ.

    ඔබ දන්නවා ඇති පෞද්ගලික අංශය සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රවලට මැදිහත්වීමෙන් ඉන්දියාවේ විශාල ගැටලු ඇතිවෙලා තියෙන බව මේ දිනවල ඉන්දීය සමාජයේ ඇතිවෙන සංවාද දෙස බැලුවාම පෙනෙනවා. ජවිපෙ ඒකට එකඟ නැත්තේ ඒකයි. වඩාත් පැහැදිලි කරගැනීමට අනෙක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ප්‍රවාහනයෙන් උදාහරණයක් ගමු. 1977-83 කාලෙ රජයේ බස් සේවය අන්ත දූෂිතයි, නාස්තිකාරයි කියලා තමයි පෞද්ගලික බස් සේවය පටන්ගත්තේ. පටන්ගන්නකොට මේවා හරිම සුන්දරයි. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? රජයේ බස් එක තමයි රෑ දොළහට එකොළහට තියෙන්නෙ. ප්‍රයිවෙට් බස් ගැන පැමිණිලි හැමදාම. අපිත් ටියුෂන් හරහා පෞද්ගලික අධ්‍යාපනය ලැබුවා වුණත් එදා 1980 රු. 20.00 ටියුෂන් පන්තියට ගෙව්වේ. දැන් මිල 3,000.00 -5,000.00 - -10,000.00. ඒවාට වියදම් නොකර ළමයෙක්ට විභාගය සමත්වෙන්න බැහැ ඉස්කෝල සියල්ල නාමමාත්‍රිකයි. ලන්කාවෙ සෞඛ්‍ය සේවය ගත්තත් චැනලින් පටන්ගත්තාම පට්ට. ඉස්සර ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තාම වෛද්‍යවරයා නොමිලේ රෝගියාව බලලා, සමහරවිට ගෙදර ඇවිල්ලත් බලලා යනවා. අද දොස්තරගේ මූණ බලන්න විතරක් 1,500 - 2,000 යි. ඉන්පස්සෙ වෙනම බිලක් දුන්නාම රු. 3,000කට වැඩිය බෙහෙත් ෆාමසියෙන් ගන්න ඕන, සුළු පිරිසක් මේකෙන් පවතිනවා. අතිබහුතරය පීඩාවට පත්වෙනවා.

    දැන් බලන්න රජයෙන් නොමිලේ ලබාදෙන ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය ආශ්‍රිත සේවා වැඩිදියුණු කරන්න වියදම් කරන්නේ අඩුවෙන් නේද? සීයට තුනක් සෞඛ්‍යයට සහ සීයට හයක් අධ්‍යාපනයට වෙන් කරන්න මුලින් පොරොන්දු වෙලා හිටියා නේද?

    වත්මන් එජාපය විසින් මෙහෙයවන මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව නාස්තිය, දූෂණයටයි මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව තියෙන්නෙ. කෝප් කමිටුවේ සභාපතිහඳුන්නෙත්ති සහෝදරය කොච්චරක් හෙලිකලාද රාජ්‍ය ව්‍යාපාරවල තියෙන හොරකම්, නාස්තිය, අකාර්යක්ෂමතාව නතර කළොත් මේ රට දුවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විශාලම ප්‍රශ්නය රටේ ආර්ථිකයේ විශාල පංගුවක් මෙහෙයවන්නේ ආයතන කිහිපයක්. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය, ජල සම්පාදනය, මහාමාර්ග කියන ක්ෂේත්‍ර පහ හරියට හැදුවොත් මේ රටේ ආදායම් දියුණු කරන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රවල නිලධාරීන් තමන් කැමති විදියට පඩි වැඩි කරගන්නවා. සමහර ආයතනවල ඉන්නවා ඇමතිවරුන්ට වඩා පඩි ගන්න නිලධාරීන්. ජවිපෙ රාජ්‍ය ආයතන අසූවක විතර කෝප් වාර්තා පහක් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. ඒ ඔක්කොගේම තියෙන්නේ මේ තත්ත්වය. මේවාට මොකද කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශයෙන් ඇහුවාම අපට කරන්න කිසි දෙයක් නැහැයි කියනවා. ඒ කියන්නේ කිසිම නියාමනයක් නෑ. මෙහෙයවීමක් නෑ. ඉතින් අයාලේ යන රටක් මෙහෙම තිබීම ගැන සතුටුවෙන්න ඕන, යන යන පැත්තට යනවා.

      ලිබරල් / ධනවාදීන් කියනවා සියල්ල රජය විසින් මෙහෙයවන්න යෑම හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ විශේෂයෙන් රජය නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදලින් නිසා මේ වාමාංශික ප්‍රතිපත්ති යල් පැන ගිය ඒවා කියලා.

      නමුත් ජවිපෙ අපි සියල්ල රජය විසින් කරන්න කියලා කියන්නේ නැහැ. රජය කරන්න ඕනෑ මෙහෙවීමයි. සමහර ව්‍යාපාර රජය පවත්වාගෙන යන්න ඕනෑ නෑ. පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශය වුණත් ඒක ජනතාවාදී ලෙස නියාමනය කිරීම රජයේ කාර්ය භාරයක්. (ඔය දැන් ඊනියා පෞද්ගලීකරණයේ උපරිමයේ තියෙනවායැයි කියන රටවලත් ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයක් තියෙනවා.) උදාහරණයක් කිව්වොත් ගෝල්ෆේස් හෝටලය, ක්වීන්ස් හෝටලය පටන්ගත්තේ රජයෙන්. රජය එකල ඒවා කිරීම නිවැරදි වෙන්නේ එකල මේ වගේ ආයෝජන කරන්න තරම් ශක්තිමත් පෞද්ගලික අංශයක් නොතිබුණු හින්දා. හැබැයි අද රජය හෝටල් පටන්ගන්න ඕනෑ නෑ. අද හෝටල් කර්මාන්තයට ආයෝජනය කරන්න ශක්තිමත් ආයෝජකයෝ ඉන්නවා. අද කරන්න ඕනෑ නියාමනයක්.

      ඉදිරියේ අපේ ජවිපෙ ආණ්ඩුවක් ආවාමත් ඉස්කෝල ටික, රෝහල් ටික, හෝටල් ටික, කඩසාප්පු වගේ ඔක්කෝම රජයෙන් පවත්වාගෙන යන්නේ නෑ. ඔක්කෝම රජය කරන්න ඕනෑ කියන එක යල්පැන ගිය අදහසක්. හැබැයි සිද්ධවෙන්නේ මොකක්ද කියලා රජය දැනගෙන ඉන්න ඕනෑ. චීනය, වියට්නාමය ගත්තත් සිදුවෙන්නේ ඒක.

      දැන් බලන්න අද චීනය විවෘත ආර්ථිකයට ගිහිල්ලා කියලා සම-හරක් කියනවා, ඒක පට්ටපල් බොරුවක්. ඉඩම් ලබාදීම, ව්‍යාපාරවලට නීතිරීති පැනවීම, බදු තීරණය කිරීම, ව්‍යාපාර ධනපති ක්‍රමය දක්වා ගමන් කිරීම වළක්වමින් ඒවා මෙහෙයවීම කරන්නේ රජය. හැබැයි ජාතික ආරක්ෂාව, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය කියන සේවාවන් අනිවාර්යයෙන් රජය යටතේ තියෙන්න ඕනෑ.

      දැනුම මුදල් ඇති අයට මිලට ගන්නත් මුදල් නැති අයට නොගෙන ඉන්නත් කියලා ක්‍රමයක් නෑ. අනවශ්‍ය දේවල් පෞද්ගලික අංශයට දීලා අත්‍යවශ්‍ය දේවල් රජය විසින් කරන්න ඕන කියන එක තමයි ජවිපෙ ප්‍රතිපත්තිය.

      එදා 2015 දී ජවිපෙට කෝප් කමිටුව ලැබීම හැමෝම අගය කළා. වසර 4ක් වෙද්දී ආණ්ඩුව ඇවිත් තියෙන තැන සහ ජවිපෙ අපි ඉදිරිපත් කල අදහස් ගැන හදාරා බලන්න. නමුත් ඇති සීමිත බලතල අනුව කෝප් කමිටුව ජනතා විමුක්ති පෙරමුණ සභාපතිත්වය ගැනීමෙන් වෙන්න පුළුවන් පුංචි වෙනස හොරු හෙළිදරව් කිරීම විතරයි. නිශ්චිතවම එජාප/ සිරිසේන ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා. මේකේ බල සංයුතිය හැදිලා තියෙන විදියට මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඕන.

      1971-88/89 ඉල්මහ විරුවන් සමරන ජවිපෙ එදා විප්ලවය සහ අද විප්ලවය දකින්නේ එහි මාදිලිය (මොඩල්) වෙනස්වෙලා තිබුනත් අරමුණ එකයි කියලා. එදා සමාජය මේ තරම් විකෘති වෙලා තිබුණෙ නෑ. අද ධනවාදීන් විසින් දූෂ්‍ය කරන ලද අධිපරිභෝජනකාරී සමාජයක් ඇතුළේ තරගකාරීත්වය ඇතුළේ මිනිස්සුන්ව හිරකරලා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, වැඩිහිටියන් බලාගැනීම වගේ ප්‍රශ්න ඇතුළේ මිනිස්සුන්ව හෙම්බත් කරලා. දැන් මිනිස්සු සමාජයක් විදියට හිතනවාට වඩා කුටුම්බයක් විදියට හිතන්න අරන්. ඒකෙත් දැන් මිනිස්සු කුටුම්බය ඇතුළේ කාමරවලට වෙන්වෙලා හිතනවා. පුද්ගලයෝ හැටියට.

      1988-89 තිබුණු වෙනස තමයි, ජයග්‍රහණය දුර වුණත් ඔවුන් සමාජයේ පැවැත්ම ගැන හිතුවා. සාමූහික ක්‍රියාවලියක් විදියට හිතුවා. අද දේශපාලනය වුණත් හම්බකරගන්න රස්සාවක් වෙලා. අද සමාජ ක්‍රියාකාරිකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. අපි ඉදිරියේ තියෙන අභියෝගය අද හරි ප්‍රබලයි. ගැටලුවලට එදා දුන්න විසඳුම් වගේම එදා අරගලවලට පාවිච්චි කළ උපක්‍රමත් අදට ගැළපෙන්නේ නෑ. ජවිපෙ නිරන්තර අප්ඩේට් වෙමින් මේ තත්වය ජනතාවාදී ලෙස කලමණාකරනය කරනවා.

      Delete
  6. කතාව ඇමරිකාවට ගැලපෙන්නෙ නැතිවුනාට ඒකේ ඇත්තක් නැත්තෙම නෑ කියලා මට හිතෙනවා.

    හරියට ඉගන ගත්තෙ නැත්නම් කරන්න වෙන්නේ අඩු උගත්කමක් අවශ්‍ය ‍රැකියාවක්.. එවැනි ‍රැකියාවල් හුඟක් ඇඟ වෙහෙසලා කරන්න වෙන, සමාජයේ එතරම් පිළිගැනීමක් නැති ‍රැකියා..

    අම්මලා ගෝනි බිල්ලෝ පෙන්නලා බත් කවනවා වගේ ඒ ‍රැකියා පෙන්නලා ළමයින්ව ඉගෙනීමට යොමුකරවන්න පෙළබවීමක් ඇති කරනවා වෙන්න පුළුවන්..

    අවංකවම කිව්වොත් මමත් පුතාට කියලා තියනවා හරියට ඉගන ගත්තෙ නැත්තන්ම් කුණු අදින්න නෙමේ පොල්කඩන්න වෙයි කියලා..

    හැබැයි අපේ PT සර් කියපු විදිහට දැන්නම් පොල් කඩන්නත් හොඳට ඉගන ගන්න ඕනා.. ඒ කතාව කැමතිනම් පහල ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.. :D

    http://kurundha.blogspot.com/2011/12/blog-post_08.html

    ReplyDelete
  7. ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපණයට ආගමික බලපෑම

    **********

    ඔස්ට්‍රේලියානුව ඉතා වෙගයෙන් ආගමෙන් අත්මිදෙමින් පැවැතියද වර්ථමාණය වන විටද ආගම ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපණයට විශාල බැදීමක් ඇත.

    රටවල් 34 එකතුවෙන් සෑදි ඇති Organization for Economic Cooperation and Dvelopment සංවිධානය අයත් රටවල් අතරින් පාසල් අධ්‍යාපණය සදහා ආගමික බලපෑම වැඩිම රටක් වන්නෙ ඔස්ට්‍රෙලියාවයි

    ඔස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 30% පමණ කිසිදුආගමක් අදහන්නැති පිරිසක් බවටත් දළ වශයෙන් 60% පමණ ආගම අදහණ පිරිසක් බවටත් 2016 ඔස්ට්‍රේලියානු ජන සංගණනයෙන් හදුනා ගෙන ඇත, තවත් 9% ආසන්න පිරිසක් සංඝණනයෙදි ආගම සම්බන්ද මත ප්‍රකාශ කිරීමෙන් වෑලකී ඇත.

    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආගම් තුනක් ඇත, ක්‍රිස්තියානි, කතෝලික සහ ඇන්ග්ලිකන් එම ප්‍රධාන ආගම් තුන වන අතර ඔස්ට්‍රේලියාවේ පාසල් අද්‍යාපණයට විශාල බලපෑම්ක් කරන්නෙ මෙම ආගම් වලට අයත් පල්ලි වලින් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන වලින් පවත්වාගෙන යන පාසල්‍ විසිනි

    #ආගමික_පාසල්

    ඔස්ට්‍රේලියාවේ පාසල් වලින් 30% පමණ ආගමික නිකායන් මගින් පාලණය වන ආගමික පාසල් වන (ඇමරිකාවෙ 10% නෙදර්ලන්තය 60% ස්වීඩනය 2%)අතර එම පාසල් වලින් බොහොමයකට සිසුල් ඇතුලත්කර ගැනීමෙ කොන්දෙසින් ලෙස ආගමික විශ්වාසයන්, පල්ලි යෑම, බෞතිස්ම වීම වැනි කොන්දෙසිඇත. මෙමෙ පාසල් වලින් 94% පමණ පෞද්ගලික පාසල් වන අතර රජයෙ පාසල් වල එක් ආගමක් විශයක් ලෙස ඉගැන්වීම කරන්නෙ නැතත් මෙම ආගමික සංවිධානය වන පාසල් වලට එම රජයේ නීතීන් බලපාන්නෙ නැත

    වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපණ පනතට අනුව " free, secular and compulsory" යන තේමාව යටතෙ අධ්‍යාපණය ලබා දිය යුතුය.

    එනම් " නිදහස්, අනාගමික අනිවාර්ය අධ්‍යාපණයක්" යන්න එහෙ තේමාවයි, ඒ අනුව රජයෙ පාසල් වල ආගම විශයක් ලෙස ඉගැන්වීම සිදු නොවන මුත් ප්‍රාන්ත ආගමික පාසල් පවත්වාගෙන යෑමට සහ ඒම පාසල්වල ඉගන ගැනීමට ආගමික පිලිවෙත් සැපිරිය යුතු වීම එමගින් තහණම් කරන්නෙ නැත. අධ්‍යාපණ පනතේ ආගමෙන් තොරව අධ්‍යාපණය ලබා දිය යුතු උනද 2006 වසරේ වික්ටෝරියානු ප්‍රාන්ථයේ පාසල් වල chapels හෙවත් කුඩා අගම් ඇදහීමෙ කුටි ආකරකුඩා දෙවස්ථන ඉදිකිරිමට සහ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමට රජය ඩොලර් මිලියන 165 වෙන් කර ඇත

    මෙම වැඩ සටහන යටතෙ සතියට පැය භාගයක කාලයක් ක්‍රිස්තියානි ආගමික පූජකයන් හො වෙනත් පිලිගත් ආධ්‍යාත්මික වැඩසටහන් පාසල් වලට ගෙන්වීමට මෙමගින් මුදල් වෙන් කර ඇත,

    //Special Religious Instruction (SRI) — 30-minute weekly lessons on religion funded by the Victorian Government, which in the case of Access Ministries involve accredited volunteers instructing students on Christianity. By law, Victorian government schools must provide SRI where an approved instructor is available and has approached the school.//

    දෙමාපියන් හට තම දරුවන් මෙමෙ ආගමික වැඩ සටහන් වලට සහභාගි නොකර සිටීමට අයිතිය ඇත. නමුත් පාසල හරහා ආගම් ප්‍රචාරය කිරීමට ඔස්ට්‍රේලියානු රාජ්‍ය මැදිහත් වීම ප්‍රභලව සිදු කරමින් සිටී.

    ඔස්ට්‍රේලියාවෙ ඉගනගන්නා සිසුන්ගෙන් 1/3 පමණ ඉගෙන ගන්නෙ පුද්ගලික පාසල් වලය

    //
    More than 1.1 million students (out of a total student population of 3.4 million) attend non-government schools in Australia. More than 90% of these students are in religious schools.//

    මිලියන 3.4 වන සමස්ථ පාසල් සිසින්ගෙන් මිලියන 1.1 පමණ පුද්ගලික පාසල් වල ඉගෙන ගන්න අතර් මෙම මිලියන 1.1 න් 90% පමණ එනම් 0.9 මිලියන් හෙවත් අවම වශයෙන් ලක්ශ තිස් හතරක් වන මුලු පාසල් සිසුන්ගෙන් ලක්ශ 9 වැඩි පිරිසක් අධ්‍යාපණය ලබන්නෙ පූර්ණ ආගමික පාසල් වලය,

    සමස්ථයක් වශයෙන් ගත් කල ඔස්ට්‍රේලියාව යනු පාසල් අධ්‍යාපණය තුල ආගම ප්‍රචාරය කරන්නට නිළ වශයෙන් රාජ්‍ය අනුග්‍රහ ලබන රාජ්‍යයකි.

    Dul Dee
    මූලාශ්‍ර
    1 http://www.abs.gov.au/AUSSTATS/abs@.nsf/mediareleasesbyReleaseDate/7E65A144540551D7CA258148000E2B85

    2

    Researcher Article -
    Religion in Australian schools: an historical and contemporary debate
    Emma Rowe, Deakin University
    August 24, 2017

    3

    https://www.goodschools.com.au/insights/education-updates/religion-in-victorian-government-schools

    4 -
    E book - Jenifer Bakingham
    The religious Schools is Australia

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා,

    ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් එහි ණයබර සම්පූර්ණයෙන්ම ගෙවා, ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි තරම් අවශ්‍ය සම්පත් තිබෙනා බව මා දැනගත්තේ පින්නපොල ගුරු පියානන්ගේ රසායන විද්‍යා උපකාරක පන්තිවලදීය.

    ඒ පුල්මුඩේ ඛණිජ වැලි නිධියයි. මෙම ඛණිජ වැලි නිධියේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000, රූටයිල් – ටොන්– 12,000, සර්කෝන් – ටොන් 10,000ක් හා මොනසයිට් – ටොන් 100ක් පමණ වේ.

    ඉකොනොමැට්ටා,

    එම පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකුණා දැමීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි විය.

    පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නේ අරාබි සමාගමකට ය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වන 'අරාබි' ඇමති රිෂාඩ් බදියුදීන් ය.

    හද සලිත කරවන විහිලුව එය නොවේ. මෙම ලොව හොදම ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කටය.

    ඔව්... ඩොලර් 145 කටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

    ඩොලර් මිලියන ගණනක නිෂ්පාදන කළ හැකි වටිනා ඛණිජ වැලි ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් එහි ණයබර සම්පූර්ණයෙන්ම ගෙවා, ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි තරම් අවශ්‍ය සම්පත් තිබෙනා බව මා දැනගත්තේ පින්නපොල ගුරු පියානන්ගේ රසායන විද්‍යා උපකාරක පන්තිවලදීය.

    ඒ පුල්මුඩේ ඛණිජ වැලි නිධියයි. මෙම ඛණිජ වැලි නිධියේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000, රූටයිල් – ටොන්– 12,000, සර්කෝන් – ටොන් 10,000ක් හා මොනසයිට් – ටොන් 100ක් පමණ වේ.

    ඉකොනොමැට්ටා ,

    එම පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකුණා දැමීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි විය.

    පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නේ අරාබි සමාගමකට ය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වන 'අරාබි' ඇමති රිෂාඩ් බදියුදීන් ය.

    හද සලිත කරවන විහිලුව එය නොවේ. මෙම ලොව හොදම ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කටය.

    ඔව්.. ඩොලර් 145 කටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

    ඩොලර් මිලියන ගණනක නිෂ්පාදන කළ හැකි වටිනා ඛණිජ වැලි ඩොලර් 145කට මිලට ගැනීමට අරාබි ඔටුවන් ජනපති සිරිසේන, අගමැති රනිල්ගේ සිට බදියුදීන් ඔටුවා දක්වා කෝටි ගණනින් අල්ලස් ලබා දෙන්නට ඇත. නිෂ්පාදන නොකළද මෙම ලොව උසස්ම තත්වයේ ඉල්මනයිට් ටොන් 1ක් ඩොලර් 9,000 - 15,000ත් අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක.

    දූෂිත, කුජීත දේශපාලුවන් රටේ සම්පත් වනසද්දි ඒ පිළිබඳව රටේ ජනතාව හාන්කවසියක් දන්නේ නැත.

    එක් පැත්තකින් හම්බන්තොට වරාය චීනය සතු කර ගත්තේය. අනෙක් පසින් මත්තල ඉන්දියාවට විකිණීමට සුදානම් ය. ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට නොමිලයේ ලබා දෙද්දි ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට නොමිලයේ ලබා දුන්නේය.

    චීනය සිංහරාජයේ ගස් කපා දැව චීනයට පටවා ගනියි. අරාබිය නැගෙනහිර ඛනිජ වැලි නිධිය අත්පත් කර ගත්තේය.

    අවසන් අවස්තාවද අපෙන් ගිලිහී ගිය බව දැනෙද්දී උපන් රට පිලිබඳ ඉතිරිව ඇත්තේ කිව නොහැකි තරමේ හද කම්පාකරවන දුකක් පමණි.������

    ReplyDelete
    Replies
    1. නීල්ස් බෝර්March 28, 2019 at 1:53 AM

      ඔබතුමා පින්නපොල සර් කියන හැම දේම අහන්න ගියොත් රසායන විද්‍යාව ඉගෙනගන්න අවස්තාවක් ලැබෙන එකක් නෑ

      Delete
  9. සමාජ පාදඩකරනයට උදාහරණයක්___හයිටිය සහ ශ්‍රී ලංකාව ..
    ========================

    හයිටිය යනු කියුබාව ආසන්නයේ කැරිබියන් මුහුද සහ උතුරු අත්ලාන්තික් සාගරය අහර පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි අතීතය සහ වර්තමානය පිලිබඳව දැනගැනීම අපිට බොහොමයක් වැදගත් වනු ඇත.

    අතීතයේ ඉතාමත් සමෘද්ධිමත් රටක් වූ හයිටිය අද තිබෙන්නේ කොතරම් අවාසනාවන්ත ඉරණමකද?

    මෙහි මිලියන 11 පමන ජනගහනයෙන්
    මිලියන 6 කගේ දිනෙක ආදායම ඩොලර් 2.4
    මිලියන 2.5 කගේ ආදායම ඩොලර් 1.2 කි...

    ආර්ථික සංවර්ධනය 1.6 කි .. අද ශ්‍රීලංකාවේ 2.6%

    .90%-95% කලු ජාතීන් වෙසෙන මේ රටේ අතීතයේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ,වයසින් වසර සියයක් පමන ආරෝග්‍ය සම්පත සහිත ආරෝහ පරිනාහ දේහධාරී, පෘෂ්ට්මත් සන්ධිපාද සහිතව විසුවෝය. මෙයට අමතරව ඉතාමත් සමෘද්ධිමත් රටක් වුනු මේ රට අද වනවිට දුප්පත්කමින් ,ලෙඩරෝග වලින්, අනෙකුත් සියලු දුර්භික්ෂවලට ලක්ව ඇත.

    ..මේ සියල්ලටම හේතුව වුයේ එරටට ස්වභාවධර්මයේන් උරුමවුනු වටිනා සම්පතක් වුනු ,,ටයිටේනියම්,, නිධියම විය..

    ඇමරිකාව මෙම නිධානය මංකොල්ල කෑමට පිඹුරුපත් සැකසු අතර ,,උඹලට කන්ඩ අපිට කන්ද,, යන මතය ක්‍රමානුකූලව සමාජගත කල අතර එයට එරෙහිව සිටි දේශප්‍රේමී රජය පෙරලා ඇමරිකානු ගැත්තන් බලයට පත් කරන ලදි.

    මේ ක්‍රියාන්විතයේදී ඔවුන් හයිටි වාසීන් නොදැනුවත්වම සිහින ලෝකයේ පොපියන චමත්කාරය විඳිද්දී ඇමෙරිකානු ගුවන්‍ යානා සිය ගණනක් දිවාරෑ හයිටියේ පස් මංකොල්ලයේ යෙදි සීටී .

    මේ ක්‍රියාන්විතයේදී ඇමරිකන් ගැති රජය,

    1.සුරාසැල් දවසේ පැය 14ක් (උදේ 8 සිට රාත්‍රී 10දක්වා) විවෘතව තැබීය.

    2.පාසැල් යැම අනිවාර්ය නීතිය ඉවත් කර නිල ඇදුම ඉවත් කරන ලදී. මෙයින් ලද නිදහසින් උපරීම ප්‍රයොජනය ගත් දරුවන් ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය හොදින් රහ බැලීය..

    3.ළමා අයිතිවාසිකම් ගැන පුලුල් ප්‍රචාර ලබාදුන් අතර එ් හරහා දෙමාපියන් හරහා ගුරුවරුන් සිරගෙට දැක්කීම සහ දඩුවම් කිරීම ඇරඹිණි.

    4.පාසැල් ලමුන්ට ,,ටැබ්,, ලබදිමට කටයුතු කල අතරම අසැබ් දෙවල් නිරතුරුව බැලීමෙ පහසුකම් සැලසිනි මේ සදහා free wifi සෑහෙන මෙහෙයක් ඉටුකරන ලදී.
    මේ සියල්ල හරහා අතරමං වුනු ලමුන් සහ යෞවනෝදයෙන් පෙලෙන්නන් මග දෙපස ලිංගිකත්වය ප්‍රසිද්ධියේ අත්විඳින ආකාරය ආගන්තුක වන්නේ විදේශිකයන් හට පමණි.

    5.සාම්ප්‍රදායික ආහාර වෙනුවට කෘතීම ආහාර සුලබ කෙරිණ.

    මේ සියල්ල හරහා තරබාරු බවට පත් වැසියන් දියවැඩියාව ,අධික රුධිර පීඩනය,හෘදයාබාධ ,අස්ථි රෝග,පිලිකා හරහා රෝගීන් බවට පත්විනි ...

    අද වනවිට එරට වැසියන්ගෙන් 90% පමණ එඩ්ස් රෝගීන් බවට පත්ව ඇත.
    ආයු කාලය 45-50 දක්වා අඩුවී ඇත .
    මේ කිසිවක් පිලිබඳව සිතන්නටවත් හැකියාවක් ,අවශ්‍යතාවක් නොමැති වැසියන් කති,බොති ,චමත්කාරය අපූරුයි කියා මත්වී සිටිති...

    ඇමරිකාව ටයිටේනියම් හොරකම කිසිදු බාධාවක් නොමැතිව දිවාරෑ කරගෙන යති..

    .......... .....................සිතන්න මේ ලියා තිබෙන්නේ හයිටිය ගැන මිස ශ්‍රීලංකාව ගැන නොවේ ...

    මොනව හරි හැඟුනද ? දැනුනද ?

    ReplyDelete
    Replies
    1. හයිටියේ ඉතිහාසය හෝ වර්තමාන තත්ත්වය ගැන කිසිඳු අවබෝධයක් නැති සාම්ප්‍රදායික ෆැන්ටසියේ ජීවත්වන අවාසනාවන්ත පුද්ගලයෙක් විසින් ලියන ලද හිස් ප්‍රලාපයකි මෙය -

      Delete
    2. Ano kiyana eka hariyata hari......
      ano boru kiyannwa nam oya aththa liyanna.........

      Ano oba 100%k hari.......!!! ela.......!!!

      Delete
    3. හයිටිය සමෘද්ධිමත් රටක් ලෙස පැවතියේ කවදාදැයි පැවසිය හැකිද?
      දන්නෙ නැති දේවල් නොකියා සිටීම වඩාත් උචිතයි - තමන් කියන දේ වගකීමක් ගැනීමට ඇනෝ ලෙස නොව නියම නමින් එන්න - කිසිම විවාදාත්මක බවක් නැති මෙවැනි කොමෙන්ටුවක් දැමීමට පවා ඇනෝ එන්නේ තමන් කියන දෑවල වගකීමක් ගන්න බැරි වූ විට

      Delete
  10. ඉකොනො

    ඔබ සංඛ්‍යාත්මක විශ්ලේෂණයන් ප්‍රිය කරන බව පෙනෙන නිසා අලුත් මාතෘකාවක් ලබා දෙන්න කැමතියි.
    පහතින් දැක්වෙන්න ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම සඳහා උතුරු නැගෙනහිර දෙපළාතේ ඡන්දදායකන්ගේ බලපෑම සම්බන්ධයෙන් චරිත හේරත් ලංකාදීපයට ලියූ ලිපියක් - සරලව ඔහුගේ තර්කය උතුරු නැගෙනහිර වැඩි ඡන්ද ලැබීම ජනාධිපතිවරණය ජය ගැනීමට අනිවාර්ය කොන්දේසියක් ‍නොවන බවත් වැඩිම බලපෑමක් ඇති කරන්නේ ‍කොළඹ, ගම්පහ සහ කුරුණෑගල වල ඡන්ද සංඛ්‍යාවේ දෝලනය බවත් - මේ පහත ලිපිය කියවා බලා කැමති නම් ඔබේ අදහසත් පෝස්ට් එකක් තුළින් ඉදිරිපත් කරන්න

    http://www.lankadeepa.lk/thursday_thunder/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E2%80%8B%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2-%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8/121-547956

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන්,

      ඇත්තටම ඉකොනොමැට්ටා ඔය ගැන දිග පෝස්ට් එකක් ලියයි, ඒකේ සමරිය ගත්තොත් 'ඊලඟ ජනාදිපතිවරනයේදී රනිල්ට 80% ක චන්ද ප්‍රතිශතයක් සහ 2020 මහ මැතිවරනයේදී 5/6 ක ජන වරමකුත් ඒකාන්තයෙන්ම ලැබෙන අතර ඉතුරු ආසන 37, 17+20 ක් ලෙස පිරිසිදු බුද්දිමත් SLMC සහ දෙ.ජා.සං. අතර බෙදී යනු ඇත' වගේ වෙන්න පුළුවන්...!

      Delete
  11. It’s very promising when we hear wise words from this educated bunch regarding our country. However we should understand that not more than 30% of the population read such information. Not even this 30% are neutral. At least 15% people have their blood line parties. So your message will be absorbed by only 15%. But sad story is these people can’t control the government. That’ll be handled by bunch of crooks organized around corrupted politicos just for a 100ml liquor and a lunch packet ��

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...