මේ වන විට ජාත්‍යන්තර මිනිස් අවයව වෙළඳාම ගෝලීය ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ ලිපිය පදනම් වන්නේ මේ හා අදාළව යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් මෑතකදී සිදුකළ අධ්‍යයනයක් ඇසුරිණි. මේ විෂය හා අදාළව පසුගිය දශකයක පමණ කාලය තුළ පළවුණු අධ්‍යයන වාර්තා රැසක්ම මේ ලේඛකයා විසින් කියවා ඇති අතර ඒ සියළුම වාර්තා වල පාහේ ඇති වැදගත් කරුණු ඉහත වාර්තාවේ සංක්ෂිප්තව සටහන්ව ඇත.
මේ සහස්‍රයේ ඇරඹුම ආසන්නය දක්වා ලෝක අවයව ජාවාරම, විශේෂයෙන්ම නීතිවිරෝධී වකුගඩු වෙළඳාම, ඉන්දියානු උපමහාද්වීපය සහ අග්නිදිග ආසියාව ආශ්‍රිතව කේන්ද්‍රගත වී තිබුණේය. වකුගඩු මිලදී ගත්තේ ප්‍රධාන වශයෙන්ම මැදපෙරදිග, ජපානයේ සහ අනෙකුත් ආසියාතික රටවල වැසියන්ය. කෙසේවුවද පසුගිය වසර පහළොව තුළ මේ ක්‍රියාවලිය ලෝකය පුරාම පැතිරුණේය. එයට ප්‍රධාන ලෙසම මුල් වූයේ රුසියාව සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් කේන්ද්‍ර කරගනිමින් අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ ඊශ්‍රායෙල් වෛද්‍ය වෘත්තිකයින් හා රෝගීන්ය. පසුගිය වසර කිහිපය තුළ නැගෙනහිර යුරෝපය, පිලිපීනය සහ ඉන්දියානු උපමහාද්වීපය තුළ අවයව වෙළඳාම හා අදාල නීතිරීති දැඩිවීම හේතුවෙන් මේ ජාවාරම මේ වන විට දකුණු ඇමරිකාව, උතුරු අප්‍රිකාව සහ ආර්ථික හා දේශපාලන වශයෙන් අස්ථාවර වෙනත් රටවල් ආශ්‍රිතව කේන්ද්‍රගත වී තිබේ.
මේ වන විට ලෝකය පුරා වසරකට අවයව බද්ධ කිරීමේ සැත්කම් 115,000ක් පමණ සිදුවුවද, මේ ප්‍රමාණය එවැනි සැත්කම් සඳහා වන අවශ්‍යතාවයෙන් 15%ක් පමණි. 2012 වසරේදී, රටවල් 109ක සිදු කෙරුණු එවැනි සැත්කම් වලින් 70%ක් පමණම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්ය. 2010-2012 කාලය තුළදී අවයව ඉවත් කරගැනීම පිණිස පුද්ගලයින්ව රැගෙන එනු ලැබූ අවස්ථාවන් 50ක් පමණ යුරෝපයෙන් සහ මධ්‍යම ආසියාවෙන් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව වසරක් තුළ සිදුවන වකුගඩු ප්‍රදානය කිරීම් වලින් 5000-7000 පමණ සිදුවන්නේ මුදල් පදනමකිනි. පහත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළට වකුගඩු සපයන රටවල්ය. ලංකාවද මේ රටවල් අතරින් එකකි. වකුගඩු මිලදී ගන්නා රටවල් නිල් පැහැයෙන් ලකුණු කර තිබේ.
පිළිගත හැකි පොලිස් වාර්තා අනුව, රටවල් කිහිපයකදී වකුගඩුවක් විකිණීමෙන් දායකයකු ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණ මෙසේය.
ඉන්දියාව: ඩොලර් 1,400
පිලිපීනය: ඩොලර් 2,300-6,300
බංග්ලා දේශය: ඩොලර් 1,400
කොලොම්බියාව: ඩොලර් 1,700
බ්‍රසීලය: ඩොලර් 3,000
රුමේනියාව: ඩොලර් 6,000
මෝල්දෝවා: ඩොලර් 2,500-3000
ඊශ්‍රායාලය: ඩොලර් 10,000-20,000
තුර්කිය: ඩොලර් 10,000-20,000
විවිධ රටවල වැසියන් විසින් වකුගඩුවක් වෙනුවෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණ මෙසේය.
පකිස්ථානය: ඩොලර් 7,300
ජර්මනිය: ඩොලර් 108,000
කොරියාව: ඩොලර් 42,000
ඇමරිකාව: ඩොලර් 120,000-160,000
ඊශ්‍රායාලය: ඩොලර් 100,000-120,000
තුර්කිය: ඩොලර් 20,000-40,000
මේ අනුව, වකුගඩුවක් මිලදී ගැනීම සඳහා යමෙකු ගෙවන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ අතරමැදියන්ට බව පෙනේ. බොහෝවිට, මෙවැනි වකුගඩු බද්ධයක් සිදුවන්නේ තෙවැනි රටකය. පහත රූප සටහනේ දැක්වෙන්නේ වර්තමානයේ ජාත්‍යන්තර වකුගඩු වෙළදාම සම්බන්ධීකරණය වන ආකාරයයි.
Monday, January 25, 2016
ජාත්‍යන්තර මිනිස් අවයව වෙළඳාම
Labels:
ආර්ථික විද්‍යාව,
සංඛ්‍යාලේඛණ,
සෞඛ්‍යය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
Robin Cook ගේ Chromosome 6 කියවන්න....
ReplyDeletehttps://books.google.lk/books?id=bWht3avk5zkC&redir_esc=y
Interesting පොතක් වගේ. වෙලාවක් ලැබුනහම හොයාගෙන කියවන්න ඕනෑ.
Deleteඔය විකුනන අවයව අතරේ ශිෂ්නත් තියේද.
ReplyDeleteඑහෙම උනොත් මගෙ එක ලොකු ගානකට විකුනල දාන්න කියල හිතන් ඉන්නෙ.
ඔය පොඩි එකක් හයි කරගන්නව.
චීන අවන්හල් වල හරකුන්ගේ ශිෂ්න වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.
Deleteපට්ට පට පට. ගොන් ඇනෝ හරකට ටොපට ගැලපෙන උත්තරේ
Deleteශිෂ්නයක් නැවත ගොඩ නඟන ශල්‍ය කර්මයකට වෙන කෙනෙකුගේ ශිෂ්නයක් අවශ්‍ය නැහැ. එය සාපේක්ෂව සරල ක්‍රියාකාරිත්වයක් ඇති අවයවයක්. ඒ වගේම එය ජීවත් වීමට අත්‍යවශ්‍යම අවයවයකුත් නෙමෙයි.
Deletehttp://economatta.blogspot.com/2015/09/blog-post_2.html
බලන් යනකොට වකුගඩුවට තියෙන්නේ පොඩි පහේ මුදල් වටිනාකමක් නෙමේ..
ReplyDeleteආර්ථික විද්‍යාව අනුව හැම දෙයකටම වාගේ මිලක් තියෙනවා කියන එක ජනප්‍රිය අදහසක්නේ. එය ඇත්ත. නමුත්, මේ අදහස සමාජගත වී ඇති ආකාරයේ ඇති වැරැද්ද වන්නේ හැම දෙයක්ම විකිණිය යුතු බවත් එයින් අදහස් වන බව සැලකීමයි. මිල මඟින් කරන්නේ සැසඳීම පහසු කිරීමයි. හැම දෙයම හැම විටම විකිණිය යුතු බව එයින් අදහස් වන්නේ නැහැ. වකුගඩුවක් ඩොලර් 160,000 වැනි විශාල මුදලකට අලෙවිවනවා කියන එකෙන් අදහස් වන්නේ ඔබට උපතින් නිරෝගී වකුගඩුවක් ලැබී ඇත්නම් එය ඔබේ නිවසට හෝ මෝටර් රථයට සාපේක්ෂව සැලකිය යුතු තරම් වටිනා දෙයක් බවයි. එවැනි වටිනා දෙයක් නිකරුණේ විනාශ නොකර ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් මේ මුදල මඟින් ඉඟි කරන අදහසක්.
Deleteබුදු අම්මෝ.. ජිවිත කාලෙටම ඇති හරියට දෙකක් සම්භන්දිකරණය කරලා දුන්නනම්.. මන් ඊයේ පොඩි යෝජනාවක් කළා.. මැරෙන මිනිස්සුන්ගේ තව දුරටත් පාවිච්චි කරන්න සුදුසු තත්වයේ තියෙන අවයව සාධාරණ ගානකට විකුණගන්න ලඟම ඥාතියාට අවසර දුන්නොත් මොකද වෙන්නේ?
ReplyDeleteමැරෙන මිනිස්සුන්ගේ තව දුරටත් පාවිච්චි කරන්න සුදුසු තත්වයේ තියෙන අවයව සාධාරණ ගානකට විකුණගන්න ලඟම ඥාතියාට අවසර දුන්නොත් මොකද වෙන්නේ????? අම්මෝ කල්‍යාණ බයත් හිතෙනවා ; කොහොමද ඥාතියා ICU ඉන්නකොට බෑනලා ලේලිලා රෝගියාගේ අවයව වලට ඇඩ් දානකොට
Deleteඒකට නම් සිරාවටම බය හිතුනා..
Deleteඇඩ් සඳහා පෙනී ඉඳලත් හොඳ ගානක් හොයයි.
Deleteමේ කල්යාන, මම ඊයෙත් කිව්වා, විහිළුනං කරන්න එපා. අර පුලතිසිපුර පුර මනුස්සය අපි දන්න විහිළු තේරුං ගන්න කෙනෙත් නොවෙයිනේ,එයා මෙව්ව සීරියස් ගන්නත් පුළුවනි.
Deleteඔය මස් මාළු වගේ සත්ව ප්‍රෝටීන නොකන, ඇල්කොහොල් ශරීරගත නොවන අයගේ අවයව වල කල් පැවැත්ම වැඩි ඇති නේද?
Deleteමෙයට අදාල හැම කරුණක් ගැනම පුළුල් හැදෑරීමක් නොකර මෙවැනි සංකීර්ණ දෙයක් ගැන අදහසක් පළ කිරීම අමාරුයි. මම හිතන හැටියට ලංකාවේ බොහෝ දෙනෙකුට වගුගඩුවක් බද්ධ කර ගැනීමට ඇති එකම බාධාව වකුගඩු දායකයෙකු නොමැතිකමම නෙමෙයි. වකුගඩු ශල්‍ය කර්මයක් වියදම් අධික කටයුත්තක්. ශල්‍ය කර්මයෙන් පසු වකුගඩුව ශරීරය මඟින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමට දිගටම ශරීරයේ ප්‍රතිශක්තිය අඩුකරන බෙහෙත් ගන්න වෙනවා. එවිට වෙනත් අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති නිසා දිගටම පසු විපරම් කළ යුතුයි. මේ සඳහා මුදල් නැති කෙනෙකුට වකුගඩු දායකයෙකු සිටීනම් රජයේ රෝහලකින් මෙවැනි සැත්කමක් සහ අදාල අනෙකුත් ප්‍රතිකාර කරගැනීමට කොයිතරම් හැකියාවක් ඇත්ද යන කරුණ ගැන මම දන්නේ නැහැ.
Deleteඇණයා, පුලතිසිපුර මනුස්සයට බ්ලොග් කියවනවට වඩා වැදගත් වැඩ තියෙනවලු නේද?
Deleteමිනිස් අවයව ජාවාරම ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කරන්නට හැකිවනු ඇතැයි සිතන්න අමාරුයි. අනාගතයේදී මිනිස් අවයව විද්‍යාගාර තුළ වර්ධනය කිරීමේ තාක්‍ෂණය දියුණු කරගත හැකිනම් විසඳුමක් ලැබෙයි.
ReplyDeleteඔව්, විචාරක. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් යම් මිලකට මිල දී ගැනීමට කැමති අයත්, එය ඒ මිලට හෝ අඩුවෙන් විකිණීමට කැමති අයත් ඉන්නවානම් කවර නීති තිබුණත් වෙළඳපොළක් ඇතිවීම වලක්වන්න අමාරුයි.
Deleteවකුගඩුව දෙන්නාට හිමිවෙන මුදල සහ ලබා ගන්නා ගෙවන ඟුදල ඇති පරතරයෙන් කොටසක්, වකුගඩුව දෙන්නා ගේ අනෙකුත් (ගමන්, ආහාර, රෝහල්, බෙහෙත්, පසු විපරම්) යනාදිය සඳහාත් වැයවෙනවා ඇති.
ReplyDeleteගමන් වියදම් සහ ආහාර වෙනුවෙන් ඇතැම් විට මුදලක් වැය කෙරෙනවා ඇති. බොහෝ අවස්ථාවල සිදුවී ඇත්තේ අවයවය ලබා ගැනීමෙන් පසු නොසලකා හැරීමයි.
Deleteබ්‍රෝකර්ලා නැතුව බිස්නස් එක කරන්න සමාජය දැණුවත් කරන එක තමයි ඔබට මට කරන්න පුළුවන් එකම දේ...
ReplyDeleteනීතිමය බාධා ඇති විට අතරමැදි තැරැව්කරුවෙකු ගන්නේ විශාල අවදානමක්. එවැන්නෙකු එය කරන්නේ මේ අධික ලාභය නිසයි. නීතිමය බාධා ඇති විට දායකයෙකුට සහ ග්‍රාහකයෙකුට කෙළින්ම ගණුදෙනුව කතා කර ගැනීම සාපේක්ෂව අපහසු දෙයක්. වකුගඩුව විකුණා මඟුල් කෑම හොඳ ප්‍රවණතාවයක් කියා මම හිතන්නේ නැහැ. එහෙත්, මොන හේතුවක් නිසා හෝ එසේ කරන අයෙකු සිටීනම් එවැන්නෙකුට (ගස්ලබ්බා කියා ඇති පරිදි) රුපියල් 35,000ක් ලැබෙනවාට වඩා ඩොලර් 100,000ක් ලැබීමෙන් වෙන්නේ යහපතක්.
Deleteවීථිවල ජීවත් වන යාචකයෝ වගේ අය පැහැරගෙන ගිහින් වකුගඩු අරගන්න සිද්දියක් ගැන පත්තරේක ලිපියක් තිබුනා.ඒවා යුරෝපා ජාතික ගැණුම් කරුවන්ට ලොකු ගානකට විකුණනවා.
ReplyDeleteඅවයව ගැනීම සඳහා පුද්ගලයින් පැහැර ගැනීම් (ඉතා විශාල ප්‍රමාණයක් නොවුණත්) වාර්තා වී තිබෙනවා.
Deleteඋඹේ ලිපිය හරිම වටිනවා..... දත්ත වාර්ථා සහිතයි....... අපි හිතුවාටත් වඩා මේ වෙළදපොළ දියුණු වෙලා නේද?????? අැමරිකාවේදී වකුගඩුවක මිල රුපියල් දෙකෝටි තිස්ලක්ෂයක්.......... අම්මපා මැරෙනවා සැපයි....
ReplyDeleteහාර කෝටි හැට ලක්ෂයක් බඩ ඇතුලේ තියාගෙන ජීවත් වෙන එක ඊට වඩා නරක නැද්ද? (කවියත් කියෙව්වා!)
Deleteතැන්කූ තැන්කූ.............
Deleteයකෝ දැන් තමා අැත්තට ම වකුගඩු දෙකක් අැග අැතුලේ තියෙන ඒකේ අවදානම හරියට ම දැනුනේ....... අම්මපා මාර භයානකයි නේද???
හැමදාම එන්න හිතන් හිටියත් අද තමා එන්න පුළුවන් උනේ. ලිපිය කියවලා ඉවර උනාම අනේ අපොයි කියල හිතුනා. වක්කරලා flush කරන චූ ටික හදා ගන්නනේ අප්පා මෙච්චර මේ මැරෙන්නේ.
ReplyDeleteකශල ශෝධක කාර්යය ඉතාම වැදගත් කාර්යයක්. ශරීරයේ කශල ශෝධනය නිසි ලෙස සිදු නොවුණොත් ජීවිතය පවත්වා ගත නොහැකියි.
Deleteතුන් වන ලොව රටවල බහුතරයක් මිනිස් ජාවාරමේ ඇතුල් පැත්ත තමා මේ උස්සන හෝ මරා දමන නැත්තං අතුරුදන් වන අය අවයව ජාවාරමේ ගොදුර වීම. විසේසයෙන් ඉන්දියාවෙ වීදි දරුවන්ට මේ සම්බන්ධව දැඩි අනතුරක් තිබුණ. තාමත්එහෙම්ම ඇති.
ReplyDeleteමෙය තවමත් සිදුවනවා ඇති. එහෙත්, ප්‍රධානම ක්‍රමය සුළු මුදලක් ගෙවා කැමැත්තෙන්ම අවයවයක් ලබා දීමට කැමති කරවා ගැනීමයි.
Deleteඅපි ඒ කාලෙ කියපු " මල්ලි කිඩ්නිය නියම විදිහට පාවිච්චි කලානං ජීවිතේ අවුලක් වෙන්නෙ නෑ " කතාව බලාගෙන යනකොට දැං ඇත්තක් වෙලා...:)
ReplyDelete