මේ ලිපිය පළවන මොහොත වන විට ඉරානය විසින් අරක් න්‍යෂ්ඨික ප්‍රතිකාරකය ගලවා ඉවත් කර අදාළ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා අවසන් විය යුතුය. මේ බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය විසින් තහවුරු කිරීමෙන් පසුව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවසන් කටයුත්තද සිදුව ඇති බැවින් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළට ඇතුළු වීමටත්, ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි විදෙස් බැංකු වල ඇති ඔවුන්ගේ සංචිත ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.
සම්බාධක ඉවත් වුවද ඉරානයට ඇතුළු වීමට ලැබෙන්නේ වසර තුනහමාරකට පෙර ඔවුන්ව ඉවත් කරනු ලැබූ වෙළඳපොළටම නොවේ. ඒ වන විට ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ ලිපිය ලියන මොහොත වන විට (13 බදාදා) ඩොලර් 30 මට්ටමෙන්ද පහතට වැටී ඇත. මෙවැනි අඩු මිලක් අවසාන වරට පැවතියේ 2004 වසරේදීය.
කෙසේ වුවද, ඉරානය පවසන්නේ සම්බාධක ඉවත් කෙරුණු වහාම බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බවයි. ප්රශ්නය ඇත්තේ මේ වැඩි වන නිෂ්පාදනයට සිදුවන්නේ කුමක්ද යන්නයි.
ඉරානය ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළෙන් ඉවත්ව සිටි කාලය තුල ලෝක තෙල් සැපයුම බොහෝ සේ වැඩි විය. මේ වන විට සමස්ත ලෝක තෙල් නිෂ්පාදනය සමස්ත ලෝක තෙල් ඉල්ලුමට වඩා වැඩිය. බොරතෙල් මිල එන්න එන්නම පහළ වැටෙන්නේ මේ නිසාය. මුලින් ඉරානය විසින් තෙල් සැපයූ වෙළඳපොළවල් මේ වන විට වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන හමාරය. මේ නිසා ඉරානය හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ. කෙසේ වුවද, තමන්ගේ පෙර පැවති වෙළඳපොළවල් නැවතත් අල්ලාගත හැකි බව ඉරානයේ විශ්වාසයයි.
ඉරානයට සම්බාධක පනවන විට ලංකාවේ බොරතෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වාගේ සැපයුනේ ඉරානයෙනි. එයට හේතුවක් තිබුණේය. එය තාක්ෂණික හේතුවකි. ලංකාවට ඇත්තේ එකම එක තෙල් පිරිපහදුවකි. සපුගස්කන්දේ ඇති, දිනකට බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි මේ තෙල් පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් පිරිපහදු කිරීමටය.
බොරතෙල් කියා කතාවට කිවුවත් හැම බොරතෙලම සමාන නැත. ඒවායේ සංයුතියේ වෙනස්කම් තිබේ. පිරිපහදු සාදා ඇත්තේ යම් නිශ්චිත සංයුතියක් ඇති බොරතෙල් උපරිම කාර්යක්ෂමතාවයකින් පිරිපහදු කළ හැකි ආකාරයෙනි. එනම්, බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගත හැකි පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි දේවල අනුපාතය වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන අනුපාතය වන ලෙසිනි. එක් බොරතෙල් වර්ගයක් පිරිපහදු කිරීමට සාදා ඇති පිරිපහදුවක් උපයෝගී කරගෙන වෙනත් බොරතෙල් වර්ගයක් පිරිපහදු කළ විට මේ අනුපාත විශාල ලෙස වෙනස් වේ. සමස්තයක් වශයෙන් සිදුවන්නේ ලබාගත හැකි අවසන් නිෂ්පාදන පරිමා විශාල ලෙස අඩුවීමයි.
මෑතකදී ඇමරිකාව විසින් කලක් පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීමටද මේ කරුණ හේතුවිය. ඇමරිකාවේ පිරිපහදු බොහොමයක් සවුදි ආරාබිය ප්‍රධාන මැදපෙරදිග බොරතෙල් පිරිපහදු කිරීමට සීරුමාරු කර ඇත. ඒ නිසා ඇමරිකාවේ නිපදවන ශල්ක තෙල් පිරිපහදු කිරීමට මේවා සුදුසු නැත. ඒ නිසා, ඇමරිකාවේ කොතරම් ශල්ක තෙල් නිපදවූවත් මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම, ඇමරිකාවේ පිරිපහදු කළ නොහැකි අතිරික්ත බොරතෙල් අපනයනය කිරීම අඩු කාර්යක්ෂමතාවක් යටතේ පිරිපහදු කිරීමට වඩා වාසි සහගතය.
ලංකාව විසින් ඉරානයෙන්ම බොරතෙල් ආනයනය කිරීමට දෙවන හේතුවක්ද තිබුණේය. ඒ ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වයයි. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ඇති කරගත් යාන්ත්රණයකි. මුලින්ම, 1974දී මෙය අරඹන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, නේපාලය හා ඉරානය මෙහි සාමාජික රටවල් විය. පසුව, දකුණු ආසියානු කලාපයේ ඉතිරි රටවල් වූ බංග්ලා දේශය, මියන්මාරය, භූතානය සහ මාල දිවයිනද එක් විය.
මේ යාන්ත්‍රනය අනුව, ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් සමඟ ආනයන අපනයන කිරීමේදී වහාම මුදල් ගෙවිය යුතු නැත. ඒවා ගිණුම් වල සටහන් කර ගෙවීම් සහ ලැබීම් එකිනෙක අවලංගු කිරීමෙන් පසුව මාස දෙකකට වරක් ඉතිරිවන ශුද්ධ ශේෂය පමණක් ගෙවීම මේ යටතේ සිදුවේ. ලංකාව හා ඉරානය ගත් විට ලංකාව ඉරානයෙන් විශාල ලෙස තෙල් ගෙන්වූවද, තේ ටිකක් හැරුණු විට අප විසින් ඉරානයට මහ දෙයක් යැවුවේ නැත. මේ නිසා, ප්‍රායෝගිකව මේ යාන්ත්‍රනය නිසා අපට අප ගෙන්වන බොරතෙල් වලට මාස දෙකක් දක්වා කාලයක් යන තුරු මුදල් නොගෙවා සිටීමේ හැකියාව ලැබුණේය.
ඉරානයට සම්බාධක පැනවීමත් සමඟම අපට මේ වාසි දෙකම නැති විය. මුලින්ම මේ සුවිශේෂී තත්ත්වය සලකා අපට තවදුරටත් ඉරානයෙන් තෙල් ගෙන්වීමට ඉඩකඩක් සපයා තිබුණත් පසුව ඒ සහනයද ඉවත් කෙරිණි. ඇත්තටම ඊට පෙරම අපට ඉරානයෙන් තෙල් ප්‍රවාහනයට නැව් සමාගම් අකැමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව, පසුගිය කාලයේදී සවුදි අරාබිය, අබුඩාබි වැනි වෙනත් රටවලින් තෙල් ආනයනය කිරීමට ලංකාවට සිදුවී තිබුණේය. මේ තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගත හැකි 'ඵලදාව' (yield) 20%කින් පමණ අඩු බව සඳහන් වී තිබුණි.
ඉරාන තෙල් නැවත ලැබීම ලංකාවට හොඳ ප්රවෘත්තියකි. අනෙක් අතට, තමන්ගේ පෙර පැවති වෙළඳපොළක් වෙත නැවත ප්‍රතිෂ්ඨ වීමට ලැබීම ඉරානයටද වාසියකි.
මේ අල්ලපනල්ලේ ලංකාව ඉරානය සමඟ තවත් ඩීල් එකක් දාගෙන තිබේ. ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලින් 70%ක් ගෙවන්නට ඉරානය කැමති වී ඇත. පිරිපහදු පහසුකම් පුළුල් කළ පසු දැන් මෙන් දෙගුණයක්, එනම් දිනකට බොරතෙල් බැරල් 100,000ක් දක්වා පිරිපහදු කිරීමට පුළුවන.
පිරිපහදු පහසුකම් පුළුල් කිරීම හොඳ වැඩකි. එහෙත්, ඉරාන සල්ලි වලින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉරාන තෙල්ම පිරිපහදු කළ හැකි අයුරින් මේ පුළුල් කිරීම සිදුකිරීම බව පැහැදිලිය. මෙතැනදීනම් වෙන්නේ බිත්තර සියල්ල එක කූඩයේ දැමීමකි. ඉරාන තෙල් වලටම ලංකාව හිර කර ගැනීම ඉරානයට වාසියකි. 100%ක්ම ඉරාන තෙල් මතම යැපෙන එකම රට ලංකාවයි.
අනෙක් අතට, තර්කානුකුලව බැලූ විට, මේ මුදල් දෙනවා කීවාට ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මේ මුදලට හරියන ප්‍රමාණයට, දිගුකාලීනව මුදල් පියවිය හැකි පරිදි තෙල් ලැබීමයි. මේ අනුව, පැරණි වෙළඳපොළට නැවතත් පහසුවෙන් ඔලුව දමා ගැනීමට හැකි වීමේ වාසියද ඉරානයට ලැබේ. ඉරානය තමන්ට අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් දෙපැත්තකින්ම වැඩේ ගොඩ දාගෙන තිබේ.
ලංකාව මේ වෙලාවේ සිටින තත්ත්වය අනුව මේ තීරණය තේරුම් ගත හැකිය. බිලියන 1.5කින් 70%ක් යනු ඩොලර් බිලියනයකි. රවී කරුණානායක සඳහන් කළ බව පැවසෙන ඩොලර් බිලියනයේ ආයෝජනය ඇතැම් විට මෙය විය හැකිය. මේ වෙලාවේම මේ බිලියනය හැර වෙනත් බිලියන්ද තිබේනම් එය සැබෑවටම අහඹු සිදුවීමකි. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල සෑහෙන කලකට ස්ථාවර කර ගත හැකි මුදලකි.
කෙසේවුවද, රුපියල වැටීම මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නොවේ. එය අත්‍යවශ්‍ය නිවැරදි වීමකි. සැබෑ ප්රශ්නය රුපියල වැටීමට හේතුවන පදනමයි. අපේ ශරීරය වෛරසයක් සමඟ සටන් කරන විට ශරීර උෂ්ණත්වය වැඩි වන්නේ වැඩි උෂ්ණත්වයේදී මේ සටන වඩා කාර්යක්ෂමව සිදුවන නිසාය. ඒ නිසා එවැනි වෙලාවක උණ පොඩ්ඩක් තිබීම අවසාන වශයෙන් හොඳ දෙයකි.
ගෙවුම් ශේෂ ප්රශ්නය හා අදාලව පරණ දොස්තරලා වගේම අලුත් දොස්තරලාත් බෙහෙත් හොයන්නේ රෝග ලක්ෂණ වලට මිස රෝග නිධාන වලට නොවේ. බිලියනයකින් හෝ දෙකකින් මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්නට පුළුවන. එහෙත්, ඉරානයෙන් ණය ගත්තත්, වෙනත් විදේශ ආයෝජකයෙකුගෙන් ගත්තත් අවසානයේදී ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය.
Thursday, January 14, 2016
Wednesday, January 13, 2016
ලංකාවේ ආදායම් විෂමතාවය
සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.
ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.
බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.
මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.
වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.
සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.
රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.
නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.
මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.
රටක ආදායම් විෂමතාවය ප්රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.
මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.
(Image: www.skai.gr)
මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_9.html

Labels:
ආර්ථික විද්‍යාව,
ජනමත සමීක්ෂණ,
දේශපාලනය
Monday, January 11, 2016
සිංදු තුනක්, පොතක් සහ ප්‍රශ්න පහක්
ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ වැසියන්ගේය. අනෙකුත් දිස්ත්‍රික්ක වලින් හරි අඩකම වැසියෙකු සාමාන්‍යයෙන් ලබන ආදායම කොළඹ වැසියෙකුගේ සාමාන්‍ය ආදායමින් අඩකට අඩුය. කලකට පෙර 'කොළඹට කිරි- අපට කැකිරි' සටන් පාඨ ජනප්‍රිය වූයේ මේ ආදායම් විෂමතාවය නිසාය. කෙසේවුවද, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ආදායම් විෂමතාවය අනෙක් දිස්ත්‍රික්ක සියල්ලටම වඩා වැඩිය. ඉතා ඉහළ ආදායම් ලබන සුළුතරයක් නිසා දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අගය ඉහළින් පෙනුණද දෛනික කැලරි අවශ්‍යතාවය අඩුවෙන්ම සැපිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේය.
කොළඹ කියන්නේ තවදුරටත් සිහින පාරාදීසියක් නොවේ. දැන් කොළඹ වගේම ඈත ගම් දනවු වලත් බොහෝ දෙනෙකුගේ සිහිනය බටහිර රටකට නොහැකිනම් අඩුගානේ කොරියාව වැනි රටකට හෝ පැනගැනීමයි. එහෙත්, පසුගිය ශතවර්ෂ එකහමාරක හෝ දෙකක කාලය තුළ ලංකාවේ දුර බැහැර පෙදෙස් වල ජීවත් වූ බොහෝ දෙනෙකු කොළඹ දුටුවේ සුරපුරයක් ලෙසිනි. සිය දරුවන් වැඩි අවස්ථා ඇති කොලොම්තොටට යවාගැනීම ඇතැම් මවු වරුන්ගේ සිහිනයක් විය.
"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"
ෂෙල්ටන් පෙරේරාගේ සංගීතය හා මුසුව රූපා ඉන්දුමතීගේ හඬින් ගීතවත් වන දයා ද අල්විස්ගේ ගී පදවැල් වලින් මතුවන්නේ මේ කතාවයි.
අද බටහිර රටවල් ආකර්ශනීය වන්නා සේ එදා කොළඹ රට ආකර්ශනීය තැනක් වුණේ මහන්සි වී කීයක් හෝ හොයාගන්නට ගමේ නොතිබුණු ඉඩ ප්‍රස්තාවන් කොළඹ රටේ තිබුණු නිසාය. මෙසේ කොළඹට සංක්‍රමණය වූයේ ගම් පළාත් වල තමන්ගේ මහන්සියට හිමිතැන නිසි පරිදි නොලැබෙන බව තේරුම් ගත් අයයි.
"පනම් අටින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ"
දැන් බොහෝ විට නීලා වික්‍රමසිංහගේ හඬින් ඇසෙන, කළු දිය දහර චිත්‍රපටයේ තේමා ගීතය වූ, මේ ගීතයෙන් කියවෙන්නේ මේ කතාවයි. මුලින්ම, සිය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් මේ ගීතය ඉංග්‍රීසි බසින් ලියා සංගීතය යෙදූ නිමල් මෙන්ඩිස් විසින් පසුව කරුණාරත්න අබේසේකර ලවා එය සිංහලට පරිවර්තනය කරගෙන තිබේ.
ගමේ තමන්ට හිමිතැන නොලැබෙන නිසා කොළඹට සංක්‍රමනය වුණත් ගෙන්දගම් පොළොව එක්ක හැප්පෙන එක ලේසි පාසු වැඩක් නොවේ. තුට්ටුවක් හෝ වැඩිපුර උපයාගැනීම මහා ලොකු අරගලයකි.
"හෙට්ටු කරලමයි වලව්වේ හාමුගෙ නෝනා නිතරම ගන්නේ
තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ"
ඇන්ටන් රුද්රිගුගේ මේ ගීතයෙන් කියවෙන්නේ කොළඹම නොව වෙනත් මුහුදුබඩ නාගරික ප්‍රදේශයක් ගැන වෙන්නත් පුළුවන.
"සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගී අක්කේ"
***
කුමරතුඟු මුණිදසුන්ගේ හත්පණ අමුතුවෙන් හඳුන්වා දියයුතු පොතක් නොවේ. මෙහි කථානායකයා කිරිහාමිය. දශක කිහිපයකට පෙර මේ පොත ඇසුරෙන් තැනූ ටෙලි නාට්‍යයද ඉතා ජනප්‍රිය විය. හත්පණ කතාව ගලායන්නේ කිරිහාමිගේ අනුවණ ක්‍රියාවන් වටාය.
"දිනක් පනම් අටක් දී වලන් ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වලන් ඉල්වීය. කඩ කාරයා වලන් ගොඩක් පෙන්වා, "එකක් තුට්ටු දහය" යි කීයේය. කිරි හාමි කිපුණේය. "මා නුපුරුදු නිසා රවටන්නට සිතුවාද? මේ වලඳ තුට්ටු දහයක්...? හැබෑවටම මෙය තුට්ටු දහයක් දී ගන්නා අයෙක් ඇද්ද? කැමති නම් මෙය පණම් අටකට දෙනවා. මා ළඟ ඇත්තේ එපමණයි". කිරි හාමි මෙසේ කී කල, "එහෙනම් ඇරගෙන යනවා. ඉතින් එපමණ කියන කල නොදී පුළුවන්දැයි" කී කඩකාරයා පණම් අට ගෙන වලඳ දුන්නේය."
(http://boondi4kids.blogspot.com/2010/04/5.html)
***
දැන් මෙන්න ප්‍රශ්න:
1. පුතා කොළඹට ගොස් උපයනු ඇතැයි අම්මා බලාපොරොත්තු වන මුදල සත වලින් කොපමණද? එයින් අම්මාට ලැබේයැයි සිතන මුදල සත වලින් කොපමණද?
2. මාස්ටර් සර්ගෙන් ලැබුණු වැටුප් වර්ධකය සත වලින් කොපමණද?
3. වලව්වෙ හාමුගෙ නෝනාගෙන් ලබා ගැනීමට අපහසු තුට්ටුවෙ වාසිය සත වලින් කොපමණද?
4. මැගි අක්කාට ලැබුණු වට්ටම සියයට කීයද?
5. කඩකාරයාට කිරිහාමි නිසා ලැබුණු අමතර වාසිය කොපමණද?
උපකාරයක් අවශ්‍යනම් මෙය කියවන්න:

(Image: books.lk)

සතපහ ඇගේ බාප්පලා හා සීයලා
Labels:
ආර්ථික විද්‍යාව,
සංගීතය,
සාහිත්‍යය
Saturday, January 9, 2016
මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේ
"රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි."
"මේ ප්‍රකාශය ටිකක් පැටලිලි සහිතයි. නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද? එයින් කෙසේද ආර්ථික කඩා වැටීමක් සිදුවන්නෙ?"
***
මහ බැංකුව ගැන බොහෝ දෙනෙක් අසා තිබේ. ඒ අසා ඇති ආකාරයට මහ බැංකුව මහා බලගතු ආයතනයකි. වෙනත් පුද්ගලයින් හෝ ආයතන වලට මෙන් මහ බැංකුවට සල්ලි හොයන්නට මැරීගෙන දඟලන්නට අවශ්‍ය නැත. ඒ මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණයක් මුදල් නෝට්ටු මුද්‍රණය කරගත හැකි නිසාය. වෙනත් අයටත් ඔය වැඩේ කරන්නට බැරි නැත. එහෙම කරන අයත් සිටී. හැබැයි එහෙම කර අහුවුණොත් සෑහෙන කාලයකට සල්ලි වෙනුවට ගණන් කරන්න වෙන්නේ යකඩ කූරුය.
කොයිතරම් බලගතු ආයතනයක් වුණත් මහ බැංකුවට කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල්ද තිබේ.
"නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?"
කතාව ඇත්තය. කළ හැකිනම් හොඳම දෙය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමයි. ප්රශ්නය වන්නේ එය කියන තරම් ලේසි නැති වීමයි.
ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් තිබේ. ඒ කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයි. අළුත්ම වර්ගීකරණය අනුවනම් අංශ වැඩි ගණනක් තිබුණත් අපේ සාකච්ඡාව ගෙනයන්නට මෙය ප්රමාණවත්ය.
දැන් අපි කොහේ හෝ තියෙන අර සුරංගගේ ගම වගේ සුන්දර ගමකට යමු. මේ ගමේ ජෝකපාලට පොඩි කුඹුරු කෑල්ලක් තිබේ. අක්කර කාලක්වත් නැත. කුඹුර අස්වැද්දුවා කියා තෙල්, පෝර වල ගාණවත් ආවරණය නොවන නිසා කලක සිට කුඹුර පුරන් වී තිබේ. ජෝකපාලගේ දුව හන්දියේ බියුටි සැලූන් එකක වැඩ කරයි. ජෝකපාලාලගේ වයසේ අය කොණ්ඩ රැවුල් කපන්නට එහි නොගියත් තරුණ වයසේ අය වැඩිපුර යන්නේ එතැනටය. ජෝකපාලගේ මස්සිනා මාතුපාල හන්දියේ වී මෝලේ අර්ධ කාලීන රැකියාවක් කරයි. ඔහුට වී මෝලෙන් කැඳවීමක් ලැබෙන්නේ වැඩ වැඩි වෙලාවට පමණි.
දැන් මෙහි කුඹුරු කෑල්ල දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයේ කොටසකි. වී මෝල නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. බියුටි සැලූන් එක සේවා අංශයේ කොටසකි. වී මෝලටත්, බියුටි සැලූන් එකටත් වැඩ තියෙන්නේ පාරිභෝගිකයින් එන ප්‍රමාණයටය. පාරිභෝගිකයින්ගෙන් ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මේ තැන් වල නිෂ්පාදනය සීමා වේ.
හදිසියේම ආණ්ඩුව මාරු වේ. අළුත් ආණ්ඩුව ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි අඩු ආදායම් ලාභීන්ට මුදලින් සහනාධාරයක් දෙන්නට පටන් ගනී. එහෙත්, රජයට මේ සඳහා මුදල් නැති නිසා භාණ්ඩාගාර බිල්පත් විකුණයි. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. මෙය ප්‍රසාරණාත්මක (ලිහිල්) මුදල් ප්රතිපත්තියකි.
පෙර කී ගමේ සිටින වැඩිදෙනෙක් අඩුආදායම්ලාභීන්ය. වේලක් නොකා වේලක් කමින් සිටි මේ අයගේ අතේ දැන් මුදල් ගැවසේ. බියුටි සැලූන් එකට ඉල්ලුම වැඩිවේ. එහි සෙනඟ නැති වෙලාවක් නැත. හාල් වලටත් ඉල්ලුම වැඩිවේ. අතේ සල්ලි ඇති නිසා කවුරුත් කිසි ලෝබකමක් නැතිව සල්ලි වියදම් කරති. හාල් මිල වැඩි වේ. බියුටි සැලූන් එකේ සේවා ගාස්තුත් වැඩි වේ.
අඩුආදායම්ලාභියෙක් නොවූ ජෝකපාලගේ ආදායම වැඩි වී නැත. එහෙත් හාල් මිල වැඩි වී ඇති නිසා ඔහුගේ වියදම වැඩි වී තිබේ. දැන් හාල් වල ගානේ හැටියට කුඹුර කරන එක ලාබය. ඔහු කුඹුර අස්වද්දයි. තවත් අය මෙසේ කරති. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වේ. වී කොටාගන්නට මෝලට එන පිරිස වැඩිවේ. ඒ නිසා කර්මාන්ත අංශයේ නිෂ්පාදනයද වැඩිවේ. වැඩිපුර පිරිස් බියුටි සැලූන් එකට එන නිසා සේවා අංශයද දියුණු වේ. රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිවේ.
කෙසේවුවද, මෙහිදී නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් වුනේ නැත. නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව තිබියදී කලින් පාවිචියට නොගැනුණු ධාරිතාව ප්‍රයෝජනයට ගැනුණු බැවින් නිෂ්පාදනය වැඩිවිය. මෙසේ මුදල් සැපයුම වැඩිකිරීම මඟින් කොයිතරම් දුරකට නිෂ්පාදනය ඉහළ දැමිය හැකිද? අළුතින් කුඹුරු අස්වැද්දිය හැක්කේ කුඹුරු ඉඩම් ඇති ප්‍රමාණයටය. එයද වැඩි කලක් කළ නොහැක. තෙල්, පෝර වලට ඉල්ලුම වැඩි වන විට ඒවායේ මිලද ඉහළ යයි. එවිට කුඹුර කිරීම නැවතත් පාඩු ලබන වැඩක් බවට පත්වේ. කුඹුරු නැවත පුරන් වේ. වී මෝලේ ඉල්ලුමද නැවත අඩුවේ. ජෝකපාලගේ දියණිය ඉල්ලුම වැඩිවූ මුල් කාලයේ උදේ සිට රෑ වන තුරු වැඩකර පාරිභෝගික ඉල්ලුම සැපිරුවත් කලක් යන විට ඇයට මෙසේ එකදිගට මහන්සි වන එක එපාවේ. සැලූන් එකේ සේවාවන් සඳහා අයකරන මිල වැඩි වන විට ඉල්ලුම නැවත අඩුවේ. අන්තිමේදී නිෂ්පාදනය මුලින් තිබුණු තැනටම වැටේ. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවී ආදායම් වැඩිවූ ප්‍රමාණයටම වියදම්ද වැඩිවීම පමණක් සිදුවේ.
සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් මෙන්ම රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින්ද වෙන්නේ මෙවැනි දෙයකි. රටේ මුදල් ගැවසීම වැඩි කර භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම වැඩි කළ විට මුලදී නිෂ්පාදකයින් දිරිමත් වී සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් කරයි. එහෙත්, මෙසේ තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් කෙනෙකුට (හෝ යන්ත්‍රයකට) තාවකාලිකව වැඩ කළ හැකි වුවත් එය දිගින් දිගටම කළ නොහැක. එක්තරා සීමාවකට පැමිණි විට නිෂ්පාදනය තවදුරටත් වැඩි නොවේ. සාමාන්‍ය ධාරිතාවට වැඩියෙන් දිගටම වැඩකිරීම නිසා ජෝකපාලගේ දුව අසනීප වීමටත්, වී මෝලේ යාන්ත්‍රික දෝෂ ඇති වෙන්නටත් පුළුවන. එවිට නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමටත් වඩා අඩුවී ආර්ථිකය කඩා වැටෙන්නටත් පුළුවන. මේ නිසා දිගින් දිගටම මුදල් සැපයුම තවතවත් වැඩිවුණොත් ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නැති නිසා මිල ඉහළ යාමක් පමණක් සිදුවේ.
දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් සමඟය. එහෙත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම මහ බැංකුවට හෝ රජයට සෘජුවම කළ හැකි දෙයක් නොවේ. එය සිදුවන්නේ තාක්ෂණ දියුණුව සමඟය. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග බිහි කරගත් විට ජෝකපාලගේ කුඹුරු කෑල්ලෙන් වුවත් වියදම් ආවරණය වන වැඩි අස්වැන්නක් ගන්නට පුළුවන. වඩා කාර්යක්ෂම වී මෝලක් ගත් විට කෙටි කලකින් වැඩි වී ප්‍රමාණයක් සහල් කළ හැකිය. අළුත් උපකරණ භාවිතයෙන් ජෝකපාලගේ දුවටත් කෙටි කාලයකින් වැඩි පාරිභෝගික පිරිසකට සේවා සැපයිය හැකිය.
තාක්ෂනය අළුත් කරගැනීමට පර්යේෂණ සිදු කළ යුතුය. මෙය කල් ගතවන, වියදම් අධික, අවදානම් සහිත කටයුත්තකි. ඇමරිකාව වැනි රටක ආර්ථිකයක් ඉදිරියට යන්නේ හැම වසරකම පර්යේෂණ කර, තාක්ෂණය අලුත් කර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගන්නා නිසාය. මෙය අසීරු කාර්යයක් නිසා දියුණු ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගත හැක්කේ වසරකට 2% පමණ ප්‍රමාණයකින් පමණි.
කෙසේවුවද, තාක්ෂනය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනය, ඉන්දියාව හෝ ලංකාව වැනි රටකට පර්යේෂණ සඳහා මුදල් වැය නොකර වෙනත් රටක් විසින් දැනටම සොයාගෙන ඇති තාක්ෂණයන් වෙත මාරුවීමේ හැකියාව ඇති නිසා ඉහළ ආදායම් මට්ටමට ළඟා වනතුරු 8-10% මට්ටමේ ආර්ථික වර්ධනයක් වුවද පවත්වා ගැනීම බැරිදෙයක් නොවේ. සාමාන්‍යයෙන් දියුණු රටවල ඇති තාක්ෂනය නොදියුණු රටවල් කරා පැමිණෙන්නේ බහුජාතික සමාගම් සහ වෙනත් සෘජු විදෙස් ආයෝජන හරහාය. පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ.
රජයකට හෝ මහ බැංකුවට රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවත් විදෙස් ආයෝජන හා දේශීය පර්යේෂණ දිරිමත් කිරීම මඟින් ඒ සඳහා වක්‍ර ලෙස දායක විය හැකිය.
මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_5.htm
Labels:
ආර්ථික විද්‍යාව,
මහ බැංකුව
Wednesday, January 6, 2016
1984 සිට 2014 දක්වා
"නවවන තුන් අවුරුදු සැලැස්මේ හයවන කාර්තුවද වන, 1983 වසරේ සිවුවන කාර්තුව තුළ නිෂ්පාදනය කෙරෙනු ඇතැයි නිල වශයෙන් පුරෝකථනය කෙරුණු විවිධ පාරිභෝගික භාණ්ඩ වල නිෂ්පාදන මට්ටම් දෙසැම්බර් මස 19 වන දින ටයිම්ස් පුවත්පතේ පළ වී තිබුණේය. අද පළ වී ඇති සැබෑ නිෂ්පාදන මට්ටම් පිලිබඳ පුවත්පත් නිවේදනය අනුව මේ පුරෝකථන සැබෑ සංඛ්‍යා සමඟ ළඟපාතකින්වත් නොයයි. වින්සන්ට්ට කරන්නට ඇත්තේ පසුව පළකෙරුණු සංඛ්‍යා සමඟ ගැලපෙන පරිදි මුලින් පළකළ සංඛ්‍යා නිවැරදි කිරීමයි."
"Or again, The Times of the nineteenth of December had published the official forecasts of the output of various classes of consumption goods in the fourth quarter of 1983, which was also the sixth quarter of the Ninth Three-Year Plan. Today's issue contained a statement of the actual output, from which it appeared that the forecasts were in every instance grossly wrong. Winston's job was to rectify the original figures by making them agree with the later ones."
"උදාහරණයක් වශයෙන්, සුලභතා අමාත්‍යංශය පුරෝකථනය කර තිබුණේ කාර්තුව තුළ සපත්තු නිෂ්පාදනය කුට්ටම් මිලියන 145ක් බවයි. දැන් සැබෑ නිෂ්පාදනය ලෙස දක්වා ඇත්තේ සපත්තු කුට්ටම් මිලියන 62කි. කෙසේවුවද, වින්සන්ට් විසින් මේ පුරෝකථනය පිලිබඳ වාර්තාව නැවත ලිවීමේදී, හැමවිටම සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන පරිදි නිෂ්පාදන ඉලක්ක බලාපොරොත්තු වූ මට්ටමද ඉක්මවා ළඟා කරගත් බව පෙන්වීමට ඉඩ සලසමින්, මේ සංඛ්‍යාව 57 ලෙස පහළට ගෙන ආවේය. ඔය මොනවා ලිවුවත්, මිලියන 62 ලෙස වෙනස් කළ පුරෝකථනය මිලියන 145ට හෝ මිලියන 57ට වඩා සත්‍යයට ආසන්නයැයි කියන්නට නුපුළුවන. එක සපත්තුවක්වත් නිපදවා නොතිබෙන්නටත් ලොකු ඉඩකඩක් තිබේ. නිපදවා ඇති සපත්තු ගණන කිසිවෙකු හරියටම නොදන්නවා විය හැකි අතර එය දැනගැනීමට කිසිවෙකුට උවමනාවක්ද නැති විය හැකිය. සියල්ලන්ම දැන සිටි කරුණනම්, වාර්තා අනුව කාලයක් තිස්සේම කාර්තුවෙන් කාර්තුවට සපත්තු නිෂ්පාදනය ඉතා සීඝ්රයෙන් ඉහළ ගියත්, ඕෂනියාවේ වැසියන්ගෙන් අඩක් පමණම ඇවිද්දේ සපත්තු තියා සෙරෙප්පුවත් නැතුව බවයි. අනෙකුත් ලොකු කුඩා සංඛ්‍යාලේඛණ සියල්ලේම තත්ත්වයද මෙයට වඩා වෙනස් වූයේ නැත."
ඉහත කොටස් උපුටාගනු ලැබුවේ ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර් බ්ලෙයාර්ගේ "1984" කෘතියෙනි. වඩා ප්‍රචලිත "සත්ත්ව ගොවිපොළ" (Animal Farm) කෘතියද ඔහු ලිව්වේ මේ ආරූඪ නාමයෙනි. 1949 වසරේදී ප්‍රකාශයට පත් කළ මේ කෘතියෙහි වසර 35කට පසු ලෝකය මේ ලේඛකයා විසින් දකින අයුරු චිත්රනය කර තිබේ. බ්ලෙයාර් දුටු අනාගතය වෙනත් ඇතැම් විද්‍යා ප්‍රබන්ධ වල පෙන්වන දියුණු අනාගත සමාජ මෙන් සුන්දර එකක් වූයේ නැත. මේ පොත ගැන විස්තර කියනවානම් බ්ලොග් සටහනක් නොව වෙනම බ්ලොග් එකක්ම ලියන්නට තරම් දේවල් තිබේ. ඒ නිසා ඒ තරම් දුරට නොගොස් කෙටියෙන් කියනවානම් ඔහු දුටු 1984 රජය විසින් මිනිසුන් හිතන පතන ආකාරය පවා පාලනය කරන යුගයකි. සිංහලටද පරිවර්තනය වී ඇති, 1984 මෙන්ම සත්ත්ව ගොවිපොළ කෘති ලිවීමට බ්ලෙයාර්ට උත්තේජනයක් සැපයූවේ ස්ටාලින්ගේ සෝවියට් දේශය සහ හිට්ලර්ගේ ජර්මනියයි.
අප වර්තමානය ගැන සතුටට හෝ දුකට පත්වන්නේ අතීතය සමඟ සැසඳීමෙනි. අතීතයේ පැවතුනාට වඩා වර්තමාන ජීවන තත්වය හොඳනම් අපි සතුටු වෙමු. එසේ නැත්නම් දුක්වෙමු. සැසඳීමක් නැත්නම් සතුටක් හෝ දුකක්ද නැත.
අතීතය යනු කුමක්ද? අතීතය යනු කලකට පෙර සැබෑවටම සිදුවූ දෙයයැයි යමෙකුට කිව හැකිය. එහෙත්, මේ 'සිදු වූ දෙය' අපි හරියටම දන්නේ කොහොමද? එක් ක්‍රමයක්නම් අතීත මූලාශ්‍ර පරිශීලනය කිරීමයි. ඒ ඇසුරෙන් අපි අතීතය ගැන 'දැන ගනිමු'. මේ මූලාශ්‍ර නිවැරදි නැත්නම් අපට සැබෑවටම සිදුවූ දෙය දැනගත හැකිද? තවත් එක් ක්‍රමයක් තිබේ. ඒ අපේ මතකයයි. එසේනම්, අතීත මූලාශ්‍ර සහ පුද්ගල මතකයන් සංශෝධනය කිරීමෙන් අතීතය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය. එසේ කිරීමෙන් අපේ සතුට වැඩිකරගත හැකිනම් එය නොකළ යුතුද? මේ බ්ලෙයාර් දුටු 1984දී පාලකයින් අනුගමනය කරන දර්ශනවාදයයි.
උදාහරණයක් ලෙස මේ වසරේ ආර්ථික වර්ධනය 5-6%ක් පමණ වුවහොත් අප සතුටු විය යුතුද? එය තීරණය වන්නේ පසුගිය වසර වල ආර්ථික වර්ධනය කුමක්ද යන්න මතය. පසුගිය වසර වල ආර්ථික වර්ධනය 3-4% පමණ වීනම් 5-6% යනු ඉතා හොඳ මට්ටමකි. එහෙත්, පසුගිය වසර වල ආර්ථික වර්ධනය 7-8% මට්ටමේ වී නම් මෙය හොඳ තත්ත්වයක් නොවේ. වර්තමානය යනු කාටත් ඇස්පනාපිට පේන්නට ඇති දෙයයි. එය වෙනස් කිරීම තරමක් අසීරුය. එහෙත්, අතීතය වෙනස් කිරීම එතරම් අපහසු නැත. මේ බ්ලෙයාර්ගේ 1984 දර්ශනවාදයයි. කලකට පෙර මංගල සමරවීර විසින් මහින්ද යුගයේ ලංකාවද බ්ලෙයාර් දුටු 1984 සමඟ සසඳා තිබුණේය.
කෙසේවුවද, වාසනාවට සැබෑ 1984 බ්ලෙයාර් දුටු ආකාරයේ එකක් වූයේ නැත. එය පුද්ගල නිදහස වඩා දියුණුව පැවති වසරකි. 1984 සිට දැන් තවත් වසර 32ක් ගත වී තිබේ. හදිසියේ මට 1984 කෘතිය සිහිවූයේ පසුගිය වසර වල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන දත්ත පිරික්සීමේදීය.
නිදහසින් පසු ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ එකම එක් වරක් පමණි. ඒ 2001 වසරේදීය. මේ වසර තුළ බලයේ සිටියේ පොදු පෙරමුණු රජයයි. එහෙත්, දෙසැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් එජාපය ජයගෙන රජයක් පිහිටවූ බැවින් 2001 ආර්ථික වර්ධනය පිලිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත්වන විට ජනාධිපති ධුරය චන්ද්‍රිකා කුමාරණතුංග අතේ තිබුණත් ආණ්ඩු කළේ පොදු පෙරමුණ නොවේ. නිකමට ලිවුවාට මේ දෙකේ සම්බන්ධයක් නැත. පොදු පෙරමුණම බලයේ සිටියත් ආර්ථික වර්ධනය සෘණ අගයක් නොවී පැවතෙන්නට විදිහක් නැත.
පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය වාර්තාගත ලෙස ඉහළ ගියේය. මහ මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ පළමු පරිච්ඡේදයේ පළමු වාක්‍යය අනුව "ශ්‍රී ලංකා ආර්ථිකයට දේශීය සහ විදේශීය කම්පන වලට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පෙන්නුම් කරමින් 2014 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) 2013 වසරේදී වාර්තා වූ සියයට 7.2 ක වර්ධනයට සාපේක්ෂව සියයට 7.4කින් වර්ධනය විය".
මහ බැංකුව විසින් වාර්ෂික වාර්තාවට අමතරව වසර මැද වනවිට ආර්ථිකයේ තත්ත්වය ගැන විස්තර කරමින් තවත් වාර්තාවක් වාර්ෂිකව පළකරයි. මෙය හැඳින්වෙන්නේ "මෑතකාලීන ආර්ථික ප්රවණතා" යනුවෙනි. 2014දී මේ තරම් හොඳට තිබුණු ආර්ථිකයට 2015දී වෙන්නේ කුමක්ද යන්න කාටවුණත් උනන්දුවක් ඇති කරවන ප්රශ්නයකි. මේ තියෙන්නේ ඒ ගැන මහ මැතිවරණයට පසු, සැප්තැම්බරයේදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු "මෑතකාලීන ආර්ථික ප්රවණතා - 2015 සුවිශේෂ සිදුවීම් සහ 2016 අපේක්ෂාවන්" වාර්තාව කියන දෙයයි.
"2014 වසරේ වාර්තා කළ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ (ද.දේ.නි.) සියයට 4.5ක වර්ධනයට සාපේක්ෂව ආර්ථිකය, 2015 වසරේදී සියයට 5.7කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන අතර, ආර්ථිකයේ අංශ තුනෙහිම එකතු කළ අගයේ ඉහළ යාම මේ සඳහා දායක වනු ඇත". තවදුරටත් වාර්තාව පිරික්සීමේදී 2014 වසරේදීද ආර්ථික වර්ධනය පෙර වසරේදීට වඩා වැඩි වී තිබේ. 2013 වසරේදී ආර්ථික වර්ධනය 3.4%ක් පමණක්ව පැවති බැවිනි.
ඉකොනොමැට්ටා 1984 කියවා තිබුණු නිසා 2014 කියවා කැරකිල්ලක් හැදුණේ නැත. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ආර්ථික වර්ධනය ඇතුළු 'ජාතික ගිණුම් ඇස්තමේන්තු' සිදුකරන ක්‍රමවේදය තාක්ෂණිකව වඩා නිවැරදි වන පරිදි වෙනස් කර තිබේ. මේ නව ක්‍රමවේදය අනුව 2010 වසරේ සිට 2014 වසර දක්වා දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කිරීමේදී මෙසේ ආර්ථික වර්ධන ප්‍රතිශතද වෙනස් වී ඇත.
(Images: http://mycatbirdseat.com, carrieslager.wordpress.com, www.cbsl.lk)

දේශපාලනය,
යතාර්ථය,
සාහිත්‍යය
Tuesday, January 5, 2016
විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ
කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝහි ඉපදුණු යොරම් බෝමන් ගණිතය පිළිබඳව ප්‍රථම උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා සියටල්හි පිහිටි වොෂින්ටන් සරසවියට ඇතුළු විය. ඔහු එහිදී 2000 වසරේදී ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද, ඉන් අනතුරුව 2003 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියද සම්පුර්ණ කළේය.
වොෂින්ටන් සරසවිය වැනි තැනක ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් සම්පුර්ණ කරන කෙනෙකු බොහෝ විට වෙනත් සරසවියක අධ්‍යයන කාර්ය මණ්ඩලයට, රජයේ ඉහළ තනතුරකට හෝ පෞද්ගලික සමාගමක පර්යේෂණ අංශයක රැකියාවකට යොමු වේ. එහෙත්, යොරම් තෝරාගත්තේ වෙනත් මඟකි. ඒ සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස ජනතාවට විහිළු සැපයීමය.
ජනතාවට විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ ඕනෑ තරම් සිටිති. එහෙත්, මේ බොහෝ දෙනෙකු තමන් කරන්නේ ජනතාවට විහිළු සැපයීම බව නොදනිති. දැනගත්තත් එය ප්‍රසිද්ධියේ කීමට මැලි වෙති. යොරම්ගේ විශේෂත්වය ඔහු එසේ නොකිරීමයි.
යොරම්ගේ විහිළු නිකම් විහිළු නොවේ. ආර්ථික විද්‍යා විහිළු හෙවත් ඉකොනොමික් ජෝක්ය. මේ විහිළු විහිළු වන්නේ සැලකිය යුතු ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයටය. කොහොමටත් ආර්ථික විද්‍යා විහිළු වල හැටි එහෙමය. ආර්ථික විද්‍යා විහිළු සපයන වෙනත් ඇතැම් ආර්ථික විද්‍යාඥයින්ගේ විහිළු වලට ගොඩක් අයට හිනා යන්නේ නැත්තේත් මේ හේතුව නිසාය. මෙවැනි ඇතැම් විහිළු වලට හිනා නොගියත් සමහර වෙලාවට ඇඬේ.
යොරම්ගේ විහිළු සියල්ලන්ටම නොතේරෙන නිසා ඔහුට සංදර්ශන පවත්වන්නට වෙන්නේ ආර්ථික විද්‍යාඥයින් සිටින හෝ එක්රැස්වන තැන්වලය. අද (ජනවාරි 5 දින) අවසන් වූ ඇමරිකානු ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සමුළුවේදීද යොරම්ගේ සංදර්ශනයක් පැවැත්වුනේය. ලොව පුරා නන්දෙසින් පැමිණි ආර්ථික විද්‍යාඥයින් 12,859 දෙනෙකු සහභාගී වූ, පර්යේෂණ සැසි ගණන 520 ඉක්මවූ, මේ දැවැන්ත සමුළුවේ යොරම්ගේ සභාපතිත්වයෙන් පැවති ආර්ථික විද්‍යා විහිළු සැසිය විශාල සහභාගිත්වයක් පැවති සැසියකි. මේ සැසිය දැන් වසර ගණනාවක සිට පැවැත්වෙයි.
යොරම්ගේ සැසියේ ජනප්‍රියත්වයෙන් පෙනී යන්නේ විහිළු සපයන ආර්ථික විද්‍යාඥයින් කොයිතරම් සිටියත් ඒ කිසිවෙකුට විහිළු සැපයීමවත් හරියට කරන්නට නොහැකි බවයි.
(Image: http://standupeconomist.com/)

ආර්ථික විද්‍යාඥයෝ,
ආර්ථික විද්‍යාව,
නවමු පුවත්
Monday, January 4, 2016
මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.
රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්රතිපත්තියකි.
රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී, ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.
දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක් සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.
2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.
කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%
මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.
එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%
මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.
දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.
මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.
(Image: www.livescience.com)
පළමු පළකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_3.html
Labels:
ආර්ථික විද්‍යාව,
නවමු පුවත්,
මහ බැංකුව
Friday, January 1, 2016
සතපහකින් කළ හැකි දේ...
උඩ රූපයේ ඇත්තේ ඇමරිකාවේ භාවිතා වෙන සතපහේ කාසියක දෙපැත්තයි. එය ව්‍යක්ත ව්‍යවහාරයේදීද සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 'නිකල්' යනුවෙනි. රටක කාසි එය නිපදවා ඇති ලෝහය අනුව හඳුන්වනු ලැබීම ජනප්‍රිය භාවිතාවකි. කෙසේවුවද, ඇමරිකන් සතපහේ කාසිය නිමවා ඇත්තේ තනිකරම නිකල් වලින් නොවේ. එහි සංයුතියෙන් හතරෙන් තුනක් තඹ වන අතර ඉතිරි හතරෙන් එක නිකල්ය. රිදී පැහැයක් ගන්නා මේ මිශ්‍ර ලෝහය (alloy) කුප්රෝනිකල් (cupro-nickel) ලෙස හැඳින්වේ. ඇතැම් විට චීන රිදී හා ජර්මන් රිදී ලෙසද මේ මිශ්‍ර ලෝහය හැඳින්වේ.
ඇමරිකාව තුළදී ව්‍යක්ත ව්‍යවහාරයේදී නිකල් (Nickel) යන වචනයෙන් අදාල ලෝහය හෝ සතපහේ කාසිය හැඳින්වුනද, අව්‍යක්ත ව්‍යවහාරයේදී (slang) මේ වචනයට තවත් තේරුම් තිබේ. ඇතැම් විට මේ වචනයෙන් අදහස් වන්නේ අඩුම මිලකට ලබා ගතහැකි නීති විරෝධී මත්ද්‍රව්‍ය සුළු ප්රමාණයකි. තවත් විටක මේ වචනයෙන් වසර පහක සිර දඬුවමක් අදහස් කෙරේ.
ඩොලර් පනස්පන්දහස ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ඇති ඇමරිකාවේ වැසියෙකුට නිකල් එකක් ලොකු මුදලක් නොවේ. එහෙත්, ඇමරිකාව තුළදී නිකල් එකකට පමණක් නොව සාමාන්‍ය ව්‍යවහාරයේදී 'පෙනී' ලෙස හඳුන්වන සතයේ කාසියකට වුවද වටිනාකමක් තිබේ. ඇමරිකාව තුළදී ඩොලර් දහයක නෝට්ට්ටුක් දී ඩොලර් 9.99ක් වටිනා භාණ්ඩයක් මිලදී ගතහොත් ඉතිරි සතය කිසිවිටක නොලැබී නොයයි. එමෙන්ම මේ සතය ඉල්ලා සිටි විට ඇතැම් රටවල වෙනවාක් මෙන් කඩේ මුදලාලි විසින් පාරිභෝගිකයාට දෙකක් ඇණ එළියට ඇද දැමීමනම් කිසිවිටක සිදු නොවේ. ඇත්තටම එය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් වුවද කිසිවිටෙක ඇති නොවේ. මෙය වෙනත් බටහිර රටවලටද පොදු දෙයකි.
සතෙන් සතය හෝ සතපහෙන් සතපහ එකතු කර ඩොලරයක් හදනවාට අමතරව ඇමරිකන් සතපහකින් ගතහැකි වැඩක් තිබේද? ඇත්තටම තිබේ.
තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් කාර්යක්ෂමතාව ඉහළ නංවන ඇමරිකන් ආර්ථික ක්‍රමයත්, තාක්ෂණයේ දියුණුවත් හේතුවෙන් සතපහකට ඉතා හොඳ තත්ත්වයේ ඇති, භාවිතා කළ පොත් පහක් එකක් සතය බැගින් ඇමසන් වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට පුළුවන. කෙසේ වුවද, තැපැල් ගාස්තුව ලෙස ඩොලර් 3.99ක් ගෙවීමට සිදුවන බැවින් මේ පොතක් නිවසට ගෙන්වා ගැනීමට යන මුළුවියදම ඩොලර් හතරක් වෙයි. පහතින් ඇත්තේ පසුගිය දෙසතිය තුළ එසේ ඇමසන් වෙබ් අඩවියෙන් සතය බැගින් ගෙවා මිලදී ගත හැකිව තිබුණු පොත් පහකි. තැපැල් ගාස්තු හැර, පොත් පහටම ගෙවිය යුත්තේ සතපහකි.
1. Rich Dad Poor Dad - Robert Kiyosaki
2. Wave - Sonali Deraniyagala
3. Sofie's World - Jostein Gaarder
4. Kon-Tiki: Across the Pacific in a Raft - Heyerdahl, Thor
5. The Winds of Sinhala - De Silva, Colin
තෙල් මිල ඉතා අඩු මට්ටමක පවතින මේ දින වල ඇමරිකාව තුළ පෙට්‍රල් ගැලුමක් මිලදී ගැනීමට වැය වන්නේ ඩොලර් දෙකකට වඩා අඩු මුදලකි. පෙට්‍රල් ගැලුමකින් වාහනයක් කිලෝමීටර හතළිහක් පමණ ධාවනය කිරීම අසීරු කරුණක් නොවේ. මේ අනුව, මේ දිනවල සතපහක පැට්රල් වලින් කිලෝමීටරයක පමණ දුරක් මෝටර් රථයක් ධාවනය කරවිය හැකිය.
දැනට ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 146ක් පමණ වේ. මේ අනුව, ඇමරිකන් සතපහක් රුපියල් 7.30ක් පමණ වේ. ලංකාවේදී රුපියල් 7.30කින් කළ හැක්කේ කුමක්ද?
මේ තියෙන්නේ ලංකාවේ සතපහේ කාසියකි. ලංකාවේ සතපහේ කාසියකින්නම් දැන් සතපහක වැඩක් නැත. ඒ වුණත්, මේ සතපහටත් කලකට පෙර ලොකු දේවල් කරන්නට පුළුවන් විය. සතපහ සතපහට වැටුණේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වලට පින් සිදුවන්නටය.
මේ තියෙන්නේ මෙසේ උජාරුවට සිට දැන් සතපහටම වැටී සිටින අපේ සතපහේ කතාවයි.
සතපහක උපත

අපේ වියුණු,
ආර්ථික විද්‍යාව,
ඇමරිකාව,
සාහිත්‍යය
Wednesday, December 30, 2015
සී යා නැක්ස්ට් යා...!!!
මේ සටහන පළ වී එක් විසි පැයෙකින් නවසීලන්තයේ සහ ෆිජිහි සිට ඉකොනොමැට්ටාගේ බොජුන්හලට ගොඩවදින පාඨකයින්ට හෝමෝ සේපියන්ස්ලා වත්මනෙහි භාවිතා කරන ප්රමුඛ දින දසුන අනුව නව වසරක් උදා වේ. පැය දෙසාළිසෙකින් ඇමරිකාවේ කැලිෆෝර්නියා, වොෂින්ටන්, ඔරිගන් හා නෙවාඩා ප්‍රාන්ත වල සිටත් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සිටත් මෙහි ගොඩවදින පාඨකයින් හට නව නව වසර උදාවේ. මේ අතරේ ගෙවෙන එක් විසි පෑ කාලාන්තරය තුළ මගේ පාඨකයින් සියල්ලන්ගේම දින දසුන් අළුත් වනු ඇත.
දිනදසුන අනුව වසරක අවසානය යනු ගෙවෙන වෙනත් ඕනෑම මොහොතකට වඩා සුවිශේෂී මොහොතක් නොවේ. ඒ නිසාම, වෙනත් ඕනෑම මොහොතක වුවද කළ හැකි, පසුගිය කාල වකවානුවක් පිලිබඳ පසු විපරමක් කිරීමට මෙය නුසුදුසු අවස්ථාවක් නොවේ. මේ අයුරින්ම සියය හෝ පනස්දහස වැනි 'රවුම්' සංඛ්‍යාවක් වෙනත් 'රවුම් නැති' සංඛ්‍යාවකට වඩා සුවිශේෂී නොවේ. කෙසේ වුවද, වසරක අවසානය මෙන්ම, යම් නිශ්චිත ලිපි ගණනක් ලියා අවසන් කරන අවස්ථාව හෝ නිශ්චිත හිට්ස් ගණනක් කරා ලඟා වන අවස්ථාව බොහෝ විට බ්ලොග් කරුවෙකු විසින් තමන්ගේ බ්ලොග් කෙරුවාව ගැන පසු විපරමක් කිරීමට යොදාගැනීම නරක දෙයක් නොවේ.
මා මේ වියුණුව අරඹා මේ වන විට ගෙවෙන්නේ තිස්තුන්වන සතියයි. සති තිස් තුනක් වියුණුවක් නඩත්තු කිරීම ලොකුවට පාරම්බාන්නට තරම් දෙයක් නොවේ. සාපේක්ෂව, මෙය ඉතා කෙටි කාලයකි. කෙසේ වුවද, මා මෙය අරඹන විට (නො)පැවති බලාපොරොත්තු අනුව මෙය සැලකිය යුතු ආශ්චර්යයකි. හරියටම කියනවානම් දශක ගණනක සිට එදාවේල ක්‍රමයට ඇදගෙන යන ලංකාවේ ආර්ථිකය තාමත් විශාල අර්බුදයකට නොගොස් තිබෙන්නාක් වැනි ආශ්චර්යයකි.
ආර්ථික විද්‍යාවේ දෙපැති වෙළඳපොළවල් (Two-sided markets) නම් වූ සංකල්පයක් තිබේ. මා දන්නා තරමින් මෙවැනි වෙළඳපොළවල් ගැන මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී ඉගැන්වීමක් නොකෙරේ. පාරිභෝගිකයින් විසින් බොහොමයක් භාණ්ඩ මිල දී ගන්නේ යම් නිශ්චිත, ප්රමුඛ ක්‍රමයකින් සතුටක් හෝ වාසියක් (උපයෝගීතාවක්) ලැබීම අරමුණු කරගෙනය. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු චෙරි, ස්ට්‍රෝබෙරි, තක්කාලි හෝ හරක් මස් මිල දී ගන්නේ කෑමෙන් ලබන සතුට පිණිසය. ඇඳුමක් මිලදී ගන්නේ ඇඳීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් මිල දී ගන්නේ කියවීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් නොකියවා රාක්කයේ තබා ගැනීමෙන් සතුටු වන අයද සිටියත් එවැන්නන් අරමුණු කරගෙන පොත් 'නිපදවීමක්' සාමාන්‍යයෙන් සිදු නොවේ. මෙසේ එකම ආකාරයේ අවශ්‍යතාවක් වෙනුවෙන් භාණ්ඩයක් මිලදී ගන්නා 'සමජාතීය' පාරිභෝගිකයින් වෙනුවෙන් භාණ්ඩ නිපදවා විකුණන වෙළඳපොළක් 'එක්පැති වෙළඳපොළක්' (One-sided market) ලෙස හැඳින්වේ. මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී බොහෝ විට උගන්වන්නේ මෙවැනි එක්පැති වෙළඳපොළවල් හා අදාළ විවිධ ආකෘතීන්ය.
දෙපැති වෙළඳපොළක පාරිභෝගික කණ්ඩායම් දෙකක් සිටිති. මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා මුළුමනින්ම වෙනස්ය. උදාහරණයක් ලෙස පුවත්පත් වෙළඳපොළ ගත හැකිය. වැඩිදෙනෙකු පුවත්පත් මිලදී ගන්නේ එහි ඇති ලිපි, ප්රවෘත්ති වැනි දේ කියවීමටය. මේ පළමු පාරිභෝගික වෙළඳපොළ තුළ සාමාන්‍යයෙන් නිෂ්පාදකයාගේ ලාභය වැඩිවන්නේ වැඩි පිටපත් ගණනක් විකිණීමෙනි. ඒ සඳහා හොඳ ලිපි සහ කාලීන පුවත් හැකිතරම් පළ කළ යුතුය. පුවත්පත් හා අදාළව දෙවන පාරිභෝගික කණ්ඩායමක්ද සිටිති. මේ අය මූලිකවම පුවත්පතක් මිල දී ගන්නේ දැන්වීම් බැලීම සඳහාය. රැකියා ඇබෑර්තු, මංගල යෝජනා හෝ විකිණීමට ඇති මෝටර් රථ පිලිබඳ දැන්වීම් වෙනුවෙන්ම සිළුමිණ හෝ සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පත් මිල දී ගන්නා පාඨක පිරිසක් සිටින බව රහසක් නොවේ. මේ දෙවන පාරිභෝගික කණ්ඩායමට පුවත්පත් විකිණීමෙන්ද පුවත්පත් සමාගමකට යම් ලාභයක් ලැබෙන නමුත් දෙවන පාරිභෝගික වෙළඳපොළ තුළ ප්‍රධාන වශයෙන්ම ලාභ ලැබෙන්නේ දැන්වීම් පළකිරීම වෙනුවෙන් අයකරන ගාස්තු වලිනි.
දෙපැති වෙළඳපොළක අලෙවි කිරීම සඳහා භාණ්ඩයක් නිපදවීමේදී ලාභ වැඩිකරගැනීම සඳහා මේ වෙළඳපොළෙහි අංශ දෙක මැනවින් කළමනාකරණය කළ යුතුය. පුවත්පතක ඇති මුළු ඉඩ ප්‍රමාණයෙන් දැන්වීම් සඳහා වෙන් කරන ඉඩ ප්‍රමාණය වැඩි වන විට දෙවන පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම වැඩි වන නමුත් පළමු පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම අඩුවේ. පළමු කණ්ඩායම ප්‍රධාන පාරිභෝගික කණ්ඩායම බැවින් එවිට අලෙවිවන මුළු පිටපත් ගණනද අඩුවේ. මේ නිසා අඩුවන ලාභය දැන්වීම් ගාස්තු වලින් ආවරණය වේනම් ප්‍රශ්නයක් නැත. එහෙත්, සාමාන්‍යයෙන් වැඩිපුර දැන්වීම් ලැබෙන්නේ වැඩි පිටපත් ගණනක් විකිණෙන පුවත්පත් වලටය. ලුහුඬු දැන්වීම් කියවීමට පුවත්පත් මිලදී ගන්නා යම් පිරිසක් සිටියත් භාණ්ඩ හා සේවා ප්‍රචාරණ දැන්වීම් වලින් ඉලක්ක කෙරෙන්නේ ලිපි හෝ ප්රවෘත්ති කියවීම සඳහා පුවත්පතක් මිලදී ගන්නා පාඨකයින්වය. මේ නිසා දැන්වීම් ගාස්තු වලින් ලැබෙන ආදායම වැඩි කරගැනීමට වුවද දැන්වීම් සඳහා වෙන්කරන ඉඩ සීමා කර ආකර්ශනීය ලිපි හා පුවත් අවශ්‍ය ප්‍රමාණයට පළ කිරීමට සිදුවේ.
වාණිජ අරමුණකින් තොරව 'අතින් කයිට් කරගෙන' ලියන බ්ලොග් එකක් වුවද එක්තරා ආකාරයකින් දෙපැති වෙළඳපොළක් වෙනුවෙන් නිපදවන භාණ්ඩයකි. බොහෝදෙනෙකු (මාද ඇතුළුව) කියන්නේ තමන් ලියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් බවයි. එහෙත්, මේ කාටත් යම් පාඨක පිරිසක් අවශ්‍යය. යමෙක් බ්ලොගයක් ඕනෑම අයෙකුට කියවිය හැකි පරිදි විවෘතව තබන්නේ තමන් ලියන දෙය කිසියම් නොදන්නා පාඨක පිරිසක් වෙත අලෙවි කිරීමේ අරමුණිනි. කෙසේ වුවද, එක් එක් බ්ලොග්කරුවාට ළඟා වීමට අවශ්‍ය කරන පාඨක කණ්ඩායම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වෙනස්විය හැකිය. බ්ලොග්කරුවෙකුට තමන්ට අවශ්‍ය දෙය අවශ්‍ය පරිදි ලිවීමෙන්ද, එසේ ලියන දෙය වැඩි පිරිසක් විසින් කියවීමෙන්ද සතුටක් ලැබේ. මෙය බ්ලොගයක් විවෘතව තබන සියල්ලන්ටම පාහේ පොදු විය යුතුය. මෙහිදී තමන්ට අවශ්‍ය දෙය ලිවීමෙන් ලැබෙන සතුට පුවත්පතක් දැන්වීම් පළකර ලබන ආදායම වැනි දෙයකි.
ඇතැම් විට බ්ලොග් කරුවෙකු ලියන 'තමන්ට අවශ්‍ය දෙය' කියවන්නට කැමති පිරිස අතළොස්සකි. හරියටම තමන්ට අවශ්‍ය දෙයම නොවන නමුත් එයට බොහෝ කිට්ටු දෙයක් ලිවීමෙන් ඇතැම් විට මේ පාඨක පිරිස වැඩි කර ගත හැකිය. පාඨකයින් වැඩි කර ගැනීම වෙනුවෙන් තමන් ලියන දෙය හෝ ශෛලිය වෙනස් කිරීමේදී මේ දෙපැති වෙළඳපොළෙහි එක් අංශයකින් ලැබෙන ලාභය වැඩිවී තවත් අංශයකින් ලැබෙන ලාභය අඩුවේ. ඇතැම් අය පාඨක අවශ්‍යතා සලකමින් වැඩිපුර නම්‍යශීලි වෙති. තවත් අය මෙසේ නම්‍යශීලි වෙන්නේ ඉතා අඩුවෙනි.
ඉතා පැහැදිලිවම මගේ පාඨකයින් නිසා මම දිරිමත් වූයෙමි. බොහෝදුරට මා ලියූවේ මට අවශ්‍ය දේ වුවත්, මගේ ලිපි කියවන පිරිස මෙයට වඩා අඩු වීනම් මා මෙපමණ කෙටි කලක් තුළ දැනට ලියා පළකර ඇති ලිපිගණන නොලියනු ඇත. එනයින්, මා මගේ පාඨකයින්ගේ 'ඉල්ලුම' නිරීක්ෂණය කරමින් 'සැපයුම' වෙනස් කර තිබේ. එමෙන්ම, පාඨක ප්‍රතිචාර සලකමින් මගේ ලිපි වල විෂය පථය, ශෛලිය මෙන්ම වෙනත් තාක්ෂණික කරුණුද යම්තාක් දුරකට වෙනස් කර ඇත.
මේ වියුණුව ඇරඹීමට ආසන්නම හේතුවක් වූයේ ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් වත්පොත හරහා පලකළ සටහන් කිහිපයකට නොදන්නා පාඨකයින් රැසකගෙන් ලැබුණු ප්‍රතිචාරයි. පසුගිය වසර ඇරඹෙන තුරුම ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරන් ලෙස තබා ගත්තේ ඔහු විසින් සැබෑ ජීවිතයේදී කිසියම් කලෙක ඇසුරු කළ ඇති අය පමණි. එසේ නොදන්නා අයගේ ඉල්ලීම් අනුමත නොකෙරිණි. එහෙත්, වත්පොත හරහා 'හොඳ මිනිසුන් සහ ගැහැණුන්' හමුවන විට මේ ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැර වීමට සිදු විය. මෙසේ එක් වූ කිහිප දෙනාගෙන් කිසිදු ගැටළුවක් මතු නොවූවත්, එවැනි ඉල්ලීම් ගොඩගැහෙද්දී එක් අතකින් ලියන දේ කියවන්නට කැමති අයට අවස්ථාවක් දීමේ උවමනාවේත්, අනෙක් අතින් පෞද්ගලික හා වෘත්තීය තොරතුරු නොදන්නා පුද්ගලයින් සමඟ බෙදාගැනීමට තිබුණු අකැමැත්තේත් ප්‍රතිඵලය වූයේ ඉකොනොමැට්ටා අනන්‍යතාවයේ සහ මේ වියුණුවේ උපතයි.
වියුණුව අරඹන විට කරන්නට අවශ්‍ය දෙය පිලිබඳ යම් අදහසක් විය. පළමු අරමුණ වූයේ, වරකට එක බැගින් මූලික ආර්ථික විද්‍යා මූල ධර්ම සරලව ඉදිරිපත් කරන ලිපි මාලාවක් ලිවීමයි. මෙයින් අපේක්ෂා කළේ පසුව වඩා ගැඹුරු කරුණු කතා කරන මට්ටමට වියුණුව පැවතුණහොත් කියන දේවල් නොතේරෙන්නට ඉඩ ඇති අයට සරල කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය වූ විට යොමු කළ හැකි පදනම් ලිපි මාලාවක් ගොඩ නඟා ගැනීමයි. මෙයට සම්බන්ධ නැති, දෙවන අරමුණ වූයේ බොහෝ දෙනෙකුට කියවා රස විඳින්නට තරම් දෙයක් ඇතැයි මා අවංකවම සිතූ සහ තවදුරටත් සිතන විවිධ වෘත්තීය, භූගෝලීය, සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍ර වල පැතිරුණු පෞද්ගලික අත්දැකීම් සටහන් කිරීමටය. මෙයින් දෙවන අරමුණ ලේඛකයාගේ පදනම නොදන්නා පිරිසක් අරභයා ලිවීමේදී නොගැලපෙන්නක් බව වැඩි කල් නොයාම පැහැදිලි වූ බැවින් ඒ ආකාරයේ ලිවූ ලිපි වුවද වැඩි ප්‍රමාණයක් පළ කෙරුණේ නැත. දෙවන අරමුණ මේ වන විට ප්රමුඛ අරමුණක් නොවේ.
පළමු අරමුණනම් බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මේ අරමුණ හා හොඳින් ගැලපෙන්නේ දැනට ලියා ඇති ලිපි වලින් අඩක් පමණ පමණක් පමණි. ඒ ලිපි වුවද නිශ්චිත පිළිවෙළකට ලියැවී නැත. මෙයට එක් හේතුවක් වූයේ පාඨකයින් රඳවා තබා ගැනීම සඳහා ඔවුන්ගේ රසඥතාවන් සලකමින් නම්‍යශීලි වීමයි. කෙසේ වුවද, මේ ලිපි බොහොමයක් අදාළ අරමුණ හා ගැටෙන ඒවා නොවේ. මේවා අතර හිස්තැන් පිරවීමෙන් ලොකු කලාලයක් වියන්නට බැරිකමක් නැත.
තෙසතියකට පමණ පෙර ඉකොනොමැට්ටාගේ මැවුම්කරු සිතුවේ වසර අවසානයේදී ඉකොනොමැට්ටා අනන්‍යතාවයට සමු දී මුල් අරමුණ පමණක් වෙනුවෙන් වෙන් වුණු වියුණුවක් අළුතින් ඇරඹිය යුතු බවයි. මේ ගැන පෙර දැනුම්දීමක් කිරීමට නොසිතුවත් පෙර සටහනකින් ඉබේම වාගේ ඒ ගැන ඉඟියක් පළ විය. එයට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් සහ වෙනත් අය පෞද්ගලිකව දැක්වූ ප්‍රතිචාර නිසා මේ අදහස නැවතත් වෙනස් විය. කාල වේලා ප්‍රශ්න ඇතත් ඉකොනොමැට්ටාගේ බොජුන්හල ලබන නවවසරේදීත් විවෘතව පවතිනු ඇත. ලිපි පළ වන වේගය අඩු විය හැකි වුවත් ආකෘතියේ සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇත. ඒ සමඟම ආර්ථික විද්‍යා විෂයයට අදාළ ලිපි වෙනුවෙන් ඇති නැඹුරුව නොගිලිහෙන පරිදි පවත්වා ගැනීම සඳහා යම් වෙනසක් කෙරෙනු ඇත.
ඔබ සැමට සුබ නව වසරක්!
සී යා නැක්ස්ට් යා...!!!
(Image: almostnakedanimals.wikia.com)

ආර්ථික විද්‍යාව
Saturday, December 26, 2015
රැල්ල
මම හොඳටම වකුටු වී දෙකට තුනට නැමී සිටියෙමි. මට කෙළින් විය නොහැකිය. මම දණහිස් බදාගෙන අමාරුවෙන් හුස්ම ගත්තෙමි. වරෙක හුස්ම හිරවෙන්නට යයි. සිරුර හොඳටම තැලී පොඩිවී ඇත. කටේ වැලි පිරී ඇත. කහින විට ලේ පිටවේ. කොයිතරම් කෙළ ගැසුවත් කටේ ලුණු රස එසේමය. සිරුර හොඳටම බර ලෙසක් දැනේ. "මේ කලිසං කෑලි වල බර වෙන්න ඕනෑ" මම සිතුවෙමි. මම ඒවා ඉරා දැම්මෙමි.
එතකොට අර රැළි වලට මොකද වුණේ? මා අවට හැමතැනකම වතුර පිරී ඇතත් වතුර නිසලය. රැල්ලක් නොනැඟේ. මේ විල්ද නැත්නම් කලපුවද?
මට කෙළින් සිටිය නොහැකිය. දෙපා මඩේ එරී ඇත. මම මේ දකින්නේ සිහිනයක්දැයි සිතමින්, එසේ නොවන බව හොඳාකාරවම දැන සිටියත් ඒ බව සහතිකේටම පිළිගන්නට බයෙන්, ඈත, පේනතෙක්මානය දිහා, ඔහේ බලා සිටියෙමි. අවට සිටි සියල්ලන්ටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතන්නට මා පෙළඹුණේ මේ වෙලාවේදීය. එතකොට මේ හැමෝම මැරිලද? එහෙම වෙන්න ඇති. ඔවු, මේ හැමෝම මැරිලා!
***
1964 දී උපන් ස්ටීවන් ලිසන්බර්ග් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් ප්රදේශයේය. පාසැල් අධ්‍යාපනය නිමා කර, ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිදීද දක්ෂ සිසුවෙකු ලෙස කැපී පෙනුණේය. සිය ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු පස්වසරක් ගුරු වෘත්තියේ නියැළුණු ස්ටීව් නැවතත් අධ්‍යාපනය කෙරෙහි යොමු විය. පළමුව වොරික් සරසවියෙන් කාර්මික සම්බන්ධතා පිලිබඳව පශ්චාත් උපාධියක් උපයාගත් ඔහු ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා නැවතත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය.
ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1997දී ස්ටීව් ලාභ-නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පොදු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට (Institute for Public Policy Research) සම්බන්ධ විය. විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ඔහු සතු වූ කුසලතාවයන් හේතුවෙන් සහ විවිධ පර්යේෂකයින් සමඟ සහයෝගයෙන් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සතු වූ දක්ෂතාව හේතුවෙන් ඉතා කෙටි කලෙකින්ම ඔහුට මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් විය හැකි විය.
ස්ටීව් විවාහ වූයේ ඔහුගේ කේම්බ්‍රිජ් පෙම්වතිය වූ, ශ්‍රී ලංකාවේ උපන්, සොනාලි දැරණියගල සමඟය. ඇයද ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිධාරිනියකි. ඔවුන්ගේ කැදැල්ලට කුරුළු පැටවුන් දෙදෙනෙකු එකතු වී සිටියහ. 2004 දෙසැම්බරය ගත කිරීමට ස්ටීව්, සොනාලි සහ දරු දෙදෙනා ලංකාවට පැමිණෙන විට වැඩිමල් වික්‍රම්ගේ වයස අවුරුදු අටකට කිට්ටුව තිබුණේය. මල්ලි ලෙස කවුරුත් හැඳින්වූ නිඛිල්ගේ වයස අවුරුදු පහකි. ලංකාව ඔවුන්ට නුපුරුදු තැනක් නොවීය. 2004 නත්තල සැමරීමට ඔවුන් තෝරා ගත්තේ යාල අභය භූමිය අසල පිහිටි නිවාඩු නිකේතනයකි. සොනාලිගේ දෙමවුපියන් ඇතුළු තවත් අය ඔවුන් හා එක්ව සිටියහ.
ජීවිතය අස්ථිරය. එක් නිමේෂයකින් බොහෝ දේ වෙනස් විය හැකිය. මෙයට හරියටම වසර එකොළහකට පෙර ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමියට අසුවුණු සොනාලිට ඉතා පුදුමසහගත ලෙස දිවි ගලවාගත හැකි විය. එහෙත්, ඇගේ සැමියා, දරු දෙදෙනා මෙන්ම දෙමවුපියන්ද මේ සුනාමියට බිලි වූහ.
මෙවැනි තත්ත්වයට මුහුණ දුන් අයෙකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ සිදුවීමේ කම්පනයෙන් මිදෙන්නට සොනාලිට පහසු වූයේ නැත. සොනාලි කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට තැත් කළාය. මත්පැනින් මතකය පොඟවා දියකර දමන්නට තැත් කළාය. අවසානයේදී, කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට ඇය අදිටන් කරගත්තීය. සොනාලි තුළ වූ ලේඛිකාව අවදි විය. ඈ ඇගේ අත්දැකීම් අකුරු බවට හැරවීය. 2013 වසරේදී පළවුණු වඩාත්ම ජනප්‍රිය පොත් අතරින් එකක් වූ ඇගේ සම්මානලාභී කෘතිය බිහි විය.
රැල්ල (Wave) නම් වූ කඳුළු කතාව මේ නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡයයි.
***
ඔවුන් නැතුව මම කුමක් කරන්නද? මම සිතුවෙමි. තවමත් මා හුස්ම ගන්නේ අමාරුවෙනි. මගේ සිරුර මටම වලංගු නැත. එය මඩේ ලිස්සා යයි.
කිසියම් පිරිසක් කෑගසන හඬ ඇසේ. මුලින්ම ඈතිනි. පසුව ලඟිනි. ඒ සිංහලෙන් එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන්ට මා නොපෙනේ. මට ඔවුන්ව නොපෙනේ.
"මුහුද ගොඩ ගලලා. මහසෝනා ඇවිල්ලා.." අයෙක් කෑගසයි. මුහුද ගොඩ ගලලලු. මහසෝන ඇවිල්ලලු. මහසෝනා!
මම මේ වචනය දැන සිටියෙමි. ඒත් මොහු මේ කියන්නේ කුමක්ද? මා මේ වචනය අවසන් වරට අසා තිබුණේ කුඩා කළ අපේ නිවසේ විසූ මෙහෙකාරිය යක්කු සහ පෙරේතයින් ගැන කතා කියා දුන් කාලයේදීය. මහසෝනා යනු කනත්තේ යක්ෂයාය. කෙතරම් අවුල් සහගතව සිටියත් මට යමක් තේරුම් ගියේය. කුමක් නමුත් අතිශය භයානක සිදුවීමක් සිදුවී තිබේ. අවට හැමතැනකම පෙනෙන්නේ මරණයයි. මේ මිනිසුන් කෑගසන්නේ ඒ නිසාය.
"කවුරු හරි පණ පිටින් ඉන්නවනම් කතා කරන්න. දැන් වතුර බැහැලා. අපි ඇවිත් ඉන්නේ උදවු කරන්න."
මගෙන් හඬක් තබා කෙඳිරිල්ලක් හෝ පිටවුණේ නැත. ඒ තරමටවත් පණක් මගේ සිරුරේ ඉතිරිව නැත.
"මාව බේරගන්න. මාව ගහගෙන ගියා."
ඒ ළමයෙකුගේ හඬකි. හඬ නැඟූ ළමයා සොයමින් මිනිසුන් මා සිටි තැන කිට්ටුවට එනු මට ඇසුණේය. මම වකුටු වී මගේ දණහිස් වටා දෑත් යවා බදාගෙන නිහඬව සිටියෙමි.
මා දුටු ඔවුහු ඉක්මන් ගමනින් මා වෙත පැමිණියහ. ඔවුන් මට කතා කළත් මම පිළිතුරක් නොදුන්නෙමි. මා කඩිනමින් ඔවුන් සමඟ පැමිණිය යුතු බවත්, නැවතත් රැල්ලක් පැමිණිය හැකි බවත් ඔවුහු පැවසූහ. මම කිසිවක් නොපවසා හිස දෙපසට වනමින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.
මම දැඩි ලෙස විඩාපත්ව සිටියෙමි. ඒ නැතත්, මගේ කොළු පැටවුන් දෙදෙනා නොමැතිව මා කොහේ යන්නද? ඔවුන් කෙසේ හෝ බේරී ඇත්නම්? ඔවුන් මේ ළඟපාතකම සිටීමට පුළුවන. මට ඔවුන් තනිකර යා නොහැකිය. නමුත්, මේ කිසිවක් හඬ නඟා කීමට මට නොහැකි විය. ඔවුන් ගැන සොයා බලන මෙන් මේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නට මට නොහැකි විය. අප සියල්ලන්ම ජීප් රථයෙන් පිටතට විසිවී වතුරට වැටුණු බව මට ඔවුන්ට කිව නොහැකි විය. මා එසේ කීවොත් මා දකින මේ සියල්ල යථාර්තයක් බවට පත්වේ. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල සිහිනයක් බව සිතන්නටය.
පිරිස නොඉවසිලිමත් වූහ. ඔවුහු ඔවුනොවුන් හා සාකච්ඡාවකය. ඔවුන්ට මා මෙහි අතහැර දමා යා නොහැක.
"ඒත් අපි මෙයාව මේ විදිහට ගෙනියන්නෙ කොහොමද?" එක් අයෙක් විමසයි. "හරියකට ඇඳුමක්වත් නැතුව"
මොකක්? මම සිතුවෙමි. අයෙක් ඔහුගේ කමිසය ගලවා මගේ ඉන වටා එතුවේය.
(Images: rubinmuseum.org and contrary-mom.com)

මරණය,
සාහිත්‍යය,
ස්වභාවික ව්‍යසන
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...