ඒ හැත්තෑව දශකයේ මුල් කාලයයි. ඉරානයේ ෂා පාලනයට එරෙහිව සෝවියට් උදවු ලබන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් එක් පසෙකිනුත්, ඉස්ලාම් මුලධර්මවාදී කණ්ඩායම් තවත් පසෙකිනුත් කඳවුරු බඳිති. එවකට ඉරානය පාලනය කළ මොහොමඩ් රෙෂා පාලවී ෂා රජුට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධවත්, දූෂණ සම්බන්ධවත් චෝදනා ඉදිරිපත් වී ඇත. ඇමරිකාවේ නිවු යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු රෙෂා ෂා සමඟ සාකච්ඡාවකය.
"ඔබ සිතන පරිදි ඉදිරියේදී ලෝක තෙල් මිල ඉහළ යයිද?"
"පැහැදිලිවම ඉහළ යනවා! අනිවාර්යයෙන්ම!! දැන් ඔබ අපට විකුණන තිරිඟු වල මිල පසුගිය කාලයේ තුන් ගුණයකින් වැඩිකළා. එතකොට සීනි? සිමෙන්ති? ඒවත් එහෙමයි. දැන් ඔබ අපේ බොර තෙල් කුණු කොල්ලෙට මිල දී අරගෙන ඒවා පිරිපහදු කරලා හදන දේවල් අපෙන් ගත් මිල වගේ සිය ගුණයකට නැවත අපටම විකුණනවා. මේ වැඩේ සාධාරණද? දැන් ඉඳලවත් ඔබ අපේ තෙල් වලට වැඩිපුර ගෙවිය යුතුයි. ඔවු, අඩු ගානේ දහ ගුණයක්වත් වැඩියෙන්..."
මේ කාලයේදී ඉරානය ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වූ අතර ඇමරිකාව සමඟ ඉතා යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන් පවත්වාගනිමින් සිටි රටකි. එසේනම්, රෙෂා ෂාගේ මේ බැලූ බැල්මටම ඇමරිකන් විරෝධී ආස්ථානයට හේතුව කුමක්ද?
ඇතැම් විට මෙතෙක් කලක් බටහිර රටවල් විසින් තමන්ව රවටනු ලැබුවායැයි ඔහු සිතුවා විය හැකිය. එසේ නැත්නම්, ඇමරිකාවෙන්ද තමන්ට එල්ල වී ඇති මානව හිමිකම් සහ දූෂණ චෝදනා සම්බන්ධව ඔහුගේ අප්‍රසාදය පළකළා විය හැකිය. මේ දෙකටම වඩා, ඇමරිකන් ගැත්තෙකු ලෙස තමන්ට රට තුළ ඇලවී ඇති ලේබලය ඉවත් කර ගැනීම සඳහා ගැලරියට කතා කළාද විය හැකිය. කෙසේ වුවද, රෙෂා ෂාගේ මේ වචන වලින් පෙන්වන්නේ දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවයි. මෙය අදටද වලංගු කරුණකි.
රෙෂා ෂාගේ ඉහත අදහස් දැක්වීමට හේතුව කවරක් වුවද ඔහුගේ වචන තුළින් එළියට ආවේ අරාබි රටවල් ප්‍රමුඛ තෙල් අපනයනය කරන රටවල් බොහොමයක එවකට පැවති ජනප්‍රිය මතයයි. මේ වචන යතාර්ථයක් බවට පත්වන්නේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර යොම් කිපූර් යුද්ධය ඇරඹීමත් සමඟය. මේ අවස්ථාවේදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට බොරතෙල් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අමතරව සයදින යුද්ධයේදී විසින් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බිම් පෙදෙස් සියල්ල ආපසු ලබාදෙන තුරු සිය තෙල් නිෂ්පාදනය මසකට 5% බැගින් අඩු කිරීමටද ගල්ෆ් කලාපයේ පිහිටි ඔපෙක් රටවල් තීරණය කළේය.
මෙසේ පැනවූ සම්බාධක පස් මසකින් පසු ඉවත් කෙරෙන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 3 සිට 12 දක්වා සිවු ගුණයකින් ඉහළ ගොස් අවසන්ය. මිල ඉහළ ගියද පෙට්‍රෝලියම් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ක්ෂණිකව අඩු නොවේ. මේ නිසා මේ කාලය තුළ තෙල් අපනයනය කරන රටවල ආදායමද විශාල ලෙස ඉහළ ගියේය.
තමන්ගේ තෙල් සංචිත වල දේශපාලන අවියක් වශයෙන් ඇති වටිනාකම අරාබි රටවල් විසින් හරියටම තේරුම් ගත්තේ මේ 1973 සම්බාධක වලින් පසුවය. සම්බාධක පැවති කාලය තුළ බොරතෙල් නිෂ්පාදනය 25%කින් අඩු කිරීමට මේ රටවලට හැකි විය. බහුජාතික සමාගම් හරහා ලෝක තෙල් වෙළඳපොළේ බටහිර රටවල් සතු වූ ආධිපත්‍යය කෙමෙන් ගිලිහී අරාබි රටවල් අතට පත් වෙද්දී බටහිර විරෝධය සමඟ එක්ව ඉස්ලාම් මූලධර්මවාදය හිස ඔසවන්නට විය. ඉරානයේ ෂා පාලනය බිඳ වැටුණු අතර අයතොල්ලා කොමෙයිනි විසින් නැවතත් ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කළේය.
මැද පෙරදිග කලාපයට ගලා ආ තෙල් සල්ලි ආයුධ මිල දී ගැනීම වෙනුවෙන් විශාල ලෙස වැය කෙරුණු අතර පසුකාලීනව කලාපයේ ඇතිවූ ගැටුම් රැසකදී මේ ආයුධ ප්‍රයෝජනයට ගැනිණි. එමෙන්ම, ඉස්ලාම් ධර්මය පිලිබඳ සවුදි අරාබි අර්ථකථනය ඉදිරිපත් කෙරෙන වහාබ්වාදය ලොව පුරා පැතිරවීම සඳහා එදා මෙදා තුර විශාල මුදලක් වැය කෙරුණු අතර මෙය තවමත් සිදුවෙමින් පවතින්නකි. ආචාර්ය යුසුෆ් බට්ට අනුව වහාබ්වාදය ප්‍රචලිත කිරීම සඳහා සවුදි අරාබිය විසින් පසුගිය දශක තුන තුළ වඩා දුප්පත් මුස්ලිම් රටවල් වෙත පොම්ප කර ඇති මුදල ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවන අතර ඇතැම් විට එමෙන් දෙගුණයක් වුවද විය හැකිය. මේ මුදල සමඟ සැසඳීමේදී 1921-1991 අතර වසර හැත්තෑවක කාලය තුළ සෝවියට් දේශය විසින් ලොවපුරා කොමියුනිස්ට්වාදය පැතිරවීම සඳහා වැය කර ඇතැයි ඇස්තමේන්තු කර ඇති ඇමරිකන් ඩොලර් බිලියන 7ක පමණ මුදල සොච්චමකි. මේ මුදල් පකිස්ථානය තුළ වැය කෙරෙන ආකාරය විකිලීක්ස් මඟින් එළිදරවු කර ඇති, මෙහි ඇති කේබල් පණිවුඩයේ විස්තර කෙරේ. එහි අවසානය දක්වා කියවුවහොත් වහාබ්වාදය පැතිරවීමට සවුදි අරාබියට ඉඩ හැරීම සැබෑ ඇමරිකන් අපේක්ෂාව නොවන බව පැහැදිලිය.
ඇමරිකන් දේශපාලනික අපේක්ෂාවන් තුළ බොහෝ විට ඇත්තේ දිගුකාලින ආර්ථික අපේක්ෂාවන්ය. ලොව පුරා වහාබ්වාදය හෝ බටහිර සංස්කෘතියට තර්ජනයක් විය හැකි වෙනත් මතවාදයක් පැතිරෙනු දැකීම ඇමරිකානු අපේක්ෂාවක් වීම පිළිගත හැකි තර්කයක් නොවේ. එහෙත්, ඇමරිකන් ආර්ථිකය දිවවීමට අවශ්‍ය ඉන්ධන වැඩිපුරම ඇත්තේ සංස්කෘතිකව හෝ දේශපාලනිකව ඇමරිකන් විරෝධී රටවල් සතුවය. මේ නිසා කලින් කලට ඇමරිකාව මෙවැනි ඇතැම් රටවල් සමඟ උපක්‍රමික දේශපාලනයක යෙදේ. මෙසේ කෙටිකාලින වාසි තකා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග වලින් දිගුකාලිනව සිදුවී ඇති අවාසි පිලිබඳ නිදසුන් ඉතිහාසය තුළ නොඅඩුව දැකිය හැකිය. කවුරුත් දන්නා මේ දේවල් ඇමරිකන් ප්‍රතිපත්ති සම්පාදකයින් නොදන්නවායැයි යමෙක් සිතනවානම් එතරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පිළිගත හැකි තර්කයක් වන්නේ මෙවැනි තාවකාලික උපක්‍රමික සංධාන පවත්වාගැනීමට ඇමරිකාවට අවශ්‍ය වන්නේ ඇමරිකාවේ දිගුකාලීන අරමුණු ඉටුකරගන්නා තාක් පමණක් බවයි.
ඇමරිකන් ඉන්ධන අවශ්‍යතා සහ නිෂ්පාදන හැකියාවන් අතර පරතරය දශක ගණනාවක් තිස්සේ ඇමරිකාවට කෙටිකාලීන විසඳුම් සෙවිය නොහැකි වූ ප්‍රශ්නයකි. එහෙත්, අඩුම වශයෙන් අඩසියවසක පමණ සිට ඇමරිකාව විසින් මේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටියේය. උතුරු ඇමරිකාව තුළ ඇති සම්ප්‍රදායික ඛනිජ තෙල් සංචිත මේ වන විට මුළුමනින්ම පාහේ නිරාවරණය කරගෙන අවසන්ය. ඒ නිසා, මේ ගැටළුවට සාම්ප්‍රදායික විසඳුමක් තිබුණේ නැත. දශක ගණනාවක පර්යේෂණ වලින් අනතුරුව මේ වන විට ඇමරිකාව සාර්ථකව ප්‍රයෝජනයට ගන්නා හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය (Hydraulic fracturing) සහ එමඟින් නිපදවන ශල්ක තෙල් (shale oil) මේ ප්‍රශ්නයට ඇමරිකාව සොයාගත් විප්ලවීය විසඳුමකි. එක් අතකින් මේ ක්‍රමයට අළුතින් කැණීම් අට්ටාලයක් ඉදිකිරීමට ගතවන කාලය සහ වැයවන පිරිවැය සම්ප්‍රදායික තාක්ෂණයට සාපේක්ෂව ඉතා අඩුය. අනෙක් අතින්, උතුරු ඇමරිකාවේ මේවන විට සොයා නොගත් සම්ප්‍රදායික තෙල් සංචිත නොමැති වුවත් ශල්ක තෙල් සංචිත 'ඕනෑ තරම්' තිබේ. මේ සංචිත තව බොහෝ කලකට ප්‍රමාණවත්ය.
ලෝකයේ බොරතෙල් අපනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ සවුදි අරාබිය සහ රුසියාවයි. ඉන්පසුව පිළිවෙලින්, ඉරානය, ඉරාකය, නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මුස්ලිම් රටවල්ද ඇන්ගෝලාව සහ වෙනිසියුලාවද සිටී. මේ රටවල් බොහොමයක ආර්ථිකයන් විශාල ලෙස විවිධාංගීකරණය වී නොමැති අතර බොහෝ දුරට බොරතෙල් අපනයනයෙන් ලැබෙන ආදායම මත රඳා පවතී. තෙල් මිල පහත වැටීම මේ රටවල ආර්ථිකයන්ට මරු පහරකි.
අනෙක් අතට, තෙල් ආනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ ඇමරිකාවයි. ඉන් පසුව සිටින්නේ නැගීගෙන එන රටවල් වන චීනය සහ ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බටහිර යුරෝපීය රටවල්ය. මේ රටවල ආර්ථිකයන්ට තෙල්මිල පහත වැටීම විශාල පාරිතෝෂිකයකි. මෝටර්රථ නිෂ්පාදනය වැනි තෙල් මිල අඩුවීමෙන් වාසි ලැබිය හැකි නිෂ්පාදන කර්මාන්ත වලින් ඉදිරියෙන් සිටින්නේද මේ රටවල්ය.
මේ බෙදීම තුළ, තෙල් මිල පහත යාමෙන් බටහිර රටවල් බොහොමයකට සැලසෙන්නේ වාසියකි. සම්ප්‍රදායික බටහිර විරෝධී රටවල් බොහොමයකට සැලසෙන්නේ අවාසියකි. කෙසේ වුවද, කැනඩාව සහ නොර්වේ වැනි ඇතැම් බටහිර රටවලටද තෙල් මිල පහත වැටීම අවාසියකි.
පසුගිය දෙවසර තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටුණේ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනය විශාල ලෙස වැඩි වූ නිසාය. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂනය උපයෝගී කරගනිමින් ඇමරිකාව විසින් විශාල ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ හේතුවෙන් මේ වන විට බොරතෙල් නිෂ්පාදනය අතින් සවුදි අරාබිය සහ රුසියාව අභිබවමින් මුල් තැනට පැමිණීමට ඇමරිකාවට හැකි වී තිබේ. ඒ සමඟම ලෝක බොරතෙල් නිෂ්පාදනය සමස්ත ලෝක පරිභෝජනය ඉක්මවීම නිසා නිපදවෙන බොරතෙල් වලින් සංචිත පිරෙමින් පවතී. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 34 මට්ටම දක්වා අඩු වී ඇති අතර මෙය වසර නවයකින් දක්නට නොලැබුණු අඩු මිලකි.
පවතින තත්ත්වය යටතේ තෙල් මිල ඉහළ නැංවීමටනම් සමස්ත ලෝක බොරතෙල් නිෂ්පාදන පරිමාවේ අඩුවක් සිදුවිය යුතුය. හේතු කිහිපයක් නිසා ඇමරිකාව විසින් මෙය කිරීම සිදුවිය නොහැක්කකි. පළමුව, මේ වන විට ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වී සිටියද ඇමරිකාව තවමත් තෙල් ආනයනය කරන රටකි. දේශීය තෙල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම හැටේ දශකයේ පටන්ම ඇමරිකානු අභිලාෂයකි. දෙවනුව, සමස්තයක් වශයෙන් තෙල්මිල අඩු මට්ටමක පැවතීම ඇමරිකානු ආර්ථිකයට වාසිදායකය. තෙවනුව, ඇමරිකාවේ තෙල් නිෂ්පාදනයට ඇමරිකානු රජයේ සම්බන්ධයක් නැත. ඒ නිසා ඇමරිකානු රජයට අවශ්‍ය වුවද තෙල් නිෂ්පාදනය සීමා කිරීම අසීරු කටයුත්තකි.
අනෙක් අතින් මේ අවස්ථාවේදී සවුදි අරාබිය හෝ රුසියාව බොරතෙල් නිෂ්පාදනය සීමා කළහොත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය තවදුරටත් දිරි ගැන්වී දැනට මේ රටවල් විසින් පාලනය කරන තෙල් වෙළඳපළවල් ඇමරිකන් සමාගම් මඟින් අල්ලා ගැනීමේ ඉඩකඩක් පවතී. එසේ වුවහොත් පාඩු දෙකක් සිදුවේ. මේ නිසා සවුදි අරාබිය හෝ රුසියාව තවමත් සිය බොරතෙල් නිෂ්පාදන පරිමා පහත හෙලීමට කටයුතු කර නැත. කෙසේ වුවද, මේ රටවල් දෙක අතරින් සවුදි අරාබියේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය ඉතාම අඩු නිසා ඔවුන්ට මේ අඩු මිල ගණන් යටතේත් තව දුරටත් කිසියම් ලාභයක් ලැබීමට බැරිකමක් නැත. එහෙත්, රුසියාවට ඒ වාසියද නැත. ඒ නිසා නිෂ්පාදන සීමා කිරීමේ හැකියාව ඇත්තටම ඇත්තේ සවුදි අරාබියට පමණි.
ඔපෙක් සංවිධානය මඟින් සාමාජික රටවලට තෙල් නිෂ්පාදන කෝටා නියම කර තිබියදී ඇතැම් රටවල් වංචා සහගත ලෙස මේ සීමාවන් ඉක්මවීම හැමදාමත් සිදුවූ දෙයකි. මෙවැන්නක් සිදුවන විට මෙතෙක් කල් සවුදි අරාබිය විසින් කළේ එසේ වැඩිපුර නිෂ්පාදනය කරන ප්‍රමාණය වෙනුවෙන්ද තමන්ගේ නිෂ්පාදනය අඩු කිරීමෙන් කෙසේ හෝ මිල මට්ටම පවත්වා ගැනීමයි. එහෙත්, මෙවර සවුදි අරාබිය කරන්නේ වෙනත් ක්‍රීඩාවකි.
මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි. ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය සාම්ප්‍රදායික ක්‍රම වලින් බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී දැරිය යුතු පිරිවැයට වඩා විශාලය. සම්ප්‍රදායික ක්‍රමයට බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී ආරම්භක ප්‍රාග්ධනය ඉතා විශාල වුවත් මේ ප්‍රාග්ධනය වැය කිරීමෙන් අනතුරුව ඉතා අඩු ආන්තික පිරිවැයක් වැයකරමින් දශක ගණනාවක් පුරා බොරතෙල් නිපදවිය හැකිය. ශල්ක තෙල් කැනීම් අට්ටාලයකින් කාර්යක්ෂම ලෙස බොරතෙල් නිපදවිය හැක්කේ වසර කිහිපයක් පමණි. ඒ නිසා ශල්ක තෙල් නිෂ්පාදකයින්ට දිගුකාලීන ලාභයක් ලැබීමට නිරතුරුවම අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීමට සිදුවන අතර එසේ කිරීම ලාභදායක වීමට බොරතෙල් මිල සැලකියයුතු ඉහළ මට්ටමක තිබිය යුතුය. කෙසේ වුවද, ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන තාක්ෂණය තවදුරටත් දියුණු වෙමින් පවතින අතර ඒ සමඟ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැයද ක්‍රමයෙන් පහත වැටේ.
මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ. ඔවුන්ගේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය අඩු නිසා තවදුරටත් තෙල් වෙළඳාමෙන් ලාභ ලැබිය හැකි වුවත් මේ ලාභය සාමාන්‍යයෙන් ඔවුන් ලබන ලාභයට වඩා බොහෝ සේ අඩුය. අත දිග හැර තෙල් සල්ලි වියදම් කිරීමට පුරුදු වී සිටින සවුදි අරාබියට ඔවුන්ගේ වියදම් පිරිමසා ගැනීමට මේ අඩු ලාභය ප්‍රමාණවත් නැත. තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත.
ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. ඒ කවුරු වුවද, තරඟයේ ජයග්‍රහකයා තීරණය වීමට පෙර රුසියාව ඇතුළු තෙල් අපනයනය කරන වෙනත් රටවල් රැසකටම පැරදෙන්නට වන බවනම් සහතිකය.