වෙබ් ලිපිනය:

Monday, April 11, 2016

නෙය්යප්පම් හා අච්චප්පම්

පැණිරස කෑමට සහ තෙල් කෑමට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත ජාන වලින්ම එන එකකි. සියවස් කිහිපයකට පෙර මැල්තුසියානු උගුලෙන් ගැලවෙන තුරු, අතළොස්සක් හැර ලෝකය පුරා ජීවත් වූ මිනිසුන්ගේ සාමාන්‍ය ඉරණම වූයේ ජීවිත කාලය පුරාම කුසගින්නෙන් පීඩා විඳීමයි. වසර දස දහස් ගණනක් වූ මේ දීර්ඝ කාලය තුළ වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත හැකි ආහාර වන සීනි හා තෙල් අඩංගු ආහාර යනු කෙනෙකුට කලාතුරකින් ලැබුණු 'සුඛෝපභෝගී භාණ්ඩ' විය.

අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.

ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු)  කේතු සෛල වර්ග දෙකක්
අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.

කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.

පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.


නෙය්යප්පම්



අච්චප්පම්

 

32 comments:

  1. හෑ.. මේ කැවුමුයි කොකිසුයි නේද?
    //කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්//
    මේ නම් ඉතිං ආහාර නැව් පිටින් මූදෙ දාන හිංදනෙ.
    කොහොමින් හරි..
    සුබ සිංහල දෙමල අලුත් අවුරුද්දක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ කැවුම් හා කොකිස් වලට බොහෝ දුරට කිට්ටුයි. අච්චප්පම් වලට සීනිත් එකතු කරන නිසා පැණිරසයි. ඔබටත් සුබ අළුත් අවුරුද්දක්!

      Delete
  2. කේරලයයි , ලංකාවයි අතර පුදුම සමාන කමක් තියෙන්නේ....
    ඉකොනොමැට්ටට සුභා අළුත් අවුරුද්දක් වේවා....

    මේපාර ඉකොන්ගේ අවුරුදු මේසායට හෙල කෑමක් උන ලොලිපොප් එකතු කර ගැනීමට අමතක... කරන්න එපා

    ලොලි පොප් ද හෙල කෑමකි........

    ReplyDelete
    Replies
    1. සිංහල බාශාවට එකතුවී ඇති දෙමළ වචන කියා හඳුන්වන වචන වැඩි හරියක් මලයාලි බාශාවෙන් ලැබුණ වචන.

      Delete
    2. මයියගේ ලොලිපොප් පෝස්ට් එක කියෙවුවා. කිතුල් පැණි උණු කරලා හකුරු හදන වෙලාවට කෝටුවක පොතු ඇරලා දැහැටි කූරක් වගේ එකක් හදාගෙන හදාගෙන ලඟට වෙලා බලා ඉන්නකොට පැණි උණු කළ වැඩිහිටියෙක් ඒක පැණි එකේ ඔබලා දීලා තියෙනවා. පැණි ටික හයි වුනාම සිංහල ලොලිපොප්.

      ජගත්: දෙමළ හා මලයාලි වචන ගොඩක් කිට්ටු නිසා කොයි පැත්තෙන් ආවද කියල හොයන්න අමාරුයි. සමහර වචන සිංහලට එකතු වෙන්න ඇත්තේ දෙමළ සහ මලයාලම් භාෂා දෙක එකම මූලයකින් විභේදනය වෙන්න කලින් වෙන්නත් පුළුවන්. පැහැදිලිවම කේරළයෙන් පැමිණි වචන වගේම වෙනත් බොහෝ දේවලුත් තියෙනවා. කේරළයේ 'විෂු' නමින් මේෂ සන්ක්රාන්තියත් සමරනවා. (සිංහල සංස්කෘතියට ලොකුම බලපෑම් කළ ඉන්දියානු ප්‍රදේශ වන බෙංගාලයේ වගේම කේරළයේත් මෙය සැමරීම විශේෂ කරුණක්.)

      දෙන්නටම සුබ නව වසරක්!

      Delete
  3. කොකිස් කියන්නේ පෘතුගීසීන්ගෙන් ලැබුනු කෑමක් නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන විදිහට කොකිස් වල මූලාරම්භය ස්වීඩනයේ රෝසට් (Rosette) විය හැකියි. ලංකාවේ රසකැවිලි අතරට එකතු වුනේ පෘතුගීසි කාලයේ හෝ ලන්දේසි කාලයේ විය හැකියි. (http://america.pink/rosette-cookie_3813487.html) කේරළයේදී, ලංකාවේදී හෝ මැලේසියාවේදී (ඇතැම් විට සමාන්තරව එකම කාලයකදී) එළකිරි වෙනුවට පොල්කිරි ආදේශ වී තිබෙනවා.

      Delete
  4. ආ මේ ඒවාද???
    මේ අවුරුද්දේ දියවැඩියා රෝගීන් වැඩි වෙලාලු ඕන්..

    ඉකොනොමැට්ටාාට ලබන වසර සුඹ ම සුඹ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. සුඹ ම සුඹ ???????????????

      Delete
    2. ස්තූතිවිචාරක වරද පෙන්ුවාට..
      හදිසියේ ලියන් ගියේ...

      Delete
    3. දෙන්නටම සුබ නව වසරක්!

      Delete
  5. නැහැ අවූරුදු නිසා සල්ලි දිලා දෙල්කඳ පොලෙන් ගත්තා

    ReplyDelete
  6. අවුරුදු කාලේ මේ වගේ තෙල් සීනි වැඩි සුඛෝපබෝගී කෑම නිතරම උයන්නේ ලංකාව ගොවි සමාජයක් නිසා නේද? අවුරුද්ද පුරාම කෑම අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා අස්වැන්න නෙලන මැදින් බක් මාසවලදී වැඩිපුර කන්න ශක්තිය වැඩිකරගන්න සැලැස්මක් තමා අවුරුදු උත්සවය කියන්නේ..

    නෙයියප්පම් කැවුම් වගේ උනාට කැවුම් නෙවි..(රෙසිපි එකට අනුව)

    ReplyDelete
    Replies
    1. ශීත කළ නෙයියප්පම් පැකට් අපි සාමාන්‍යයෙන් මිල දී ගන්නවා. මෙහි ඇති රෙසිපි එකේ පොඩි වෙනස්කම් තිබුණත් රසේ ලොකු වෙනසක් නැහැ. සුබ නව වසරක්!

      Delete
  7. අප්පම් හරි මම්මම් හරි කොහේ හැදුවත් රසකැවිලි රසකැවිලිම තමා.

    ReplyDelete
  8. අතීත පිරිමි ආහාර සෙවීමේදී රංචුවක් ලෙස සංවිධානය වී ලොකු සතුන් දඩයම් කිරීමට හුරුවී සිටියා. ගැහැණු තනිවම ආහාර සෙවීමට හුරුවී සිටියා. එමනිසා පිරිමින්ට කොමියුනිස්ට් හැදියාව වැඩියි. ගෑණුන්ට ඒකීය ලිබටේරියන් හැදියාව වැඩියි.

    ReplyDelete
  9. අච්චප්පම් නම් මෙහෙ කඩවල දැකල තියෙනවා නම දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  10. කොකිස් රෙසිපිය මෙන්ම නමත් ( koekjes )ලන්දේසින්ගෙන් ලැබුනයි කියල තමයි විශ්වාස කරන්නේ.
    හැබැයි ඒ කාලයේ කේරලයෙන් ආපු එකකට ලන්දේසි නමක් ( කුකීස්/බිස්කට් වලට යෙදෙන ඩච් නම koekjes) වැටුනද කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ බොහෝ විට අපට එන්න ඇත්තේ ලන්දේසින් හරහා බවයි. ලන්දේසීන්ට මේ koekjes වර්ගය එන්නේ ස්කැන්ඩිනේවියානු රටවලින්.

      Delete
  11. කේරලේ කොන්ඩ කැව්ම් නැද්ද. ඉඳි ආප්ප නම් තියනවලු නේද ?

    ReplyDelete
    Replies
    1. ඉඳි ආප්ප නෑ. එහෙ තියෙන්නෙ ඉඩි අප්පම් :D

      Delete
    2. කොණ්ඩ කැවුම් කියන්නේ උනියප්පම්. අච්චුවකින් හදන්නේ. හැඩය ටිකක් වෙනස් වුනත් රස වැඩි වෙනසක් නැහැ. මේ වගේ කොණ්ඩ කැවුම් අච්චුවක් පොඩි කාලේ අපේ ගෙදරත් තිබුණා. ඒ වගේම ඉඩි(දි)යප්පම්, පු(පි)ට්ටු, වටය(ල)ප්පම් ආදියත් කේරළ කෑම. දෙන්නටම සුව නව වසරක්!

      Delete
  12. ලංකාවෙන් බාගයක්ම කේරල තමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කේරළ මිශ්‍රණය ගැඹුරු හා සංකීර්ණ එකක්. කලින් කලට කේරළයෙන් ලංකාවට පැමිණි අය පසුව සිංහලයින් හා මුස්ලිමුන් වී තියෙනවා.
      සුබ නව වසරක්, රසික!

      Delete
    2. කරාව මිනිස්සු කියන්නෙත් කේරල මිනිස්සුන්ට. එයාලා ඉස්සර කුලී හේවායො හැටියට ආව අය. ඒ නිසාම අදත් හමුදාවෙ ඉහල පුටු වල ඉන්නෙ කරාව මිනිස්සුමයි.
      නලීන් ද සිල්වාත් කරාව ඒ නිසාද මන්දා පොඩි දේටත් රන්ඩු කරනවා (බොරුවට වෙන්නත් පුළුවන්).
      කරාව කුලයේ අය වැඩියෙන් කතෝලික ආගමට හැරීමත් මෙයින් පැහැදිලිකල හැකියි. පෘතුග්‍රීසීන් පැමිනෙනවිට කරාව මිනිස්සු නාමිකව බෞද්ධ වුවත් ප්‍රායෝගිකව හින්දු. හින්දු කෙනෙක්ට කතෝලික ආගමට හුරුවීම පහසුයි.

      Delete
  13. නම මොකක් උනත් හැඩේ තියෙනව ඒ විදියටම.
    අවුරුද්දට කලින් නොනගතේ දෙන්නෙත් ඔය කන තෙල් කෑම ලොට් එකට බඩ හිස්කරල තියාගන්න කියල කියවනෙ.

    ඉකොනොටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...