චීනයේ, ඇමරිකාවේ හා වෙනත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය ගැන මා වරින් වර අදහස් පළ කළත් ලංකාවේ කොරෝනා පැතිරෙන ආකාරය විග්රහ කරන්න ගියේ නැහැ. එයට හේතුව ලංකාවේ දත්ත වල ස්වභාවය අනුව ලොකු නිගමන වලට පැමිණීමේ හැකියාවක් නොතිබීමයි. එහෙත්, මේ වෙද්දී මාසයක පමණ දත්ත එක් රැස් වී තිබෙන නිසා යම් නිගමන වලට පැමිණෙන්න පුළුවන්.
ලංකාවේ මෙතෙක් කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට බෙදන්න පුළුවන්. පළමු රෝගියා හමු වීමේ සිට දෙවන රෝගියා හමු වීම දක්වා කාලය පළමු අදියරයි. ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමු වුනේ ජනවාරි 27 වනදා. මගේ මතකය නිවැරදිනම් මෙසේ ලංකාවේදී හඳුනා ගැනුණු චීන කත දකුණු ආසියාවෙන්ම හමු වූ පළමු කොරෝනා ආසාදිතයායි.
චීනයේ වුහාන් නගරය වසා දමනු ලැබූයේ ජනවාරි 23 දිනයි. ඉහත කී චීන කත ලංකාවට පැමිණ තිබුණේ ඊට පෙරයි. ලංකාවේ චීන තානාපති කාර්යාලයට අනුව, වුහාන් නගරය වසා දැමීමෙන් අනතුරුව චීන තානාපති කාර්යාලය විසින් ඒ වන විට ලංකාවේ සිටි චීන ජාතිකයින්ව දිනපතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. කොරෝනා අවදානම සහිත අයෙකු ලෙස පෙර කී තැනැත්තියව හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන්නේ චීන තානාපති කාර්යාලය විසිනුයි. ඉන් පසුව ඇය සුවය ලබා චීනය බලා පිටත්ව ගියා.
මේ පළමු ආසාදිතයාගෙන් වෙනත් කිසිවෙකුට රෝගය බෝ වුනේ නැහැ. ඇයව මුලදීම හඳුනා ගැනීම එයට උදවුවක් වෙන්න ඇති. ඒ වන විට ලංකාවේ රජය කොරෝනා පාලනය ගැන බරපතල ලෙස හිතා තිබුණේ නැහැ. එසේ හිතන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. එහෙත්, චීන තානාපති කාර්යාලයට අනුව ඔවුන් ලංකාව තුළ චීන ජාතිකයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ඒ වන විටද සැලකිලිමත්ව සිට ඇති බව පෙනෙනවා.
පළමු කාන්තාව සුවය ලබා පිටව යාමෙන් අනතුරුව ඇතැම් අය ඒ ගැන ඕනෑවටත් වඩා උදම් ඇනුවා. කොහොම වුනත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබීම ඉතාම සාමාන්‍ය දෙයක්. ආසාදිතයින්ගෙන් අවම වශයෙන් 80%කට පමණම රෝහල්ගත වීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. මේ පළමු රෝගියා ලංකාවෙන් හමු වීම වගේම ඇය සුවය ලබා පිට වී යාමත් අහඹු සිද්ධි පමණයි. එහෙත්, ඇයගෙන් තවත් කිහිප දෙනෙකුට රෝගය පැතිරීමේ අවදානමක් තිබුණා. චීන තානාපති කාර්යාලයට අනුව ඒ අවදානම පහව තිබෙන්නේ ඔවුන්ගේ සැලකිලිමත්කම නිසයි.
ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දෙවන අදියර ලෙස මා සලකන්නේ දෙවන කොරෝනා රෝගියා හමු වූ තැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීම දක්වා කාලයයි. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලය මා තෙවන අදියර සේ සලකනවා.දෙවන රෝගියා හමු වූ දින සිට දිනපතාම වගේ ලංකාවෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමු වෙනවා. දෙවන අදියරේදී වැඩිපුර හමුවුනේ ආනයනික ආසාදිතයින්. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ඒ තත්ත්වය නැවතුනා.
කටුනායක ගුවන් තොටුපළ වසා දමනු ලැබුවේ මාර්තු 19 වනදා. දෙවන රෝගියා හමු වුනේ ඊට සතියකට පෙරයි. මේ සතිය ඇතුළත ලංකාවෙන් දිනකට හමුවන අලුත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දවසින් දවසම ඉහළ ගියා. ගුවන් තොටුපොළ වසා දැමීම තවත් කල් ගියානම් එසේ කල් යන එක් දවසක් තුළදී වුවත් රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව සැලකිය යුතු තරමින් ඉහළ යා හැකිව තිබුණා. ඒ නිසා, ඒ වෙලාවේ ගුවන් තොටුපොළ වසාදැමීම ලංකාව විසින් ගත් හොඳ තීරණයක්.
දින කිහිපයකට කලින් ගුවන් තොටුපළ වසා දැමුවානම් ආනයනික රෝගීන්ගේ යම් අඩුවක් විය හැකිව තිබුණා. එහෙත්, රටක් බාහිර ලෝකය සමඟ තිබෙන සම්බන්ධය මුළුමනින්ම කපා දැමීම හිතා මතා ගත යුතු තීරණයක්. ඒ තීරණය මීට පෙර ගත හැකිව හෝ ගත යුතුව තිබුණා කියා මා හිතන්නේ නැහැ. ඒ වගේම දින කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වසා දැමුවානම් ලංකාවට කොරෝනා රෝගීන් ඇතුළු වීමේ ඉඩක් කිසිසේත්ම නොතිබුණා කියා කියන්නත් බැහැ. මේ වෛරසය කොයි වෙලාවේ හෝ රටට ඇතුළුවීම වලක්වනු අසීරු දෙයක්.
ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම කෙරෙහි බලපෑ වැදගත්ම තීරණය කටුනායක ගුවන් තොටුපොළ වසා දමනු ලැබීමයි. ඒ සමඟම ආනයනික රෝගීන් රටට පැමිණීම වැළකුණා. මා මේ කරුණු කියන්නේ සමස්තයක් ලෙසයි. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීරණ වල අඩුපාඩු දැකිය හැකි වූ බව එතරම් අදාළ කරුණක් නෙමෙයි.
රට බාහිර ලෝකයෙන් වෙන් කර ගැනීමෙන් පසුව, තෙවන අදියරේදී, කොරෝනා පාලන උපාය මාර්ග වල අවධානය යොමු විය යුතු වූයේ එක් පෙරමුණකට පමණයි. එහෙත්, ඊට පෙර දෙවන අදියරේදී පෙරමුණු දෙකක සටන් කළ යුතුව තිබුණා. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු මේ දක්වාම ලංකාවේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රධානම උපක්‍රමය සබඳතා හඹා යාමයි. මේ කටයුත්තේදී ආණ්ඩුව උතුරේ යුද්ධයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පේනවා.
මේ වන විට අලුතෙන් හඳුනා ගැනෙන රෝගීන් බොහෝ දෙනෙක් ඊට පෙර අවදානම් සහිත පුද්ගලයින් සේ හඳුනා ගෙන නිරෝධායනයට ලක් කෙරුණු අය වීමෙන් මේ උපක්‍රමයේ සාර්ථකත්වය පෙනෙනවා. ඒ අතරම, එසේ පෙර හඳුනා නොගැනුණු ආසාදිතයින්ද වරින් වර මතු වීමෙන් හා දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබීමෙන් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් පෙන්වා දෙනවා.
රට බාහිර ලෝකයට වසා දැමීමෙන් පසුව අලුතින් රෝගීන් හමුවන රටාව මේ වෙද්දී ඉතාම පැහැදිලියි. හමුවන රෝගීන් ගණන විචලනය වුවත් සාමාන්‍ය වශයෙන් දිනකට අලුත් රෝගීන් හය දෙනෙකු පමණ හමු වන බව පෙනෙනවා. වෙනත් බොහෝ රටවල සිදු වූ අයුරින් දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි නොවීම සැනසිල්ලට කරුණක්. එහෙත්, දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්න අඩු වන බවක්ද පැහැදිලිව නොපෙනීම කණස්සල්ලට කරුණක්.
මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි.
Monday, April 13, 2020
Saturday, April 11, 2020
ඊපීඑෆ් සල්ලි හා පෙට්ටියෙන් පිට විසඳුම්
සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන සල්ලි වලින් කොටසක් අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවට ආණ්ඩුව පැත්තෙන්ම විවේචන එල්ල වී තිබෙනවා.
පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. පෙට්ටිය ඇතුළේ හැම අහු මුල්ලකම හොයා බැලුවට පස්සේත් අවශ්‍ය විසඳුම හමු වී නැත්නම් පෙට්ටියෙන් පිට හොයා බැලීම හැර වෙන විකල්පයක් ඇත්තේත් නැහැ. නමුත්, මේ පෙට්ටියෙන් පිට සිතීම ඉතා සැලකිල්ලෙන් යුතුව කළ යුතු දෙයක්.
පෙට්ටියෙන් පිට විසඳුමක් පෙට්ටිය ඇතුළට ගන්න යෝජනා කරන කෙනෙක් මුලින්ම හොයා බැලිය යුතු දේවල් ගණනාවක් තිබෙනවා. පළමුව, මේ විසඳුම පෙට්ටිය ඇතුළේ නැතුව පෙට්ටියෙන් පිට තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් හොයා ගත යුතුයි.
බොහෝ විසඳුම් පෙට්ටියෙන් පිට තිබෙන්නේ ඒ විසඳුම් කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබී යම් අවස්ථාවකදී පෙට්ටියෙන් එළියට විසි කර ඇති නිසයි. කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබුණු විසඳුමක් එළියට විසි වන්නේ ඒ විසඳුම පෙට්ටිය ඇතුළේ තබා ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව කාලය විසින් තහවුරු කර ඇති නිසයි. කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි කළ කුණු කෑල්ලක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.
සම්ප්‍රදායික දැනුම කියා කියන්නේත් කාලයක් පෙට්ටිය ඇතුළේ තිබී එළියට විසි කළ දැනුම්. කලකට පෙර එළියට විසි වුනු දැනුමක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම සලකා බැලිය යුතු අවස්ථා තියෙන්න පුළුවන්. එහෙත්, ඒ විදිහට නැවත එවැන්නක් ඇතුළට ගන්න පෙර එය එළියට විසි වුනු සන්දර්භය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. කලකට පෙර වැඩකට නැති සේ සලකා එළියට විසි කළ විසදුමක් දැන් නැවත ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? සමහර විට ඒ විසඳුම එළියට විසි කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ ප්රශ්නයේ ස්වභාවය වෙනස් වී තියෙන්න පුළුවන්. ඒ නිසා, කලින් එළියට විසි කළ විසඳුම දැන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ කොහොමද කියා පැහැදිලිනම් මිස කලකදී එළියට විසි කළ විසදුමක් නැවත ඇතුළට ගත යුතු නැහැ.
සමහර විට එළියේ තිබෙන විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළේ නොතිබුණු එකක් වෙන්න පුළුවන්. එහෙමනම් එය වහාම පෙට්ටිය ඇතුළට ගත යුතුද? මෙහිදී, පළමුව ඇසිය යුතු ප්රශ්නය වන්නේ මේ විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළට නොපැමිණියේ ඇයි කියන එකයි. මීට කලින් කිසිම කෙනෙක් පෙට්ටියෙන් එළියට ඔලුව දැම්මේ නැද්ද? හොයා බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ දැන සිටි බවයි. ඒ වගේ නොවටිනා කුණු කෑල්ලක් පෙට්ටිය ඇතුළට ගැනීමත් අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.
පෙට්ටියෙන් පිට විසඳුම් තියෙන්න පුළුවන්. එහෙත්, එවැනි විසඳුමක් හොයා ගැනීම හිතන තරම් පහසු නැහැ. පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන බොහෝ අදහස් එක්කෝ කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි වූ, නැවත පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්. එහෙම නැත්නම්, කලක් පෙට්ටියෙන් පිට කාටත් පෙනෙන්න තිබුණු, එහෙත් පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්.
ඇතැම් විට පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පෙට්ටිය ඇතුළේම තිබෙන විසඳුමක්. ඒ විදිහට රෝදය නැවත නැවත හොයා ගන්නා අය පෙට්ටියෙන් පිට තබා පෙට්ටිය ඇතුළේ තිබෙන දේවල්වත් හරියට නොදන්නා අයයි.
පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. එහි විවාදයක් නැහැ. එහෙත්, පෙට්ටියෙන් පිට හිතන්න කලින් පෙට්ටිය ඇතුළේ ඇති දේවල් ගැන ප්‍රමාණවත් තරමින් හදාරා තිබිය යුතුයි. එසේ නැත්නම් වෙන්නේ නැවත නැවත රෝදය සොයා ගැනීමයි. එයත්, ප්‍රමාණවත් නැහැ. ඉතිහාසය පුරා පෙට්ටිය ඇතුළේ තිබුණු දේවල් ගැනත් හදාරා තිබිය යුතුයි. ඒ දැනුම නැතුව පෙට්ටියෙන් පිට විසඳුම් හොයන කෙනෙක් කරන්නේ රවුම් රෝද ගලවා හතරැස් රෝද හයි කරන එක වෙන්න පුළුවන්.
ඊපීඑෆ් සල්ලි නිදහස් කිරීම පෙට්ටියෙන් පිට විසඳුමක් වෙන්න පුළුවන්. අදහස පළ වෙද්දීම මතු වන විරෝධයෙන් පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු නැති විසඳුමක් බව බොහෝ දෙනෙක් හිතන බවයි. කෝවිඩ්-19 අභියෝගය හමුවේ බොහෝ රටවල් විසින් මෙතෙක් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති සේ සැලකුණු විසඳුම් පෙට්ටිය ඇතුළට අරගෙන තිබෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් එවැනි විසඳුමක් ගැන හිතන කොට ඊපීඑෆ් සල්ලි මතක් වෙන්න ඇති. අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර ලංකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඊපීඑෆ් සල්ලි යොදාගත යුතුය යන අදහසේ සිටි කෙනෙක්.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදහස කිසි කෙනෙකුට හිතා ගන්නවත් බැරි විශ්මිත අදහසක් නෙමෙයි. එහෙත්, මෙවැනි අදහසක් ඔහු වැනි කෙනෙක් හරහා ඉදිරිපත් වූ විට එහි විශේෂත්වයක් තිබෙනවා. ඔහු අදහස් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඒ අදහස් ඉදිරියට ගෙන ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මුළු වැර දරන අයෙක්. ඔහුට ඊට අවශ්‍ය නායකත්ව හැකියාවන් හා සම්බන්ධකම් තිබෙනවා.
මගේ අදහස අනුව මෙය පවතින තත්ත්වය යටතේ පෙට්ටිය ඇතුළට ගත්තාට කමක් නැති අදහසක්. මෙය කෙසේවත් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති කුණු කෑල්ලක් කියා මම හිතන්නේ නැහැ. එහෙත්, මේ වැඩෙන් කොපමණ යහපතක් වේද යන්න ස්ථිරව කිව නොහැකියි.
කබ්රාල් යෝජනා කරන්නේ ඊපීඑෆ් සල්ලි ඒ සල්ලි වල අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බවයි. කොහොමටත් මේ සල්ලි යම් අවස්ථාවක මේ අයටම ලැබෙනවා. නමුත්, ඒ සඳහා නිශ්චිත කොන්දේසි ගණනාවකින් එකක් සම්පූර්ණ විය යුතුයි. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඒ කොන්දේසි සම්පූර්ණ නොකර තමන්ගේ අරමුදල් නිදහස් කර ගත හැකි වෙනවා.
මෙහිදී කබ්රාල්ගේ යෝජනාව වන්නේ අරමුදල් වලින් නිශ්චිත ප්‍රතිශතයක් (කියන විදිහට 20%ක්) සියලුම අරමුදල් අයිතිකරුවන්ට වහාම නිදහස් කිරීමද එසේ නැත්නම් එසේ නිදහස් කර ගැනීමේ විකල්පය ඔවුන්ට ලබා දීමද කියන එක පැහැදිලි නැහැ. එය දෙවැන්නනම්, අරමුදල් අයිතිකරුවන්ගේ පැත්තෙන් බැලු විට මෙහි වැරැද්දක් නැහැ. අරමුදල් හිමිකරුවන් කියා කියන්නේ තමන් වෙනුවෙන් තීරණ ගත හැකි වැඩිහිටියන්. මේ වැඩෙන් වෙන්නේ ඔවුන්ට දැනට ඔවුන් සතුව නැති විකල්පයක් ලැබෙන එකයි. අවශ්‍ය නැත්නම් අරමුදල් එසේම තියෙන්න අරින්න පුළුවන්.
එහෙත්, යෝජනාව පළමු එකනම් මෙහි ඇතැම් අයට අවාසියක් තිබෙනවා. ඇතැම් අරමුදල් හිමිකරුවන්ට මේ අරමුදල් නිදහස් කරගෙන කළ හැකි වඩා හොඳ දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා, යෝජනාව වන්නේ සියලු දෙනාගේම අරමුදල් වලින් 20%ක් නිදහස් කිරීමනම් එය හොඳ දෙයක් කියා කියන්න බැහැ.
ලංකාවේ සංස්කෘතික සන්දර්භය ඇතුළේ පළමු විකල්පයේම වුවත් ප්‍රශ්න තිබෙනවා. ලංකාවේ ගොඩක් අය මේ අරමුදල් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ විවාහ උත්සව ආදිය වෙනුවෙන් යොදවනවා. මේ විකල්පය ලැබුණු විට ඇතැම් වැඩිහිටියන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් යම් පීඩනයක් එන්න පුළුවන්. කොහොම වුනත්, ඒවා අරමුදල් අයිතිකරුවන්ගේ පෞද්ගලික ප්‍රශ්න.
කබ්රාල් යෝජනාව ඉදිරිපත් කරන්නේ තනි පුද්ගලයින්ගේ පැත්තෙන් බලා නෙමෙයි. රටේ ආර්ථික වර්ධනය පැත්තෙන් බලලා. ඒ වගේම, මම හිතන විදිහට මේ කතා කරන්නේ කෝවිඩ්-19 අස්සේ කරන දෙයක් ගැන නෙමෙයි. කෝවිඩ්-19 ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් මිදෙන තුරු කොහොමටත් මේ වැඩෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එයින් පසුව රටේ ආර්ථිකය ගොඩ ගන්න මේ වැඩෙන් වැඩක් වෙයිද?
මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් දෙන්න බැහැ. එය තීරණය වෙන්නේ නිදහස් කෙරෙන අරමුදල් වියදම් කෙරෙන ආකාරය මතයි. අප දන්නා පරිදි මේ අරමුදල් අයිතිකරුවන් පෞද්ගලික අංශයේ රැකියා කරන අයයි. ඒ අය මේ සල්ලි මොන විදිහට වියදම් කරයිද?
රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නනම් රට ඇතුලෙ මුදල් සංසරණය ඉහළ ගිහින් මේ මුදල් අයිතිකරුවන් හැර තවත් පිරිසකගේ ආදායම් ඉහළ යා යුතුයි. නිදහස් කර ගත් මුදල් යොදවා දරුවෙකු උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවුවොත් හෝ වාහනයක් මිල දී ගත්තොත් එවැන්නක් වෙන්නේ නැහැ. අරමුදල් රටින් පිටතට ඇදී ගිහින් ගෙවුම් ශේෂය මත පීඩනය වැඩි වීම පමණයි වෙන්නේ. නමුත්, මෙවැන්නක් වෙන්න ඉඩ තියෙන්නේ අරමුදල් හිමියන්ගෙන් ටික දෙනෙකු හා අදාළව පමණයි. බොහෝ දෙනෙකුට එපමණ ලොකු අරමුදල් නැහැ.
සාපේක්ෂව අඩු ආදායම්ලාභීන් බොහෝ විට මේ අරමුදල් යොදවන්න ඉඩ තිබෙන්නේ තමන්ගේ නිවාස වැඩි දියුණු කර ගැනීමට හා විවාහ උත්සව සඳහායි. ඇතැම් අය පොඩි වාහනයක් හෝ ඉඩමක් මිල දී ගැනීම ගැනත් හිතන්න පුළුවන්. මේ වගේ වියදම් නිසා රට ඇතුළේ යම් තරමකින් මුදල් සංසරණයක් හා රැකියා ජනනයක් සිදු වෙනවා. කිසියම් ප්‍රමාණයකින් ආනයන ඉහළ යා හැකි වුවත් අරමුදල් වලින් වැඩි කොටසක් රට ඇතුළේ සංසරණය විය හැකියි. ඒ නිසා, මෙයින් ආර්ථික වර්ධනයට කිසියම් තල්ලුවන් ලැබෙයි.
අනෙක් අතට ලංකාවේ පහළ ආදායම් ස්ථර වල සිටින බොහෝ දෙනෙක් දැනටමත් ණයකරුවන්. මේ අරමුදල් වලින් ඔවුන් තමන් දැනටමත් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ගෙවා දමන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ආර්ථික වර්ධනයක් හෝ රැකියා ජනනයක් සෘජුවම වෙන්නේ නැහැ. නමුත්, වක්‍රව එවැන්නක් සිදු වෙනවා.
උදාහරණයක් විදිහට මේ වෙලාවේ පෞද්ගලික අංශයේ රැකියා කරන ගොඩක් අයගේ ආදායම් අඩු වී හෝ අහිමි වී තිබෙන නිසා ණය පැහැර හැරීම් වැඩි වෙන්න ඉඩ තිබෙනවා. එය බැංකු, කල්බදු, රක්ෂණ වගේ ක්ෂේත්‍ර වලට බලපානවා. එම සමාගම් කඩා වැටුණොත් තවත් රැකියා අහිමි වී ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇති වෙනවා. මේ වගේ වැඩකින් ඒ අහිතකර බලපෑම් යම් ප්‍රමාණයකින් සමනය වෙන්න පුළුවන්.
මගේ අදහස අනුව, කබ්රාල්ගේ යෝජනාව පෙට්ටිය ඇතුළට නොගෙනම බැහැර කළ යුතු නරක යෝජනාවක් නෙමෙයි. එහෙත්, යෝජනාව ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණ ප්‍රතිඵල පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු නොකර එකවර ක්‍රියාත්මක කළ යුතු එකකුත් නෙමෙයි.
(Image: https://www.hcwbenefits.com/why-reinvent-the-wheel-improve-it/)
Labels:
අජිත් නිවාඩ් කබ්රාල්,
ආකල්ප
Friday, April 10, 2020
ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය
මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.
(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)
එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?
කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.
(Grapph: https://www.worldometers.info/coronavirus/)
කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.
තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.
ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300
මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.
ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග් 214
සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.
කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?
ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.
ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.
පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.
එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.
මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.

ආර්ථික අර්බුදය,
ඇමරිකාව,
පොලී අනුපාතික,
බ්‍රිතාන්‍යය,
යුරෝපය,
වසංගත,
වසංගතවේදය
Thursday, April 9, 2020
කොරෝනාවට පෙර ලෝකය
ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය කියන "වාද" හතර (ඉංග්‍රීසියෙන් කියනවනම් "isms" හතර) මම පෞද්ගලිකව ආකෘතිගත කර ගන්නේ කොහොමද කියන එකයි කලින් ලිපියේ ලිවුවේ. මේ ආකෘතිය අනුව, ධනවාදය හා සමාජවාදය කියන්නේ තිරස් අක්ෂයේ ප්‍රතිවිරුද්ධ පැති. ඒ නිසා, ධනවාදයට නැඹුරු වීම සමාජවාදයෙන් බැහැර වීමක්ද වෙනවා. නමුත්, ජාතිකවාදය කියන එක වෙනත් මානයක්. ඒ මානය තිබෙන්නේ ධනවාදී-සමාජවාදී අක්ෂයට ලම්බක වෙනම මානයක. ඒ නිසා කිසියම් රටක් ජාතිකවාදයට නැඹුරු වීම ධනවාදයට යාමක්වත්, ධනවාදය බැහැර කිරීමක්වත් නෙමෙයි. එය වෙනම කරුණක්.
ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ නිදහස් ගනුදෙනු කියන සංකල්පය මතයි. මෙහි නිදහස් කියා කියන විට රටක ආණ්ඩුවේ බලපෑම් වලින් නිදහස් වීම ප්‍රධානයි. බොහෝ ධනවාදීන් ආණ්ඩු වල බලපෑම අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ගනුදෙනු සියල්ල ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වූ රටවල් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රටවල සමාජවාදය ක්‍රියාත්මක කරන්න ගොස් ඇති වූ විකෘතීන් ආපසු හැරවුණු අවස්ථා අත ඇරියොත් ආණ්ඩු එන්න එන්නම දුර්වල වනවාට වඩා ශක්තිමත් වන බවකුයි පෙනෙන්නට තියෙන්නේ.
මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිට ඇති හෝ පෙනී සිටින බොහෝ දෙනෙක් මාක්ස්වාදීන්. ඔවුන් කතා කරන දියුණු කොමියුනිස්ට් සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ලෝකය ඒ තත්ත්වය කරා යන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වඩා කාර්යක්ෂම වී එක්තරා සීමාවක් ඉක්මවූවාට පස්සේ. එවිට, පෞද්ගලික දේපොළ අයිතිය අවශ්‍ය නොවන වාස්තවික තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අදහස සමඟ මට පෞද්ගලිකව ලොකු අවුලක් නැහැ. මට අවුලක් තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් සමාජවාදය නමින් සමාජය බලහත්කාරයෙන් පරිණාමය කරවන්න දැරූ උත්සාහය සම්බන්ධවයි.
සමාජවාදය පදනම් වන්නේ සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස මතයි. මේ අදහස අනාගතයේ කිසියම් දවසක යථාර්තයක් වෙන්න පුළුවන්. සමස්ත මිනිස් සමාජයට සාමූහිකව නිෂ්පාදනය කරගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එම සමාජයේ තනි මිනිස්සු සියලු දෙනාටම මුළුමනින්ම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමකටත් වඩා ගොඩක් වැඩිනම් ඔය වගේ සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. මෙහිදී සාමූහිකව කියන එකෙන් මධ්‍යගත සැලසුමක් යටතේ කියා අදහස් වෙන්නේ නැහැ. ඕනෑම ධනවාදී සමාජයක් ක්‍රියාත්මක වන්නේද සාමූහිකත්වය මතයි.
කොහොම වුනත් පෙර කී ආකාරයේ නිෂ්පාදන තාක්ෂණයක් තවම නැහැනේ. ලෝකයේ ජීවත්වන සියලු දෙනාටම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමක් පවත්වා ගත හැකි තරම් නිෂ්පාදනයක් සමස්තයක් ලෙස ලෝකයේ සිදු වන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් තිබෙනවා. සම්පත් බෙදාහැරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මෙහිදී දේපොළ අයිතිය ප්‍රශ්නයක් වෙනවා.
පවතින යථාර්තයන් යටතේ නිෂ්පාදන හැකියාව අතින් සියලු මිනිසුන් සමාන නැහැ පමණක් නෙමෙයි විවිධ මිනිසුන්ගේ නිෂ්පාදන හැකියාවන් විචල්‍ය වන පරාසය ඉතා විශාලයි. සියවස් හතර පහකට කලින් එවැනි පරතරයක් තිබුණේ නැහැ. මේ පරතරය ඇති වුනේ මිනිසුන් විසින් ප්රාග්ධනය එක් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් වේගවත් වීමත් සමඟයි. සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩා කාර්යක්ෂම වුනේත්, වෙන්නේත් මේ විදිහට මිනිසුන් විසින් වැඩි වැඩියෙන් ප්රාග්ධනය එක් රැස් කර ගැනීමට සමාන්තරවයි. මධ්‍යගත සැලසුම් සමාජවාදය කියා කියන්නේ ඔය ක්‍රියාවලියේ එක අදියරක් වැරදියට විග්රහ කිරීමේ ප්‍රතිඵලයක්.
ධනවාදය තුළ සියලු මිනිසුන් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් අනුව අසමානයින් නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබීම වැරැද්දක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. යමෙකුගේ නිෂ්පාදන ඵලය ඔහුගේ හෝ ඇයගේ අයිතියක් ලෙස පිළිගැනෙනවා. ඒ නිෂ්පාදන ඵලය තනිව භුක්ති විඳිනවාද වෙනත් අය සමඟ හවුලේ භුක්ති විඳිනවාද කියා තීරණය කිරීම පුද්ගල අයිතියක්. මේ ධනවාදී සම්පත් බෙදී යාම ස්වභාවිකවම සිදුවන දෙයක් නිසා එය ක්‍රියාත්මක කරන්න අමුතු මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ. පුද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීම ප්‍රමාණවත්.
නමුත්, සමාජවාදී ක්‍රමයකට මේ විදිහට ස්වභාවික පැවැත්මක් නැහැ. ක්‍රමය සමාජවාදී වුවත් පවතින නිෂ්පාදන ක්‍රමවේද යටතේ මිනිස්සු නිෂ්පාදන හැකියාවන් අනුව සමානයින් නොවන නිසා වඩා කාර්යක්ෂම මිනිසුන් විසින් නිපදවන දෙයින් කොටසක් අකාර්යක්ෂම මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන කෘතීම යාන්ත්‍රණයක් අවශ්‍යයි. මධ්‍යගත සැලසුම් හරහා වෙන්නේ ඔය කාර්යයයි. මෙය සිදු වුනේ හෝ සිදු වන්නේ පැරණි හා වත්මන් සමාජවාදී රටවල පමණක් නෙමෙයි. ඇමරිකාව වගේ රටක වුවත් මෙය අඩු පරිමාණයකින් සිදු වෙනවා. රටක බදු ක්‍රමය හරහා වෙන්නෙත් මේ දෙයයි.
සමාජවාදය වුවත්, ධනවාදය වුවත් ක්‍රියාත්මක කළ හැක්කේ ලෝකයේ පවතින දේශපාලනික බෙදීම් ඇතුළත සිටයි. ඉතිහාසයේ කවර කලෙකවත් ලෝක ආණ්ඩුවක් පැවතී නැහැ. නමුත්, සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස දේශපාලනික සීමාවකට යටත් කරන්න බැහැ. රට ඇතුළේ හිටියත්, රටින් පිටත හිටියත් ඒ ඉන්නේ මිනිස්සු කියා සැලකුවොත් සමාජවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී විය යුතුයි. එහෙමනම්, ලෝකයේ කොයි රටක හිටියත් වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගේ නිෂ්පාදන ඵලයෙන් කොටසක් අඩු නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අය වෙත යා යුතුයි. මේ කරුණ බැහැර කර හදන මධ්‍යගත සැලසුමක් සමාජවාදයේ හරය සමඟ ගැටෙනවා.
නමුත්, ප්රශ්නය තිබෙන්නේ වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගෙන් විශාල පිරිසක් සිටින්නේ මධ්‍යගත සැලසුම් පිළි නොගන්නා වෙනත් දේශපාලන බල අධිකාර තුළ වීමයි. ඒ නිසා, ඔවුන්ගේ නිෂ්පාදන ඵලය වෙනත් අය වෙත බෙදා හැරීමේ හැකියාවක් මෙවැනි මධ්‍යගත සැලසුමකට නැහැ. උදාහරණයක් විදිහට පැරණි සෝවියට් දේශය ගනිමු.
සෛද්ධාන්තිකව ගත්තොත් රට ඇතුලෙ සියලු දෙනාගේම පරිභෝජන මට්ටම් සමාන වන සම්පත් බෙදා හැරීමක් කරන්න සෝවියට් දේශයට පුළුවන්. ඒ වගේම, සෝවියට් දේශයට වඩා ආදායම් මට්ටම අඩු ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලේම මිනිසුන්ගේ පරිභෝජන මට්ටම් සමාන වන තුරු සෝවියට් දේශයේ හදන දේවල් එම රටවල් වලට දෙන්නත් පුළුවන්. ඒ රටවල් වලට නොමිලේ දෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැනේ. නමුත්, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල හදන දේවල් අයිති කරගෙන බෙදා හැරීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ නිසා, සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වෙනවා කියා කියන්නේ රටින් පිටත මිනිසුන් වෙනුවෙන් රට ඇතුළේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න ඉඩ අරිනවා කියන එකයි.
සමාජවාදී මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය ධනවාදී රටවල එම ක්‍රියාවලියට වඩා අතිශයින්ම කාර්යක්ෂම වුනානම් සමහර විට මෙය කළ හැකිව තිබුණා. මොකද අනෙක් රටවල් වලටත් සම්පත් විශාල ලෙස බෙදා හරිමින් පරිභෝජන මට්ටමත් ඉහළින් තබා ගත හැකි තරමේ නිෂ්පාදනයක් රට ඇතුලෙ සිදු වෙනවා. නමුත්, මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වුනේ ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියට වඩා අඩුවෙනුයි. ඒ නිසා, සෝවියට් දේශයට කවදාවත් එක් සීමාවකින් ඔබ්බට ජාත්‍යන්තරවාදී විය හැකි තරමේ ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එහෙත්, ආර්ථිකයට ඔරොත්තු දෙන තරමට සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වුනා.
සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ සංකල්පීය ලෙස කොහොම වුනත් ප්‍රායෝගිකව ජාත්‍යන්තරවාදී විය හැකි සීමාවක් තිබෙනවා. සමාජවාදී රටක් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කරන තරමට රට ඇතුළේ සිටින මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. එවිට, රට ඇතුළේ මිනිස්සුන්ගේ සහයෝගය පවත්වාගත හැකි තරමට ජාතිකවාදී වෙන්න සිදු වෙනවා. මේ එක්කම සංකල්පීය අවුලක් ඇති වෙනවා. සියලුම මිනිසුන් සමානයි. එහෙත්, රට ඇතුළේ ජීවත් වන මිනිස්සු වඩා සමානයි.
සෝවියට් ආර්ථීකය බිඳ වැටීම, සෝවියට් දේශය බිඳ වැටී රුසියන් ජාතිකවාදය ඉස්මතු වීම වගේම චීන ජාතික සමාජවාදය මේ සන්දර්භය ඇතුළේ තේරුම් ගන්න පුළුවන්.
ධනවාදය ඇතුළේ සියලුම මිනිසුන් (නිෂ්පාදන හැකියාව අතින්) සමාන සේ පිළි නොගැනෙන නිසා මේ අවුල මේ විදිහට ඇති වෙන්නේ නැහැ. නමුත්, වෙනත් විදිහක අවුලක් තිබෙනවා.
ධනවාදයේ පදනම නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම හිමිවන ලාබය. මෙහිදී වැදගත් වන්නේ ලාබයේ ප්‍රමාණය මිස ගනුදෙනුවේ පාර්ශ්ව කවුද කියන එක නෙමෙයි. ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් ඉන්දියාවෙන් අර්තාපල් කිලෝවක් ආනයනය කරන්න පුළුවන්. ලංකාවෙන් ඇඟළුම් ආනයනය කරන එක ඇමරිකාවේ ඇඟලුම් හදනවාට වඩා ලාබයි.
රටවල් අතර පූර්ණ නිදහස් වෙළඳාමක් තිබෙනවානම් ලෝකයේ කොහේ හෝ තිබෙන ලාබම ශ්රමයට වැඩිම ඉල්ලුමක් ලැබෙනවා. ඒ නිසා, ලෝකයේ කොහේ හෝ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ගේ ආදායම් එන්න එන්න වැඩි වී රටවල් අතර ආදායම් පරතරය අඩු වෙනවා. ඒ වගේම දුප්පත් රටවල් වල ආදායම් විෂමතාත් අඩු වෙනවා. නමුත්, මේ වැඩෙන් ධනවත් රටවල රට ඇතුළේ ආදායම් පරතරය වැඩි වෙනවා.
සෛද්ධාන්තිකව ගත්තොත් ධනවාදයත් ජාත්‍යන්තරවාදීයි. ලංකාවේ පාරිභෝගිකයෙක්ට වැදගත් වන්නේ පුළුවන් තරම් ලාබෙට අර්තාපල් කිලෝවක් මිල දී ගන්න එක මිසක් ගෙවන සල්ලි යන්නේ ලංකාවේ ගොවියෙක්ටද ඉන්දියාවේ ගොවියෙක්ටද කියන එක නෙමෙයි. සමස්ත ක්‍රියාවලියම සලකා බැලුවහම ඉන්දියාවේ ගොවියාට සල්ලි යන එක වඩා කාර්යක්ෂමයි. එයින් වෙන්නේ ලංකාවේ ගොවියාට තමන්ගේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරගන්න බැරි වීමයි. එය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික ප්‍රශ්නයක් මිස සමාජ ප්‍රශ්නයක් නොවෙයි කියා හිතුවොත් මෙහි අවුලක් නැහැ. නමුත්, ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ.
රටවල් අතර සිදු වන ගනුදෙනු නිසා වන වාසි හා අවාසි පිළිබඳ තත්ත්වය මීටත් වඩා සංකීර්ණයි. හේතුව කිසිම රටක පූර්ණ නිදහස් වෙළඳපොළක් නැතිවීමයි. රටවල් ඇතුළේ වෙළඳාම නිදහස්ව නොතිබියදී ජාත්‍යන්තර වෙළඳාම පමණක් පූර්ණව නිදහස් කරලා අපේක්ෂිත කාර්යක්ෂමතාවය ලබා ගන්න බැහැ. අපි හිතමු ඉන්දියාවේ රජය විසින් ඉන්දියාවේ අර්තාපල් වගාව සුබසාධනය කරනවා කියලා. දැන් ලංකාවට එන ඉන්දියානු අර්තාපල් ලාබයි. ලංකාවේ අර්තාපල් ගොවියාට මේ මිලට අර්තාපල් හදන්න බැහැ. නමුත්, ඒ ලංකාවේ අර්තාපල් ගොවියාගේ අකාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. ජාතික රාජ්‍ය ලෙස දේශපාලනිකව වෙළඳපොළ බෙදී තියෙද්දී මේ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ආර්ථික වර්ධනය පිළිබඳ අභිසාරී වීමේ න්‍යාය කාලයක් ජනප්‍රියව තිබුණු එකක්. මේ න්‍යාය අනුව, දුප්පත් රටවල් වඩා වේගයෙන් සංවර්ධනය වී කලක් යද්දී ලෝකයේ රටවල් අතර ආදායම් විෂමතා දුරු විය යුතුයි. එහෙත්, ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. රටවල් අතර ආදායම් විෂමතා එන්න එන්නම වැඩි වෙනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ධනවත් රටවල අඩු ආදායම්ලාභීන් දිගින් දිගටම සුබසාධනය වීමයි.
කොහොම වුනත් පසුගිය දශක ගණනාවක් මුළුල්ලේම ධනවාදයේ යම් ජාත්‍යන්තරවාදී ප්‍රවේශයක් දකින්න ලැබුණා. එහි වාසිය දුප්පත් රටවල ශ්‍රමිකයින්ටත්, ධනවත් රටවල ප්‍රාග්ධන හිමියන්ටත් ලැබුණා. එහෙත්, ධනවත් රටවල පහළ ස්ථර වලට මෙයින් සිදු වුනේ අවාසියක්. බටහිර රටවල ජාතිකවාදයන් ශක්තිමත් වෙන්න පටන් ගත්තේ මේ කණ්ඩායම ටිකෙන් ටික විශාල වී අදාළ රටවල බහුතරය බවට පත් වීමෙන් පසුවයි.
ඇමරිකාව වැනි බටහිර රටක පහළ ආදායම් ස්ථරයක සිටින අයෙකු තමන්ගේ ජීවන තත්ත්වය පහළ යාමට හේතුව චීන ශ්‍රමිකයෙකුට රැකියා හිමි වීම කියා හිතද්දී, තමන් එම චීන ශ්‍රමිකයාට වඩා අකාර්යක්ෂමය යන කරුණ අමතක කරනවා. ඒ පදනම මත ජාතිකවාදය විසඳුමක් සේ දකිනවා. එහෙත්, ධනවාදය විසින් සොයන්නේ කාර්යක්ෂමතාවය නිසා චීන ශ්‍රමිකයා වෙනුවට ඇමරිකන් ශ්‍රමිකයෙකු ආදේශ වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඒ තාවකාලිකව පමණයි. බොහෝ විට චීන ශ්‍රමිකයා වෙනුවට ආදේශ වෙන්නේ ස්වයංක්‍රීය රෝබෝවක් වෙන්න පුළුවන්.
(Image: https://www.livescience.com/8315-earth-survive.html)
Wednesday, April 8, 2020
කඩා වැටෙන්නේ මොකක්ද?
සමහර අය කියන විදිහට ධනවාදය කඩා වැටෙමින් තිබෙනවා. තවත් අය කියන විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. බටහිර සංස්කෘතිය බිඳ වැටිලා කියා කියන අයත්, ඇමරිකාවට කෙළ වෙලා කියන අයත් බහුලයි. ඇමරිකාවේ අඩුපාඩුවක් ලෙස පෙන්විය හැකි මොකක් හරි දෙයක් අමාරුවෙන් හරි හොයා ගත්තොත් ඒක ධනවාදයේ කඩා වැටීම. බටහිර සංස්කෘතියේ කඩා වැටීම. ඒ දෙයම වෙන රටක සිදු වුනොත් ඒක ඇමරිකන් කුමන්ත්‍රණයක්.
ඔය කියන දේවල් කොහොම වුනත් රුපියලනම් කඩා වැටෙමින් තිබෙන බව පේනවා. අද ඉතිහාසයේ පළමු වරට ඇමරිකන් ඩොලරය රුපියල් දෙසීය පන්නලා. වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් දෙසීය ඉක්මවා ඉහළ ගිහින්. රුපියල ඇමරිකන් ඩොලර් ශත බාගෙකටත් වඩා අඩු වෙලා.
සමහර අය කියන විදිහට කොරෝනා එක්ක සටන් කර ගන්න බැරුව ඇමරිකාව අසරණ වෙලා ඉඳිද්දී, ලංකාව ඉතා සාර්ථකව අර්බුදයට මුහුණ දී තියෙද්දී ඩොලරයේ අගය ඉහළ ගිහින් රුපියලේ අගය පහළ යන්නේ කොහොමද? මේක කවුරු හරි විස්තර කරනකම් මම බලා ඉන්නවා.
කොහොම වුනත් කොරෝනා එක්ක ලෝකය යම් තරමකින් ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. ඒ තුළ, කඩා වැටෙන දේවල් හා අලුතින් හැදෙන දේවල් තිබෙනවා. මේ දේවල් වෙන්නේ කොරෝනා නිසාම නෙමෙයි. කොහොමටත් සිදු වෙමින් තිබුණු හෝ සිදු වෙන්න නියමිතව තිබුණු දේවල් කොරෝනා එක්ක ටිකක් ඉක්මණින් වෙනවා පමණයි.
රුපියල කඩා වැටීමත් ඒ වගේ දෙයක්. රුපියල කඩා වැටෙන්න හේතුව කොරෝනා නෙමෙයි. එය ආසන්න හේතුව පමණයි. කොරෝනා නොතිබුණානම් මොකක් හරි ඒ වගේ වෙනත් ආසන්න හේතුවක් හැදෙයි. රුපියල කඩා වැටෙන්නේ කොරෝනා නිසා කියා කීම හරියට පළමු ධර්ම සංගායනාව පැවැත්වුණේ සුභද්‍රගේ අභද්‍ර වචනය නිසා කියා කියනවා වගේ කතාවක්.
කොරෝනා වලින් පස්සේ ලෝකය පරණ ලෝකයට වඩා ටිකක් වෙනස් වෙයි. හැබැයි ඒ කොරෝනා පැතිරුණු නිසාම නෙමෙයි. ලෝකයේ කොහොමටත් සිදුවෙමින් තිබුණු සමාජ පරිවර්තනයක් කොරෝනා නිසා වේගවත් වූ නිසයි. මෙහිදීත් කොරෝනා කියන්නේ ආසන්න හේතුව පමණයි.
මෙතැනින් ඉදිරියට යන්න ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය වගේ "වාද" මම තේරුම් ගන්නා විදිහ පැහැදිලි කරලා ඉන්න ඕනෑ. මේ වචන එක එක අය අර්ථදක්වන්නේ එක එක විදිහටයි. මගේ විග්රහ පදනම් වෙන්නේ මගේ ආකෘතිය හා මගේ අර්ථකතන මතයි.
ධනවාදය හා සමාජවාදය කියන බෙදීම සාපේක්ෂව පරණයි. ජාතිකවාදය ඔය දෙක අතරට අලුතින් තරමක් පසුව එකතු වූ එකක්. ඊට කලින් ගොඩක් වෙලාවට සමාජවාදීන් විසින් ධනවාදය හා සමාජවාදය "දක්ෂිණාංශික" මතවාද විදිහට එක ගොඩකට දමලයි තිබුණේ. මේ වාමාංශික හා දක්ෂිණාංශික බෙදීම ඔස්සේ ලෝකය දකින්න පුරුදු වී හිටපු ඇතැම් අය ජාතිකවාදය කියන එක දැක්කේ තුන්වන විකල්පයක් විදිහටයි.
මේ තුන ත්‍රිකෝණයක මුළු තුනේ තිබෙන විකල්ප තුනක් විදිහට මම දකින්නේ නැහැ. ඒ වගේ ආකෘතියක් යොදා ගෙන කිසියම් රටක් එක වරම ධනවාදී හා ජාතිකවාදී වීම එහෙමත් නැත්නම් සමාජවාදී හා ජාතිකවාදී වීම පැහැදිලි කරන්න බැහැ. එය කළ හැක්කේ මුළු හතරක් තිබෙන ද්විමාන ආකෘතියකින් පමණයි. පහත රූප සටහනේ තිබෙන්නේ එවැනි ආකෘතියක්.
මෙහි වම් පැත්ත සමාජවාදය, දකුණු පැත්ත ධනවාදය. උඩ පැත්ත ජාත්‍යන්තරවාදය. යට පැත්ත ජාතිකවාදය.
මෙහි ධනවාදය කියා කියන්නේ කුමක්ද? ඒක මේ පහුගිය සියවස හෝ දෙක තුළ ඇති වුනු දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරාම තිබුණු ස්වභාවික ක්‍රමය. මිනිස්සු තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ඉන්පසුව, තම තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේවල් වෙනත් අය සමඟ හුවමාරු කර ගන්නවා.
එක එක පුද්ගලයාගේ හැකියාවන් වෙනස්. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවන්ද වෙනස්. ඒ වගේම එක් එක් පුද්ගලයාගේ රුචිකත්වයන්ද වෙනස්. නිදහස ගනුදෙනු වලට ඉඩ ලැබෙන සමාජයක කිසියම් පුද්ගලයෙකු තමන් පරිභෝජනය කරන්න වඩා කැමති දෙයම නිෂ්පාදනය කළ යුතු නැහැ. තමන්ට වැඩිම නිෂ්පාදන හැකියාවක් තිබෙන දෙය හදා එය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර තමන් කැමති දෙය ලබා ගැනීම වඩා වාසියි. ධනවාදය ඇතුළේ වෙන්නේ ඕකයි.
මේ හුවමාරු කිරීමේ හැකියාව ප්රාග්ධනය එක් රැස් කර ගැනීමටද උදවු වෙනවා. තමන්ට පරිභෝජනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන අයෙකුට අතිරික්තය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර කල් තබා ගත හැකි ප්‍රාග්ධන භාණ්ඩයක හිමිකරුවෙක් විය හැකියි. ප්රාග්ධනය කියා කියන්නේ පරිභෝජනය කර වැය නොකළ ශ්‍රමයේ ඵලය. ඒ නිසා, යමෙක් පරිභෝජනය සීමා කරන තරමට වඩා වැඩියෙන් ප්රාග්ධනය රැස් වෙනවා.
ස්වභාවික තත්ත්වයන් යටතේ ඇතැම් අය තමන්ගේ පරිභෝජනය සීමා කර ප්රාග්ධනය එක් රැස් කර ගන්නවා. තවත් ඇතැම් අය එසේ නොකර මේ මොහොතේ පරිභෝජනය ගැන පමණක් හිතනවා. ප්රාග්ධනය එක් රැස් කරගත් අයට පසුව එම ප්රාග්ධනය යොදවා නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා ගන්න පුළුවන්. ධනවාදය කියා කියන්නේ මේ ස්වභාවික තත්ත්වයට ඉඩ දෙන එකටයි.
ධනවාදයේ විවිධ අවදි ලෙස බොහෝ දෙනෙක් විසින් හඳුන්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිදු වූ විවිධ වෙනස් වීම්. ඉතිහාසය පුරා එවැනි වෙනස්වීම් වරින් වර සිදු වී තිබෙනවා. දැනටත් සිදු වෙමින් පවතිනවා. අනාගතයේදීත් සිදු වෙයි. එහෙත්, ධනවාදයේ මූලික ලක්ෂණ එසේමයි. එහි පදනම මිනිසුන්ට තමන්ගේ හැකියාවන් අනුව කැමති අයුරින් තනි පුද්ගලයින් ලෙස හෝ සාමූහිකව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න සහ එහි ඵල වෙනත් අය සමඟ නිදහසේ හුවමාරු කර ගන්න ඉඩ සැලැස්වීමයි. මෙහිදී ඇතැම් අය අඩුවෙනුත්, තවත් අය වැඩියෙනුත් නිෂ්පාදනය කරනවා. ඒ නිසා, එකිනෙකාට පරිභෝජනය කරන්න ලැබෙන සම්පත් ප්‍රමාණයද වෙනස් වෙනවා. නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි.
සමාජවාදය කියන එක සංකල්පයක් විදිහට වෙනස් වෙන්නේ ඉහත කී ස්වභාවික තත්ත්වය තිබිය යුතු හොඳම තත්ත්වය ලෙස පිළිනොගෙන එය වඩා යහපත් ලෙස වෙනස් කරන්න දරන උත්සාහය තුළයි. ධනවාදය ඇතුළේ වුවත් හැම මොහොතකම ලෝකය ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. එහෙත්, එය වෙන්නේ කෙනෙකුගේ වෙනස් අදහස් තවත් අය වෙත කාන්දු වී අවසානයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වීමෙන් පසුවයි. එසේ නැතුව එකවර හදිසියේ සිදුවන විප්ලවයකින් පසුව නෙමෙයි.
ධනවාදය ඇතුළේ මිනිස්සු කියන්නේ තමන්ට හොඳම දෙය තීරණය කිරීමේ හැකියාවක් තිබෙන සවිඥානක අය බව පිළිගැනෙනවා. නමුත්, සමාජවාදය ඇතුලෙ වෙන්නේ කිසියම් පිරිසක් සියලු දෙනාම වෙනුවෙන් වඩා හොඳ තීරණ ගත හැකි පිරිසක් ලෙස තමන්වම හඳුන්වා ගනිමින් ඉස්මතු වීමයි. තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි අය ලෙස හඳුනාගන්නා පිරිස් වෙනුවෙන්ද තීරණ ගන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. එහි අන්තය රටේ නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මධ්‍යගත සැලසුමක කොටසක් වීමයි. එහි තනි පුද්ගලයින්ගේ තීරණ වලට ඉඩක් නැහැ. ඔවුන්ට සිදු වන්නේ සීමිත පිරිසක් විසින් හදන මධ්‍යගත සැලසුමේ දැති රෝද වෙන්නයි. තනි පුද්ගලයින්ගේ පරිභෝජනය තීරණය කරන්නෙත් මේ පිරිසයි.
මා කලින් කීවාක් මෙන් ධනවාදය යටතේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි. සමාජවාදය යටතේ ඔවුන්ට වගේම, තීරණ ගන්නා සුළු පිරිස හැර අති මහත් බහුතරයකටම ජීවත් වෙන්න සිදු වෙන්නේ මධ්‍යගත තීරණ ගන්නා සුළු පිරිසකගේ සහකම්පනය මතයි.
මේ අන්ත දෙකම සෛද්ධාන්තික අන්ත දෙකක්. මුළුමනින්ම නිදහස් ගනුදෙනු වලට ඉඩ සලසනු ලැබූ හෝ මුළුමනින්ම මධ්‍යගත සැලසුම් මත තීරණ ගැනුණු රටවල් කවදාවත් ලෝකයේ පැවතී නැහැ. පැවති හා පවතින හැම ක්‍රමයක්ම අඩු වැඩි වශයෙන් අතරමැදි තත්ත්වයක්. පැරණි සෝවියට් දේශය හෝ වත්මන් කියුබාව රූප සටහනේ වම් අන්තය කිට්ටුවෙන් හිටියත් එම රට වලත් මධ්‍යගත යාන්ත්රණයකින් පාලනය නොවුණු හෝ නොවන දේවල් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම, දකුණු අන්තයට කිට්ටුව ඇති ඇමරිකාව වගේ රටක ඒකීය පුද්ගලයෙකු විසින් කරන ගනුදෙනු සියල්ල මුළුමනින්ම නිදහස් නැහැ.
මේ සන්දර්භයට ජාතිකවාදය එන්නේ කොහොමද? ලෝකයේ හැම රටක්ම දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ජාතික ආණ්ඩු යටතේ. ඕනෑම රටක පුරවැසියෙකු වෙනත් රටක පුරවැසියෙකු හා සමාන සේ සැලකෙන්නේ නැහැ. මෙයත් හෝමෝ සේපියන්ස්ලා හා සම්බන්ධව ස්වභාවික දෙයක්. මිනිස්සු කාලයක් තිස්සේ පරිණාමය වී තිබෙන්නේ ගෝත්රවාදීන් ලෙසයි. එහිදී තමන්ගේ ගෝත්‍රයේ අය සහ වෙනත් ගෝත්‍ර වල අය ලෙස බෙදීමක් තිබෙනවා.
සමාජය සංකීර්ණ වීමත් එක්ක මේ ගෝත්‍ර වඩ වඩා පුළුල් වී තිබෙනවා. ජාතික රාජ්‍ය කියා කියන්නේ මෙසේ ඉතා විශාල ලෙස පුළුල් වී තිබෙන ගෝත්‍ර. ඊටත් වඩා කුඩා බෙදීම් මේ වන විට ප්‍රායෝගිකව කෙසේ වුවත් අඩු වශයෙන් ප්‍රසිද්ධියේ බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙද්දී තමන්ව ජාතිවාදියෙකු හෝ වර්ගවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාගන්න අය ඉන්නවානම් ඒ ඉතාම සීමිතවයි. මෙය සමාජවාදී ධනවාදී හරස් ඉර දිගටම දැකිය හැකි තත්ත්වයක්.
තමන්ව ජාතිවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න කැමති නැති බොහෝ දෙනෙක් තමන්ව ජාතිකවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න පැකිළෙන්නේ නැහැ. ජාතික සීමාවන්ගෙන් ඔබ්බට මිනිසුන්ගේ ගෝත්‍රික සීමාව පුළුල් වී නැහැ. බොහෝ විට ධනවාදයක් යටතේ නිදහස් ගනුදෙනු සිදු වෙන්නේත්, සමාජවාදයක් ඇතුලෙ මධ්‍යගත සැලසුම් හැදෙන්නෙත් මේ ජාතික රාජ්‍ය වල සීමාවන් ඇතුළේ. එහිදී රටින් පිටත සිටින අයෙක් සමඟ නිදහස් ගනුදෙනු සිදු නොවීම හෝ එවැනි අය මධ්‍යගත සැලසුමේ කොටසක් නොවීම සාමාන්‍ය තත්ත්වයක්.
කොහොම වුවත් ඇතැම් පුද්ගලයින් මේ ගෝත්‍රික සීමාව ජාතික රාජ්‍ය වල සීමාවන්ගෙන් ඔබ්බට පුළුල් කරන්න උත්සාහ ගෙන තිබෙනවා. දැනටත් එසේ උත්සාහ කරනවා. ජාත්‍යන්තරවාදය කියා කිව හැක්කේ ඒ උත්සාහයටයි. මේ උත්සාහයන් රූප සටහනේ වම්-දකුණු තිරස් ඉර දිගටම වරින් වර දකින්න ලැබී තිබෙනවා.
පැරණි සෝවියට් දේශය සෑහෙන තරමකින් ජාත්‍යන්තරවාදී නැඹුරුවක් පෙන්වූවා. ඒ සමාජවාදී මධ්‍යගත සැලසුම් ඇතුළේම සිටිමින්. තමන්ගේ රටේ මිනිස්සුන්ට පාඩුවක් වෙද්දී වෙනත් රටවල මිනිස්සුන්ට ඇතැම් දේවල් නොමිලේ හෝ සුබසාධිත මිලකට දුන්නේ මේ පදනමින්. එහෙත්, චීනය එසේ කළේ නැහැ. චීනය හැම විටම වගේ මධ්‍යගත සැලසුම් හැදුවේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ හිටපු මිනිස්සු කේන්ද්‍ර කරගෙනයි.
අනෙක් පැත්තෙන් නිදහස් ගනුදෙනු වලට මුල් තැන දුන් රටවල් බොහෝ විට ප්‍රමුඛතාවය දුන්නේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුලෙ සිටින මිනිසුන්ගේ යහපතට වුවත් සීමාවෙන් පිටත සිටි මිනිසුන් ගැන සැලකිලිමත් වූ අවස්ථාද ඕනෑ තරම් තිබුණා. GSP සහන ලබා දීමේදී සලකා බලන කොන්දේසි ආදියේ පදනමත් එවැන්නක්. දැනටත් තිබෙනවා.ආගමික පදනමකින් ජාත්‍යන්තරවාදී වීම වෙනම කරුණක්. එය සිදුවන්නේ තෙවන මානයකයි. මා ඒ ගැන දැනට අවධානය යොමු කරන්නේ නැහැ.
මෑතකාලීන නැඹුරුව ලෝකයේ බොහෝ රටවල් ඉහත රූප සටහනේ දකුණු, පහළ අන්තය වෙත යොමු වෙමින් සිටීමයි. එහෙම වෙන්න හේතු සහ එහි අනාගත ප්‍රතිඵල ඉදිරියේදී කතා කරමු. මෙහි තිබෙන්නේ කතාව පටන් ගන්න අවශ්‍ය මූලික කරුණු පමණයි.

Tuesday, April 7, 2020
රක්ෂණ වාරිකයට වට්ටමක්!
මා වාහන රක්ෂණ මිල දී ගෙන ඇති සමාගමෙන් ඊයේ විද්‍යුත් ලිපියක් ලැබුණා. ඔවුන් දැනුම් දී තිබුණේ රක්ෂණ ගිවිසුමේ මිල 15%කින් අඩු කළ බවයි. මේ කියන්නේ මාස කිහිපයකට පෙර මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා මිල දී ගත් තවත් මාස කිහිපයකට වලංගු වාහන රක්ෂණ ගිවිසුම ගැනයි. ඒ අනුව, දැනට ගෙවා ඇති මුදල හා අඩු කළ මිල අතර වෙනස ඔවුන් මගේ බැංකු ගිණුමට බැර කිරීමට නියමිතයි.
ඇමරිකාවේ රක්ෂණ කර්මාන්තය ඩොලර් ට්‍රිලියන 1.2ක කර්මාන්තයක්. මෙයින් අඩක් පමණ ජීවිත රක්ෂණ. ඉතිරි අඩ දේපොළ රක්ෂණ. දේපොළ ගොඩට ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ වාහන රක්ෂණ හා නිවාස රක්ෂණ. බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළක් ලෙසයි. බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නේ ප්‍රධාන සමාගම් හත අටකින්. එහෙත්, ඇමරිකාවේ රක්ෂණ සේවා සපයන සමාගම් 6000ක් පමණ තිබෙනවා.
දැන් මේ විදිහට මගේ රක්ෂණ සමාගම මුදල් ආපසු ගෙවන්නේ ඇයි? ආණ්ඩුවෙන් එහෙම නියම කරලද? එහෙම නැත්නම් මේ සමාගම හදවතක් තිබෙන, මානුෂික සමාගමක් නිසා තමන්ගේ පාරිභෝගිකයින් ගැන අනුකම්පා කරලද?
හේතුව ඔය එකක්වත් නෙමෙයි. මෙය ධනවාදී ආර්ථිකයක ක්‍රියාත්මක වන සමාගම් තමන්ගේ ලාබ වැඩි කරගන්න දරන උත්සාහයේම කොටසක් පමණයි. ඒ උත්සාහය ඇතුළේ කාගේවත් මැදිහත්වීමක් නැතුව පාරිභෝගිකයින්ට මෙවැනි වාසි සැලසෙනවා.
අපි වගේ පාරිභෝගිකයින් වාහන රක්ෂණයක් මිල දී ගන්නේ ඇයි? නීතිය අනුව වාහනයක් පාරට දමන්න රක්ෂණයක් අවශ්‍ය වීම එක් හේතුවක්. අනෙක් හේතුව කිසියම් අනතුරක් වූ විට විශාල වන්දියක් අතින් ගෙවන්නට වීමේ අවදානම හා වාහනය හදාගන්න විශාල මුදලක් වැය කරන්න වීමේ අවදානම අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි.
රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් වාහන අනතුරක් කර ගන්න තිබෙන සම්භාවිතාව හා වාහනයේ වටිනාකම මතයි. වාරික ලෙස එකතු කර ගන්නා මුදලට වඩා මුදලක් වන්දි මුදල් ලෙස ගෙවන්න වෙනවානම් රක්ෂණ සමාගමකට පවතින්න බැහැ. ඒ වගේම, මේ විදිහට ගෙවන වන්දි මුදල් වල පිරිවැයට අමතරව සේවකයින් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පිරිවැය ආවරණය කර ගන්න වෙන්නෙත් රක්ෂණ වාරික ලෙස එකතු කර ගන්නා මුදලින්. ඔය සියලු වියදම් ඇරලා සමාගමේ ආයෝජකයින් වෙනුවෙන් ලාබයක්ද උපයා ගත යුතුයි.
පාරිභෝගිකයෙකු එක වරම රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නේ නැහැ. බොහෝ විට සමාගම් කිහිපයකින් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසුවයි ගිවිසුමක් මිල දී ගන්නේ. ඒ නිසා, රක්ෂණ සමාගම් වලට හිතුමතේ ලාබ ලබන්න බැහැ. එහෙම කරන්න ගියොත් පාරිභෝගිකයින් නැති වෙනවා. ඔවුන් ලබන්නේ තරඟකාරී වෙළඳපොළක ආයෝජකයෙකු විසින් ලබන සාමාන්‍ය මට්ටමේ ලාබයක් පමණයි.
මේ දවස් වල ඇමරිකාවේ ඉන්ධන මිල හොඳටම අඩු වෙලා. අපේ පැත්තේ පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 1.55ක් පමණයි. ඒ කියන්නේ ලීටරයක් රුපියල් 80ක් වගේ. සාමාන්‍යයෙන් ඉන්ධන මිල අඩු වෙනකොට ගමන් බිමන් වැඩි වෙන එකයි වෙන්නේ. එහෙත්, මේ වෙලාවේ සිදු වෙලා තිබෙන්නේ ගමන් බිමන් අඩු වීම නිසා ඉන්ධන මිල අඩු වීමයි.
ඉන්ධන මිල P කියාත්, ඉන්ධන සඳහා තිබෙන ඉල්ලුම Q කියාත් කිවුවොත් අපට Q = a - bP වගේ සමීකරණයක් ලියන්න පුළුවන්. සාමාන්‍ය ගණිත මූලධර්ම අනුවනම් මේ සමීකරණයම P = (a - Q)/b කියා ලියන්න පුළුවන්. එහෙත්, ආර්ථික විද්‍යාවේදී P = (a - Q)/b කියන එකෙන් අදහස් වෙන්නේ Q = a - bP කියන එකම නෙමෙයි. ඒ දෙක දෙකක්. ආර්ථික විද්‍යාවේදී ගණිතය මෙවලමක් විදිහට යොදා ගත්තත් එය කරන්නේ ඒ බව දැන ගෙනයි. වසංගතවේදය වැනි වෙනත් විෂයකදී වුවත් එහෙමයි.
ඉන්ධන මිල වෙනස් වීම අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය අපට Q = a - bP ලෙස සූත්රගත කරන්න පුළුවන්. ඒ වගේම, ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය මත ඉන්ධන මිල වෙනස් වීම P = c + dQ ලෙස ලියන්න පුළුවන්. මෙහි c + dQ කියන්නේ (a - Q)/b නෙමෙයි. ඒ නිසා, සමීකරණ දෙකකින් නොදන්නා පද හතරක් හොයා ගන්න බැහැ. එය කරන්න තවත් තොරතුරු අවශ්‍යයි. ඒ අමතර තොරතුරු හොයා ගැනීම අභියෝගයක්. ඇත්තටම මෙහි මේ විදිහට රේඛීය සමීකරණ ලිවුවත් මෙහි තිබෙන්නේ නොදන්නා ශ්‍රිත දෙකක්. Q = f(P) හා P =g(Q) වගේ. ඒ ශ්‍රිත මොන වගේද කියා කලින්ම උපකල්පනය කිරීම පහසුවට කරන දෙයක් පමණයි.
මේ දවස් වල පාරවල් වල වාහන හොඳටම අඩුයි. පාරවල් වල වාහන අඩු වන විට අනතුරුත් අඩුයි. මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වන්නේ ධාවනය වන වාහන ගණනට අනුලෝමව සමානුපාතිකව නෙමෙයි. එය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා. පාරේ වාහන 2ක් තිබේනම් ඔය වාහන දෙක හැප්පෙන්න පුලුවන් ආකාර තියෙන්නේ එකයි. වාහන තුනක් වුනොත් ආකාර තුනයි. හතරක් වුනොත් හයයි. මෙය සරල උදාහරණයක් පමණයි. එක වාහනයක් තිබුණත් එය කොහේ හරි හැප්පෙන්න පුළුවන්. මගේ අතින් සිදු වුනු අන්තිම රථවාහන අනතුරු දෙකම සිදු වුනේ ගෙදර ගරාජ් එකෙන් වාහනය එළියට ගනිද්දී. ඒ වගේ අනතුරුනම් ඉහළ යන්නේ වාහන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික ලෙසයි.
වසරකට ඇමරිකාවේ රිය අනතුරු මිලියන 6ක් පමණ සිදු වෙනවා. ඒ අනතුරු වලින් වසරකට මිලියන 3ක පමණ පිරිසකට ශරීර හානි සිදු වෙනවා. එයින් මිලියන 2ක් පමණ ස්ථිර හානි. වසරකට 38,000ක පමණ පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යනවා. මේ වන විට කෝවිඩ්-19 නිසා මිය ගොස් ඇති පිරිස 11,000කට වැඩියි. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව මේ ගණන වාහන අනතුරු වලින් මිය යන ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකියි.
පාරවල් වල වාහන අඩු වන විට වාහන අනතුරුත් අඩු වෙනවා.එවිට රක්ෂණ සමාගම් විසින් වන්දි සේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. ඒ සමාගම් වල ලාබ ඉහළ යනවා. මා ඇතුළු පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්න පෙර සමාගම් ගණනාවකින් මිල ගණන් විමසන නමුත් අවසානයේදී මිල දී ගන්නේ මිල අඩුම තැනින් නෙමෙයි. එහිදී ගෙවන මිලට වගේම ලැබිය හැකියයි අපේක්ෂිත සේවාවටද බර තබනවා. රක්ෂණ සමාගම් හය දහසක් පමණ තිබුණත් බොහෝ දෙනෙක් ප්‍රධාන සමාගම් හත අටෙන් එකකටම යන්නේ ඒ නිසයි.
රක්ෂණ සමාගමක සේවාව වැදගත් වන්නේ අනතුරක් සිදු වූ විටයි. ගොඩක් අඩු මිලට සේවා සපයන ඇතැම් කුඩා සමාගම් වල ඉන්නේ සීමිත සේවක පිරිසක් නිසා අනතුරක් සිදු වූ විට වන්දි ලබා ගැනීමට සෑහෙන්න වද විය යුතුයි. මා කිහිප වරක්ම මේ අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මා එවැනි සමාගම් ගැන නොසිතන්නේ ඒ නිසයි. එහෙත්, වාහනය තිබෙන්නේ ගෙදරනම් මෙය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මා වැනි පාරිභෝගිකයින් මේ වෙලාවේ මිල අඩු රක්ෂණ ගිවිසුමක් ලබාදෙන සමාගමක් වෙත මාරු වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත් එය මගේ රක්ෂණ සමාගමට පාඩුවක්. ඔවුන් මට 15%ක වට්ටමක් දෙන්නේ ඒ නිසයි.
(Image: https://www.ipwatchdog.com/2019/11/06/understanding-insurance-coverage-intellectual-property-claims/id=115632/)
Labels:
ආර්ථික විද්‍යාව,
ඇමරිකාව,
ගණිතය,
ධනවාදය
Monday, April 6, 2020
කන්ද පාත් කිරීම
කෝවිඩ්-19 හමුවේ බටහිර රටවල උපාය මාර්ගය වී තිබෙන්නේ වක්‍රය සමතලා කිරීමයි (flattening the curve). දැන් මේ විදිහට සමතලා කරන වක්‍රය කුමක්ද? ඒ, කාලයත් සමඟ ආසාදිතයින් ගණන වෙනස් වන ආකාරය පෙන්වන වක්‍රයයි.
කලින් ලියූ "කුටීර ආකෘති" කියන ලිපියේ පහළින්ම තිබෙන රූප සටහනේ රතු පාටින් සලකුණු කර තිබෙන්නේ එම වක්‍රයයි. එය කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ශිඛරයකට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් පහත බසින වක්‍රයක්. හරියට කුඩා කඳු ගැටයක් වගේ. බටහිර උපක්‍රමය වන්නේ මේ කන්ද පාත් කරන එකයි.
උපක්‍රමයක් ලෙස කන්ද පාත් කරන්න කලින් පළමුව මෙවැනි කන්දක් තිබෙන බව හඳුනාගත යුතුයි. මා විස්තර කළ "අආඉ ආකෘතිය" අනුසාරයෙන් මේ වක්‍රයේ හැඩය නිර්ණය කරන්න පුළුවන්. ගණිතයේ භාෂාවෙන් කියනවානම් ඒ සඳහා අවකල සමීකරණ තුනක් විසඳිය යුතුයි. අපට ලැබෙන විසඳුම ස්ථිතික විසඳුමක් නෙමෙයි. ගතික විසඳුමක්. ඒ කියන්නේ උත්තරය විදිහට ලැබෙන්නේ නිශ්චිත සංඛ්‍යාවන් නෙමෙයි. නිශ්චිත සංඛ්‍යා ශ්‍රේණි. එහෙමත් නැත්නම් කාලය එක්ක කිසියම් නිශ්චිත ආකාරයකින් වෙනස් වන සංඛ්‍යා පේලි.
ආසාදිතයින් සංඛ්‍යාව පෙන්වන රතු වක්‍රය ගත්තොත් මේ සංඛ්‍යා පේලියේ සංඛ්‍යා වල අගය ක්‍රමයෙන් වැඩි වී ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙනවා. වක්‍රයේ කිසියම් තැනකට වමෙන් ඇති කොටසේ ඉඩ ප්‍රමාණයෙන් ඒ වන විට රෝගය ආසාදනය වූ මුළු ප්‍රමාණය පෙන්වනවා. මේ ප්‍රමාණයට ඒ වන විට සුව වූ හෝ මිය ගොස් ඇති අයද ඇතුළත්. වක්‍රය ශුන්‍ය මට්ටමට පහත් වීමෙන් පසුව එහි ඉඩ ප්‍රමාණයෙන් වසංගතය ආසාදනය වූ මුළු පිරිස පෙන්වනවා.
වැදගත්ම කාරණය වන්නේ මේ ආකෘතිය අනුව වසංගතය අවසාන වීම සඳහා ජනගහණය තුළ සිටින සියලුම දෙනාට වෛරසය ආසාදනය විය යුතු නැති වීමයි. කිසියම් නිශ්චිත සංඛ්‍යාවකට (ප්‍රතිශතයකට) වෛරසය ආසාදනය වීමෙන් පසුව වසංගතය අවසන් වන බව ගණිතමය විසදුමෙන් පෙන්වනවා.
දැන් මේ සියල්ල ඉහත කී ආකෘතිය අනුව සිදු විය යුතු දේවල්නේ. සැබෑ ලෝකයේ ඕක ඔය ආකාරයටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?
මේ ආකෘතිය අලුත් එකක් නෙමෙයි. වසර අනූවක් පමණ පැරණි ආකෘතියක්. පහුගිය කාලය මුළුල්ලේම විවිධ වසංගත පැතිරෙන ආකාරය මේ ආකෘතිය හෝ එහිම වැඩි දියුණු කළ සංකීර්ණ ස්වරූපයක් අනුසාරයෙන් සාර්ථකව විස්තර කරන්න හැකි වී තිබෙනවා. රෝග වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ පදනමත් මේ ආකෘතිය මත තීරණය වී ඇති එකක්.
වක්‍රයේ හැඩය නිශ්චිත එකක් කියා කීවත් එය එසේ වන්නේ එම හැඩය තීරණය කරන පරාමිතීන් නිශ්චිත වූ විටයි. පරාමිතීන් වෙනස් වන විට වක්‍රයේ හැඩයත් වෙනස් වෙනවා. පරාමිතීන් වෙනස් වී තිබෙන හා වෙනස් විය හැකි ආකාරය දන්නවානම් වක්‍රයේ හැඩය වෙනස් වන ආකාරය නිර්ණය කළ හැකියි. පරාමිතීන් කවර හෝ ආකාරයකින් පාලනය කළ හැකිනම් වක්‍රයේ හැඩයද පාලනය කළ හැකියි. උපක්‍රමයක් ලෙස වක්‍රය සමතලා කිරීමට උත්සාහ කරන්නේ ඒ පදනමිනුයි.
පෙර ලිපි වලින් විස්තර කළ මූලික ප්‍රජනන අංකය මේ වක්‍රයේ හැඩය තීරණය කරන එක් පරාමිතියක්. එහෙත්, එය එකම පරාමිතිය නෙමෙයි. එකම මූලික ප්‍රජනන අංකය තිබියදී විවිධ වක්‍ර තිබෙන්න පුළුවන්. "කෝවිඩ් පැටවු ගහන හැටි" ලිපියේ මා පෙන්වූ උදාහරණ දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි. එහෙත්, රෝගය පැතිරෙන වේගය වෙනස්. එක අවස්ථාකදී කන්ද උසයි කෙට්ටුයි. අනෙක් අවස්ථාවේදී කන්ද කොටයි මහතයි. පහත රූප සටහනේ දැකිය හැක්කේ එවැනි උස් හා පැතලි වක්‍ර දෙකක්. (සැබෑ වක්‍ර මෙහි පෙන්වා ඇති වක්‍ර මෙන් සමමිතික විය යුතු නැහැ.)
මෙයින් පෙනෙන්නේ මූලික ප්‍රජනන අංකය එසේම තිබුණත් ආසාදිතයෙකු රෝගය වෙනත් අයෙකුට ආසාදනය කිරීමට ගන්නා කාලය වැඩි වන විට වක්‍රය වඩා පැතලි වන බවයි. හැබැයි එසේ වුනා කියා කන්ද හැදී තිබෙන පස් ගොඩ අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආසාදිතයින් ප්‍රමාණය එලෙසම ඉන්නවා.
එහෙමනම් කන්දේ පස් අඩු කරන්නම බැරිද? බැරි නැහැ. මූලික ප්‍රජනන අංකය පහළට ගත්තොත් කන්දේ පස් අඩු වෙනවා. මෙය කන්දේ පස් තුනී කරනවා වෙනුවට පස් කපා පැත්තකට දැමීමක් වගේ දෙයක්. එහෙම කපා අයින් කරන පස් පැත්තක වෙනම ගොඩ ගැහෙනවා. ඒ පස් වලින් අලුත් කන්දක් හැදෙනවා. දෙවන චක්‍රය කියා කියන්නේ ඒ අලුත් කන්දටයි.
අපි හිතමු අපේ මුළු ශක්තියම යොදවලා මුළු කන්දේම පස් ඉවත් කළා කියා. දැන් අපිට කිසිම අමාරුවක් නැතිව කන්ද (කන්ද තිබුණු තැන) තරණය කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් දුරින් ආයෙම ඒ වගේම කන්දක් තියෙනවා. අන්තිමට අර මහා කන්ද අයින් කරන්න දරපු මුළු මහන්සියේම තේරුමක් නැහැ. ශක්තිය තියෙනවානම් ඒ කන්දත් කලින් වගේම අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ කෙළවරක් නැහැ. හැමදාම කඳු අයින් කර කර ඉන්නවා මිසක් ගමන යන්න වෙන්නේ නැහැ.
ඒ කියන්නේ කන්ද තියෙන විදිහටම තියෙන එක හොඳයිද?
මෙතැන තියෙන ප්රශ්නය විශාල පිරිසකට තරණය කරන්න බැරි තරමට මේ කන්ද උසයි. විශේෂයෙන්ම වයස්ගත අයට හා විවිධ රෝගාබාධ තිබෙන අයට කන්ද නගින්න බැහැ. ඒ අය හති වැටිලා මැරෙනවා. හැබැයි එවැනි හැමෝමත් නෙමෙයි. අනූව පැනපු ඇතැම් වයස්ගත අයත් කන්ද තරණය කරනවා.
ඒ වගේම, නිරෝගී, තරුණ අයෙක්ටනම් කන්ද තරණය කරන එක එතරම් අමාරු නැහැ. එහෙත්, එවැනි ඇතැම් අයටත් කන්ද තරණය කර ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.
සමාජයක් විදිහට අපට කන්ද තරණය කරන්න අමාරු අයට කිසියම් උදවුවක් දෙන්න පුළුවන්. එසේ කිරීමෙන් වැඩි පිරිසක් එහා පැත්තට යවා ගන්න පුළුවන්. නමුත්, වෙනත් අය වෙනුවෙන් අපට කළ හැකි දේවල් වල සීමාවක් තිබෙනවා. රතු හරස් කඩ ඉර ඒ සීමාවයි. මේ සීමාව ලකුණු වී තිබෙන්නේ කිසියම් රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මතයි.
කන්ද රතු ඉරට වඩා උසනම් තනිවම කන්ද නැගගන්න බැරි අයට රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවුවක් ගන්න බැරි වෙනවා. මොන විදිහකින් හෝ කන්ද ඒ මට්ටමට පාත් කරගත්තොත් කන්ද නැග ගන්න අමාරු සියල්ලන්ටම උදවු කරන්න අපට පුළුවන්.
අපි කන්ද මේ මට්ටමට පාත් කරගත්තා කියා කියමු. ඒත් කන්දක් තියෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවු ලැබුණත් කිසියම් පිරිසකට ඒ පාත් කළ කන්දත් නැග ගන්න අමාරුයි. ඒ නිසා, ඒ පිරිස මිය යනවා.
එහෙමනම් කන්ද තවත් පාත් නොකරන්නේ ඇයි? තේරුමක් නැහැනේ. කන්ද මුළුමනින්ම පාත් කළොත් ඕනෑම වයස්ගත හෝ රෝගී කෙනෙක් පහසුවෙන් ඔතැනින් යයි. නමුත්, ටිකක් දුර යන කොට අර අයින් කරපු පස් ගොඩ නැවත හමු වෙනවා. ආපහු ප්රශ්නයේ මුලටමයි ඇවිත් ඉන්නේ.
කන්ද සමතලා කරද්දී කොහොමටත් පැත්තක තව පස් ගොඩක් හැදෙනවා. නමුත්, ඒ පස් ගොඩ පළමු පස් ගොඩ තරම් ලොකු නැත්නම් බොහෝ විට පළමු කන්ද තරණය කළ කෙනෙකුට දෙවන එකත් ගොඩ දාගන්න පුළුවන්.
ඒ වගේම මේකේ තවත් පැත්තකුත් තියෙනවා. කන්ද පාත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. කන්ද තරණය කරද්දී මැරෙන අය අඩු කරගන්න උත්සාහ කර කන්ද කපන්න මහන්සි වීම නිසා ඒ මහන්සියට වැඩි පිරිසක් මැරෙනවානම් ඒත් තේරුමක් නැහැනේ.

උපාය මාර්ග,
වසංගත,
වසංගතවේදය
Sunday, April 5, 2020
වෙනත් ඝාතීය වර්ධනත් තිබේද?
මේ දවස් වල ගොඩක් අය කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ නිබඳ පරිශීලනය කරන නිසා ඝාතීය වර්ධනයක් කියන්නේ මොන වගේ එකක්ද කියා හොඳින් දන්නවා. ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වූ ආකාරය හොඳම උදාහරණයක්.
මාර්තු 6 - 319
මාර්තු 13 - 2,183
මාර්තු 20 - 19,367
මාර්තු 27 - 104,126
අප්‍රේල් 3 - 277,161
මේ රටාවේත් පහතින් තිබෙන රටාවේත් කුමක් හෝ සමානකමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.
මාර්තු 6 - 4.50%
මාර්තු 13 - 5.72%
මාර්තු 20 - 11.34%
මාර්තු 27 - 21.55%
අප්‍රේල් 3 - 91.55%
දෙවනුවට තිබෙන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබෙන 2020 ඔක්තෝබර් 3 දින කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක ඵලදා අනුපාතිකය පසුගිය සති හතර තුළ ඉහළ ගිය ආකාරයයි. මේ දවස් වල මේ බැඳුම්කර අතින් අත මාරුවෙන්නේ කෝවිඩ්-19 පැතිරෙනවාටත් වඩා වේගයෙන්. හරියට රත් වූ භාජනයක් අතින් අත මාරු කරද්දී වගේ.
මේ දෙකම ඝාතීය වර්ධන. දෙකෙන් වඩා භයානක කොයි එකද?
ශ්‍රිත දෙකම ඝාතීය වර්ධන වුවත් පළමු ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම අඩු වෙනවා. සතියකට 9 ගුණයකින් වූ වර්ධනය දැන් සතියකට 3 ගුණයක් පමණ දක්වා පහත වැටිලා. එහෙත්, දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම වැඩි වෙනවා.
පළමු ශ්‍රිතයේ වර්ධන වේගය මේ ආකාරයෙන් ක්‍රමයෙන් පහත වැටෙන්නේ කොහොමද කියා මා පැහැදිලි කර තිබෙනවා. දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යන්නේ කොහොමද කියාත් පැහැදිලි කළ හැකියි. එහෙත්, ඒ සඳහා කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ඉතා ඉක්මණින්ම සිදු වන දෙය නිරීක්ෂණය කරන්න ලැබෙයි.

විණිමය අනුපාතිකය
Saturday, April 4, 2020
කුටීර ආකෘති
මේ ලිපිය ලියන්නෙත් වසංගතවේදයේ ආකෘති ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. එහෙත්, ඕනෑම කෙනෙකුට අඩු වශයෙන් කොටසක් හෝ තේරුම් ගත හැකි වෙන්න පුළුවන් තරම්ම සරලවයි මම ලියන්නේ.
වසංගත පැතිරෙන ආකාරය ආකෘතිගත කරන්න ඉතා ජනප්‍රියව හා සුලභව යොදා ගැනෙන්නේ කුටීර ආකෘති. විවිධ වසංගත පැතිරෙන ආකාරය විස්තර කිරීමට විවිධ කුටීර ආකෘති යොදා ගැනෙනවා. ඒ ආකෘති අතර විවිධ වෙනස්කම් තිබුණත් මූලික ලක්ෂණ අනුව බොහෝ දුරට සමානයි. ඒ නිසා අපි පැරණිම හා සරලම කුටීර ආකෘතියකින් පටන් ගනිමු. ආකෘතිය සරල වුවත් මෙය කෝවිඩ්-19 සඳහා බොහෝ දුරට ගැලපෙනවා.
මේ ආකෘතිය අනුව කිසියම් ජනගහණයක සිටින නිශ්චිත පුද්ගලයෙක් කිසියම් නිශ්චිත අවස්ථාවක ඉන්නේ කුටීර තුනකින් එකක් ඇතුළේ. ආරම්භයේදී ඉන්නේ පළමු කුටීරයේ. ඉන් පසුව, දෙවන කුටීරයටත් අවසානයේදී තෙවන කුටීරයටත් යනවා. මේ කුටීර තුන අපි අ, ආ, ඉ කියා හඳුන්වමු. මේ නාමකරණය අනුවම යමින් අපට මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සිංහල නම ඉකොනොමැට්ටාගේ නමක්. සමහර විට නිවැරදි තාක්ෂනික යෙදුමක් ඇති. මම දන්නේ නැහැ. ඉංග්‍රීසි නම SIR ආකෘතිය.
දැන් මේ කුටීර තුන මොනවාද? ඒවා මොනවාද කියා කිවුවට පස්සේ මම මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හැඳින්වූවේ ඇයි කියන එකත්, ඉංග්‍රීසියෙන් SIR ආකෘතිය කියන්නේ ඇයි කියන එකත් පැහැදිලි වෙයි.
පළමු කුටීරය - අවදානමක සිටින පිරිස (susceptible)
දෙවන කුටීරය - ආසාදිත පිරිස (infected)
තෙවන කුටීරය - ඉවත් වූ පිරිස (removed)
කෝවිඩ්-19 වගේ අලුතෙන්ම පැතිරෙන රෝගයක් ගත්තහම ආරම්භයේදී රටේ මුළු ජනගහණයම ඉන්නේ පළමු කුටීරය ඇතුළේ. තවම මේ රෝගයට කිසිවෙකුව එන්නත් කර නැහැ. කිසිවෙකුට ස්වභාවික ප්‍රතිශක්තිය ඇති බව තහවුරු වෙලත් නැහැ. දෙවන චක්‍රයකදීනම් තත්ත්වය වෙනස්.
පළමු කුටීරයේ ඉන්න අය ක්‍රමයෙන් දෙවන කුටීරයට යනවා. දෙවන කුටීරයේ ඉන්න අය සුව වූ පසු හෝ මිය යාමෙන් පසු තෙවන කුටීරයට යනවා. මේ ආකෘතියේදී සුව වූ අය සහ මිය ගිය අය වෙන් කර අධ්‍යයනය කරන්නේ නැහැ. දෙගොල්ලොම ඉන්නේ එක ගොඩේ. ආකෘතියේ උපකල්පන අනුව, ඔය දෙකෙන් කොයි එක වුනත් ආසාදිතයින් ප්‍රමාණය අඩු වෙන එකයි වෙන්නේ.
අපි මේ කණ්ඩායම් තුන ඉංග්‍රීසි මුල් අකුරු අනුව යමින් මේ විදිහට හඳුන්වමු.
S = S(t) - අවදානමක සිටින පිරිස
I = I(t) - ආසාදිත පිරිස
R = R(t) - ඉවත් වූ පිරිස
ඒ වගේම රටේ මුළු ජනගහණය N ලෙස හඳුන්වමු.
මෙහිදී අපි S, I හා R නිශ්චිත අගයන් ලෙස සලකා නැහැ. කිසියම් මොහොතක එම අගයන් නිශ්චිත වුවත් කාලයත් සමඟ වෙනස් වෙනවා. S(t), I(t) හා R(t) ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. එහෙමනම්, කිසියම් මොහොතක රටේ මුළු ජනගහණය කොපමණද? එම ප්‍රමාණය මේ කුටීර තුනේ ඉන්නා පිරිස් වල එකතුවට සමාන විය යුතුයි.
N = S(t) + I(t) + R(t)
දැන් මේ N කාලයත් සමඟ වෙනස් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑනේ.
- කෝවිඩ්-19 මරණ නිසා
- කෝවිඩ්-19 නොවන මරණ නිසා
- අලුත් දරු උපත් නිසා
- රටින් පිටතට යන හා රටට එන අය නිසා.
මේ ආදී විවිධ හේතු නිසා රටේ මුළු ජනගහණය කාලයත් සමඟ වෙනස් වෙනවා. ඒ සියලු කරුණු සලකා බැලෙන වඩා සංකීර්ණ ආකෘති තිබුණත් මේ මූලික ආකෘතියේදී අපට N නියතයක් ලෙස උපකල්පනය කරන්න පුළුවන්. කෝවිඩ්-19 නිසා වසරක් තුළදී රටක ජනගහණයෙන් 1%ක් මිය යා හැකියි කියා හිතුවත්, සාමාන්‍යයෙන් වසරක් ඇතුළත ජනගහණ වර්ධනයද 1%ක්නම් අන්තිමට ජනගහණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය වැඩේ ඔහොම හරියටම සමතුලිත නොවුනත් කෙටි කාලයක් තුළ කෝවිඩ්-19 තිබුණා හෝ නොතිබුණා කියා රටේ ජනගහණය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.
අපි හිතමු ආරම්භයේදී කවර හෝ ආකාරයෙන් රටේ යම් පිරිසක් ආසාදනය වුනා කියා. මේ ප්‍රමාණය m කියා කියමු. දැන්, රටේ ජනගහණයෙන් මේ m පිරිස හැර අනෙක් සියලු දෙනාම ඉන්නේ පළමු කුටීරයේ. ආසාදනය වූ අය ඉන්නේ දෙවන කුටීරයේ. තෙවන කුටීරයේ කිසිවෙකු නැහැ. ඒ නිසා,
S(0) = N - m
I(0) = m
R(0) = 0
උදාහරණයක් විදිහට අපි හිතමු මුළු ජනගහණය 100 හා ආරම්භයේදී ආසාදනය වී සිටි ගණන 2 බව. මේ උදාහරණයේදී,
S(0) = 98
I(0) = 2
R(0) = 0
ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙය පැහැදිලි කිරීම සඳහා අපට ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයටත්, දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයටත් "ගලා යාමක්" සිදු වන ආකාරය පිළිබඳව ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, අපි පහත උපකල්පන කරමු.
1. ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය පළමු කුටීරයේ සිටින අයෙකු දෙවන කුටීරයේ සිටින අයෙකුව හමු විය හැකි අවස්ථා ගණනට අනුලෝමව සමානුපාතිකයි. ඕනෑම අයෙකු තවත් අයෙකු සමඟ අහඹු ලෙස මිශ්‍ර විය හැකි බව අපි කලින්ම උපකල්පනය කරලා තියෙන නිසා මෙම අවස්ථා ගණන S(t) * I(t) ගුණිතයට සමානයි. ඉහත උදාහරණය ගත්තොත් දැනට පළමු කුටීරයේ (අවදානම් තත්ත්වයේ) ඉන්න 98 දෙනාට දෙවන කුටීරයේ සිටින ආසාදිතයින් ඕනෑම කෙනෙක් හමු විය හැකි නිසා මෙවැනි හමු 98*2 = 196ක් සිදු විය හැකියි. එසේ හමුවන අවස්ථාවකදී රෝගය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව β ලෙස සැලකුවොත්, මෙම කාලාන්තරය අතරතුර β * S(t) * I(t) දෙනෙකු අලුතෙන් ආසාදනය වෙනවා. උදාහරණයක් ලෙස අපි හිතමු β = 1/100 කියා. ඒ කියන්නේ ඉහත කී සිදු විය හැකි හමු 196දී ආසන්න වශයෙන් ආසාදනය වීම් 2ක් පමණ සිදු විය හැකියි.
පහත දුඹුරු පාටින් ඇති කොටස් ගණිතය හදාරා ඇති අයට පමණයි. අනෙක් අයට එම කොටස් අතහැර කියැවුවා කියා අඩුවක් වෙන්න හේතුවක් නැහැ.
මේ අනුව,
පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය ∝ S(t) * I(t)
මුළු ජනගහණය N නියතයක් නිසා අපට මෙසේද කියන්න පුළුවන්.
පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය ∝ S(t) * I(t)/N
මෙහි I(t)/N යනු කිසියම් මොහොතක ජනගහණය තුළ ආසාදිතයින්ගේ ප්‍රතිශතයයි.
අපට නියතයක් යොදා ගෙන මෙහි සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි β ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ පළමු කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා,
dS(t)/dt = -β * S(t) * I(t)/N.
2. දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය දෙවන කුටීරයේ සිටින (ආසාදිතයින්) ගණනට අනුලෝමව සමානුපාතිකයි. අපි හිතමු දෙවන කුටීරයේ සිටින අයෙකු තෙවන කුටීරයට යාමට (සුව වීමට හෝ මියයාමට) දින 10ක් ගත වන බව. ඒ අනුව, දෙවන කුටීරයේ සිටින අයෙකු දිනක් තුළ එයින් ඉවත් වීමේ සම්භාවිතාව 1/10යි. එහි 20 දෙනෙකු ඉන්නවානම් එයින් දෙදෙනෙකු දිනක් ඇතුළත තෙවන කුටීරයට යනවා.
මේ අනුව,
දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය ∝ I(t)
අපට නියතයක් යොදා ගෙන මෙහිද සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි γ ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ තෙවන කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ නිසා,
dR(t)/dt = γ * I(t)
දැන් අපට කාලයත් සමඟ ආසාදිතයින් ප්‍රමාණයද පහසුවෙන්ම සූත්රගත කළ හැකියි.
දෙවන කුටීරයේ ජනගහණය (ආසාදිතයින් ගණන) වෙනස් වීම = පළමු කුටීරයෙන් එකතු වන ප්‍රමාණය - තෙවන කුටීරයට ඉවත් වන ප්‍රමාණය.
අවකල සමීකරණයක් ලෙස,
dI(t)/dt = β * S(t) * I(t)/N - γ * I(t).
ඉහත අවකල සමීකරණ තුන එක් පද්ධතියක් ලෙස සලකා විසඳිය හැකියි. එවිට, අපට කිසියම් මොහොතක එක් එක් කුටීරයේ සිටින ජනගහණය සඳහා විශ්ලේෂණාත්මක විසඳුමක් ලැබෙනවා. නිරීක්ෂණය කරන දත්ත යොදාගනිමින් එහි පරාමිතීන් හොයා ගන්න පුළුවන්. මගේ කලින් ලිපි වල විස්තර කළ R0 අගය මේ අවකල සමීකරණ වල එන β/γ අගයට සමාන බවද ගණිතය යොදා ගෙන පෙන්වා දිය හැකියි. එහෙත් එය යොදා ගන්නා කුටීර ආකෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්.
මේ ආකෘතියට අනුව කාලයත් සමඟ එක් එක් කුටීරයේ සිටින ප්‍රමාණය වෙනස් වෙන්නේ පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන ආකාරයේ රටාවකටයි.
(Image: https://www.researchgate.net/publication/224209140_To_agent-based_simulation_from_System_Dynamics/figures?lo=1)

Thursday, April 2, 2020
කෝවිඩ් පැටවු ගහන හැටි
වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි තරම් සරල දෙයක් නෙමෙයි. තනිකරම විෂයයක්නේ. කොහොම වුනත් මේ වගේ අලුත් නොදන්නා විෂයයක් ගැන උනන්දුවක් ඇති වීම මේ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් කියා කියන්න පුළුවන්. යන විදිහට ගොඩක් දෙනෙක්ට ආර්ථික විද්‍යාව ගැන දැන ගන්න විශාල උනන්දුවක් ඇති වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ.
වසංගත පැතිරීම ගැන කතා කරන්න කලින් අපි ඒ සඳහා දැන ගන්න අවශ්‍ය මූලික කරුණක් කතා කරමු. මේ ලිපිය ලියන්නේ ගණිතය හා සංඛ්‍යානය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. අනෙක් අයට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්.
අපි අර මූලික ප්‍රජනන අගය ගැනත් එය ඇස්තමේන්තු කිරීමේ අසීරුව ගැනත් ගොඩක් කතා කළානේ. දැනට අපි ඒ සියල්ල අමතක කරලා මේ අගය 2.0 ලෙස සලකමු. ඒ කියන්නේ එක් ආසාදිතයෙක් තවත් දෙදෙනෙකුට රෝගය පතුරුවනවා. මේ ගණන නිවැරදි බවත්, හැම ආසාදිතයෙක්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකුට රෝගය පතුරුවන බවත් අපි උපකල්පනය කරමු. අප්‍රේල් පළමුවෙනිදා රටේ එක් අයෙක් කෙසේ හෝ ආසාදනය වුනා කියා හිතමු. එහෙමනම්, දවස් 21කට පසුව රටේ ආසාදිතයින් ගණන ඇස්තමේන්තු කරන්න කාට හරි පුලුවන්ද?
මෙය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ගැටළුවක්. මේ සරල ගැටළුවට වුවත් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ. ඒ ඇයි?
මේ ආසාදිතයා වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් කීයකට පස්සෙද කියන එක අපි දන්නේ නැහැ. එය සිදු වන්නේ 22වන දවසේනම් 21 වන දවස වන විටත් රටේ ඉන්නේ අර පළමු රෝගියා පමණයි. විසඳුම හොයා ගන්නනම් අපට තවත් වැඩිමනත් තොරතුරු අවශ්‍ය වෙනවා.
උදාහරණයක් විදිහට ආසාදිතයෙක් ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියා අපි හිතමු. දැන් පළමු දිනයේ සිට රෝගීන් වැඩි වෙන්නේ මේ ආකාරයටයි.
1 - 1
2- 1
3- 2
4- 3
දැන් පළමු රෝගියා තමන්ගේ "යුතුකම" කරලා ඉවරයි. ඔහු හෝ ඇය තවත් දෙදෙනෙකුට රෝගය බෝකරලා. මේ රෝගීන් දෙන්නාව අපි 2A හා 2B රෝගීන් ලෙස නම් කරමු. මෙයින් පසුව රෝගය පැතිරෙන්නේ මොන ආකාරයටද?
වැඩේ සංකීර්ණ නිසා අපි අපේ පහසුවට මේ විදිහේ උපකල්පනයක් කරමු. මුල් රෝගියා වගේම අනෙක් සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ උපකල්පනය මත අපට ගණන් හදාගන්න පුළුවන්.
දැන් අර 2A රෝගියා ආසාදනය වුනේ 3 වන දවසේ නිසා ඇය 5 හා 6 දින වලදී තවත් දෙදෙනෙකුට (3A සහ 3B පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරනවා. නමුත්, 2B රෝගියා ආසාදනය වුනේ 4 වන දවසේ නිසා ඔහු තවත් දෙදෙනෙකුට (3C සහ 3D පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ 6 හා 7 දින වලදී. ඒ අනුව, ඊළඟ දවස් දෙකේදී තත්ත්වය මෙහෙමයි.
5- 4 (1, 2A, 2B, 3A)
6- 6 (1, 2A, 2B, 3A, 3B , 3C)
හත් වෙනි දවසේ වෙන්නේ කුමක්ද? හත් වන දවසේදී 2B විසින් 3D ආසාදනය කරනවා. ඒ සමඟම දෙවන පරම්පරාවේ රෝගීන් රෝගය බෝ කර අවසන් වෙනවා. ඒ අතර තුන් වන පරම්පරාව වැඩ පටන්ගන්නවා. හත් වන දවසේ 3A විසින් 4A ආසාදනය කරනවා. එතැන් සිට වැඩේ යන හැටි පහත පෙන්වා තිබෙනවා. මෙහි තේරුම් ගැනීමේ පහසුව පිණිස එක් එක් පරම්පරාවේ රෝගීන් වෙන වෙනම තීරු වල දක්වා තිබෙනවා. අන්තිම තීරුව එක් එක් දිනය අවසානයේ මුළු ආසාදිතයින් ගණන.
1 | 1 | 1 | ||||||||||
2 | 1 | |||||||||||
3 | 1 | 2 | ||||||||||
4 | 1 | 3 | ||||||||||
5 | 1 | 4 | ||||||||||
6 | 2 | 6 | ||||||||||
7 | 1 | 1 | 8 | |||||||||
8 | 3 | 11 | ||||||||||
9 | 3 | 1 | 15 | |||||||||
10 | 1 | 4 | 20 | |||||||||
11 | 6 | 1 | 27 | |||||||||
12 | 4 | 5 | 36 | |||||||||
13 | 1 | 10 | 1 | 48 | ||||||||
14 | 10 | 6 | 64 | |||||||||
15 | 5 | 15 | 1 | 85 | ||||||||
16 | 1 | 20 | 7 | 113 | ||||||||
17 | 15 | 21 | 1 | 150 | ||||||||
18 | 6 | 35 | 8 | 199 | ||||||||
19 | 1 | 35 | 28 | 1 | 264 | |||||||
20 | 21 | 56 | 9 | 350 | ||||||||
21 | 7 | 70 | 36 | 1 | 464 |
මේ අනුව දින 8කට පමණ වරක් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යන බව පේනවා ඇති. එය ඇමරිකාවේ රටාවට ආසන්නව සමානයි.
මේ ඇස්තමේන්තුව හැදුවේ සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියන උපකල්පනය මතයි. දැන් අපි හිතමු මේ වැඩේ වෙන්නේ ටිකක් පහුවෙලා කියලා. දෙවන උදාහරණයේදී සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 4 වන හා 5 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ වෙනස සමඟ රෝගීන් වැඩි වෙන ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? එය පහත පෙන්වා තිබෙනවා.
1 | 1 | 1 | ||||||||||
2 | 1 | |||||||||||
3 | 1 | |||||||||||
4 | 1 | 2 | ||||||||||
5 | 1 | 3 | ||||||||||
6 | 3 | |||||||||||
7 | 1 | 4 | ||||||||||
8 | 2 | 6 | ||||||||||
9 | 1 | 7 | ||||||||||
10 | 1 | 8 | ||||||||||
11 | 3 | 11 | ||||||||||
12 | 3 | 14 | ||||||||||
13 | 1 | 1 | 16 | |||||||||
14 | 4 | 20 | ||||||||||
15 | 6 | 26 | ||||||||||
16 | 4 | 1 | 31 | |||||||||
17 | 1 | 5 | 37 | |||||||||
18 | 10 | 47 | ||||||||||
19 | 10 | 1 | 58 | |||||||||
20 | 5 | 6 | 69 | |||||||||
21 | 1 | 15 | 85 |
කලින් තත්ත්වය යටතේ දින 21කට පසුව 464 දෙනෙකුට රෝගය ව්‍යාප්ත වුනා. දැන් එම ගණන 85 දක්වා අඩු වෙලා. නමුත්, අවස්ථා දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි.
මෙතැන වෙන්නේ මේ වගේ දෙයක්. කිසියම් රටක රතු හා කොළ කියා ජනවර්ග දෙකක් ඉන්නවා. කොයි ජනවර්ගයේ වුවත් එක් කාන්තාවක් වදන්නේ හරියටම දරුවන් දෙන්නෙක් පමණයි. එහෙමනම් එක ජනවර්ගයක් වැඩියෙන් වර්ධනය වෙන්න පුළුවන්ද?
පැහැදිලිවම ඔව්. එසේ නොවන්නේ ජනවර්ග දෙකේම කාන්තාවන් දරුවන් වදන්නේ එකම වයසකදීනම් පමණයි. එසේ නැත්නම් අඩු වයසෙන් විවාපත් වී දරුවන් වදන කණ්ඩායම වැඩියෙන් බෝවෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ අඩුවෙන් දරුවන් හදන කණ්ඩායම වැඩියෙන් බෝවෙන්න වුවත් පුළුවන්.
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...