Sunday, May 1, 2016
Mayday! Mayday!! Mayday!!! මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!
ඇමරිකාවේ සියැටල්හි සිට ඇලස්කාව බලා ගමන් ගත්, අඩි 75ක් දිග 'උතුරු කුමාරි' (Northern Belle) යාත්‍රාව 2010 අප්රේල් 20 වනදා හවස් වරුවේදී ලොකු රැල්ලක වැදී එක්වරම පැත්ත පෙරලුනේය. ඇතැම් විට එහි ප්‍රවාහනය කෙරෙමින් තිබුණු භාණ්ඩ සමතුලිතතාවය වෙනස් වූ විට නැවත ස්ථාවර වන පරිදි නිසි පිළිවෙලට අසුරා නොතිබුණා විය හැකිය.
ඇලස්කා බොක්කේදී මෙසේ උතුරු කුමාරිය පැත්ත පෙරලෙන විට යාත්‍රාවේ කප්පිත්තා වූ රොබට් රෝයර් ඇතුළු සිවු දෙනෙකු එහි වූහ. හදිස්සියට කොරොස් කටේවත් අත දාගැනීම අමාරුය. ගැටගසා තිබුණු ජීවිතාරක්ෂක බෝට්ටු ලිහා ගැනීමට අපහසු වූයෙන් රොබට් රෝයර් හැර ඉතිරි තිදෙනාම කළේ ජීවිතාරක්ෂක ඇඳුම් ඇඳගෙන මුහුදට පැනීමයි.
යාත්‍රාවේ වූ හදිසි අනතුරකදී තමන් සිටින ස්ථානය රේඩියෝ සංඥාවක් මඟින් ස්වයංක්‍රීයව සන්නිවේදනය කළ හැකි (Emergency Position Indicating Radio Beacon -EPIRB) බීකනය ක්‍රියාත්මක කර නොතිබුණේය. ඒ නිසා, අනෙක් තිදෙනා සමඟ වහාම මුහුදට පනින්නට ඉක්මන් නොවූ රොබට් රෝයර් ඇමරිකානු වෙරළාරක්ෂක හමුදාවට අනතුර හා තමන් සිටින ස්ථානය දැනුම්දීමට වෙලාව ගත්තේය. ඔහුගේ අනතුරු හැඟවීම නිසා අනෙක් තිදෙනාගේ දිවි ගැලවුනත් රොබට්ට සිය ජීවිතය අහිමි විය.
පහත වීඩියෝවේ ඇත්තේ රොබට්ගේ මේ අවසන් අනතුරු හැඟවීමයි.
ගුවන් යානාවක් හෝ මුහුදු යාත්‍රාවක් අනතුරට පත් වූ විට එය දැනුම් දෙන සංකේතය "මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!" යන්නයි. මේ වචනයේ මුල "මට උදවුකරන්න" යන තේරුම ඇති "මේ ඩේ!" (m’aider) යන ප්‍රංශ වචනයි. ප්‍රංශ ශබ්දය අනුකරණය කරන ඉංග්‍රීසීහු එය MayDay ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නට පටන් ගත්හ. 1927දී මේ කේතය ජාත්‍යන්තර සම්මතයක් ලෙස තීරණය කෙරිනි.
තාක්ෂණික වචනද වැඩිපුර යොදාගනිමින් ඉංග්‍රීසියෙන් ලියූ මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වමින් එක් පාඨකයකු සටහන් කර තිබුණේ එහි ලියා ඇති සියල්ල කෙසේ වෙතත් 'නැව ගිලෙන්නට යන බව'නම් තේරෙන බවයි. ලිපියේ අදහස වචන කිහිපයකට කෙටි කිරීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැත.
"මේ ඩේ" හෙවත් මැයි දිනය ලෙසද හැඳින්වෙන ලෝක කම්කරු දිනය අදයි. මැයි දිනයට දින දෙකක් තිබියදී, රජය විසින් ගිලෙන්නට යන නැව බේරාගන්නට ඉදිරිපත් වන මෙන් කළ ඉල්ලීමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන්නට නියමිතය. ඒ සමඟම ඩොලර් මිලියන 650ක වෙනත් බහු පාර්ශ්වීය හා ද්වී පාර්ශ්වීය ණය පැකේජයක්ද ලැබෙන බැවින් ඩොලර් බිලියන 2.2ක පමණ අරමුදලක් ණය ලෙස ලැබේ.
මේ අරමුදල් මඟින් නැව ගිලෙන්නට නොදී බේරාගන්නට හැකි වනු ඇති බව මගේ අදහසයි. ඒ අනුව, කෙටිකාලීනව ප්‍රශ්නය විසඳී තිබේ. එහෙත්, දිගුකාලීනව ප්‍රශ්නය එසේමය. නැව ගිලීම වැළැක්වීම ප්‍රමාණවත් නැත. අවසානයේදී, එය පිළිසකර කර ගමන යා යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සඳහා රජය විසින් අත්සන් කෙරෙන ගිවිසුමෙහි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක්ම තිබේ. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පනවා ඇති කොන්දේසි නොවේ. ඔවුන් එකඟ වී ඇති, රජය විසින් ඉදිරිපත් කළ, රජයේ සැලසුම්ය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ දිගුකාලීන යහපතට හේතු වනු ඇත.
කෙසේවුවද, යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දේශපාලනිකව පහසු කරුණක් නොවනු ඇත. පෙනෙන්නට ඇති පරිදි, මේ යෝජනා එජාපයේ යෝජනාය. එම යෝජනා හා අදාළව රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ප්‍රතිරෝධයක් ඇති බව පෙනේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රීලනිප පාර්ශ්වයට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන මුළුමනින්ම කෙසේවුවත් සාපේක්ෂව වඩා හොඳ අවබෝධයක් අගමැති වරයා ප්‍රධාන රජයේ එජාප පාර්ශ්වයට ඇති බව පෙනේ. එහෙත්, ඒ සඳහා යෝජිත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි දේශපාලනික ගැටළු පිළිබඳව එම පාර්ශ්වය ගැඹුරෙන් සිතන බවක් නොපෙනේ. රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයට මේ තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් තිබේ.
අද රටේ දේශපාලනික තත්ත්වය ජේආර් විසින් 1977දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට පැවති තත්ත්වය නොවේ. ආර්ථික ප්‍රශ්න වලට වහා පිළියම් සෙවිය යුතුය. එහෙත්, එසේ කිරීමේදී හැකිතාක් පාරදෘශ්‍ය වෙමින් ජනතාව සමඟ සක්‍රිය සංවාදයක් පවත්වා ගැනීමද අත්යවශ්‍ය කරුණකි. ඊට පෙර රජය තුළ සිටින එජාප හා ශ්රිනිප පාර්ශ්ව අතර ඉදිරි ආර්ථික සැලසුම් පිලිබඳ සම්මුතියක් ඇති විය යුතුය. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ යෝජනා සිංහල පත්තරයක පළ කිරීම හොඳ ප්‍රවේශයක් වන්නට පුළුවන.)
රජයේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් කොටස් විසින් සංවිධානය කෙරෙන මැයි රැළි තුනක් අද පැවැත්වේ. මේ මැයි දිනය ශ්‍රී ලංකා දේශපාලනයේ කිසියම් හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරන්නට ඉඩ ඇති දිනයකි. ඉහත කී ප්‍රධාන මැයි රැළි තුනෙන් එකකදීවත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා නොවේ. ජාත්‍යන්තර කියා කීවත් මැයි දිනයේදී සැමරෙන සිදුවීම සිදුවූ ඇමරිකාවේ කම්කරු දිනය සැමරෙන්නේ අද නොවේ. සැප්තැම්බර් මාසයේදීය. මෙහි ඇත්තේ මා ඒ ගැන පෙර ලියූ සටහනකි.
චිකාගෝහි පිහිටි ලොවපුරා කම්කරු දිනය සැමරීමට මුල් වූ සිදුවීම හා අදාළ තැන් දැක බලාගන්නට මට කලක සිට 'උණක්' තිබුණේය. වසර ගණනාවකට පෙර චිකාගෝ නගරයට ගිය අවස්ථාවක මේ සඳහා උත්සාහයක් දැරුවත් මෙවැනි සිදුවීමක් ගැන අඩු වශයෙන් බොහෝ දෙනෙකු අසා තිබුණේවත් නැති නිසා මගේ අදහස ඉටු නොවීය. කෙසේ වුවද, පසුගිය වසරේ සියළු අවශ්‍ය තොරතුරු සොයාගෙන මම එහි ගියෙමි. ලොකුම අමාරුවේ වැටුනේ හැමතැනම ස්මාරක පිරුණු මේ විශාල සුසාන භූමියට ඇතුළු වූ පසුවය. කෙසේවුවද, මේ ස්මාරකය ඇති තැන ජීපීඑස් ඛණ්ඩාංක අන්තර්ජාල අඩවියක සටහන් කර තිබුණු නිසා කෙසේ හෝ අදාළ ස්මාරකය දැක ගැනීමට හැකිවිය.
(Image: http://www.seattletimes.com/)
Labels:
ඇමරිකාව,
කම්කරු දිනය,
රාජ්‍ය ණය
Thursday, April 28, 2016
Has the countdown begun? මේ පෙනෙන්නේ සොහොන් ලකුණුද?
Has the countdown begun?
මේ පෙනෙන්නේ සොහොන් ලකුණුද?
The annual report of the central bank for 2015 is out and I see some noticeable changes in the writing style though the format is essentially the same. The picture that it paints is not so rosy!
Is it the good governance or central bank independence reestablished after the regime change? Several other factors do not warrant hypothesizing so. Of course, there were improvements in many fronts but central bank credibility was not one of those.
I read more sentences behind the printed lines than what they literary mean. The central bank is an organization with more Sinhala Buddhists in its cadre than the proportion in the country who belong to the semi-urban upper middle class. There’s no secret how the political ideologies of this social segment are aligned now. Of course, the central bank is a large group of professionals and there’s no direct connection between the political views of individual officers and their professional life but the group conscience of a large organization is ultimately that of the majority. If so, Governor Mahendran’s hold on the decisions of lower ranking officers may not be that strong. Is the resulting conflict reflected in the report? Perhaps, it should be something more than that.
The credibility of the numbers of the central bank has been questioned from time to time by various quarters of the society but in general these accusations reside on no strong base. Yes, while the true status of the economy at any given moment is hidden behind the numbers of the central bank, they often like to talk aloud about the country’s achievements and project an optimistic economic outlook than painting a gloomy picture. Any weaknesses or risks are presented but rarely highlighted. The economic indicator which clearly outperformed during the period, whether it is the GDP, inflation, unemployment rate or official reserve base, usually makes news.
Central bankers have a rational excuse to defend this approach. Managing an economy is managing the society, managing people, not machines. People do respond to information they have and the overall economy is sensitive to collective actions of individuals, no matter whether coordinated or random. Obviously, any pessimistic view expressed by the central bank has the potential to make things worse. So, perhaps, it’s not a bad idea to present the accomplishments first before making the society panic.
Wait a moment! Here, I have a clue.
Which sector of the economy has performed well during the past year? There lies the answer. The central bank has nothing to sell this year!
“According to provisional estimates released by the Department of Census and Statistics (DCS), the economy grew by 4.8 per cent during 2015 in real terms, compared to 4.9 per cent in 2014.”
The GDP growth is 4.8%, well below what the government and the central bank projected at the beginning of the year, significantly below the average growth during the past decade and even below the long-term average since 1977. This is what the central bank said just a year before in its annual report for 2014, the first report presented by Governor Mahendran to Minister Karunanayake.
“The Sri Lankan economy is expected to register a sustainable growth path in the medium term, with a real GDP growth of 7.0 per cent in 2015 and an average growth of 7.8 per cent over 2016-2018.”
The 4.8% growth is nowhere closer to the expected 7%. Do any of you guys anticipate “an average growth of 7.8 per cent over 2016-2018” at this point? Yet, the central bank expects that, “with appropriate policies, the economy will return to a high growth path in the medium term”.
The output is below its potential! The quarterly trend from 7% in Q2 to 5.6% in Q3 and 2.5% during the last quarter appears more worrisome but this trend is an artifact of the base effect. However, the output gap seems to be negative for the third consecutive year based on revised base-2010 estimates.
What has happened to savings and investments? Not only that the “domestic savings declined to 22.6 per cent of GDP in 2015, from 24.0 per cent of GDP in 2014”but also the gross investment from 32.0% of GDP in 2014 to 30.1%. Not a healthy sign obviously. In 2012, gross investment was 39.1% of GDP and gross domestic savings were 27.2%. The declining trend continues!
The inflation doesn’t seem to be a problem and perhaps we are witnessing a deflationary spell, something Sri Lankans are not very familiar with. Is it an achievement of the central bank? Price stability well maintained? Unfortunately, it’s not something to be jubilant. The zero-bound inflation or deflation, whatever it is, is merely a sign of low aggregate demand but not the result of prudent monetary control.
Look at the unemployment figures.
“The unemployment rate increased to 4.6 per cent during 2015, compared to 4.3 per cent recorded in 2014”. The female unemployment, in particular, has “increased from 6.5 per cent to 7.6 per cent” something to note.
The unemployment rate was on a declining trend since 1990s and “marginally declined to 4.3 per cent in 2014 from 4.4 per cent in the previous year”. The trend seems to have reversed.
The output hovering below its potential level, deflationary trend in price levels together with increasing unemployment suggests that the economy needs a Keynesian boost. But, is the government in a position to do so? Unfortunately, the government's budgetary position is not only too weak to provide an upward thrust to the sick economy but also in need to squeeze it further for its own survival.
Here’s is the scorecard of the government in central bank’s words.
“The budget deficit increased from 5.7 per cent of GDP in 2014 to 7.4 per cent of GDP in 2015, significantly overshooting the government’s original target of 4.4 per cent of GDP. The current account deficit, which reflects government dis-savings, increased to 2.2 per cent of GDP in 2015 from 1.2 per cent in the previous year, while the primary deficit, which excludes interest payments from the overall deficit, increased to 2.9 per cent of GDP from 1.5 per cent in 2014.”
“The central government debt to GDP ratio increased to 76.0 per cent in 2015 from 70.7 per cent in 2014, reflecting the relatively high budget deficit, lower nominal GDP growth and the impact of exchange rate variation.”
The central bank stresses “the need for strong fiscal reforms to reduce the budget deficit and accumulation of debt.”
The external sector has always been a mischievous boy, not without reason. He was misguided for decades. We face the consequences now as we did in several previous occasions but winds appear to blow stronger than before this time. Is it an early sign of a tornado?
“As of end 2015, the rupee had recorded a depreciation of 9.03 per cent against the US dollar”, of course, a necessary and inevitable correction but this happened while “the balance of payments (BOP) recording a deficit of US dollars 1,489 million” and the country’s gross official reserves declining to “US dollars 7.3 billion by end 2015 from US dollars 8.2 billion at end 2014”. In other words, if not for the central bank’s intervention which costed nearly a dollar billion of the country’s official reserve, Sri Lankan Rupee would have been fallen further significantly. This is not a game one can play forever.
How did the government finance its deficit?
“The budget deficit was largely financed by domestic sources, given the slowdown in foreign financing during the year.”
“Net domestic financing increased from Rs. 378.7 billion in 2014 to Rs. 592.7 billion in 2015, recording a significant deviation from the annual estimate of Rs. 208.0 billion. Of the total net domestic financing, 50.8 per cent, amounting to Rs. 300.9 billion, was raised from the non bank sector. Meanwhile, government borrowings from the banking sector also increased from Rs. 126.9 billion in 2014 to Rs. 291.8 billion during the year, which was also significantly higher than the annual estimate of Rs. 70.0 billion envisaged in the Budget for 2015.”
“Net borrowings from the Central Bank also increased, mainly through Treasury bills.”
Now, let's put all the pieces together.
The economy phases through a period of negative output gap at least since 2012, if I have to believe the rebased GDP numbers. The unemployment is on rise while the price level is stagnant; both reconfirm the below-potential operating status of the economy. Moreover, the savings rate as well as the investments are on a declining trend since the same year to maintain consumption level, an act of cannibalizing future growth.
The conventional wisdom suggests that the economy needs a fiscal stimulus or a monetary boost. If not, the result could be so called stagflation, a status in which the economy could succumb to the injuries. Theoretically, a natural long-term recovery is possible but we never witnessed that long-term natural recovery scenario anywhere- social unrest always precede triggering a different outcome.
Fiscal stimulus? Are you kidding?
Government’s tax revenue is just sufficient to service existing debt and additional financing is needed even to cover day-to-day expenses. Yes, we were doing this for some time now and the economy didn’t collapse. We can load the donkey as we did before but when it reaches its critical point a needle will easily break its spinal code.
In order to boost the economy through a fiscal stimulus government budget has to be stressed further and that will require more debt. More debt will increase interest expenses and exacerbate government’s budgetary issues. This is not a feasible option. In fact, right at the moment the government attempts to solve its own budgetary problems through tax hikes which will hard hit the already beaten up economy and slow down the GDP growth further.
What about some loose central bank action?
Yes, the Governor can turn the valve. There won’t be an immediate issue since the inflation is almost zero but in time it will take its toll. Private sector credit is already growing at 25.1% compared to the 8.8% growth in 2014 and the broad money has grown by 17.8%. The only thing we miss to make a bad soup is high inflation. She is on the way but the central bank can give her a fast ride if it wishes.
This still is not the worst situation that we can imagine. The IMF will be able to rescue the economy out of this mess for this time too but potentially igniting some political turmoil. The country needs some economic vision beyond the IMF’s financial programming and policy framework. The IMF is an organization established to help countries that faces BOP crises to come out and they will have policy prescriptions just to do that. It is quite likely that the government will not be able to implement the austerity measures potentially suggested by the IMF given the political conditions of the country.
“Short term fiscal and monetary stimuli are inadequate to support economic growth continuously, and tightening policy spaces and resource constraints point to the fact that such short term stimuli are no longer affordable.”
This is how I read what the central bank says.
“Sorry, guys! We have done our best but there’s nothing more we can do! We can play with the economy for a while and stretch it a little bit but that stretch is cyclical. It returns to where it was. We can’t pull it any harder without facing the risk of breaking it.”
The crab in the pot who knows how to read a thermometer can notice his fate before the others feel the heat. Central bankers are the ones to be blamed first if the economy crashes and they know that. The annual report this year contains a clear message from these guys.
“Well, we said it in advance!”
Of course, the present government is not the one to be blamed for this whole mess. They adopted someone else’s child. But, the same applies to the previous regime too. The entire country has been enjoying the dividends from a massive pyramid scheme for decades which ultimately will collapse.
Mahinda Rajapaksha did not take over an economy without problems. All current structural weaknesses were there even before him. However, we finally ended up in this mess as a result of the economic policies during the most recent decade which completely ignored the long-term consequences but the day-to-day survival.
Anyway, Mahinda Rajapaksha is not a stakeholder of the current regime. The responsibility of avoiding a cash landing lies at the hands of present rulers, not on the ones who are retired.
Yes, I said ‘avoiding a crash landing’. The choice is not between a takeoff and a landing but between a crash landing and a smooth landing. So far, the present regime too is running towards the disaster, but not away from it. I do understand the political challenge they face in bringing in reforms. But, that’s where the political leadership is needed.
(Sorry, guys! I have no time to type this in Sinhala. Feel free to email me if you want a pdf of this.)
Labels:
ආර්ථික විද්‍යාව,
මහ බැංකුව
Monday, April 25, 2016
ඩෙංගු ගස් බඳිමුද?
ඩෙංගු යනු කලින් කලට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව දේශපාලනික හා සමාජ ප්‍රශ්න වලටද මුල්වන රෝගයකි. ඩෙංගු මර්දන වැඩසටහනකට ප්‍රචාරයක් ලබාදීම සඳහා වසර කිහිපයකට පෙර රජයේ සේවකයෙකුට තමාව ගස් බඳිනු ලැබීමේ ජවනිකාවක ප්‍රසිද්ධියේ රඟපාන්නට පවා සිදුවිය.
වසරකට ලොව පුරා මිලියන 400කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වන අතර එයින් 10,000-20,000 අතර පිරිසකගේ ජීවිත අහිමි වේ. රෝගයේ බලපෑම වැඩිපුරම ඇත්තේ ඝර්ම කලාපීය රටවලටය. 2013 දී නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ලෝකයේ ඩෙංගු අවදානම වැඩිම රටවල් අතර ලංකාවද සිටී. 2014 දී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,502 දෙනෙකුද, පසුගිය වසරේදී 29,777 දෙනෙකුද වාර්තා වී තිබුණේය. සුවසේවා සපයන්නන් සහ පොදුවේ මහජනතාව අතර ඩෙංගු පිලිබඳ අවබෝධය වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුකරගන්නට හැකිවී ඇතත් මේ රෝගය තවමත් ලංකාවට තර්ජනයකි.
ඉතා මෑතක් වන තුරුම ඩෙංගු වලට ප්‍රතිකාරයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබුණේ නැත. කෙසේවුවද, මේ හා අදාල පර්යේෂණ කලක් තිස්සේම සිදුවූ අතර ප්‍රංශයේ සැනෝෆි පැස්චර් (Sanofi Pasteur) සමාගම මඟින් වැඩිදියුණු කළ ඩෙන්ග්වැක්සියා (Dengvaxia) එන්නත ප්‍රථම ඩෙංගු එන්නත ලෙස මේ වන විට රටවල් කීපයකම භාවිතා වෙමින් පවතී. පසුගිය දෙසැම්බරයේදී මුලින්ම මෙක්සිකෝවෙන් මේ එන්නතට අනුමැතිය ලැබුණු අතර ඉන්පසුව බ්‍රසීලය, එල් සැල්වදෝර් හා පිලිපීනය යන රටවල්ද මේ එන්නත අනුමත කර ඇත. පිලිපීනය මේ එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළකට ඇතුළත් කරගන්නා පළමු රට වීමට නියමිතය.
වෙනත් බොහෝ ඖෂධ මෙන්ම මේ එන්නතද අහම්බෙන් සොයාගත් එකක් නොවේ. මේ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සැනෝෆි පැස්චර් සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් පුරා යුරෝ බිලියන 1.5ක පමණ මුදලක් (ඩොලර් බිලියන 1.7ක් පමණ) වැය කර තිබේ. ඉන්පසුව, රටවල් 15ක පුද්ගලයින් 40,000ක් පමණ යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයන් 25ක දත්ත වලින් එන්නතේ සාර්ථකත්වය තහවුරු වී තිබේ.
එන්නත අලෙවි කිරීම මඟින් මේ සමාගම සිය ආයෝජනය පියවා ගැනීමටත්, දැරූ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබීමටත් අපේක්ෂා කරන බව කිවයුතු නැත. කෙසේවුවද, ලෝකයේ ඩෙංගු රෝගීන්ගෙන් 70%ක් පමණ වාර්තාවන ආසියානු කලාපයේ පමණක් වසරකට ඩෙංගු ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 6.5ක් පමණ බව සැලකූ විට තරමක් ඉහලින් මිල කෙරුනද බොහෝ රටවලට මේ එන්නත ආකර්ශනීය වීමට ඉඩතිබේ.
ලෝක බැංකුව විසින් ඩෙංගු අවදානම වැඩි රටවලට මේ එන්නත නිර්දේශ කළ බව වාර්තා වීමෙන් පසු එය ලංකාවේ භාවිතා කිරීම පිළිබඳව සොයා බලන්නට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වී තිබුණි. මේ ගැන අධ්යයනය කිරීමට කල් නොගැනීම හොඳ තීරණයකි. එසේ වුවද, මෙවැනි එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමට පෙර තවත් ටික කලක් ඉවසිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්තරාත්මක නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එමෙන්ම, වෙනත් සමාගම් විසින් වැඩිදියුණු කර ඇති ඩෙංගු එන්නත් කිහිපයක්ද මේ වන විට අවසන් අදියර වල පිරික්සෙමින් ඇති බැවින් වසර අවසාන වන විට මේ වෙළඳපොළේ කිසියම් තරඟකාරිත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී.
යම් එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කිරීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නතෙහි ඇති සඵලතාවට අමතරව වැය කරන මුදලට සාපේක්ෂව එයින් ලැබෙන වාසිය ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ එන්නත් වලින් එන්නත නොලබන අයටද වාසියක් සැලසේ. ඒ, යම් ප්‍රදේශයක වැඩි දෙනෙකු එන්නතක් ලබාගත් විට ඔවුන් රෝගවාහකයින් ලෙස ක්‍රියාකිරීම නැවතීමෙන් අනිත් අයගේ අවදානමද අඩුවන බැවිනි (herd effect). එහෙත්, මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි රෝගයකට අදාළව මේ වාසිය විශාල නැත. ඒ නිසා, මුල් අදියරේදී වඩාත්ම සුදුසු වන්නේ කැමති කෙනෙකුට මුදල් ගෙවා මිලදී ගත හැකි වන පරිදි එන්නත අනුමත කිරීමයි. ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව, වරක් රෝගය වැළඳුණු කෙනෙකුගේ අවදානම වැඩි නිසා එවැනි අයට හා/හෝ වැඩි අවදානම් කලාප වල ජීවත් වන අයට අවශ්‍යනම් එන්නත නොමිලේ ලබාදීමේ වරදක් නැත.
ඩෙංගු ගැන පසුගිය කාලයේ ඇති කර ඇති බිය නිසා (එහි වරදක්ම නැත.) මේ වන විට ඩෙංගු එන්නතක් මිලදී ගැනීම වැනි කාර්යයකදී සමාජය ඒ ගැන වැඩිවිස්තර සොයාබලන්නට නොපෙළඹේ. එවැනි තත්ත්වයක් තුළ, එන්නත නිෂ්පාදනය කරන්නේද එක් සමාගමක් පමණක් නිසා, මහජන ධනයෙන් කොටසක් උරා බොන්නට බලාසිටින මදුරුවන්ට ඩෙංගු මදුරුවාගේ උදවු ගැනීමට ඉඩකඩ විවර විය යුතු නැත.
(Images: http://www.bbc.com, http://www.nature.com)
Labels:
ආර්ථික විද්‍යාව,
ඩෙංගු,
නවමු පුවත්,
ප්‍රතිශක්තිකරණය,
සෞඛ්‍යය
Saturday, April 23, 2016
දවසට පැය කීයක්ද එහේ?
අනෙකුත් විෂයයන්ට සාපේක්ෂව භෞතික විද්‍යා විෂයයෙහි අපේ දැනුම දියුණුයැයි ඇතැම් අය සිතති. භෞතික විද්‍යාවේ විෂය පථය ඉතා පුළුල් එකක් වන අතර අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ සීමා දක්වා පැතිරේ. එසේ සැලකූ විට දන්නා දේ වලට වඩා නොදන්නා දේ වැඩිය. අනෙක් අතට ජීව විද්‍යාවේත්, සමාජ විද්‍යාවන්හිත් විෂය පථය පෘථිවියට, එහි වසන ජීවීන්ට හා ඔවුන්ගෙන් එක් වර්ගයක් වන හෝමෝ සේපියන්ස්ලාගේ භෞතික හා සමාජ ජීවිතයට බොහෝ දුරට සීමා වේ.
භෞතික විද්‍යාවේ විෂය පථය වඩා පුළුල් බව අමතක කළහොත්, අපේ එදිනෙදා කටයුතු වලට අදාළ වන භෞතික විද්‍යා දැනුම සාපේක්ෂව දියුණු මට්ටමක පවතී. මෙය අහම්බයක් නොවේ. භෞතික විද්‍යාව අද පවතින තැනට දියුණු වුණේ වසර දහස් ගණනකට පෙර සිටම මේ විෂය හා අදාළ දැනුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම නිසාය. වසර දෙදහසකට පමණ පෙරද භෞතික විද්‍යාව සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණේය. අඩු වශයෙන් වසර එක්දහස් හයසියයකට පෙර සිටම ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව පෘථිවියේ, සූර්යයාගේ හා අනෙකුත් ග්‍රහවස්තූන්ගේ චලිතයන් සිදුවන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමට තරම් දැනුමක් අප සතු විය. මෙයට සාපේක්ෂව ජීව විද්‍යා විෂයයෙහි අප සතු වූයේ ඉතා අල්ප දැනුමකි. ජීවත්ව සිට මියයන කෙනෙකුගේ ජාන ඔහුගේ හෝ ඇයගේ දරුවෙකුගේ දරුවකුට හෝ පසු පරම්පරාවක අයෙකුට ලැබීම නිසා පෙර මිය ගිය පුද්ගලයාගේ අසම්පූර්ණ පිටපතක් නැවත ඇති වන්නේ කෙසේද යන්න ගැන දැනුම ඉතා මෑතක් වන තුරුම අපට ආගන්තුක විය.
මෙහිදී මා 'අප' යන වචනය භාවිතා කළේ හෝමෝ සේපියන්ස්ලා යන අර්ථයෙනි. මෙයට සිංහලයින් හා ලාංකිකයින්ද ඇතුළත්ය. සහශ්‍ර එකහමාරකට හෝ දෙකකට පෙරත් පර්සියාව, ග්‍රීසිය හා වත්මන් ඉන්දියාව ඇතුළු දැනුම් කේන්ද්‍ර අතර ඉතා හොඳින් දැනුම සංසරණය වූ නිසා මේ දැනුම යම් සීමිත පිරිසකගේ දැනුමක් ලෙස වර්ග කිරීම අපහසුය. එහෙත්, ලෝකයේ සෑම ප්‍රදේශයකම ජීවත් වූ හෝමෝ සේපියන්ස්ලා දැනුම අතින් සම මට්ටමක සිටි බව එයින් අදහස් නොවේ.
ඓතිහාසිකව අපේ කලාපයේ භෞතික විද්‍යා දැනුම දියුණු කළේ හින්දු හෝ මූල-හින්දු ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින් විසිනි. මා එසේ ඔවුන්ව හඳුන්වන්නේ ඔවුන් එදා පර්යේෂණ සිදුකර ඇති ක්‍රමවේද අද විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන දෙයින් විශාල ලෙස වෙනස් නැති නිසාය. මෙහිදී, පර්සියානු, අරාබි, ග්‍රීක හා රෝම ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින් විසින් සොයාගත් දේ පිළිබඳවද මේ කලාපයේ පර්යේෂකයින් හොඳින් දැන සිට තිබේ.
මේ විෂයයන්ට අදාළව බෞද්ධ හා ජෛන පර්යේෂකයින් සිටියේ හින්දු, සෞරාෂ්ඨ හෝ ග්‍රීක/රෝම පර්යේෂකයින්ට වඩා පිටුපසිනි. එයට පැහැදිලි හේතු තිබේ. අප දන්නා ලෝකයට බාහිර උපරි ව්‍යුහයක් ගැන විශ්වාසය තබන සංස්කෘතියක් තුළ තමාගේ පාලනයෙන් තොර භෞතික ක්‍රියාවලීන් තේරුම් ගැනීම සඳහා වැඩි බරක් පැටවේ. එහෙත්, එවැන්නක් ගැන විශ්වාසය නොතැබූ බෞද්ධ හා ජෛන පර්යේෂකයින්ට තමන් නොවැදගත් දේ ලෙස සැලකූ ග්‍රහවස්තූන්ගේ චලිතයන් ආදිය ගැන සොයන්නට කාලය මිඩංගු කිරීමට අවශ්‍ය නොවීය. මිනිස් මනස තේරුම් ගැනීමට උත්සාහ කළ බෞද්ධ පර්යේෂකයින් අතින් මනෝ විද්‍යාව වැනි වෙනත් ක්ෂේත්‍ර වලට එළිය වැටුණේය.
බයිබලයේ පැරණි ගිවිසුම අනුව (උත්පත්ති, 5) ආබ්‍රහමික දෙවියන් විසින් ලෝකය මැවීමෙන් පසු "ආලෝකයට දවාල කියා ද, අන්ධකාරයට රාත්‍රිය කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය." ක්‍රිස්තියානි බයිබලයට වඩා පැරණි හීබෘ බයිබලයේද (බෙරෙෂිට්, 5) මෙය මෙලෙසම කියැවේ. මේ පැරණි ලියවිලි වල මෙලෙස සටහන් වී ඇත්තේ ඒ කාලයේ දවස පිළිබඳව සමාජයේ පැවති අදහසයි.
මේ අනුව, දවසක් යනු දිවා කාලයක් හා රාත්‍රී කාලයකි. යුරෝපීය බලපෑම් මත වෙනස් වන තුරු ලංකාවේද දවසක් ලෙස සැලකුනේ දිවා කාලයක හා රාත්‍රී කාලයක එකතුවකි. හිරු උදාවෙන් ඇරඹුණු මේ දවස පසුදින හිරු උදාව සමඟ අවසන් විය. මෙවැනි දවසක කොටස් දෙකක් විය. හිරු උදාවේ සිට හිරු බසින තුරු දිවා කාලයයි. හිරු බැසීමේ පටන් පසුදින උදය වන තුරු රාත්‍රී කාලයයි. මේ එක් එක් කොටසක් හෝරා තිහකට බැගින් බෙදුණේය. ඒ හෝරාවක් විනාඩි ආදී ලෙස තවදුරටත් බෙදා තිබුණේය.
මේ වන විට සම්මතය වන පැය යන සංකල්පයට සාපේක්ෂව පැරණි සිංහල ක්‍රමය අනුව දිවා පැයක්, රාත්‍රී පැයකින් වෙනස් විය. එමෙන්ම දවසේ දිගද මේ වන විට සම්මතය වන දවසකට සාපේක්ෂව නියතයක් නොවීය. ඉර උදාව හා ඉර බැසීම අනුව දවසේ දිග වෙනස් විය. සමකය ආසන්නයේ පිහිටි ලංකාවට මෙන්ම තරමක් ආසන්නයේ පිහිටි ඉන්දියාවට හෝ මැද පෙරදිගට වුවද මෙය ප්‍රශ්නයක් නොවූ අතර ජීවන රටාවන් සමඟ ඉතා හොඳින් ගැලපුණේය.
දිවා රාත්‍රී චක්‍ර වලට වෙනත් සතුන් මෙන්ම හෝමෝ සේපියන්ස්ලාද පරිණාමිකව හැඩ ගැසී සිටිති. හෝමෝ සේපියන් දරුවෙකු මවු කුසින් එළියට පැමිණ මමත්වයක් සහිත පුද්ගලයකු බවට පත්වන කාලයේ (මේ ගැන විස්තර කරන්නට කලින් ලියූ වෙනත් ලිපි මාලාවක් අවසන් කළ යුතුව තිබේ.) ඔහුගේ හෝ ඇයගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව සකස්වන්නේද දිවා රාත්‍රී ආලෝක වෙනසට සංවේදී වෙමිනි. ඒ නිසා, ලොව පුරා සිටින විවිධ සංස්කෘතීන්ට අයත් හෝමෝ සේපියන්ස්ලා විසින් පොදුවේ දිවා රාත්‍රී චක්‍රයක් දවසක් ලෙස සැලකීම අහම්බයක් නොවේ.
පෘථිවියට දිවා රාත්‍රී ඇති වන්නේ පෘථිවියේත් සූර්යයාගේත් පිහිටීමේ සිදුවන සාපේක්ෂ වෙනස්කම් නිසාය. පැරණි ලෝකය මේ සාපේක්ෂ චලිතය තේරුම් ගත්තේ නිශ්චලව ඇති පොළොව වටා සූර්යයා ගමන් කිරීමක් ලෙසිනි. එහෙත්, මේ ලිපිය කියවන බොහෝ දෙනෙකු එම අදහසට එකඟ නොවන්නට ඉඩ තිබේ. පොළොව වටා ඉර ගමන් කරන්නේය යන දැනුම විස්ථාපනය කරමින් ඉර වටා පොළොව ගමන් කරන්නේය යන දැනුම පසුව ප්‍රමුඛත්වය ගත්තේය. කෙසේවුවද මේ දැනුම් පද්ධති දෙකම අපට පොළොවට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දැන ගැනීමට උදවු කරන ආකෘති පමණි.
කිසියම් වස්තුවක චලිතය ගැන කතා කළ හැක්කේ තවත් වස්තුවකට සාපේක්ෂව පමණි. ඔබ බොරලැස්ගමුවෙන් එකසිය විස්සකට අමාරුවෙන් නැඟ ගත් පසු එසේ නොකළ හැකිව බස් නැවතුමේ නැවතුණු මඟියෙකුට සාපේක්ෂව ඉදිරියට යයි. එහෙත්, බසයේ සිටින මඟීන්ට සාපේක්ෂව ඔබ ආසනයකට හේත්තුවක් දමාගෙන නිශ්චලව සිටී. ටික වේලාවකට පසු පොල්ල අල්ලගෙන පස්සට යන මෙන් කොන්දොස්තරවරයා ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරයි. ඔබ මේ ඉල්ලීම ඉටු කරයි. ඔබ පස්සට යන බව බසයේ අනෙක් මඟීන්ට පෙනේ. එහෙත්, මුලින් බස් නැවතුමේ නැවතුනු මඟියාට සාපේක්ෂව ඔබ තවමත් ඉදිරියට යයි.
චලිතයක් හැමවිටම සාපේක්ෂය. ඒ නිසා, බුදුන් වහන්සේ විසින් "මම නැවතී සිටිමි. දුවන්නේ ඔබයි!" කියා අංගුලිමාලට කියන විට එයින් අදහස් කළ දෙය අමතක කළත් සාපේක්ෂ චලිතය අනුව වුවද මෙහි වැරැද්දක් නැත. ඒ අයුරින්ම, ඉර පොළොව වටා යන ලෙස සැලකීම, පොළොව ඉර වටා යන බව සැලකීමට වඩා විශාල වරදක් ඇති දෙයක් නොවේ.
වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් නොකරයි. මේ අනුව, සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි (ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න). මේ අයුරින්ම හඳේත්, පොළොවේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා හඳත්, පොළොවත් ගමන් කරයි. හඳට සාපේක්ෂව පොළොවේ ස්කන්ධය ඉතා අධික නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ පෘථිවිය ඇතුලේමය. එහෙත් පෘථිවියේ මධ්‍යයේ සිට මතුපිට දක්වා ඇති දුරෙන් 70-80% අතර ප්‍රදේශයකය. ඒ නිසා පොළොව වටා හඳ ගමන් කරන බව කීම වඩා හොඳ ප්‍රවාදයකි.
සූර්යයාගේ ස්කන්ධය සමඟ සසඳන විට පෘථිවියේ ස්කන්ධය ඉතා කුඩා නිසා පෘථිවියේ බලපෑමෙන් සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් නොවේ. එහෙත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහ වස්තු රැසක් තිබේ. වඩා නිවැරදි ආකෘතියක් අනුව සිදු වන්නේ සූර්ය ග්‍රහ මණ්ඩලයේම පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා සූර්යයාද ඇතුළු මේ ග්‍රහ වස්තු සියල්ලම චලනය වීමයි. පෘථිවියේ ස්කන්ධය සාපේක්ෂව කුඩා වුවත් බ්රුහස්පති වැනි විශාල ග්‍රහ වස්තුවකට සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. බ්රුහස්පතිගේ ආකර්ශනය හේතුවෙන් පමණක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ පෘෂ්ඨයෙන්ද පිටතට ඇදේ.
අනෙකුත් විශාල ග්‍රහයින් වන සෙනසුරුට, යුරේනස්ට හා නෙප්චූන්ටද සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රයට 'දැනෙන' බලපෑමක් කළ හැකිය. මේ ග්‍රහවස්තු සියල්ලම සූර්යයාට සාපේක්ෂව එකම පැත්තක ඇති විට සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ මධ්‍යයේ සිට සූර්ය පෘෂ්ඨයට ඇති දුර මෙන් දෙගුණයක් දක්වා ඈත් විය හැකිය. එවිට සූර්යයා චලනය වන පථය සාපේක්ෂව විශාල එකකි. එමෙන්ම, අනෙකුත් විශාල ග්‍රහයින් සියල්ලම බ්රුහස්පති සිටින පැත්තට ප්‍රති විරුද්ධ පැත්තේ ස්ථානගත වූ විට සිදුවන සමතුලනය නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සුර්යයාගේ ගුරුත්ව කේන්ද්‍රයටම ආසන්න වේ.
දිවා රෑ යුගලයකින් සමන්විත දවසක් ගැන සම්ප්‍රදායික අදහස වූයේ දවසක් යනු ඉරට පොළොව වටා යාමට ගතවන කාලය බවයි. වත්මන් සම්මතය අනුව දවසක් යනු පැය විසිහතරකි. මේ අදහස නිවැරදිය. පොළොව නිශ්චලව ඇති ලෙස සැලකුවහොත් ඉරට පොළොව වටා යාමට පැය විසිහතරක් ගතවේ.
දවස ගැන ඇති තවත් ජනප්‍රිය අදහසක් වන්නේ පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය පැය විසිහතරක් බවයි. සූර්ය කේන්ද්‍රීයව සිතූ විට, පොළොව සිය අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ පොළොව අතර චලිතයේ වඩා සංකීර්ණ සංරචක කිහිපයක්ම ඇතත් මේ සරල ආකෘතිය දවස ගැන කතා කරන්නට ප්‍රමාණවත්ය. අවුරුද්ද ගැන කතා කරන විටනම් මේ චලිතයේ අනෙකුත් සංරචක ගැනද අවධානය යොමු කිරීමට සිදුවේ.
අපට අදාළ වන කාල පරාස තුළ නිශ්චලව පවතින්නේයැයි උපකල්පනය කළ හැකි ඈතින් ඇති (වඩා නිවැරදිවනම්, අතීතයේදී පැවති) තාරකාවන්ට සාපේක්ෂව පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන්නේ පැය 23.93447ක් පමණි. එනම් 23 මිනිත්තු 56 තත්පර 4.09කි. ඒ අනුව, දවසක් යනු පොළොවට සිය අක්ෂය වටා අංශක 360කින් කැරකීමට ගතවන කාලයට වඩා විනාඩි 3 තත්පර 55.91කින් වැඩි කාලයකි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට සිය අක්ෂය වටා වටයක් හා තවත් අංශකයකට ආසන්න ප්‍රමාණයක් (අංශක 360.9856ක්) යාමට ගතවන කාලයයි.
වත්මන් භාවිතයේ සම්මත පැය විසිහතරේ දවස පදනම් වන්නේ පෘථිවිය සිය අක්ෂය වටා කැරකී සූර්යයා කලින් සිටි තැනට පැමිණීමට ගත වන කාලය අනුවය. පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන නමුත් සූර්යයා වටා නොයන්නේනම් එය අංශක 360කින් කැරකුණු පසු සූර්යයා කලින් සිටි තැනින්ම හමුවනු ඇත. එහෙත්, පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන අතරම සූර්යයා වටාද ගමන් කරන බව සැලකූ විට (ඉහත රූප සටහනේ පරිදි) මෙය මෙලෙසම සිදු නොවේ. පෘථිවිය සිය අක්ෂය වටා අංශක 360කින් කැරකෙන විට සූර්යයා වටාද අංශකයකට ආසන්න දුරක් ගමන් කරන නිසා වටය කැරකී බලන විට සූර්යයා සිටින්නේ අංශකයක් පිටුපසිනි. ඒ නිසා සූර්යයා සමඟ පෙර වූ දිශානතිය පවත්වාගැනීමට තවත් වැඩිපුර ටිකක් කැරකෙන්නට සිදුවේ.
පෙර කී ලෙස දිනකට අංශකයකට ආසන්න ප්‍රමාණක් වැඩියෙන් කරකැවීමේ ප්‍රතිඵලය ලෙස වසරකදී එකතුවන මේ 'කොට කෑලි' වල එකතුව තවත් අංශක 360කි. ඒ නිසා ආසන්න වශයෙන් දින 365.25ක් ලෙස සැලකෙන අවුරුද්දකදී පෘථිවිය සිය අක්ෂය වටා වටා ඇත්තටම 366.25 වරක් (ආසන්න වශයෙන්) කැරකේ.
වසරක් තුළදී පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන වාර ගණන (ආසන්නව) 366.25ක් පමණ වුවද පෘථීවි කේන්ද්‍රීයව සිතූ විට පෘථීවිය වටා සූර්යයා කැරකෙන වාරගණන (ආසන්නව) 365.25ක් පමණි. ඒ නිසා ශක කැලැන්ඩරය ගත්තද, සම්මත ග්‍රෙගෝරියන් කැලැන්ඩරය ගත්තද දවස යන සංකල්පය වඩා හොඳින් ගැලපෙන්නේ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය සමඟය. අනෙක් අතට සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යනු සූර්යයා මත සිටින නිරීක්ෂකයෙකුට විශ්වය පෙනෙන ආකාරයද නොවේ. යම් හෙයකින් සූර්යයා මත නිරීක්ෂකයෙකු සිටින්නේයයි උපකල්පනය කළහොත් ඒ නිරීක්ෂකයාට පෙනෙන ලෝකය ගැන කතා කරන්නටනම් සූර්යයා සිය අක්ෂය වටා කැරකෙන බවත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා භ්‍රමණය වන බවත් සැලකිල්ලට ගත යුතුය.
පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය මත පදනම් වූ දවස නමැති සරල සංකල්පය සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සමඟ ගලපා ඇත්තේ ඉතා අසීරුවෙනි. මෙසේ ගැලපීමෙන් පසු පෘථිවියට සිය අක්ෂය වටා කැරකී 'සූර්යයා සිටි තැනට' පැමිණෙන්නට ගතවන කාලය පැය විසිහතරක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙය අර්ථදැක්වීමක් නිසා මේ පැය විසිහතර යනු වෙනස් නොවන දෙයකි.
මා පෙර කී පරිදි සිංහල පැයක් යනු දිවා කාලයේනම් සූර්යෝදයේ සිට සූර්ය අස්තය දක්වා කාලයෙන් තිහෙන් එකකි. රාත්‍රී කාලයේනම් සූර්ය අස්තයේ සිට ඊළඟ දින සූර්යෝදය දක්වා කාලයෙන් තිහෙන් එකකි. සූර්යෝදය හා සූර්ය අස්තය සිදුවන වේලාවන් අනුව ග්‍රෙගෝරියන් පැයකට සාපේක්ෂව සිංහල පැයක කාලය වෙනස් වේ. එහෙත්, සිංහල කාලය අනුව දවසට ඇත්තේ පැය හැටකි. එය වෙනස් වන්නක් නොවේ. රුපියල කෙතෙක් බාල්දු වුවද රුපියලට ඇත්තේ සත සීයක්ම ලෙසිනි.
ග්‍රෙගෝරියන් සම්මතයට පුරුදු වී සිටීම නිසා අපට හිතෙන්නේ 'ඉංග්‍රීසි' පැයක් යනු මෙසේ වෙනස් නොවන ස්ථිර කාලයක් බවයි. දිනකට ඇති ඉංග්‍රීසි පැය ගණන විසිහතරක් වන්නේද දිනකට ඇති සිංහල පැය ගණන හැටක් වන ආකාරයෙන්ම සම්මතය අනුවය. එයද වෙනස් නොවන්නක් නොවේ. එක් අතකින් පෘථිවියේ භ්ර්මන වේගය වෙනස් වේ. අනෙක් අතෙන් සූර්යයා වටා පෘථිවිය ගමන් කරන පථය ඉලිප්සාකාර එකක් නිසාත්, සූර්යයා වටා ගමන් කරන වේගය ඒකාකාරී නොවන නිසාත් සිය අක්ෂය වටා වටයක් භ්‍රමණය වීමට ගතවන කාලය තුළ එය සූර්යයා වටා ගමන් කරන දුර නිශ්චිත නැත. ඒ නිසා සූර්යයා 'කලින් සිටි' තැනට පැමිණීමට ගතවන කාලය සෑම දිනකම සමාන නැත. මෙයට විසඳුමක් ලෙස මෙසේ ගතවන කාලයේ සාමාන්‍ය අගය පැය විසිහතරක් ලෙස සැලකුවද දීර්ඝ කාලීනව මේ සාමාන්‍ය අගයද යම් තරමකින් හෝ වෙනස් වේ. ඒ නිසා අවසාන වශයෙන් කාලය කියන්නේද වැඩි දෙනාගේ සම්මුතියකි.
අවුරුද්ද හා අදාලව ඇති අවුල් සැලකූ විට දවස හා සම්බන්ධව අවුල් නොමැති තරම්ය. ඒ ගැන පසුව කතා කරමු.
(Image: http://spaceplace.nasa.gov/barycenter/en/)
Labels:
කාලය,
ජ්‍යෝතිෂය,
තාරකා විද්‍යාව,
භෞතික විද්‍යාව,
සාපේක්ෂ චලිතය
Tuesday, April 19, 2016
මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස
වයස යනු අප බොහෝ දෙනෙකු බොහෝ සංවේදී සංකල්පයකි. බොහෝ සංස්කෘතීන්හි කෙනෙකුගේ වයස යනු ඔහු හෝ ඇය උපන් දින සිට අද දක්වා ගතවූ කාලයයි. (ඇතැම් සංස්කෘතීන්හි මේ ආරම්භක මොහොතද වෙනස් අවස්ථාවක් වුවද මේ ලිපියෙන් ඒ ගැන සාකච්ඡා නොකෙරේ.) වයස සාමාන්‍යයෙන් අවුරුදු, මාස හා දින වලින් ගණනය කෙරේ.
කෙනෙකුගේ උපන් දිනය මෙන්ම අද දිනයත් භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය. මේ වන විට සවුදි අරාබිය, ඉරානය වැනි රටවල් අතළොස්සක් හැරුණු විට ලෝකයේ රටවල් බොහොමයක්ම භාවිතා කරන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයයි. එහෙත්, වෙනත් රටවල් බොහොමයකම ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සමාන්තරව වෙනත් කැලැන්ඩරද භාවිතා වේ. හොඳම උදාහරණය ලංකාවයි. 1971 අංක 79 දරන නිවාඩු දින පණත අනුව ශ්‍රී ලංකා රජය විසින් නිවාඩු දින ගණනය කිරීම සඳහා අඩු වශයෙන් කැලැන්ඩර් පහක් භාවිතා කරයි.
-නිදහස් දිනය, මහ සිකුරාදා, මැයි දිනය හා නත්තල සඳහා නිවාඩු දෙන්නේ කතෝලික පල්ලියෙන් යෝජනා කළ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුවය.
-වෙසක් දිනට පසු දිනද ඇතුළුව පෝය නිවාඩු දහතුන (හෝ දහහතර) තීරණය කරන්නේ බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය.
-මහා සිවරාත්රී හා දීපාවලී නිවාඩු තීරණය කෙරෙන්නේ හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය. මෙය බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරයට බොහෝ දුරට සමානය.
-රාමසාන්, හජ්ජි හා මිලාද්-උන්-නබි නිවාඩු දින තීරණය කරන්නේ ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුවය.
-තයිපොංගල් නිවාඩුව හා සිංහල/දෙමළ අවුරුදු නිවාඩු දෙක තීරණය කරන්නේ සිංහල/හින්දු ශක කැලැන්ඩරය අනුවය.
ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අද දිනය 2016 අප්‍රේල් 19යි (2016-04-19). බුද්ධ වර්ෂයෙන් මේ ගෙවෙන්නේ 2559 බක් පුර තෙළෙස්වකයි (2559-11-13). ශක වර්ෂයෙන් 1938 මේෂරවි 7 දිනයි (1938-01-07). ඉස්ලාම් කැලැන්ඩරය අනුව 1437 රජාබ් 11 දිනයි (1437-07-11). මේ එක් එක් කැලැන්ඩරය අනුව වසර ඇරඹෙන්නේ විවිධ දින වලදීය.
භාවිතා කරන කැලැන්ඩරයේ වසර ඇරැඹෙන්නේ කවර දිනයකද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. එහෙත්, මේ එක් එක් කැලැන්ඩරය අනුව අවුරුද්දක දිග වෙනස් වේනම් එය තවත් බොහෝ දේ වලට බලපෑමක් කරයි. උදාහරණයක් ලෙස අපේ වයස මෙන්ම අප උපන්දිනය ලෙස සමරන දිනයද අප භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය.
ඉස්ලාම් කැලැන්ඩරයේ අවුරුද්ද තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයාගේ ගමන අනුවය. ඒ අනුව, මාසයක් ඇරඹෙන්නේ අළුත් සඳක් සමඟය. මෙවැනි මාස දොළහක් අවුරුද්දකි. අවුරුද්දකට දින 354-355 පමණ වේ. ග්‍රෙගෝරියන් හා සිංහල/ශක කැලැන්ඩර වල අවුරුද්ද තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව සූර්යයාගේ (වෙනත් විදිහකින්, සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ) ගමන අනුවය. මේ අවුරුද්දකට දින 365ක් හෝ 366කි. සිංහල/ශක කැලැන්ඩර වල සූර්යයාගේ ගමන අනුවම මාස වෙන් කර ඇති අතර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ එයම තරමක් අපිළිවෙල ලෙස සිදු කර තිබේ.
බෞද්ධ/හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩර ඉහත ක්‍රම දෙකේ එකතුවකි. මෙහිදී, චන්ද්‍රයාගේ ගමන අනුව සාමාන්‍ය අවුරුද්දක් දින 354-355 පමණ වේ. මෙය සූර්ය කැලැන්ඩරයකට සාපේක්ෂව දින 11ක් පමණ කෙටි කාලයකි. කෙසේ වුවද, වසර තුනකට පමණ වරක් 'අධික' මාසයක් එක් කිරීම මඟින් මේ කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරය සමඟ සම්පාත කෙරේ. ඒ නිසා, දීර්ඝකාලීනව ශක කැලැන්ඩරයේ හා බෞද්ධ කැලැන්ඩරයේ කාලය ගැලපේ. එහෙත්, ඉස්ලාම් කැලැන්ඩරයේ මෙවැන්නක් සිදු නොවේ.
ඉස්ලාම් කැලැන්ඩරය ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට වඩා කෙටි නිසා ඉස්ලාම් කැලැන්ඩරය අනුව වසරක් ඉක්මනින් ගෙවේ. මේ නිසා ඔබේ උපන්දිනයද දින 11ක් පමණ කලින් එළැඹේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 33ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 34ක් පමණ වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 66ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 68ක් පමණ වේ. (මේ නිසා අවශ්‍යනම් කැලැන්ඩරය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දෙකහමාරකින් පමණ වැඩි කර ගැනීමට පුළුවන.)
මේ තරම් විශාල වෙනසක් නැතත් ග්‍රෙගෝරියන් අවුරුද්ද සහ සිංහල අවුරුද්දද හරියටම සමාන නැත. මේ වෙනසට හේතුව පෘථිවියට සූර්යයා වටා යාමට ගතවන කාලය මනින ක්‍රමයයි. රවුමක් ගොස් කලින් සිටි තැනටම පැමිණි බව දැනගැනීමටනම් සිටින තැන යම් අයුරකින් සලකුණු කළ යුතුය. සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී මේ 'හිටපු තැන' සලකුණු කරගන්නේ ඉතා ඈතින් පිහිටි තාරකා ඇසුරිනි. ග්‍රෙගෝරියන් අවුරුද්ද ගණනය කිරීමේදී එය කරන්නේ පෘථිවිය සූර්යයා වටා යන පථය පිහිටි තලය මත පෘථිවියේ අක්ෂයේ ප්‍රක්ෂේපනයත්, පෘථිවියේ සිට සූර්යයා තෙක් ඇඳිය හැකි රේඛාවත් අතර කෝණය ඇසුරිණි. මේ දෙවැන්න, ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව වසරක් තුළ යම් තරමකින් පෘථිවිය චලනය වන දිශාවට විරුද්ධ අතට චලනය වන නිසා අංශක 360ක් සම්පූර්ණ කිරීමට පෙර පෘථිවිය "කලින් සිටි තැනට" පැමිණේ. මේ නිසා ග්‍රෙගෝරියන් අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා විනාඩි ගණනක් කෙටිය.
ඒ අනුව, උඩරට ගිවිසුමේ දින යෙදීමට උපයෝගී කරගත් සිංහල ශක කැලැන්ඩරය අතහැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වීම නිසා අපට පැය ගණනකින් තරුණ වීමට හැකි වී තිබේ.
(Image: www.familyholiday.net)
Labels:
කාලය,
ජ්‍යෝතිෂය,
තාරකා විද්‍යාව,
භෞතික විද්‍යාව
Saturday, April 16, 2016
අවුරුද්දෙන් අවුරුද්ද කල් යන සිංහල අවුරුදු උදාව
තවත් සිංහල අළුත් අවුරුද්දක් උදා විය. වෙනත් එකතු කිරීම් නැතිව සිංහල අළුත් අවුරුද්ද කියා ලිවුවේ මේ බ්ලොග් ලිපිය කියවන අය අතරින් මේ අවුරුද්ද සමරන සියල්ලන්ම පාහේ සිංහලයන්යැයි මා සිතන නිසාය. මේ සිංහල අවුරුද්දට මුල් වන සිදුවීම ඉන්දියන් උප මහාද්වීපයේ හා ආසන්න තවත් රටවල් කිහිපයක වෙසෙන ජන කණ්ඩායම් රැසක් හා ඒ ජන කණ්ඩායම් වලට අයත් ලෝ පුරා වෙසෙන ඩයස්පෝරිකයෝද කිසියම් අයුරකින් සමරති. එයට ලංකාවේ ජීවත්වන දෙමළුන්ද ඇතුළත්ය.
මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවූයේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින පස්වරු 7:48ටය. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1937 වසර ගෙවී 1938 වසර උදා විය. මේ වන විට, සිංහල අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.
2016 අප්‍රේල් 13 පස්වරු 7:48
2015 අප්‍රේල් 14 පස්වරු 1:47
2014 අප්‍රේල් 14 පෙරවරු 7:37
2013 අප්‍රේල් 14 පෙරවරු 1:29
2012 අප්‍රේල් 13 පස්වරු 7:20
2011 අප්‍රේල් 14 පස්වරු 1:01
2010 අප්‍රේල් 14 පෙරවරු 6:58
2009 අප්‍රේල් 14 පෙරවරු 12:47
මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකය. කෙසේ වුවද, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැත. ඉදිරියේදී සිදුවන්නේද නැත. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේ, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකය.
සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලුවේ. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසාය. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලිය.
2015/16 : දින 365 පැය 6 විනාඩි 01
2014/15 : දින 365 පැය 6 විනාඩි 10
2013/14 : දින 365 පැය 6 විනාඩි 08
2012/13 : දින 365 පැය 6 විනාඩි 09
2011/12 : දින 365 පැය 6 විනාඩි 19
2010/11 : දින 365 පැය 6 විනාඩි 03
2009/10 : දින 365 පැය 6 විනාඩි 11
මේ අනුව, සූර්යයාගේ ගමන අනුව සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365 පැය 6 කට වඩා විනාඩි 9-10 පමණ දීර්ඝ බව පෙනේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක සාමාන්‍ය දින ගණන 365ක් වන අතර වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුදු එළැඹේ. මේ අනුව, සිංහල අවුරුද්දේ දිග දින 365 පැය 6 වීනම් වසර හතරකට පසු සිංහල අවුරුදු උදාව සිදුවනු ඇත්තේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව එය මේ වසරේ සිදුවූ මොහොතේදීමය. එහෙත්, සිංහල අවුරුද්ද විනාඩි ගණනකින් දීර්ඝ නිසා මේ මොහොත කල් යනු ඇත. මෙයට අමතරව ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් දින තුනකින් ඉදිරියට යයි. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මේ සිදුවීම මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීය. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීය. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වුනේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකය. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත් නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපේ. (එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟය. මේ අනුව, අවස්ථා කිහිපයකදීම සිංහල අවුරුද්ද ගණනය කිරීමේ ක්‍රමවේදයේ ආකෘතිමය වෙනස්කම් වී ඇති බව පෙනේ.)
සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනි. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීම මෙහි අරමුණ විය. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබේ. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීය.
නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ ඉදිරි දශක කිහිපය තුළ එළඹෙන අධික අවුරුදු වලදී පමණි. මේ අනුව, තවත් දශක කිහිපයකට පසු සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වනු ඇත.
ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක්!
(Image: www.lanka.com)
මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවූයේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින පස්වරු 7:48ටය. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1937 වසර ගෙවී 1938 වසර උදා විය. මේ වන විට, සිංහල අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.
2016 අප්‍රේල් 13 පස්වරු 7:48
2015 අප්‍රේල් 14 පස්වරු 1:47
2014 අප්‍රේල් 14 පෙරවරු 7:37
2013 අප්‍රේල් 14 පෙරවරු 1:29
2012 අප්‍රේල් 13 පස්වරු 7:20
2011 අප්‍රේල් 14 පස්වරු 1:01
2010 අප්‍රේල් 14 පෙරවරු 6:58
2009 අප්‍රේල් 14 පෙරවරු 12:47
මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකය. කෙසේ වුවද, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැත. ඉදිරියේදී සිදුවන්නේද නැත. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේ, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකය.
සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලුවේ. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසාය. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලිය.
2015/16 : දින 365 පැය 6 විනාඩි 01
2014/15 : දින 365 පැය 6 විනාඩි 10
2013/14 : දින 365 පැය 6 විනාඩි 08
2012/13 : දින 365 පැය 6 විනාඩි 09
2011/12 : දින 365 පැය 6 විනාඩි 19
2010/11 : දින 365 පැය 6 විනාඩි 03
2009/10 : දින 365 පැය 6 විනාඩි 11
මේ අනුව, සූර්යයාගේ ගමන අනුව සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365 පැය 6 කට වඩා විනාඩි 9-10 පමණ දීර්ඝ බව පෙනේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක සාමාන්‍ය දින ගණන 365ක් වන අතර වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුදු එළැඹේ. මේ අනුව, සිංහල අවුරුද්දේ දිග දින 365 පැය 6 වීනම් වසර හතරකට පසු සිංහල අවුරුදු උදාව සිදුවනු ඇත්තේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව එය මේ වසරේ සිදුවූ මොහොතේදීමය. එහෙත්, සිංහල අවුරුද්ද විනාඩි ගණනකින් දීර්ඝ නිසා මේ මොහොත කල් යනු ඇත. මෙයට අමතරව ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් දින තුනකින් ඉදිරියට යයි. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මේ සිදුවීම මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීය. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීය. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වුනේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකය. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත් නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපේ. (එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟය. මේ අනුව, අවස්ථා කිහිපයකදීම සිංහල අවුරුද්ද ගණනය කිරීමේ ක්‍රමවේදයේ ආකෘතිමය වෙනස්කම් වී ඇති බව පෙනේ.)
සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනි. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීම මෙහි අරමුණ විය. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබේ. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීය.
නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ ඉදිරි දශක කිහිපය තුළ එළඹෙන අධික අවුරුදු වලදී පමණි. මේ අනුව, තවත් දශක කිහිපයකට පසු සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වනු ඇත.
ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක්!
(Image: www.lanka.com)
Labels:
ඉතිහාසය,
කාලය,
ජ්‍යෝතිෂය,
තාරකා විද්‍යාව,
සාපේක්ෂ චලිතය
Monday, April 11, 2016
නෙය්යප්පම් හා අච්චප්පම්
පැණිරස කෑමට සහ තෙල් කෑමට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත ජාන වලින්ම එන එකකි. සියවස් කිහිපයකට පෙර මැල්තුසියානු උගුලෙන් ගැලවෙන තුරු, අතළොස්සක් හැර ලෝකය පුරා ජීවත් වූ මිනිසුන්ගේ සාමාන්‍ය ඉරණම වූයේ ජීවිත කාලය පුරාම කුසගින්නෙන් පීඩා විඳීමයි. වසර දස දහස් ගණනක් වූ මේ දීර්ඝ කාලය තුළ වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත හැකි ආහාර වන සීනි හා තෙල් අඩංගු ආහාර යනු කෙනෙකුට කලාතුරකින් ලැබුණු 'සුඛෝපභෝගී භාණ්ඩ' විය.
අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.
ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු) කේතු සෛල වර්ග දෙකක්ම අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.
කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.
පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.
නෙය්යප්පම්
අච්චප්පම්
අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.
ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු) කේතු සෛල වර්ග දෙකක්ම අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.
කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.
පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.
නෙය්යප්පම්
අච්චප්පම්
Wednesday, April 6, 2016
මරණාසන්න අත්දැකීම්
ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.
ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.
මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.
දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.
මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.
මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.
ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත.
පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.
නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.
(Image: www.acts17.net)
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...